නීති රීති, සීමා මායිම්, බාධා, කියන්නෙ වින්දනය මඟ ඇරෙන දේවල්.
දවස පුරා එකේක නීති වලට කොටු වෙලා ගෙවන ජීවිතේ නිදහස් වෙන්න තියෙන එකම වෙලාව තමයි ලිංගිකව නිදහස් වෙන වෙලාව.
එතන තියෙන්න ඕනෙ නිදහස විතරයි.

මිනිස්සු hiking යන්න කැමති ආධ්‍යාත්මික සුවයක් විඳින්න,
reality එකෙන් මිදෙන්න.
Man made හැම දේකින්ම අයින් වෙන්න.
සත්තු, ගහ කොළ, වතුර සද්දෙ, වැස්ස එක්ක විතරක් කාලය ගත කරන්න.
මුලු ආත්මය පිටින්ම නිදහස් කරලා දාන්න.
ඒ වෙලාවට හිතට දැනෙන ඒ වචනෙන් කියන්න බැරි සනීපය,
ඒ නිදහසම තමයි sex හරහාත් මට ලැබෙනවා කියලා මම හිතන්නෙ.

Masturbate කරනකොට,
මම ඒක කරන්නෙ තෘප්තිමත්ම orgasm එකක් ලබන්න හිතාගෙන.
ඒකට මම මගේ වෙලාව අරගන්නවා.

Porn video එකක් බලන ගමන් හරි,
නැත්නම්, කැමති fantasy එකක් හිතේ මවාගෙන, එහෙම නැත්නම් යම් සිදුවීමක් ගැන, මම ආස කෙනෙක් ගැන මතක් කරගෙන, ඒ ලෝකෙ මම තනි වෙනවා.
ඒ හැඟීම් තව enhance කරගන්න sex toys වල උදව්වත් මම ගන්නවා.
ඒ වෙලාව තමයි, මම මාත් එක්කම බැඳෙන වෙලාව.
මට මාව මුණගැහෙන වෙලාව.
එතන වෙන limitations නැහැ.

තව කෙනෙක් එක්ක sex කරනකොටත් ඒ හැඟීම් ඒ විදිහටම හෝ වැඩියෙන් දැනෙන්න ඕනෙ කියලා මම හිතනවා.
මට මාව මුණගැහෙන්න ඕනෙ.
මාව මඟ ඇරෙනවා නම්, එතන මම ඉඳලා වැඩක් නැහැ.
ඒක ජීවිතේ කොතන්ටත් අදාලයි.

මුලින් තමන් එක්ක ආදරෙන් බැඳෙන්න.
ඒ තරම් luxury එකක් මනුස්සයෙක්ට ජීවිතේ වෙන ලැබෙනවාද කියලා කියන්න මම දන්නෙ නැහැ.
තමන්ව හඳුනගන්න තැන විතරයි වෙන කෙනෙක් එක්ක බැඳෙන්න පුලුවන් වෙන්නෙ.
ඒ කෙනාගෙ ඇඟත් එක්ක, හිතත් එක්ක බැඳෙන්න පුලුවන්කම ලැබෙන්නෙ.

Sex කියන්නෙ, චිත්‍රයක් අඳිනවා වගේ දෙයක්.
අනිත් කෙනාගෙ ඇඟ කියන්නෙ, චිත්‍රය අඳින හිස් කැන්වස් එක.
පුලුවන් තරම් Creative වෙන්න.
ඕන පින්සලකින්, කැමති පාටකින්, තමන් ආස විදිහකට චිත්‍රෙ අඳින්න.
කවුරුත් අඳින විදිහටවත්, වෙන චිත්‍රයක් බලාගෙනවත් අඳින්න හදලා වැඩක් නැහැ.
එතකොට වෙන්නෙ තමන්ගෙ චිත්‍රයෙ තියෙන ආවේණික බව නැති වෙලා යන එක.

මොනාලිසාගෙ paintings කොච්චර ලෝකෙ තිබුනත්, Da Vinci ඇන්ඳෙ එක මොනාලිසා වයි.
ඒ වටිනාකම තියෙන්නෙ, ඒ එක චිත්‍රයට විතරයි.
Sex වල සුන්දරත්වය තියෙන්නෙත්, ඒ ආවේණික බව ඇතුලෙයි.

ඒ හැඟීම අත්විඳින්න, තමන්ව සම්පූර්ණයෙන්ම මුදා හරින්න.
ඇඟෙ කිසිම කොටසක් restrict කරගන්න එපා,
හැම තැනක්ම තමන්ට සතුට දෙන pleasure points විදිහට සලකන්න.

තමන්ගෙ ඇඟිලි තුඩු වලින් හිමීට,
Vagina එක ලාවට අල්ලනකොට,
Control එකකින් තොරව arouse වෙලා කියලා තේරෙනකොට,
වෙන කෙනෙක්ගෙ අතින් තමන්ව ඇල්ලෙද්දි,
ඒ හැඟීමම තව දෙගුන තෙගුන වෙලා දැනෙනකොට,
එතනදි තමයි, අනිත් කෙනාටත් තමන්ව මුණගැහෙන වෙලාව.
ඒ මොහොත හඹා යන්න.

Sex කියන්නෙ,
ආත්මීය සුවයක්,
සනීපයක්,
භාවනාවක්.
මිනිස්සු එකිනෙකා අතරේ සිදුවන සොඳුරුතම හමුවීම.


ශේනි විජේසුරේන්ද්‍ර