ඇගේ වෛරයෙන් පසු ඔබ කළ චිත්‍රපටිවල එන්න එන්නම බටහිර සිනමා ආභාෂය වෙනුවට දකුණු ඉන්දියානු කාම චිත්‍රපට ආභාෂය දකින්න ලැබෙන්නෙ ඇයි?

මම කරපු ‘සරාගී’ චිත්‍රපටයෙ තමයි ඔය කියන ගතිය වැඩියෙන්ම තිබුනෙ. ඒකෙ නිෂ්පාදකවරයා ජූඩ් මුත්තයියා. එයාට තමයි දකුණු ඉන්දියානු ගතිය උවමනා වුනේ. එයා කිව්වෙ, ලුවී දැන් අපි වෙනසක් කරන්න ඕන. ඔය බටහිර සෙක්ස් ෆිල්ම්ස්වල අඩ නිරුවත, නිරුවත දැකලා මිනිස්සුන්ට ඇතිවෙලා තියෙන්නෙ. අපි මේකෙ වෙනසක් කරමු, කියල මට දෙමළ ෆිල්ම් එකකුත් පෙන්නුවා. ඔය දකුණු ඉන්දියානු ආභාෂය මගේ ෆිල්ම්ස් වල තිබුනෙ නෑ. සරාගී වලින් පස්සෙ මම ආයිමත් එහෙම කලෙත් නෑ. මට තේරුනා ඒක හරියන්නෙ නෑ කියන එක. ඒ ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාරයක් ආවා. ඒත් මම නං ඒක බලලා සෑහීමකට පත්වුනේ නෑ.

ලුවීගේ ෆිල්ම්වල නිළියන් ඇඳුම් ගලවන්න ඇරුනම රගපෑම අතින් ඉතා දුර්වලබවක් පෙන්නන්නෙ ලුවී අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ ගැන උනන්දුවක් නැති හින්දද?

ඇත්තම කාරනේ ඒ ගොල්ලොන්ට රගපාන්න බෑ. මෙහෙමනෙ. මම මේ ඇත්ත කියන්නෙ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් කරනකොට අපි බලන්නෙ කතාවයි. ඒක පසුබිමේ කුතුහලය, ත්‍රාසය වගේ දේවල් ඇතුල් කරන්නෙ කොහොමද කියන එකයි. කොහොමත් අලුත් නිළියකට එකපාර ඇවිල්ලා හොඳ රගපෑමක් කරන්න බෑ. ඉන්න ප්‍රසිද්ද නිළියකට කතා කළොත් එයත් ඇඟ පෙන්නනවා කියල රගපාන්න කැමති වෙන්නෙ නෑ. ඉතිං අපිට ආධුනිකයන්ව හොයන්න වෙනවා. ඒ ආධුනිකයන්ගෙ රඟපෑම ඇත්තටම හුගක් දුර්වලයි. මං පිළිගන්නවා. ‘ඇගේ වෛරයෙ’ චන්දි රසිකාට පස්සෙ මගේ චිත්‍රපටිවල හොඳ රඟපෑමක් දකින්න තිබුනෙ නෑ. මොකද අපි ඒ චිත්‍රපටිවලට ගත්තෙ නිළියො නෙමෙයි. අපි ඒ ගොල්ලොන්ව නිළියො කරනවා. මේ චිත්‍රපටයෙ අඩ නිරුවත තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කිව්වමත් ඒ ගොල්ලො කැමති වුනොත් අපි ඒ ගොල්ලොන්ව තෝරගන්නවා. රූපයත් බලපානවා. ඉතිං ඔහොම තෝරගත්ත අයගෙන් තමයි මේ චිත්‍රපටි කෙරෙන්නෙ.

වැඩිහිටි සිනමාවට තිබුණු ආකර්ශනය දැන් අඩුවෙලා ගිහින්. ඒ මොකද?

සෑහෙන්න අඩුවීමක් වුනා. හේතුව මේකයි. පස්සෙ පස්සෙ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි කළේ හරිම බාල විදිහට. මගේ චිත්‍රපටිවල තිබුනා හොඳ කතන්දරයක්. ත්‍රාසය, භීතිය, කුතුහලය ගැබ්වෙලා තිබුන. නමුත් මේ පස්සෙ කරපු අය නිකං ආප්ප පුච්චනවා වගේ යන්තං කෙල්ලෙකුගෙ නිරුවත පෙන්නලා, මොකක් හරි කරලා වැඩේ ඉක්මනට ඉවරයක් කරලා දානවා. ඒ ගොල්ලො හිතන්නෙ ගෑනියෙකුගෙ නිරුවත පෙන්නපු ගමන් චිත්‍රපටිය දුවයි කියල. ඔය වර්ගයේ චිත්‍රපටි හුගක් එන්න පටන් ගත්තා. ඒ මදිවට ඉන්දියාවෙනුත් ගෙනාවා. ඒවායින් මිනිස්සුන්ට චිත්‍රපටි එපා වුනා. අද වුනත් කවුරු හරි වැඩිහිටියන්ට පමණයි තේමාව යටතෙ හොඳ චිත්‍රපටියක් කලොත් ඒක දුවාගන්න පුළුවන්. ඒක මුලු ලෝකෙම අලෙවියක් තියෙන චිත්‍රපය කාන්ඩයක්.

පසුකාලීනව ලුවී කරපු චිත්‍රපටිවල දකුණු ඉන්දියානු චිත්‍රපටිවලින් කෑලි පිටින් කපලා අලවලා තිබුනා?

ඒ චිත්‍රපටියෙ නිෂ්පාදකවරයා ඉන්දියාවෙන් ගෙනාවා ෆිල්ම් එකක්. ඒක තමයි අපි සිංහලෙන් කෙරුවෙ. මට දීපු තිර නාටකය මම ෂූට් කරලා අයින් වුනා. පස්සෙ එයා සංස්කරණ ශිල්පියෙක් ගෙනල්ලා අර චිත්‍රපටියෙ කෑලි ඩුප්ලිකේට් කරලා මේක මැද්දට දාලා තිබුන. ඒ වැඩේ නිසා අපි අතර තිබුන මිත්‍රත්වයත් පළුදු වුනා. මම එයාට කිව්වා ආයිමත් නං මෙහෙම වැඩවලට මං එන්නෙ නෑ කියල. අපිට තිබුන ඒ සීන්ස් ෂූට් කරන්න ඊට වඩා හොඳට.