Tag: culture

  • තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල) ගාඩි ෆිල්ම් එක බලන්න ලැබුන. ප්‍රසන්න කියන්නෙ ලංකාවෙ ඉන්න ඉවසිලිවන්තම, පිළිවෙලම, වෘත්තීයම සිනමාකරුවා කියල පුළුවන්. එයා තමන්‍ගේ චිත්‍රපට නිර්මාණයට අමතරව චිත්‍රපටි නිෂ්පාදනය ගැනත් ලොකු දැනුමක්, පරිචයක් ලබාගත්තා. කලාපයේ විවිධ දක්ෂතා ඇති පිරිස් එක්ක සිනමා නිර්මාණ කරමින් ලංකාවෙ සිනමාව කලාපීය සිනමාවත් එක්ක සම්බන්ද කරන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ සිනමා කර්මාන්තයට බිහිකරන්න පුළුවන් වුනේ එහෙම එක්කෙනයි.

    ප්‍රසන්න සෑහෙන කාලයක් තිස්සෙ ගාඩි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ලංකාවෙ පීරියඩ් සිනමාව ඇතුලෙ නිර්මාණාත්මකව මෙතෙක් උසස්ම මට්ටම අත්පත් කරගන්න ගාඩි සමත් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. ඒ තරම් කැත නැතුව, දෙබස් ආදියෙන් පවා ඒ කාලයත් මේ කාලයත් දෙකම දැරිය හැකි අවකාශයක් නිර්මාණය කරගන්න ප්‍රසන්නට පුළුවන් වෙනවා. මං හිතන්නෙ එතනදි වැදගත්ම දේ ප්‍රසන්න ඉතිහාසයේ අතුරු කතාවකින් හැරෙන එකයි. ගාඩි චිත්‍රපටියට විෂය වෙන කතාව ඉතිහාසයේ වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක ඇහැලේපොලගේ පරිවාර නිළමෙ කෙනෙකුගෙ බිරිඳක් ගැන කතාවක්. ඒත් ඉතිහාසය වෙනස් වීම ගැන ඉතාම සුවිශේෂී මානුෂීය කතාන්දරයක් ගාඩි ඇතුලෙ තියෙනවා.

    කතාව දිගහැරෙන්නෙ රාජසිංහ රජු පන්නන්න ඇහැලේපොල සෙට් එක කුමන්ත්‍රණය කරන දවස්වල. ඉංග්‍රීසින් එක්ක (ඩොයිලි එක්ක) එකතු වෙලා මේ ගහන කැරැල්ල පරාජයට පත්වෙනවා. නිළමෙලාගෙ පවුල් පිටින් රාජ උදහසට ලක්වෙනවා. ඒ නිවෙස්වල ගැහැණුන්ට එක්කො දියට පැන දිවි නසාගැනීම හෝ ගාඩි රැහැට එකතු වීම තෝරාගන්න ලැබෙනවා.

    මේක හරිම ලස්සන තෝරාගැනීමක්. එක්කො සංස්කෘතිය නැත්තං ජීවිතය කියන දෙක අතර. තමන්‍ගේ කුල ගෞරවය ගැන ජීවිතයට වඩා හිතන අය ගඟට පනිනවා. ඒත් කුලයට එපිටින් ජීවිතය ගැන තාමත් බලාපොරොත්තු සහගත අය අඩියක් පස්සට ගන්නවා.

    ඒ ඉහළ කුලවතිය ලබාගන්න රොඩියෝ ගඟ හරහා පීනනවා. හරියට ශුක්‍රාණු වගේ. ඇය තමන්ගේ කරගන්නේ මුලින්ම ඇගේ මුවට තමන්‍ගේ බුලත් හපය ලන රොඩියායි.

    තමන්ට බල්ලන්ට මෙන් සළකන ඉහළ වංශයෙන් නෙරපා හරින කාන්තාවක් තමන්‍ගේ කරගැනීම සඳහා තරගවදින රොඩී මානසිකත්වය අසිරිමත් එකක්. එක්කො නිකං දෙන ඕන දේකට පොරකාලා ගන්න පුරුද්ද රැහැක් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන්ගේ ආශාව හැමදාම පවතින්නෙ ඒ උසස් වාංශික කාන්තාවන් ගැන වෙන්න පුළුවන්. හරියට කලු අයගේ ආශාව සුදු ගැහැණුන් මත පවතිනවා වගේ.

    ඒ කොහොම වුනත් මේ වැළඳගැනීම අනිත් පැත්තෙන් අත්හැරීමක්. කුල මුසුවීමක්. ඒ වංශවත් කුලයේ කාන්තාවට දෙවැනිව පවතින්න තෝරාගැනීමක්.

    මං දැකලා තියෙනවා ලංකාවෙ පිරිමි බොහොමයක් තමන්ට වඩා සංස්කෘතිකව බලවත් ගැහැණියක් පාවා ගන්න බයකින් පසුවෙනවා. ඒ තමන්‍ට හුරු සංස්කෘතිය අත්හරින්න වෙනවා කියන බයට. නැත්තං හීනමානයට. සමහරු උගත්කම්වලින් පවා තමන් අභිභවා යන කාන්තාවක් විවාහ කරගන්න බයයි. ඒක තමන්‍ගේ පිරිමිකම දුර්වල කරන තත්වයක් විදිහට ඒ අයට හැගෙනවා. මුදල් අතින් තමන්ට වඩා ඉහළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින ආකර්ශනය වෙන අරමුණක්. ඒත් සංස්කෘතිකව තමන්ට වඩා උසස් ගැහැණියක් තෝරාගැනීම කියන්නෙ පිරිමි ගොඩකට අභියෝගයක්.

    මෙතනදි මේ රොඩී කොල්ලා ඒ අභියෝගය ගන්නවා. එහෙම තැනකදි දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක, පිරිමියා විසින් ගැහැණිය තමන්ට නතු කරවාගෙන තමන්ගේ සංස්කෘතියට අඩංගු කරගැනීම. දෙවෙනි එක ගැහැණියගේ සංස්කෘතිය තමන් විසින් වැළඳගැනීම. ඒ සංස්කෘතියට ගරු කිරීම. ඒ වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය හෝ වර්ගයා අත්හැරීම. ඒක ගැහැණුන්ගෙ පැත්තෙන් නිතර සිද්ද වෙන දෙයක්. නමුත් පිරිමියෙකුගේ පැත්තෙන් දරුණු අභියෝගයක්. ඉන්න ස්තිර තැනක් පවා අහිමි රොඩී කොල්ලෙකුටම මිස වෙනකෙකුට බොහෝ දුෂ්කර විය හැකි කාර්යයක්.

    ඒත් කුලයක් හෝ වර්ගයක් වෙනස් වෙන්න ගන්නෙ ඒ පාවාදීම ඇතුලෙයි. හැම වර්ගයකම ඊලග පැවැත්ම තීරණය කරන්නේ ඒ වර්ගය උසස් සංස්කෘතියක් වෙනුවෙන් පාවා දෙන්නා විසිනුයි.

    ප්‍රසන්නගෙ කතාවම පදනම් වෙන්නෙ තන වැස්ම මත. රොඩියන්ව පහත හෙලන කාරණය වෙන්නෙ තන වැස්මක් ඇඳීම තහනම් වීමයි. උසස් කුලයෙන් පිටුවහල් කරන නිළමේ බිරිඳ තමන්ගේ තන වැස්ම ගැලවීමට එරෙහිව සටන් කරනවා. මෙතනදි පියයුරු කියන්නෙ ශෘංගාරය හෝ ආශාව පිළිබඳ කාරණයක් නෙමෙයි කුල ගෞරවය පිළිබඳ කාරණයක්.

    තනපට බලහත්කාරෙන් ඉවත් කරන දර්ශනවලදී පවා ඇ‍ගේ පියයුරු වසන් කරන්නට ප්‍රසන්න අධ්‍යක්ෂවරයා විදිහට තීරණය කරනවා. කතාවෙ ඇයව නිරුවත් කළත් ප්‍රසන්න ඇගේ ගෞරවය රකිනවා.

    නමුත් අනෙක් රොඩී ගැහැණුන්ගේ පවා පියයුරු දර්ශනය වෙන්නෙ කලාතුරකින්. බොහෝ අවස්ථාවල යම් යම් දෙයින් ඒවා උවමනාවෙන් ආවරණය කරපු බවක් පේනවා. ඒකට හේතුව මං හිතන්නෙ අපේ සිනමා ශාලාවලට නරඹන්නො ගෙන්වා ගැනීමම වෙන්න ඕන. කාන්තා නිරුවත ප්‍රදර්ශනය වුනු ගමන්ම ප්‍රේක්ෂාගාරය බාගෙට අඩුවෙනවා. විශේෂයෙන් කාන්තාවන් චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කරනවා.

    ගාඩි කොල්ලයි මේ වංශවත් කෙල්ලයි මුණගැහෙන්නෙ රොමාන්තික ආදරයට පෙර යුගයෙදි. ඇල්මක් ගැන දැනීමක් මිස ආදරය ගැන වැල්වටාරම් නැති කාලෙක. සියල්ල සම්ප්‍රදාය විසින් තීරණය කරන කාලෙක. එතනදි සම්ප්‍රදාය අත්හරින්න බලකරන ගැහැණියක් සහ සම්ප්‍රදාය අත්හරින තීරණය ගන්නා පිරිමියෙක් මුනගැහෙනවා.

    ඒ මුනගැසීම ආදරයක්ද කියන්න අපි දන්නෙ නෑ. මොකද ඒ හැගීමට ඒ වකවානුවෙ වචනයක් තිබුනෙ නෑ. ඒත් බැඳීමක් තිබුන.

    ඇය මුලු කාලය පුරාම සටන් කරන්නෙ ඇගේ කුලපට හෙවත් තනපටය රැකගන්න. එක තැනකදි ඇය තීරණය කරනවා ඒ තන පටය අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් වර්ගයා අත්හළ පිරිමියාගේ වරිග පැවැත්ම වෙනුවෙන්. ඔවුන්ගෙන් ආරම්භ වෙනවා අලුත් රොඩී පරපුරක්. ඒ රොඩීන් කියන්නෙ තමන්ගේ වර්ගය ‘ආදරය’ වෙනුවෙන් පාවා දුන් පරපුරක්.

    ප්‍රසන්න තමන්‍ගේ සිනමාකරණය තුල හැගීම් දැනීම් දනවන්න ඉඩක් තියන්නෙ අඩුවෙන්. ඒ කියන්නෙ රොමැන්ටිසයිස් කරන්නෙ අඩුවෙන්. මට හිතෙන්නෙ මේ කතාව මීට වඩා රොමැන්ටික් කතාවක් කියලයි. ඒක තව උපරිමයෙන් පපු හීරෙන්න දෙන්න තිබුන කියලයි.

    රංගනය පැත්තෙන් හැම කෙනෙක්ම වගේ විශිෂ්ටයි. අල්පය ඇතුලෙ මහා දෙය නිරූපණය කරන්න ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම රගපාන්නම බැරි රවීන්ද්‍ර රන්දෙණිය පවා සිරාවට රගපානවා. මං හිතන්නෙ මේ ඇක්ට් එක අමාරු එකක්. සාම්ප්‍රදායික උස් හඩින් කතා කරන, නිකට උස්සගෙන කැරකෙන, අධිතාත්වික වංශවතා නිරූපණය කරන්න ලේසියි. ඒත් යතාර්ථවාදී නිළමෙ චරිතය කරන්න අමාරු එකක්.
    සජිත ඇන්තනි සහ ඩිනාරා තමන්ගේ චරිත ඉතාම ආකර්ශනීය විදිහට නිරූපණය කරනවා. සජිත දකින කොට ජැක්සන්ව මතක් නොවී තබාගැනීම හරිම දුෂ්කර දෙයක්. සජිත නිසා සිහිපත් වුනු ජැක්සන්ගේ ඒ නළු පෞර්ෂය මාව මො‍හොතකට චිත්‍රපයටයෙන් එළියට අරගෙන ගියා.

    ගාඩි චිත්‍රපටයට බටහිර ක්ලැසිකල් මියුසික් යොදාගැනීම නම් ලොකු නොගැලපීමක්. සංගීතය පාවිච්චි වෙන්නෙ චරිතවල ආත්මය පැත්තෙන් නෙමෙයි ඩොයිලිගේ පැත්තෙන් වගේ. ඒක ඒ චරිත හුදකලා කිරීමක් වගේ දැණුනා.

    ගාඩි කියන්නෙ ලොකු කතාවක්. එපික් එකක් අවමතා රීතියෙන් කරන්නෙ කොහොමද කියල උත්සාහයක්. ඒ හින්දම ආකර්ශනීය වැඩක්.

    දැනුත් අපි නොයෙක් අයගෙ ලීක්වෙන, තනපට ඉවත් කළ වීඩියෝ බලනවා. ඒවා ෂෙයාර් කරනවා. ඇත්තටම ඒ පිටිපස්සෙ තියෙන්නෙ නූතනවාදී හැගීමක් වුනු ශෘංගාරයද නැත්තං අර පරණ කුලවාදී නිගරු කිරීමමද?

  • කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

    කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

    කැෂුවල් කියන්නෙ නිදහස්, වැඩිය සීරියස් නැති, අනිවාර්ය නොවන, ස්ථාවර හෝ විධිමත් නොවන කියන තේරුම් දෙන වචනයක්. කැෂුවල් සෙක්ස් කියල ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් මේක යෙදෙන අවස්ථා තියෙනවා. සිංහලෙන් ඕක පරිවර්තනය වෙන්නෙ අනියම් සම්බන්ධතා විදිහට. ස්ථාවර නොවන කියන අදහස විතරක් තෝරගෙන නිදහස් කියන තේරුම බැහැර කිරීමක් එතනදි සිද්ද වෙනවා.

    කැෂුවල් සෙක්ස් කිව්වම ඔයාට මොකක්ද හිතෙන්නෙ? මගේ සෙක්ස් උවමනාවන් සපුරගන්න හොඳම විදිහක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක කිසි හැගීමක් නැති දෙයක් විදිහට තව කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    කැෂුවල් සෙක්ස් ගැන සමා‍ජෙ තියෙන අදහස කොහොමත් නෙගටිව් එකක්. හැබැයි ඒ ලිංගික සම්බන්ධතා අනිවාර්යෙන්ම නරකයි කියන එක මිත්‍යාවක්. අපේ ජීවිතේ ගොඩක් දේවල් එනර්ජයිස් කරන්න, ලස්සන කරන්න කැෂුවල් සෙක්ස්වලට පුළුවන්. හැබැයි හරියටම අපිට ඒ සම්බන්ධතාවෙන් ඕන මොකක්ද කියන එක ගැන අපි හරි අව‍බෝධයෙන් යන්න ඕන.

    කැෂුවල් සෙක්ස් කියන්නෙ hookup culture කියන එකම නෙමෙයි. ඒකත් මේකට අයිති වෙන්න පුළුවන්. ඒත් ඉතාම පොසිටිව් විදිහට කැෂුවල් සෙක්ස් සම්බන්ධතා දිහා බලන්න පුළුවන්.

    1. ඔයා යම් කෙනෙක් එක්ක පවත්වන ලිංගික සම්බන්ධතාවය උපරිමයෙන් විඳන කෙනෙක්. ඒත් ඔයාට මේ වෙලාවෙ කැපවුනු සම්බන්ධතාවයකට යන්න පුළුවන්කමක් නෑ. ඔයාගෙ රස්සාව සෑහෙන කාර්යබහුල එකක් වෙන්න පුළුවන්. නැත්තං ඔයාට දරුවෙක් හෝ වැඩිහිටි දෙමව්පියෙක් රැකබලාගන්න තියෙනවා වෙන්න පුළුවන්.
    2. ඔයා ඉතාම ළගදි සම්බන්ධතාවයකින් බිඳුනු කෙනෙක්. අලු‍ත් සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් ඔයා කැමතියි කීප දෙනෙක් ඇසුරු කරලා ලිංගික පැත්තෙන් සහ ජීවිතය පැත්තෙන් වැඩිපුර දේවල් තේරුම් ගන්න.
    3. ඔයා කෙනෙක් එක්ක විවෘත සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක්. ඕපන් රිලේෂන්ෂිප් එකක්. ඔයා කැමතියි තව අයත් එක්ක ලිංගික සම්බන්ධතා රසවිඳින්න.
    4. ඔයා කැමතිම මිත්‍රත්වය ඇතුලෙ පවත්වන ලිංගික සම්බන්ධතාවලට. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නෙ.
    5. ඔයා විවිධ අයව ඇසුරු කරලා යම් සම්බන්ධතාවයක් දීර්ඝ කාලීන එකක් කරගැනීමට තරම් සුදුසුද කියල පරීක්ෂා කරන කෙනෙක්.

    ඉතිං මේ වගේ සාධාරණ හේතු ගොඩක් කැෂුවල් සෙක්ස්වලට තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ගොඩක් අය කැෂුවල් සෙක්ස් හින්ද තෘප්තිමත් වෙනවා.

    කැෂුවල් සෙක්ස් ඔයාට හරියනවද කියල බලන්න නම් මුලින්ම ඒකෙ තියෙන හොඳ සහ නරක පැති දෙකම ගැන යම් තේරුම් ගැනීමක් තියෙන්න ඕන. නැත්තං ඉතාම ආස්වාදජනක තැනකින් පටන් ගන්න සම්බන්ධතා ඉවර වෙන්නෙ නාඩගමක් වෙලා.

    මෙන්න හොඳ පැත්ත

    1. ඔයාට තව කෙනෙකුගේ අත්දැකීම් සහ ස්පර්ශයන් බෙදාහදා ගන්න ලැබෙනවා. මේ සමීප සම්බන්ධතා අපිව නිරෝගී කරනවා. එන්ඩොෆින්ස්, ඔක්සිටොසින්, ඩොපමින් ආදී සතුටු හෝමෝන කොක්ටේල් එකක් රසවිඳින්න අවස්ථාව ලැබෙනවා.
    2. ඔයාට විවිධ අත්හදාබැලීම් කරන්න පුළුවන්. නිදහස වැඩියි. ඒ නිසාම ලිංගික තෘප්තිය හොයාගෙන යාමේ අවකාශයත් පුළුල් වෙනවා. සම්මත සබඳතාවයකදි කවදාවත් අත්විඳිය නොහැකි ආස්වාදයන් කැෂුවල් සෙක්ස් කලාපයේදි මුනගැහෙනවා.
    3. ඔයා ඉන්නෙ හිත් බිඳීමකින් නම් තැවුලකින් නම් කැෂුවල් සෙක්ස්වලින් ඔයාට ලොකු සහනයක් ලැබෙනවා. ඔයාගෙ හුදකලාව මැකෙනවා. නැවත දීර්ඝ සබඳතාවයක් අරඹනතාක් කල් ඔයාගේ හිතේ තුවාල සනීප කරන්න මේ වගේ සම්බන්ධයකට පුළුවන්.
    4. ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් අභිමානයක් දැනෙනවා. ඔයා කොයිතරම් ආකර්ශනීයද කියල හැගෙන්න පටන් ගන්නවා. මේ නැවුම් ආකර්ශනය තරම් ඇවිලෙනසුලු දෙයක් තවත් නැති තරම්.

    දැන් නරක පැත්ත

    1. ලිංගිකව බෝවන රෝග අවදානමක් තියෙනවා, ඔයා හරියට පරිස්සම් නොවුනොත්. ඒ වගේම අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් ආරක්ෂා වීමේ අර්බුදයත් තියෙනවා.
    2. ඔයා බලපොරොත්තු කඩවීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඔයා තෝරාගන්නා අනෙක් සහකරුවා ඔයා අපේක්ෂා කරන අන්දමේ කෙනෙක් නොවුනොත්, එයා මේ සම්බන්ධතාවයෙන් හොයන්නෙ වෙන දෙයක් වුනොත්, ඒක ආපහු සිත් රිදීමක් ඇති කරන තත්වයක්.
    3. ඔයා හරියට සන්නි‍වේදනය කරන්න අපොහොසත් වුනොත් ඉතාම අතෘප්තිදායක සම්බන්ධතා රැල්ලකට අහුවෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දේ සහ තමන් සොයන තෘප්තිය ගැන නිසි සංවාදයක්, තේරුම් ගැනීමක් නැති කැෂුවල් සෙක්ස් අපිව හිස්කමකට අරන් යනවා.
    4. බීමතින් මෙවන් සම්බන්ධතාවලට යාමෙන් ඉතාම නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. මේ නිසා තෘප්තිය අහිමි වීම වගේම අවසානයේ කාලකණ්ණි හැගීමක් ඉතුරු වෙන්නත් පුළුවන්. (සරාගී මොහොතක මත්පැන් ටිකක් පානය කිරීම වැරදි ලෙස දැකීමක් නොවේ. නමුත් සම්බන්ධතාවය ඔබ ඉතා හොඳ සිහියෙන් ගත් තීරණයක් විය යුතුයි)
    ඔයා එවන් සම්බන්ධතාවයකින් පස්සෙ ෆෝන් එක දිහාම බලාගෙන, ටෙක්ස්ට් එකක් එනකල් විඳවමින් ඉන්න කෙනෙක් නම් ඔයා කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවලට සුදුසු කෙනෙක් නෙමෙයි. අනෙක් කෙනාගෙ හිතකවත් නැති බලාපොරොත්තු ඔයා තනියම හිතෙන් හදාගන්න එක හොඳ දෙයක් නෙමෙයි.

    එහෙම නැතුව අර හොඳ ලැයිස්තුව කියවද්දි ෂා, මේක මට මරු කියල හිතෙනවා නම් ඔයා ඒ වගේ සම්බන්ධයක් විඳින්න ඕන කරන ඇටිටියුඩ් එක තියෙන කෙනෙක්.

    කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවයක තෘප්තිය පවතින්නෙ කාරණා තුනක් මතයි.

    1. අපේ බලාපොරොත්තු
    2. අ‍පි ගැන අපිට තියෙන දැනීම
    3. අපි තෝරගන්නා සහකරුවන්ගේ කොලිටිය.

    කොහොමද ඉතින් හරි කෙනෙක් හොයාගන්නෙ? මේ කාලෙ ඇප් තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් නෑ තමයි. හැබැයි හැම ඇප් එකකම තියෙනවා වෙනස් අරමුණු. සමහර ඒවා hookups වලටමයි (ඒ කියන්න‍ෙ හුදෙක්ම ලිංගික ඇසුර සඳහාමයි, ගොඩක් වෙලාවට එක දවසක සම්බන්ධතාවක්) . සමහර ඒවා කසාද සඳහා.

    ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති feeld වගේ ඇප් එකක් ගත්තොත් ඒක කැෂුවල් සෙක්ස් වලටම වුනත් ඒ සහකරුවන්ගේ සහකාරියන්ගේ යම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක්, පරිණතබවක් අපේක්ෂා කරනවා.

    හරියම ඔයාගෙ අරමුණ තේරුම් ගන්න. පරණ සබඳතාවයේ වේදනාව මකන්නද? ලිංගික දක්ෂතා වැඩි කරගන්නද? කින්කි අත්දැකීම්වලටද? මේක හරියටම තේරුම් ගත්තොත් කැෂුවල් සෙක්ස් ඉතා රසවත් වෙන්න පුළුවන්.

    පටන් ගනිද්දිම අනිත් කෙනාව හරියට දැනුවත් කරන්න. ‘මේක අදට විතරක් පවතින සම්බන්ධයක්’ කියන එක වුනත් පටන් ගනිද්දිම කියන්න පුළුවන් වෙන්න ඕන.

    සියලු විනිශ්චයන් අත්හරින්න. සමාජ සංස්කෘතික විනිශ්චයන් උස්සගෙන ඇතුල්වෙන්න සුදුසු කලාපයක් නෙමෙයි. නිදහස් මනසකින් ඉන්නවා නම් විතරක් ඇතුල්වෙන්න.

    ඔයාට ඕන කරන ලිංගික ආස්වාදය ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. හිතේ තියාගෙන ඉන්න දෙයක් නෑ. ෆෝප්ලේ ගොඩක් ඕනද? තුරුල් කරගෙන ආදරනීයව හෝ තමන්ව යටත් කරගැනීමෙන් කරන ලිංගික එක්වීමක්ද මේ දේ විවෘතව දන්වන්න.

    ඒ අවශ්‍යතාවලට ගැලපෙන්නෙ නැත්නම් ඒ අයව ප්‍රතික්ෂේප කරන්න මැළි වෙන්නත් එපා. කිසිම බරක් නැතුව, මං කැමති විදිහ ඔයාට හරියන්නෙ නැත්තං අපි සෙට් වෙන එකක් නෑ, කියල අයින් වෙන්න. වඩා වැදගත් වෙන්නෙ ඍජු සහ පැහැදිලි වීමයි.

    මතක තියාගන්න කැෂුවල් සෙක්ස් කියන්නෙ හැමෝටම හරියන එකක් නෙමෙයි. සෙක්ස්වලට පස්සෙ ඔයාට පාවිච්චි වුනා වගේ, නැත්නම් වටිනාකම අඩුවුනා වගේ දැනෙනවා නම් මේක ඔයාට හරියන මාර්ගය නෙමෙයි. වහාම අයින් වෙන්න.

    හැබැයි ඒ කියන්නෙ කැෂුවල් සෙක්ස් නරකයි කියන එක නෙමෙයි. ඒක ඉතාම සුන්දරව විඳින බොහොමයක් අය ඉන්නවා. හරියට තමන්ව තේරුම් ගන්න පුළුවන්, තමන්ව ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙකුට කැෂුවල් සෙක්ස් කියන්නෙ ජීවිතය පුරවන ආස්වාදයක්.

  • ගබ්සාව ඔබේ අයිතියක්

    ගබ්සාව ඔබේ අයිතියක්

    මං ආදරය කරපු මගේ පෙම්වතිය නොහිතපු වෙලාවක ගැබ් ගනිද්දි අපි කසාද බඳින්න හිතලාවත් නෑ. හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා. ටෙස්ට් කරලා බලද්දි පොසිටිව්. දරුවෙක් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැති වෙලාවක්. අපිට ජීවිත ගැන වෙනස් වෙනස් සැලසුම් තිබුන. අපි කසාද බඳියිද කියන එක ගැනවත් නිශ්චිතව හිතලා තිබුනෙ නෑ.

    ගබ්සාවක් ගැන කිසිම දෙයක් නොදන්න කාලයක් ඒක. දන්න හැමෝගෙන්ම විස්තර ඇහුවා. දොස්තරලා කීප දෙනෙක් මුනගැහෙන්නත් ගියා. ඒ අයගෙ අවවාදය වුනෙම දරුවා හදාගන්න කියන එක. ගබ්සාව නීති විරෝධීයි කියන එක. සැලසුමක් නැති දරුවෙක් බිහිකිරීමෙන් අපේ ජීවිත වලටත් දරුවාගේ ජීවිතයටත් වෙන අවදානම ගැන හිතන්න ඒ අයට උවමනාවක් හෝ හැකියාවක් තිබුනෙ නෑ. ගබ්සාව පාපයක් කියන එක දැන හෝ නොදැන උගත් නූගත් හැමෝගෙම හිත්වල පැලපදියම් වෙලා තිබුන.

    රෑට නින්ද නොයන ගානට අපි දෙන්නම බයෙන් හෙම්බත් වෙලා හිටියා.
    දරුවෙක්!! ඒක නිදි නැතුව පේන නපුරු හීනයක්.

    ඊළගට අමාරුවෙන් හොයාගත්ත තොරතුරක් අනුව ගබ්සාවක් කළ හැකි ආරක්ෂිත තැනක් හොයාගත්තා. ඒත් ඒකට යන වියදම අපිට දරන්න අමාරු එකක්. යාලු මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා. කසාද නොබැඳපු යාලුවො සල්ලි දෙන්න බය වුනා. ඒ මේ පාපයට සම්බන්ධ වීමෙන් කවදා හරි උන්ට බැඳලා ළමයි නැති වෙයි කියල. උන් අවවාද තොග පිටින් නොමිලේ දුන්නා.

    අන්තිමට සාප කන්දරාවක් මැද්දෙ ඕන කරන මුදල් හොයාගත්තා. ගබ්සාවක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ගබ්සා පෙති කීපයක් යෝනි මාර්ගය තුලට දැමීමෙන්. අනෙක සුළු සැත්කමක් මගින්. මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි. කළලය බොහෝ කලක් වැඩී තියෙනවා නම් තත්වය බරපතලයි. ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි. ලිංගික එක්වීමක් සිදුවීමෙන් පස්සෙ පීරියඩ්ස් පමාවක් වූ සැනින් පරීක්ෂාව කරගන්න ඕන.

    ගැබ් ගැනීමක් සිදු නොවී ආරක්ෂිත ලිංගික එක්වීමකට නම් තියෙන හොඳම මාර්ගය කොන්ඩම් භාවිතය. පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම උපත් පාලන පෙති සහ අනෙකුත් ක්‍රම බොහොමයක් පැවතුනත් ඒවායින් විවිධ අපහසුතා, සංකූලතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ හෝමෝන වෙනස්කම් ඇතිවීම නොයෙක් ආකාරයේ බලපෑම් ඇතිකරන්න පුළුවන්. (ඒ කිසිවක් සිදු නොවන අයත් ඉන්නවා).

    කොන්ඩමයක් ආරක්ෂිත වුනත් ලිංගික එක්වීමකදි පාවිච්චියට මැළි වීම ස්වභාවිකයි. රේන් කෝට් දාගෙන නානවා වගේ කියලනෙ කියන්නෙ. අවාසනාවට මීට වඩා සාර්ථක ක්‍රමයක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. පොස්ටිනෝ හෙවත් මෝනිං ආෆ්ටර් පිල් කියන්නෙත් නිතර පාවිච්චියට සුදුසු ක්‍රමයක් නෙමෙයි.

    මේ කළලය ඉවත්වීමේ කාලය තරුණ ගැහැණු ළමයෙකුගේ පැත්තෙන් ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ශාරීරික දැනීමට වඩා මානසිකව. සම්ප්‍රදාය විසින් ගොඩනගලා තියෙන බොහෝ සංකල්ප, මතවාද විසින් මේ අවස්ථාව තවත් දරුණු කරනවා. කෙල්ලෙකුට දරා ගත නොහැකි හුදකලාවක් සහ අසරණ බවක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ආදරෙන් ළග ඉඳන් රැකබලාගැනීම පෙම්වතාගේ වගකීමක්. වෙන කාටවත් කියන්න හෝ උදව් ඉල්ලන්න බැරි මේ අවස්ථාවෙදි ඇය ළග ඉන්න. ඇයට ආදරය දෙන්න.

    කිසිම වෙලාවක පවතින සම්ප්‍රදායික විශ්වාස ඇගයුම් නිසා සැලසුම් නොකළ දරුවෙක් හදන්න හිතන්න එපා. පාපයන් සහ ආගමික ඉගැන්වීම් පැත්තකින් තියන්න. තමන්ගේත් අනෙකාගේත් අනාගතය ගැන හොඳින් කල්පනා කරන්න. පුළුවන් නම් විශ්වාසවන්ත, විනිශ්චය නොකරන, ගතානුගතික නොවන කෙනෙක් මුනගැහිලා කතා කරන්න. උදව් ලබාගන්න.

    එකවරක් නෙමෙයි කීප වරක් ගබ්සාව කියන අත්දැකීමට මුහුණ දෙන්න මට සිද්ද වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක සැලසුමක් නැති දරුවෙක් ඉපැද්දවීම කියන එක මම බාරගත්තෙ නෑ. දරුවෙක් කියන්නෙ හොඳින් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන කියල අදත් මම විශ්වාස කරනවා.

    ගබ්සාවක් කියන්නෙ බිහිසුණු, පාපකාරී දෙයක් නෙමෙයි. ඒත් ආශාව නිසා සිදුවන අතපසුවීමකට ගෙවන්න වෙන මිළ අධික වන්දියක්. ඒත් ඒක ආරක්ෂිතව කරන්නත්, ඉන් පසු ජීවිතය නිදහසේ ගත කරන්නත් අවස්ථාව තියෙනවා. අද ලෝකෙ දියුණුයි.

    පුළුවන් තරම් ලිංගික ඇසුරකදි ආරක්ෂාකාරී වෙන්න උත්සාහ ගන්න. අත්වැරදීමක් සිදු‍වුනොත් හොඳින් හිතලා බලලා තීරණ ගන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන්න. අතපසුවීම් සහ වැරදීම් නිසා දරුවන් ලෝකයට බිහි නොකරන්න වග බලාගන්න.

  • ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක්

    ආදරය කිරීම භික්ෂුවකගේ අයිතියක්

    අද උදේ නැගිට්ට ගමන් දැක්කෙ හිතට ලොකු දුකක් දෙන වීඩියෝවක්. රේල්පාරක් ළග තරුණ භික්ෂුවක් සහ කෙල්ලක් ආදරය කරමින් ඉඳලා බෞද්ධ ගිහි පිරිසක් විසින් අත්අඩංගුවට අරගෙන. මේ අය ඒ කෙල්ලවත් තරුණ භික්ෂුවත් වටකරගෙන නින්දා අපහාස කරනවා. තමන්ගේ බෞද්ධ භික්ෂුව කියන මොකක්දෝ ශුද්ධ වූ දේ කෙලෙසුවා වගේ අර දෙන්නා වැරදිකරුවන් කරලා තියෙනවා. ලැජ්ජාවෙන් බියෙන් පීඩාවට පත්ව සිටින අර දෙන්නාව වීඩියෝ කරනවා. මේක මේ වටවුනු පිරිසට යම් චූන් එකක් වගත් දැනෙනවා. සදාචාරය ආරක්ෂා කිරීමේ ලයිසන් එක මත මේ ගිහි පිරිමින් විසින් පාදඩ විදිහට අර තරුණ යුවළ අපචාරයට ලක්කරනවා.

    බෞද්ධ භික්ෂූන් විසින් ගිහියන්ගේ ලිංගික ජීවිතවලට බලපෑම් කරමින් තමන් සතු කරගෙන සිටින ආගමික බලයෙන් ලංකාවෙ සිදුකරන බලහත්කාරයට මං දැඩිවම විරුද්ධයි. එමෙන්ම ගිහියන්ගේ කතා කිරීමේ, ප්‍රකාශනයේ නිදහසට පවා හාමුදුරුවරුන් අතපොවන්න පටන්ගත්තා. නමුත් බෞද්ධයන් වෙන අපි ඒ හාමුදුරුවරු ගානට වැටිය යුතු නෑ. හාමුදුරුවන්ට වගේම බෞද්ධ ගිහියන්ටත් තියෙනවා රැකිය යුතු ශිෂ්ටකම්.

    මේ තරුණ හාමුදුරුවන්ගේ ප්‍රේමය මට ආකර්ශනීය වගේම හදවතට දැනෙන එකක්. බොහෝ විට කුඩා කාලයේ මහණ කරවන මේ හාමුදුරුවරු තමන්ගේ තරුණ වයසත් එක්කම දැනෙන ආදර හැගීම්වල පැටලෙනවා. සිවුර කියන්නෙ ආදරය ආශාව මඩින බලයක් නෙමෙයි. හාමුදුරු කෙනෙක් තමන්ගේ ආශාවන්ට ඉඩදීමෙන් සහ අත්හැරීමෙන් තමයි ගැඹුරු අවබෝධයකට පත්වෙන්නෙ. සමහර කෙනෙකුට තමන්ගේ නිදහසට සිවුර බාධාවක් විදිහට හැගෙනවා. ඒ අය සිවුරු හැර යනවා. තවත් කෙනෙක් කාලයත් එක්ක අත්හැරීමේ සහ අල්ලාගැනීමේ ගැටුම අතර පරිණත වෙනවා. ඒ අය මේ දේවල් ඉක්මවා ගිහින් ප්‍රඥාවට පත්වෙනවා. නමුත් මේ කිසි දෙයක් පිටත පොලිසියක් බඳු බලහත්කාරයකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. බෞද්ධ දායකයා කියන්නෙ පන්සලේ පොලිසිය නෙමෙයි.

    ඒ ප්‍රේමය ගැන නරක ඇහැකින් බැලිය හැක්කේ නොමිනිස් සිතැත්තෙකුටම පමණයි. ඒ තරම් අහිංසක බැඳීමක්. එය දකින කෙනෙක් තුල ඇති කරන්නේ සතුටක්. නිදහසක් ගැන හැගීමක්. සිවුර පවා ඒ ආදරය තවත් ගැඹුරු කරනවා. වාරණය වුනු හැගීම් දැනීම් එක පසෙක, ආදරය දුන්නු ඒ සියුමැලිය තව පසෙක. හරියට රේල් පාරක් ‍වගේමයි. භික්ෂුවකගේ ආදරය කියන්නෙත් අපේ බෞද්ධ සංස්කෘතියෙ උරුමයක්. අපි වික්ටෝරියානුවන් නෙමෙයි. අපිට ඉන්නවා බේබදු හාමුදුරුවරු, ආදරය කරන රමණය කරන හාමුදුරුවරු. ඒ අය ප්‍රඥාවට පත් නොවේ යැයි කියන්න අපි කවුද?

    මේ ගිහියන් විසින් අතට ගන්නෙ තමන් දෙන දානමාන වල බලය වග පැහැදිලියි. අපි කන්න බොන්න දෙනවා නම්, අපි වඳිනවා නම්, අපි කියන විදිහට හිටු කියලයි මේ කියන්නෙ. ගිහියන් විසින් මේ සත්කාර කරන්නෙ හාමුදුරුවන්ට ආදරේට නෙමෙයි. ඉන් පින් ලබාගෙන ඊළග ආත්මය සැපවත් කරගන්න. දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න. ඒ මේ ආත්මයෙන් ඔබ්බට අපේක්ෂා කරන ප්‍රතිලාභ ‍වගේම මේ ආත්මයේ පන්සලේ ප්‍රධාන දායක තැන වීමෙන් ලබන ලෞකික ප්‍රතිලාභත් තියෙනවා. තමන්ගේ මේ අපේක්ෂාවන් සඳහා යම් හාමුදුරු කෙනෙක් සුදුසු නෑ කියල හිතනවා නම් ගිහියන්ට පුළුවන් ඒ අයට සත්කාර කිරීම නතර කරන්න. වෙන ගැලපෙන හාමුදුරු කෙනෙක් හොයාගන්න. තර්ජනය කරමින්, මැරකම පාවිච්චි කරමින් තවත් මනුස්සයෙක් පීඩාවට ලක් කිරීමෙන් මේ බෞද්ධයන් අප‍ේක්ෂා කරන විමුක්තිය මොකක්ද? මොකක් වුනත් ඒක අශිෂ්ට එකක්.

    හාමුදුරුවරු කියන්නෙ එක්තරා සමාජ චාරිත්‍ර වාරිත්‍ර ටිකක් ඉටු කරන පිරිසක්. අපි මරණයේදී ගොඩයාමක් අප‍ේක්ෂා කරන්නෙ පිරිතක් කියල, මළාට පස්සෙ නම් පාංශුකූලයක් දීලා, බණක් දානයක් දීලා ආදී වශයෙන්. මේ දේවල් අපි කරන්නෙ සිවුරු දරාගෙන, ඒ ගාථා චාරිත්‍ර දැනුම සහිතව ඉන්න හාමුදුරුවරුන් පාවිච්චි කරලා. අපිට පන්සල සහ චීවරය කියන්නෙ අපේ ආධ්‍යාත්මික අවශ්‍යතාවයක්. ඒක සංකල්පයක්.

    හාමුදුරු කෙනෙකුටත් තියෙනවා මේ දේවල් කරනවට අමතරව ගත කරන්න මනුස්ස ජීවිතයක්. ඒ අය තමන්ගේ ආශාවන් අවබෝධ කරගන්න ඕන. ඒවායේ ස්වභාවය තේරුම් ගන්න ඕන. සමාජ අපවාදය නිසා නෙමෙයි තමන්ගේ ජීවිතය ඇතුලෙන් ඒ ආශා තෘෂ්නාවන් ඉක්මවා යන්න ඕන. ඒක තමයි යම් කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් ශ්‍රමණයෙක් වෙනවා නම් එයාගෙ සොයායාම වෙන්නෙ. අපේ පෙරකී උවමනා වෙනුවෙන් භික්ෂුවකගේ පැවැත්මේ සක්මන බාධා කරන්න බෞද්ධයෙකුට බෑ. භික්ෂුන් කියන්නෙ අපේ වහලුන් නොවන වග අපි තේරුම් ගන්න ඕන. ඇත්තටම හාමුදුරුවරු හරි බණ කිව්වා නම් බෞද්ධයො මෙහෙම වෙන්නෙ නෑ.

    ඒ වගේම හාමුදුරුවන්ටම ඇතිවන ගැහැණු ප්‍රේමයත් ඉතාම සුන්දර එකක්. ඒක එක්තරා විදිහක ෆෙටිෂ් එකක් (අර්චනකාමයක්). තමන්ගේ ජීවිතයේ ඉතාම හුදකලා වුනු, තමන්ගේ ආශාවන් පවා වරදක් වුනු, පීඩිත පිරිමියෙකුට ආදරය කිරීමෙන් විශාල ආත්ම තෘප්තියක් ලබන ගැහැණුන් මට මුනගැහිලා තියෙනවා. ඒ පාපය සහ ශුද්ධවන්තභාවය අතර සැරිසරන ගැහැණු කලාපය ඉතාම ගැඹුරු එකක්. ඇත්තටම කිව්වොත් ඒ ආදරය බෙහෙවින් පිරිසිදු ආදරයක්. හරියට මරියා මග්දලේනා හෝ අම්බපාලියගේ වගේ.

    මෙසේ හාමුදුරුවරුන්ට පීඩා කරන ගිහියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. හාමුදුරු කෙනෙක්ද නැද්ද කියන එක වෙනුවට මනුස්ස අයිතිය පැත්තෙන් පෙනී සිටිය යුතුයි. කොටට ඇඳුම් ඇන්දා කියා ස්ත්‍රියක් දූෂණය කිරීමේ අයිතිය පවරා ගන්නෙත් මෙවන් මැරයන්ම වග අපි මතක තියාගත යුතුයි. සමාජයක සදාචාරය ආරක්ෂා කරන්නට අනෙකාට එරෙහිව බලය පාවිච්චි කරන්නා අතිශය භයානක වගට උදාහරණ ඕනෑතරම්ය.

    ආදරයට විරුද්ධ වෙන මේ ගිහියන් ජාතිවාදය, ආගම්වාදය දෙසන විට සාදුකාර දෙන අයයි


    චින්තන ධර්මදාස

  • ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ගණිකා වෘත්තිය නීතිගත කරන්න

    ආර්තික අර්බුදය හින්දා ලංකාවෙ කාන්තාවන්ට වි‍ශේෂ වූ ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අයගෙ රැකියා නැති වෙනවා. මෙහෙම රැකියා නැතිවෙන බොහොමයක් පිරිස් ගණිකා වෘත්තියට එකතු වෙමින් පවතිනවා කියලා ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරනවා.

    කාන්තාවන්ගේ රැකියා අහිමිවීම නිසා ඒ අයගෙ පවුල්වල දුෂ්කරතා මතුවෙනවා. මේ හේතුවෙන් දිවිනසා ගන්නා අය ගැන පවා පුවත් වාර්තා වෙනවා. නමුත් ඊට වඩා ධෛර්යය සම්පන්න කාන්තාවන් තමන්ගේ ජීවිතයේ දැවැන්තම අභියෝගයක් බාරඅරගෙන, තමන්ට ප්‍රමාණවත් මුදලක් උපයාගත හැකි එකම මාධ්‍යය විදිහට විවෘත වෙලා තියෙන ලිංගික ශ්‍රමික කලාපයට ඇතුප්වෙනවා.

    ANI පුවත්සේවය වාර්තා කරන විදිහට මේ නිසා රටේ ගණිකා නිවාස වැඩිවීමක් සිදුවෙමින් පවතිනවා. පහුගිය මාස කීපයේ පමණක් ගණිකා වෘත්තියේ 30%ක පමණ වර්ධනයක් පෙන්වනවා. ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරන සංවිධානයක් වන ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ලංකා පෙන්වා දෙන විදිහට මේ කාන්තාවන් බොහොමයක් මේ රැකියාවට යොමුවෙන්නෙ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමේ දුෂ්කරතා නිසයි. මේ කාන්තාවන් තමයි බොහොමයක් පවුල්වල උපයන්නා වෙන්නෙ. සමහරුන්‍ දරුවන් එක්ක දික්කසාදව ජීවත් වෙන අය. තවත් සමහරුන්ගේ සැමියන් කිසිදු ඉපැයීමක් කරන්නෙ නෑ. සමහරු ජීවත් වෙන්නෙ මහළු දෙමව්පියන් සමග. මේ තමයි ඒ අයට තමන්ගෙ පවුල ජීවත් කරවන්න ගන්න තිබුණු එකම මාර්ගය.

    විශේෂයෙන්ම ඇගළුම් ක්ෂේත්‍රයේ විශාල වශයෙන් රැකියා අහිමි වීමක් සිදු වෙනවා. මෙහෙම රැකියා අහිමි වෙන බොහොමයක් දෙනා ගණිකා වෘත්තියට යොමුවන නැඹුරුවක් පේන්න තියෙනවා. ගොඩක් අයට සිද්ද වෙන්නෙ ස්පාවල රැකියා හොයාගන්න.

    සැ.යු- ගණිකාව යන වචනය අප පාවිච්චි කරන්නේ සිතාමතාමය. එය ඉන්දියාවේ ගණිකා යන ප්‍රභූමය, ගෞරවනීය වෘත්තිය සම්බන්ධ සැබෑ අර්ථය නැවත අත්පත් කරගත යුතු බවට අපි විශ්වාස කරනවා.

    රෙහානා කියන අවුරුදු 21ක තරුණියකගේ ප්‍රකාශය අනුව මාස 07ට කලින් එයාගෙ ඇගළුම් රැකියාව නැති වීම නිසා පවුලට ආදායමක් නැති වෙනවා. එයාට ස්පා හිමිකරුවෙක් ලිංගික ශ්‍රමිකයෙක් විදිහට රැකියාව කරන්න කතා කරනවා. මුලින් ප්‍රතික්ෂේප කළත් ඒ තිබුණු ආර්තික තත්වය නිසාම එයාට සිද්ද වෙනවා මේ රැකියාවට එන්න.

    අවුරුදු 42ක රෝසි කියන කතාව අනුව ඇය අවුරුදු 07ක දරුවෙකුගේ මවක්. දික්කසාද වෙලා ජීවත් වෙන්නෙ. තමන්ගේ දරුවා‍ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නවත් ඇයට ලැබෙන ආදායම මදි වෙනවා. ඇය මෙතෙක් කරගෙන ගිය පොඩි කඩේ මේ ආර්තික අර්බුදයත් එක්ක පවත්වාගෙන යන්න අමාරු තත්වයක් එනවා. මේ හින්ද ඇයට සිද්ද වෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට සේවය කරන්න.

    ඇත්තම තත්වය නම් රුපියල් 15000-20000ක් පමණ මුදලක් මාසයකට උපයපු කාන්තාවකට පුළුවන්කම ලැබෙනවා ලිංගික ශ්‍රමිකයෙක් විදිහට දවසකට එබඳු මුදලක් උපයාගන්න. ඒක ආකර්ශනීය තත්වයක්.

    ස්ටෑන්ඩ්අප් මූව්මන්ට් ප්‍රකාශ කරන ආකාරයට මේ ආර්ථික අර්බුදය හමුවේ බොහොමයක් කාන්තාවන්ගේ සැමියන් ඔවුන් හැර ගොස් තිබෙනවා. මේ නිසා ජීවත් වෙන මාර්ගයක් නැතිකමෙනුත් ලිංගික ශ්‍රමිකයන් විදිහට වැඩ කරන අය ඉන්නවා. මේ අය උපත් පාලන ක්‍රමයන් ගැන නොදැනුවත් සහ නොසැලකිලිමත් බව නිසා ගැබ් ගැනීම් සිද්ද වෙනවා. මේ වෙද්දි ඉහත ආයතනය විසින් එවන් ගැබ්ගැනීම් සිදුවුනු කාන්තාවන් දෙදෙනෙක් රැකබලාගන්නවා. රජයෙන් කිසිම සහායක් මෙවැනි ගැහැණුන් වෙනුවෙන් ලැබෙන්නෙ නැහැ.

    ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය හැටියට අප යෝජනා කරන්නෙ මේ පවතින ආර්ථික අර්බුදය ගැන සබුද්ධිකභාවයකින් රජයට ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කරන ලෙසයි. එය අභියෝගාත්මක තීරණයක් බව ඇත්ත. නමුත් මානුෂිකබව සියල්ලට ඉහළින් සැලකූ රජයක සානුකම්පික තීරණයක් හැටියට යම් දවසක අගය කරනු ඇත.

    මෙවන් ප්‍රවෘත්තියක් ලැබුනු විගස පොලිසි මගින් සිදුකරන ගණිකා නිවාස වැටලීම් සහ ඒවා මහා ප්‍රවෘත්ති වශයෙන් මීඩියාවල පළකිරීම වහාම නතර කරන්න පියවර ගන්න. අපට මේ කාන්තාවන්ගේ ආර්තිකය රැකබලාගත නොහැකි නම් අවම වශයෙන් ඔවුන් මුදලක් උපයන වෘත්තියේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම්සහගත වෙන්න. මේ අයට නීතිමය සහ සෞඛ්‍යමය රැකවරණ සැලසීමට අවකාශ ලබාදෙන්න.

    මේ අයට උපත් පාලනය සහ ලිංගික රෝගවලින් ආරක්ෂා වීම පිළිබඳ දැනුම ලබාදීමට ඉක්මන් පියවර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම පෝලිම්වල, විවිධ අර්බුද මැද ජීවත් වෙන පිරිමින්ගේ ආතතිය පුපුරා යාමට නොදී සමනය කිරීමට මේ කාන්තාවන් විසින් කරන සමාජ සේවය පිළිගත යුතු වෙනවා.

    ගණිකා වෘත්තිය යනු අනෙක් කවර හෝ වෘත්තියක් තරමටම ගෞරවනීය වෘත්තියක් බව අපගේ පක්ෂයේ පිළිගැනීමයි. අනෙක් වෘත්තීන් හා සමානවම එයට වෘත්තීමය අයිතිවාසිකම් හිමිවිය යුතුය. එය කාන්තාවක් විසින් ස්වාධීනව, තමන්ගේ තීරණයෙන්, තමන්ගේ ශරීරයෙන් හා ශෘංගාරයෙන් මුදල් උපයන නිදහස් රැකියාවක් විය යුතුය. රජයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ ආර්තිකයක ගැහැණුන් ජීවත් වීම වෙනුවෙන් කරන කර්මාන්තයකට අකුල් හෙලීමට තරම් අමානුෂික, ඊනියා සදාචාරාත්මක රජයක් බවට මේ නව රජය පත් නොවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

    මෙයට, ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය.

  • ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    (සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)

    කෑම අරුචිය හා ඇග වැහැරුණු භික්ෂුවකි. මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.

    සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.

    සෙයියසක හිමියන් හස්ත උපක්‍රමයෙන් වින්දනය ලබාගත් අතර මේ පිළිබඳව දැනගත් අනෙක් භික්ෂූන් බුදුන්වහන්සේ හමුවට සෙයියසක හිමියන් පමුණුවන ලදි.

    ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.

    1. නිරෝගීකම පිණිස
    2. සැප පිණිස
    3. දරුබීජයක් වෙනුවෙන්
    4. බෙහෙත් පිණිස
    5. වර්ණය සොයාබැලීමට
    6. දානය පිණිස (මේ දරුපල නැති අයට දරුවන් ලබා ගැනීමට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමයි)
    7. විනෝදයට

    ස්වයං වින්දනය ගිහි ජීවිතය උදෙසා වූවක් බවත් එය බ්‍රහ්මචර්‍යාව පුරන භික්ෂුවට නුසුදුසු නිසාත් “දැන දැන ශුක්‍රමෝචනය(ස්වයං වින්දනය) තහනම් කරන ලදි.එහෙත් එය සසුනෙන් නෙරපීමට තරම් බරපතල වරදක් ලෙස නොදුටු බුදුන්වහන්සේ සිල්වත් වැඩිමහලු භික්ෂුවකට වරද ප්‍රකාශ කර,වරදින් නිදහස් විය හැකිබව ප්‍රකාශ කරන ලදි.

    මේ බුදුන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවයන්ගේ ලිංගිකත්වය පිළිගත් ආකාරයයි. මහමෙව්නාවේ බණ කරුවන් හා විකාර ධර්ම දේශකයන් ලිංගිකත්වය සදාචාර විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම නියම බුද්ධ දේශනාවට පටහැනිය.ඒ විකාර කතා නිසා අද ලංකාව අපයෝජන ,ඝාතන,දික්කසාද ,අනියම් සම්බන්ධතා,ව්‍යභිචාරය ආදී අර්බුධයන්ට පැමිණ ඇත.

    (ස්වයං වින්දනය ගිහියාට තහනම් නැත. ස්වයං වින්දනය තහනම් කර ඇත්තේ භික්ෂුවටය.)

    සංස්කෘතික වහලය ගලවන්න – ඡන්නං විවරේථ…. ලංකාවේ ගමන්මග කොයිබටද ?


    කැකිරාවේ සුදස්සන හිමි

  • සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    සෑම පුරවැසියෙකුටම බහු විවාහයට නිදහස!

    මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බහුවිවාහයට අවසර දෙන්නැයි අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා තිබුන. ඒත් සරත් වීරසේකර, විමල් වීරවංස, උදය ගම්මන්පිල මේකට විරුද්ධ වෙලා තිබුන.

    ග.ගො ඥානසාරගේ කොමිසමේ වාර්තාව එනකල් මේ සංශෝධන නොකර ඉන්න ඇමති මණ්ඩලය තීරණය කරලා.

    වාසුදේව විතරක් නැගිටලා වෙනම සංස්කෘතීන් සඳහා වෙනම නීතීන් බලපාන්න පුළුවන් කියල වචනයක් දාලා. හැබැයි එකගෙයි කෑම කියන්නෙත් සිංහල බහුවිවාහ ක්‍රමයක්.

    ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වෙනත් ලිංගිකයෙක් වේවා තමන් කැමති කෙනෙක් හෝ කීපදෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් කියල පිළිගන්න බැරි වෙන්නෙ ඇයි?

    ඒකෙන් කිසි කෙනෙකුට තමන්ගේ පරම එකම ප්‍රේමය පමණක් විවාහ කරගන්න තහනමක් පැනවෙන්නෙ නෑ. ඒ වගේම කැමති කෙනෙකුට දෙන්නෙක්, කැමති කෙනෙකුට පස්දෙනෙක් ආදී වශයෙන් විවාහ කරගන්න වුනත් පුළුවන්. කිසි කෙනෙකුගේ නිදහසට අවහිරයක් නොවන මේ වගේ තීරණයක් ගන්නවා වෙනුවට නෑ නෑ විවාහ වෙන්නෙ එක්කෙනත් එක්කයි වගේ තැනක රජයක් පෙනී ඉන්නෙ අහවල් කාරණයකටද?

    මේවට තමයි කියන්නෙ මිනිස්සුන්ගේ නිදන කාමරේ ඇඳ උඩටත් ආණ්ඩුව එනවා කියල. මේවා පුද්ගලික ප්‍රශ්න. රාජ්‍ය ප්‍රශ්න හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල කාරණා නෙමෙයි.

    තමන්ට විවාහ විය හැක්කේ කී දෙනෙක් එක්කද කියල කියන්නත් ආණ්ඩුවක් ඕන කියන ජනතාවක් කොයිතරම් මෝඩද? තමන්ගේ ජීවිතය ගැන එබඳු වගකීමක් ගන්නවත් බැරි අය විවාහයකට සුදුසුද?

    ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්. නීතියක් රටකට පොදු වෙන්න ඕන. ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන. මුස්ලිම් සංස්කෘතිය ගැන සලකලා රටේම බහුවිවාහවලට නීතියෙන් අවසර ලබාදීමයි සිද්ද විය යුත්තෙ. නැත්තං ඒක ජාතියක් විශේෂ කොට සැලකීමක් වෙනවා.

    බහු විවාහයක් අවශ්‍ය කෙනෙකුට ආගම මාරු කිරීම අනිවාර්යයක් වෙනවා. බහු විවාහයක් කරගෙන ඉන්න කෙනෙකුට ආගම මාරු කරන්න බැරි වෙනවා.

    රජයට විවාහය අදාල වෙන්නෙ දේපොල හා උරුමයන් සම්බන්ධ නීතිමය කාරණාවලදියි. ඒ වෙනුවෙන් ඕනෑම විවාහයක් බහුවිවාහයක් හැටියෙන් සලකලා ඒ සිටින දෙන්නා හෝ තුන්දෙනා හෝ කීපදෙනා අතර ඒවා බෙදී යා යුතු සාධාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි කරන්න තියෙන්නෙ.

    බහු විවාහය සඳහා නිදහස රටටම ලබාදෙන්න කියන එකයි ජනතා ඉල්ලීම විය යුත්තෙ.

    ප.ලි – කොහොමත් ගෑස් නැතුව, ලයිට් නැතුව, කිරිපිටි නැතුව මේ රට යන අත හැටියට බහු විවාහය ආර්තික අතිනුත් ප්‍රායෝගික ක්‍රමයක්. තනි තනි පවුල් නඩත්තු වෙනවට වඩා ලොකු තනි පවුල් ඇතුලෙ සාමූහික පැවැත්ම පිරිවැය අඩු කරනවා. ජනගහනයත් අඩු කරනවා.

  • බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද?

    බැඳපු කෙනෙක්ව බඳින එක අවුල්ද?

    කසාද බඳිනවා කියන එක මගේ ජීවිතේ කවදාවත් goal එකක් වෙලා තිබුනේ නැහැ. 30 වෙන්න කලින් බඳින්න ඕනේ, කාලය යනවා වගේ සිතිවිලි ඇත්තටම මට තිබිලා නැහැ. මගේ ජීවිතේ ගමන් මග මට ආවේණික නිසා මගේ ජීවිතේ තීරණත් ඒ විදිහටම ආවේණිකයි කියන දේ මම තදින් විශ්වාස කලා.

    කසාද බඳින්න හේතුව වුනේ ජීවිතේ බෙදාගන්න මට කැමත්තක් හිතෙන කෙනෙක් ලැබුන නිසයි. ඒ උනාට goal එක තියෙන්නෙ එහෙම කෙනෙක් මුණගැහිලා කසාද බැඳපු එකේ නෙමෙයි, අපි මේ ගමන ගෙනියන විදිහෙයි.

    මං බැන්දෙ කලින් කසාද බැඳපු කෙනෙක්.

    මේ සම්බන්ධකම ගැන මිනිස්සු මගෙන් වැඩිපුරම අහපු ප්‍රශ්න තමයි,

    ‘අම්මලා ඕකට කැමති වුනාද?’

    ‘කලින් කසාද බැදපු කෙනෙක්ව බඳින්නෙ ඇයි?’

    ‘ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක් බදින්න ඔයාගෙ අඩුපාඩු මොනාද?’

    මේ ප්‍රශ්න එකක් වත් කිසි විදිහකින් වැරැද්දක් විදිහට මට පෙනුනෙ නැහැ. හේතුව තමයි, අපේ සමාජ ක්‍රමය තුල මං ගත්ත තීරණය සාමාන්‍යය දෙයක් නෙමෙයි නිසාත්, මං වෙනුවෙන් හොඳම දේ කියලා ඒගොල්ලො හිතන දේට කලින් කසාද බැදපු කෙනෙක්, ළමයෙක් ඉන්න කෙනෙක් කියන කාරණා අඩංගු වෙන්න විදිහක් නැති නිසාත්.

    මම ඒ හැම කෙනෙක්ටම පැහැදිලි කලේ මේ ලියන්න යන කාරණායි.

    මගේ අම්මාටයි තාත්තාටයි හැම වෙලාවකම අදාල උනේ මම සතුටින්ද කියන එක විතරයි, ඒ දෙන්නා ජීවිතේ දිහා හරිම විවෘතව බලන දෙන්නෙක්.

    ඊලගට, දුක් විඳ විඳ කසාදයක ඉන්නෙ නැතුව එතනින් අයින් වෙනවා කියන්නේ තමන් තමන්ට ආදරෙයි කියන එකයි. එහෙම කෙනෙක්ට විතරයි තව කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් කම තියෙන්නෙ.

    අනිත් දේ තමයි, ළමයි කියන්නේ මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන පිරිස. ළමයෙක් ඉන්න කෙනෙක්ව කසාද බඳින්න කිසි අඩුපාඩුවක් තියෙන්න ඕනෙ නැහැ. මගේ බඩින් වදනවද, නැත්තන් කාගෙන් කොයි විදිහටද ළමයි මේ ලෝකෙට එන්නෙ කියන දේ මට කොයිම වෙලාවකවත් ළමයෙක්ට ආදරේ කරන්න වැදගත් වෙන්නේ නැහැ.

    මට ඇත්තටම අදාල වෙන්නෙ, සතුටින්, සැහැල්ලුවෙන් මේ කෙනා එක්ක මට ජීවත් වෙන්න පුලුවන්ද, ජීවිතේ එන ප්‍රශ්නවලට අපි මුහුණ දෙන විදිහ මොකද්ද, අපිට මේ සම්බන්ධකම ඇතුලේ වැඩෙන්න පුලුවන්ද, මේ unit එක නිර්මාණය කිරීමෙන් ඇත්තටම අපි තෘප්තිමත් ද කියන කාරණායි.

    අනාගතය ගැන මම කියන්න දන්නේ නැහැ. ඒක අවිනිශ්චිතයි. මම හිතන විදිහට සම්බන්ධකමක් කාලයක් පවතින්න නම්, එකිනෙකා අතර තියෙන විශ්වාසය, අවබෝධය, ආදරය, නිදහස කියන සාධක නඩත්තු වෙන්න ඕන.

    මම කිසිම වෙලාවක කසාදය රකින්න උත්සහ කරන්නේ නැහැ, මම විශ්වාස කරන්නේ කසාදය විසින් අපිව රැකිය යුතුයි කියන එකයි. ඒ කියන්නේ, මේ කසාදෙ ඇතුලෙ ඉන්න එකෙන් අපි දෙන්නා සතුටින් ඉන්නවද, අපිට ඉන්න දරුවා සතුටින් ඉන්නවද කියන කාරණායි.

    කසාදයේ හිඳීමෙන් ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තන්, තව දුරටත් අත්සන් කරපු කොලයක් රකින්න ඉතුරු ජීවිත කාලය දුක් විදින්න අපි දෙන්නම කිසි වෙලාවක සූදානම් නෑ.

    එක ගෙදර ඉදගෙන දුකින් ඉන්න දෙමව්පියන් ළමයින්ට ලැබෙනවාට වඩා තැන් දෙකක සතුටින් ඉන්න දෙමව්පියන් ළමයින්ට ලැබෙන එක වඩාත් හොදයි.

    ජීවිතේ විඳින්නයි මම කසාද බඳින්න තීරණය කලේ. අනිත් කෙනා එක්ක කාලය ගත කරන්න තියෙන කැමැත්ත, අත්දැකීම් බෙදාගන්න තියෙන ආසාව, එකිනෙකාගෙන් දේවල් ඉගෙන ගන්න, පවුලක් විදිහට අපේ ජීවතය විඳින්න තියෙන කැමැත්තයි ඒකට මුල්වුනේ.

    අපි අපිව කොච්චර තේරුම් ගන්නවද කියන එක තීරණය වෙන්නේ, මම දවසක ඇවිත් කිව්වොත් මම සතුටින් නෙමෙයි ඉන්නෙ, මට වෙන්වෙන්න ඕන කියලා, අනිත් කෙනාට ඒක තේරුම් ගන්න අපහසු නැත්තන්, ඒක මහා පුදුමයක්, කලබැගෑනියක් නෙමෙයි නම්, අපේ සම්බන්ධකම සාර්ථකයි කියලයි මම හිතන්නෙ. අපිට අපිව දැනෙන්න ඕනේ සතුටෙදි විතරක් නෙමෙයි.

    දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්, වෙන්වෙනවා නම් ඒක කොහොමද සාර්ථක සම්බන්ධකමක් වෙන්නෙ කියලා?

    සම්බන්ධකමක් පටන් ගන්නකොට තියෙන ආදරණීය බව, ගෞරවය සම්බන්ධකමක් ඉවර කරන කොටත් තියෙනවා නම් එහෙම සම්බන්ධකම් අසාර්ථක වෙන්නේ කොහොමද?

    අවුරුදු 60දිත් මම මේ කසාදෙ ඉන්නවා කියන්නේ, අද මේ මම ගත්ත තීරණය ඉතා හොඳ එකක් කියන එකයි. මගේ සතුට මෙතන රැඳිලා තියෙනවා කියන එකයි.

    එහෙම නැත්තන්, වෙන් වෙලත් අතුලයි සමිතායි වගේ ආදරෙන් අපි ඉන්නවා කියන්නෙ, ඒත් අද මේ මම ගත්ත තීරණය ඉතා හොඳ එකක් කියන එකයි.

    මානුෂිය ගණුදෙනු ආදරෙන් පමණක්ම විසඳීම මගේ ජීවිතේ එකම ඉලක්කයයි!


    ශේනි විජේසුරේන්ද්‍ර ලියයි

  • ජාතික රූපවාහිනියෙ පෙන්නපු කෙටි චිත්‍රපටයකට නඩුවක්

    ජාතික රූපවාහිනියෙ පෙන්නපු කෙටි චිත්‍රපටයකට නඩුවක්

    ඊයෙ ඒ කියන්නෙ 13 වෙනි බ්‍රහස්පතින්දා දවල් 12.05ට විතර ජාතික රූපවාහිනියෙ කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙනවා. ඒකෙ නම ‘වොයිස්’ නැත්නම් ‘ඇගේ හඬ’. මේ ෆිල්ම් එක යන්නෙ GIZ විසින් නිෂ්පාදනය කරපු චිත්‍රපට පෙලක් අතරෙ. මේකෙ තේමාව වෙන්නෙ කොන්ඩම් පාවිච්චිය.

    කෙල්ලෙක් තමන්ගෙ කොල්ලා මුනගැහෙන්න යනවා. හැමදාම මතක් කළත් කොල්ලා විසින් කොන්ඩමයක් අරන් එන්න අමතක කරනවා. එදා ඒ කෙල්ල හිතාගන්නවා කොන්ඩමයක් නැතුව නම් සෙක්ස් කරන්නෙ නෑ කියල. එයා ෆාමසි කීපයකට යනවා. ඒ ෆාමසි ඇතුලෙ ඉන්න මිනිස්සු දැක්කම ලංකාවෙ සදාචාරය මතක් වෙන නිසා එයාට කොන්ඩමයක් ඉල්ලන්න කට පණ නැති වෙනවා.

    පරක්කු වෙද්දි කොල්ලා තව ඇවිස්සෙනවා. කොල්ලව අපිට ෆෝන් එකෙන් ඇහෙනවා විතරයි.

    ‘ඔය රබර් පයි දාන්න මට බෑ. තමුසෙට පෙත්තක් බොන්න බැරිද? ෆාමසි ගානෙ ගිහින් වේස බඩුවක් වගේ කොන්ඩම් ඉල්ලන්න ලැජ්ජ නැද්ද?’

    කොල්ලා කෙල්ලට බැනවදිනවා. ඒ බැනිල්ලට කෙල්ලට කේන්තියත් එක්ක දැඩි ආත්ම ශක්තියක් ඇතිවෙනවා.

    ‘මට කොන්ඩම් එකක් දෙන්න’ කෙල්ල කට ඇරලා ඉල්ලනවා.

    ඔන්න ඔය කතාව ජාතික රූපවාහිනයෙ පෙන්නනවා. ඒක පෙන්නිය යුතුම කතාවක්. හැබැයි මොකක් හරි අතපසුවීමකින් පෙන්නපු වෙලාව නම් අවුලක්. ඒ වගේම සාලෙ මැද තියෙන රූපවාහිනිය ගැන සලකලා ඇතැම් දෙබස් කපා නොදැමීමත් ගැටලුවක්. ඒක බොහෝ විට සිද්ද වෙන්න ඇත්තෙ ස්පොන්සර්ඩ් ටයිම් බෙල්ට් එකක් මැද යන කන්ටෙන්ට් එකක් නිසා වෙන්න ඕන.

    ජාතික රූපවාහිනිය කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයට අවකාශ සැලසීමත් මෙබඳු වැඩිහිටි තේමාවන් සාකච්ඡාවට ගැනීමත් ප්‍රශංසා කටයුතු දෙයක්. නමුත් ප්‍රදර්ශනය වෙන කාලය සහ එය නරඹන ප්‍රේක්ෂාගාරය පිළිබඳ නොසැලකීම ප්‍රශ්න ඇති කරන්නක් වග පැහැදිලියි.

    රාත්‍රී දහයෙන් පස්සෙ වගේ මෙබඳු ජනතාව දැනුවත් කරන වැඩිහිටි තේමාවන් ඇතුලත් වැඩසටහන් ප්‍රදර්ශනයට ජාතික රූපවාහිනිය දැනුවත්ව මැදිහත් වෙනවා නම් වටිනවා. ආරම්භයට කලින් වැඩිහිටියන්ට පමණයි යනුවෙන් දැනුම්දීමකුත් කරන්න පුළුවන්.

    ඒ කොහොම වුනත් මෙතෙක් ලංකාවෙ රූපවාහිනී මාධ්‍යයක ප්‍රදර්ශනය කළ වඩාත් ප්‍රගතිශීලීම එඩිතරම සහ ආන්දෝලනාත්මකම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීිමේ ගෞරවය ජාතික රූපවාහිනියට හිමිවිය යුතුයි.

    මෙබඳු අප්‍රවේශම්කාරී කටයුතු නිසා වැඩිහිටි ලිංගික අධ්‍යාපනයට තවතවත් දැඩි සීමා පැනවීමක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමු.

  • අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය

    අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය

    අධිකරණ ඇමති අලිසබ්‍රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන. ඊට පස්සෙ එයාගෙ ලේකම් කෙනෙක් කතා කරලා, නෑ එහෙම ලොකු වෙනස්කම් නෙමෙයි, ළඟ තබාගැනීම වරදක් නෙමෙයි කියන එක විතරක් සංශෝධනය කරනවා කියල කිව්වා. දැනට ගැසට් වෙච්ච පණතෙ සංශෝධනය කරන්න තියෙන්නෙ එච්චරද?

    අසභ්‍ය දේ සම්බන්ධයෙන් නීති පනවනකොට මූලිකම ප්‍රශ්නෙ එන්නෙ අසභ්‍ය යනු කුමක්ද කියන එකයි.

    මේ පණතෙ හැටියට යම් අසභ්‍ය ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ දෙයක් ගැන කතා කරනවා. ඒකට ලියවිල්ලක්, චිත්‍රයක්, මුද්‍රණයක්, සිතුවමක්, මුද්‍රිත ද්‍රව්‍යයක්, පිංතූරයක්, පෝස්ටරයක්, ලාංඡනයක්, ඡායාරූපයක්, සිනමාරූපී සේයාපටයක්, හෝ යම් මාධ්‍යයක් ඇති යම් දත්ත ඇතුලත් වෙනවා.

    එතකොට ඒක අසභ්‍යයි කියල තීරණය කරන්නෙ යම් සාධාරණ තැනැත්තෙකුගේ මනස කෙලෙසීම හෝ දූෂණය කිරීම සිදුවෙනවා කියන එක මත. දැන් කවුද ඔය සාධාරණ මනුෂ්‍යයා කියල අපිට කල්පනා කරන්න වෙනවා. කවුරුන් හෝ ප්‍රකාශයට පත් කරන ඉහත කී කිසිවකින් හෝ කෙලෙසෙන, දූෂනය වෙන සිත් ඇති කිසි කෙනෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්ද? එහෙම කෙනෙක් නිශ්චිතවම අමු මෝඩයෙක් වෙන්න ඕන.

    ජෝන් රෝල්ස් කියන ඇමරිකානු යුක්තිය පිළිබඳ දාර්ශනිකයා කියන විදිහට මේ සාධාරණ මනුෂ්‍යයා නිර්මාණය කරන්න නම් එයා තමන්ගේ සියලු සංස්කෘතික සමාජ දැනුමෙන් වියුක්ත වෙලා ඉන්න ඕන කියලයි. එයා ඒකට කියනවා ‍’වේල් ඔෆ් ඉග්නොරන්ස්’ කියල. තමන්ගේ සමාජ සංස්කෘතික පිහිටීම ගැන දැනුවත් කිසිම මනුෂ්‍යයෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්නෙ නෑ. ඒ අයට අගතීන් පිහිටනවා. එතකොට අලිසබ්‍රිගේ නීතිය අනුව අසභ්‍යයි කියන එක තීරණය කරන මනුස්සයා කොයි විදිහෙ අගතීන්වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්ද?

    මෙතනදි වැදගත් කාරණය වෙන්නෙ අසභ්‍ය නීති හරහා ආණ්ඩුව අපිට වහන්න හදන්නෙ මොනවද කියන එකයි. ඕනම සමාජයක දැනුමේ ආකෘතීන් නිර්මාණය කරන්නෙ නොදැනුවත් බව විසිනුයි. ඒ කියන්නෙ අපේ නොදන්නාකම හෝ මෝඩකම මතයි ලංකාවෙ දැනුම කියන එක ආකෘතිගත වෙලා තියෙන්නෙ. ඉතින් ඕනම ආණ්ඩුවක් උත්සාහ කරනවා ජනතාව යම් නොදැනුමක පවත්වාගන්න. ඒ නොදැනුම නැති වුනොත් ජනතාව ආණ්ඩුව විශ්වාස කරන එක නවතිනවා. හරියට ආගමක් වගේම.

    මේ ආණ්ඩුව ගත්තොත් කොවිඩ් පැණියෙ ඉඳන්, කැළණියෙ නාගයා හරහා, දෙරණ හිරු පෙරටුකොටගෙන කොයිතරම් නොදැනුවත්කමක් උවමනාවෙන් පවත්වාගෙන යනවද කියන එක පැහැදිලි කාරණයක්. ඒ අතරෙ මැදගොඩ අබේතිස්ස, කිරිබත්‍ගොඩ ඥානානන්ද වගේ චරිත ලිංගික නොදැනුවත්කමක මිනිස්සුන්ව ගිල්ලලා තියාගන්නත් අරගල කරනවා. අලිසබ්‍රිගෙ පණත උදව් වෙන්නෙ මේ අබේතිස්සලාගේ අන්තගාමී ප්‍රතිපදාවටයි. මිනිස්සුන්ව ලිංගික කාරණාවලින් ඈත් කිරීම හරහා අතෘප්තිය පවත්වාගැනීම. ඒ අතෘප්තිය සදාචාර, ආගමික, ජාතිවාදී බෝම්බයක් ලෙස ඕනම වෙලාවක පාවිච්චියට ගැනීම. සියලු බොරු පවත්වාගෙන යන්න නම් ලිංගිකව පසුගාමී සමාජයක් පවත්වාගෙන යායුතු බව ආණ්ඩුව දන්නවා.

    මේ වෙද්දි අපි අන්තර්ජාලය හරහා ලෝකයත් එක්ක නිරන්තර සංස්කෘතික සම්බන්ධයකයි ඉන්නෙ. භූගෝලීය වශයෙන් පිහිටීම වෙනස් වුනත් සංස්කෘතික අතින් අපි එක කලාපයක් බෙදාහදා ගන්නවා. පෝර්න් සහ අසභ්‍යයි කියන කැටගරිය අයිති වෙන්නෙත් ඒ කලාපයට. ලංකා‍ව හැම වසරකම නොවැරදීම ජයග්‍රහණය කරන එක තැනක් තමයි වැඩියෙන්ම සෙක්ස් කියන වචනය සර්ච් කිරීම. එතකොට සබ්‍රි හදන්නෙ මේ හැම මනුස්සයෙක්ම එක මොහොතකින් වරදකාරයෙක් කරන්න. ඇතුලට ගන්න ඕන කාවද කියල තීරණය කරන්න ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට පුළුවන්.

    අපේ සංස්කෘතික නිර්ණායක පදනම් විය යුත්තෙ අපි ඇසු‍රු කරන ලෝකයට සාපේක්ෂවයි. අරාබිකරයේ දෘෂ්ටියෙන් සංස්කෘතිය දිහා බලනවට වඩා විවෘත බාරගන්නා බටහිර දැක්මකින් ඒ දිහා බැලීමයි මානවවාදී වෙන්නෙ. එහෙම නැත්තං තලේබාන් අන්තගාමී පීඩාකාරී සංස්කෘතික පාලනයක් පැත්තටයි අපි අඩිය තියන්නෙ.

    මේ අසභ්‍ය ද්‍රව්‍ය, වස්තු හෝ දේවල් යම්කිසි කලාත්මක, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජ ප්‍රගමනයට දායක වන තත්වයක් දරනවා නම් අසභ්‍යකරණයෙන් නිදහස ලබනවා කියලත් කියනවා. ඔය කියන වටිනාකම් කිසිවක් අඩංගු නොවන කිසිම ප්‍රකාශනයක් ලෝකෙ තියෙන්න පුළුවන්ද?  උදා විදිහට පහන්තුඩාවෙ වීඩියෝව කලාත්මක නෑ කියන්නෙ කොහොමද? ඒ තරම් පිරිසක් ඒක නැරඹීම හරහා සමාජයට යම් තෘප්තියක් එයින් අත්පත් කර දුන්නෙ නැද්ද? ලිංගික අතෘප්තිය සමනය කිරීම සමාජ ප්‍රගමනයට දායක වීමක් නෙමෙයිද? ඒ වීඩියෝව හරහා පහන්තුඩාවට සංචාරක ආකර්ශනය වැඩිවීමක් සිද්ද වුනේ නැද්ද?

    පෝර්න් නිසා නෙමෙයි නම් ලංකාවෙ පවුල් ජීවිත බොහොමයක් තාමත් ගෙවෙන්නෙ මළකඳන් වගේ. ගෑණු බ්ලෝජොබ් එකක් දෙන්න පවා ඉගෙන ගත්තෙ පෝර්න්වලින්. එහෙම ලිංගික ආස්වාදය විඳීම ඉස්කෝලවල උගන්නන්නෙ නෑ. ඒක උත්පත්තියෙන් එන ප්‍රතිභාවක් නෙමෙයි. කාමසූත්‍රය කියන්නෙ අධ්‍යාපනික ග්‍රන්ථයක් සබ්‍රි.

    ඉතිං මේ කලාත්මක, විද්‍යාත්මක, සමාජ ප්‍රගමනාත්මක වටිනාකම් තීරණය කිරීමේ මහා සංස්කෘතික සංවාදයක් මේ වගේ නඩුවකදි පැන නගිනවාද? ඒවා තීරණය කරන්නෙ කවුද? අර කලින් සඳහන් කළ යුතෝපියානු සාධාරණ මිනිස්සුද?

    බිහිසුණුම කාරණය මේ වරද වෙනුවෙන් අවුරුදු දහයක් දක්වා සිරදඩුවම් පැනවීමට යෝජනා කිරීමයි. ප්‍රකාශනයක් කියන්නෙ මූලිකවම නිර්මාණයක්. යමක් ප්‍රතිනිර්මාණය කිරීම කියන මූලික මොහොතේම එතන කලාව බිහිවෙනවා. ඒ කලාව අවරගණයේද උසස් ගණයේද කියන එක සංවාදයක්. කවර හෝ ප්‍රතිනිර්මාණයක් කිරීම අවුරුදු දහයක් හිරේ යන වරදක් බවට පත්කරනවා කියන්නෙ ඒ සමාජය සම්පූර්ණයෙන්ම ප්‍රකාශනයේ නිදහස අවහිර කරනවා.

    වරද තියෙන්නෙ එවන් ප්‍රකාශනයක් හරහා යම් කෙනෙකුගේ ජීවිතයකට බලපෑමක් ඇතිවෙනවද කියන එකයි. ළමා, කාන්තා, හෝ සත්ත්ව අපහරණයක්, අපයෝජනයක් සිදුවෙලා තියෙනවද කියන එකයි. ඒ වරදට දඩුවම් කරන්න දැන් තියෙන නීති හොඳටම ඇති. ඒ නීති විධිමත්ව ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නෙ. බොරු අණපනත් ගෙනත් රටේ සංස්කෘතික කතිකාවන් අභියෝග කරන මිනිස්සු හිරේ දාන්න සැලසුම් හදන එක නෙමෙයි.

    අනවශ්‍ය කාරණයකට, අනවශ්‍ය අනපණත් ගේනවා කියන්නෙම පීඩාව ක්‍රියාත්මක කරනවා කියන එකයි. රටේ ජනතාවගෙන් අසභ්‍ය පණතක් රජයෙන් ඉල්ලා සිටියෙ කවුද? මැදගොඩ අබේතිස්ස සහ ඩෑන් ප්‍රියසාද් කියන දෙන්නයි. ඒ දෙන්නෙකුගේ ඉල්ලීම වෙනුවෙන් පණතක් ගේන ආණ්ඩුව ඇත්තටම මේ හදන්නෙ ජනතාව මොකකින් ආරක්ෂා කරන්නද? ගෙවල්වල ගෑස් බෝම්බ පුපුරුවන ආණ්ඩුවක් ජනතාවගේ හිත් දූෂණය වෙයි කියල හිතලා අනපණත් ගේන එක කෙ‍ායිතරම් අසභ්‍ය විහිලුවක්ද නේද?