මේ කාලෙදිම කරලියට එන ඊලග පෙරලිකාරයා තමයි ලැරී ෆ්ලින්ට්. එයා පටන් ගන්නෙ පොඩි බාර් එකකින්. ඊට පස්සෙ ක්ලබ් එකක් ගන්නවා. ඒක ක්ලබ් ගොඩක් වෙනවා. ඒ ක්ලබ් අතරෙ බෙදන්න එයා හස්ලර් කියලා පිටු දෙකක නිව්ස්ලෙටර් එකක් පටන් ගන්නවා. පස්සෙ මේකෙ ජනප්‍රියභාවය නිසාම ටික ටික පිටු ගාන වැඩිවෙනවා. එක වෙලාවකදි හස්ලර් ජාතික මට්ටමේ සඟරාවක් බවට පෙරලනවා. මේක වෙන්නෙ 1974දි.

අනිත් සඟරා දෙක වගේම ලැරී ෆ්ලින්ට් හස්ලර් ජනප්‍රිය කරන්න අනවසර නිරුවතක් අලෙවි කරනවා. ඒ ජැක්ලීන් කෙනඩිගෙ හිරු රැස් විඳින නිරුවත් පැපරාසි ෆොටෝ ටිකක්. ඒකෙන් හස්ලර් පෝර්න් ලෝකයේ ප්‍රධානම සෙල්ලක්කාරයන් අතරට එකතු වෙනවා.

මුල්වරට ස්ත්‍රී යෝනි ප්‍රදේශය නිරුවත් ඡායාරූප පලවෙන්නෙ හස්ලර් මැගසින් එකේ. අනිත් දෙන්නට වගේම ලැරීටත් දිගටම අසභ්‍ය ප්‍රකාශන චෝදනා සහ නඩු වැටෙනවා. මේ නඩුවකට ගිහින් එද්දි ඝාතකයෙක් ලැරී ෆ්ල්න්ට්ට වෙඩි තියනවා. ඒකෙන් එයාගෙ කොන්දෙන් පහල කොටස පන නැති වෙලා යනවා.

හස්ලර් මැගසින් එක සලකන්නෙ පෝර්න් සඟරා අතර වාමාංශික නැඹුරුවක් ඇති සඟරාව විදිහට. පෙන්ට්හවුස්, ප්ලේබෝයි වගේ සඟරා පුළුවන් තරම් ඉහල පාංතික වෙන්න උත්සාහ ගනිද්දි හස්ලර් වැඩකරන ජනතාව අතර ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම ආයතනයක් විදිහට ලැරී ෆ්ලින්ට් පබ්ලිකේෂන් ප්‍රතිපත්ති ගොඩක් වමට බරයි.


හස්ලර් මැගසින් එකේ තියෙනවා ඈස්හෝල් ඔෆ්ද මන්ත් කියල පිටුවක්. රටේ ප්‍රසිද්ද චරිතයක් අරගෙන ඒ චරිතය ප්‍රසිද්ධියෙ නිරුවත් කිරීම මේ පිටුවෙන් දිගටම කරගෙන ආවා. 

2013 වෙනකල්ම හස්ලර් සඟරාව නොමිලේ කොංග්‍රසයේ හැමෝටම ලැබෙන්න සලස්සන ක්‍රමවේදයක් තිබුන. ‘මේ මිනිස්සු දැනගන්න ඕන රටේ ලෝකෙ මොනාද වෙන්නෙ කියල’ ඒකට හේතුව විදිහට ලැරී ෆ්ලින්ට් කිව්වෙ එහෙම.

ලැරී ෆ්ලින්ට්ම තමන්ව හඳුන්වන විදිහට එයා දැඩි සිවිල් ලිබටේරියන් කෙනෙක්. ඒ වගේම අදේවවාදියෙක්. එයාගෙ දුව දැඩි ආගමික භක්තියක් වැළඳගෙන පෝර්න්වලට විරුද්ධව කතා කරන්න ගත්තම ලැරී එයාව දුහිතෘකමෙන් අයින් කරනවා. ඒ වගේම එයා දැඩිවම මරණ දඩුවමට එරෙහිව පෙනී ඉන්නවා. කොටින්ම ලැරීට වෙඩි තියපු ඝාතකයාට මරණ දඩුවම පැනවීම ගැන පවා ලැරී ෆ්ලින්ට් දැඩිව විරෝධය පලකරනවා. සුදු අන්තවාදියෙක් වුනු ඒ ඝාතකයා ලැරීට වෙඩි තියන්නෙ කවරය සඳහා කලු ජාතිකයන් පාවිච්චි කළා කියන තරහට.

මෝසස් යුදෙව්වන්ට නිදහස දුන්නා. ලින්කන් වහල්ලුන්ට නිදහස දුන්නා. මම නියුරොසිකයන්ට නිදහස දුන්නා.

ලැරී ෆ්ලින්ට්