ස්ටීවන් කිං එයාගෙ වැඩිම අලෙවියක් ඇති පොතක් වන IT ලියලා අවුරුදු 30ට පස්සෙ සමහර කියවන්නො පිරිසකට ඒකෙ එක සීන් එකක ලොකු අවුලක් දැනෙන්න පටන් අරං. ඒ අය කියන විදිහට ඒක ළමයින්ගෙ ගෲප් සෙක්ස් සීන් එකක්. ඒ හින්ද අන්තිම නරක තත්වයක්. ඔරිජිනල් පොතේ හැටියට ලූසර්ස් ක්ලබ් කියල හඳුන්වන පොඩි උන් ටිකක් ඒ අයගෙ භයානක හීන ඇත්තට සිද්ද වෙන එක පරාජය කරනවා. මේ භයානක හීන ඇත්තට මැනිෆෙස්ට් වෙන්නෙ බියජනක ක්ලවුන් කෙනෙක් විදිහට. හැබැයි මේ පිරිස මළාපවාහන උමං අතර අතරමං වෙනවා. මේ කට්ටියෙ ඉන්නෙ එකම එක කෙල්ලයි. එයා තමයි බෙවර්ලි මාර්ෂ්. එයා කියනවා මේ උමගෙන් එලියට යන්න තියෙන එකම විදිහ එයත් එක්ක සෙක්ස් කරන එක කියල. ඊට පස්සෙ අපිට කියවන්න ලැබෙනවා විස්තරාත්මකව බෙවර්ලි මේ එක එක කොල්ලාව සෙක්ස්වලට පොළඹවා ගන්න හැටි. තාක්ෂනිකව කිව්වොත් මේක පොඩි උන්ගෙ ගැන්ග් බැන්ග් එකක්.

මේ සීන් එක හරි ආන්දෝලානාත්මක වුනා. පොත ෆිල්ම් එකක‍ට හදද්දි මේ හින්දම මේ සීන් එක නොතකා හැරියා. මේ ගැන ස්ටීවන් කිංගෙ අදහස ගූගල් කලොත් ඔයාට හම්බුවෙන්නෙ 2013 ස්ටීවන්කිං.කොම් ෆෝරම් එකක තියෙන ප්‍රකාශයක්.

‘මං මේකෙ සෙක්ෂුවල් පැත්ත ගැන හිතුවෙම නෑ. මේ පොත තියෙන්නෙ 1958 ළමා කාලය සහ වැඩිහිටි කාලය ගැන. වැඩිහිටියො වුනාට පස්සෙ ළමා කාලය මතක නෑ. අපි කාටවත් හරියට මතක නෑ ළමයි විදිහට අපි මොනවද කලේ කියල. අපි හිතනවා අපිට මතකයි කියල. ඒත් අපිට ඒ සිදුවීම් ඒ සිදුවුනු විදිහටම මතක නෑ. මෙතනදි ලූසර්ස්ලාට දැනීමක් තියෙනවා ඒ අය ආපහු එකතු විය යුතුයි කියල. මේ සෙක්ෂුවල් ඇක්ට් එක තමයි ළමා කාලය සහ වැඩිහිටි කාලය යා කරන්නෙ. ඒක හරියට ළමා පුස්තකාලය සහ වැඩිහිටි පුස්තකාලය යා කරන වීදුරු උමග වගේ. දැන් මේක මං ලියපු කාලෙට වඩා තත්වයන් වෙනස් වෙලා. දැන් මේ වගේ දේවල් ගැන වැඩියෙන් සංවේදී වෙන්න පටන් අරගෙන’.

ස්ටීවන් කිංගෙ ඒජන්ට් කෙනෙකුගෙන් වල්චර් සගරාව මේ ගැන විමසීමක් කරනවා. ස්ටීවන් කිං කියනවා මේ ප්‍රකාශය තමන්ගේ එකක් කියලා කියන්න පුළුවන් වග. ඒ වගේම එයා ඒකට තව කොටසක් එකතු කරනවා.

‘මට හරි පුදුමයි මේ තනි සෙක්ස් සීන් එක ගැන මේ තරම් කතා වෙනවා ඒත් ඒකෙ තියෙන ළමා ඝාතන ගැන කතා කරන්නෙ කොයිතරම් අඩුවෙන්ද කියල. මං හිතන්නෙ ඒකෙන් යමක් කියවෙනවා. මට හරියටම කියන්න බෑ ඒ මොකක්ද කියල’


ස්ටීවන් කිං