කුම්භ

කුම්භලග්න හිමියන් සෙක්ස්වලදි හිතෙන් මවාගන්නා කොටස විශාලය. ක්‍රියාව අල්පය. ඔවුන්ට ෆැන්ටසිය සැබෑ අත්දැකීමට වඩා ආස්වාදනීය විය හැකිය. මේ වසරේ කුම්භලග්න හිමි ඔබ අනිත් අය සතුටු කරනවා වෙනුවට ඔබව සතුටුවන දේ කරන්න පටන් ගනී. එයට කැමති අය ඔබ සමග රැ‍දෙන අතර නැති අය වෙන්ව යනු ඇත. සෙනසුරු ලග්න රාශියට පැමිනීම නිසා ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා මෙන් හැ‍ගේ. කිසිම දවසක බලාපොරොත්තු නොවුනු අයෙකු සමග අනුරාගී සම්බන්ධතාවයක් පටන් ගන්නවා ඇත. ඔබ මොනොගමික හෙවත් ඒකභාර්යා/පුරුෂ අයෙකු නම් ඔබේ සම්බන්ධතාවය විවෘත එකක් බවට පෙරලේවී. නොඑසේ නම් ඔබ ඔබේ නිදහස හොයාගෙන යාවි.

මීන

ගුරු හෙවත් බ්‍රහස්පති, සියලු යහඵල දෙන ග්‍රහයා ඔබේ ලග්න රාශිය හරහා ගමන් කරන්න ගන්නවාය. ඔබ ඔබගේ අනන්‍යතාවය සහ ජීවිත අවස්ථාවන් ගැන හොඳින්ම හිතාබලන්න පෙළඹෙනවාය. ඔබ අදහාගෙන සිටින සමාජ වටිනාකම් ප්‍රශ්න කරන්න ගන්නවාය. ඔබ එයින් නිදහස වැළඳගත්තත්, දැඩි කැපකිරීම් ඇති සම්බන්ධතාවයකට ගියත් මෙය ජිවිතය වෙනස් කරන අවුරුද්දක් බව නිසැකය. මීන යනු ග්‍රහ වළල්ලේ සිටින වඩා හැගීම්බරම රාශියයි. මේ හැඟීම් පිටකිරීමට හැකි දොරටු විවෘත කරගැනීමට සිදුවෙයි . නොබියව ඔබේ ප්‍රකෘතිම ලිංගික ශක්තීන් අවදි කරගන්න උත්සාහ කරන්න. මේ ලිංගික අත්දැකීම් තුලින් අනිත් කිසිවෙකුටත් වඩා ආධ්‍යාත්මික අවදිවීම් ලබන්න ඔබට හැකිවනු ඇත. ඔබගේ අධික හැඟීම්, කායික අත්හදාබැලීම් සමග මුසුකරන්න බය වෙන්න එපා. මීන ලග්නහිමියන් නිතර පතුල් එක්ක සම්බන්ධයි. ඒ නිසා ෆුට් මසාජ්, ෆුට් ෆෙටිෂ් වගේ දේවල් ඉතා උත්කර්ෂවත් විය හැකියි.

මේෂ

රාශි චක්‍රයේ මුල්ම එකය. ආවේගකාරීය, අනුරාගීය. බ්‍රහස්පති රාශිය හරහා ගමන් ගන්නා කාලය ඇතුලත තෘප්තියේ දිශාවන් නොසිතූ පරිදි පුළුල්වීමට පටන් ගනු ඇත. මේ කාලය තුල ආදර සබඳතා වර්ධනය, නව අවස්ථාවන් උදාවීම සහ නොහිතූ ආස්වාදයන් විවෘත වීම සිදුවිය හැකිය. දීර්ඝ කාලීන සම්බන්ධතා පටන් ගැනීමට හොඳ කාලයකි. නොකලදී නොතැනදී සෙක්ස් කරන්න වගේ උවමනාවන් ඇතිවෙන්න නියමිත අතර ඒවා ආරක්ෂිතව හසුරුවාගැනීමට සිදුවේ.

වෘෂභ

නැවත ඔබ ඔබේ දෛවය සමග සම්බන්ධ වන වසරක් ලෙස කිව හැකිය. මේ වසර සුබ කරගත හැකිවන්නේ ආදරය සහ සුන්දරත්වයට අධිපති සිකුරු සමග නිරන්තරව සබඳතා පැවැත්වී‍මෙනි. එනම් ඔබ වඩා ආදරයට සහ සුන්දරත්වය දෙසට නැඹුරු විය යුතුය. වෘෂභ කියන්නෙ වඩාත්ම ශෘංගාර රාශියකි. ස්පර්ශය, ශබ්දය, රසය සහ දැකීමෙන් ඉන්ද්‍රිය උද්දීපනය කිරීමේ විසල් හැකියාවක් ඔබ සතු වෙනවා. වෘෂභ රාශියට ශාරීරික සන්තර්පනය අවශ්‍යමය. එමෙන්ම ඒ කායික සම්බන්ධතා වඩා සුවපහසු, රමණීය පරිසරයන් වල විඳින්න පෙළඹීමද මේ ලග්නහිමියන්ගේ හැටියක්. වෘෂභ රාශිය හිමි අයගේ අනුරාගී කලාපයන් වන්නේ බෙල්ල යට ප්‍රදේශය බව සිහි තබාගන්න.

මිථුන

මිථුන යනු දඟ දෙපලකි. මේ වසරේ ඔබේ රාශියේ බොහෝ වෙනස්කම් සිදුවෙන්න නියමිතය. ඒ නිසා සබඳතා පවත්වන අයත් එක්ක ගැඹුරු සමීප කතාබහක් ඇති කරගන්න උත්සාහ කරන්න. ඔබට දැනෙන සියලු දේම ඒ අය සමඟ බෙදාගැනීමට හැකිවන්නේ එවිටයි. එමෙන්ම මිථුන රාශිය බෙහෙවින්ම අනුරාගී විහිළු, අත්හදාබැලීම් සහ බුද්ධිය අවුස්සනසුලු කතාවලින් කාමෝද්දීපනය ලබනසුලුයි. තෘප්තිය සහ සෙල්ලක්කාරබව කියන රාශියේ ගුණය නිසි ලෙස පුහුණු කිරීමෙන් වසර වඩා ශෘංගාරාත්මකව සාර්ථක කළ හැකියි.

කටක

රාශියේ ලකුණ කකුළුවා මෙන්ම ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්නෙ දුෂ්කර තත්ව මගහැර පැත්තකට වී යන්නයි. නමුත් ලබන වසරේ ග්‍රහ බලපෑම්වලින් ඔබට මගහැර යාම අපහසු විය හැකියි. සංචාර, ගවේෂණ, සහ ආහ්ලාදජනක අවස්ථා රැසකට මුහුණ දෙන්න සිදුවේවි. කටක ලග්න හිමියන්ට ඇති ලොකුම නිදහස වන්නේ තමන් සැඟවී සිටින ආවරණ පසෙක ලෑමයි. ඔබේ සැබෑ ඇත්ත ස්වභාවය නිරාවරණය කිරීමෙන් විශාල තෘප්තියක් ඔබට ලද හැකි බව මතක තබාගන්න. ඔබ කැමති කින්කි හෝ බීඩීඑස්එම් හෝ ලිංගික චර්යාවන්ට නම් බය නැතුව එය අනෙකාට හෙලිකරන්න. අනෙකා සමග විශ්වාසය, කුළුපගබව ගොඩනගා ගන්න. චන්ද්‍රයාගේ බලපෑමෙන් ඇතිවන දැඩි ලිංගික ආශාවන් ගැන වැඩිය බයවෙන්න උවමනාවක් නෑ. මේ අවුරුද්දෙ බය නැතුව නිරුවත් වෙන්න.

සිංහ

නොනවතින නිර්මාණශීලීත්වයේ සහ ක්‍රියාත්මක වීමේ ලකුණයි සිංහ. ඔබේ පැවැත්ම වන්නෙම ජීවිත රසය වෙනුවෙන් ඉදිරිපත්වීමයි. සිංහ ලග්න හිමියන් බෙහෙවින් ප්‍රදර්ශනකාමීයි. පිරිස් ආස්වාදයට කැමතියි. ඒ නිසාම තමන්ව ප්‍රාර්ථනා කරන බව දැනීමෙන්ම සිංහ ලග්න හිමියන් විශාල උද්දීපනයක් ලබනවා. මේ ලග්නය හදවත සහ කොඳු නාරටිය එක්ක සම්බන්ධයි. ඒ නිසා ආදරණීය වදන් තෙපලීමෙනුත්, කොඳු නාරටිය දිගේ ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කිරීමෙනුත් සිංහ ලග්නහිමියන් ප්‍රමුදිත කළ හැකිය. මේ අයට පුටුවක ඉඳගෙන සෙක්ස් කළත් ඒක අනුරාගී සිංහාසනයක් බවට පත් කිරීමට පුළුවන.

කන්‍යා

කන්‍යා ලග්නයේ ඉන්නෙ නිතරම රතිය ගැන හිතන පිරිසකි. ඔවුන් සිටිනුයේ ඇවිස්සුනු ගතියෙනි. 2022 කියන්නෙ කන්‍යා ලග්න හිමියන්ට තමන්ගෙ ක්‍රෂ් එක ඊළඟ ලෙවල් එකට අරන් යන්න පුළුවන් වෙන වසරකි. සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, හිතමිතුරුකම් හැමදෙයක්ම අනුරාගයේ ඵලදරන්න ගන්නවා ඇත. අප්‍රේල් විශේෂයෙන්ම හිතේ හිරකරගෙන ඉන්න හැම ශෘංගාර ආශාවක්ම නිදහස් කරන්න පුළුවන් මාසයක් බවයි පැවසෙන්නෙ. කන්‍යා අයගෙ වඩාත් සංවේදී ප්‍රදේශය වෙන්නෙ බඩ ප්‍රදේශයයි. ඒ පෙදෙස ස්පර්ශ කිරීමෙන් වැඩි උද්දීපනයකට ගෙන යා හැකියි.

තුලා

සම්බන්ධතාවල සමතුලිතබව පවත්වාගැනීමේ දක්ෂයෝය. ඇඳ උඩදි වුනත් සාධාරණ, සම, තෘප්තියක් හොයාගෙන යන පිරිසක්. තුලා අය තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට කලා නිර්මාණයකට වගේ සලකනවා. ඒ අයගේ සිතුවිලි අගය කරනවා. ශරීරයන් වර්ණනා කරනවා. මේ අවුරුද්දෙ තුලා ලග්නහිමියන් වඩාත් කැපවුනු සම්බන්ධතාවලට යොමුවෙනවා කියලයි කියන්නෙ. හැම සම්බන්ධතාවයකම අර්ථය පරීක්ෂා කරලා බැලීමට පෙළඹෙනු ඇත. තුලාවෝ ශෘංගාරයේදී ඉතාම ත්‍යාගශීලීය. නමුත් තමන් දෙනු ලබන තෘප්තිය හා සමානම තෘප්තියක් අපේක්ෂා කරන්නෝය. 69 කියන්නෙ තුලාවට ගැලපෙනම රති ඉරියව්වක් බැව් සිහිතබාගන්න.

වෘශ්චික

ගම්මිරිසුයි ලුණුයි යනු වෘශ්චික සහ ලිංගික බැඳීමට නිදසුන්ය. ඉතාද දැඩි රති නැඹුරුවක් ඇති පිරිසකි. වෘශ්චිකයො අඳුරට මුවාවුනු සෙවැනැලි ශාංගාරය ප්‍රිය කරනවා. තහනම් ඉරියව්වලට, අඩවිවලට ආශක්ත වෙනවා. සීමාවන් අතික්‍රමණය කරනවා. 2022 වෘශ්චික ලග්නයට ආදරය සහ අනුරාගය නොමඳව ලැබෙන කාලයක්. ප්ලූටෝගෙ බලපෑමත් එක්ක රෝල්ප්ලේ, බොන්ඩෙජ් ආදී ඕනෑම කින්කි ආශාවක් ලුහුබඳින්න බය නැති වෙන බවයි පැවසෙන්නෙ. ඒකට හරියන්න අපිරිමිත අවස්ථාවනුත් විවෘත වෙනවා කියන්නෙ.

ධනු

ධනු යනු ඇඩ්වෙන්චරීය බවය. ත්‍රිලම හඹා යාමය. දුනුවායාගේ සංකේතයය. මේ අය දාර්ශනිකය. ගවේෂනයට බරය. 2022 අවුරුද්ද පටන් ගන්නෙම අලුත් ගවේශනාත්මක ජීවිත අත්දැකීමක් එක්කය. ඒ හරහා අනිවාර්යෙන්ම පෙර නොතිබුනු පරිණතබවක්, පුළුල්බවක් අත්පත් කරගන්නවා ඇත. කාලයක් මුන නොගැහුනු ආදරවන්තයන් හොයාගෙන යන්න ගත්තොත් පුදුම වෙන්න එපාය. අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීමේ ආහ්ලාදය නොමඳව විඳින්නට පුළුවන. ධනු අය වඩාත් කැමති එලිමහනේ සෙක්ස් කරන්නයි. ආසා දේ කිරීමට වාතාවරණය හදාගන්න නිබය විය යුතුය.

මකර

මකර කියන්නෙ අධිපතීන්ය. 2022 ඒ අයගෙ වටිනාකම්, මුදල් සහ මූල්‍ය තත්ව හොඳින් වැඩකරන්න ගන්නවාය. මේ වැඩිවෙන ආදායම ජීවිතේ පොහොසත් කරන අත්දැකීම් වෙනුවෙන් වියදම් කරන්න මතක තියාගත යුතුය. දවසම වැඩ වෙනුවෙන් කැප කරනවා නම් රාත්‍රිය හෝ තෘප්තිය වෙනුවෙන් නිදහස් කර යුතුය. මකර ලග්නෙ අයගෙ දෘෂ්‍යමාන පිලිවෙලසහගත ගතිය යටින් කින්කි ආශාවන්ට නැඹුරු ඇතුලතකුත් පවතී. මකර ලග්නහිමියන් සංසර්ගයෙන් හෝ ස්වයං වින්දනයෙන් තමන්ගේ ආතතීන් ඉහිල් කර නොගත්තොත් ලෙඩවෙන්න පවා පුළුවන. මේ අය නිතර සම්බන්ධතාවලදි දුර ඉලක්කයන් තියාගනී. කැපවීමක්, තියුණු ආස්වාදයක් අපේක්ෂා කරයි. දැඩි අනුරාගී මොවුන් සෙක්ස්වලදි තමන්ගේ ඇති හැකියාවන් පිළිබඳ ආඩම්බරය. අනුරාගයත්, කාර්යබහුලත්වයත් හරියට තුලනය කරගත්තොත් මේ අවුරුද්දෙ ජීවිතේ උණුසුම් ආස්වාදනීය එකක් කරගැනීමට පුළුවන.


කාමජ්‍යොතිශඥ රතන බන්දුසීල විසිනි.