සිරිමල් විජේසිංහ කාලෙකට පස්සෙ

ප්‍රශ්නය – ධර්මසිරි බණ්ඩාරනායක වෙනුවෙන් උපහාර දක්වමින් ඔහුගේ සිනමාව අති උත්කර්ෂයට නගමින් ඇගයෙන මේ දිනවල ඔබ ධර්මසිරිගේ සිනමාවේ ප්රතිගාමී දෘෂ්ටඨිවාදය පිළිබඳව ප්රශ්න කරනවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව ගැන ඔබේ විග්රහය මොකද්ද ?

සිරිමල් – ඔහුගෙ ‘හංස විලක්’ සහ ‘තුන්වෙනි යාමය’ කියන්නෙ ආකෘතික වශයෙන් මෙ රට සිනෙමාවෙ හි සංධිස්ථාන. එහෙත් සන්දර්භය අතින් වික්ටෝරියානු සදාචාරවාදීයි. පවුල්වාදීයි. දීර්ඝව කරුණු දැක්වීම මේ මොහොතෙ බැහැ.

ප්‍රශ්නය – ධර්මසිරිගේ සිනමාව ගැන කතා කරද්දි ප්රේමසිරි කේමදාසව නොතකා හරින්න බැහැ. මීට වසර ගණනාවකට පෙර ප්රේමසිරි කේමදාස වෙනුවෙන් ඔබ දැක්වූ ‘උපහාරයක’ ඉතිහාසයේ සටහන්ව පවතිනවා. ඒ පිළීබඳ ආවර්ජනය කරමින්ම කේමදාසගේ සංගීත භාවිතාව ගැන කතා කළොත්.

සිරිමල් – මාස්ටර් සහ මම යාලූවො. ඔය මම කණ පැලෙන්න ගහල කරපු කොමඩියක්නෙ. මාස්ටර්ට අපහාස කරන්න නෙමෙයි ඒක කළේ කීයටවත්. ඒත් ආරංචිය ගියෙ නෙගෙටිව් විදිහට. ඊට පස්සේ දවසක මාස්ටරුයි මායි බිව්වත් එක්ක.

‘කේමදාස’ කියන්නෙ මෙ රට සිනමා සංගිතයෙ හි නවීකාරකයා. සරල සංගීතය උනත් වෙනස්. පොඩි අවුලකට තියෙන්නෙ එයාගෙ සිංදුවක් යනකොට අපිට තේරෙනව ඒක කේමදාගෙ කියල. ඒ වයලින් පාර්ට්ස් වල එහෙම ඒකමතියක් තියෙනව. ඒ කියන්නෙ වෙනම අනන්යතාවක් තියෙනව. අමරදේවගෙ උනත් එහෙමයි. මම කියන්නෙ මේ අනන්යතාවය අවුලක්. එහෙම වීම තුල විවිධත්වය විනාශ වෙනව. දැන් බලන්න. රෝහණ වීරසිංයන්ගෙ තාල නාද එකිනෙකට වෙනස්. ඒකීය අන්යයතාවයක් නැහැ. ඒක නම් මාර වැඩක්. ඔහු කරල තියෙන සිංදු 3500 ම එකිනෙකට වෙනස්. ඒ වගෙම අනර්ඝයි. මට නම් කේමදාස තරමටම රෝහණත් වැදගත්.

ප්‍රශ්නය – මිනිසාගේ ලිංගික විවිධත්වය ගැන ලියා ඇති – ඔබ විසින් සංස්කරණය කළ Subcultural Sex Practices To Try Before You Die කෘතියේ pdf පිටපත් ඔබ නොමිලේ ලබා දීමට කටයුතු කළා. හිරුණිකා ප්රේමචන්ද්ර විසින් ආශු මාරසිංහට කරන චෝදනාවත් සමඟ – හිරුණිකා පිළිබඳ ඔබේ කියවීම ?

සිරිමල් – හිරුණිකා කියන්නෙ චන්දෙ ලැබෙනව නම් ඕනෙම කක්ක ගොඩක් විකුණන්න සූදානම් ගැහැණියක්. ඉස්සෙල්ලම තාත්තගෙ මිනිය වික්ක – පස්සෙ දුමින්ද සිල්වා වික්ක – ඊටත් පස්සේ අරගලය වික්ක – දැන් රනිල් සහ ගෝලයො ටික විකුණන්න අරන්.

ඔය ආශුගෙ වීඩියෝවෙ ඇති මගුලක් නැහැ. නිකන් සෙල්ලමට බල්ලෙකුට විහිලුවක් කරනව විතරයි. දැන් ඉතින් ඒ මිනිහගෙ සායම ඉවරයිනෙ. පව් පොර.

මිනිසාගෙ ලිංගික ජීවිතය හරිම ගුප්තයි. තමාට මොනවද ඕනෙ කරන්නෙ කියල දන්නෙ තමන්ම විතරයි. අනික සත්තු එක්ක ලිංගිකව හැසිරීම ගල් යුගයෙ ඉ`දලම තිබුණ දෙයක්. ලෝකෙ පුරාම ගල්ලෙන් වල බිතුසිතුවම් පවා තියෙනව. ඉන්දියාවෙ කජිරාවෝ පන්සලෙත් අඹපු පිලිම දැක ගන්න පුලූවන්. මහලොකු අරුමයන් නෙමෙයි ඕව.

ඩෙන්මාර්කයෙ හි සතුන් එක්ක ලිංගික කි්රයා නීති්යානුකූලයි. එහෙ වෙනම ගොවිපොලවල් තියෙනව ඒ වෙනුවෙන් පුහුණු කරපු සත්තු ඉන්න. ඕනෙම ස්ත්‍රියකුට හෝ පුරුෂයකුට පුලූවන් ඒ සේවාව ලබා ගන්න.

මිනිසා ශිෂ්ඨ වීමත් එක්ක – ලිංගිකය සංස්කෘතික වුන නිසා අපි මේව දිහා බලන්නෙම ඇදේට. ලිංගිකය කියන්නෙ කනවා – බොනවා – මැරෙනවා වගෙම අති සාමාන්‍ය කාරියක්.

ප්‍රශ්නය – ඇතමුන්ව බොහීමියානුවන් ලෙස හඳුන්වනවා. තමන් විසින්මත් එසේ හඳුන්වා ගන්න අවස්ථා අපි සුලබව දකිනවා. ඔබවත් ඇතමුන් බොහීමියානුවකු ලෙස හඳුන්වනවා. බොහීමියානු කියන සංකල්පය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද ? ඔබ බොහීමියානුවෙක් ද ?

සිරිමල් – බොහීමියානුවා කියන්නෙ අතීතය හෝ අනාගතය ගැන හිතන්නෙ නැති – ඒ මොහොතෙ පමණක් ජීවත් වෙන – සමාජ සම්ප්‍රදායන්ට විරුද්ධ – අසම්මත ජීවිතයක් ගත කරන – කලාවන් සහ විලාසිතාවන්ට කැමති කෙනාට.

ඒ අර්ථයෙන් මම බොහීමියානුවෙක් තමයි. හැබැයි සම්පූර්ණ නැහැ. මොකද මට ඕනෙ හිපියෙක් වගෙ ඔහේ ඇවිද ඇවිද සංචාරය කරමින් – ලෝකයේ නොයෙක් මිනිසුන් සහ සංස්කෘතීන් විනිවිදිමින් ජීවිතය රස විදින්න.

ඒත් ඒක කරන්න විදියක් නැහැ මම දරු පවුල් කාරයෙක් හින්ද. උනුත් හිපියො වෙන්න ලැස්ති නම් ඉතින් වැඬේ ගොඩ.

අනික හිපියෙක් වගෙ – අඩු ගානෙ ඉන්දියාව පුරාවත් ඇවිදින්න සල්ලි කප්පරක් ඕනෙ. වැඬේ කොහොමත් කෙරෙන්නෙ නැහැ. ඉතින් මම අර්ධ බොහිමියානුවෙක්.

ප්‍රශ්නය – ‘අපි හදිසි අනතුරකින් මිය නොගියොත්’ – ජීවිතේ අවසාන අවදිය සහ මරණය සම්බන්ධව ඔබට දැනෙන හැඟීම කොයි වගේ එකක්ද ?

සිරිමල් – ජීවිතය කියන්නෙ විකාරයක් – ලස්සණ විකාරයක්.

වැඩිකල් ජීවත් වෙනව කියන්නෙම වේදනාවන් තව තවත් හදවතට තුරුලු කර ගැනීමයි. 60 ක් ජීවත් වෙලා මම ඒ වේදනාවන් තොග පිටින් එකතු කරමින් ඉන්නෙ. නිදසුනක් ලෙස සමහර හොදම යාලූවන්ගෙ වෙස් මූණු හෙළි වෙන්නෙ දැන්. අපේ සමීපතයන් මියයාම බලන්න වීමත් දුකක්. වේලාසනින් එලොව ගියා නම් ඒ දුකවල් නැහැ.

ඒත් ගොඩක් මිනිස්සු ඒ වේදනාවෙන් යම් සතුටක් ලබනව. ඒක නිසා මේක අවුලක් කියල උන්ට තේරෙන්නෙ නැහැ.

මට ඕනෙ මේ ලෝකෙන් ඉක්මනට යන්න. ඒත් දරු පවුල නිසා දිවිනහ ගන්නත් බැහැ. උන්ටනෙ අපකීර්තිය සහ දුක. අර මගේ යාලූවෙක් මේ ලගදි කර ගත්ත වගෙ එක්කො බිල බීලම මැරෙන්න පුලුවන් නම් හොදයි. ඒකටත් ඉතින් සල්ලි ඕනනෙ. බොනව කියන්නෙ දැන් අධි සුඛෝපභෝගී වැඩක්.

ඉතින් මම ජීවිතය නැමැති විකාර උගුරෙ හිරවෙලා – ඔහේ ඉන්නව.

ප්‍රශ්නය-. ඔබට යම් ස්ථීර ජීවන දර්ශණයක් තියෙනවද ?

මම සමාජයීය වශයෙන් භෞතිකවාදියෙක් – මාක්ස්වාදියෙක් – දේශපාලනික සත්ත්වයෙක්.

ඒත් ආධ්‍යාත්මික වශයෙන් බුදුන් – තිලෝපා – ලා ඔට්සූ – නාගාර්ජුන – ඕෂෝ ආදී මුනිවරුන්ගෙ චින්තනයට කිට්ටු වෙමින් – යම් මානසික පුහුණුවක ඉන්න කෙනෙක්. ‘මම’ නැමැති යක්ෂයා හෙවත් ‘මනස’ නැමැති කෝළම පරාජය කිරීමට උත්සහ ගන්න කෙනෙක්. ඒ හරහා මේ දුක් සහිත ලෝකයෙ හිඳිමින්ම සතුට සහ නිවන සොයා යන කෙනෙක්.

දැන් හිතන්න. අපි සතුට සදහා චිත්‍රපටි බලනව – පොත් කියවනව – සිංදු අහනව. ඒ බාහිර මොකක් වත් නැතිව සතුට තම මනස තුලින්ම ලංකර ගන්න පුලූවන් නම් – ඒක තමයි අධ්‍යාත්මික සහනය.

හැබැයි මොනව නැතත් ලිංගික ජීවිතය නම් මිනිසාට අවශ්‍යයි. ඒ ඒක බාහිර නොවන ස්වභාවික දෙයක් නිසා. ඒක මනසින් පාලනය කරන්න ගියොත් වෙන්නෙ විකෘතියක්. පැවිද්දන්ට පවා ලිංගික ජීවිතයක් තිබිය යුතුයි. මොකද එය අපේ අධ්‍යාත්මික ජීවිතය හා කෙළින්ම සම්බන්ධයි.

මම එකිනෙකට පරස්පර දර්ශන දෙකක තමයි පිහිටා ඉන්නෙ. ඒත් අපි හැමෝම ජීවත් වෙන්නෙ මේ පරස්පරය හෙවත් දයලෙක්තිකය නඩත්තු කරමින්නෙ.

ප්‍රශ්නය – අපේ ලිංගිකය – අධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කළොත් ?

අපේ ‘සුරතාන්තය’ කෙළින්ම අපේ ‘මනස’ හා සම්බන්ධයිනෙ. මනසෙහි අවධානය නැත්නම් සුරතාන්තය ලබන්න බැහැ. ඒ වගෙම අපිට පුලූවන් වෙන්න ඕනෙ අපේ පාට්නර් එක්ක ලිංගිකව ඒකාත්මික වෙන්න. ‘මගේ මම’ සහ ‘අනෙකාගේ මම’ එකිනෙකා තුල දිය කර හරින්න. එවිට අපිට පුලූවන් ලිංගිකය හරහා යම් ආධ්‍යාත්මික විමුක්තියක් ලබන්න. සල්ලාලයකුට හෝ සල්ලාලියකට වුනත් මේක කරන්න පුලුවන්. ඕෂෝ මේ ගැන ලස්සණට කියල තියෙනව.

ඒකයි මම කිව්වෙ පැවිද්දෙකුට උනත් ලිංගික ජීවිතයක් තියෙන්න ඕනෙ කියල. ඒක යම් මොහොතකදි අධ්‍යාත්මිකව උසස් තැනකට ගන්න පුලූවන්.

ප්‍රශ්නය -. ඔබේ ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නැමැති කෘතියෙන් ඔබ ආදරය සහ ගැහැණිය පිළිබදව වෙනස් කියවීමකට යනව.

සිරිමල් – ‘ආදරය’ නම් දෙය ලස්සන තමයි. ඒත් ‘ස්ත්‍රී පුරුෂ ආදරය’ කියන්නෙ අපිම හිතින් හදා ගෙන – ඕනෙ නම් අපිම කඩා බිඳ දා ගන්නා එකක්. මිත්‍යාවක්. තණ්හාවක්. ඕකෙ වැඩිපුර එල්ලෙන්න ගියොත් මංමුලා වෙනව. නමුත් ආදරය කියන්නෙ අපට අවශ්‍ය දෙයක්. යම් ජීවන හුස්මක්.

කොහොමත් බල්ලෙක් මිනිහෙකුට දක්වන ආදරය තරම් පිරිසිදු නැහැ ඔය මොනම ආදරයක් වත්.

‘මනුස්ස සම්බන්ධකම්’ තමයි තමයි මේ ලෝකෙ තියෙන ලස්සනම දේ. ඔය ඊනියා ආදරයට වඩා ඒක ඉහළයි. ඒත් අපි මේ සම්බන්ධකම කැත කර ගන්නව බොහෝ විට.

ප්‍රශ්නය – ගැහැණිය ගැන කතාව යට ගියානෙ ?

‘ස්ත්‍රිය’ නම් මට කවදාවක් තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ. පඹ ගාලක පැටලෙන එක විතරයි වෙන්නෙ.

ගැහැණුන් ඉන්නෙ තේරුම් ගැනීමට නෙමෙයි. අර ආදරය නැමැති කෙහෙල්මල කිරීමට පමණයි.

පිරිමියකු ලෙස මට ‘ස්ත්‍රිය’ කියන්නෙ භයානක සත්වයෙක්. කොයි වෙලාවෙ මොනව හිතනවද – මොනව කරනවද කියල කියන්න ආමාරුයි.

ප්‍රශ්නය – ස්ත්‍රියගේ තේරුම් ගන්න බැරි එක කාරණයක් හෝ කියන්න.

සිරිමල් – බොහෝ කාන්තාවන්ට පුලූවන් ලිංගික ජීවිතය එක පාරට අත් හරින්න හෝ ජිවිතාන්තය දක්වා ලිංගික ජිවිතයක් නැතිව ඉන්න. මම දන්න ගැහැණුන් අනන්තවත් ඉන්නව එහෙම. සමහරු හරි විදග්ධ කට්ටිය.

මිය යන්න අවුරුදු 15 කට විතර ඉස්සර සුනිලා අබේසේකරයන් මට කියල තියෙනව එයා දැන් සෙකස් කරන්නනෙ නහැ. සෙක්ස් නැතිව ඉන්න පුලූවන්. ඒක මනසට සහනයක් කියල. මට නම් එය තේරුම් ගත නොහැකි විශ්වයක්.

දීප්ති කුමාරයන්ට නම් ඉතින් ඒකටත් විග්‍රහයක් තියෙනව. එයාගෙ චින්තනයට සාපේක්ෂව. න්‍යාය ඇතුලෙ එයා කොහොමත් ගැහැණු තේරුම් අරන්නෙ ඉන්නෙ. අඩු ගාණෙ අභිසාරිකාවන් නොවන ගැහැණු පහළොවක් එක්කවත් සෙක්ස් කරල තිබුණ නම් ඔය මතවාදය වෙනස් වෙලා ‘‘අම්මෝ මට නම් මුං තේරුම් ගන්න බැරියෝ’’ කියල දුවනව.

ප්‍රශ්නය – මේ දවස් වල ඔබ මොනවද කරමින් ඉන්නෙ ?

කොරෝනාව නිසා අපේ ඔක්කොම ආදායම් එන වැඩ අවුල් උනා. දැන් බෙහෙත් හේත් කර ගන්න පවා අමාරුයි. ණය තුරුස් වල හිරවෙලා පීඩිතයි. මගෙ ගෑණි තමයි වැඩියෙන්ම දුක් විඳින්නෙ. ඒක මට විශාල තැවුලක්.

ඉතින් නිර්මාණ කාරියක් කරන්න තරම් මනස නිදහසක් නැහැ. ලියන කියන ඒව අතරමග නැවතිල.

හැබැයි රටේ මිනිස්සු නම් මොන ආර්ථික ප්‍රශ්ණෙ තිබ්බත් හෙණ ජොලියෙන් ඉන්නෙ. නත්තල් කනව – අවුරුදු කනව – චිත්‍රපට බලන්න යනව – කානිවල් යනව – සති අන්තෙට ට්‍රිප් යනව – සල්ලි නැතත් වන් ගෝල්ෆේස් බලන්න හරි යනව. නැව ගිලූණත් බෑං චූන්. එහෙම තමයි ඉන්න ඕනෙ. බොහීමියන් ටයිප්.

මට කොහොමත් සතුට කියන දේ මේ දවස් වල නැහැ. මොකද මගෙ බොක්කෙ යාලූවෙක් හදිසියෙ මළා. ඒ කම්පනය මාර දරුණු එකක්. මැරුණු එකාට නිවන – සැනසීම ලැබුණත් වේදනාව තියෙන්නෙ ජිවත් වෙලා ඉන්න කෙනාටනෙ. ඒත් ඒ පවුලෙ අය ඇතුලූ මිත්‍රයො කියන්නෙ ‘‘ඌ ගෙනාව ආයුෂ ඉවරයි – යන්න ඕනෙ වෙලාවට යන්න ඕනෙ’’ වගෙ කතා. මට එහෙම සරලව හිත හදා ගන්න අමාරුයි. හොඳ යාලූවෙක් කියන්නෙ ලොකු සම්පතක්.

මේ දුක යනකම් එක දිගට බොන්නත් වත් ආණ්ඩුව අපිට ඉඩ දීල නැහැ. හැමදාම ගාණ වැඩි කරනව. මළ සාපයක්.

ප්‍රශ්නය – එක්ස් කණ්ඩායම විසින් ලංකේය සමාජය සම්බන්ධව ඉටුකළ ඓතිහාසික කාර්යභාරය පිළීබඳ අද වන විට ඔබේ අදහස මොකද්ද ? ඒ තුළ තමන්ගේ දායකත්වය ඔබ දකින්නෙ කොහොමද ?

සිරිමල් – එක්ස් කණ්ඩායම සහ ඔවුන්ගේ මාතොට සගරාව විසින් අලූතින් හිතන පතන පරම්පරාවක් බිහි කළා. එය වාම දේශපාලනිකව ප්‍රගතිශීලී කාරියක්. උන් ගැන මගේ විවේචනයක් තියෙනව. ඒත් ඒක මෙහෙම සරලව කියන්න පුලූවන් දෙයක් නෙමෙයි.

එක්ස් කණ්ඩායමට මගේ ඇති එකම දායකත්වය තමයි එහි නායක දීප්ති කුමාරව මාක්ස්වාදියෙක් කිරීම.

සමාජවාදයට පෙර මෙහි ධනේෂ්වර ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ සඳහා වන අනගි දැනුමක් දීප්තියන්ට තියෙනව. රනිල් ඔහුව ඊට අදාල ඇමති කෙනෙක් හෝ කළ යුතුයි.

දීප්තියන්ට විරුද්ධව මම මේ දවස් වල ඇටෑක් කරන එක වෙනම පුද්ගලික කාරණයක්.

ප්‍රශ්නය – ගෝටා ගෝ හෝම් විරෝධතා ව්යාපාරය පැවති වකවානුවේ ඔබ ජනප්‍රිය නොවූ මතකයක් දරමින් පැහැදිලි දැඩි ස්ථාවරයක දිගින් දිගටම රැඳී සිටියා. ආපසු හැරිලා බලද්දි ගෝටා ගෝ හෝම් විරෝධතා රැල්ල පිළිබඳව ඔබේ අවසන් නිගමනය මොකද්ද ?

සිරිමල් – මම ජනතා අරගලවලට විරුද්ධ නැහැ. ඒත් කොරෝනාවට රට වහපු නිසාත් – තෙල් – ගෑස් – විදුලිය නැති වීම නිසාත් – විදේශ සංචිත හීන වීම නිසාත් රට තිබුණෙ දරුණු අර්බුදයක. ඒ වගේ වෙලාවක ජනතාවගේ වගකීම තමයි අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා තියෙන මොනම ආණ්ඩුවකට හෝ සාමූහිකව සහය දීම. ඉන්න පාලකයින් හොරු වෙන්න පුලූවන්. ඒත් ඒ මොහොතට ඒක අදාල නැහැ.

අනික අරගල කළේ රටේ සමස්ත ජනතාව නෙමෙයිනෙ. කොලූ කුරුට්ටො ටිකකුයි – ඊනියා මධ්‍යම පංතියෙ කුඩා කොටසකුත් විතරයි. බහුතර ජනතාව හිටියෙ ගෙදර.

මොන සෙල්ලම් දැම්මත් – මුලූ ගෝල්ෆේස් පිටියම පුරවන්න ඕනෙ වෙන්නෙ අසූදහකට අඩු සෙනගක් විතරයි. ඉතින් ඒකටද මහජනතාව කියන්නෙ. මුලු පිට්ටනිය පිරෙන්නවත් පිරිස හිටියෙ නැති කොට.

පළාත්බදව පෙළපාලි ගියේ දේශපාලකයින්ගෙ හෙංචයියො. උන්ගෙන් අරගලයෙ පරිමාව මනින්න බැහැ.

මේ අරගලයෙ ආකර්ශනීයම දේ තමයි ඒක පරාජය කරන්න රාජපක්ෂලා ගෑසු මාර ගේම.

උන් කිව්ව – උඹලට ඕනෙ අගමැති අස්වෙන්නද ? ඔන්න අස් වුණා. උඹලට ඕනෙ බැසිල් අස් වෙන්නද ? ඔන්න අස් වුණා. අවසානෙ උඹලට ඕනෙ ජනාධිපති අස් වෙන්නද ? ඔන්න අස් වුණා.

ඊට පස්සේ උන් හොඳ ටොපියක් දුන්න අරගලකරුවන්ට සූප්පු කර කර ඉන්න. ඒ තමයි ‘රනිල්’. දැන් ඉතින් කාලම වරෙල්ලකො.

අන්තිමට වුනේ – මරං කන්න හිටපු රාජපක්ෂ පවුල ආරක්ෂා වීමත් – රාජපක්ෂ ආණ්ඩුව වඩා ශක්තිමත් වීමත් යන දෙක.

දැන් රාජපක්ෂලා රට පුරා රැස්වීම් තිය තියා යනව කිසිම බාධාවක් නැතිව. කෝ අර උන්ව මරං කන්න හිටපු අරගලකාරයො ටික. ලොවෙත් නැහැ.

මං අහන්නෙ කොහොමද මහින්දලාගෙ ගේම කියලයි ?. මුලු ලෝකෙම එහෙම ගේමක් ගහල නැතුව ඇති කවුරුවත්. මොළෙන් දුන්නෙ වැඬේ.

ගෝඨා අයින් උනේ අරගලකාරයින්ට බයේ නෙමෙයි. රාජලක්ෂලා අරගලකරුවන්ට කීයටවත් බය වුනේ නැහැ. අයියල මල්ලිල අයින් වුනෙම ජාමෙ බේර ගන්න. නැත්නම් ඔය වෙඩි දෙක තුනක් තිබ්බ නම් අරගලකාරයො ගෙදර.

එදා වෙඩි තිබ්බ නම් ජාත්‍යන්තරය මොකුත් කියන්නෙත් නැහැ. ඇයි කඩාකප්පල්කාරයො ත්‍රස්ත්රවාදීව මහජන දේපොල ආක්‍රමණය කරලනෙ හිටියෙ. ත්‍රස්තවාදීන්ට වෙඩි තැබීම ජාත්‍යන්තරයට ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් රාජලක්ෂලා උණ්ඩයෙන් නැතිව කපටිකමින් ප්‍රශ්ණෙ විස`ද ගත්තා.

ඒ වගෙම පොහොට්ටුවෙ චන්ද පදනම ඔය කියන තරම් දෙදරලා කියලත් මම හිතන්නෙ නැහැ. පුංචි චන්දෙන් බලා ගන්න පුලුවන් ඔය කාගෙ කාගෙත් තරම. ජෙප්පන්ට නම් සියයට තුනට වඩා ලැබෙන්නෙ නෑ කීයටවත්.

ප්‍රශ්නය-. මේ දිනවල කවුරුත් කතා වෙන්නෙ එන පාර ජවිපෙට වැඩි බලයක් එයි කියලනෙ ?

රෙද්ද තමයි ඉතිං. රටේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක හරි – චන්දයක් ලංවෙනකොට හරි – ජනතාව අපූරු කතාවක් කියනව. ‘‘මේ පාර අපි ඔය මොකාටවත් දෙන්නෙ නැහැ. ජේවීපී එකට තමයි දෙන්නෙ’’ කියල. ඒත් චන්දෙ දාට ගිහින් ගහන්නෙ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට. මේ පාරත් ඒ වගෙම තමයි. මගෙ ගණන් වැරදි නම් උන් උපරිමව සියයට 6 ක් ගනියි. එච්චරයි තමයි.

එන ජනපතිවරණයෙදි මහින්දගෙ ආශිර්වාදයෙන් රනිල් ඉල්ලනවා. සජිත්ගෙ ගොබිලො ටිකත් යනව පොර පස්සෙ. යූඑන්පීය යළි ඔලූව උස්සනව. ඉතින් පොහොට්ටුවයි – අලියයි එකතු උනාම රටේ ප්‍රධාන පක්ෂ දෙක එක ගොඩේ ශක්තිමත්. රනිල් දිනනවා. අනිත් උන් අනාථයි.

ප්‍රශ්නය – ලංකාවෙ ‘වම’ සහ ‘වම’ ලෙස පෙනී සිටින්නන්. පිළිබඳව ඔබේ අදහස.

සිරිමල් – අර නලින් ද සිල්වා මහත්තය කියනව වගෙ ලංකාවෙ දැන් වමක් නැහැ. ජේආර් විසින් එය නැත්තටම නැති කළා. ඒත් අපි කීර්තිමත් වමාංශික ව්යාපාරයක් තිබුණුු රටක්. ඒ උස්ණෙ තාම අපේ ඇඟවල්වල තියෙනව. ඒ නිසා අලුත් වමක් හදන එක ආමාරු දෙයක් නෙමෙයි. ඒත් මේ ජෙප්පොයි පෙරටුගාමියොයි ඉන්නකං ඒක කරන්නත් බැහැ. ඇයි වම කියල උන් නටන්නෙ පිස්සුනෙ. මීඩියා පොලිටික්ස්. බල්ල පිදුරු කන්නෙත් නැහැ – කන ගොනාට දෙන්නෙත් නැහැ.

දෙයියන්නාන්සෙ හරි ඇවිත් ටීවී ඇතුලූ ජනමාධ්‍යයි – ඔය මයික් කටවල් ටිකයි අතුරුදහන් කළොත් ජෙපි – පෙරටු තොගයම චුතයි. හොයා ගන්න නැහැ.

අනිත් අතින් වාමාංශිකව හිතන පතන කට්ටිය දැන් ඉන්නෙ මහින්ද – මෛත්‍රී සහ රනිල් එක්ක. උන්ව කඩා ගන්න නම් මාර ගේමක් දෙන්න වෙනව. ජනප්‍රිය – ලිබරල් වමේ නායකයෙක් බිහි වෙන්න ඕනෙ ඒකට.

දීප්ති හොඳයි මේ වැඩේට. ඒත් මිනිහ ගාව ජනප්‍රිය වන ගති ලක්ෂණ නැහැනෙ. එයා ඊගෝ සෙන්ට්‍රික්. ආඩම්බරයි. විජේවීර සහ ප්‍රභාකාරන් ද ඊගෝකාරයො තමයි. එහෙත් උන් දෙන්න දීප්තිට වඩා පරිස්සම් උනා.


විමර්ශී වෙබ් අඩවිය වෙනුවෙන් – තක්ෂිලා ස්වර්ණමාලී