මදන මෝදක කියන එක අපි පුංචි කාලෙ ඉඳන් ප්‍රසිද්ධියේ අප්‍රසිද්ධව තිබුනා. ඕනම සිල්ලර කඩේක මදන මෝදකය පේන්න ඉස්සරහ රාක්කයකම තිබුන. හැඩි දැඩි බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ පිංතූරයක් ඒක ඉස්සරහ තිබුන. මදන මෝදකය විසින් හොඳට මස්පිඩු හැදෙනවා ඇති කියල තමයි දකින පොඩි එකෙක් හිතන්නෙ.

මදන මෝදකය විසින් පුරුෂ ශක්තිය වඩවනවා කියල වැඩිහිටියො දැනගෙන හිටියා. ඒත් මෝදකය තරුණයො අතර ජනප්‍රිය වුනේ ඒ කාරණය හින්ද නෙමෙයි. ඒ වෙනුවට ‘ආතල් එක’ ‘හිනාවෙනවා ඉවරයක් නෑ’ ‘සැපක්’ වගේ අදහස් වෙනුවෙන් තමයි මෝදකේ කන්න පටන් ගන්නෙ. ගුලි, පහේ ටොපි වගේ නම් වලින් මෝදකය හැඳින්නුවා. ඒක අරගෙන උඩු තල්ලෙ අලවගෙන සීනි වැඩි ප්ලේන්ටි බොන්න තමයි කොල්ලො සෙට් වුනේ. කොහොම වුනත් මෝදකය අපේ ජීවිතවල සුන්දර මතක අතර තිබුන.

මදන මෝදකය ගැන එලිපිට කතා නොකිරීම හින්දමත්, ඒක සැඟවුනු රහසක් විදිහට පැවතීම නිසාමත් ඒක හොඳටම අවභාවිතා වුනා. ප්‍රමිතිය ගැන ලොකු ගැටලු මතු වුනා. ඕනම ජාතියක් කලවම් කිරීමෙන් වැඩි මත්බවක් ඇතිවෙන්න මෝදක නිෂ්පාදනය වුනා. නමක් ගමක් නැති ඕනම ටොපියක් කටේ දාගන්න තරුණයො පුරුදු වුනා. ලොකු හානිකර ප්‍රතිඵල ඇති නොවුනත් මේ හින්ද මදන මෝදකය සතු වටිනාකම සමාජයට මගහැරුනා.

කාලෙකදි මෝදක තහනම් වුනා. ඒ ගැන විවිධ කතන්දර මීඩියාවලින් පතුරන්න ගත්තා. විවිධ අපචාර එක්ක මෝදකය සම්බන්ධ කළා. කිසිම පදනමක් නැති කතන්දර වුනත් ඒ කාලෙ තිබුනු මෝදක නිෂ්පාදනයේ ප්‍රමිතියක්, වගකීමක් නැතිකම නිසාම මේ කතාවලට තටු ලැබුන.

මදන මෝදකය හෙවත් ආයූර්වේද ඖෂධ පාවිච්චි කරලා හදන වාජීකරණ රසායනය ගැන ව්‍යවහාරයේ පැවති බොහෝ දේවල් ඇත්ත. ආතල් එක සැපක්, ආදී වශයෙන් හඳුන්වන්නෙ මෝදකයෙන් ලැබෙන සනීපදායක බවයි. මානසික ආතිතය දුරලීමේ ගුණයයි. හොඳ මෝදකයක් කෑවම ඇඟටත් හිතටත් ලොකු සනීපයක් දැනෙන එක ස්වභාවිකයි. තේ වගේම හොඳ කිරි එකක් එහෙමත් හොඳ මෝදකයකට හොඳම මුසුවක්.

මෝදක ගැන තිබුනු ඒ මතකයට ආපහු පණ දෙන්නෙ සංජීවනී කාමේශ්වරීය. ඉස්සර වගේ කොලේක ඔතපු ටොපියක් වෙනුවට ලස්සනට අසුරපු බෝතලයක වැදගත්කමක්, සන්නාමයක් සහිතව සංජීවනී මෝදකය ඇවිත් තිබුන. ඒ භාවිතා කරන ද්‍රව්‍ය, බෙහෙත් වට්ටෝරු සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ වගීකමක් සහිතව සටහන් කරලා තිබුන. මෝදකය ගැන සමාජයේ තිබුනු අපවාදයෙන් ගලවලා ඒකට ලැබිය යුතු වටිනාකම ඇතුව යළි පිහිටුවන්න සංජීවනී කාමේශ්වරියට පුළුවන් වෙලා තිබුන.

නොහිතපු විදිහට නොහිතපු තැන්වල කාමේශ්වරී රසායනය දැක්කා. ගොඩක් අය තමන්ගේ ආහාර දිරවීමේ ප්‍රශ්න වෙනුවෙන් ඔෆිස්වල තියාගෙන කාමේශ්වරිය පාවිච්චි කරනවා. සමහරු රිලැක්ස් වෙන්න ඒක පාවිච්චි කරනවා. ඒ වගේම පුරුෂ ශක්තිය වැඩි කරන්නත් කාමේශ්වරිය වැඩ කරනවා. ඔය එක එක පෙති ජාති වෙනුවට ගොඩක් වෙලා රති ක්‍රීඩාවෙ යෙදෙන්න ආස නම් කාමේශ්වරී ට්‍රයි කරලා බලන්න.

කාමේශ්වරී රසායනය වැඩිපුරම ප්‍රචලිත වුනේ ඒකෙ ලේබල් එකේ සඳහන් කරලා නැති කාරණයක් එක්ක. ඒ තමයි මේ රසායනයේ කංසා අඩංගුයි කියන කතාව. අපේ ආයුර්වේදයේ වාජීකරණ ඖෂධයක් විදිහට කොහොමත් කංසා සෑහෙන කාලයක ඉඳන් පාවිච්චි වෙනවා. මෝදකවල අඩංගු මනස රිලැක්ස් කරන ගුණයත්, සතුට වඩවන ගුණයත් ඇති කරන්න මේ කංසා හේතු වෙනවා. ඒ වගේම ආයූර්වේද ඖෂධයක් හැටියට නිසි මාත්‍රාවලින් කංසා පාවිච්චි කරන්න තහනම් නෑ. අපේ රටේ වවන දේශීය කංසා කියන්නෙ දිව්‍යමය ඔසුවක්. අපේ මානසික සුවය, සාමය සමග බැඳුනු ඉතිහාසයක් පුරා අප සමග පැවතුනු මේ පැලය බටහිර ජාතීන් විසින් තහනම් කළා. ඒ තහනම අපි තවමත් පවත්වාගෙන යනවා. අපේ දේශීය ආයූර්වේදය පමණක් මේ පැලයේ ඇති ගුණය නිහඩව අපිට අරන් එනවා. ප්‍රමිතියට හදපු මදන මෝදකය කියන්නෙ ඒ ත්‍රෛලෝක ගුණය අපිට විඳින්න පුළුවන් හොඳම විදිහක්.

සංජීවනී කාමේශ්වරිය මත්වීම වෙනුවට නිවීම ලබාදෙන රසායනයක්. මේක මත්ද්‍රව්‍යයක් නෙමෙයි. ශරීරය මනස සැපවත් කරන, ජීවිතේ ආස්වාදය වඩවන, සොඳුරු රසායනයක්. දවසේ ආතතිය දුරු කරනවට අමතරව කෑමවල රසගුණ දැනීම වර්ධනය කරනවා. ඒ වගේම දියවැඩියාව වගේ ලෙඩ පාලනය කරනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. මනසත් කයත් සතුටින් තැබීම නිසා රුව වඩවනවා. ජීවිතේ ආස්වාදජනකව, නිරෝගීව පවත්වාගෙන යන කෙනෙකුගේ ආයුෂ වර්ධනය වෙනවා.

දවසට දෙපාරක් කාමේශ්වරී රසායනය පාවිච්චි කරන එක වැඩිහිටියෙක් නම් පුරුද්දක් කරගන්න. ඒ මෝදක මාත්‍රාවක් ඇතුලෙ දැනෙන සීයක් විතර විවිධ රස ටිකෙන් ටික විඳින එක පවා ආස්වාදයක්. 1977 ඉඳන් එන මේ නියම මෝදකයක රසගුණ නැවත නියම විදිහ‍ට හඳුන්වාදීමෙන් සංජීවනී කරන්නෙ ජාතියක සුඛ වර්ධනයක්.