එදා අරගලබිමට රත්තරං පාටට ඉර පායලා තිබුන. සිංහ කොඩි අරගෙන ඒ මේ අත ගිය මිනිස්සු රත්තරං පාටට දිලිසුනා. හැමදෙයක්ම මට පෙනුනෙ ස්ලෝමෝෂන්. ස්ලෝමෝෂන් වෙන්නෙ ඇත්තටම වේගය වැඩි වුනාම. අරගලය එහෙම තැනක්. හැමෝම හැගීම්වලින් තෙමිලා හිටියෙ. ආදරෙන් මත්වෙලා හිටියෙ. එකම මිනිස් ගෝෂාවක්.
ගෝටා – ගෝ හෝම්
ගෝටා- ගෝ හෝම්..

එතනින් යන තව රංචුවක්, කපුටු කාක් කාක් කාක් – බැසිල් බැසිල් බැසිල් කියනවා.
කිසි තේරුමක් නැති සටන්පාඨ. දේශපාලනික නෑ බං ඕවා… මාව පහුකරගෙන යන රැවුල්ධාරීන් දෙන්නෙක් කතා කරමින් යනවා. පාර අයිනෙ කැතට දෙන්නෙක් සිංදු කියනවා. මිනිස්සු වටවෙලා අත්පුඩි ගහනවා.
අරගලයට… ජයවේවා..මුහුදක ගෝෂාව වගේ ගෝල්ෆේස් එක පුරා එකම සද්දයක් දෙදරුම් කනවා. ඒක සාමූහික ප්‍රීතිය උතුරා යන මොහොතක්. හරියට සමූහ සුරතාන්තයක් වගේ රමණීයයි.

ලේකම් කාර්යාලෙ ළඟ බැරියර් එක ඉස්සරහ ඈ හිටගෙන හිටියා. එතන ඉන්න අනෙක් කෙල්ලන්ට වඩා ඇගේ පැහැදිලි වෙනසක් තිබුන. ජවිපෙ බාසාවෙන් කිව්වොත් ඇය පාංතිකයි. හිටියෙ තනියම. ඇඳුමෙන් පැළඳුමෙන් විතරක් නෙමෙයි ඉරියව්වෙන් පවා එයාගෙ තිබුණ අලංකාරයක්. එයා බැරියර් එක උඩ නැගලා කෑ ගහන කොල්ලො දිහා බලාගෙන හිටියා.

මගේ මෝබයිල් කැමරාව එයා දිහාවට ඉස්සුනෙ වෙනස කැප්චර් කිරීමේ ආසාවෙන් වෙන්න ඕන.

මං අරගලයෙ පාර්ට් ටයිමර් කෙනෙක්. ලංකාවෙ මෙච්චර කාලයක් සිද්ද නොවුනු මේ අපූර්ව මිනිස් අරගලය ගැන මතක සටහන් එකතු කරන එකයි මගේ උවමනාව වුනේ. ඒ හැම රූපයක්ම අරගලයේ කොටසක්. බර්ලින් තාප්පෙ කොන්ක්‍රීට් කෑලි වගේ නෙමෙයි. ජීවිත ගොඩක් ඝනීභවනය කරපු එක මොහොතක්. ඕනම වෙලාවක ඒ ජීවිතවලට ආපහු පණ උපද්දන්න පුළුවන්.

එහෙම කිව්වට මගේ ළඟ තිබුනෙ මොබයිල් කැමරාවක් විතරයි. ඒකත් ඇපල් නෙමෙයි. කවදා හරි දවසක සිනමාකරුවෙක් වෙද්දි මගේ පළවෙනි චිත්‍රපටියෙ මේ ආශ්චර්යමත් මොහොත ගැන සටහනක් තියේවි. ඒ වෙනුවෙන් ගල්ගැස්වූ මොහොතවල් මෙන්ම චලනය වෙන තත්පර කීපයන්ද මගේ සිම් එකේ ලියවුනා.

කලින් දවස් කීපයක් මේ වැඩේ මගේ යාළුවෙක් එක්ක කරන්න ගත්තත් ඒක ඒ තරම් සාර්ථක වුනේ නෑ. ඒ සමාගමය විසින් මට මගේ කැමරාව ඇතුලෙ ජීවත් වෙන්න අවශ්‍ය කාලය සීමා කළා. නැත්තං ඊට බාධා කළා. අන්තිමට මං තනියම එන්න තීරණය කළා.

ගෝටාගෙ ඇටේ- ඥානාගෙ කටේ…
එකපාරට ඇහුනෙ සද්දෙට මං ආපහු බැරියර් එක පැත්තට තල්ලු වුනා.
ෂ්ෂ්.. මල්ලි.. ඕවා කියන්න එපා මෙතන..
කීප දෙනෙක් ඉදිරිපත් වෙලා ගෝටාගෙ ඇටේ එලියට ගත්තා. අරුන් ටික නිහඩ වුනා. ඈ ඒ දිහා බලාගෙන හිටියා. ඇගේ අතේ තිබුනු පෝස්ටරය ඉහළට ඔසවා ගත්තා.

ඥානාට වඩා මං හොඳ නැද්ද බං- මාව අරං ඕක දාලා පලයං
ඒ වැකියට මට එකපාරට හිනාගියා.
ඒ පෝස්ටරය අනිවාර්යෙන්ම දරාගෙන ඉන්න කෙනා මත පතිත වෙන අභියෝගයක්. පෝස්ටරයේ ගැටෙන ඇස් කෙලින්ම උස්සන් ඉන්න කෙනාගෙ මුහුණට. එතනින් ඇගේ කලු බ්ලවුස් එකෙන් එළියට එබෙන්නට හදන සුදු පියයුරු මතට, අත් ඉහළට ඉස්සුවාම නිරාවරණය වන ළා රන් පැහැති බඳ මතට.. ඈ මත අපේ ඇස් නන්නත්තාරෙ යනවා.

ඈ ඒක ඔසවාගෙන ශරීර අතරින් හෙමින් ගමන් කරන්න ගත්තා. ඒ ගමනත් එක්තරා රිද්මයක්, කාලයක් ගත්තා. ඇගේ බඳ යන්තමින් පැද්දුනා. ඒ පුවරුවත් එක්ක ඇය අනුරාගීයි. ඒක ටිකක් දරන්න අමාරුයි. මං ඇයව පටිගත කරන්න ගත්තා.

ඉර එළියෙ නැහැවෙමින්, මිනිස් ඔලු අතරින්, ජාතික ධජ පිසිමින්, ශැංග්‍රිලාව යටින්, බණ්ඩාරනායක පාමුලට එනකල් මං ඈ පස්සෙන් ආවා. ඇයට නොදැනුවත්ව ඇය පසු කර ගොස් ඉස්සරහින් බලා සිටියා. ඇගේ මඩ තැවරුණු නමුත් රෝසවන් පතුල් දිහාත්, රිදී රතුව තිබුණු පාඇඟිලි දිහාත් මං බලන් හිටියා.

ඇයට අවුරුදු තිහක් විතර ඇති. ඇය අරගලයට ශෘංගාරය අරන් ආවා.

ඇය පසුකරන හැම පිරිමියෙක්ම මොහොතකට වල්මත් වුනා. සටන් පාඨ අමතකව ඇය දිහා බැලුවා. ඇතැම් අය ටික දුරක් පස්සෙනුත් ආවා. ඇතැම් විට පිරිස් පිටින් කරන විරෝධයන් පවා ඈ නිසා මොහොතකට නතර වුනා. සමහරු ඇයව නවතා පෝස්ටරයේ වැරදි පෙන්නා දෙන්න හැදුවා. වෙනසක් නැතුව ඇය හැම කෙනෙකු තුලම යම් ආකාර බාධකයක් ඇති කළා.

ඇය කිසි කෙනෙක් එක්ක කතා කළේ නෑ. ඒ අතටත් මේ අතටත් එකම වේගයකින් එකම අනුරාගයකින් ඈ සක්මනේ යෙදුනා. ඇගේ සක්මනෙන් බොහෝ අරගලකරුවන්ගේ දැහැන් බිඳුනා.

ළා කෙහෙ රැළිති තෙත් කරමින් දිලිසෙන දහඩිය ගෙල දිගේ ගැලුවා. ළමැද මැද දහඩියෙන් තෙමුණා. ඇය උණු පාන් ගෙඩියක් මෙන් රස්නෙ බව දැණුනා. වෙහෙසට පත් ඇස් තවත් සරාගී වුනා. මගේ මෙමරිය ඇගෙන් පිරුනා. ඊට අමතරව ආත්මයේ මොකක් හෝ හිස්තැනකුත් ඇය විසින් පුරවා දමමින් හිටියා. මං ඒ වෙද්දි ඇගේ නිහඩ අනුගාමිකයෙක්.

අන්තිමට ඇය බණ්ඩාරනායක පාමුල වාඩිවුනා. ඉර ගෝල්ෆේස් මුහුදේ ගිලෙන්න ඔන්න මෙන්න. හැම තැනම මැජික් ලයිට් එළියෙන් උල්ලාස භාව දනවමින් තිබුන. හරියට එක්ස්ටසි පෙත්තක රමණීයභාවය වගේ. මං ඇයට වතුර බෝතලයක් දික් කළා.

බොන්න…
ඇය මා දිහා බැලුවා. බෝතලය ගත්තා.
කට තියලා බිව්වට කමක් නෑනෙ?
ඒකට මං උත්තරයක් දෙනකල් එයා බලාගෙන හිටියෙ නෑ. හීනියට දහඩිය දිලිසෙන තොල් තද කරලා ඈ වතුර බෝතලේ බීගෙන බීගෙන ගියා. ඒකෙන් ම‍ට දැණුනු පොඩි අයිතිවාසිකමකුත් එක්ක මං එයා ළඟින් වාඩි වුනා.

මොකක්ද මේ ඔයා කියන්න හදන්නෙ?
මං එයාගෙ පෝස්ටරේ දිහා බලාගෙන ඇහුවා.
හ්ම්…. මේක උස්සගෙන මෙච්චර ඇවිදලත් ආපහු ඒ පණිවුඩය මට කටින් කියන්න වෙනවා නං මං ෆේල් නේද?

නෑ.. නෑ.. මට තේරෙනවා. නොතේරෙන දේකුත් ඇද්ද කියල දැනගන්න ඇහුවෙ..
එයා හිනාවුනා. මාත් හිනාවුනා. බණ්ඩාරනායක ගල්වෙලා හින්ද සපෝර්ට් එකටවත් හිනාවුනේ නෑ.

මං දිනිදු…
මං එයාට අත දික් කළා.
හලෝ… මං කවුද කියල නොකිව්වට කමක් නෑනෙ..
එයා හැමදේකම අමුතු මිස්ටරියක් ඉතුරු කළා. එහෙම නැත්තං ඒ එක්ස්ටසිමය මොහොතෙ මට එහෙම දැණුන.

ඉර හෙමින් බැහැලා ගියා. අපි ඉඳගෙන හිටපු තැනින් වෙරළට බැස්සා. අපි ඉස්සරහ පෝර්ට් සිටියෙ ලයිට් පත්තු වුනා. අපි පිටිපස්සෙ ගෝටාගෝගමේ ලයිට් පත්තු වුනා.

ඔයා හිතන්නෙ මොකද? අරගලය හරි යයිද?
මං එයාගෙන් ඇහුවා. ඒකට මොකක් හරි උත්තරයක් ඕන වෙලා නෙමෙයි. ඒත් අපිට ඕන වුනේ ඉඳගෙන ඉන්න. ඒ අතරෙ මොනවා හරි කතා කරන්න. මොනවට හරි උත්තර දෙන්න. ඒ දේවල් අදාල වුනේ අපේ ඉඳගෙන ඉඳීමට විතරයි. ඒ තරමට එයා ළඟින් ඉඳන් ඉන්න හිතෙන කෙනෙක්.

මං හිතන්නෙ නෑ…
එයා කෙටියෙන් කිව්වා.

ඔයා දැක්කනෙ මං මේ බෝර්ඩ් එක අරන් යද්දි මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියල. ඔයත් ඇතුළුව.
එයා හිනාවුනා. මට ලැජ්ජ හිතුනා. ඒත් මේ වෙලාවෙ හොඳම දේ ආරක්ෂා වෙන්න උත්සාහ නොකර ඉන්න එක.

පිරිමින්ට එතකොට තිගැස්මක් එනවා. ඒක එන්නෙ නිදහස් ගෑනියෙක් ගැන තියෙන බයකින්. නැත්තං මොකක් හරි පංති ඉරිසියාවකින්. සෙක්ස් ගැන කුහක තැනකින්. තමන් ආස දේකටම වෛර කරනවා. ගෝටා කියන්නෙ ඒකට. ලක්ෂ හැට නමය කියන්නෙ ඒකට. ඒක මෙතනත් වෙනසක් වෙලා නෑ නේද?

ඔයා කියන්නෙ අරගලය කියන්නෙ සෙක්ස් කියලද?
මං එකපාරට එයාව බාරගන්න ලෑස්ති වුනේ නෑ.

හැමදෙයක් කියන්නෙම සෙක්ස්. අපි සෙක්ස් ගැන බයෙන් හැංගෙනවද සෙක්ස් විවෘතව බාරගන්නවද කියන එකයි පොලිටිකල් වෙනස. ඉතුරු ටික වචන.

ඉර බැහැලා ගිහින්. කරුවල ඉතුරු වෙලා. එයා හිටියට වඩා මට ළංවෙලා.

මං ඔයා ගැන මොකුත් දන්නෙ නෑ..
ඉතිං එහෙම දැනගන්න ඕනද?
ඒ වෙද්දි මං එයාට සම්පූර්ණයෙන්ම යටත් වෙලා. එයා කියන ඕනම දේකට සාදුකාර දෙනවා ඇරෙන්න මට ස්වාධීනත්වයක් තිබුනෙ නෑ.

මං ඔයාව කිස් කරන්නද?
මං හොඳටම හීලෑ වග නිසැක වුනාම එයා මුහුද දිහා බලාගෙන මගෙන් ඇහුවා. ඒ අහපු ඉරියව්ව හින්දම
ඒක ඇත්තටම ඇහුන දෙයක්ද කියල මට විශ්වාස නැති වුනා. මං එයා දිහාවට ඉක්මනට හැරුනා. ඒ හැරෙද්දිත් එයා උවමනාවට වඩා මට ළංවෙලා තිබුන. මගේ තොල් එයාගෙ දැඩි ග්‍රහණයට අහුවුනා. ඒවා එයා එයාට උවමනා විදිහට සපාකමින් උරාබොමින් හිටියා. පිටිපස්සෙන් සද්දෙන් ඇහෙන එකම සටන් පාඨයක්.
ගෝටා- ගෝ හෝම්…
ඉස්සරහින් චීනෙට ලියාදුන් මුහුදු දූපතක්. ඒ මැද ඈට වහලෙක් වුනු මම.

එයා මගේ කලිසමේ බෙල්ට් එක පන්නා දමමින් මගේ ශිෂ්නය එළියට ගන්න හිතුවක්කාර විදිහට උත්සාහ කළා. මං පුළුවන් තරම් එයාව වැළැක්වුවා.
මෙතන … බෑ…. මං කෙඳිරි ගෑවා.

එයා මාව අතෑරලා ටිකක් පස්සට වෙලා හිනාවෙන්න ගත්තා.
රියලි????
මේ බීච් එකේ කලිසම ගලවන්න පුළුවන්ද?

එයා අසරණ මාවත් ඇදගෙන කූඩාරම් පැත්ත‍ට ගියා. තැනින් තැන කූඩාරම්වල මළානික එළි පත්තු වුනා. සමහර තැන්වලින් දුමාරයන්, තව තැනකින් සිංදු, සිනා ආදිය එලියට විසිරුනා. ඒ කූඩාරම් අතරින් මං ඇදිලා ගියේ කිසිම වාරුවක් නැතුව. සියල්ල ඇය විසින් වසඟයට අරගෙන තිබුන. මට මාව අමතක වෙලා තිබුන.

ඈ කූඩාරමක් ඇතුලට රිංගුවා.
ඔයාගෙද?
අරගලයේ කොහෙද පුද්ගලික දේපොල? මේක දැනට මගේ..
එයා හිනාවුනා. මගේ කෙලින් වූ ශිිෂ්නය කලිසම පලාගෙන එන්න කරන අරගලය නිසා මට හිනාවෙන්න ටිකක් අමාරු වුනා.

එයාගෙ බෑග් එකෙන් එයා රිදී පාට, සිහින්, විස්කි බෝතලයක් ගත්තා. ඒක මට දික් කළා.
ම්ම්ම්හ්හ්හ්… හප්පා….
එකපාර උගුර පිච්චෙන විස්කි සැරට මං මූන මිරිකගත්තා. එයා හිනාවුනා. කිසිම ගානක් නැතුව හොඳට රහ බලමින් එයා වැඩියෙන් බිව්වා.
හපන්න මොකුත් නැති එක… සමහර දේවල් මොකට කියවෙනවද කියල මං දන්නෙත් නෑ.
ඉතිං මාව හපන්න…
එයා ළංවෙලා දෙතොල් දික් කළා.

ඒක කොහෙත්ම සොඳුරු සංවාසයක් නෙමෙයි. එයා අන්තිම ප්‍රචණ්ඩයි. අපි දහඩියෙන් තෙත්වෙලා ඇලෙමින් හිටියෙ. දිව ගැටෙන ගැටෙන තැන්වල ලුණු රසක් දැණුනෙ.

එයා මගේ හැම තැනම වේදනා දෙන තරම් තදට සපා කෑවා. වෘෂණ කෝෂ අතින් මිරිකුවා. වේදනාව ගැන පැමිනිලි කරද්දි මට ගැහුවා. බිම දාලා මාව පෑගුවා. ඇගේ මඩ තැවරුනු පතුල් මගේ මූනෙ ඇතිල්ලුවා.

මේ දේවල් මේ ප්‍රචන්ඩ තරමටම මං ආස්වාදයෙන් විඳි බවත් කියන්න ඕන. ඇගේ ප්‍රචණ්ඩත්වය මාව අවුළන්න ගත්තා. ඇගේ දෙපතුල් ලෙවකන්න මං පිංසෙන්ඩු වුනා. නැවත නැවත මට පහර දෙන්නැයි මං ඉල්ලා සිටියා.
ඈ මගේ දැඩි ශිෂ්නය පතුලෙන් පාගාගෙන හිටියා.

මට කොයිම වෙලාවකවත් ඇගේ මතට නැගෙන්න ඈ ඉඩ දුන්නෙ නෑ. නිතරම ඇය මාව යටත් කරගෙන හිටියා.

මට රිදෙන කල් මගේ නිපල්ස් හපන්න.. ඇය විධාන දුන්නා.
මට ගහන්න…
මා ඉදිරියේ දණ ගසාගෙන කිව්වා. මගේ ළාමක පහරින් ඈට හොඳටම තරහා ගියා.
හිට් මී හාර්ඩ් යූ ඉඩියට්..
අන්තිමට ඈට බිම ඇද වැටෙන තරම් වැරෙන් ගහන්න මට සිද්ද වුනා. ඒ පහර කන අතර ඈ ක්ලිටෝරිසය ස්පර්ශ කරමින් කෑ ගැහුවා. ඇගේ කෑ ගැහිල්ල නතර කරන්න මට ඇගේම යට ඇඳුම කටේ ඔබන්න සිද්ද වුනා.
අරගලකාරයෙක් වුනාම මෘදු තරමටම දැඩි වෙන්නත් ඕන.
ඇදේදි ගැහැණියකට වෛශ්‍යාවක් මෙන් සළකන්නත් පිටතදි දෙවඟනක් මෙන් සළකන්නත් පුරුදු වෙන්න ඕන.
ඇය මට ශෘංගාර අරගලයේ හෝඩිපොත කියල දුන්නා.

මාව බිම දාගෙන ඇය මා මත නැගී හිටියා. දරාගත නොහැකි ආස්වාදයෙන් ඈ කරන කෑ ගැසීම නවත්තන්න දිගටම යට ඇඳුමෙන් මුව සිරකරගෙන හිටියා. ඈ මා මත සංසර්ගය කරන අතර මගේ ගෙල මිරිකන්න පටන් ගත්තා. ඇගේ ආස්වාදය උපරිම වෙද්දි මගේ හුස්ම ගැනීමේ ඉඩකඩත් අවම වුනා. අන්තිමට මට වටපිටාවම බොඳවී, ගෝෂාව නෑසි යනවා දැණුනා. ඒ එක්කම සියල්ල ඒකාත්මික කරන සුරතාන්ත සයුරක මං ගිලී නොපෙනී ගියා.

ආපහු මං නැගිට්ටෙ කවුරුන් හෝ කූඩාරමට එබුන හින්ද.
අරගලයට- ජයවේවා! අරගලයට- ජයවේවා!
ආටානාටිය වගේ ඈතින් ඇහෙන්න අරගෙන.
ආ මචං, උඹද මේකෙ ඉන්නෙ?
ඒ එබුනු කවුදෝ ඇහුවා. මං ඇයව හෙව්වා.
නෑ නෑ මචං.. මං මේ ….
හරියට දෙයක් කියාගන්න බැරි පැටලිල්ලක මං කූඩාරමෙන් එලියට ආවා.
මගේ ෆෝන් එක?
හැම තැනම බැලුවත් ෆෝන් එක තිබුනෙ නෑ.
උඹට ෂුවර්ද මේකෙ තිබුන කියල..
කූඩාරමට ආපු අරගලයේ සගයත් උදව් වුනා. ඒත් ඒක නෑ. එතකොට අර කෙල්ල..?

එයා ඒක හොරකම් කළා වෙන්න ඕන. ඒත් මේ වගේ බාල ෆෝන් එකක්? ඇත්තටම එහෙම කෙනෙක් හිටියද? එහෙම නොහිටියා නම් ෆෝන් එක කොහෙද?

මං අනාථයෙක් වගේ අරගල බිමෙන් පිටමං වෙලා ආවා. ඈ ගැන කිසිම මතකයක් මගේ ළඟ නෑ. ඈ සිටි බවට තියෙන එකම සහතිකය ෆෝන් එක නැති එක විතරයි.

මං පරාද වුනාට අරගලය ජයග්‍රහණය කළා. ගෝටා ජනාදිපතිකම අතෑරලා ඇමරිකාවට ගියා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වුනා. ඒ ඇරෙන්න වෙන කිසි දෙයක් වැඩිය වෙනස් වුනේ නෑ. ඊළඟ චන්දෙන් පාර්ලිමේන්තුවට ආවෙත් පරණ හිටිය අයමයි. එක්කෙනෙක් දෙන්නෙක් අලුත් වෙලා තිබුන. හැබැයි රාජපක්ෂලාගෙන් ඉතුරු වුනේ නාමල් විතරයි.

2042 මාර්තු 01
සෙනසුරාදා දවසක්.

මගේ මේල් එකේ තිබුණු අමුතු ලියුමක් හින්ද මං කුතුහලයෙන් පිරුන. ඒක එවලා තිබුනෙ අර්චනා කියල කෙනෙක්. ඒකෙ උඩින්ම තිබුනෙ වීඩියෝ ලින්ක් එකක්.

ඒ ලින්ක් එක ක්ලික් කරලා ඕපන් වෙනකල් බලන් ඉන්න තත්පර කීප අතරෙ මරණීය හැගීමකින් මාව සීතල වෙන්න ගත්තා.
ඒ වීඩියෝ එක මගේ..
මං එයාව වීඩියෝ කරපු දර්ශන වලින් එඩිට් කරපු එකක්. ඒක යට ඇහුන ‘ අසීරුම තැන අපි සීරුවෙන්’ සිංදුවෙ තනුව.
ඒ මේල් එක එයාගෙන්!

‘මං එදා කිව්වා ව‍ගේම අපි පරාදයි දිනිඳු. අවුරුදු විස්සකට පස්සෙ නාමල් ආපහු රටේ අගමැති’

එයා ලියලා තිබුනෙ ඇත්ත. ආපහු නාමල් අගමැති වුනා විතරක් නෙමෙයි මේ වෙද්දි එයා මානව අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් සටන් කරන නායකයෙක්ද වුනා. අලුත් පරම්පරාවට වීරයෙක් වුනා. කිසි කෙනෙක් අවුරුදු විස්සකට කලින් කරපු අරගලය ගනං ගත්තෙ නෑ. එදායින් පස්සෙ කිසි දවසක නැවත රටේ අරගලයක් ඇති වුනෙත් නෑ.

‘ඔයා හම්බුන දවසට පහුවෙනිදා මං ආපහු ඇමරිකාවට ආවා. මගේ පදිංචිය මෙහේ. දවස් තිහක නිවාඩුවකටයි ලංකාවෙ හිටියෙ. මං කරමින් හිටියෙ මගේ ආර්ට් ප්‍රොජෙක්ට් එකක්.
‘සෙක්ස් ඇස් අ රිබෙලියස් ඇක්ට්’
ගෝටා එළවන අරගලයෙදි මට ගෝටා වගේ සිය ගානක් මිනිස්සු හම්බුනා. ඔයත් එක්කෙනෙක්. හැම දෙයක්ම දාලා ආවත් ඔයා හින්ද මට දාලා එන්න බැරි දෙයක් ඉතුරු වුනා.

එයා මට එවලා තිබුනෙ අවුරුදු විස්සක විතර ලස්සන කොල්ලෙකුගෙ පිංතූර. ඇත්තටම එතන හිටියෙ අවුරුදු විස්සකට කලින් මම. මගේ ඇඟ ඇතුලෙ ජාන තම උරුමය කියමින් කැරලි ගහනවා මට දැනුනා.

එයාගෙ නම දිනිඳු..

මාව ගැස්සිලා ඇහැරුනා. මං හිටියෙ දවල් කෑමෙන් පස්සෙ හවස කෙටි නින්දක. ඇදෙන් නැගිටිද්දි මං අවුරුදු හතලිස් පහක මිනිහෙක්. කාමරේ දොරෙන් එහා පැත්තෙ මගේම පොඩි උන් දෙන්නා සෙල්ලං කරන සද්දෙ මට ඇහෙනවා. මගේ බිරිඳගේ සද්දයක් නැත්තෙ එයා කම්පියුටරේ ළඟ ඉඳගෙන වැඩ කරනවා වෙන්න ඕන.

මං දැක්කෙ හීනයක් කියන සතුටෙන් මං සැහැල්ලු වුනා. කොයිකටත් ෆෝන් එක අත ගත්තා.
ඒකෙ ඕපන් නොකරපු මේල් එකක් තිබුන.
අර්චනා කියල කෙනෙක්ගෙන්.