ප්‍රසන්නගේ පැරඩයිස් චිත්‍රපටිය බැලුවෙ කොළඹ සිටි සෙන්ටර් එකේ. චිත්‍රපටිය රිලීස් වුන දවසෙ ඉඳන් නොඉවසිල්ලෙන් ඉඳලා පළවෙනි සතියෙම කොහොම හරි බැලුවා. ෆිල්ම් එක පටන් ගනිද්දි මට දැනුනෙ හදවත පිරී යන සතුටක්. ඒ ප්‍රසන්න විතානගේ නැමැති අපේ රටේ සිනමාකරුවා ඉන්දියාවේ මහා සිනමා කර්මාන්තය සමග එකතු වෙමින්, මේ දූපතෙන් එපිට ප්‍රේක්ෂකයන් පවා නරඹන සිනමාවක් නිර්මාණය කළා නේද යන සිතුවිල්ල නිසයි. ප්‍රසන්නගේ මුල්ම චි්‍ත්‍රපටියේ පටන් නරඹමින් ප්‍රසන්නගේ විශිෂ්ට සහ ඒ තරම්ම නොවන නිර්මාණ මතින් ප්‍රසන්න සමගම ආපු ප්‍රේක්ෂකයෙක් විදිහට මේ නිෂ්පාදනය මට දැනුනෙ ලොකු ජයග්‍රහණයක් හැටියට. හුදු සම්මාන සිනමාවෙන් බාහිරව සැබෑ ප්‍රේක්ෂාගාරයක් එක්ක ගනුදෙනු කරන ආසියාතික සිනමාව සමග ප්‍රසන්නගේ අත්වැල් බැඳගැනීම ලංකාවෙ සිනමාවට ඉන්ස්පිරේෂන් එකක්. මං ඔද වැඩුනු ලොකු හුස්මක් එක්ක ලංකාවෙ අසිරිමත් රූප පෙළක් නරඹමින් හිටියා. අපි චිත්‍රපටියක් කරද්දි වියදම් කපාහරින්න අඩු කරන රූප විස්තර සියල්ල සංගෘහිතව දර්ශන නිර්මාණය කරමින් චිත්‍රපටය ගොඩනැගෙන ආරම්භය ආස්වාදනීයයි. ලංකාව ගැන චිත්‍රපටය නරඹන සංචාරකයෙකුට වුනත් ආශක්තභාවයක් ඇති කරනසුලුයි.

පෙම්වතුන් යුවළක් ලංකාවේ සංචාරය කරන්නෙ අපේ රටේ ආර්ථික බංකොලොත්භාවය ඇතුලෙයි. තෙල් නැතුව, වාහන නැතුව පාරවල්වල අසහනයෙන් රොක්වුනු මිනිස් අහුරුයි. ඒ අතර නෙට්ෆ්ලික්ස් එකට තමන්ගේ චිත්‍රපටය තෝරාගැනීම නිසා සතුටෙන් පිනාගොස් බලාපොරොත්තු උතුරන නව සිනමාකරුවෙක් විදිහට අපිට මේ තරුණයා සම්මුඛ වෙයි.
නමුත් චිත්‍රපටය ගොඩනැගීමේදී හුදු වාර්තා චිත්‍රපටයකට එහා හැගීමක්, භාවමය සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමට ප්‍රසන්න අපොහොසත් වෙනවා. ඒ කතාවට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය පසුබිමේ තිබියදී වුනත් ඒවායින් මේ චරිතවල අභ්‍යන්තරය අපිට දනවන්න බැරි වෙනවා. වෙන විදිහකින් කිව්වොත් ඒ චරිතවලට යමක් සිදුවීමෙන් අපව කම්පනය වන තරමෙ බැඳීමක් මේ චරිත සහ ප්‍රේක්ෂකයා අතර ගොඩනගන්න ඒ සිනමාව අසමත් වෙනවා.
චිත්‍රපටයේ අපට මුනගැහෙන පොලිස් නිලධාරීන්, හොරකමට හසුවන දෙමළ තරුණයන් මේ කිසි කෙනෙක් ගැන අපේ හැගීම්වලට කතා කරන තත්වයන් ගොඩනැගෙන්නෙ නෑ. ඒ වෙනුවට සියල්ල හුදු සිදුවීම් පෙලක් විදිහට විතරක් දිගහැරෙනවා. ලැප්ටොප් එකක්, ෆෝන් එකක් හොයාගෙන එහා මෙහා ඇවිදින සංචාරක දෙපලක්, පොලිස්කාරයො ටිකක් සහ රාමා-සීතා කතාවක් විතරයි අපි ඉස්සරහ තිරය මත තියෙන්නෙ.
මේ චරිත ගැන අපි ගෙදරින් හැගීම් අරගෙන ආවොත් ඒවා අතුරන්න පුළුවන් කැන්වස් එකක් පැරඩයිස්වල තියෙනවා. නමුත් කෘතිය විසින් ඒ චරිත අභ්‍යන්තරයට අපිව සංවේදී කරන්න කවුළු නිර්මාණය කරන්නෙ නෑ. ඒ කෘතිය ඇතුලෙ මිනිස් ජීවිත හුස්ම ගන්නෙ නෑ. ඒ අයගෙ සන්තානයේ සියුම් උස්පහත් තැන්, සංවේදනාවන් අපිට දැනෙන්නෙ නෑ. කොටින්ම අවශ්‍ය වෙලාවක සමීප රූපයක්වත් අධ්‍යක්ෂවරයා විසින් ලබාදෙන්නෙ නෑ.
චිත්‍රපටය පුරා දිවෙන රාමා සීතා කතාව හුදු ස්ත්‍රීවාදී ප්‍රකාශනයක් හැටියට චිත්‍රපටියේ පැත්තකින් එල්ලී තියෙනවා. මේ පෙම්වතිය සහ පෙම්වතා අතර නොරිස්සීමක් තිබුනත් එය තැන තැන සුළු දෙබසකින් එහාට ගැඹුරු කරන්න පිටපත සමත් වෙන්නෙ නෑ. සිදුවීම් සිද්ද වෙනවා, අපි පිටස්තරව බලාගෙන ඉන්නවා. තමන්ට ලැබුනු වි්‍ශාල අවස්ථාවක් නිසි විදිහට පාවිච්චි කර නොගත්තා වගේ හැගීමකින් මට අධ්‍යක්ෂවරයා ගැන දුකක් ඇති වුනා.
රංගනයේදී අන් සියලු චරිතවල පවතින මතුපිට ගතිය ඉක්මවා ගිහින් යම් මිනිස් ගැඹුරක් ස්පර්ශ කරන්නෙ ශ්‍යාම් ප්‍රනාන්දු විතරයි. ඒ ඔහු විසින් චරිතය ඇතුලෙ නිර්මාණය කරගන්නා ඉස්පාසුව සහ රිද්මය නිසයි. ඉන්දියානු නළු නිළි දෙපල මෙන්ම පොලිස් නිලධාරියෙකුගේ චරිතය කරන අපේ විශිෂ්ට නළුවෙක් වන මහේන්ද්‍ර පෙරේරා පවා මතුපිට රංගනයක පමණක් යෙදෙනවා කියන එකයි මගේ අදහස. ඒ පිටපත විසින් ඊට වඩා ගැඹුරක් ඒ චරිතවලට ලබා නොදීම නිසයි. සිද්ධිවාචකයට එහා ගිය පැවැත්ම පිළිබඳ දනවන රූපයක් හෝ ඒ අය වෙත යොමු නොවීම නිසයි. පොලිසියේදී පහර කෑමෙන් මිය යන දෙමළ තරුණයා ගැන පවා අපේ ඇසට කඳුලක් උනන යමක් තිරය මත නිර්මාණය වෙන්නෙ නෑ. එය හුදු සිදුවීමක් විතරයි.
චිත්‍රපටයේ අවසානය ලොකු හිස්තැනක්. එය අහම්බයකට එහා යන්නේ අපි ස්ත්‍රිය ගැන ඇති අපේ කියවීම් ගෙනැවිත් කෘතිය මත ඇතිරුවොත් විතරයි. එය ස්ත්‍රිය විසින් අප්‍රකාශිතව තමන් තුල එකතු වුනු නොරිස්සීම, පිළිකුල අවිඥානකව පහකර ගැනීමක් යනුවෙන් විචාරකයෙකුට කියන්න පුළුවන්. නමුත් ඒ කෘතිය තුල එවැනි ගොඩනැගීමක් නෑ.
මේ විදිහට විසිරුනු සිදුවීම් පෙලක්, හැගීම්වලට පෙරලන්නට, චරිත තුලට අවශෝෂණය කරන්නට අසමත්ව, හිස් ප්‍රකාශනයක් ලෙස අතරමග පවතින කෘතියක් විදිහටයි මට පැරඩයිස් චිත්‍රපටිය දැනුනෙ. එය සියලු ආකාරවලින් අපේ සිනමාවේ විශාල ඉදිරි පිම්මක් වුනත් නිර්මාණාත්මකභාවය අතින් ඒ පිම්මට සරිලන කෘතියක් නෙමෙයි.
පැරඩයිස් චිත්‍රපටය නැරඹීම වෙනස් අත්දැකීමක්. රූප, ශබ්ද, දර්ශනතල සියල්ල සුන්දර සිනමාවක්. අනිවාර්යෙන් ලංකාවෙ ප්‍රේක්ෂකයෙක් විසින් නැරඹිය යුතු කෘතියක්. නමුත් හරියට පත්තු නොවුනු අහස්කුන්ඩුවක්.
චින්තන ධර්මදාස






























රගපෑවෙ. අදත් මට පැසසුම් ලැබෙනවා ඒ චිත්‍රපට සිරසෙ පෙන්නද්දි බලපු අයගෙන්. ඊට පස්සෙ මං හැදුවා ‘ඇගේ වෛරය’ කියන චිත්‍රපටිය. ඒකෙ කතාව ගත්තෙ මං බලපු ඉන්ග්ලිෂ් ෆිල්ම් එකකින්. ඇත්තටම ඒ ෆිල්ම් එක බ්ලූ ෆිල්ම් එකක් වගේ. ඒත් මට තේරුනා මේ කතාවෙ අපේ කාන්තා පාර්ශ්වය සිනමාහලට ගෙන්නා ගන්න තරම් ආකර්ශනයක් තියෙන වග. ගැහැණිය පුරුෂ ආධිපත්‍යයට විරුද්ධව සටන් කරන කතාවක්. අපේ ලංකාවෙ ගෑනුත් මේ වගේ දූෂණය වෙලා තියෙනවා. පිරිමින්ගෙන් නොයෙක් අතවර වලට ලක්වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට පෙරලා පහර දෙන්න තරම් ශක්තිය නෑ. නමුත් මේ චිත්‍රපටයෙ ගැහැණිය එයාට හතුරුකම් කරපු හැම පිරිමියෙක්ගෙන්ම පලි ගන්න තරම් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්. ගැහැණියකට ශක්තියත් නෑනෙ පිරිමියෙකුට වගේ. මෙතනදි එයාගෙ ශරීරය තමයි ආයුධයක් විදිහට පාවිච්චි කරන්නෙ. මිනිස්සු ඕකට කාම කියනවා, අරක කියනවා මේක කියනවා. ඒත් ගාමන්ට් ෆැක්ටරිවල කෙල්ලො කෑම පාර්සල් අතේ තියාගෙන පෝලිමේ ඉඳලා ඒ ෆිල්ම් එක බැලුවෙ. ගෑනු තමයි ඇගේ වෛරය බැලුවෙ පිරිමින්ට වඩා. කොහොම හරි ඒකෙ පොඩි සීන් දෙකක් තිබුණ. ඒවා හින්දා තමයි ආන්දෝලනාත්මක වෙලා ඒ චිත්‍රපටිය සාර්ථක වුනේ. ඒත් ඒ චිත්‍රපටිය කරද්දි අපි බලාපොරොත්තු වුනේ නෑ ප්‍රේක්ෂකයන්ගෙන් එහෙම ප්‍රතිචාරයක්. අනිත් එක ඒක කාමුක චිත්‍රපටියක් විදිහට නිර්මාණය කලෙත් නෑ. කතාවට අවශ්‍ය වෙන විදිහට ඒ සීන් කීපයක් සම්බන්ධ කළා. ඒක තමයි මං හිතන්නෙ ලංකාවෙ චිත්‍රපටියකට වැදුන හොඳම කණා පල්ලම. මොකද අපි ඉතා සුළු වියදමකින් ඒ චිත්‍රපටිය කලේ. ලක්ෂ අටහමාරකින් විතර. අපි කොහොමවත් බලාපොරොත්තු වුනේ නෑ ඒ වගේ ආදායමක් ඒ චිත්‍රපටියට ලැබෙයි කියල. මට හුගක් මඩ ගහන්නෙ ඇත්තටම ඊට පස්සෙ ඒ චිත්‍රපටිය අනුකරණය කරලා ගොඩක් අය කරපු චිත්‍රපටි දුර්වල හින්ද. ඒවා හුගක්ම කාමුක වර්ගයේ ඒවා තමයි. මම කරපු ඇගේ වෛරය දෙවනි එකත් හොඳ කතාවක් ඇතුවයි කලේ. ඒකටත් මට ප්‍රශංසා ලැබුන. ඉතින් මිනිස්සු බැලුවෙ මේ වගේ වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ චිත්‍රපටි හැදුනොත් මේවා දුවනවා, ලාබ ගන්න පුළුවන් කියලයි. නිෂ්පාදකයො කීප දෙනෙක් මැදිහත් වෙලා මේ අරමුණට පහත් ගණයෙ චිත්‍රපටි හදන්න ගත්තා. ඒ වැඩවල සේරම මඩ ආවෙ මට. කවුරු හරි වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් හැදුවොත් මගෙන් අහනවා, ලුවී ඔයා නේද ඒක කලේ කියල. ඕක තමයි වුනේ. මම දැන් ඒ තේමාවෙන් ඈත් වෙලයි වැඩ කරන්නෙ. ඒත් මට හොඳ කතාවක් ලැබුනොත්, මේකෙන් ආයිමත් ප්‍රේක්ෂකයො සිනමාහලට ගේන්න පුළුවන් කියල දැනුනොත් මං ආයිමත් වැඩිහිටියන්ට පමණයි තේමාවෙ චිත්‍රපටියක් කරනවා.











