මෙච්චර කාලයක් ඔයාව හම්බෙන්න එන්න බැරි වුන එක ගැන මුලින්ම මට සමාවෙන්න.
නිදහසට කාරණාවත්, හේතු දක්වන්නවත් ඕනෙ වුනේ නැහැ මට,
නමුත් ඔයාව බලන්න එන්න බැරි වුනේ ඇයි කියලා නොකියා ඉන්න මට හිත දෙන්නෙ නැහැ.

ඔයාව හම්බවෙන්න එන එක එහෙම මම හිතපු තරම් ලේසි නැහැ,
ඒ නිදහස ලේසියෙන් අත්පත් කරගන්න බැරි දෙයක් කියලා මම දැනන් හිටියා,
නමුත් මම හිතුවෙ ඒ fight එක තියෙන්නෙ මං එක්ක විතරයි කියලා.
එහෙම හිතලා තනියෙන්ම මම එතනින් ගොඩට ඇවිත්, මගෙ ජීවිතේ ගැන ආඩම්බර වෙන්න පටන් අරන්, ඔයත් එක්ක කියන තැනට පවා එන්න තීරණය කලා.
දැනටත්, ඉස්සරහටත්, මම ඒ අත්පත් කරගත්ත liberty එක නැති කරගන්නෙ නැහැ.

හැබැයි මම හිතුවෙ මගෙත් එක්ක තියෙන fight එක ඉවර වුනාට පස්සෙ මම නිදහස් කියලා,
ඔයාව හම්බෙන්න එන්න මට නිදහසේ පුලුවන් වෙයි කියලා.
මම නිදහස් තමයි, නමුත් මං තරමට අනිත් අය නිදහස් නැහැ.
මගෙ ජිවිතේ ගැන දන්න අඳුරන අය, මේ මම කියලා දැනගත්තම ඒක කොහොම බාරගනීද කියලා මම හිතලා තිබුනෙ නැහැ.
ඒක මට වැඩක් වුනේ නැති නිසා.
මේ මම කියලා දැනගනී කියන එක ගැන නෙමෙයි, ඒ ගැන මම දැනන් හිටියා,
නමුත්, මේ මම කියන එක ගැන ඒ අය කොයි විදිහට බාරගනීද කියන එක ගැන මම හිතලා තිබුනෙ නැහැ, ඒක මම හිතන්න ඕනෙ දෙයක්ද කියලාවත් මට හිතිලා තිබුනෙ නැහැ.

තමන් ඇරෙන්න වෙන කෙනෙක් වෙන්න හදන ඕනම කෙනෙක්ව මිනිස්සු අභිමානයකින් බාර ගන්නවා.
නමුත් තමන්ගෙ ජීවිතේ ගැන නිරුවත් වෙන කෙනෙක්ව ළඟම ඉන්න අයවත් බාරගන්නෙ නැහැ,
බාරගන්න දන්නෙ නැහැ.
මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ එහෙම වටපිටාවක ජීවත් වෙන්න නෙමෙයි,
අපු පුරුදු වෙලා තියෙන්නෙ, එකිනෙකාට බොරු කරගන්න, අපි නොවෙන කෙනෙක්ව අපි කියලා සමාජයට පෙන්නන්න,
වෙනම ප්‍රතිරූපයක් මවාපාන එකට ජීවිතේ කියලා හිතන වටපිටාවක ජීවත් වෙන්න.

සමාජයට මිනිස්සු හරිම බයයි.
ඒ නිසා හැමතිස්සෙම maintain කරන්න හදන්නෙ sugarcoated ජීවිත.
නමුත්, අපේ ජීවිත ඇත්තටම එහෙමද?
අපේ ආසාවන්, අපේ අභ්‍යන්තරයෙ ඉන්න, මම කියන කෙනා, අපි පෙන්නන තරම් හීලෑ ද?

ඔයා මං ගැන අහන පළවෙනි වතාව මේක වුනාට,
මගෙ ජීවිතේ හිටපු, අදටත් ඉන්න සමහර මිනිස්සු මේ කතා වල විවිධ අවධීන් වල මගෙ ජීවිතේ ඉඳලා තියෙනවා,
එතකොට මේ මම කියලා හිතාගන්න එක අමාරු දෙයක් නෙමෙයි,
මගේ ජීවිතෙ මම ආදරෙ කරපු මිනිස්සු ගැන දන්න අයටත් ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි.

හංගන්න ඕනෙ, අපරාධ කරලා නම් නෙ.
එහෙම ඇරෙන්න ජීවිතෙ ගැන හංගන්න තරම් දේවල් මිනිස්සු විදිහට අපිට තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ.
මේ තාක් කාලයක්, මේ ගොඩක් දේවල් මම කාත් එක්කවත් බෙදාගත්ත දේවල් නෙමෙයි.
ඒකට හේතුවත් කලින් කිව්වා වගේම අපි හැමතිස්සෙම බලන්නෙ දේවල් හංගන්න නිසා.
ඒ නිසා, sex life එක වගේ දෙයක් ගැන open වෙන එක කොහොමටත්ම ලේසියෙන් වෙන දෙයක් නෙමෙයි.
මම මගෙ ජීවිතේ own up කරලා මේ විදිහට expose වෙන එකේ risk එක ගත්තට,
මේ මම කියලා දැනගත්‍ත සමහර අයට ඒක එහෙම lightly ගන්න අමාරු වුනා.

මගෙ පොඩි කාලෙ විස්තර කියද්දි, මේ මම කියලා මට ළඟින් නෑදෑ වෙන පුන්චි කෙනෙක් දැනගෙන ලොකු ප්‍රශ්නයක් ඒ ගැන ඇති කරන්න හැදුවා.
මට තාමත් හිතාගන්න බැහැ එයා කොහොමද ඒක හොයාගත්තෙ කියලා.
එයත් ඒ කියන්නෙ අපි හම්බවෙන Faculty of Sex එකට එනවද?
මම කීයටවත් එහෙම හිතුවෙ නැහැ.
එයා වගේ කෙනෙක්?
එයා වගෙ කෙනෙක් කියලා මම කිව්වෙ, එයා හරිම conservative චරිතයක් නිසා.
එයා ගැන වැඩි විස්තර වෙන වෙලාවක ඔයත් එක්ක මම කියන්නම්.
කොහොමහරි සිද්ධ වුනේ, මේ මම කියන එක එයාට දරාගන්නම බැරි වුන එක.
මම කරන්නෙ ලැජ්ජ නැති වැඩක්, එයා ඉන්න සමාජෙ මිනිස්සු මේ දේවල් දැනගත්තොත් පාරෙ බැහැලා යන්න බැරි වෙනවා, එයාට එයාගෙ සමාජෙ ඉන්න මිනිස්සුන්ට මූණ දෙන්න බැරි වෙනවා කියලා ලොකු ප්‍රශ්නයක් තනියෙන් ඔලුවෙ හදාගෙන,
ඒක අනිත් අය, මගෙ අම්මා තාත්තා, අතරෙත් අවුලන්න උත්සහ කරපු එක.
නමුත් ඒක එහෙම වුනේ නැහැ.

මගේ අම්මයි, තාත්තායි කියන්නෙ,
සමාජ සම්මත ජීවිත ගත කරපු මිනිස්සු නෙමෙයි හින්දම සුලුපටු ජීවිතාවබෝධයක් තියෙන දෙන්නෙක් නෙමෙයි.
ඒ නිසාම තමයි ඒ ජීවිත extra ordinary කියලා මම හැම වෙලාවකම විශ්වාස කලේ.
ඒ පන්නරයෙන් ඒ දෙන්නා ලබලා තියෙන open minded කම මාව හැමදාටම පුදුම කලා.

‘ඔයාගෙ ජීවිතේ ගැන කියන්න තියෙන අයිතිය ඔයාගෙ’
ඒ දෙන්නම කිව්වෙ එහෙම.

පුන්චිලා, මෙකී නොකී නෑදෑයෝ, කියන්නෙ අපේ choice එකකින් තොරව ජීවිතේ කොටස්කාරයො වුනු අය.
නමුත් තව කොටසක් ඉන්නවා, ජීවිත ගමන යද්දි අපේ choice එකෙන් අපි කොටස්කාරයෝ කරගන්න අය.
මගෙ ජීවිතේත්, මම ආදරේ කරපු, කරන, අයගෙ ජීවිත වලත්, විවිධාකාර ලෙංගතුකම්, බැඳීම් ඇති කරගත්ත අය.
පස්සෙ මේ අය, හිතවත්තු බවට පත් වෙනවා.

මගෙ ජීවිතේ ගැන expose කරන risk එක අරගන්නකොට,
මම ආදරේ කරපු, දැනටත් කරන, අය expose වෙන එකේ risk එකත් මට අරගන්න සිද්ධ වෙනවා.
එතකොට මට, මගේ හිතවත්තු ගැන වගේම, මම ආදරේ කරන අයගෙ ජීවිත වල ඉන්න හිතවත්තු ගැනත් හිතන්න වෙනවා.
ඒ අය අපේ ජීවිත වල සියුම් තැන් දැනගත්තා කියලා ඒකෙන් හිරිහැරයක් වෙන්න පුලුවන්ද?
හිතවත්තු කියන්නෙ, හිතවත් ඇත්තො කියන එක නෙ.
එහෙම අය හිරිහැර කරන්නෙ නැහැ.
ඒ අය හිතවත් කෙනාට අහිතක් වෙන්න දෙන්නෙ නැහැ,
මම හිතුවෙ එහෙම,
තාමත් හිතන්නෙ එහෙමයි,
ඒ bubble එක තාමත් මගෙ සුරක්ෂිතයි.

ඒකෙන් සිද්ධ වෙන්න පුලුවන් outcomes දෙකක් තියෙනවා,
ඇත්තටම මේ අය අපේ හිතවත්තු ද, එහෙම නැත්තන් හිතවත් ස්වරූපයෙන් ඉන්න අයද කියලා දැනගන්න පුලුවන් වෙනවා.
මම දැනගෙන හිටියා මම ආදරේ කරන අයගෙ ජීවිත වල ඉන්න අය,
මේ මම කියලා දැනගන්නවා කියලා,
It was just a matter of time.
නමුත් මම බලන් හිටියෙ ඒක කොයි විදිහට approach වෙයිද කියලා.
ඒක මගෙ මූණට Confront කරයිද, එහෙම නැත්තන් ඒක තමන් ළඟ සුරක්ෂිතව තියාගනීද කියලා.
හිතවත්තු නම්, තමන්ගෙ හිතවතාගෙ integrity එකට හෝ privacy එකට හානියක් කරන්න හිතන්නෙ නැහැ.
මම තාමත් හිතන්නෙ එහෙමයි.

හිතවත්තු නම්, අපි එකිනෙකාගෙ ජීවිතේ තීරණ වලට, ඒ අය හදාගෙන තියෙන බැඳීම් වලට ගරු කරනවා.
ඔයයි මමයි හිතවත් නම්,
ඔයා ආදරේ කරන අය කවුරු වුනත් මම ඒකට respect කරනවා.
ඒ සම්බන්ධකම් ඔයාගෙ ජීවිතේ වටිනාකම් කියන එක මම තේරුම් අරගන්නවා.

ජීවිතෙ අපි කාටවත් හංගන්න තරම් දේවල් ඇත්තෙ නැහැ,
එක එක මුහුණුවර වලින් අපි හැමෝම කරන්නෙ එකම දේවල් ටික.
අපිට තියෙන්නෙ අපිව own up කරන්න විතරයි.
අපි හැමෝටම, කාටහරිම relate වෙන්න පුලුවන්, හැම අතින්ම නෙමෙයි වුනත් මොනාම හරි අතකින්.
ඒක තමයි අපි මිනිස්සු කියන්න තියෙන mutuality එක,
අපේ ජීවිත අත්දැකීම් එකිනෙකා එක්ක බෙදාගන්න පුලුවන් කම.
මගෙ අත්දැකීම් වලට relate කරන්න කවුරුම හරි කෙනෙක් ඇති,
ඒ එක්කෙනාට හරි මේ කතා හයියක් වෙයි කියන හැඟීමෙන් තමයි මේ දේවල් මම ඔයාට කියන්න තීරණය කලේ.
ඒ තීරණය ගනිද්දිම මම මගෙ ජීවිතේ open up කරනවා කියන තීරණයත් අරගෙන ඉවරයි.

පිටින් එන බාධා එක්ක ගැටිලා ටිකක් මහන්සියෙන් මම පහුගිය කාලෙ හිටියෙ.
දැන් මේ ගිමන් අරින වෙලාව.
කාලෙකට පස්සෙ ආපු ගමන්, මට ඕනෙ වුනේ නෑ මෙච්චර කාලයක් නෑවිත් ඉන්න වුනෙ ඇයි කියලා නොකියම ඔයත් එක්ක වෙන දේවල් කතා කරන්න.
එහෙම වුනොත්, මමත් අනිත් අය වගේම වෙනවා නේද?
Sugar coated ජීවිතයක් පෙන්නන හදන බොරුකාරියෙක් වෙනවා.
මට ඔයත් එක්ක එහෙම වෙන්න ඕනෙ නැහැ.
ඔයාව හම්බෙන්න එන්නෙ නොයෙකුත් බාධා මැද්දෙ කියන එක මට ඔයාට කියන්න ඕනෙ වුනා,
මාවත් පරිස්සම් කරන්, මම ආදරේ කරන අයවත් පරිස්සම් කරන්, යන ගමනක් මේක කියලා මට ඔයාට කියන්න ඕනෙ වුනා.
වරදවා හිතන්න එපා, බාධා මැද්දෙ වුනත් ඔයාව හම්බෙන්න එන එකට මම හරිම කැමතියි.
එතකොට වටිනාකම දැනෙනවාත් වැඩි.

මේ වුන හැම දෙයක් එක්කම මට හිතුන දෙයක් තමයි, මිනිස්සු හිතනවා porn වල රඟපාන එක, sex worker කෙනෙක් වෙන එක, කොටින්ම sex සම්බන්ධ ඕනම දේකදි,
තමන්ව expose කරන එක ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් කියලා.
නමුත් reality එක ඒක නෙමෙයි,
ඇත්‍තටම එහෙම expose වෙන්න, ලොකු ආත්ම ශක්තියක් ඕනෙ, තමන් වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න කොන්දක් ඕනෙ, මොන දේ වුනත් නොසැලී තමන්ට ආදරේ කරන්න පුලුවන් හයියක් ඕනෙ.
It takes a lot of courage.
In return, it gives back a lot of power.
මම ඔයත් එක්ක මගෙ ජීවිතේ ගැන ටිකක් කිව්වා විතරයි.
කියන්න මෙහෙම බාධා නම්, මීට වඩා එහාට දෙයක් මම expose කලා නම් කොහොම වෙයිද කියලා මට හිතාගන්න පවා අමාරුයි.

Anyway, we will meet again soon.
More often than ever now.
මොනා බාධා ආවත්, මම ඔයාව හම්බෙන්න දිගටම එනවා,
කොච්චර කල් ගියත්, ඔයාට නොකියා මම ඔයාව හම්බවෙන්න එන්නෙ නැතුව ඉන්නෙ නැහැ.
එහෙම වුනොත්, ඒක ඔයාට කරන අසාධාරණයක් කියලා කියන්න මම දන්නවා.

Sex වලදි මම ආසම මොනාටද කියලා මට ඔයත් එක්ක කියන්න ආසයි.
ඔයා අහන් ඉන්න කැමති නම්.
ඊලග දවසෙ හම්බුනාම අපි ඒ ගැන කතා කරමු,
අනිත් හැමදේම පැත්තකට දාලා,
මං ගැනම විතරක් ඔයත් එක්ක කියන්න මම එන්නම්.
අපි අපේම ලෝකෙක තනි වෙමු,
ඉක්මනින්ම..