ගැහැණියක් වෙන එක කොච්චර සුන්දර දෙයක්ද කියලා මම නිතර හිතනවා.
හිතනවා කියන්නෙ, ඒ ගැහැණුකම එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ලේසියෙන් ඇහෙන්නෙ නැති අමුතු කතාවක් තමයි,
නමුත් මේ මට දැනෙන හැටි.

ගැහැණියක් වෙන එක ලේසි නැහැ, ඒක ඇත්ත.
ගෙවන හැම දවසක්ම challenging,
විශේෂයෙන්ම අපේ වගේ රටවල් වල.
ගැහැණියක් නම්, ඕනම දෙයක් fight කරලා ගන්න ඕනෙ ගතියක් ඉතිහාසයෙ ඉඳලම තියෙනවා,
චන්ද අයිතිය, වාහනයක් drive කරන්න තියෙන අයිතිය,
තමන්ගෙ ඇඟ විඳින්න තියෙන අයිතිය, sex කරන්න තියෙන අයිතිය පවා.
ඒ ලේසි නැතිකමම තමයි මම හිතන්නෙ,
ඒකෙන් අත්පත් කරගන්න පුලුවන් power එකත්.
උඩුගම් බලා පීනනවා වගේ වැඩක් නිසාම,
ඒ femininity එක හරිම ආකර්ශනීයයි.

සමහර හාමුදුරුවරු, පූජකවරු, ගුරුවරු, ගැහැණියක් වෙලා ඉපදෙන එක පවක් කියලා කිව්වට, නොයෙක් අපහාස, අවලාද නැගුවට,
කප්පාදු නොකළ ගැහැණුකම එක්ක ජීවත් වෙන ගැහැණියක්ට ඒ හැම දෙයක්ම නිකන් හිස් වචන විතරයි.
එහෙම ගැහැණියක් හැමතිස්සෙම තමන් ගැහැණියක් කියන එකෙන්ම අප්‍රමාණ සතුටක් ලබනවා,
තමන් ඇතුලෙ ඉන්න ගැහැණියව විඳිනවා.
ඒ නිසා පිටින් එන කිසිදේකට එහෙම ගැහැණුන්ව වට්ටන්න බැහැ.

ගැහැණුකමේ බලය දන්නා ගැහැණියක් ලබන වටිනාම අවබෝධයක් කියලා මම හිතන්නෙ,

තමන් සතු සුන්දරත්වයේ සුවිශේෂී බවත් බලයක් කියන එක.

තමන්ගෙ ඇගේ ස්වරූපයයි, සෙක්සුයි අතරේ කිසිම සම්බන්ධකමක් නැහැ කියන එක.
Boobs කොච්චර ලොකුද, vagina එක කොච්චර tightද, වගේ දේවල් කතාවට කියන දේවල් විතරයි.
Sex කියන්නෙ, හැඟීම් එක්ක යන ගමනක්, ආදරේ express කරන වෙලාවක්, යටපත් වෙලා තියෙන ආසාවන් සපුරගන්න වෙලාවක්.
ශරීර‍යේ කොටස් කියන්නෙ ඒ ගමන යන්න උදව් කරන දේවල් ටිකක් විතරයි.
මේක ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පොදුයි. මේ human experience එක තේරුම් අරන් ජීවත් වෙනකොට,
ගැහැණියක් වුන එකේ සුන්දරත්වය ඇරෙන්න වෙන දෙයක් දැනෙන්න ඉඩක් නැහැ.
ශක්තිමත් ගැහැණු රැඳෙන්නෙ, තමන්ව දරාගන්න පුළුවන් ශක්තිමත් පිරිමි ළඟ විතරයි.

මිනිස්සු හිතුවට ලෝකෙ තියෙනවා කියලා beauty standards නැත්තං සුන්දරත්වය ගැන නිර්ණායක කියලා දෙයක්, ඇත්තටම එහෙම දෙයක් පවතින්නෙ නැහැ.
අපි දේවල් බාරගන්න විදිහටයි, අපිට ඒ දේවල් බලපාන්නෙ.
Models ලා sexy තමයි, ඒත් මිනිස්සු ආස කරන්නෙ සාමාන්‍ය ශරීරවලට.
‘Homebody’ කියන්නෙම සුවි‍ශේෂී බවට.
මිනිස්සු විදිහට අපේ ආසාවන් තියෙන්නෙ එක එක දේවල් වලට.
සමහරු ආසයි ඇඟවල් chunky වෙන තරමට, සමහරු ආසයි කකුල් වලට, තව සමහරු ආසයි love handles වලට, armpits, feet,
ආසාවල් වල ඉවරයක් නෑ.
මේ හැම ආසාවක්ම තියෙන්නෙ perfect ලස්සනකට නෙමෙයි.
Natural boobs දෙකක් ගත්තොත්, ඒවා එක එක විදිහයි.
එක සමාන නැහැ, එක පාට නැහැ,
එක size එක නෙමෙයි,
පිහිටලා තියෙන හැටි පවා වෙනස්,
ඒ unique බව තමයි මිනිස්සු ආශා කරන්නෙ.
අපි එදිනෙදා ජීවිත වල දකින්නෙ perfect ඇඟවල් නෙමෙයි,
අපි දකින්නෙ සාමාන්‍යය ඇඟවල්, සාමාන්‍යය ලස්සන,
අපෙ එදිනෙදා ජීවිත වල models ලා නැහැ.
අපේ ආසාවන් වැඩෙන්නෙත්, අපි එදිනෙදා දකින දේවල් එක්ක,
එතනින් එහාට අනිත් හැම දෙයක්ම අපිට තියෙන fantasies විතරයි.
Model කෙනෙක් එක්ක sex කරන එක බහුතරයක් පිරිමින්ට ජීවිත කාලෙම fantasy එකක් විතරයි.

ගැහැණියක් වීමෙ සුන්දරත්වය තියෙන්නෙ,
තමන්ගෙ ස්වභාවික ගැහැණුකම වැළඳගන්නා විදිහෙයි.
ඇඟට දැනෙන හැඟීම් හිත විඳිනකොට, වැජයිනා එක නෑවිලා express කරන්නෙ ඒ සතුට.
ඒ සතුටෙන් තමනුත් නෑවිලා, අනිත් අයවත් නාවන්න පුලුවන් තරමට.
ඒකට කියන්නෙ බලයක් කියලා නෙමෙයිද?
වැජයිනා එක කියන්නෙ, කොයිතරම් සතුටක් ලබා දෙන දෙයක් ද කියන ආඩම්බරය ගැහැණියක් විදිහට තියෙන්නම ඕනෙ දෙයක් නෙමෙයිද?

මාස්ටර්බේට් කරන වෙලාවට වගේම, පිරිමියෙක් එක්ක sex කරනකොටත් උපරිම නිදහස් ගැහැණියක් හිතින් මවාගන්න.
කොණ්ඩෙ උරහිසින් බිමට වැටෙන හැටි,
අත් කකුල් ඉණ, මුලු ඇඟම නැලවෙන හැටි,
boobs පැද්දෙන හැටි,
පස්ස හෙලවෙන හැටි,
තමන්ගෙන්ම arouse වෙන්න පුලුවන් තරම් වයිල්ඩ් ගැහැණියක් මවාගන්න.
දැන් හිතන්න ඒ ගැහැණිය තමන් කියලා.

Sex කරන වෙලාවට, ඇඟේ හැම තැනකටම pleasure එක දැනෙනවා,
ඇඟිලි තුඩු වලට පවා.
තමන්ව kiss කරනකොට, අතගානකොට, ඒ දැනෙන හැඟීම් මඟඅරින්නෙ නැතුව විඳිනකොට,
තමන් ඇතුලෙ ඉන්න ගැහැණිය ඉබේම නිදහස් වෙනවා.
තමන්ව විඳින්නෙ නැතුව, කොහොමද තව කෙනෙක්ව විඳින්නෙ?
මුලින්ම තමන්ගෙ ලෝකෙ විවර කරන් ඉන්න ඕනෙ.
ගැහැණියකගෙ ලෝකෙ කොච්චර සුන්දරද කියලා පෙන්නන්න පුලුවන් වෙන්නෙ එතකොටයි.

ගොඩක් පිරිමි, ශක්තිමත් ගැහැණු ළඟ intimidate වෙනවා. හීනමානයකින් පෙලෙනවා.
දුර්වල ගැහැණු ළඟ වෙන්නෙ,
දුර්වල පිරිමිකමක් පවතින පිරිමින්ගෙ ඒ masculinity එක තව තවත් දුර්වල වෙන එක විතරයි.
තමන්ව හරියට අඳුරන්නෙ නැති ගැහැණියකගෙන්, තමන්ටවත්, අනුන්ටවත්, හොඳක් වෙන්නෙ නැත්තෙ ඒකයි.
එහෙම ගැහැණියකට, තමන් ගැහැණියක් වීමෙ හොඳම කොටස මඟඇරිලා ගිහින් නිසා, හරිම නරක විදිහට ඒ negativity එක තමන් ඇසුරු කරන ජීවිත වලටත් බලපානවා.

Sex වලදි pleasure එක ගන්න, දෙන්න, බය නැති ගැහැණියක් කියන්නෙ, තනිකර power house එකක්.
එහෙම ගැහැණු හරිම soothing, ලෝකෙම වුනත් නිවන්න පුලුවන් තරම්.
ගැහැණියක් සතුටින් තමන්ව express කරනවා කියන්නෙ,
Everything she touches becomes magical.
Lives, souls, and everything she nurtures.

අපි ටික ටික මේ වැරදි වැටහීම් ලිහාගමු.
Femininity එකේ, ගැහැණුක‍මේ මේ තියෙන ලස්සන, සුන්දරත්වය, බලය celebrate කරමු.
සුන්දර, තෘප්තිමත්, ගැහැණු තමයි මිනිස් ජීවිත වල essence එක.
ගැහැණියක් වෙන එක ලේසි නෑ.
ගැහැණියක් වුන එකට මම ආසත් ඒ නිසාම තමයි.


ලූනා අමරසේකර