කාලෙකට පස්සෙ ආයිමත් ටිකක් නිදහස් ලිවිල්ලක් ලියන්න හිතුනා. මාක්ස්, වම, සයිටම් වගේ එකකට පස්සෙ එකක් ගෝත මාතෘකාවල පැටලිච්ච හින්ද ඔලූව කම්කරු වෙලා තිබුනෙ. අපි මොන අප්රෝච් එකකින් කතාවට ආවත් මහ මුස්පේන්තු, දුක්ඛිත, කාලකණ්ණි ගතියක් ඒ සාකච්ඡුා ඇතුලෙ තියෙනවා. ආවේගශීලීයි. පාදඩයි. බුද්දිමයයි.
මොකක් හරි කරුමයක් හින්ද අපිට දේශපාලනය කියල මුනගැහෙන්නෙ මේ විදිහෙ දුක්කිත අදහස් ගනුදෙනුවක්. වඩා හයියෙන් කෑ ගැහිල්ලක්. රංචු වීමක්. පෙළපාලි සහ උද්ගෝෂණ කියන්නෙම ගෝත‍්‍රික ආතල් ගැනීමේ විදිහක්. ෆේස්බුක් එකේ වුනත් ජීවිතය ගැන සතුටක් ඇති කරන පෝස්ට් දකින්න හම්බුවෙන්නෙ කලාතුරකින්. ඒ දැක්කත් ඒවා ගොඩක් වෙලාවට වෙන රටවල ඒවා. මොනවා වුනත් පත්තර වලට සාපේක්‍ෂව ෆේස්බුක් එකේ යම් හෝ සතුටක්, හිනාවක්, ආතල් එකක් ගැවසෙනවා.
මේ දුක, වේදනාව, ආවේගය කියන්නෙ පොලොවෙ පවතින ඇත්තක් කියල කාට හරි හිතෙන්න පුළුවන්. ඒක හිතෙන්න විතරයි පුළුවන්. මේ හැම තත්වයක්ම අපි විසින් ආරෝපණය කරන තත්වයක් මිස ඇත්තක් නෙමෙයි. ඒක ඇත්තක් නම් ඊට ප‍්‍රතිවිරුද්ද ඇත්තවල් අනන්ත ගානක් ඒ කතා කරන මොහොත ගැන එකවිට පවතින්න පුළුවන්. මේ දුක්ඛිත, කණස්සලූ ස්වභාවය කියන්නෙ අපේ එක තෝරා ගැනීමක්.
මිනිස්සු ජීවත් වෙද්දි අනතුරු වලට මුහුණ දෙනවා, ලෙඩ හැදෙනවා, ඒකෙන් දුක්විඳිනවා, මැරෙනවා. මේක එක නැරටිව් එකක්. තව නැරටිව් එකක් විදිහට මිනිස්සු මේ අතර කාලෙදි විඳින සතුට ගැන කතාව එන්න පුළුවන්. හරියට නම් ප‍්‍රධාන නැරටිව් එක වෙන්න ඕන ඒක. මොකද මිනිස්සු දුකට වඩා සතුටින් ඉන්න කාලය වැඩියි. ආර්තිකයෙන් අති දුක්ඛිතයි කියන කම්කරු හෝ නිර්ධන හෝ ජනතාවගෙන් කෙනෙක් වුනත් දුකට වඩා සතුටින් ඉන්න කාලය වැඩියි. අපි මේ දුක කියන්නෙ පිටස්තරව ඉඳන් ඒ ජීවිත දිහා බලන කලාකාරයො, දේශපාලකයො, මුනිවරු වගේ අය ප‍්‍රමෝට් කරපු නැරටිව් එක. දුක ගැන කතා කිරීමෙන් දුක නැති කරන්න බෑ. දුක නැති කරන්න නම් කතාව සතුට ගැන වෙන්න ඕන. මොකද දුක කියන්නෙ හිතේ ඇතිවෙන තත්වයක් මිස පිටත පවතින වාස්තවික යතාර්තය හෝ ඒ වගේ මොකක් හරි නෙමෙයි.
ලංකාවෙ ඕනම මනුස්සයෙක් මුනගැහුනම නිකමට අහලා බලන්න, ‘කොහොමද මචං’ කියල. ‘හොඳින් ඉන්නවා මචං…’ කියල උත්තර දුන්නත් ඒක දෙන්නෙ අමාරුවෙන් ගැටගහගන්නවා වගේ ටෝන් එකකින්. අපි පුරුදු වෙලා තියෙන්නෙ දුක කියන්න. ‘ආතල් එකේ ඉන්නවා මචං’ කිව්වොත් අනිත් එකා අවුලක් විදිහට ගනීද කියල අපිට සැකයි.
මිනිස්සු ඉපදෙන්නෙ සතුටු වෙන්න. අපි ඉපදෙන්නෙම දෙන්නෙකුගෙ සතුටෙ ප‍්‍රතිපලයක් විදිහට. ගාන්ධි වගේ රිප්‍රොඩක්ෂන් වෙනුවෙන් ළමයි හදපු දෙමව්පියන්ගෙන් ජාතක නොවුනු හැමෝම ඉපදෙන්නෙ සුරතාන්තයකට පස්සෙ. අර විදිහෙ ළමයි නිෂ්පාදනය වෙන්නෙ මැෂින් වලින් හින්ද සමහර විට ඇත්තේ කල් ඉකුත්වෙන දිනයක් විතරයි. මේ සතුට අත්විඳින්න අපිට තියෙන මාධ්‍යය අපේ ශරීරය. සතුට අවතක්සේරු වීම හරහා ශරීරය අවතක්සේරු වීමකුත් දරුණුවට සිද්ද වෙලා තියෙනවා.
පෙරදිග අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙම මනස මාරයි කියන එකෙන්. ශරීරය මාරයි කියන තැනට මාරුවෙන්න පුළුවන් දැක්මක් පෙරදිග නිර්මාණය වෙලා නෑ (තාන්ත‍්‍රික දර්ශනය ඇරෙන්න). මනස මූලික දැක්මක් හැදෙන්නෙම ශරීරය ප‍්‍රතික්‍ෂේප කිරීමක් එක්ක. හැම ඉන්ලෙක්චුවල් වැඩක් කියන්නෙම මරණය ජයගන්න කරන මානසික වෑයමක්.
ඒ වෙනුවට ශරීරය බාරගත්තොත් මොකක් වෙයිද? ශරීරය හැකි සෑම ආකාරයකින්ම තෘප්තිමත් කිරීම කියන එක. එතනදි ප‍්‍රධාන වෙන්නෙ සෙක්ස්. ඒත් ශිෂ්ටාචාරය නිර්මාණය වෙන්නෙම ඒක කරන්න පුළුවන් උපරිමයෙන්ම සීමා කරමින්. කසාද, ආදර සංස්ථා, ගිවිසුම් ඉක්මවා කොන්දේසි විරහිතව සෙක්ස් කරනවා කියන්නෙ ශරීරයේ භාෂාව ඉගෙන ගන්න හොඳ විදිහක්. ඒත් අපි අපේ මානසික සීමාවලට අනුව පුළුවන් හැමවෙලාවකම සෙක්ස්වලට සීමා පනවාගන්නවා. තෘප්තිය වෙනුවට අතෘප්තියේ මොහොත අධිතක්සේරු කරනවා. පිළිකාවට බයේ සිගරට් බොන එක නතර කරනවා.
ආධ්‍යාත්මික හෝ බුද්දිමය හෝ මනස මූලික කවර දේකට වුනත් වඩා ප‍්‍රමුඛත්වය හිමිවෙන්න ඕන ශරීර වන්දනාවටයි. ඒක වචනයක් විදිහට වැරදි තේරුමක් ඇතිකරන්න පුළුවන් වුනත් පවතින මානස වන්දනාවේ ප‍්‍රතිපක්‍ෂය විදිහට කරන යෝජනාවක් විතරයි. ශරීරයේ භාෂාවට අවනත වීම හරහා අපිට පුළුවන් මනස මුල් කරගැනීම නිසා වෙච්ච අවුල් ගොඩක් විසඳගන්න. ඇත්තටම කිව්වොත් අපි දැනට දන්න, දකින අපිට වඩා වෙනස් මිනිහෙක්ව නිර්මාණය කරගන්න.
ජිම් එක කියන්නෙ එතනදි හොඳ සාධනාවක් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙතනදි ජිම් එක අවධාරණය කරන එක. හේතුව ඒක වෝක්ස් යාම හෝ යෝගා, තායිචී වගේ නැවතත් ඊස්තටිකලි මනස මුල් කරගත්ත අභ්‍යාස වෙනුවට අමුවෙන්ම ඇ`ග එක්ක ගනුදෙනු කරන තෝරා ගැනීමක් වෙන්න ඕන. හොඳට බැලූවොත් ලංකාවෙ බුද්දිමය පැත්තට බර වැඩි අය ජිම් එක මගඅරින වගක් පේන්න තියෙනවා. ඇත්තම කාරනේ වෙන්නෙ ශරීරය තෘප්තිමත් කරන හැම පාරක්ම වැටිලා තියෙන්නෙ මේ බුද්දිමය අය විසින් නොතකා හරින ලද තැන් හරහා. අපිට වෝක්ස් යන ආචාර්යවරයෙක් දැකගැනීම සුලබ වුනත් ජිම් යන ආචාර්යවරයෙක් ටිකක් විතර ආගන්තුකයි.
එතනදිත් මං කැමති උපසංස්කෘතික තත්වයන් වර්ධනය වුණු පොඩි ජිම් වලට. ලොකු නම් වලින් තියෙන ජිම්වල ලැබෙන පුද්ගලික පුහුණුකරුවො එක්ක මේ කොමියුනය හැදෙන්නෙ නෑ. ඒ වෙනුවට එකිනෙකා උදව් කරගන්න, උපදෙස් දෙන ඒ පොඩි ජිම් ඇතුලෙ වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒක දුක, ප‍්‍රශ්න, කනස්සල්ල, යතාර්තය හෝ වෙන කිසිම බහුබූතයක් නැති අවකාශයක්. සෙක්ස්වලදි ඇහෙන සද්ද හා සමාන හුස්ම ඉහල පහල යාම්, කෙඳිරීම් ඇතුලෙ හැදෙන ජීවිතයට අනුරාගී පරිසරයක්.
එතනදි අපි හැම මාංශ පේශියක්ම සුරතාන්තයට පත්වෙන කල් ඒ එක එක සිරුරු කොටස් එක්ක ගත කරනවා. නහර ඇතුලෙ දැනෙන වේදනාව කෙලවර තෘප්තිමත් කෙඳිරියක් පිටවෙනවා. මෙතනදි මේ වෙනුවට උදැල්ලක් කැත්තක් අරන් වැඩකරනවා වගේ ග‍්‍රාමීය ආදේශක හරියන්නෙ නෑ. මේක වෙනම සංස්කෘතියක් විදිහට ජීවිතේට බද්ද වෙන්න ඕන. කිසිම අමතර ලාභයක් ගැන නොහිතා ශරීරය වෙනුවෙන්ම කරන සාධනාවක් වෙන්න ඕන.
ව්‍යායාම වල තියෙන රිපිටීෂන් හරියට මන්ත‍්‍ර වගේ. ඒ ඇතුලෙ මනස සම්පූර්ණයෙන්ම අක‍්‍රිය වෙනවා. ශරීරය සුරාතාන්ත මොහොතක් අත්දකින වෙලාවට අපි මනසේ බැම්මෙන් ගැලවෙනවා. ඒක ආගමික හෝ දේශපාලනික හෝ සංස්කෘතික හෝ මොනයම්ම විදිහකට හෝ හඳුනාගන්න පුළුවන් විමුක්තියක් නෙමෙයි. නිකම්ම හිස් තැනක්. තේරුම් ගැනීමක් අවශ්‍ය නැති මොහොතක්. හරියටම තෘප්තිකර රමණයකින් පස්සෙ වගේ.
මේ ශරීර සාධනාවට නැඹුරු වීමෙන් ගොඩක් මානසික අවුල් විසඳගන්න පුළුවන්. කණස්සලූ දර්ශනවාදයන්ගේ ඇබ්බැහියෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වෙනුවට ජීවිතේ දිහා සුබවාදීව බලන්න, සතුටු වෙන්න, ආදරයෙන් බැඳෙන්න සූදානම් අලූත් මනුස්සයෙක් ඉපදෙන්න පුළුවන්.
ඒක හින්ද මට හිතෙන්නෙ පුස්තකාලය හෝ පන්සල වෙනුවට ජිම් එක තෝරගන්න එක වඩා හොඳයි සහ අවශ්‍යයි කියල. කවදා හරි ලෙඩවෙලා චොරවෙලා යනවා නේද කියන සිතුවිල්ලෙන් ශරීරය දිහා බලනවා වෙනුවට පුළුවන් හැම මොහොතක්ම උපරිමයෙන් විඳින්න පුළුවන් විදිහට හොඳම තත්වයෙන් ශරීරය පවත්වාගෙන යන එකයි වෙන්න ඕන. මේ යෝජනා කරන්නෙ අරක්කු සිගරට් නොබී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කියලා නෙමෙයි. ජීවිතේ හැම දෙයක්ම අත්විඳිමින් උපරිම ආලෝකයෙන් දැල්වෙන්න කියලයි.
ශරීර වන්දනාව කියන්නෙ එක එක රස කෑම කන එක සහ විවිධ මාදිලිවල ඇඳුම් පැළඳුම් අඳින එකට වඩා ටිකක් ගැඹුරට යන වැඩක්. නිරුවත් ශරීරයත් එක්ක මුහුණට මුහුණ සමවැදීමක්. ටැටූ, පියර්සින්, කිසියම් සම්ප‍්‍රදායකට කොටු නොවුණු නර්තනයන්, මික්ස් මාර්ෂල් ආර්ට් වගේ දේවල් වුනත් මෙතනදි වත්පිලිවෙත් වෙන්න පුළුවන්.
කණ්ඩායම්ගත වීමක් හෝ සම්ප‍්‍රදායක් හෝ පිළිගත් සෞන්දර්යවේදයක් හෝ සම්මත නොවුණු තමන්ට තමන්ගේ ශරීරය අමුවෙන් මුනගැහෙන ගොඩක් අවකාශයන් තවත් සාධනාවන් වෙන්න පුළුවන්. විය යුතු දේ සරලයි. ශරීර භාෂාවට අවනත වෙන්න. මනසට නිවාඩු දෙන්න.