Tag: female

  • Wild Woman

    Wild Woman

    ගැහැණියක් වෙන එක කොච්චර සුන්දර දෙයක්ද කියලා මම නිතර හිතනවා.
    හිතනවා කියන්නෙ, ඒ ගැහැණුකම එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා.
    ලේසියෙන් ඇහෙන්නෙ නැති අමුතු කතාවක් තමයි,
    නමුත් මේ මට දැනෙන හැටි.

    ගැහැණියක් වෙන එක ලේසි නැහැ, ඒක ඇත්ත.
    ගෙවන හැම දවසක්ම challenging,
    විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල.
    ගැහැණියක් නම්, ඕනම දෙයක් fight කරලා ගන්න ඕනෙ ගතියක් ඉතිහාසයෙ ඉඳලම තියෙනවා,
    චන්ද අයිතිය, වාහනයක් drive කරන්න තියෙන අයිතිය,
    තමන්ගෙ ඇඟ විඳින්න තියෙන අයිතිය, sex කරන්න තියෙන අයිතිය පවා.
    ඒ ලේසි නැතිකමම තමයි මම හිතන්නෙ,
    ඒකෙන් අත්පත් කරගන්න පුලුවන් power එකත්.
    උඩුගම් බලා පීනනවා වගේ වැඩක් නිසාම,
    ඒ femininity එක හරිම ආකර්ශනීයයි.

    සමහර හාමුදුරුවරු, පූජකවරු, ගුරුවරු, ගැහැණියක් වෙලා ඉපදෙන එක පවක් කියලා කිව්වට, නොයෙක් අපහාස, අවලාද නැගුවට,
    කප්පාදු නොකළ ගැහැණුකම එක්ක ජීවත් වෙන ගැහැණියක්ට ඒ හැම දෙයක්ම නිකන් හිස් වචන විතරයි.
    එහෙම ගැහැණියක් හැමතිස්සෙම තමන් ගැහැණියක් කියන එකෙන්ම අප්‍රමාණ සතුටක් ලබනවා,
    තමන් ඇතුලෙ ඉන්න ගැහැණියව විඳිනවා.
    ඒ නිසා පිටින් එන කිසිදේකට එහෙම ගැහැණුන්ව වට්ටන්න බැහැ.

    ගැහැණුකමේ බලය දන්නා ගැහැණියක් ලබන වටිනාම අවබෝධයක් කියලා මම හිතන්නෙ,

    තමන් සතු සුන්දරත්වයේ සුවිශේෂී බවත් බලයක් කියන එක.

    තමන්ගෙ ඇගේ ස්වරූපයයි, සෙක්සුයි අතරේ කිසිම සම්බන්ධකමක් නැහැ කියන එක.
    Boobs කොච්චර ලොකුද, vagina එක කොච්චර tightද, වගේ දේවල් කතාවට කියන දේවල් විතරයි.
    Sex කියන්නෙ, හැඟීම් එක්ක යන ගමනක්, ආදරේ express කරන වෙලාවක්, යටපත් වෙලා තියෙන ආසාවන් සපුරගන්න වෙලාවක්.
    ශරීර‍යේ කොටස් කියන්නෙ ඒ ගමන යන්න උදව් කරන දේවල් ටිකක් විතරයි.
    මේක ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පොදුයි. මේ human experience එක තේරුම් අරන් ජීවත් වෙනකොට,
    ගැහැණියක් වුන එකේ සුන්දරත්වය ඇරෙන්න වෙන දෙයක් දැනෙන්න ඉඩක් නැහැ.
    ශක්තිමත් ගැහැණු රැඳෙන්නෙ, තමන්ව දරාගන්න පුළුවන් ශක්තිමත් පිරිමි ළඟ විතරයි.

    මිනිස්සු හිතුවට ලෝකෙ තියෙනවා කියලා beauty standards නැත්තං සුන්දරත්වය ගැන නිර්ණායක කියලා දෙයක්, ඇත්තටම එහෙම දෙයක් පවතින්නෙ නැහැ.
    අපි දේවල් බාරගන්න විදිහටයි, අපිට ඒ දේවල් බලපාන්නෙ.
    Models ලා sexy තමයි, ඒත් මිනිස්සු ආස කරන්නෙ සාමාන්‍ය ශරීරවලට.
    ‘Homebody’ කියන්නෙම සුවි‍ශේෂී බවට.
    මිනිස්සු විදිහට අපේ ආසාවන් තියෙන්නෙ එක එක දේවල් වලට.
    සමහරු ආසයි ඇඟවල් chunky වෙන තරමට, සමහරු ආසයි කකුල් වලට, තව සමහරු ආසයි love handles වලට, armpits, feet,
    ආසාවල් වල ඉවරයක් නෑ.
    මේ හැම ආසාවක්ම තියෙන්නෙ perfect ලස්සනකට නෙමෙයි.
    Natural boobs දෙකක් ගත්තොත්, ඒවා එක එක විදිහයි.
    එක සමාන නැහැ, එක පාට නැහැ,
    එක size එක නෙමෙයි,
    පිහිටලා තියෙන හැටි පවා වෙනස්,
    ඒ unique බව තමයි මිනිස්සු ආශා කරන්නෙ.
    අපි එදිනෙදා ජීවිත වල දකින්නෙ perfect ඇඟවල් නෙමෙයි,
    අපි දකින්නෙ සාමාන්‍යය ඇඟවල්, සාමාන්‍යය ලස්සන,
    අපෙ එදිනෙදා ජීවිත වල models ලා නැහැ.
    අපේ ආසාවන් වැඩෙන්නෙත්, අපි එදිනෙදා දකින දේවල් එක්ක,
    එතනින් එහාට අනිත් හැම දෙයක්ම අපිට තියෙන fantasies විතරයි.
    Model කෙනෙක් එක්ක sex කරන එක බහුතරයක් පිරිමින්ට ජීවිත කාලෙම fantasy එකක් විතරයි.

    ගැහැණියක් වීමෙ සුන්දරත්වය තියෙන්නෙ,
    තමන්ගෙ ස්වභාවික ගැහැණුකම වැළඳගන්නා විදිහෙයි.
    ඇඟට දැනෙන හැඟීම් හිත විඳිනකොට, වැජයිනා එක නෑවිලා express කරන්නෙ ඒ සතුට.
    ඒ සතුටෙන් තමනුත් නෑවිලා, අනිත් අයවත් නාවන්න පුලුවන් තරමට.
    ඒකට කියන්නෙ බලයක් කියලා නෙමෙයිද?
    වැජයිනා එක කියන්නෙ, කොයිතරම් සතුටක් ලබා දෙන දෙයක් ද කියන ආඩම්බරය ගැහැණියක් විදිහට තියෙන්නම ඕනෙ දෙයක් නෙමෙයිද?

    මාස්ටර්බේට් කරන වෙලාවට වගේම, පිරිමියෙක් එක්ක sex කරනකොටත් උපරිම නිදහස් ගැහැණියක් හිතින් මවාගන්න.
    කොණ්ඩෙ උරහිසින් බිමට වැටෙන හැටි,
    අත් කකුල් ඉණ, මුලු ඇඟම නැලවෙන හැටි,
    boobs පැද්දෙන හැටි,
    පස්ස හෙලවෙන හැටි,
    තමන්ගෙන්ම arouse වෙන්න පුලුවන් තරම් වයිල්ඩ් ගැහැණියක් මවාගන්න.
    දැන් හිතන්න ඒ ගැහැණිය තමන් කියලා.

    Sex කරන වෙලාවට, ඇඟේ හැම තැනකටම pleasure එක දැනෙනවා,
    ඇඟිලි තුඩු වලට පවා.
    තමන්ව kiss කරනකොට, අතගානකොට, ඒ දැනෙන හැඟීම් මඟඅරින්නෙ නැතුව විඳිනකොට,
    තමන් ඇතුලෙ ඉන්න ගැහැණිය ඉබේම නිදහස් වෙනවා.
    තමන්ව විඳින්නෙ නැතුව, කොහොමද තව කෙනෙක්ව විඳින්නෙ?
    මුලින්ම තමන්ගෙ ලෝකෙ විවර කරන් ඉන්න ඕනෙ.
    ගැහැණියකගෙ ලෝකෙ කොච්චර සුන්දරද කියලා පෙන්නන්න පුලුවන් වෙන්නෙ එතකොටයි.

    ගොඩක් පිරිමි, ශක්තිමත් ගැහැණු ළඟ intimidate වෙනවා. හීනමානයකින් පෙලෙනවා.
    දුර්වල ගැහැණු ළඟ වෙන්නෙ,
    දුර්වල පිරිමිකමක් පවතින පිරිමින්ගෙ ඒ masculinity එක තව තවත් දුර්වල වෙන එක විතරයි.
    තමන්ව හරියට අඳුරන්නෙ නැති ගැහැණියකගෙන්, තමන්ටවත්, අනුන්ටවත්, හොඳක් වෙන්නෙ නැත්තෙ ඒකයි.
    එහෙම ගැහැණියකට, තමන් ගැහැණියක් වීමෙ හොඳම කොටස මඟඇරිලා ගිහින් නිසා, හරිම නරක විදිහට ඒ negativity එක තමන් ඇසුරු කරන ජීවිත වලටත් බලපානවා.

    Sex වලදි pleasure එක ගන්න, දෙන්න, බය නැති ගැහැණියක් කියන්නෙ, තනිකර power house එකක්.
    එහෙම ගැහැණු හරිම soothing, ලෝකෙම වුනත් නිවන්න පුලුවන් තරම්.
    ගැහැණියක් සතුටින් තමන්ව express කරනවා කියන්නෙ,
    Everything she touches becomes magical.
    Lives, souls, and everything she nurtures.

    අපි ටික ටික මේ වැරදි වැටහීම් ලිහාගමු.
    Femininity එකේ, ගැහැණුක‍මේ මේ තියෙන ලස්සන, සුන්දරත්වය, බලය celebrate කරමු.
    සුන්දර, තෘප්තිමත්, ගැහැණු තමයි මිනිස් ජීවිත වල essence එක.
    ගැහැණියක් වෙන එක ලේසි නෑ.
    ගැහැණියක් වුන එකට මම ආසත් ඒ නිසාම තමයි.


    ලූනා අමරසේකර

  • උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

    උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

    උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ ස‍ංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන. ගොඩක් කැමරා ඉස්සරහට ඇවිත් අඩන කාන්තාවන් හිටියත් උදයන්තිගෙ මේ දුක්බර වීම හදවතට දැනෙන කාරණයක් වුනා. ඒකට එයාට ඇත්ත අයිතියක් තියෙනවා.

    උදයන්තිගේ නිරුවත් වීඩියෝවක් පෝර්න් සයිට්වලට මුදාහැරියේ එවක ඇගේම පෙම්වතෙක් විසින් කියලා ප්‍රසිද්ධ වුනා. මේ වීඩියෝව කොහෙත්ම පෝර්න් එකක් නෙමෙයි. කාන්තාවක් නිරුවතින් බත් කෑමේ තියෙන ශෘංගාරය හෝ ‍පෝර්න්මය රසය මොකක්ද කියන එක ගැටලුවක්. ඒත් උදයන්ති නිළියක් වීම නිසාම ඒක ඇවිලිලා පැතිරිලා ගියා. ඒකෙන් උදයන්තිගේ ජීවිතයට ලොකු බලපෑමක් සිද්ද වුනා.

    එතනින් එහාට ලංකාවෙ ගැහැණියකට අත්වෙන ඉරණම උදයන්තිට විතරක් පුද්ගලික වෙන දෙයක් නෙමෙයි. ගලවාගැනීමේ හමුදාව විදිහට එන පිරිමි රැළකින් ගැහැණියකට ඊලගට බේරෙන්න සිද්ද වෙනවා. හැම කාරණයකදිම සියල්ලට වඩා කලින් ඇගේ නිරුවත ඉස්සරහට එනවා.

    ඒත් උදයන්ති හරිම නිර්භීත විදිහට මේ සියල්ලට මුහුන දෙමින් ඉස්සරහට ආවා. එයා‍ට විඳින්න සිද්ද වුනු දේවල්වලට එයා තනියම අඩන්න ඇති. ඒත් එයා අමාරුවෙන් වුනත් හිනාවෙවී හිටියා. උදයන්ති ලංකාවෙ දැකපු ශක්තිවන්තම ගැහැණියක්.

    නැවත කවදාක හරි විශ්වාසය තැබිය හැකි ආදරයක් මුණගැහෙන තැනදි හදවත උණුව, ඇස් කඳුළුබර වෙන එක ගැහැණු ගතියක්. ඒක කාලයක් එයා තනියම දරාගෙන හිටපු වේදනාවක් වෙන්නැති.

    නමුත් උදයන්ති, කිසිම පිරිමියෙක් තමන් රැකබලා ගනීවි හෝ ආරක්ෂා කරාවි යැයි විශ්වාස කරන්න එපා. තමන්ට තනිවම ජීවත් වෙන්න පුළුවන් ආත්ම විශ්වාසය හැමදාටම තියාගන්න. ආදරය කරන කෙනෙක් ලැබුනොත් ඒක බෝනස් එකක්. නමුත් සියල්ල ඔහුට පවරා දෙන්න එපා. ගැහැණියක් වීමේ සහ ජීවිතේ අවමන්, අපහරණ සියල්ල මතින් ඇවිද ආ ගැහැණියක් හැටියට ඔයාගෙ ජීවිතේ හයිය දිගටම තියාගන්න. ආදරය සහ සුබපැතුම්.

  • ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ගමගේ කියන්නෙ අපි කැමති විදිහෙ චරිතයක් නෙමෙයි. ඒත් ඩයනා පාර්ලිමේන්තුව ඇතුලෙ ජෙන්ඩර් පොලිටික්ස් පැත්තෙන් කරන කාර්යභාරය නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි. ඇය නිර්ප්‍රභූ ගැහැණියක් විදිහට පාර්ලිමේන්තුවේ කරන්නෙ ලිංගික සංස්කෘතික පෙරළියක්. ඒක හරිනි අමරසූරියලා කරන විදිහෙ පොෂ් ෆෙමිනිස්ට් බොරුවක් නෙමෙයි.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්තරා කාලෙක රංජන් රාමනායකගෙ බැක්සයිඩ් කතාවක් හින්ද පාර්ලිමේන්තුව ඇතුලෙ අපහසුතාවයට ලක්වුනා. මගේ ඉස්සරහ සයිඩ් එකයි බැක්සයිඩ් එකයි දෙකම දෙන්නෙ මගේ මහත්තයාට කියල එයා ඒ පිරිමි ලිංගික අපහාස මැද හිටගෙන කියපු කතාවට අපි අත් උස්සලා අත්පුඩි ගැහුවා. ඊට පස්සෙ හිරුණිකා කාන්තා වීරවරියක් වුනා. මහා වීර ගෝඨාභයගෙ ගේ ඉස්සරහට ගිහින් ගේම ඉල්ලුවා.

    පස්සෙ ඒ ස්ත්‍රී අභිමානය හිරුණිකාට ඉස්මුරුත්තාවට ගියා. මෑත වේදිකාවක එයා කිසි හිරිකිතයක් නැතුව රනිල් ගෙ බෝල දෙක ගැන කතා පවත්වන්න ගත්තා. ජලනි ප්‍රේමදාස උඩ පැන පැන හිනාවුනා. ගැහැණියකට ලිංගික අපහාස කිරීම වගේම පිරිමියෙකුට ලිංගික අපහාස කිරීමත් නින්දිත ක්‍රියාවක් වග හිරුණිකාට ඒ වෙලාවෙ මතක් වුනේ නෑ. ජලනි එහෙම දෙයක් දන්නෙවත් නෑ.

    පාර්ලිමේන්තු ආපු අශිෂ්ටයෙක් වන තිස්සකුට්ටිආරච්චි එක වෙලාවක ලිංගික අපහාසයක් විදිහට වම්බටු ගෙඩියකින් රෝහිනී කවිරත්නට දමලා ගැහුවා. ඒ වෙලාවෙ ස්ත්‍රී පෙරමුණක් විදිහට හරිනි අමරසූරියලා වම්බටු ගෙඩියට එරෙහිව කවිරත්න එක්ක හි‍ටගත්තා.

    ඉතාම මෑතක නලින් බණ්ඩාර දිව එළියට දාලා ඩයනා ගමගේව පෙරලගත්ත කතාවක් පාර්ලිමේන්තුවෙ කියනවා. ඩයනා ඒ වෙලාවෙදි, කවුරු පෙරලගත්තත් ඔයාට පෙරලගන්න හම්බුවෙන්නෙ නෑ කියල අනිත් පැත්තට නිර්භයව කියල දානවා. නලින් බණ්ඩාර තමන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරමින් ඩයනාට ගලි බවුසරයක් කියලත් අපහාස කරනවා. රෝහිනී කවිරත්නත් ඇතුලු පාර්ලිමේන්තුවෙ සියලු ස්ත්‍රී චරිත නෑසුකන්ව ඉන්නවා. සමහරු ඒ අශික්ෂිතබව දිරිමත් කරමින් හිනාවෙනවා.

    කවර දුර්වලතා තිබුනත් ඩයනා ස්ත්‍රිය කියන සම්මත සමාජ පිළිගැනීමේ ස්ටීරියොටයිප් කුඩු කරපු ගැහැණියක්. පිරිමි මන්ත්‍රීන් පවා පුහු සදාචාරය නිසා කතා කරන්න මැළිවෙන කංසා නීතිගත කිරීම ගැන ඇය ගැහැණියක් විදිහට බය නැතුව කතා කරනවා. ඒ නිසා අනේක විධ අපහාස විඳිනවා. නාගරිකව රාත්‍රී සමාජ ජීවිතයක් නිර්මාණය කළ යුතු බව කියනවා. එයා කතා කරන්නෙ ගැහැණුකමේ සීමාවන් ආරක්ෂා කරමින් නෙමෙයි. එයා අමුවෙන් කතා කරනවා. නොනැවතී බැන ගන්නවා. සුකොමල, ලැජ්ජාශීලී කාන්තා ප්‍රතිරූපය කුඩුපට්ටම් කරනවා. පිරිමි ගොඩක් ඩයනාට අකමැති ඒකයි. ගැහැණු ගොඩක් අකැමැති වෙන්න හේතුවත් ඒකයි.

    ස්ත්‍රියකගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කළ යුත්තේ ඇය මටසිළුටු වැදගත් ගැහැණියක් නම් පමණක් නෙමෙයි. ඇය වැදගත් යැයි සම්මත සීමාවන් නොතකා හරිමින් සිටියත් ඇයට ඇගේ පුද්ගලික ජීවිතයේ ගරුත්වය හිමි විය යුතුයි. ඇය යහන්ගත වෙන්නෙ කවුරුන් සමගදැයි යන්න අනිත් අයට ප්‍රශ්නයක් නොවිය යුතුයි.
    පාර්ලිමේන්තුවේ ගැහැණියකට එරෙහිව භාවිතා වුනු අශිෂ්ට ලිංගික ප්‍රචන්ඩත්වය අපි හෙළා දකිනවා. ටයිකෝට් ඇඳගෙන නලින් බණ්ඩාර කරපු කතාව ඇත්තටම නිරුවතින් කළා නම් නම්බුකාරයි. ඒ වගේම තවමත් ඒ ප්‍රකාශය ගැන තමන්ගේ විරෝධය ප්‍රකාශ නොකළ සජබෙ සංස්කෘතියත් මෙතනදි නිරුවත් වෙනවා.

    කොළඹ ස්ත්‍රීවාදීන්ට අමතක වන ස්ත්‍රී- පුරුෂ කවර හෝ පුද්ගලයෙකුගේ මනුස්ස ගරුත්වය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගැහැණියක් වේවා, පිරිමියෙක් වේවා, ඔවුන්ගේ පංතිමය වැදගත්කම්, සදාචාර සීමාවන් කවර හෝ වේවා ඔවුන්ට ලිංගිකව අපහාස කිරීම නින්දිත පහත් ක්‍රියාවක්. එවන් පහත් පිරිමින් ගැහැණුන් මැද තනිව සිටගෙන නොවැටී කතා කළ ඩයනාගේ ශක්තිමත්බව අගය කළ යුත්තක්.

  • Foreplay වලට කම්මැලිද?

    Foreplay වලට කම්මැලිද?

    ගොඩක් වෙලාවට පෙම්වතියන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි තමන්‍ගේ පෙම්වතා foreplayවලට දක්වන්නෙ අඩු පෙළඹීමක් කියන එක. කාන්තාවන්ගෙ පැත්තෙන් ගත්තොත් සෙක්ස්වල වැදගත්ම කොටස වෙන්නෙ මේ foreplay නැත්නම් පූර්ව ලිංගික ක්‍රියාකාරකම් කොටස. ඒ කියන්නෙ සිපගැනීම්, ස්පර්ශයන්, ලෙවකෑම්, වැළඳගැනීම්, කනිලිංගස්, දිවෙන් තොල්වලින් ලිංගයන් උත්තේජනය කිරීම්, ආදර වදන් තෙපලීම් ආදිය. මේ දේවල්වලින් කාන්තාවක් සුවිසල් ලිංගික ආස්වාදයක් ලබනවා. ඇගේ යෝනි ශ්‍රාවයන් හොඳින් නිකුත්වෙමින්, පියයුරු තුඩු ඉදිරියට නෙරා එමින් ඇයව මත් කරන්නෙ මේ foreplay එක විසින්. ඒ තමයි අනුරාගී කොටස. ශෘංගාර ඉසව්ව. මේ කොටස මගහැරීම නිසා බොහෝ විට කාන්තාවක් පූර්ණ ලෙස තෘප්තිමත් කිරීමේ අවස්ථාව පිරිමියෙකුට අහිමි වෙනවා. සංසර්ගයෙන් පමණක් ගැහැණියක් සුරතාන්තයට පත්වීම ඉතා දුර්ලභ කාරණයක්. ඇයට විඳින්න හැගීම් දැනීම් ගොඩක් ඕන. ප්‍රාණවත් ශිෂ්නයක් ඉහළ පහළ යාම පමණක් මදි. ඒ වගේම ඒක බෝරිං.

    නමුත් පොදුවේ පිරිමි බහුතරයකට මේ foreplay සඳහා අවශ්‍ය ඉවසීම, සංයමය නෑ. ආරම්භයටත් පෙර ප්‍රාණවත්ව ඇති ශිෂ්නය හැකි තරම් ඉක්මණින් ඇගේ යෝනිය තුලට ඇතුල් කිරීමේ දැඩි උවමනාවකින්, කලබලයකින් පිරිමියා පෙලෙනවා. ඒක තමයි පිරිමියාගේ තෘප්තිය පවතින ඉසව්ව. මුඛ හෝ යෝනි සංසර්ගය තමයි පිරිමියෙකුගේ ප්‍රධාන මෙහෙයුම වෙන්නෙ. මුඛ සංසර්ගයත් foreplay එකක් වුනත් ඊට වඩා බොහෝ දේ මෙතනට එකතු වෙන්න ඕන.

    මේක ඇත්තටම පිරිමියෙකුට ජීව විද්‍යාත්මකවම දැනෙන හදිස්සියක් වෙන්න පුළුවන්. හැකි තරම් ඉක්මණින් ධාතු පිටකිරීමෙන් වර්ගයා බෝ කිරීමේ ස්වභාවික පෙළඹවීම මෙතන පවතින්න පුළුවන්. ඒ වගේම පිරිමියෙක් බොහෝ කාලයක් හුරුවන ලිංගික චර්යා‍ව නැත්නම් සංස්කෘතිය විසින් මේ තත්වය ඇති කරනවා වෙන්නත් පුළුවන්. උදා විදිහට වැඩිම කාලයක් ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වෙන පිරිමියෙක් ලිංගික තෘප්තිය සම්බන්ධයෙන් ශෘංගාරහරණය වූ චර්යාවකට නොදැනීම හුරු වෙන්න පුළුවන්. මේ කියන්නෙ ස්වයං වින්දනය නරකයි කියන එක නෙමෙයි. ඒක චර්යාමය ඇබ්බැහියක් විදිහට පවතින්න පුළුවන් කියන එකයි. සමහර පිරිමි ඉන්නවා කොයිතරම් වෙලාවක් සංසර්ගයේ යෙදුනත් ස්වයං වින්දනයේ යෙදීමෙන්ම පමණක් අවසානයේ සුරතාන්තය ලබන.

    ඒ වගේම අපේ අනුරාගය සඳහා නිතර නරඹන පෝර්න්වලින් අපිව කන්ඩිෂන් කිරීමක් සිද්ද වෙන්නත් පුළුවන්. බොහෝ විට පෝර්න් නිර්මාණය වෙන්නෙ පිරිමි ආස්වාදය කේන්ද්‍ර කරගෙනයි. එරිකා ලස්ට් වැනි අධ්‍යක්ෂවරියන් කීප දෙනෙක් විසින් කාන්තාවන්ගේ ආස්වාදය මුල්කරගත්, female gaze එකෙන් පෝර්න් නිර්මාණය කළත් අපි නරඹන බොහොමයක් පෝර්න් පිරිමියි. මේ පිරිමි පෝර්න්වල කේන්ද්‍රීය කාරණය වෙන්නෙ ශිෂ්නයයි. ඒ වගේම ෆාස්ට්ෆෝර්වර්ඩ් යවමින් ඉක්මන් තෘප්තියක් පිණිස හඹා යන පුරුද්දකුත් පෝර්න් සමග එනවා. මේ ක්ෂණික රසය කාලයත් සමග අපේ පුරුද්දක් වෙනවා. අනෙකා ගැන සිතීම, අනෙකා සමග සංවාද සංවාසය වෙනුවට ශාරීරික, ක්ෂනික මෝචන ආස්වාදයකට අපි නැඹුරු වෙනවා.

    මේක කොහෙත්ම අස්වාභාවික තත්වයක් නෙමෙයි. පිරිමි රති සංස්කෘතිය විසින් නිර්මාණය කළ තත්වයක්. මෙතනදි අවාසනාව වෙන්නෙ රමණයක පූර්ණත්වය අපිට විඳින්න බැරි වෙන එකයි. අනෙකා සමග ඇති බැඳීම, ඒකත්වය අපිට මගහැරෙන එකයි.

    ඒ නිසා සිහියෙන් යුතුව ශෘංගාරාත්මක රමණය පුහුණු වෙන්න අවශ්‍යයි. එතනදී පුළුවන් තරම් විවේකී වීම, කාලය ගැනීම සිතාමතා කරන්න වෙනවා. ගැහැණියට සම්පූර්ණයෙන් ඉඩදීම මෙතනදි වඩා ප්‍රායෝගිකයි. වැදගත්ම දේ වෙන්නෙ රමණයේ ස්ත්‍රී මොහොත ඉස්මතු වෙන්නට අවස්ථාව සැලසීම. ඇගේ ආස්වාදයට ප්‍රමුඛතාවය දීම. අනෙකාගේ තෘප්තිය වෙනුවෙන් වැයවීමෙන් මිස රමණයේ පූර්ණත්වය ළගා කරගත හැකි වෙන මගක් නෑ. ඒ පරාර්ථය ඇතුලෙයි සුරතාන්තය තියෙන්නෙ.

    පළමු වර අලුත්බව සහ නොඉවසිල්ල නිසා කලබලය සියල්ල අභිභවා මතුවෙන්න පුළුවන්. ඒත් හැමවිටම දෙවෙනි වරකට ඉඩ තියාගන්න. ඒ කලබලය මුදා හැරි පසුව භාවනානුයෝගීව දෙවෙනි වටයට මුලපුරන්න. ශිෂ්නයේ යාන්ත්‍රික බව වෙනුවට නිර්මාණාත්මක මුහුවීමේ ආස්වාදය විඳින්න.

    foreplay කියන්නෙ සෙක්ස්වලදි ස්ත්‍රිය විසින් දොරගුළු විවර කරන තැන. එය මගහැරීමෙන් අපි කරන්නෙ පඩිපෙල ළගම මෝචනය.

    ඒ වගේම කාන්තාවගේ පැත්තෙනුත් මෙතනදි යම් කොටසක් එකතු වෙන්න ඕන. පිරිමියා විසින් දෙනු ලබන දෙයක් පමණක් නිහඩව විඳිනවා වෙනුවට ලිංගික එක්වීමක් කියන්නෙ දෙන්නාගේම සහභාගීත්වයක් විදිහට තේරුම් ගන්න ඕන. පිරිමියාට අවශ්‍ය දේ ලබාදෙන අතරම තමන්ගේ ආස්වාදය පිණිස 69 වගේ පොසිෂන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පිරිමි කලබලය නිවිය හැකි සොඳුරු පාලනයන් තමන් අතට ගන්න පුළුවන්. තමන් හුදු ඔහුගේ ආස්වාදය පිණිස පවතිනවා නොව, තමන්ද ආස්වාදය වෙනුවෙන් පොරබදන බව ඔහුට දනවන්න ඕන.

    රමණීය රමණයකදි දීම වගේම ලබාගැනීමත් අනිවාර්ය සාධකයි.

    Foreplay කියන්නෙ ඇඳ උඩදි සිද්ද වෙන දෙයක් විතරක් නෙමෙයි. දවසෙ ඇය ගැන කරන ආදරණීය ප්‍රශංසාවක්, ඇය වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්, සෙක්ස්ට් මැසේජ් එකක්, ආදරණීය හාදුවක්, එකට කුස්සියේ උයන එක පවා foreplay එකක් වෙන්න පුළුවන්. මේ පුංචි පුංචි ශෘංගාර මුහුවීම් ඇයව වඩාත් උණුසුම් කරන්න පුළුවන්.

    ඒ වගේම යහන්ගත වෙන්න කලින් අපි අහන සංගීතය, අපි විඳින සුවඳ, ගෙදර ආලෝකකරණය, සමහර විට ඉටිපන්දම් දැල්වීම මේ සියල්ලත් foreplay පරිචේඡදයට අයිතියි. මේ තමයි රමණයක් සිදුවිය යුතු ශෘංගාර විශ්වය. ඒක බොහොමත්ම ඉවසිලිවන්තයි. බොහොමත්ම නිර්මාණශීලීයි. සංසර්ග මොහොත කොයිතරම් කාලයක් පමා කරමින් මේ ශෘංගාර කලාපය සුවිසල් කරගැනීමයි රමණයේ කලාව දන්නවුන් කරන්නෙ.

  • ශුද්ධ වූ රුධිරය Period Blood

    ශුද්ධ වූ රුධිරය Period Blood

    පීරියඩ් කාලෙ සෙක්ස් ගැන කතාව සෑහෙන පැතිවලට දිගහැරුනා. ඇත්තටම ඔසප් වීම, මෙනසස්, පීරියඩ්ස් කියන විවිධ නම්වලින් හඳුන්වන කාන්තාවන්ගේ මාසික ආර්තවය ගැන තාම අපි අතර පවතින මිත්‍යා, සංස්කෘතික තහංචි ගොඩක් ඒ ප්‍රතිචාරවල දකින්න ලැබුන.

    පීරියඩ් කාලෙ සෙක්ස් ගැන ලියන්න පෙළඹුන හේතුවක් වුනේ බොහොම කාලෙකට කලින් මං බස් එකක ලබපු අත්දැකීමක්. මගේ ඉස්සරහ සීට් එකේ හිටියා පෙම්වතුන් යුවළක්. පෝය දවසෙ ඒ දෙන්නා පෙම්සුව විඳින්න යන බවක් පැහැදිලිව පෙනුනා. කෙල්ල හෙමින් කොල්ලගෙ කනට ළංවෙලා මොකක්ද කිව්වා. ඒක ඇහුන ගමන් කොල්ලට මළ පැන්නා.

    ‘තමුසෙ කලින් කියන්න එපැයි ඕයි. මොකටද තමුසෙ ආවෙ? රූම් ගිහින් මොනවා කරන්නද?’

    කෙල්ලගෙ මූන අඩන්න වගේ වුනා. ඒ වගේම එයා අර මිනිහට සෑහෙන බයකින් ඉන්න වගත් පෙනුනා.

    ‘මං දැනං හිටියෙ නෑ. අද උදේ වුනෙ’

    ඇඩුම්බරව ඒ කෙල්ල කිව්වා.

    ‘බහිනවා, බහිනවා. තමුසෙ ගෙදර යනවා දැන්. අපරාදෙ දවසම’

    කෙල්ල අකමැත්ත පළකරද්දිත් කොල්ලා බලෙන් වගේ කෙල්ලව ඇදගෙන බස් එකෙන් බැස්සා. කෙල්ලට පීරියඩ්ස් හැදීම නිසා කොල්ලගෙ මූනෙන් පළවුන අකමැත්ත, අප්‍රසන්නබව වගේම ඒක ඒ දවසෙ පෙම්සුව විඳින්න බාධාවක් හැටියට ගත්ත විදිහ මට තාම මතකයි. ඒ වගේම ඒක තමන් අතින් සිද්ද වුනු වරදක් වගේ කෙල්ල නොපැකිලව, අසරණව බාරගත්ත හැටිත් මට මතකයි.

    ඒ ලිපිය ලියන්න මාව උනන්දු කලේ ඒ මතකය.

    පීරියඩ්ස් ගැන අපේ සංස්කෘතියෙ තියෙන්නෙ කිළිටි කියල හැගීමක්. ඒක පරම්පරා ගානක් ඈත ඉඳන් එනවා. පන්සලකට, කෝවිලකට ඇතුල්වෙන්න බෑ පීරියඩ්ස් නම්. කිළි අහුවෙනවා කියල කියන්නෙ. මේ කිල්ල හෙවත් කිළිටි කියන හැගීම පීරියඩ්ස් හැදෙන නිසා ස්ත්‍රියට ආරෝපණය වෙලා තියෙනවා. පහුගිය කාලෙ සජිත් ප්‍රේමදාස පෑඩ්ස් නොමිලේ දෙන්න කතා කරපු වෙලාවෙ සංජීවනී වීරසිංහලා, කුසුම් රේණුලා මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වෙ, ඊයා, ඕවා අපේ මහත්තයා එක්කවත් කතා නොකරන දේවල් කියල. ඒ වෙලාවෙ බහුතරයක් ජනතාව අර ඔවුන් කියපු මුග්ධ අදහසේම හිටියා.

    පීරියඩ්ස් නැත්නම් ඔසප් වීම ඉතිහාසයේ ඉඳන් අශුද්ධ විදිහට පැවතුනු දෙයක් නෙමෙයි. මේ අශුද්ධත්වය එන්නෙම ශුද්ධ වූ බව නිසා කියල මානව විද්‍යාඥයො පෙන්වා දෙනවා. ඒ කියන්නෙ ඉතා පැරණි අතීතයේදී කාන්තාවන්ගේ ඔසප් වීම ශුද්ධ වූ කාරණයක් විදිහටයි සලකලා තියෙන්නෙ. ඒ සමයෙදි කාන්තාවන්ට අනාගතය දැකිය හැකි බලයක් ලැබෙන බව ඔවුන් විශ්වාස කළා. ඔවුන්ට රෝග සුවපත් කළ හැකි වුනා. ඒ ශුද්ධත්වය වෙනුවෙන් ඔවුන් ලෞකික ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතුවලින් නිදහස් වෙලා විවේකීව ගත කළ හැකි පරිශ්‍රයන් වෙත ගියා. මේ ඔසප් රුධිරයේ තමන්ගෙ වර්ගය, ගෝත්‍රය ආරක්ෂා කළ හැකි බලයක් පවතිනවා කියල ඔවුන් විශ්වාස කළා. ඔසප් වීම කාන්තාවන්ගේ ශක්තිය, බලය වැඩි කරන කාරණයක් විදිහටයි පැවතුනෙ. නමුත් පීතෘමූලික සමාජයන් විකාශනය වෙන්න ගැනීමත් එක්ක මේ ශුද්ධ වූ දේම අශුද්ධ බවට පෙරලුනා. කාන්තාවන්ව යටපත් කිරීමට සංස්කෘතික වශයෙන් ඔසප් වීම කිළිට්ටක් හැටියට පාවිච්චි කළා.

    ඇමරිකාවෙ චෙරොකී ආදිවාසිකයන්ට අනුව ඔසප් රුධිරයේ සතුරන් විනාශ කළ හැකි බලයක් පවතිනවා. රෝමයේ ප්ලයිනිද එල්ඩර්ට අනුව ඔසප් කාලයේ කාන්තාවක් නිරුවත් වුනොත් ඒ බලයෙන් හිම කුනාටු, සැඩ සුළං සහ විදුලි අකුණු නවතාලිය හැකි වෙනවා. ඒ වගේම මේ ඔසප් රුධිරයෙන් පුරුෂ ශක්තිය හීනවෙනවා කියලත් සමහරු විශ්වාස කළා. මායාවරුන්ගේ චන්ද්‍ර දෙවඟන බිහිවෙනවා කියල විශ්වාස කළෙත් මේ රුධිරයෙන්. එම රුධිරය මායා බලයෙන් සර්පයන් සහ කෘමීන් බවට පත්ව ඉන් මේ දෙවඟන මතුවෙනවා කියල ඔවුන් ඇදහුවා.

    එමීල් ඩුර්කයිම් කියන මානව විද්‍යාඥයා කියන විදිහට ආගම කියන දේ බිහිවුනෙම ඔසප්වීම පාදක කරගෙන. මුල් කාලෙදි ඔසප් වීම වඩා නිර්මාණය වුනු චාරිත්‍ර වාරිත්‍ර විධි හරහා ආගම, නීතිය, ශුද්ධබව, ඥාතීත්වය වැනි සාමූහික අභිචාරයන් නිර්මාණය වුනා කියල ඩුර්කයිම් කියනවා. රුධිරය තමයි මෙතනදි ප්‍රබල කාරණය වුනේ. රුධිරය ගැන තිබුනු බය විසින් ශුද්ධත්වය නිර්මාණය වුනා. කාන්තාවන්ගෙන් ගලා යන රුධිරයම තමන්ගේ දඩයම් සතුන්ගෙන් ඔවුන් දැක්කා. මේ නිසා ඒ සතුන් වන්දනාමාන කළා. රුධිරය ශුද්ධ වූ දෙවියන්. රුධිරය ගලා යාම කියන්නෙ දෙවියන්ගෙ ගලායාම.

    ප්‍රංශ මානව විද්‍යාඥයෙක් වුනු ලුවී ස්ට්‍රව්ස් කියන විදිහට උතුරු දකුණු ආදිවාසික ගෝත්‍රයන් පරීක්ෂ කරද්දි පේන දේ තමයි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නිසි ආකාරයෙන් නිරීක්ෂණය නොකිරීමෙන් ලෝකයේ වියවුල් ඇතිවිය හැකියි කියල ඔවුන්ට තිබුනු බය. ඔවුන්ගේ සියලු මිත්‍යාවන් නිර්මාණය වෙලා තියෙන්නෙ ‍මේ ඔසප් චක්‍රයේ සහ ලෝකයේ සින්ක්‍රොනසිටිය පවත්වාගෙන යන්නයි. සංස්කෘතික න්‍යායාචාර්යවරියක් වන ජූඩි ග්‍රාන් ‍පෙන්නලා දෙන විදිහට ශිෂ්ටාචාරයේ ‘සංස්කෘතිය’ කියන දේ පදනම් වෙලා තියෙන්නෙම කාන්තාවගේ ඔසප්වීම මත.

    මේ කොහොම වුනත් කාලයක ශුද්ධ වූ දේ අද වෙද්ද අශුද්ධ වෙලා ඒකෙන් ස්ත්‍රිය විෂයෙහි දරුණු, ඇයව පහත් කොට සලකන සංස්කෘතික බාධා පැනවීමක් සිද්ද වෙලා තියෙන බව පැහැදිලියි. වික්ටෝරියානු කාලෙදි ඔසප් වීම සැලකුවෙ උමතුභාවයට පත්විය හැකි රෝග තත්වයක් විදිහට. තාමත් මේ ගැන විද්‍යාත්මක කාරණා පවා එලිමහනෙ සාකච්ඡාවට ගන්නෙ නෑ. එය කතා නොකළ යුතු මාතෘකාවක් විදිහටයි දියුණු යැයි කියන අද සමාජයත් විශ්වාස කරන්නෙ. නමුත් මේ ඔසප් රුධිරයේ ඇත්ත කතාව හයියෙන් කියන්න ඕන එකක්.

    මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඔසප් වීම කියන්නෙ ඔසප් චක්‍රයේ එක අවධියක් විතරයි කියන එක. ඔසප් චක්‍රය මාසයක් පුරාම ක්‍රියාත්මක වෙන අතර ඔසප් වීම දකින්න තියෙන්නෙ දින කීපයක් විතරයි.

    එතකොට මේ රුධිරය අපිරිසිදුයි කියන එකට විද්‍යාත්මක හේතුවක් ති‍යෙනවද?

    නැහැ. ඒක තනිකරම මිත්‍යාවක්.

    පීරියඩ් රුධිරය කියන්නෙ ශරීරයෙන් ප්‍රතිකේෂප කරන කිළිටි රුධිරය නෙමෙයි. ශරීරයේ විෂ ද්‍රව්‍ය බැහැර කිරීමකුත් නෙමෙයි. ඒක බොහෝ දුරට යෝනි ශ්‍රාවයට සමානයි. සුළු ප්‍රමාණයක් රුධිර සෛල ‍අඩංගුයි. ඒ වගේම ගර්භාෂයේ මතුපිට ලේයරයේ පටක සහ බැක්ටීරියා එහි තියෙනවා. බැක්ටීරියා කිව්වම බය වෙන්න දෙයක් නෑ. ශුකානුවල පවා බැක්ටීරියා තියෙනවා. ඕනම ශරීර තරලයක බැක්ටීරියා අඩංගුයි.

    ශරීරයේ අන් කවර කොටසක ගමන් කරන රුධිරය තරමටම පීරියඩ්ස්වලදි පිටවෙන රුධිරයත් පිරිසිදුයි. කාටහරි ලේ මගින් බෝවන රෝගයක් නැත්නම් මේ ගැන බයවෙන්න කිසි හේතුවක් නෑ.

    ගොඩක් අය කියන විදිහට මේ රුධිරයේ දුගඳක් නෑ. සමහර විට යටඇඳුම්වල උණුසුම් තත්වය නිසා බැක්ටීරියා වර්ධනයක් සිදුවෙලා නම් පමණක් දුගඳක් ඇතිවෙන්න පුළුවන්. පැය තුනහතරකට වතාවක් පෑඩ් එක මාරු කිරීමෙන් සහ ඒ ප්‍රදේශය පිරිසිදුව තබාගැනීමෙන් මේ තත්වය ලේසියෙන්ම මගහරවාගන්න පුළුවන්.

    පීරියඩ්ස් එක්ක කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙනවා. ප්‍රො‍ජෙස්ටරොන් වැඩිවෙනවා. මේ ඊස්ට්‍රජන් සෙරොටනින් කියන සතුට ඇති කරන රසායනය (නියුරොට්‍රාන්ස්මිටර්) එක්ක සම්බන්ධයි. ඒ වෙනුවට ප්‍රොජෙස්ටරොන් කියන්නෙ බය, කණස්සල්ල ඇති කරන හෝමෝනයක්. දැන් තේරුම් ගන්න පුළුවන් නේද පීරියඩ්ස් කාලෙදි මූඩ් එක වෙනස් වෙන්නෙ ඇයි කියල.

    මේ කාලෙදි සෙක්ස් කිරීමෙන් ඊස්ට්‍රජන් මට්ටම ඉහළ නංවන්න පුළුවන්. ඒ කියන්නෙ කණස්සල්ල අඩු කරගන්න පුළුවන්.

    පීරියඩ්ස් කාලෙට මූඩ් ගහනවා කියන එකත් කාන්තාවන් නොසලකා හරින්න පාවිච්චි කරන කතාවක්. හෝමෝනවලින් මූඩ් වෙනස් වෙන්නෙ ගෑනුන්ගෙ විතරක් නෙමෙයි. ඒක පිරිමි ගෑනු ඕනම කෙනෙකුට පොදුයි. ඕන කෙනෙකුගේ මූඩ් එකක් මාරු වෙන්නෙ හෝමෝන වෙනස්වීමෙන් තමයි.

    අනික පීරියඩ්ස් හැදෙන්නෙ ගෑනුන්ට විතරක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන්නෙ නැති කාන්තාවන් ඉන්නවා. ඒ වගේම පීරියඩ්ස් හැදුනා කියල තමන් කාන්තාවක් විදිහට බාර නොගන්නා අයත් ඉන්නවා. ට්‍රාන්ස්ජෙන්ඩර් පිරිමින්ට සහ නොන්-බයිනරි අයටත් පීරියඩ්ස් හැදෙන්න පුළුවන්. ඒක හින්ද පීරියඩ්ස් කියන්නෙ ගෑණු දෙයක් නෙමෙයි ඒක මනුස්ස දෙයක් විදිහටයි දකින්න ඕන.

    පීරියඩ්ස් කාලෙ සෙක්ස් කරනවද නැද්ද කියන එක පුද්ගල කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. විශේෂයෙන්ම ඒක කාන්තාවගේ කැමැත්ත අකමැත්ත අනුව තීරණය වෙන්න ඕන. විද්‍යාත්මකව පීරියඩ්ස් කාලෙ සෙක්ස් කරන එක හොඳයි සහ එයින් කාන්තාවට යම් පහසුවක් ඇතිවෙනවා කියලයි කියන්නෙ.

    සෙක්ස් කළත් නොකළත් පීරියඩ්ස් ගැන ඇත්තටම ඔයා තේරුම් අරන් ඉන්නෙ කොහොමද, ඔයාගෙ ආකල්පය මොකක්ද කියන එකයි වැදගත්.


    චින්තන ධර්මදාස

  • පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න

    පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න

    ගොඩක් පිරිමි අකමැති දෙයක් තමයි පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන එක. ඇත්තටම ඒක මගේ නම් සෙක්ස් කරන්න කැමතිම කාලයක්. පීරියඩ්ස් කියන්නෙ කිල්ලක්, අප්‍රසන්න දෙයක්, අප්පිරියාවක් වගේ මනස්ගාත වෙනුවට මට පීරියඩ් සෙක්ස් කියන්නෙ ආස්වාදජනක අත්දැකීමක්. පිරිමින්ගෙ මේ තියෙන ප්‍රතික්ෂේ කිරීම හින්දම ගැහැණුත් බොහෝ විට පීරියඩ්ස් කාලෙ පැත්තකට වෙලා ඉන්න පෙළඹෙනවා.
    ‘අද බෑනෙ, පීරියඩ්ස්නෙ’ කියනවා.
    ඒත් ඒක ට්‍රයි කරලා බැලුවොත් ආයෙ කවදාවත් මේ කාලෙ අතාරින්නෙ නම් නෑ.

    පීරියඩ් කාලෙ සෙක්ස් කරන එකේ ගොඩක් වාසි තියෙනවා. වි‍ශේෂයෙන් ගැහැණුන්ට.
    එකක් තමයි පීරියඩ් ක්‍රෑම්ප්ස් වලින් සහනයක් ලැබෙන එක. මේ කාලෙ බොහෝ අයට විඳින්න සිද්ද වෙන වේදනාබර මේ ක්‍රෑම්ප්ස්වලට හේතුව ගර්භාෂය එහි මතුපිට ලයිනින් එක ඉවත් කිරීම සඳහා පේශීන් හැකිලෙන්න ගන්න එක. සෙක්ස්වලදි ලැබෙන සුරතාන්තයත් එක්ක මේ ගර්භාෂයේ පේශීන් හැකිලීම සිද්ද වෙන අතර ඉහිල්වීමකුත් සිද්ද වෙනවා. ඒක ක්‍රෑම්ප්ස්වලට ලොකු සහනයක් වෙනවා. ඒ වගේම සෙක්ස් කරද්දි එන්ඩෝර්ෆීන්ස් කියන රසායනිකයන් නිදහස් වෙනවා. ඒක ස්වභාවික වේදනා නාශකයක් වෙනවා වගේම මූඩ් එකත් සතුටට පෙරලනවා. සෙක්ස් කරද්දි අපි කැමති දේකට අපේ මනස යෙදෙන නිසා පීරියඩ්ස් කාලෙට දැනෙන කනස්සලුගතියත් මැකිලා යනවා.

    සෙක්ස් කලොත් ඔයාගෙ පීරියඩ් කාලෙ කොට වෙන්න පුළුවන්. සුරතාන්තයකදි ගර්භාෂ පේශීන් හැකිලීම ඉහිල්වීම නිසා වඩා ඉක්මනින් මතුපිට ස්ථරය ගැලවී යන්න සලසනවා. ඒ කියන්නෙ ඔයාගෙ පීරියඩ්ස් කාලෙ කෙටි වෙන්න ඉඩ තියෙනවා.

    පීරියඩ්ස් කාලෙට වැඩියෙන් සෙක්ස් ඩ්‍රයිව් එක දැනෙන ගැහැණු මට මුනගැහිලා තියෙනවා. ගොඩක් අයට මේක පීරියඩ්ස් හැදෙන්න ආසන්නයේ දැනෙන තත්වයක් වුනත් ඒ වගේම පිරිසකට මේක පීරියඩ්ස් කාලෙ දැනෙන ආශාවක්. ඒත් සංස්කෘතියට බයේ මිනිහටවත් කියන්නෙ නෑ.

    වහනය වෙන රුධිරය නිසා ලුබ්රිකන්ට් ඕන වෙන්නෙත් නෑ. මේක ගැහැණියට වගේම පිරිමියාටත් ආස්වාදජනක දෙයක්. වඩා පහසුවෙන් ලිහිසිව ඉහළ පහල යමින් වඩා සොඳුරු ආදරණීය අත්දැකීමක් ගන්න පුළුවන්.

    සමහර අයට පීරියඩ්ස් කාලෙට ඔලුව රිදෙන්න ගන්නවා. එහෙම ඔලුව රිදෙන හින්දම ඒ අය සෙක්ස් කරන්න බෑ කියන්නත් ඉඩ තියෙනවා. ඒත් සෙක්ස් කිරීමෙන් මේ වගේ හිසේරුදාවන් මගහැරී යනවා කියලයි පීරියඩ්ස් කාලෙ සෙක්ස් කරන ගොඩක් ගැහැණුන්ගෙ අත්දැකීම.

    ඒ වගේම පීරියඩ්ස් හින්ද තියෙන ලොකුම වාසියක් තමයි ගැබ්ගැනීම් ගැන බය වෙන්න දෙයක් නැති එක. පීරියඩ්ස් තියෙද්දි ගැබ් ගැනීමක් සිද්ද වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අවමයි. මේ කියන්නෙ වෙන්නම බෑ කියල නෙමෙයි. ඒත් ඒ තමයි ස්වභාවිකව ආරක්ෂිතම කාලය.

    මේ හැමදේකටමත් වඩා වැදගත් වෙන්නෙ මේ කාලෙ සෙක්ස් කිරීමත් එක්ක ඇතිවෙන ආදරය. තමන්ගේ සියලු දේ අනුරාගයෙන් ආසාවෙන් රසවිඳින පෙම්වතෙක් ඉන්නවා කියල දැනෙන එක ගැහැණියකට ආදරනීය හැගීමක් ගේනවා. වැඩිවිය පත් වයසෙ ඉඳන් ප්‍රතික්ෂේප කළ යුතු, වසන් කළ යුතු, අප්‍රසන්න දෙයක් හැටියෙන් පුරුදු පුහුණු කළ මේ පීරියඩ්ස් කියන්නෙ ලංකාව වගේ රටක ගැහැණුන්ට තමන්ගෙම සිරුර පවා කිළිටි හැටියෙන් දකින්න පනවපු සංස්කෘතික තහංචියක්. ඒ දවස් කීප‍යෙත් අනිත් හැම දවසක වගේම තමන්ව ආදරෙන් බාරගන්නා, සිපගන්නා, තමන් තුල රැදෙන්න ආස කරන පෙම්වතෙක් කියන්නෙ ගැහැණියකට ඒ තහංචිය බිඳින ප්‍රේමයක්.

    මේ හැම දෙයක්ම විඳිද්දි පරිස්සම් වෙන්න තියෙන්නෙ රුධිරය තැවරීමෙන් සිද්ද වෙන අවුල ගැන විතරයි. වෙන ෂීට් එකක් වගේ දෙයක් පාවිච්චි කිරීමෙන් ලේසියෙන්ම ඒක මගහරින්න පුළුවන්.

  • ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    ස්වයං වින්දනය කළොත් අපායෙ යයිද?

    (සුක්කවිස්සට්ඨි – ස්වයං වින්දනය පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීම)

    කෑම අරුචිය හා ඇග වැහැරුණු භික්ෂුවකි. මුහුණේ කිසිම ප්‍රසන්නබවක් නොමැත.”සෙය්යසක” නම් ඒ භික්ෂුව දුටු උදායි හිමියන් උන්වහන්සේ අමතා ගැටලුව කුමක්දැයි ඇසීය.

    සෙයියසක හිමියන් රාගයට ඇති ලැදිකම ප්‍රකාශ කළ අතර සසුන අත්හැර නොයා ස්වයං වින්දනයෙ යෙදෙන ලෙස උපදෙස් දෙන ලදි.

    සෙයියසක හිමියන් හස්ත උපක්‍රමයෙන් වින්දනය ලබාගත් අතර මේ පිළිබඳව දැනගත් අනෙක් භික්ෂූන් බුදුන්වහන්සේ හමුවට සෙයියසක හිමියන් පමුණුවන ලදි.

    ශුක්‍රාණු පිටකරන අවස්ථා කුමක්ද යන්න බුදුදහමේ දක්වා ඇත.

    1. නිරෝගීකම පිණිස
    2. සැප පිණිස
    3. දරුබීජයක් වෙනුවෙන්
    4. බෙහෙත් පිණිස
    5. වර්ණය සොයාබැලීමට
    6. දානය පිණිස (මේ දරුපල නැති අයට දරුවන් ලබා ගැනීමට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමයි)
    7. විනෝදයට

    ස්වයං වින්දනය ගිහි ජීවිතය උදෙසා වූවක් බවත් එය බ්‍රහ්මචර්‍යාව පුරන භික්ෂුවට නුසුදුසු නිසාත් “දැන දැන ශුක්‍රමෝචනය(ස්වයං වින්දනය) තහනම් කරන ලදි.එහෙත් එය සසුනෙන් නෙරපීමට තරම් බරපතල වරදක් ලෙස නොදුටු බුදුන්වහන්සේ සිල්වත් වැඩිමහලු භික්ෂුවකට වරද ප්‍රකාශ කර,වරදින් නිදහස් විය හැකිබව ප්‍රකාශ කරන ලදි.

    මේ බුදුන්වහන්සේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මානවයන්ගේ ලිංගිකත්වය පිළිගත් ආකාරයයි. මහමෙව්නාවේ බණ කරුවන් හා විකාර ධර්ම දේශකයන් ලිංගිකත්වය සදාචාර විරෝධී දෙයක් ලෙස හංවඩු ගැසීම නියම බුද්ධ දේශනාවට පටහැනිය.ඒ විකාර කතා නිසා අද ලංකාව අපයෝජන ,ඝාතන,දික්කසාද ,අනියම් සම්බන්ධතා,ව්‍යභිචාරය ආදී අර්බුධයන්ට පැමිණ ඇත.

    (ස්වයං වින්දනය ගිහියාට තහනම් නැත. ස්වයං වින්දනය තහනම් කර ඇත්තේ භික්ෂුවටය.)

    සංස්කෘතික වහලය ගලවන්න – ඡන්නං විවරේථ…. ලංකාවේ ගමන්මග කොයිබටද ?


    කැකිරාවේ සුදස්සන හිමි

  • නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින් – කැමිල් පැග්ලියා

    නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින් – කැමිල් පැග්ලියා

    ඉතිහාසය ගමන් කරන්නෙ චක්‍රාකාරවයි. දේශපාලන නිවැරදිභාවයේ වසංගතය සහ කතා කිරීමේ නිදහසට එරෙහිව ආ බලවේග 1980 ගණන්වල ඉස්මතු වූ අතර 90 ගණන්වලදී ඒවා පරාජය කරදමන්නට හැකිවිය. දැන් ඒවා තවත් වෛරී ස්වරූපයෙන් මතුවෙමින් ඇත. ඇමරිකාවේ විශ්ව විද්‍යාල වගේම ප්‍රධාන ධාරාවේ සමාජ මාධ්‍ය පවා ‘යහපත් අරමුණු’ වෙනුවෙන් යැයි පෙනී සිටින සිතීමේ නිදහස හසුරුවන පොලිසියක් යටතට පත්ව තිබේ. ස්පාඤ්ඤයේ 1478 ඇතිවූ කතෝලික අධිකාරය බඳුවම මේ අයද අධානග්‍රාහීය. අපි මේ මුහුණ දෙමින් ඉන්නේ අනෙකා දරා ගැනීමේ හැකියාව අහිමිබව ‘අනෙකා දරාගැනීම’ හැටියෙන් ප්‍රකට කරන සමූහයේ අධිකාරිය වෙනුවෙන් පුද්ගල නිදහස පාගාදමන ආචාර ධර්මීය වියවුලකටයි

    මගේ අලුත් පොතේ ‘නිදහස් ගැහැණුන් සහ නිදහස් පිරිමින්’ හි මූලිකම කාරණා වුනේ විවෘත, ජංගම එමෙන්ම ලිබරල් හෝ කන්සවේටිව් මතවාදයන්ගෙන් හිරනොවුනු, නිදහසේ සිතීම සහ නිදහසේ කතා කිරීමයි. ලිබරල් සහ කන්සවේටිව් අතර ගැටුම ප්‍රංශ විප්ලවයෙන් ඇතිවූ වම සහ දකුණ අතර ගැටුම තරම්ම පරණ එකකි. මේ දෙබෙදුම් වලින් අපිට අද පවතින ගෝලීය දේශපාලනය සහ තාක්ෂණික යුගය කියවා ගත නොහැකිය. ලිබරල් සහ කන්සවේටිව් අතර ධ්‍රැවීකරණය ඉතාම දැඩිවී ඇති අතර දැන් එය යතාර්ථය ගැන දැනීමක් නැති මානසික රෝගයක තත්වයට පැමිණ ඇත.

    මගේ ස්ත්‍රීවාදය පදනම් වෙන්නෙ 1950 ගණංවල මගේ ළමාකාලයේ අත්විඳින හුස්ම හිරකරන තරමේ අනුකූලතාවයට එරෙහි අරගලයක් හැටියටයි. ඇමරිකාව දශක දෙකක ආර්ථික අස්ථාවරත්වයකින් සහ යුද්ධයකින් හෙම්බත්ව සිටි අතර තරුණ කෙල්ලන්ව ‘ගැහැණුකම’ කියන කොටුවක් ඇතුලෙ හිරකරන වික්ටෝරියානු කල්ට් එකක් ගෙවල් ඇතුලෙ ඇතිවෙමින් තිබුනා.

    1991 දි ඩේට් රේප් ගැන මගේ ලිපිය නිව්යෝර්ක් නිව්ස්ඩේ හි පළවුනා. අද වෙනකල් මගේ අතින් ලියවුනු ආන්දෝලනාත්මකම ලිපිය එයයි. ඒක තවත් පත්තරවල පලවෙමින් ලොකු කලබැගෑනියක් ඇතිකළා. මිඩ්වෙස්ට්වල ස්ත්‍රීවාදී කණ්ඩායම් මාව විශ්ව විද්‍යාලයෙන් පලවා හරින්නැයි ඉල්ලමින් මගේ විශ්ව විද්‍යාලයේ සභාපතිවරයාට බලපෑම් එල්ල කළා. මගේ දේශනශාලාවල පිටත ශිෂ්‍යයන් පිකට් කරන්න ගත් අතර ඔස්ට්‍රියානු සහ බ්‍රිතාන්‍ය රූපවාහිනී සාකච්ඡාවලින් සහ ලන්ඩන් ක්වීන් එලිසබත් වේදිකාවෙන් මට මගේ කැමැත්තෙන් ඉවත්ව යන්න සිද්දවුනේ ගැටුම් ඇතිකරගන්න ඇති අකමැත්ත නිසයි.

    මං අදටත් එදා ඩේට් රේප් ගැන පෙනී හිටපු තැනම ඉන්නවා. කාන්තාවන්ව ළමයි වගේ සලකන, සිදුවීම්වල වගකීම පිරිමි පිට පවරන, පසුව කණස්සලු තනන, අම්මලා තාත්තලා වගේ වෙන්න හදන අය ස්ත්‍රීවාදීන් විදිහට සලකන්න බෑ. බේබි බූමර්ස්ලා වුනු මගේ පරම්පරාව සටන් කලේම මේ දෙමව්පිය ආරක්ෂාව බඳු සංකල්පයට විරුද්ධවයි. අද තරුණ කාන්තාවො මේ අම්මලා තාත්තලා වගේ ආරක්ෂකයො හොයමින් ඒ කාලයට නැවත යන්න දරන උත්සාහය ශෝචනීයයි. මගේ යෝජනාව මේ අධිකාරිවාදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කතාබහ හෝ වෙනත් ආකාරයන් සිදුවන පුද්ගලික සම්බන්ධතා, සමාජ ජීවිතය ගැන විමසිලිමත් වෙන එක නතර කළ යුතුයි. අපරාධයක් සිදුවුනොත් එය පොලිසියට දැන්විය යුතුයි. එහෙම නැත්නම් විශ්ව විද්‍යාල පරිපාලනය පංතියේ අධ්‍යාපනය ලබාදීමේ පහසුකම් ගැන පමණක් තමන්ගේ උනන්දුව පවත්වාගත යුතුයි.

    සටන්කාමී ඉතාලි- ඇමරිකානු මාරියෝ සැවියො විසින් නායකත්වය දුන් ෆ්‍රී ස්පීච් මූව්මන්ට්, කතා කිරීමේ නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරය පටන් ගත්තෙ මම කොලේජ් එකට ආපු 1964 අවුරුද්දෙ. ඒක මගේ පරම්පරාවේ උච්චතම තැනක්. සියලු පවත්නා තත්වයන් අභියෝග කළ මේ ෆ්‍රී ස්පීච් මූව්මන්ට් එක තමයි 1960 නිදහස සීමා කරන ප්‍රභූ අධිකාරියට එරෙහි සැබෑ ජනතා විප්ලවයට මගපෑදුවෙ. අද මේ තියෙන වම කොහොමද මේ කතා කිරීමේ කොන්දේසිවලට, අපුලසහගත නිරන්තර පරීක්ෂාවට, ශිෂ්‍ය ජීවිතය පාලනය කිරීමට සහයෝගය දෙන්නෙ? ඇමරිකානු විශ්ව විද්‍යාල ඒ අයගේ අධ්‍යාපනය කියන අරමුණින් බැහැර වෙලා නිලධාරි තන්ත්‍රයකින් හසුරුවන රජයේ කොලනි බවට පත්වෙලා. මේක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. බුද්ධිමත් ස්ත්‍රීවාදයක් ගොඩනැගිය හැක්කේ තමන්ගේ ක්‍රියාවල ස්වයං වගකීම බාරගැනීමට තරම් ධෛර්යයක් ඇති ශක්තිමත් පිරිමින්ගෙන් සහ ගැහැණුන්ගෙන් පමණි.

  • ගැහැණියක් විඳින්න දන්නවද?

    ගැහැණියක් විඳින්න දන්නවද?

    ගැහැණියක් විඳින්න දන්න පිරිමි අඩුයි.

    ගැහැණියක් විතරක් නෙමෙයි, සමස්තයක් විදිහට ගත්තම ජීවිතේ විඳින්න දන්න මිනිස්සු සෑහෙන්න අඩුයි.

    අපි කරන කියන හුගක් දේවල් විඳවන්න මිසක් විඳින්න මග පාදගන්නේ නැත්තේ නොදැනුවත්කම නිසා වෙන්න පුලුවන්.
    ඒක දුක්බර උනත් ඇත්ත තත්වයක්.

    ගැහැණියක් විඳිනවා කියන්නේ මොකක්ද ?

    ඇගේ ශරීරයයි, මනසයි කියන දෙකම එක විදිහට විඳින එක.

    ගොඩක් වෙලාවට කසාද ජීවිත වල හෝ සම්බන්ධතා ඇතුලේ ඉන්න පිරිමි ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් තමයි, ‘ගෙදර ගෑනි’ කියන එක.

    මේකෙන් ඉස්මතු කරන්නෙ, අර්ථ ගන්වන්නෙ, ලංකාවේ පවුල් කේන්ද්‍රය ඇතුලේ සාමාන්‍යයක් වෙලා තියෙන බරපතල අවුලක්.

    ‘ගෙදර ගෑනි’ කොටට අඳිනවට කැමති නැහැ, හැබැයි ගෙදරින් එලියට ගිය වෙලේ ඉදන් බලන් ඉන්නේ කොටට ඇදන් යන වෙන ගෑනු දිහා. එහෙම බලලා, ‘අපේ ගෙදර ගෑනු ඔහොම අදින්නේ නෑනෙ බං’ කියනවා.

    තමන් ආස කරන විදිහේ කාන්තාවක් කසාද බඳින එක වෙනුවට සමාජය හොදයි කියලා හිතන කෙනෙක්ව කසාද බැඳලා, ඒ කාන්තාව ගේ කාර්යය උයන්න, රෙදි හෝදන්න, ළමයි බලාගන්න පමණක් සීමා කරනවා. ගෙදර ගෑනි හැදෙන්නෙ එහෙම .

    ළමයි ලැබුනට පස්සේ ගෙදර ගෑනි ළමයින්ගේ අම්මා බවට පත්වෙනවා. ඉන් පස්සේ sex කියන එක ගෙදරින් පිටතදි තමන් ආස කාන්තාවන් සමග විඳින්නත්, කරන්නත් පුරුදු වෙනවා.

    හැබැයි, පිටතදිත් ගැහැණියක් හරියට විඳිනවද කියන එක සැකයක්.

    ලිංගිකව එකතු වෙනවා කියන එක බහුතරයක් පිරිමි වගේම ගැහැණු බලන්න පුරුදු වෙලා ඉන්නෙ, තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න කාන්තාවක් පාවිච්චි කිරීම කියන කෝණයෙන්.
    Sex කරනවා කියන්නේ පිරිමියා හා සමානවම ගැහැණියත් වින්දනය ලබන ක්‍රියාවක්, සිතීමක් කියන එක ගැන දැනුවත් නැති නිසා, කසාදය ඇතුලේ ඉන්න ගැහැණියත් හිතන්න පුරුදු වෙනවා තමන්ගේ රාජකාරිය සැමියාට අවශ්‍ය වෙලාවට ඇ‍ඳ මත වැතිරී සිටීම කියලා.

    පවුලක් කියන එක ඉන් මත්තට ගහපු අත්සනකින්, සාලේ මැද්දේ තියලා තියෙන මගුල් photo එකෙන් පමණක් රැකිලා තියෙනවා.

    මේ තත්වෙට තව ප්‍රධාන වශයෙන්ම වග කියන්න ඕනේ දෙයක් තමයි, ආගම.

    උදාහරණයක් විදිහට, ගිහි ජීවිතයේ උපරිම ඵල ලබාගන්න නම් සැමියා සමග ලිංගිකව හැසිරීමෙන් පවා වැලකී සිටිය යුතුයි කියලා මහමෙව්නාවේ බෞද්ධ භික්ෂූන් බුදුබණ කියලා හිතාගෙන දෙසනවා මම දැකලා තියෙනවා.

    මේ දේවල් තුලින් සිද්ධ වෙන්නේ, ආගම විසින්, ගැහැණුන්ට ජීවිතේ විඳවන්න මග පාදමින්, පවුල් ජීවිත විනාස කර දමන්න අවශ්‍ය අඩිතාලම සකසන එකයි.

    මේ ඔක්කොම මැද්දේ, කොහොමද එහෙමනම් ජීවිතේ විඳින්නෙ?

    බුදු මැදුරේ අපි sex කරන්නෙ නෑනෙ. කොටින්ම ඒ ගැන හිතන්නෙවත් නෑනෙ. ඒ වගේම නිදන කාමරේ ඇතුලෙත් බුදු බණ අහන්න තියා හිතන්නවත් අවශ්‍ය වෙන්නෙ නැහැ.

    ඒ ඉරි දෙක වෙන් කර තබා ගන්න එකයි පළමු පියවර. ලිංගික ජීවිතය අත්හැර ගිය හාමුදුරුවරුන්ගෙන් ලිංගික උපදෙස් පතන්න එපා.Sex විඳිනවා කියන්නෙ, ගැහැණියක් විඳිනවා කියන්නෙ කායිකව සහ මානසිකව කියන දෙකෙන්ම එකතු වෙන තැනක්. එහෙම එකතු වෙන සම්බන්ධකම් ඇතුලෙ, එකිනෙකාගේ ආසාවන් ගැන විවෘත කතාබහක් ඇති වෙනවා. අලුත් දේවල් කරන්න, ගවේෂණය කරන්න ආසාව ඇති වෙනවා. ළමයි, ජීවන අරගල, මේ සියල්ල පොඩ්ඩකට හරි පැත්තකින් තියලා, Sex තුලින් මානසිකව, ශාරීරිකව දෙදෙනාම සුවයක් ලබා ගන්නවා.

    ඒ සුවය ඇබ්බැහියක් බවට පත් වෙනවා.

    ඒ ඇබ්බැහිය ඇතුලේ තියෙන්නෙ ජීවිතේ විඳීම.

    සම්බන්ධකමකදි, එහෙම ඇබ්බැහියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

    ජීවත් වෙනවා කියන්නෙම, තව තව විඳින්න ආස හිතෙන එක්තරා විදිහක ඇබ්බැහියක්ම තමයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි

    කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි

    Sexual fantasies ගැන කතා කරද්දි, සාමාන්‍යය ජීවිතයේ ලේසියෙන් ලගා කරගන්න බැරි කාමුක ආසාවන් fantasies ලෙස මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙනවා. මේ fantasies කෙනෙක්ගේ සාමාන්‍යය ජීවිතයේ සහ ලිංගික ජීවිතයේ ලබන අත්දැකීම් කෙසේද යන කාරණය අනුවත් වෙනස් වෙනවා.

    සාමාන්‍යය ජීවිතයේ leadership role එකක් කරන කාන්තාවක්, පවුලක් පාලනය කරන කාන්තාවක්, රස්සාව තුල අන් අයට අණසක ලබා දෙන කාන්තාවක් බොහෝ විට sex වලදි පිරිමියාට submissive හෝ යටත් වෙන්න ඉමහත් කැමැත්තක් දක්වනවා. අනිත් පැත්තට, පිටත ලෝකයේ එසේ නොවන කාන්තාවක්, dominant පිරිමියෙක්ව sex වලදි තමන් යටතට පත්කර ගැනීමට විශාල ඇල්මක් දක්වනවා.තම තමන්ගේ fantasies මොන ආකාරයේද කියන එකටත් මේ කාරණා බලපාන්න පුලුවන්..
    Google ආයතනයේ ඉන්ජිනේරුවන් කිහිප දෙනෙක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව බොහෝ කාන්තාවන් මනංකල්පිත ජීවින් සමග sex කරන porn videos බහුලව නරඹන බව Jordan Peterson කියන මනෝවිද්යාඥයා කරපු සාකච්ඡාවක දි ඔහු පවසනවා. Vampires, werewolves වගේ අපි චිත්‍රපට තුලින් හෝ පොත් වලින් දකින, කියවන, භයානක ජීවින් කෙරෙහි ලිංගික ආසාවක් බොහෝ කාන්තාවන්ට තියෙන බවයි ඔහු එහිදී පැහැදිලි කරන්නේ.

    ඒ ආසාව ඇති වෙන්නේ ඒ වගේ භයානක ජීවින්ව තමන්ගේ ශරීරය ලග, sex කිරීමේ ආසාව ලග හීලෑ කර ගැනීමේ කැමැත්තයි. Vampire diaries, Twilight වගේ චිත්‍රපට කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය වෙන්න හේතුවත් මෙය විය හැකියි.

    පිටත ලෝකයේ ලේසියෙන් කරන්න අමාරු, විශේෂයෙන්ම male dominance උපරිමයටම තියෙන සාමාන්‍යය ලෝකයේ පිරිමියාගේ masculinity එක තමන් කැමති ආකාරයකට හසුරුවා ගැනීමේ හෝ නම්ම ගැනීමේ අවස්ථාව කාන්තාවකට sex තුලදි අසීමිත ලෙස ලැබෙනවා.කෙනෙක් Sex තුලින් සුරාන්තයකට පත්වෙන මොහොතක් කියන්නෙ තමන් තමන්ට සීයට සීයක් එකඟ වෙන මොහොතක්. කාන්තාවකට මේ තත්වයට ළගා වෙන්න කායික සහ මානසික සහයෝගය කියන දෙකම අවශ්‍යයි.

    Fantasy එකක් reality එකක් කරගන්න උත්සහ කරන එක තුල තව දුරටත් fantasy එකක් පවතින්නේ නැහැ. ඒ සුන්දරත්වය තියෙන්නේ ඒ පරිකල්පනය තුලයි..
    ඒ මවාගන්න රූප තුලයි.Fantasies තියෙනවා කියන්නේ ඒ ආසාවන් යතාර්ථයක් කරගන්න හිතන එක නෙමෙයි, ඒ මවන දේ ඇතුලේ ඒ රහ විදීමින් ඒ තුලින් ලිංගික උද්දීපනයක් සහ ආස්වාදයක් ඇති කරගැනීමයි.
    සුරතාන්ත අතරිනුත්, උපරිම තෘප්තිමත් සුරතාන්තයක් ලබන්න තම තමන්ට ආවේණික වූ fantasies උදව් වෙන එක රහසක් නෙමෙයි.


    ‍ශේනි විජේසුරේන්ද්‍ර