Author: admin

  • ලංකාඇඩ්ස් එකේ sex වංචා

    ලංකාඇඩ්ස් එකේ sex වංචා

    ලංකාවෙ සෙක්ස් ගැන උනන්දු වෙන ඕන කෙනෙක් ලංකාඇඩ්ස් ගැන දන්නවනෙ. කෙනෙකුට අවශ්‍ය ලිංගික ශ්‍රමික සේවය ලබාගන්න පුළුවන් දැන්වීම් ගොඩක් ලංකාඇඩ්ස්වල පළවෙනවා. ඒ වගේම මසාජ්රිපබ්ලික් වගේ සයිට් එකක තරම් ගණන් සැර නැති නිසා ගොඩක් අය ලංකාඇඩ්ස් වලින් මේ සේවාවන් ඇනවුම් කරන්න පෙළඹෙනවා.

    හැබැයි ලංකාඇඩ්ස්වල දැන්වීම් පළ කරන ලිංගික ශ්‍රමිකයන් බොහොමයක් තමන්ගේ පාරිභෝගිකයන්ගෙන් වංචනික ලෙස මුදල් සූරාකනවා. නැත්නම් කොල්ලකනවා. මේක ඉතාම ප්‍රවේශම් විය යුතු තත්වයක්.

    අපිට මේ විස්තරය ලබාදුන්නෙ ඉතාම මෑතක මේ විදිහට ලිංගික ශ්‍රමිකයෙකුගෙන් මුදල් කොල්ලකෑමකට ලක්වුනු තරුණයෙක්. නැවත මේ අයට අහු නොවනු පිණිස අදාල දැන්වීමේ සියලු විස්තර මේ සටහන සමග පළ කරනවා.

    මේ තරුණයා අදාල දැන්වීමේ අංකයට කතා කරලා ලිංගික ශ්‍රමිකයෙකුගේ සේවය ඉල්ලනවා. විශ්වාසනීය විදිහට කතාබහ කරන අනෙක් පාර්ශ්වය අදාල තැනැත්තිය ත්‍රීවිලරයක තරුණයාගේ නවාතැනට එනු ඇතැයි කියනවා. කියූ පරිදිම ත්‍රීවීල් එකේ රියදුරා සමග කාන්තාවන් දෙන්නෙක් එනවා. රියදුරා බැහැලා ඇවිත් සේවා සපයන්නිය ඇවිත් සිටින බව කියමින් ආරම්භයේදීම මුදල් ඉල්ලා සිටිනවා. ආධුනිකයෙක් වෙන මේ තරුණයා මුදල් ලබා දෙනවා.

    වහාම ත්‍රීවීලරයට නැග ගන්නා රියදුරා තරුණියන්ද සමග පලා යනවා. ඊට පස්සෙ දැන්වීම පළ කළ අංකයට ඇමතුම් ලබා දුන්නත් ඔවුන් විවිධ දේ කියමින් මගහරිනවා. අවසානයේ ඇමතුම් වලට පිළිතුරු දීම පවා ඇනහිටිනවා. මේ විදිහට අපට මේ විස්තරය කී තරුණයාට රුපියල් 25000ක මුදලක් අහිමි වෙනවා.

    ලංකාඇඩ්ස් මගින් මෙවන් දැන්වීම් පළකරන වංචාකාරී පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි වගකීම්සහගත යාන්ත්‍රණයක් පවත්වා ගත යුතුයි. නැත්නම් මේ වගේ පහත් ක්‍රියාවන් නිසා සිද්ද වෙන්නෙ මේ වෘත්තියේ සාධාරණ ලෙස නිරත වෙන අයටත් කෙලවෙන එකයි. ලිංගික ශ්‍රමික වෘත්තියේ අයිතීන් සම්බන්ධයෙන් නිතර පෙනී සිටින අප එම වෘත්තිය දඩමීමා කරගෙන සිදු කරන මෙවන් වංචාවන් පිළිකුලෙන් හෙලා දකිනවා.

    මේ කරන්නෙ ඒ සමස්ත වෘත්තියටම විනාශයක්. ලංකාඇඩ්ස් කරුණාකර ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කරන අය පිළිබඳ වගකියන තත්වයක් වහාම ඇති කරන්න. නැත්නම් ඔබත් මේ වංචාවන්ට අනුබල දෙන්නෙක් බවට පත්වෙනවා.

  • ‘එයා දැන් බැඳලා’ බැලුවද?

    ‘එයා දැන් බැඳලා’ බැලුවද?

    පහුගිය කාලෙ ප්‍රසන්න ජයකොඩිගෙ ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍ය විසින් ටෙලි කලාවෙ ට්‍රෙන්ඩ් එකක් හැදුවා. මෙච්චර කල් ටෙලි නාට්‍යවල කේන්ද්‍රය වුනු සමාජය කණපිට ගහලා නැවත පවුල කේන්ද්‍රය බවට පත්කළා. ටීවී එකේ වාරණය වූ තේමාවක් වන ‘ලිංගිකත්වය’ ටෙලි රෙසිපි මැද්දට කැදෙව්වා. සාලෙ මැද තියලා තියෙන ටීවී එකේ ගණිකාවක් ගැන කතාවක් සතිපතා ප්‍රචාරය කළා. වෙනදා එන සදාචාර පැමිණිලි වෙනුවට මෙදා පාර පැසසුම් හෝ ගාලා එන්න ගත්තා. නැවත තමන්ට වැඩිහිටියෙකුගේ අයිතිය ලැබීමේ ප්‍රීතියෙන් ටෙලි ප්‍රේක්ෂක ජනතාව ප්‍රීතිගෝෂා නැගුවා.

    රූපවාහිනී මහගෙදර බඳු ITN එක පළවෙනි වතාවට ගමට එරෙහිව සෙක්ස් කැරැල්ලක් ගැහුවා. විස්මය දනවන කාරණය වුනේ ඒක මිනිස්සු උඩ පැනලා බාරගත්ත එක. ජනතාව මාරු වෙලාද නැත්තං සමාජ බලය මාරු වෙලාද?

    ලංකාවේ දෙවෙනි ඉණිම බලන ස්වභාවික ප්‍රේක්ෂකයා තමන් නරඹන දේ ගැන කළකිරිලා ‘ එයා දැන් බැඳලා’ බලන්න පෙලඹුනා කියන එක බාරගන්න මට තරමක් අමාරුයි.‘මචං ෆේස්බුක් එකේ හැමෝම බලන්නෙ ‘එයා දැන් බැඳලා. ඒත් එලියට බැහැලා ඇහුවොත් ඔක්කොම බලන්නෙ ’දෙවෙනි ඉණිම’. කොහොමද බං එහෙම වෙන්නෙ?’ මගේ යාලුවෙක් මගෙන් ඇහුවා.

    ඒක වෙන්නෙ මෙහෙමයි.
    සෝෂල් මීඩියා හරහා රැල්ලක් නිර්මාණය කරලා ඒ රැල්ලට ප්‍රේක්ෂක බලයක් හදාගන්න ‘එයා දැන් බැඳලාට’ පුළුවන් වුනා. ඒක නොබැලුවොත් කොන්වෙන තත්වයක් හැදුනා. ඒක නැරඹීම හින්දම තමන් යම් උසස් රසිකත්වයක් ඇති කෙනෙක් බව ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුනා. ඉන් කුල්මත් වුනු ජනතාව ඒ වෙනුවෙන් ස්වාධීනව සම්මාන දෙන්න පවා ගත්තා. කෘතිමව නිර්මාණය වුනත් ඒක අගය කරන්න ඕන තත්වයක්.
    ‘මං පිට්ටනිය හැදුවා. දැන් ගහන්නයි තියෙන්නෙ’ කියල ප්‍රසන්න ජයකොඩි කියන්නෙ මේ කාරණය වෙන්න ඕන. ඒ අලුත් ප්‍රේක්ෂක අවකාශය / බලය නිර්මාණය කිරීම.

    කොහොම වුනත් මේ අධික උණුසුම නිසාම මං ඒක බලන එක පුළුවන් තරම් පස්සට දැම්මා. යමක් ගැන ඇතිවෙන සාමූහික උමතුව මාව ඒ නිර්මාණයෙන් ඈත් කරනවා. සියල්ලන්ගේ සුරතාන්තයට ඉඩදීලා බලන් ඉඳලා මං අන්තිමට දවසක් ඉඳගෙන එක දිගට කොටස් 27ම බලලා ඉවර කළා.

    මේක බලද්දි මට එකපාරටම මතක් වුනේ සර්ජි ලියොනේ විසින් කරපු Once upon a time in the West කියන ෆිල්ම් එක. මේ ලංකාවෙ සුද්දිගෙ චරිතය මට ඒ ෆිල්ම් එකේ නිව් ඔර්ලියන්ස් ඉඳන් එන ජිල් එක්ක සමීපව පෙනුනා. මේ දෙන්නා කොහෙත්ම සමාන නෑ. ඒත් ලංකාවෙ මේ ගැහැණියගේ චරිතය සහ බටහිර මේ ගැහැණියගේ චරිතය එකට තියලා බලන්න වටිනවා.

    කවුද මේ ගැහැණිය? නගරයේ ගණිකාවක්ව හිඳ ගමට ඇවිත් පවුලක්ව ‘යහපත්’ වීමට උත්සාහ ගන්නා ගැහැණිය. ප්‍රසන්නගේ කතාවෙ කේන්ද්‍රීය සරාගි වස්තුව වෙන්නෙත් ඇය.

    එයා දැන් බැඳලා කියන්නෙ ලංකාවෙ බහුල ලිංගික මනෝ ව්‍යාධීන් සහ දුර්වලතාවයන් ප්‍රදර්ශනය කරන නාට්‍යයක්. ඒ දුර්වලතා දෙස බලා සිටින්න අපි තුල ඇල්මක් ඇති කරන්නේමත් ඒවා අපිට ආමන්ත්‍රණය කරන හින්දමයි. නැත්නම් ප්‍රසන්නගේ අනෙකුත්‍ ටෙලි/සිනමා කෘතිවලට සාපේක්ෂව මේක දුර්වල වියමනක්. පිටපත දියාරුයි. එකතැන ගතවෙනසුලුයි. සමහර තැන් ක්‍රින්ජ් පවා.

    එයා දැන් බැඳලා සාර්ථක වෙන්නෙ ඒකෙ කතා කරන්නෙ සෙක්ස් හින්ද.

    පිටපත දුර්වල වුනත් ප්‍රසන්න ඉතා ප්‍රබල චරිත නිර්මාණයක් කරනවා. මනියා, පීතර, සිරි, සුද්දි කියන චරිත ඒ රඟපාන නළුනිළියන් විසින් මැනවින් හුස්ම පොවමින් පණ පිහිටුවනවා. විශේෂයෙන්ම පීතර ඒ චරිතයේ අපූර්වත්වයත් එක්ක පිටපතේ දුර්වල තැන් මතින් නාට්‍යය ඉස්සරහට ඇදගෙන යන්න ලොකු වැඩකොටසක් කරනවා.

    පීතර කියන්නෙ ලංකාවෙ අපචාරී පියා. මේ අපචාරී පියා විසින් දුර්වල පිරිමියෙක් වන ‘සිරි’ ව නිර්මාණය කරනවා. සිරි කියන්නෙ අම්මා හොයමින් ඇවිදින මැදිවියේ පුතෙක්. එයා වෛශ්‍යාවක් තුලින් අම්මාව හොයාගන්න හදනවා. ලිංගික ශ්‍රමිකයෙක්ව ලිංගිකහරණය කරන්න උත්සාහ ගන්නවා.

    මේ වෛශ්‍යාව තුලින් අම්මා හෙවීම ලංකාවෙ ගොඩක් බහුල මානසික තත්වයක්. අපේ ගණිකාවන් ගැන ලියවුනු සිංදු බොහොමයක් අරගෙන බැලුවත් ඒ ලියන්නා මේ වෛශ්‍යාව ශුද්ධ වූ මාතෘත්වය දක්වා ඔසවා තැබීමේ අසහනයෙන් පෙලෙන බව තේරුම් ගන්න පුළුවන්. අපිට ගණිකාවකගේ විවෘත ලිංගික ප්‍රකාශනය දරාගන්න අමාරුයි.

    අපේ කතාවෙ ප්‍රධාන චරිතය සිරි මේ විදිහට පියාගේ අපචාරීත්වය විසින් ලිංගික වශයෙන් දුර්වල කරන ලද ගැමි නෝන්ජල් පිරිමියෙක්. ලිංගිකත්වයට බයෙන් හැංගෙන, එය වසා උත්තරීතර සළු පොරවන්නට තනන සියලු පිරිමි මේ අවුලෙන් පෙලෙනවා.

    අපේ වීරවරිය එයා පොදු ගැහැණියක් වීම නිසා ජීවිතේ පුද්ගලික ආදරය අහිමිවීම ගැන තැවෙන ගැහැණියක්. අපි හැමෝම දුක්වෙන්නෙ අපිට නැති දේ ගැන. එයා ඒ පුද්ගලික ආදරය සොයාගැනීම වෙනුවෙන් තමන්ගේ ලිංගික ජීවිතය කැප කරන්න තීරණය කරනවා. කසාදය නමින් තමන්ගේ ස්පර්ශය සීමා කරනවා.

    සිරි එන්නෙ වෛශ්‍යාවක් බඳින්න. සුද්දි එන්නෙ පත්තිනියක් වෙන්න.
    නාට්‍ය ඇතුලෙ අපි නැවත නැවත මුහුණ දෙන ප්‍රශ්නය වෙන්නෙ සුද්දි පතිවත් රකින ගැහැණියක් කියල පිළිගන්න ලෑස්ති කවුද කියන එක. හැමෝම බලන්නෙ රෙද්දෙ තුත්තිරි දිහා. ඇය ගණිකාවක් වීමේ අනුරාගය, ආකර්ශනය වඩා ප්‍රබලයි. බිරිඳක් කියන්නෙ දුර්වල ගැහැණියක්. ගණිකාවක් කියන්නෙ නිදහස් ගැහැණියක්.

    එයා දැන් බැඳලා වඩා ජනප්‍රිය වෙන්න සේමිනී මේ චරිතය කරන එකත් බලපෑවා කියල මං හිතනවා. පහුගිය කාලෙ සේමිනීගේ නම ගැටගැහෙමින් අනුරාගී හඩපට කීපයක් සමාජජාලාවල මෝචනය වුනා. ෆෝන් එකෙන් ෆෝන් එකට ඒවා මාරු කරමින් ජනතාව ස්වයං වින්දනයක් ලැබුවා. ඊට ටික කාලයකට පස්සෙ සේමිනී ගණිකාවක් විදිහට ටීවී එකෙන් එනවා. මේක මේ චරිතයට ආශක්ත කරන්න අවිඥානක හෝ බලපෑමක් කරනවා. නාට්‍යයේ චරිත සුද්දිට පිස්සු වැටෙන හේතුවටම නාට්‍යය නරඹන්නා නාට්‍යයට පිස්සු වැටෙනවා. අවුරුදු ගානක් පහු වුනත් ප්‍රසන්නගෙ නාට්‍යය ඉතාම නිවැරදි වෙලාවට ස්ථානගත වෙනවා.

    සුද්දි තමන්ගේ ගණිකා වෘත්තියෙන් පිටත පවුල තුල ඇතැයි කියල හිතන සදාචාරයක්, ශික්ෂාවක් ඔලුවෙන් හදාගෙන ඇතුල් වෙන්නෙ ලංකාවෙ ගමේ අශිෂ්ට ව්‍යභිචාර පවුල ඇතුලට. ඒ පවුලෙ තාත්තාගෙන් පුතාලගෙ ගෑනු පරිස්සම් කරන්න ඕන. සහෝදරයන්ගෙන් පරිස්සම් කරන්න ඕන. එලියෙදි පි‍ට පිරිමින්ගෙන් පරිස්සම් කරන්න ඕන. සිරි සියලු වැඩ දෙවෙනි කොට තමන්ගේ බිරිඳ පරිස්සම් කිරීමේ ක්‍රියාවට එළඹෙනවා.

    පවුල පවතින්නෙ සෙක්ස් කිරීමේ ‘සීමාව’ පැනවීම මත. ඒ සීමාව සළකුනු කරන්නෙ ලැජ්ජාව සහ අපවාදය විසින්. ඒ ලැජ්ජාව විසින් ගැහැණිය දුර්වල කරනවා. මුලින් පිරිමින්ට පමණක් වෙන්වූ වැඩ‍ මොනවා දැයි අසමින් ඒ පිරිමි මානයන් වෙනස් කරන ‘අතීත’ වෛශ්‍යාව අන්තිමට නාකි පිරිමියෙකුගේ අත ගසා දාන්නවත් බැරි ගෘහනියක තත්වයට පත්වෙනවා.

    මේ චරිතවල ඉමෝෂනල් ගමන පිටපතේ සාර්ථකව ගොඩනැගෙන්නෙ නෑ. නිකංම දෙබසකින් වගේ ලොකු ඉමෝෂනල් පිමි මාරු වෙනවා. ඊට අදාල වෙන විශ්වාසනීය තත්ව ගොඩනැගීමක් වෙන්නෙ නෑ. මූනු මත නිකරුනේ ගොඩක් වෙලා රැදෙන කැමරාව අපිට නොතේරෙන යමක් මෙතන වෙනවා යැයි හැගීමක් ඇති කරන්න හිස් මහන්සියක් ගන්නවා.

    නිතර ගමේ වෙනත් අය ගැන කතා ඇහුනත් ‘එයා දැන් බැඳලා’ කතාව ඇතුලෙ අපිට ගමක් මුනගැහෙන්නෙ නෑ. වැටක් අයිනෙං යන හුදකලා ගැහැණියක්, ත්‍රීවීල්කාරයො කීපදෙනෙක් වගේ තමයි අපිට ගම කියල දකින්න තියෙන්නෙ. ඒ ගමෙන් ඇත්තට සිද්ද වෙන බලපෑමක් නෑ. ඒ වෙනුවට සියල්ල සිද්ද වෙන්නෙ පවුල ඇතුලෙන්මයි. අපේ ලෝකය කියන්නෙ නැවත අපේ පවුලමයි වගේ ඇතුලතට හැරීමක් ප්‍රසන්න යෝජනා කරනවා වගේ.

    කොහොමටත් මුලු ටෙලි නාට්‍යයම ඉතාම අවමතාවාදීයි. කතාව මූලිකව දිගහැරෙන්නෙ ගෙදර, පතල, මුරමඩුව කියන තැන් තුන අතර. ගෙදර කියන්නෙ පවුල/අපචාරය/නිදහස අවම කලාපය. මුර මඩුව කියන්නෙ නිදහස, රසය, ආදරය. ඒක තියෙන්නෙ පවුලෙන් පිට. පතල කියන්නෙ රස්සාව. සිරි කියන්නෙ එතනදි බිම් පණුවෙක්.

    එයාට තමන්ගේ ජීවිතේ අර්ථය මුනගැහෙන්නෙ මුරමඩුවෙ තමන්ගේ සහෝදරයයි තවත් මිතුරෙකුයි එක්ක ගණිකාවක් හවුලේ රස විඳින මොහොතෙයි. මේකෙන් තේරුම් ගන්න ඕන කාරණය කෙනෙකුට ස්පා එකකදී වුනත් අවබෝධය ලැබෙන්න පුළුවන් කියන එකයි.

    ප්‍රසන්න මේ නාට්‍යයෙදි පාවිච්චි කරන අවමතාවාදී රීතිය ලංකාවෙ ටෙලිවලට ඉතා මැනවින් ගැලපෙනවා කියන එක පැහැදිලියි. ගොඩක් විච්චූර්ණ, පැටලිලිසහගත සංස්කරණ වෙනුවට චරිත කීපයක් එක්ක තැන් කීපයක දිගහැරෙන කතා ප්‍රේක්ෂකයා එක්ක ලේසියෙන් බැදෙනවා. සමහර විට ඒ විස්තර අතර මහන්සි වෙන්න දෙයක් නැති හින්දම වෙන්න ඇති. එහෙම සුළු චරිත ටිකක් එක්ක, මේ තරම් පුංචි කතාවක් කොටස් විසි හතක් දක්වා අරගෙන යාම ප්‍රසන්නගෙ දක්ෂකම.

    මෙතනදි තෝරාගන්න ලොකේෂන් එකත් (සීතල රිවර්ස්ටන් වගේ කඳුකරය) නරඹන්නාව බැඳ තියාගන්න හොඳ රැහැනක් වෙනවා. ඒ සුන්දර වටපිටාව බලන් ඉන්න ආසයි. ඒ කඳු අතර දිගහැරෙන්නෙ අතර ආර්ථික හෝ දේශපාලන ආදී හෝ වෙනත් ප්‍රශ්නවලින් පීඩා නොවිඳින ඩිස්ටෝපියානු පවුලක කතාවක්. ඒ පවුලේ එකම ප්‍රශ්නය සෙක්ස්. ඇත්තටම අපෙත් ලොකුම ප්‍රශ්නෙ සෙක්ස්. ඉතින් ඒ කඳු මිටියාවත අතරදි ප්‍රසන්න අපිට අනෙක් සැරසිලි අයින් කරලා අපේ ඇත්ත අවුල මුනගස්සනවා කියන්න පුළුවන්. අපිට අපේ රෝගය මුනගැහෙනවා. ‘එයා දැන් බැඳලා’ කියන්නෙ ඒ රෝගය.

    ප්‍රේමයේදී ගණිකාවක් කසාද බඳින්න තරම් එඩිතර පිරිමියා කසාදයේදී ළමයා තමන්ගෙද කියන සැකෙන් තැති ගන්නවා. මේ අතර කඳු නාය යනවා, ළමයි ලොකු වෙනවා වගේ එකපාර සිද්ද වෙන අද්භූත සිද්දිත් තියෙනවා.

    කතාවෙ මූලික හරය වෙන්නෙ ලංකාවෙ සමාජය (ගම) දරාගත නොහැකි තරමේ ලිංගික අහේනියකින් පෙලෙනවා කියන එකයි. ඒ ගමේ ලස්සනක් ඇති ගැහැණු පරාණයක් නැති බව පැහැදිලියි. පිට පොත්ත සුදුවීම නිසාම සුද්දී යැයි නම් ලබා ඇය අනුරාගී වස්තුවක් බවට පත් කරන්නෙත් ඒ හිගයයි. ඒ කාම අහේනිය එක්ක, එක තැන ගතවෙනි ජීවිතවල කාංසාව අපිටත් දැනෙන තරමට ඒ කදුකරය, මීදුම අපිවත් ඊට ඇතුල් කරගන්නවා.

    එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කැමරාව ඉතාම දුර්වල බව කියන්න වෙනවා. ඒ වගේම සංස්කරණය කාලය දිගු කිරීම සඳහාම සිද්ද වෙන බවක් පේන්න ගන්නවා. ඒ කිසිවක තියුණු බවක්, අලුතෙන් යමක් එක් කිරීමක් දකින්න ලැබෙන්නෙ නෑ. තේමා සංගීතය ඉතාම ආකර්ශනීය වන අතර මැද තැන තැන ඇහෙන ට්‍රාන්ස්/සයිකඩෙලික් සංගීත ඛණ්ඩය මේ චරිතවල අභ්‍යන්තරය මතු කරන්න උත්සාහ ගන්නවද, ඒක එහෙම වැඩ කරනවද කියන සැකසහිතයි.

    මේක බලලා ඉවර වුනාම මට ඉස්සර අපේ ගෙවල් පැත්තෙ හිටපු සිරිට සමාන කම්මල්කාරයෙක් මතක් වුනා. මේ මනුස්සයාගෙ බිරිඳ නිතරම වෙන පිරිමි එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. මේ මනුස්සයා ඒවා ගැන දැනගත්තත් ඊට විරුද්දව මොකුත් කරන්න පුළුවන්කමක් එයාට තිබුනෙ නෑ. වරින් වර මේ කාන්තාව අර සෙක්ස් පිනිසම තමන් හො‍යාගෙන එන පිරිමි එක්ක පැනලා යනවා. ඉතිං අර සැමියා ඉතාම දුකසේ කාලයක් ගත කරනවා. කොහොම හරි මිනිහා බිරිඳ ඉන්න තැන ගැන හෝඩුවාවක් හොයාගන්නවා. කරන වැඩ සියල්ල අත්හැර ඇයව හොයාගෙන ගිහින්, එතන ලැගලා අඩලා දොඩලා කොහොම හරි ආපහු එක්කගෙන එනවා. හරිම ආදරෙන් ටික කාලයක් මේ දෙන්නා ඉන්නවා. ආපහු ගෑනි පැනලා යනවා.

    මේක නිතර නිතර සිද්ද වුනත් අර පිරිමියා ගැහැණිය තුලින් දැකපු මැජික් එක කවදාවත් ඉවර වුනේ නෑ. කොයිතරම් පිරිමි එක්ක නිදාගත්තත් අර පිරිමියාට ඒ ගැහැණියගේ කිසිම අඩුවක් දැනුනෙ නෑ. පළාතෙම මිනිස්සු පොන්නයා කියද්දි ඒ මනුස්සයා හැමදාම එක වගේ තමන්ගේ බිරිඳට ආදරය කළා. ඇයව දැකීමෙන් පවා පිනාගියා. කොයි පිරිමි එක්ක ගියත් නැවත තමන් ගෙදර එනකල් බලන් ඉන්න පිරිමියෙක් ඉන්නවා කියල ඒ බිරිඳත් හදවතින් දැනගෙන හිටියා.


    චින්තන ධර්මදාස

  • මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    මාලිමාවාසීන්ගේ රුසියානු බඩු

    එංගලන්තෙ ජීවත් වෙන මාලිමාවට බැතිමත් තරුණයෙක් පෝස්ටුවක් දමමින් මේ ලංකාවට එන්නෙ රුසියානු බඩු බවත් ඒ අය ටුවරිස්ට්ලා නොවන බවත් ප්‍රකාශ කරලා තිබුණ. ඒ වගේම එංගලන්තෙ වගේ රටවල මේ රුසියානු ‘බඩු’ වලට ඇතුල්වෙන්න පවා නොදෙන බව මේ තරුණයා ප්‍රකාශ කරලා තිබුනෙ ආඩම්බරෙන්. වඩාත් ආකර්ශනීය විදිහට මේ තරුණයා විසින් රුසියානුවන් ‘නියම සුද්දන්’ නොවන බවත් නියම සුද්දා කවුද යන්න තමන් දන්නා බවත් තමන්ගේ එංගලන්තවාසී බව ඇතුලෙ ඉදිමෙමින් සළකුණු කරනවා. මේ ප්‍රකාශ ඇතුලෙ මට පැහැදිලිව පේන කාරණා කීපයක් තියෙනවා.

    එකක් ලිංගික ශ්‍රමික වෘත්තිය සම්බන්ධයෙන් ඔහු තුල ඇති පහත් පිලිගැනීම. ඒ හරහා කිසිම ප්‍රශ්නයක් නැතුව එයා මේ යුවතියන් ‘බඩු’ බවට ඌනනය කරනවා. මේක ලංකාවෙ අපි ‘බයි’ සංස්කෘතිය කියලා විවේචනය කරපු මිසොජිනිස්ටික් තත්වයක්. ලිංගිකව නිදහසේ හැසිරෙන ගැහැණුන් පහත් විදිහට තේරුම් ගැනීම. පිරිසිදු නැති, වටිනාකමක් නැති, ඇතුල්වෙන්න පවා අයිතියක් නැති කොටසක් විදිහට දැකීම.

    මෙතන තවත් වැදගත් දෙයක් වෙන්නෙ මේ සියලු රුසියානු තරුණියන් ‘බඩු’ බව තීරණය වෙන්නෙ කිසිම සමීක්ෂණයකින් හෝ වාර්තාවකින් නෙමෙයි. උදයංගගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන පිංතූර දාන හින්ද. මේ අය ලිංගික ශ්‍රමිකයන් වෙන්න පුළුවන්, නිරූපිකාවන් වෙන්න පුළුවන්, උදයංගගෙ මිතුරියන් වෙන්න පුළුවන්, තොරතුරු තාක්ෂණවේදීන් වෙන්න පුළුවන්. වෙන ඕනම කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ සියලු තත්වයන් අතරින්, උදයංග පිංතූරයක් පළ කරන සැණින් මේ තරුණයා තීරණය කරනවා පැමිණෙන සියල්ලන් ‘බඩු’ බවට. මේකත් බයි ලක්ෂණයක්. දකුණු පළාතේ ඉතා කුප්‍රකට මිනීමැරුම කුරාම් ෂීක් සිද්දිය සිද්ද වුනෙත් මේ එංගලන්තවාසී තරුණයාට සමාන උපකල්පනයක් මත. කුරාම්ගේ රුසියානු පෙම්වතිය වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොව්නා ‘බඩුවක්’ විදිහට රාජපක්ෂවාදී සම්පත් විදානපතිරණ නිගමනය කරලා තිබුන.

    දෙවෙනුව මේ මාලිමාකාමී තරුණයාගෙ ඔලුවෙ ‘නියම සුද්දන්’ ඉන්නවා. ඒ සුද්දන් යනු වැඩියෙන් ඩොලර් වියදම් කරන අයයි. මේ කතාවම මේ පක්ෂයේ ආර්තිකය සම්බන්ද විශේෂඥ සුනිල් හඳුන්නෙත්තිත් කියනවා. එයා කියන විදිහට අපිට දැන් එන්නෙ, අපෙන් කාලා, අපේ තැන නිදාගෙන, අපේ බීච් එක පාවිච්චි කරලා යන සංචාරකයො. එහෙම අයගෙන් ආර්ථිකයට වැඩක් වෙන්නෙ නෑ. අපි සංචාරකයෙක් මනින්න ඕන එයා දෙන ටිප් එකෙන්. වියදම් කරන ප්‍රමාණයෙන්. (මේ කියන හඳුන්නෙත්ති කන බොන අඳින විදිහ ගැන එයාගෙම ප්‍රකාශ සංසන්දනය කිරීමෙන් වැඩි ආනන්දයක් ලබන්න පුළුවන්)

    ලංකාවට වියදම් කිරීමේ හැකියාව නැති, විවිධ නිර්මාණශීලීත්වයන්ගෙන් හෙබි විදේශිකයො ගොඩක් එනවා. ඒ අය ලංකාවෙ මිනිස්සු එක්ක එකතු වෙලා විවිධ ව්‍යාපාර ආරම්භ කරනවා. ලංකාව ගැන යූටියුබ් චැනල් කරනවා. වැදගත්ම දේ මේ අය ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු එක්ක මුහු වෙනවා. ඒ හින්ද වඩාත් සංචාරක හිතැති සංස්කෘතියක් නිර්මාණය වෙනවා. ඒ අවශ්‍යතා සහ ආශාවන්ට වඩා නිවැරදිව සමීප වෙන්න පුළුවන් අවස්ථා නිර්මාණය වෙනවා. තමන්‍ට හුරු, සමීප සංස්කෘතියක ජීවත්වෙන අය විසින් ලබන අත්දැකීම් විඳින්න තවත් විදේශිකයන් පෙළඹෙනවා. ඒ අය කරන්නෙ ඇත්තටම මිළ කළ නොහැකි සංචාරක ප්‍රවර්ධනයක්.

    මෙතනදි හඳුන්නෙත්ති කතා කරන්නෙ තමන්ගේ අතට ලැබෙන මුදල පමණක් ගණං කරන හෝටල්කාරයෙක් වගේ. Eco System එකක් ගැන කිසිම දැනීමක් නැතිව. අපේ රටට එන හැම විදේශිකයාම අපිට වැදගත්. ඔවුන් වියදම් කරන මුදල කියන්නෙ ප්‍රධාන සාධකය නෙමෙයි.

    අපි ආපහු මාලිමාකාමී තරුණයාගේ කතාවට එමු.

    වඩාත් හාස්‍යජනක කාරණය වෙන්නෙ එංගලන්තයට ගිහින් ඒ රටේ ආර්ථිකය මත යැපෙන මේ තරුණයා එය මහා ආඩම්බරයක් හැටියෙන් පිළිගනිමින් ලංකාවේ ශ්‍රම රැකියාවක් පිණිස එනවා යැයි ඔහු උපකල්පනය කරන කාන්තාවන් දෙස අවඥාවෙන් බැලීමයි. ලංකාවෙන් වෙන රටවලට පෝලිමේ පනින අතර වෙන රටකින් ලංකාවෙ රස්සා පිණිස එන එකට විරුද්ධ වීම කුහකයි. ඒ කුහකකම රාජපක්ෂවාදයේ ලකුණක්. අපේ උත්සාහය විය යුත්තේ ඕනෑම කෙනෙකුට ලෝකෙ ඕනෑම රටකට ගිහින් තමන් කැමති ඕනෑම රැකියාවක් කිරීමේ අවස්ථාව නිර්මාණය කිරීම මිස දේශසීමා අඳිමින් මිනිස් සංචරණය සීමා කිරීම නෙමෙයි. නිදහස් වෙළඳපොලක වැදගත්ම කාරණයක් මිනිස්සුන්ට ඕනම තැනක ගිහින් තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස. ඒ අය එක්ක එන්නෙ මුදල් විතරක් නෙමෙයි. දැනුම, සංස්කෘතිය, අදහස්, ජාන, ජීවන සහ සිතීමේ විලාස.

    ගණිකා වෘත්තිය කියන්නෙ අපේ රටේ ආඩම්බරෙන් කරන වෘත්තියක් නෙමෙයි. ඒ වගේම ඒ වෘත්තීය පුහුණුවෙන් සහ දැනුමෙන් අපි ඉන්නෙ අන්තිම පහත් අඩියක. නමුත් සංචාරක කර්මාන්තයේ වර්ධනයට මේ ආශා කර්මාන්තයේ පැවැත්ම අනිවාර්යයක් වෙනවා. මෙතනදි රුසියානු ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ මේ කර්මාන්තයේ ඉතාම ප්‍රවීනයන් හැටියටයි පිළිගන්නෙ. ඒ අය ලංකාවට ඇවිත් තමන්ගේ වෘත්තියෙහි යෙදීම අපිට සලකන්න වෙන්නෙම ආයෝජනයක් හැටියට.

    මේ මාලිමාභක්තික තරුණයා විසින් කරපු ප්‍රකාශය වෙනුවෙන් මාලිමාවේ ෆේස්බුක් ප්‍රචාරක හැටියට නිල වශයෙන්ම පෙනී සිටින දර්ශන ඩයසුත් පෙනී ඉන්නවා. එයාට අනුව මේ ලිංගික ශ්‍රමිකයන් ලංකාවට පැමිනෙන එකෙන් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා අඩුවීම නිසයි මාලිමාව මේ රුසියානු කාන්තාවන්ට විරුද්ධ වෙන්නෙ. ඒක අන්තිම ආරක්ෂණවාදී පිළිවෙතක්. තමන්ගේ රටේ වෘත්තියක් වශයෙන් පිළිනොගත් ක්ෂේත්‍රයක රැකියාවක් පිණිසවත් වෙන රටක කෙනෙක් එන එකට විරුද්ධ වීම විකාරසහගතයි. අපි ඒක පැත්තකින් තියමුකො. වැදගත් කාරණය වෙන්නෙ මාලිමාව ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. (වෘත්තියක ආරක්ෂාව ගැන හිතන කෙනෙක් මුලින්ම උත්සාහ කරන්නෙ ඒ වෘත්තිය නීතිගත කරන්නයි) අවාසනාවට මං තාම කිසිම තැනක මාලිමා ප්‍රධානියෙක් ඔය සම්බන්ධයෙන් කතාවත් කරනවා අහලා නෑ. නමුත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් මාලිමාව ඉදිරිපත් වෙනවා නම් අපි එකපයින් ඒකට සහයෝගය දෙනවා.

    නමුත් මාලිමාවාසීන් දැනගත යුතු කාරණයක් වෙන්නෙ වෘත්තියක් නීතිගත කිරීමට කලින් ඒ වෘත්තිය සම්බන්ධයෙන් ගරුත්වයක් ඇති කිරීමේ වැදගත්කමයි. කාන්තාවන් ‘බඩු’ බවට පත් කිරීමේ සංස්කෘතියක් ඇතුලෙන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න පුළුවන් වෙන්නෙ නෑ. පළමුව ලිංගික ශ්‍රමිකයෙක් යෙදෙන වෘත්තිය ගරුත්වයක් ඇතුව පිළිගන්න කියන එක මාලිමා බැතිමතුන්ට දේශනා කරන්න. දෙවෙනුව ලංකාවේ ලිංගික අධ්‍යාපනය අනිවාර්ය කිරීමට පියවර ගන්න. තෙවනුව ලිංගික සෞඛ්‍යය පිළිබඳ තත්ව තහවුරු කිරීමට අරගල කරන්න. ඊට පස්සෙ පුළුවන් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ක්‍රියාත්මක වෙන්න.

    මාලිමාවට සම්බන්ධ අයගේ මෙවන් අනියම් ප්‍රකාශ වැදගත් වෙන්නෙ ඒවා තුලින් මාලිමාවේ අවිඥානය කියවෙන නිසයි. ඒ කාලෙ X කණ්ඩායම කිව්වෙ ‘ඔබේ අවිඥාණය අපි’ කියල. ඒ වගේ කාන්තාවන් දිහා බලන දෘෂ්ටිය, මුදල් සම්බන්ධයෙන් ඇති ආකල්පය, බටහිර ධනපති දියුණුව ගැන ඇති ආශාව, ආඩම්බර වෙන්න මොකුත්ම නැත්තං බටහිර රටක ඉන්න එක ගැනවත් ආඩම්බර වෙමින් ලංකාව ආරක්ෂා කරන්න ගන්න උත්සාහය මේ ආදී ලක්ෂණ අපි නැවත නැවත සිහියෙන් කියවාගන්න ඕන. මේ ලක්ෂණ අපිට මතක් කරන්නෙ අපි දන්න පරණ ‘බයියාව’. එතකොට අපිට මාලිමාව මොනවා කිව්වත් ඒ පිටිපස්සෙ පවතින සාමූහික අවිඥානය තේරුම් ගන්න පුළුවන් වෙනවා.

  • කෝච්චියේ දමා ගිය දරුවා කාගෙද?

    කෝච්චියේ දමා ගිය දරුවා කාගෙද?

    කෝච්චියේ ආදරෙන් ඔතා තබා ගිය බිළිදෙක් ගැන ප්‍රවෘත්තියක් එක්ක සමාජ මාධ්‍යවල අනුකම්පාව, දාරක ප්‍රේමය උතුරා යන්න පටන් ගත්තා. මේ විදිහට දරුවන් කූඩවල දාලා තියලා යන එක අපේ ඉතිහාස කතාවල ඉඳන් එනවා. සුරංගනා කතාවලත් කියවෙනවා. ඒ කාලෙත් දරුවා හදාවඩා ගැනීම අසීරු තැනදි අම්මලා දරුවන්ව කූඩවල දාලා කවුරුන් හෝ යහපත් කෙනෙක් අතට පත්වේවා කියල ප්‍රාර්ථනාවෙන් ගඟවල්වල පා කරලා ඇරියා. ඒක සම්ප්‍රදායක්.

    ඒත් නූතන නීති ප්‍රකාරව ඒක වරදක්. දරුවෙකුව නොතකා හැරීම, දරුවාගේ ජීවිතය අවදානමේ හෙලීම ආදී තව ගොඩක් කාරණා ඔතනට කියන්න පුළුවන්. ඒත් ඉතාමත් සරලව කාරණා දෙකක් පැහැදිලියි.

    1. මේ මවට සහ පියාට දරුවා හදාවඩා ගැනීමේ අර්බුදයක් පවතිනවා.
    2. දරුවාට හානියක් නොවී යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව ඔවුන් සතුව තිබෙනවා.

    පළවෙනි කාරණය ගත්තොත් එතනදි මේ දරුවා අනවශ්‍ය ගැබ්ගැනීමක් කියන එක පැහැදිලි වෙනවා. එතනදි අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති නොවන ආකාරයට ලිංගිකව හැසිරීම පිළිබඳ දැනුම ලබා නොදෙන, එවන් ලිංගික අධ්‍යාපනික දැනුමක් අවහිර කරන හාමුදුරුවරු, දොස්තරවරු (වි‍ශේෂයෙන් සඳහන් කරන්න ඕන) සහ තවත් අධිපති බල ඇති සදාචාර මහත්වරු මේ වගකීමේ වැඩි කොටසක් බාරගන්න ඕන.

    ඒ වගේම දරුවෙක් හදාවඩා ගැනීම කියන්නෙ ලොකු ආර්ථික සමාජ කාර්යයක්. එතනදි විවාහයකට බැහැරින් සිදුවන ලිංගික එක්වීමකින් ලැබෙන දරුවෙක් ගැන දෙමව්පියන්, නෑදෑයන්ගෙ ඉඳන් වි‍ශේෂයෙන් මේ කාන්තාව ඇසුරු කරන සමාජය දක්වන ප්‍රතිචාරය අපි සැලකිල්ලට ගන්න ඕන. ඒක කිසිසේත්ම සුබවාදී එකක් නෙමෙයි. ඇයගේ රැකියාව, ඇයට ඇති අනාගත බලාපොරොත්තු, ඇගේ සහ පෙම්වතාගේ ආර්ථිකය, මේ සෑම දෙයක්මත් අර දරුවාගේ උපත මත තීන්දු වෙලා තියෙනවා.

    තුන්වෙනුව ඇයට දරුවෙක් අනවශ්‍ය නම් ඒ මුල්කාලයේදීම ඇයට ගබ්සාවක් කරගැනීමේ අයිතිය ලබා නොදීම කියන කාරණය. ඒ ගබ්සාවේ අයිතිය දරුවා බිහිකරන අම්මාගෙන් උදුරා ගන්නා නීතියටත්, ඒ නීතිය රකින, ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාවටත් ඒ දරුවා මග දමා යාමේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ.

    මේ සියලු කාරණා තමයි දරුවා කෝච්චි පෙට්ටියක තබා යා‍මේ හේතු කාරණා වෙන්නෙ. එතනදි මේ මවට හෝ පියාට දරුවාගේ ජීවිතය අවදානමේ හෙලීම සම්බන්ධයෙන් පැවරෙන වගකීම ඉතාම අල්පයි. මොකද ඊට වඩා විශාල නීති, සංස්කෘතික, සදාචාර පරිසරයක් විසින් මේ අකාරයෙන් බිහිවන දරුවෙකුගේ ජීවිතය අවදානමේ දමා අවසන්.

    දෙවෙනි කාරණය, ඔවුන් දරුවාගේ යහපතක් අපේක්ෂා කරමින් මේ අත්හැර යාම සිදු කර ඇති බව. මේ දරුවාට තමන්ගේ අර්බුදකාරී ජීවිතයෙන් ගැලවී යම් හොඳ වතාවාරණයක් යටතේ ලොකු මහත් වෙන්න අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අර රෙදිවල ඔතලා ප්‍රවේශම් සහගතව, ඇස ගැටෙන මානයක, දරුවා තබා යාමෙන් පේනවා.

    ඒ වගේම දරුවෙක් ඉතාම ආදරෙන් හදාවඩා ගැනීමේ අපේක්ෂාවෙන්, සියලු තත්වයන් සාධනය කරගෙන මගබලා සිටින දරුවන් අහිමි, දෙමාපිය සිත් ඇත්තන් ඉන්නවා. මේ අතර දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කියල පනවා ඇති ඉතාම අකාර්යක්ෂම නීති ක්‍රමවේදයක් පවතිනවා.

    දරුවෙක් මේ ආකාරයෙන් දමා යාම දඩුවම් දිය යුතු වරදක් කරනවාට වඩා රාජ්‍යයක් විසින් දරුවන් බාරගන්නාසුලු මෘදු ක්‍රමවේදයක් සකස් කිරීමයි වැදගත් වෙන්නෙ. දරුවෙක් ලොකුමහත් කරගැනීමට නොහැකි වීම රාජ්‍යයේ වරදක් බව පිළිගන්න වෙනවා. ඒ වගේ ආර්ථික හෝ සංස්කෘතික අපහසුතා ඇති අයට රාජ්‍යය සංවේදී විය යුතු වෙනවා. දරුවෙක් කියන්නෙ අම්මලාට බරක් නොවිය යුතු යැයි කියනවා නම්, දරුවෙක් රාජ්‍යයටත් බරක් නොවිය යුතුව තියෙනවා.

    ළමා නිවාසවල, පොදු රැකබලා ගැනීම් යටතේ දරුවන්ගේ ජීවිත නාස්ති නොකරන, ඉතාම කඩිනමින් ඒ දරුවන් බාරගත හැකි දෙමව්පියන් සමීපයට ඔවුන් පත් කරන ක්‍රමවේදයන් සකස් කරන්න ඕන. ඒ දරුවන් පිළිබඳ වරින්වර සොයා බලන්න සමාජ සේවිකාවන්ට පුළුවන්.

    මෙවන් අසරණ තරුණ දෙමව්පිය යුවළක් වරදකරුවන් හැටියට අල්ලාගෙන, වෙනත් අයට ආදර්ශයක් වනු පිණිස යැයි සිතමින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න යාම අගතියට පත් කිසිම පාර්ශ්වයක සුබසිද්ධියට හේතුවන තත්වයක් නෙමෙයි. ඒකෙන් චූන් වෙන්නෙ මෙවන් තත්වයන්ට සැබවින් වගකිව යුතු සදාචාර ප්‍රේක්ෂකයො විතරයි. නීතියක් ක්‍රියාත්මක විය යුත්තේ යම් කිසි හෝ පාර්ශ්වයක යහපත, ප්‍රතිඵලය වෙනුවෙනුයි. හැමෝටම තව තවත් හානි පමුණුවන නීති ක්‍රියාත්මක වෙනවා නම් ඒවා යල්පැනගිය ඒවා හැටියෙන් හඳුනාගන්න වෙනවා. හැමදේකටම කලින් මනුෂ්‍යත්වය කියන රාමුව මෙවන් සිදුවීමකදී ඉස්සරහට ගන්න වෙනවා.

  • ඒ ගෙදර අමුතුයි

    ඒ ගෙදර අමුතුයි

    කොටස් වශයෙන් දිගහැරෙන ඉරොතික – හොරර් සීරීස් එකක පළමුවැන්න අද පටන් මේ විදිහට නිරාවරණය වෙනවා. චමත්කා ලක්මිණි විසින් මේ කතාව කියැවීම සිදු කරනවා.

    ලංකාවේ සදාචාරවාදී පිරිස් විසින් නොයෙක්වර අසභ්‍ය යැයි පැමිණිලි කිරීම් නිසා සම්පූර්ණ කතාව යූටියුබ් නාලිකාවේ මුදාහැරීමට නොහැකි වීම අවාසනාවක්. ඒ නිසා ප්‍රේක්ෂකයන් මුහුණ දෙන අපහසුතාවය ගැන කණගාටුව පළකරනවා.

    අලුත් නිවසක පදිංචියට යන යුවළක් මුහුණ දෙන අද්භූත සිද්ධීන් සමග ඔවුන් මෙතෙක් නොදැන සිටි ශෘංගාර කලාපයන්ට ඔවුන්ගේ ජීවිතය ඇතුල්වීමේ කුතුහලය පිරුණු කතාවක් තමයි ‘ඒ ගෙදර අමුතුයි’ කියන්නෙ.

    දෙවන කොටසේ පටන් තව තවත් රාගයෙන් සහ භීතියෙන් උණුසුම් වෙමින් මේ කතාපෙල ගලා යනු ඇති.

  • හරියට kiss කරන්නෙ කොහොමද?

    හරියට kiss කරන්නෙ කොහොමද?

    හරියට හෝ වැරදියට kiss කරනවා කියල දෙයක් නෑ. ඕනම kiss එකක ඒ අදාල හැගීම අ‍නෙක් පාර්ශ්වයට සන්නිවේදනය වෙනවා නම් ඒ kiss එක නිවැරදියි කියන්න පුළුවන්. වැරදි සන්නිවේදනයක් යනවා ඒක අවුල්. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණයක්. ඒත් අපි නිකංම තොල් දෙක උලාගන්නවා හරි හපා කනවා හරි කියන එකට වඩා kiss එකක් ගැන සාවධාන වුනොත්, ඒක තවත් සංවේදී කරන්න පුළුවන් විදි ගැන හිතුවොත් ඒ අත්දැකීම වඩා විචිත්‍ර වූත් ආස්වාදනීය වූත් එකක් කරන්න පුළුවන්.

    එක්කෙනෙකුගේ ෆැන්ටසිමය හාද්දක් තව කෙනෙකුට භයානක අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් ඒක හාද්දක් වෙන්න නම් දෙපාර්ශ්වයටම ඒ සිපගැනීමේ හැගීම දැනෙන්න ඕන. ඒකෙන් රසවත් වෙන්න ඕන. ඊට සහභාගි වෙන්න ඕන.

    පහුගිය කොවිඩ් කාලෙ සිපගැනීම තහනම් වුනා. ඒක ආදරය වෙනුවට මරණය දනවන සංඥාවක් වගේ වුනා. අපිට නැවත දෙතොල් විකසිත කරලා ආදරයෙන්, අනුරාගයෙන් සිපගන්න නිදහස ආවෙ අවුරුදු ගානකට පස්සෙ.

    චර්යාවේදයේ විශේෂඥයන් කියන විදිහට අපි ඇයි මේ විදිහට තව කෙනෙකුගේ දෙතොල් සිපගන්නෙ කියන එක ගැන නිශ්චිත හේතුවක් හිතාගන්න බෑ. ඒක අපිට ආස්වාදය දනවන්නෙ ඇයි කියන එක ගැන පැහැදිලි කිරීමක් නෑ. ඇත්තටම සිපගැනීමක් ඒ තරම් ආශ්චර්යමත් සහ ආස්වාදනීය වෙන්නෙම ඒ හින්දයි. ඒකට කිසිම තේරුමක් නැති හින්දයි. අපි තවත් කෙනෙකුගෙ දෙතොල් අතර, එයාගෙ ඛේටයෙන් තෙත්වෙමින්, තොල්වල අණසකට නතුවෙමින්, ඇතැම් විට දිවෙන් මුව තුල ස්පර්ශ කරමින් ගතවෙන දිව්‍යමය මොහොතක් තියෙනවා. ඒ තමයි kiss කරන මොහොත.

    2021 සෙක්ස් ඇන්ඩ් මැරිටල් ජර්නලයේ පළවුනු වාර්තාවක් අනුව ඔයා සහ ඔයාගෙ සහකරුවා හෝ සහකාරියගේ සම්බන්ධය එකිනෙකාට කොයිතරම් තෘප්තිදායකද කියන එක රඳා පවතින්නෙ ඔයා අනෙකාට කොයිතරම් ආදරය කරනවද කියන එකම මත නෙමෙයි. ඔයා කොයිතරම් අනෙක් කෙනාව සිපගන්නවද කියන කාරණය මත. සිපගැනීමක් තරම් අපි එක්ව පැවතීම ගැන ස්තුතිවන්ත වෙන්න පුළුවන් වෙනත් ආකාරයක් නෑ.

    Kiss එකක් වඩා ආස්වාදනීය වෙන්නෙ කොහොමද කියන එක ගැන විවිධ සොයාබැලීම් කරලා තියෙනවා. ඒ පිළිබඳව ලෝකයේ විවිධ රටවල මිනිස්සු හෙළිදරව් කළ කාරණා අනුව kiss එකක තෘප්තිය පිළිබඳව අපිට සිතා බැලිය හැකි කාරණා කීපයක් තියෙනවා.

    1. ඔබේ සහකරුවා/සහකාරියගේ කැමැත්ත.
    ඕනම ඉන්ටිමේට් ස්පර්ශයකදි වැදගත්ම දේ තමයි අනෙක් පුද්ගලයාගේ අනුමැතිය. මේක කොලේක ලියලා, වචනයෙන් ස්ථිර කරලා ගන්න එකක්ම නෙමෙයි. නමුත් ඒක ස්ථිරව දැනගත යුතු දෙයක් වෙනවා. කෙනෙක්ව සිපගන්න කලින් එයා ඒ හැගීමෙන් ඉන්නවද කියල අපි දැනගන්න ඕන. නැත්තං ඒක බලහත්කාරයක්.

    ඇත්තටම සිපගන්න කලින් ඒක අහන එක වුනත් අනුරාගය වැඩිවෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක ගොඩක් අයට ගෞරවය පිළිබඳ හැගවීමක් වෙනවා. ඒකෙන් kiss එකක් වඩාත් උණුසුම් වෙන්න ඉඩ තියෙනවා.

    2. Kiss කරන වෙලාවෙ සිහියෙන් ඉන්න.
    ආදරයක මුල් කාලයේදී kiss එකක තියෙන අවධානය, අනුරාගය කාලයත් එක්ක වෙනස් වෙනවා. අපිට හුරුපුරුදු පෙම්වතා හෝ පෙම්වතිය සිපගන්න අතර තුර තව නොයෙක් තැන මනස ඇවිදිනවා. අපි එතන ඒ kiss එකේ පවතින්නෙ නෑ. ඒක තමයි සිපගැනීමකට කරන්න පුළුවන් ලොකුම අගෞරවය.

    තව කෙනෙක් සිපගන්න විටෙක දැනීම, ඇසීම, දැකීම, සුවඳ විඳීම, සහ රස බැලීම යන සියලු ආකාරයෙන් අපි ඒ අත්දැකීම තුල පවතින්න ඕන. සමහර අය මේක විස්තර කරනවා සිපගැනීම යනුම භාවනාවක් බඳුය කියල. එක රිද්මයකට සමපාත වන හුස්ම, අවට සියල්ල නතර වන මොහොත, අපි අනෙකා තුලට ගිලී යන නිදහස මේ හැම දෙයක්ම විඳින්න දැනෙන්න අපි සාවධාන වෙන්න ඕන.

    3. දෙතොල්වලට බොහෝ වේලා රැ‍දෙන්න ඉඩදෙන්න
    උදේ ඇදෙන් නැගිටිද්දි නළලතට දෙන පුංචි හාදුවක් වෙන්න පුළුවන්, පැය ගණන් දිග අනුරාගී සිපගැනීමක් වෙන්න පුළුවන් මේ දෙකටම පොදු කාරණයක් වෙන්නෙ හැකිතරම් වෙලා දෙතොල් ස්පර්ශයේ රැදෙන එකේ වැදගත්කමයි. හාද්දක් දිගුවෙන තරමට ඒ හාදුවේ මහිමය වැඩියි. අපේ දොතොලින් අපි අනෙකා එක්ක සම්බන්ධ වෙනවා. එයාගේ රිද්මය හා සමපාත වෙනවා. ඒ හුස්ම විඳින්න ගන්නවා. මේ ‘සින්ක්’ එකට වෙලාව ගතවෙනවා. සිපගැනීමක අරමුණ වෙන්නෙම අනෙකා සමග එකම රිද්මයකට සමපාත වීමයි. මොහොතක් එක්ව පැවතීමේ ශෘංගාරයයි.

    Kiss එකකදි අපේ ශරීරයේ ’බොන්ඩින් හෝර්මෝන’ නිදහස් වෙන්න පටන් ගන්නවා. හැම හාද්දක්ම අපිව අනෙකාට වඩාත් ළංකරනවා. කෝර්ටිසෝල් අඩු කරනවා. සතුටේ හෝමෝනය වන ඩෝපමින් මුදාහරිනවා. අපිව යුෆෝරියාවක අතරමං කරනවා.

    4. දිව ගැන වැරදි වැටහීමක් නැත්නම් සෙමෙන් ඉඩ දෙන්න.
    දිවෙන් සිපගැනීමට සාමාන්‍යයෙන් කියන්නෙ ෆ්‍රෙන්ච් කිස් කියලා. ඒක ඉතා මනරම් සිපගැනීමක්. ඒත් සමහරු ඒකට අකමැති වෙන්න පුළුවන්. ඔබේ සහකරුවා/සහකාරිය ඊට කැමති බව හොඳටම දන්නවා නම් ඔයාට පුළුවන් දෙතොල් සිපගන්නා අතරතුර දිව සෙමෙන් අනුරාගී ලෙසින් ඇගේ හෝ ඔහුගේ මුව තුලට ඇතුල් කරන්න. ඔබ දෙන්නාම කැමති වඩා ප්‍රචන්ඩ වූ ආකාරයෙන් දිව පාවිච්චි කරමින් සිපගැනීමට නම් එහි කිසිම නරකක් නෑ. අනපේක්ෂිත පරිදි දිව මුව තුලට විත් කරන දඟයත් ආස්වාදනීය වෙන්න පුළුවන්.

    සිපගැනීමකදි දිවෙන් මුව තුල සැරීම ඔබ අතර බැඳීම තවත් වැඩි කරනවා. ඒක විනිවිදීමක්. හරියටම සංසර්ගයක් වගේම කිළිපොලා යන හැගීමක්.

    දිවෙන් සිපගැනීම් කරනවා නම් අනෙත් කෙනා එය කොයි ආකාරයකින් කොයිතරමකින් රස විඳින්න ලෑස්තිද කියන එක දැනගෙන ඉන්න එක වැදගත්.

    5. එකිනෙකාගේ ඛේටයෙන් මත්වෙන්න.
    දිවෙන් සිපගැනීම හෙවත් ෆ්‍රෙන්ච් කිස් එකෙනුත් එහාට ගිහින් අපිට පුළුවන් එකිනෙකාගේ කෙළ හුවමාරු කරගන්න. සමහර විට ඒක සිපගැනීම් පාඨමාලාවේ සෑහෙන කාලයක් අධ්‍යනයෙන් පසු කරන්න ඕන වැඩක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඉතාම දැඩි තෘප්තියක්, ආස්වාදයක් දෙන කාරණයක්. අනෙකාගේ කෙළ පවා ආදරයෙන් රස විඳීම කියන්නෙ අපි කොයිතරම් දැඩිව, ගැඹුරින් අනෙකාව බාරගන්නවද කියන බව දැනවීමක්.

    6. ශරීරයේ අනෙක් කොටස් අමතක කරන්න එපා.
    ඔබ දෙතොල් සිපගන්නා අතර තුර අත්වලින් මොනවද කරන්නෙ කියන එකත් වැදගත්. අත්වලින් ඔබ දැඩිව අනෙකාව වැළඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඇය හෝ ඔහු වඩා කැමති එබඳු දැඩි සිරගත සිපගැනීමකට වෙන්නත් පුළුවන්.

    නමුත් ඔබට තව බොහෝ දේ කරන්න පුළුවන්. ඇගේ හෝ ඔහුගේ වඩා සංවේදී කලාප ඔබට ඇගිලිවලින් ස්පර්ශ කරන්න පුළුවන්. සමහරුන්ගේ කන්පෙති, සමහර විට ගෙල යට, සමහර විට පිට පුරා දිවෙන ඇගිලි ඇයව කුල්මත් කරන්න පුළුවන්. දෙතොලින් බැඳී ඇති අතර ඇගිලි සැරිසැරිය යුතු ආස්වාද කලාප ගැන හොඳින් තේරුම් ගන්න. ඔබේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ ශෘංගාර කලාප හඳුනාගැනීම කියන්නෙ ඒකට.

    7. හපනවා නම් මෘදුව හපන්න.
    සමහරු කැමතියි සිපගන්න අතරෙ දෙතොල් සපන්න. එය හැගීම් තවත් උත්සන්න කරන්නක්. වැදගත්ම දේ අනිත් කෙනාත් ඒ තරමට උණුසුම් වූ හැගීමක ඉන්නවද කියල දැනුවත්ව මේක කරන එකයි. නැත්තං ඔක්කොම කණපිට හැරෙන්න පුළුවන්.

    දොතොල් සැපීම මෘදුව කළ යුත්තක්. මේක ඩ්‍රැකියුලා වර්ගයේ සපාකෑමක් නෙමෙයි. ශෘංගාර චුම්බනයක් තවත් අනුරාගී ඉසව්වට කැඳවීමක්. අනෙකාව කිළිපොලා යන පරිදි මෘදු සැපීම් කරන එක තරමක් පුහුණු විය යුතු කාරණයක්.

    8. දෙතොල් තෙත්ව, නැවුම්ව තබාගන්න.
    වියළි පැළුණු දෙතොල්වලින් සිපගැනීම තරම් අනුරාගය බිඳින සුළු දෙයක් නැති වෙන්න පුළුවන්. ඊට වඩා යමක් වෙන්න පුළුවන් නම් ඒ තමයි මුඛයෙන් දුර්ගන්ධයක් වහනය වීම. මේ නිසා සිපගැනීමකට කලින් දෙතොල් තෙත්ව, මෘදුව පවත්වාගන්න. ඒ තෙත්බව තමයි kiss එකක පදනම. ඒ වගේම චුයින්ගම් එකක් හරි හපලා මුව නැවුම්ව තබාගන්න. කොයිතරම් උදේට දත් මැදලා ආවත් ගතවෙන කාලයත් එක්ක දුර්ගන්ධයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අනෙකාට නැවුම් හුස්ම විඳින්න පුළුවන්, එහි දැවටෙන්න තැවරෙන්න පුළුවන් ශෘංගාරමය සුවඳක් මුවින් වහනය වෙනවා නම් කොයිතරම් රමණීයද?

    9. සිපගැනීම ගැන ප්‍රතිචාර විවෘතව බාරගන්න.
    ඔබ කෙනෙකුට නරක සිපගන්නෙක් වෙලා තවත් කෙනෙකුට විස්මිත සිපගන්නෙක් වෙන්න පුළුවන්. ඒක ඉතාම පුද්ගලික දෙයක්. ඒ නිසාම සිපගැනීම ගැන විවෘතව අනෙකා එක්ක කතාබහ කරන්න. එයා තවත් කැමති නොකැමැති ආකාර ගැන දැනගන්න. හාදුව තව තවත් ගැඹුරට අනුරාග ඉසව් වලට ගෙන යන්න.

    මේ වගේ දේවල් විවෘතව අනෙකාට කියන මට්ටමට ඔබේ සම්බන්ධතාවය පරිණත කරගන්න. හිතේ දේවල් හංගගෙන ඉන්න වේදනාවෙන් අත්මිදෙන්න.

    Kiss එකක් කියන්නෙම විවෘත බවේ, නිදහසේ, බාරගැනීමේ සංඥාවක්. ඒ බව සිහිපත් කරමින් නැවත නැවත සිපගන්න.

  • SWINGING ගැන දැනගන්න. ආස්වාදයේ පැද්දෙන්න

    SWINGING ගැන දැනගන්න. ආස්වාදයේ පැද්දෙන්න

    Swingers Club කියන්නෙ මේ වෙබ්සයිට් එකේ නැගලම ගිය සීරීස් එක. ඒක ලියන්නෙ ඇත්තටම ස්වින්ගින් කල්චර් එකේ ඉන්න කෙනෙක්. අවාසනාවට ඒ ලියන්නා දේශපාලනයට ඇබ්බැහි වුනු හින්ද මේ දවස්වල ස්වින්ගර්ස් ක්ලබ් මග නැවතිලා. ලංකාවට ස්වින්ගින් සංස්කෘතිය හඳුන්වාදීමේ ඉතාම වැදගත් ලියවිල්ලක් ඒ කතා පෙළ.

    මට නිතරම ස්වින්ගින් වලට කැමති අය කතා කරනවා. ඒ වගේ තවත් අය ඇසුරු කරන්න තියෙන අවකාශ ගැන අහනවා. ඒත් ස්වින්ගර්ස්ලා එහෙම ලේසියෙන් තවත් අය එකතු කරගන්න පිරිසක් නෙමෙයි. අපේ වගේ රටක ආරක්ෂාව ගැන ඒ ගොල්ලො ගොඩක් සැලකිලිමත්. ඒ නිසා මේ සමාන රසයක් විඳින අය මුනගැහෙන්න වෙන්නෙ ඕගනික් විදිහටමයි. තමන් කැමති දේ තමන් කරා ආශක්ත වෙනවා කියලා කතාවක් තියෙනවනෙ. ඒ නිසා වඩවඩා ස්වින්ගින් ලයිෆ් ස්ටයිල් එක ගැන උනන්දු වෙන්න. ඉබේටම සමාන වයිබ් එක තියෙන අය මුනගැහේවි.

    මේ අතර කලම්බු ස්වින්ගර්ස් ක්ලබ් කියල එකක් හදිස්සියෙ දකින්න ලැබුනා. ඒක ප්‍රසිද්ධියේ ස්වින්ගර්ස්ලට ආරාධනා කරන ඔන්ලයින් ව්‍යාපාරයක්. ක්ලබ් එකට බැදෙන්න කියල කීප දෙනෙකුගෙන්ම මුදල් අරගෙනත් තිබුනා. ඊට පස්සෙ ෆෝන් කෝල් එකක්වත් ආන්සර් නොකර සැගවී පලායාමක් තමයි සල්ලි දීපු අය එක්ස්පීරියන්ස් කරලා තියෙන්නෙ.

    මතක තියාගන්න. ස්වින්ගර්ස්ලා කිසි දවසක එහෙම මුදල් පරමාර්ථයෙන් මේ සංස්කෘතිය පවත්වාගෙන යන්නෙ නෑ. මුදල් අය කරනවා කියන්නෙම එතන තියෙන්නෙ වංචාවක්. ආරම්භක සාමාජික මුදල් අය කරලා, කපල්ස් මුනගස්සන්නම් කියල වෙනම මුදල් අරගෙන ස්වින්ගර්ස් ක්ලබ් කරගෙන යන්නෙ නෑ. අඩුම තරමෙ මං දන්න තරමින් ලංකාවෙ එහෙම තත්වයක් නෑ. ස්වින්ගර්ස්ලා නිතරම ඉන්නෙ මිතුරු සමාජයක. ඉතාම කිට්ටුවෙන් දන්න විශ්වාසවන්ත අය එක්ක.

    ඒ හින්ද ආසාව තිබුණට බොරුවලට රැවටෙන්න එපා.

    අපි මුල ඉඳන් පටන් ගමු. ස්වින්ගින්ග් කියන්නෙ මොකක්ද ඇත්තටම?
    ස්වින්ගින් කියන්නෙ වැඩිහිටියන් දෙන්නෙකුගේ එකගතාවයෙන් පවත්වාගෙන යන සමාජමය ලිංගික පිළිවෙතක් කියන්න පුළුවන්. මේ දෙන්නා අතර සහකරුවන් හුවමාරු කරගැනීම හෝ විවිධ කණ්ඩායම් සමග ලිංගික සබඳතා ඇතිකර ගැනීම සිද්ද වෙනවා. නමුත් වැඩිපුරම මෙතනදි සිද්ද වෙන්නෙ දෙන්නා දෙන්නා වශයෙන් හුවමාරු කරගනිමින් ලිංගික සබඳතා ආස්වාද කිරීමක්. ඒක ලිංගික ඉරිසියාව මත පදනම් යුගලන විවාහය කණපිට ගහන ක්‍රමයක්.

    ස්වින්ගර්ස්ලා ඒ දෙන්නා අතර ඇති ප්‍රධාන සම්බන්ධයට අමතරව වෙනත් අය සමග ලිංගිකව එක්වෙමින් දෙන්නාගේ බැඳීම තවත් වැඩි කරගන්නවා. බොහෝ විට ස්වින්ගර්ස්ලා කරන්නෙ තමන්ගේ සහකරුවාට හෝ සහකාරියට පෙනෙන, නැත්නම් එයත් සම්බන්ධ වන ආකාරයෙන් ලිංගික ක්‍රියාවල යෙදීමයි.

    ස්වින්ගර්ස්ලා මේකට කියන්නෙ ‘ලයිෆ් ස්ටයිල්’ කියලයි. ඒ කියන්නෙ ස්වින්ගින්ග් එක්ක කින්ක්, බීඩීඑස්එම් වගේ චර්යාවනුත් සම්බන්ධ කරගනිමින් ඒ අයගෙ ලිංගික අනන්‍යතාවයක් සහ සබඳතා විලාසයක් නිර්මාණය කරගෙන තියෙනවා කියන එක.

    මතක තියාගන්න ඕන. ස්වින්ගින් කියන්නෙ cheat කරනවට නෙමෙයි. ස්වින්ගින් පදනම් වෙලා තියෙන්නෙ කන්සෙන්ෂුවල් නොන්මොනොගමි (consensual non-monogamy) ඒ කියන්නෙ එකිනෙකාගේ අනුමැතිය සහිත බහු සේවනය කියන තැනින්. ස්වින්ගින්වලට සම්බන්ද සියලු පාර්ශ්ව සිදුවන සියල්ල ගැන දැනුවත් වෙන්නත් ඒක අනුමත කරන්නත් අවශ්‍යයි.

    ගොඩක් ස්වින්ගර්ස්ලා හැමෝම එක්ක සෙක්ස් කරන්න විවෘත නෑ. ඒක එක වගේ හිතන පතන අය අතර ඒ අයගෙ සම්බන්ධතා තවත් තීව්ර කරගන්න නිර්මාණය කරගන්නා චර්යාවක් විදිහට තේරුම් ගන්න ඕන. ස්වින්ගර්ස්ලා කියන්නෙ commit වෙන්න නැත්තං සබඳතාවයකට කැපවෙන්න අසමත් අය කියලා කියන කතාව බොරුවක්. ඒ අයගෙ සම්බන්ධතා අවුල් හින්ද මේ වගේ දේවල් කරනවා කියල හිතන එකත් නොදන්නාකම නිසා එන අදහසක්. ඇත්තටම මේකෙ ප්‍රතිවිරෝධයයි ඇත්ත.

    ස්වින්ගින් කියන එක ගැටුම් සහිත සම්බන්ධතාවයකට කොහෙත්ම සුදුසු එකක් නෙමෙයි. ඒකෙන් cheat කරන කෙනෙක් ඉන් වළක්වාගන්න හෝ සබඳතාවයක් අලුත්වැඩියා කරගන්න හැකියාවක් නෑ. ස්වින්ගින් ගැලපෙන්නෙ තමන්ගේ සබඳතාවය ඉතාම නිරෝගී සහ ස්ථාවර අයට විතරයි.

    Swinging සහ Open relationships

    ස්වින්ගින් කියන්නෙ විවෘත සම්බන්ධතා කියන එක නෙමෙයි. හැම ස්වින්ගර් කෙනෙක්ම කරන්නෙ ඕපන් රිලේෂන්ෂිප් එකක් වුනාට හැම ඕපන් රිලේෂන්ෂිප් එකක් කරන කෙනෙක්ම ස්වින්ගර් කෙනෙක් නෙමෙයි. ඕපන් රිලේෂන්ෂිප් වලදි සහකරුවා හෝ සහකාරිය අනෙකාගේ සහභාගීත්වයක් නැතිව වෙනත් අය සමග සබඳතා පවත්වනවා. ඒ වගේම බොහෝ අය ‘අහන්නත් එපා. කියන්නත් එපා’ වගේ එකගතාවයක් පවත්වාගන්නවා. ඒත් ස්වින්ගින් කරන අය මේ සිදුවීම්, කතන්දර, අත්දැකීම් සියල්ල අනෙකා එක්ක ෂෙයාර් කරගන්නවා. ස්වින්ගින් කරන අයට ඒක ආස්වාදයක්. සමහර අය බාහිර ලිංගික සහකරුවෙක් සම්බන්ද කරගන්න වි‍ශේෂ අවස්තා පනවාගෙන තියෙනවා. ඒ දෙන්නම එකග කාලයක හෝ අවස්ථාවක පමණක් ස්වින්ග් කරන්න තීරණය කරනවා.

    ස්වින්ගින් කියන එක පොලියමරි (Polyamory) නැත්නම් බහුසබඳතා ක්‍රමයටත් වඩා වෙනස්. පොලියමරිවලදි රොමැන්ටික් බැඳීම් ඇතිවෙනවා. ඒත් ස්වින්ගින් තනිකරම ලිංගික ගනුදෙනුවක් විතරයි. එතනින් එහා ඉමෝෂනල් පැටලීම් නෑ.

    මේ තුන් වර්ගයේම තියෙන සමානකම තමයි මේ තුනම කන්සෙන්ෂුවල් නොන්මොනොගමි සබඳතා වෙන එක. ඒ වගේම විශ්වාසය, හොඳ සන්නිවේදනය. අවංකත්වය වගේ කාරණා මත පදනම් වෙන එක.

    ඔයාට ස්වින්ගින් හරියයිද?

    මේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ඒවා බහුතරයකට ඔයා ළග තියෙන්නෙ ‘ඔව්’ කියන උත්තරේ නම් ඔයාට ස්වින්ගින් ට්‍රයි කරලා බලන්න පුළුවන්.

    1. සහකරුවා හෝ සහකාරිය බාහිර කෙනෙක් සමග ලිංගික ආස්වාදයක් ලැබීම ගැන ඔයාට ෆැන්ටසියක් තියෙනවද?
    2. වෙනත් කෙනෙක් සමග ඔබේ සහකරුවා/සහකාරිය ලිංගිකව හැසිරීම ගැන අදහස ඔබව කුල්මත් කරනවද?
    3. අලුත් අත්දැකීම් සහ නව්‍යතාවයන්ට කැමති කෙනෙක්ද?
    4. ඕනෑම තත්වයකදී හොඳින් කතාබහ කළ හැකි සන්නිවේදනයක් ඔබ දෙදෙනා අතර තියෙනවද?
    5. ආදරය සහ සෙක්ස් වෙන් කර තබාගන්න සමත්ද?
    6. පෝර්න්වල ගෲප් සෙක්ස්, වයිෆ් ස්වොපින්ග්, වොයරිසම් (අනෙක් අයගේ සබඳතා නැරඹීම) ආදියට කැමතිද?
    7. ඔබ දෙදෙනා අතර හොඳ විශ්වාසයක් පවතිනවද?
    8. කලින් ගෲප් සෙක්ස් ආදී වෙනස් අත්දැකීම් ලබා තියෙනවද?
    9. විවෘත මනසක් ඇති සම්මතයෙන් පිටස්තර ඇඩ්වෙන්චර්ස් ලබන්න කන්ෆිඩන්ස් තියෙන කෙනෙක්ද?

    ට්‍රයි කරන්න කලින් මේවා ගැන සැලකිලිමත් වෙන්න.

    1. ව්‍යවහාරය දැනගන්න.
      ස්වින්ගින්වල පාවිච්චි වෙන වචන ගැන දැනගෙන ඉන්න එක වැදගත්. සාමාන්‍ය ස්වින්ගින් රටාව පාර්ට්නර්ස්ලා දෙන්නෙක් තව දෙන්නෙක් එක්ක මාරු වෙලා ලිංගික ආස්වාදයක් ලැබීමයි. එතනදි ඔයාට පුළුවන් ‘සොෆ්ට් ස්වොප්’ එකකට යන්න. ඒ කියන්නෙ ඕරල් සෙක්ස් වෙනකල් විතරක් යන්න අවසර තියෙන සබඳතාවයක්. ‘ෆුල් ස්‍වොප්’ කියන්නෙ ලිංගික සංසර්ගය දක්වාම යනවා කියන එක.

    තනිකඩ කාන්තාවක් විෂම ලිංගික පෙම්වතුන් යුවළක් සමග සෙක්ස් කරන්න විවෘත නම් එයාට කියනවා ‘යුනිකෝර්න්’ කෙනෙක් කියල.

    ‘ක්ලෝස්ඩ් ඩෝර්’ කියල හඳුන්වන්නෙ ඔබේ සහකරුවාට හෝ සහකාරියට ඔබට නොපෙනෙන තැනක ලිංගිකව හැසිරීමටත් අවසර තියෙනවා කියන එක.

    1. අපේක්ෂාවන් නිවැරදිව දැනගන්න.
      ඔබේ සහකරුවා/සහකාරිය සමග විස්තරාත්මකව කළ හැකි, කළ නොහැකි දේවල් කතා කර එකඟ වී තිබීම වැදගත්. දෙන්නා ගෲප් සෙක්ස්වලට යනවද? නැත්තං තව කපල් එකක් එක්ක විතරද? මොනවද ස්වින්ගින්වලින් බලාපොරොත්තු වෙන්නෙ? මේ දේවල් ගැන විවෘතව කතා කරලා තියාගන්න වෙනවා.

    ඒ වගේම කිසිම වෙලාවක අනෙක් කෙනාව බලෙන් පොළඹවන්න යන්න එපා. ඔයා කැමති දේ කොහොම හරි කරවගන්න හදන්න එපා. ස්වින්ගින් ආස්වාදජනක වෙන්නෙ දෙන්නම කැමැත්තෙන් ආසාවෙන් ඒ දේ කරනවා නම් විතරයි.

    1. ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.
      ස්වින්ගින්වලදි ලිංගිකව බෝවන රෝග සහ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්න පරිස්සම් වෙන එක වැදගත්. කොන්ඩම් පාවිච්චිය අනිවාර්යයක් කරගන්න.

    2. චෙක්-ඉන් එකක් සැලසුම් කරන්න.
      පළවෙනි වතාවෙ ස්වින්ග් කරාට පස්සෙ ඉමෝෂනල් පෙරලි ඇති වෙන්න පුළුවන්. බොහෝ විට ඒවා ආස්වාදජනක ඒවා වේවි. සමහර විට ඒත් එක්කම පසුතැවීම්, වරදකාරී හැගීම් වගේ ඒවා ඇතිවෙන්නත් පුළුවන්.

    මේ නිසා වෙලාව අරගෙන ආපහු දෙන්නා අතර රි-කනෙක්ට් වෙන අවකාශයක් පවත්වාගන්න එක වැදගත්. එතනදි ඒ අත්දැකීම ගැන කතාබහ කරන්න. කැමති අකමැති දේ ගැන විවෘතව බෙදාගන්න. සම්බන්ධතාවයට පොසිටිව් ඉම්පැක්ට් එකක් දෙන්න මේ මො‍හොත වැදගත් වෙනවා.

    1. නෙට්වර්ක් එකකට සම්බන්ද වෙන්න
      ක්ලබ් එකකට හෝ සමූහයකට එක්වීම ස්වින්ගින් අත්දැකීම්වලට ආරක්ෂිත වගේම සංස්කෘතිකවත් හොඳ කාරණයක්. ඒ මිතුරු සබඳතා ලස්සන ඒවා වේවි. හැබැයි ඒ සමූහයේ අය කොයි වගේ පිරිසක්ද, ඒ අය ස්වින්ගින් තුලින් හොයන්නෙ මොනවද කියල දැනගෙන ඉන්න එක වැදගත්. ගොඩක් රැවටිලිකාර වගේම මුදල් වෙනුවෙන් විවිධ අපචාර සිදුකරන සමූහයන් පවතින නිසා පරිස්සම් වෙන්න.

    කොහොමද ස්වින්ගින්වලට ආසයි කියල පාට්නර්ට කියන්නෙ?

    ඒක ටිකක් අමුතු හැගීමක් දෙන තත්වයක්. ලංකාව වගේ රටක සෑහෙන විප්ලවීය එලිදරව්වක්. මොනවා කිව්වත් මොනොගමි තමයි දැඩිව ස්ථාපනය වෙලා තියෙන ආකෘතිය. ඉතින් මුලදි මේක කිව්වම අපහසුවක් අමුත්තක් ඇතිවෙන්න පුළුවන්.

    හොඳ කතාබහක් ඇති කරගන්න. දෙන්නම සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක් තෝරගන්න. මේ ලිංගික සංස්කෘතීන් ගැන අදහස් හුවමාරු කරගන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් අනිත් කෙනා ඒ ගැන හිතන්නෙ කොතනින්ද කියලා. විවෘතව තමන්ගේ කුතුහලය ගැන කියන්න. ඒ කැමැත්ත හංගන්නෙ නැතුව බාරගන්න. හැබැයි ඔයාගෙ පාට්නර් ඒක දකින විදිහ බාරගන්න ලෑස්ති වෙන්න. විනිශ්චය කරන්න යන්න එපා. පාට්නර් අකමැති නම් ඒ කතාව එහෙම්ම පසුකාලයකට අරන් තියන්න. කාලයත් එක්ක ගොඩක් දේවල් අනුවර්තනය වෙනවා.

    මේ කියන්නෙ ඔයාට මේක කරන්නම ඕන කියල අනෙකාට කියනවා වගේ දෙයක් නෙමෙයි. අනෙකාගේ ඒ ගැන හැගීම් තේරුම්ගන්නවා කියන එකයි. ආදරෙන් ඒවාට ඇහුම්කන දෙන එකයි.

    මේ විවෘත සංවාද කලාපය නිර්මාණය කරගත්තට පස්සෙ ඕනම දෙයක් ගැන විනිශ්චයන්ගෙන් තොරව දෙන්නෙකුට කතාබහ කරන්න පුළුවන් වෙනවා. දෙන්නටම ඒ ගැන ආකර්ශනයක් ඇතිවෙන කල් මේ කතාබහ කරගෙන යන්න.

    අවසාන වශයෙන්.

    ස්වින්ගින් කියන්නෙ ඉතාම ආස්වාදනීය, නැවුම් අත්දැකීම් ගේන ලිංගික ජීවන විලාසයක්. මේකෙන් ඔබත් ඔබේ සහකරුවා/සහකාරියත් අතර බැඳීම් ඉතාම දැඩි වෙනවා, සමීප වෙනවා. දෙන්නම එකම තැනක ඉන්නවා නම් මේ හැම රාත්‍රියක්ම දහඩියෙන් තෙත්වුනු සතුටෙන් උණුසුම් වුනු රාත්‍රීන් වෙනවා සිකුරුයි.

  • චන්ද්‍රාචුඩ් – ඉන්දියානු අධිකරණයේ කැරලිකාර විනිසුරුවා

    චන්ද්‍රාචුඩ් – ඉන්දියානු අධිකරණයේ කැරලිකාර විනිසුරුවා

    2018 ඉන්දියාවෙ ශ්‍රේෂ්ටාධිකරණය අනාචාරයේ යෙදීම, නැත්නම් කාන්තාවක් විවාහකව සිටියදී වෙනත් පුරුෂයෙක් සමග ලිංගිකව හැසිරීම අපරාධයක් හැටියෙන් සැලකූ නීතිය අවලංගු කරනවා. ඒ වෙලාවෙදි විනිශ්චයකාර චන්ද්‍රාචුඩ් වැදගත් ප්‍රකාශයක් කරනවා.

    ‘විවාහ වීමෙන් කාන්තාවකගේ ලිංගික අයිතිය පිරිමියාට පැවරෙන්නෙ නෑ. ඒ වගේම විවාහය කියන්නෙ කාන්තාවක් වෙනත් අය සමග ලිංගිකව හැසිරෙන්නෙ නැති වගට ඇති කරගන්නා එකග වීමක් නෙමෙයි’

    මේ ප්‍රකාශයත් එක්ක චන්ද්‍රාචුඩ්ට එරෙහිව ඇවිලෙමින් තිබුනු #NotMy CJI ඒ කියන්නෙ, මගේ අගවිනිසුරු නොවේ යනුවෙන් ප්‍රතිගාමී ඉන්දියානු සංස්කෘතිය රකින්න දඟලන පිරිසගේ සටන තවත් බුරබුරා නගිනවා.

    D Y චන්ද්‍රාචුඩ් කියන්නෙ මේ වෙද්දි ඉන්දියාවේ අගවිනිසුරුවරයා. අධිකරණයේ නීතිය ක්‍රියාත්මක වීමට ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් දැක්ම, තේරුම් ගැනීම අනිවාර්යෙන් අවශ්‍යයි කියල චන්ද්‍රාචුඩ් සෑහෙන කාලයක ඉඳන් සටන් කරනවා. මේ නිසාම සාම්ප්‍රදායික මතවාද කරින් ගත් ඉන්දියානුවෝ චන්ද්‍රාචුඩ් විසින් විෂසහිත ෆෙමිනිස්ට් අදහස් නීතියට ඇතුල් කරනවා කියල චෝදනා කරනවා. ඉන්දියාවෙ සංස්කෘතියට මේ ස්ත්‍රීත්වයට ගරු කරන අදහස් හරි වේදනාකාරී විදිහට දැනෙනවා.

    චන්ද්‍රාචුඩ්ට විරුද්ධව සෝෂල්මීඩියා කැරැල්ල පටන්ගත්තෙ එයා දිල්ලිවල ජාතික නීති විශ්ව විද්‍යාලෙ ශිෂ්‍යශිෂ්‍යාවන් අමතමින් ඔබ නීතිය පුහුණු වන විට නිතරම ස්ත්‍රීවාදී දැක්ම අඩංගු කරගන්න කියලා ඉල්ලා සිටීමත් එක්කයි.

    මේ උපාධි ප්‍රදානෝත්සවයෙදි එයා කරන කතාව හරිම වැදගත්.

    ‘නීතිය කියන්නෙ හරියට තේරුම් ගත්තොත්, හරියට ක්‍රියාවට නැගුවොත්, පීතෘමූලිකබව, කුලවාදය සහ ආබාධිතයන්ට වෙනස් ලෙස සැලකීම ආදී අධිපතිවාදී ව්‍යුහයන්ට එරෙහිව ආරක්ෂාවට ඇති යාන්ත්‍රණයක්’ ඔහු එතනදී කියනවා.

    නීතිවේදීන් සහ ස්ත්‍රී ක්‍රියාකාරීන් චන්ද්‍රාචුඩ්ගෙ මේ ප්‍රකාශයන් ඉතා ඉහළින් බාරගත්තා. ඒ නිර්භීතකම අගය කළා. නමුත් සාම්ප්‍රදායික බහුතරයේ ප්‍රතිචාරය වුනේ වෙනස් එකක්.‘මිනිස්සු මේ ස්ත්‍රීවාදී සිතීම කියන එක වරදවා අරගෙන තියෙන බව පේනවා. ස්ත්‍රීවාදය කියන්නෙ එක එක අයට එක එක තේරුම් දෙන වචනයක් වෙන්න පුළුවන්. ඒත් මූලිකවම ස්ත්‍රීවාදය කියන්නෙ කාන්තාවට සම අයිතීන් ලබාදීම කියන එකයි’ ජ්‍යෙෂ්ට නීතිවේදිනියක් පැහැදිලි කළා.

    ‘මේ ප්‍රකාශය ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන. පිරිමි විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ කාන්තාවක් විත්ති කූඩුවේ ඉන්නවා නම් අර පිරිමි විනිශ්චයකාරවරයා තමන්ට තමන්ගේ ලිංගිකත්වය- ජෙන්ඩර් එක විසින් උගන්වා ඇති සියලු දේ බැහැර කරමින් අර ගැහැණියගේ මනස තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි කියන එකයි’
    නීතිවේදියෙක් තවදුරටත් විස්තර කරනවා.

    චන්ද්‍රාචුඩ් කියන්නෙ මීට කලින් ඉඳන්ම ඉන්දියානු ප්‍රතිගාමී සංස්කෘතියට බෝම්බ දානවා වගේ තීන්දු දුන් කෙනෙක්. එයා සමලිංගිකත්වය වරදක් යැයි සැලකෙන නීතිය නිෂ්ප්‍රභා කරනවා. කාන්තා හමුදා නිලධාරිනියන්ට හමුදාවේ උසස් තනතුරු ලබාගැනීමේ අයිතිය ඇති බව ප්‍රකාශ කරනවා. ගබ්සා කිරීමේ අයිතිය විවාහක සහ අවිවාහක කාන්තාවන්ට ලබාදෙනවා.

    මේ නිසා චන්ද්‍රාචුඩ් බටහිර සංස්කෘතියට ඇබ්බැහි වුනු ඉන්දියාවේ සදාචාරය විනාශ කරන කෙනෙක් විදිහට හංවඩු ගැහෙනවා. පවුල් ජීවිත විනාශ කරන්නෙක් කියලා චෝදනා නැගෙනවා.

    ‘ඉන්දියාවෙ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන වාර්තා අසතුටුදායකයි. කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පැත්තෙන්, කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුලත් කරගැනීම පැත්තෙන් වගේම නායකත්ව තනතුරු ලබාදීම පැත්තෙනුත් ඇති තත්වය ගැන කොහෙත්ම සතුටු වෙන්න බෑ. අපිට ඇත්තටම වෙනස් වෙන්න ඕන නම් රටේ ජනගහනයෙක් බාගයක් ඉන්න කාන්තාවන් ක්‍රියාකාරීව සම්බන්ධ කරගැනීම අත්‍යාවශ්‍යයි. නැත්තං මේක ජාතික නාස්තියක්. පටු කණ්ණාඩිවලින් බලලා ඉදිරියේදී නීති සම්පදානය නොකළ යුතුයි. මේ නිසා අනිවාර්යෙන්ම නීති සම්පාදනයේදී කාන්තාවගේ දැක්ම අඩංගු කරගත යුතුමයි. චන්ද්‍රාචුඩ් කරන මේ කාර්යය වඩාත් අගය කළ යුත්තේ ඒ නිසයි’
    ප්‍රගතිශීලි සමාජ ක්‍රියාකාරිනියන් පෙනී සිටිනවා.

    මේ කතාව ඉන්දියාවෙ. ඇත්තටම අපේ රටේ නීතිය තාම තියෙන්නෙ කොතනද? අපේ විනිශ්චයකාරවරුන් පෙනී ඉන්නෙ කොයි පාර්ශ්වය වෙනුවෙන්ද? අපේ රටේ චන්ද්‍රාචුඩ් වගේ විනිසුරුවරුන් පහළ නොවන්නේ ඇයි?

    ඒ තමයි ලිංගිකත්වය ගැන අපේ රටේ නීතියට දැනෙන තරම.

  • තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල) ගාඩි ෆිල්ම් එක බලන්න ලැබුන. ප්‍රසන්න කියන්නෙ ලංකාවෙ ඉන්න ඉවසිලිවන්තම, පිළිවෙලම, වෘත්තීයම සිනමාකරුවා කියල පුළුවන්. එයා තමන්‍ගේ චිත්‍රපට නිර්මාණයට අමතරව චිත්‍රපටි නිෂ්පාදනය ගැනත් ලොකු දැනුමක්, පරිචයක් ලබාගත්තා. කලාපයේ විවිධ දක්ෂතා ඇති පිරිස් එක්ක සිනමා නිර්මාණ කරමින් ලංකාවෙ සිනමාව කලාපීය සිනමාවත් එක්ක සම්බන්ද කරන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ සිනමා කර්මාන්තයට බිහිකරන්න පුළුවන් වුනේ එහෙම එක්කෙනයි.

    ප්‍රසන්න සෑහෙන කාලයක් තිස්සෙ ගාඩි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ලංකාවෙ පීරියඩ් සිනමාව ඇතුලෙ නිර්මාණාත්මකව මෙතෙක් උසස්ම මට්ටම අත්පත් කරගන්න ගාඩි සමත් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. ඒ තරම් කැත නැතුව, දෙබස් ආදියෙන් පවා ඒ කාලයත් මේ කාලයත් දෙකම දැරිය හැකි අවකාශයක් නිර්මාණය කරගන්න ප්‍රසන්නට පුළුවන් වෙනවා. මං හිතන්නෙ එතනදි වැදගත්ම දේ ප්‍රසන්න ඉතිහාසයේ අතුරු කතාවකින් හැරෙන එකයි. ගාඩි චිත්‍රපටියට විෂය වෙන කතාව ඉතිහාසයේ වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක ඇහැලේපොලගේ පරිවාර නිළමෙ කෙනෙකුගෙ බිරිඳක් ගැන කතාවක්. ඒත් ඉතිහාසය වෙනස් වීම ගැන ඉතාම සුවිශේෂී මානුෂීය කතාන්දරයක් ගාඩි ඇතුලෙ තියෙනවා.

    කතාව දිගහැරෙන්නෙ රාජසිංහ රජු පන්නන්න ඇහැලේපොල සෙට් එක කුමන්ත්‍රණය කරන දවස්වල. ඉංග්‍රීසින් එක්ක (ඩොයිලි එක්ක) එකතු වෙලා මේ ගහන කැරැල්ල පරාජයට පත්වෙනවා. නිළමෙලාගෙ පවුල් පිටින් රාජ උදහසට ලක්වෙනවා. ඒ නිවෙස්වල ගැහැණුන්ට එක්කො දියට පැන දිවි නසාගැනීම හෝ ගාඩි රැහැට එකතු වීම තෝරාගන්න ලැබෙනවා.

    මේක හරිම ලස්සන තෝරාගැනීමක්. එක්කො සංස්කෘතිය නැත්තං ජීවිතය කියන දෙක අතර. තමන්‍ගේ කුල ගෞරවය ගැන ජීවිතයට වඩා හිතන අය ගඟට පනිනවා. ඒත් කුලයට එපිටින් ජීවිතය ගැන තාමත් බලාපොරොත්තු සහගත අය අඩියක් පස්සට ගන්නවා.

    ඒ ඉහළ කුලවතිය ලබාගන්න රොඩියෝ ගඟ හරහා පීනනවා. හරියට ශුක්‍රාණු වගේ. ඇය තමන්ගේ කරගන්නේ මුලින්ම ඇගේ මුවට තමන්‍ගේ බුලත් හපය ලන රොඩියායි.

    තමන්ට බල්ලන්ට මෙන් සළකන ඉහළ වංශයෙන් නෙරපා හරින කාන්තාවක් තමන්‍ගේ කරගැනීම සඳහා තරගවදින රොඩී මානසිකත්වය අසිරිමත් එකක්. එක්කො නිකං දෙන ඕන දේකට පොරකාලා ගන්න පුරුද්ද රැහැක් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන්ගේ ආශාව හැමදාම පවතින්නෙ ඒ උසස් වාංශික කාන්තාවන් ගැන වෙන්න පුළුවන්. හරියට කලු අයගේ ආශාව සුදු ගැහැණුන් මත පවතිනවා වගේ.

    ඒ කොහොම වුනත් මේ වැළඳගැනීම අනිත් පැත්තෙන් අත්හැරීමක්. කුල මුසුවීමක්. ඒ වංශවත් කුලයේ කාන්තාවට දෙවැනිව පවතින්න තෝරාගැනීමක්.

    මං දැකලා තියෙනවා ලංකාවෙ පිරිමි බොහොමයක් තමන්ට වඩා සංස්කෘතිකව බලවත් ගැහැණියක් පාවා ගන්න බයකින් පසුවෙනවා. ඒ තමන්‍ට හුරු සංස්කෘතිය අත්හරින්න වෙනවා කියන බයට. නැත්තං හීනමානයට. සමහරු උගත්කම්වලින් පවා තමන් අභිභවා යන කාන්තාවක් විවාහ කරගන්න බයයි. ඒක තමන්‍ගේ පිරිමිකම දුර්වල කරන තත්වයක් විදිහට ඒ අයට හැගෙනවා. මුදල් අතින් තමන්ට වඩා ඉහළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින ආකර්ශනය වෙන අරමුණක්. ඒත් සංස්කෘතිකව තමන්ට වඩා උසස් ගැහැණියක් තෝරාගැනීම කියන්නෙ පිරිමි ගොඩකට අභියෝගයක්.

    මෙතනදි මේ රොඩී කොල්ලා ඒ අභියෝගය ගන්නවා. එහෙම තැනකදි දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක, පිරිමියා විසින් ගැහැණිය තමන්ට නතු කරවාගෙන තමන්ගේ සංස්කෘතියට අඩංගු කරගැනීම. දෙවෙනි එක ගැහැණියගේ සංස්කෘතිය තමන් විසින් වැළඳගැනීම. ඒ සංස්කෘතියට ගරු කිරීම. ඒ වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය හෝ වර්ගයා අත්හැරීම. ඒක ගැහැණුන්ගෙ පැත්තෙන් නිතර සිද්ද වෙන දෙයක්. නමුත් පිරිමියෙකුගේ පැත්තෙන් දරුණු අභියෝගයක්. ඉන්න ස්තිර තැනක් පවා අහිමි රොඩී කොල්ලෙකුටම මිස වෙනකෙකුට බොහෝ දුෂ්කර විය හැකි කාර්යයක්.

    ඒත් කුලයක් හෝ වර්ගයක් වෙනස් වෙන්න ගන්නෙ ඒ පාවාදීම ඇතුලෙයි. හැම වර්ගයකම ඊලග පැවැත්ම තීරණය කරන්නේ ඒ වර්ගය උසස් සංස්කෘතියක් වෙනුවෙන් පාවා දෙන්නා විසිනුයි.

    ප්‍රසන්නගෙ කතාවම පදනම් වෙන්නෙ තන වැස්ම මත. රොඩියන්ව පහත හෙලන කාරණය වෙන්නෙ තන වැස්මක් ඇඳීම තහනම් වීමයි. උසස් කුලයෙන් පිටුවහල් කරන නිළමේ බිරිඳ තමන්ගේ තන වැස්ම ගැලවීමට එරෙහිව සටන් කරනවා. මෙතනදි පියයුරු කියන්නෙ ශෘංගාරය හෝ ආශාව පිළිබඳ කාරණයක් නෙමෙයි කුල ගෞරවය පිළිබඳ කාරණයක්.

    තනපට බලහත්කාරෙන් ඉවත් කරන දර්ශනවලදී පවා ඇ‍ගේ පියයුරු වසන් කරන්නට ප්‍රසන්න අධ්‍යක්ෂවරයා විදිහට තීරණය කරනවා. කතාවෙ ඇයව නිරුවත් කළත් ප්‍රසන්න ඇගේ ගෞරවය රකිනවා.

    නමුත් අනෙක් රොඩී ගැහැණුන්ගේ පවා පියයුරු දර්ශනය වෙන්නෙ කලාතුරකින්. බොහෝ අවස්ථාවල යම් යම් දෙයින් ඒවා උවමනාවෙන් ආවරණය කරපු බවක් පේනවා. ඒකට හේතුව මං හිතන්නෙ අපේ සිනමා ශාලාවලට නරඹන්නො ගෙන්වා ගැනීමම වෙන්න ඕන. කාන්තා නිරුවත ප්‍රදර්ශනය වුනු ගමන්ම ප්‍රේක්ෂාගාරය බාගෙට අඩුවෙනවා. විශේෂයෙන් කාන්තාවන් චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කරනවා.

    ගාඩි කොල්ලයි මේ වංශවත් කෙල්ලයි මුණගැහෙන්නෙ රොමාන්තික ආදරයට පෙර යුගයෙදි. ඇල්මක් ගැන දැනීමක් මිස ආදරය ගැන වැල්වටාරම් නැති කාලෙක. සියල්ල සම්ප්‍රදාය විසින් තීරණය කරන කාලෙක. එතනදි සම්ප්‍රදාය අත්හරින්න බලකරන ගැහැණියක් සහ සම්ප්‍රදාය අත්හරින තීරණය ගන්නා පිරිමියෙක් මුනගැහෙනවා.

    ඒ මුනගැසීම ආදරයක්ද කියන්න අපි දන්නෙ නෑ. මොකද ඒ හැගීමට ඒ වකවානුවෙ වචනයක් තිබුනෙ නෑ. ඒත් බැඳීමක් තිබුන.

    ඇය මුලු කාලය පුරාම සටන් කරන්නෙ ඇගේ කුලපට හෙවත් තනපටය රැකගන්න. එක තැනකදි ඇය තීරණය කරනවා ඒ තන පටය අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් වර්ගයා අත්හළ පිරිමියාගේ වරිග පැවැත්ම වෙනුවෙන්. ඔවුන්ගෙන් ආරම්භ වෙනවා අලුත් රොඩී පරපුරක්. ඒ රොඩීන් කියන්නෙ තමන්ගේ වර්ගය ‘ආදරය’ වෙනුවෙන් පාවා දුන් පරපුරක්.

    ප්‍රසන්න තමන්‍ගේ සිනමාකරණය තුල හැගීම් දැනීම් දනවන්න ඉඩක් තියන්නෙ අඩුවෙන්. ඒ කියන්නෙ රොමැන්ටිසයිස් කරන්නෙ අඩුවෙන්. මට හිතෙන්නෙ මේ කතාව මීට වඩා රොමැන්ටික් කතාවක් කියලයි. ඒක තව උපරිමයෙන් පපු හීරෙන්න දෙන්න තිබුන කියලයි.

    රංගනය පැත්තෙන් හැම කෙනෙක්ම වගේ විශිෂ්ටයි. අල්පය ඇතුලෙ මහා දෙය නිරූපණය කරන්න ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම රගපාන්නම බැරි රවීන්ද්‍ර රන්දෙණිය පවා සිරාවට රගපානවා. මං හිතන්නෙ මේ ඇක්ට් එක අමාරු එකක්. සාම්ප්‍රදායික උස් හඩින් කතා කරන, නිකට උස්සගෙන කැරකෙන, අධිතාත්වික වංශවතා නිරූපණය කරන්න ලේසියි. ඒත් යතාර්ථවාදී නිළමෙ චරිතය කරන්න අමාරු එකක්.
    සජිත ඇන්තනි සහ ඩිනාරා තමන්ගේ චරිත ඉතාම ආකර්ශනීය විදිහට නිරූපණය කරනවා. සජිත දකින කොට ජැක්සන්ව මතක් නොවී තබාගැනීම හරිම දුෂ්කර දෙයක්. සජිත නිසා සිහිපත් වුනු ජැක්සන්ගේ ඒ නළු පෞර්ෂය මාව මො‍හොතකට චිත්‍රපයටයෙන් එළියට අරගෙන ගියා.

    ගාඩි චිත්‍රපටයට බටහිර ක්ලැසිකල් මියුසික් යොදාගැනීම නම් ලොකු නොගැලපීමක්. සංගීතය පාවිච්චි වෙන්නෙ චරිතවල ආත්මය පැත්තෙන් නෙමෙයි ඩොයිලිගේ පැත්තෙන් වගේ. ඒක ඒ චරිත හුදකලා කිරීමක් වගේ දැණුනා.

    ගාඩි කියන්නෙ ලොකු කතාවක්. එපික් එකක් අවමතා රීතියෙන් කරන්නෙ කොහොමද කියල උත්සාහයක්. ඒ හින්දම ආකර්ශනීය වැඩක්.

    දැනුත් අපි නොයෙක් අයගෙ ලීක්වෙන, තනපට ඉවත් කළ වීඩියෝ බලනවා. ඒවා ෂෙයාර් කරනවා. ඇත්තටම ඒ පිටිපස්සෙ තියෙන්නෙ නූතනවාදී හැගීමක් වුනු ශෘංගාරයද නැත්තං අර පරණ කුලවාදී නිගරු කිරීමමද?

  • සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ

    සෙක්ස් වෙනස් වෙන්නෙ නැතුව – රට වෙනස් වෙන්නෙ නෑ

    අද අපේ ජිම් එකට අවුරුදු හැටක විතර සුද්දෙක් ආවා (සුද්දා කියන්නෙම අන්තිම වර්ණවාදී යෙදුමක්. ඒත් ඒක නැතුව කතාව කියන්න බෑ) සුද්දා එක්ක අවුරුදු විසිපහක විතර අර ලාල්කාන්ත කියනවා වගේ අනුරාගී කෙල්ලෙක් ආවා. එයා නර්ස් කෙනෙක් නෙමෙයි හැබැයි එයා ලංකාවෙ කෙනෙක්.

    එතකොටම මගේ ළගට ජිම් එකේ යාලුවෙක් ආවා. ඌ ජිම් එකේම ජීවත් වෙන එකෙක්. පොලේ කඩයක් කරන බුවෙක්.

    ‘දැක්කනෙ.. සල්ලි තමයි.. සල්ලි තියෙනවා නම් නාකි වුනත් ගින්දර වගේ කෙල්ලො ඉන්නවා’
    මේ කතාවට මට හිනා ගියා.
    ‘පිස්සුද බං? ඕන තරං කෙල්ලො ඉන්නවා නාකි මිනිස්සුන්ට ආස. සල්ලිවලට ආස අයත් ඇති. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක වගේම වැඩිමල් මනුස්සයෙක් එක්කත් වෙනම ආතල් එකක් තියෙනවා’
    මං ඌට පැහැදිලි කරන්න හැදුවා.

    ‘පිස්සු කතා කරනවා. මොකක්ද වෙනස? මොකක්ද වෙනස කියන්නකො? නගින්නෙවත් නැති වයසෙ උන් එක්ක සල්ලි මිස වෙන මොන ආතල්ද?’
    ඌ මට අභීයෝග කළා.

    ‘නෑ මචං. උඹ දන්නෙ එච්චර වුනාට ඔය පයිය කෙලින් කරගෙන දාලා හොල්ලනවට වඩා සෙක්ස්වල තව ඕන තරම් ආතල් තියෙනවා. ඕකට වඩා කොච්චර දේවල් කරන්න පුළුවන්ද දිවෙන්?’
    මං හොඳටම දන්න කාරණයක් කිව්වා.

    “බම්බුව. පයිය කෙලින් කරගන්න බැරි උන් කියන කතා ඕවා. අර පයිය තියාගෙන ඇට දෙකෙන් ගහනවා කියන්නෙ’’ ඌ දිව දැමීම සම්බන්දෙන් ඉතාම අපහසුතාවයකින් පෙළෙනවා කියලා මට දැනුනා.

    ඌ මගේ කණට ළංවුනා. මට රහසක් කිව්වා.
    ‘සෙක්ස් කරන්න සොබා ධර්මෙන් දීලා තියෙන්නෙ මේක (පයිය). ඒකෙන් කරාමයි ළමයෙක් හරි හදාගන්න පුළුවන්. මොකෝ ඔය නාකි එක්ක ගිහින් ළමයෙක්වත් හදාගන්න කියලද?’

    ‘හෝව් හෝව්.. සෙක්ස් කරන එකයි ළමයි හදන එකයි දෙකක්නෙ. මොකටද බං ළමයි හදන්නෙ? අපි ට්‍රයි කරන්නෙම ළමයි හැදෙන්නෙ නැති විදිහට කරන්‍නනෙ’
    මං ඉතිං මගේ විදිහ කිව්වා.

    ‘ළමයි හදන්නෙ නැතුව මොන ජීවිතයක්ද? කසාදයක් බඳිනවා කියන්නෙ ළමයෙක් දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන එකට. ආසාවල් පිරිමහන්න එකඑකා පස්සෙ යන උන්ට ජීවිතයක් නෑ’

    අපි එකඑක්කෙනා ජීවිතේ කියල හිතන දේ මොනතරම් වෙනස්ද කියල මට හිතුන. ජීවිතේ කියන්නෙ තමන් ගත කරන දේටමයි එයින් පිට ජීවිතයක් නොපවතී කියල විශ්වාස කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. මං ඉස්සරහ ඉන්නෙ ඒ වගේ මිනිහෙක්.

    ‘ දැන් උඹම කල්පනා කරලා බලපං. මේ හොම්බෙන් ගිය රටක ඉඳගෙන තව ළමයි හදන්න ඕන කියන්නෙ මොන ගොනාද?’ මං උගෙන් ඇහුවෙ තව දැනගන්න.

    ‘රටට කෙළවුනේ අපි හින්ද නෙමෙයිනෙ. දේශපාලකයො හොරකම් කරපු හින්ද’ ඌ පැනපු ගමන් ජවිපෙ පහරක් එල්ල කළා..

    ‘ඇයි එත‍කොට උඹලා වගේ හිතන උන් පෝලිමට ළමයි හදලා, ඒ ළමයින්ට නිකං උගන්නන්න, උන්ට ආන්ඩුවෙ රස්සා දෙන්න, ලෙඩ වුනාම ඉස්පිරිතාලවල නිකං බෙහෙත් දෙන්න ආන්ඩුවෙ සල්ලි වියදම් වෙන්නෙ නැද්ද?’

    ‘ඉතිං ඉතිං ඒවටනෙ අපි බදු ගෙවන්නෙ. අපි කන බොන හැමදේකින්ම අපි බදු ගෙවනවනෙ’ ජිම් යාලුවා උජාරුවෙන් උත්තර දුන්නා.

    ‘ඉතිං බං ඔය බදු ඇති නං ණය වෙන්නෙ මොකටද?’

    ‘ඒක තමයි කියන්නෙ, දේශපාලකයො හොරකම් කරන හින්ද කියල’

    මං යාලුවා ළගට ගියා,
    ‘මචං ලංකාවෙ ලොකුවටම හොරකම් කළා කියන රාජපක්ෂ හොරකම් කලෙත් ඌටම නෙමෙයි, උගේ ළමයි තුන්දෙනාට. ඔය හොරකම් කරන දේශපාලකයො හොරකම් කරන්නෙත් උඹලා වගේම උන්ගෙ ළමයි හොඳට තියන්න. කන්න අඳින්නත් නැතුව ඉන්න අතරෙ ළමයි හදන පවුලක මිනිහෙකුට හොරකමක් නොකර ජීවත් වෙන්න බැරි වෙනවා. උන් තමයි දේශපාලකයො ළගට ගිහින් මොකක් හරි ගානක් කපා ගන්න පුළුවන් ඕන කුජීත වැඩකට සෙට්වෙන්නෙ’’’

    මං තේරුම් කරන්න හැදුවා. ඒත්,
    ‘එතකොට ඔයා කියන්නෙ දේශපාලකයො හොරකම් කරන්නෙ නෑ කියලද?’
    දේශපාලකයා විසින්ම තමන් අමාරුවෙ දැම්මා කියල තමන් නිදහස් වීමේ දැඩි උවමනාවක් රටේ ගොඩක් අයට වගේම මගේ යාලුවාටත් තිබුන.
    ‘නෑ මං කියන්නෙ දේශපාලකයො කියන්නෙත් උඹලමයි. උන් හොරකම් කරන්නෙ උඹලටත් එක්කයි. උන්ගෙ ළමයින්ටයි උඹලගෙ ළමයින්ටයි’’

    මං කියන කතාව ඌට කොහොමවත් තේරුම් කරන්න මට බැරි වුනා. මට එක වෙලාවකදි අමුතු කාරණයක් පෙනුනා. ඒ තමයි මගේ යාලුවට ආපස්සට හැරිලා තමන් දිහා බලන්න හැකියාවක් නැති බව. ඌත් ළමයි ඉස්කෝලවලට දාගන්න දේශපාලකයො ළගට ගිය වග මං දන්නවා. චන්දවලට වැඩ කරලා උදව් ගත්ත වග මං දන්නවා. ඒත් ඒවා කරපු යාලුවයි, දැන් මං ඉස්සරහ කතා කරන යාලුවයි දෙන්නෙක්.

    මගේ යාලුවාව කුපිත කළේ අර කෙල්ල විසින් දැරූ අනුරාගයයි. ඒ නාකි සුද්දට ඇය ලැබීම ගැන ඇති වුනු ලිංගික ඉරිසියාවයි. තමන් සමාජයෙන් කියන විදිහට කසාදයක් බැඳගෙන ළමයි හදමින්, උන්ගෙ වැඩවලට නහිමින්, එකම ගැහැණියක් සමග ජීවිතය ගත කරන්න සිදුවීමේ කණස්සල්ල අර යුවළගේ සතුට දනවන ආශාව නලියන ජීවිතයට එරෙහිව මතුවුනා. මගේ යාලුවා බිරිඳට හොරෙන් යම් යම් කොටු පැනීම් කරන බව ෂුවර්. ඒත් ඌට ඒකෙ ශෘංගාරය, නිදහස කිසිදවසක විඳින්න ලැබෙන්නෙ නෑ. මගේ යාලුවාගෙ සියලු සදාචාර විනිශ්චයන් පදනම් වෙන්නෙ මේ තමන්‍ගේ ආශාව කිසිදවසක සාක්ෂාත් කරගත නොහැකි වීමේ අසහනය උඩයි.

    යාලුවාට සිද්ද වෙනවා තමන්ටම සනාථ කරගන්න අර යුවළට නැති ජීවිතයක් තමන්ට තියෙනවා කියල.
    ඒ ආඩම්බරය එයා ගන්නෙ සම්මතයෙන් නැත්තං සදාචාරෙන්. එතනදි ඌ‍ ඒ වෙනුවෙන් තමන්ට කරන්න සිද්ද වෙන හොරකම්, රැවටීම් සහ තක්කඩිකම් අමතක කරනවා.

    රටට කෙළවෙන්නෙ තමන් නිසා නෙමෙයි දේශපාලකයො නිසයි කියල හිතනවා. තමන්ට කෙළවෙන්නෙ ජීවිතේ විඳින අනිත් මිනිස්සු නිසා කියල හිතනවා.

    මේ වගේ මිනිස්සු එකතු වෙලා ගන්න තීරණවලින් රටක් වෙනස් වෙයි කියලා ඒ වගේ මිනිස්සුම ගොඩක් බලන් ඉන්නවා.