(සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)

කෑම අරුචිය හා ඇග වැහැරුණු භික්ෂුවකි. මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.

සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.

සෙයියසක හිමියන් හස්ත උපක්‍රමයෙන් වින්දනය ලබාගත් අතර මේ පිළිබඳව දැනගත් අනෙක් භික්ෂූන් බුදුන්වහන්සේ හමුවට සෙයියසක හිමියන් පමුණුවන ලදි.

ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.

1. නිරෝගීකම පිණිස
2. සැප පිණිස
3. දරුබීජයක් වෙනුවෙන්
4. බෙහෙත් පිණිස
5. වර්ණය සොයාබැලීමට
6. දානය පිණිස (මේ දරුපල නැති අයට දරුවන් ලබා ගැනීමට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමයි)
7. විනෝදයට

ස්වයං වින්දනය ගිහි ජීවිතය උදෙසා වූවක් බවත් එය බ්‍රහ්මචර්‍යාව පුරන භික්ෂුවට නුසුදුසු නිසාත් “දැන දැන ශුක්‍රමෝචනය(ස්වයං වින්දනය) තහනම් කරන ලදි.එහෙත් එය සසුනෙන් නෙරපීමට තරම් බරපතල වරදක් ලෙස නොදුටු බුදුන්වහන්සේ සිල්වත් වැඩිමහලු භික්ෂුවකට වරද ප්‍රකාශ කර,වරදින් නිදහස් විය හැකිබව ප්‍රකාශ කරන ලදි.

මේ බුදුන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවයන්ගේ ලිංගිකත්වය පිළිගත් ආකාරයයි. මහමෙව්නාවේ බණ කරුවන් හා විකාර ධර්ම දේශකයන් ලිංගිකත්වය සදාචාර විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම නියම බුද්ධ දේශනාවට පටහැනිය.ඒ විකාර කතා නිසා අද ලංකාව අපයෝජන ,ඝාතන,දික්කසාද ,අනියම් සම්බන්ධතා,ව්‍යභිචාරය ආදී අර්බුධයන්ට පැමිණ ඇත.

(ස්වයං වින්දනය ගිහියාට තහනම් නැත. ස්වයං වින්දනය තහනම් කර ඇත්තේ භික්ෂුවටය.)

සංස්කෘතික වහලය ගලවන්න – ඡන්නං විවරේථ…. ලංකාවේ ගමන්මග කොයිබටද ?


කැකිරාවේ සුදස්සන හිමි