විමුක්තිගේ අලූත් ෆිල්ම් එක පෙන්නන්නෙ හවස 4.15 ෂෝ එක විතරයි. ඒ ෆිල්ම් එකේ ස්වභාවය හැටියට මං හිතන්නෙ නෑ ඊට වඩා ලොකු ඉල්ලූමක් හෝල්වල පැත්තෙන් එයි කියල. වැඩ ඉවර වෙලා සෑහෙන කාලයක් ගතවුනත්, කීපතැනක වරින්වර ප‍්‍රදර්ශනය වුනත් මට ෆිල්ම් එක බලන්න ලැබුන පලවෙනි වතාව.
කොහොමටත් විමුක්තිගෙ සිනමා ශෛලියට මං ආශක්තයි. මුලින්ම සුළග එනු පිනිස චිත‍්‍රපටිය ලංකාවෙදි දැකපු පළවෙනි වතාවෙදි ඒ රූපරාමු වලින් ඇතිකරපු කම්පනය තාමත් ඇග ඇතුලෙ තියෙනවා. ඒ සිනමාත්මක ප‍්‍රවේශය, නිමාව, බලාසිටීම වගේ ගොඩක් අත්දැකීම් මුල්වරට ලංකාවට ආවෙ විමුක්තිගෙ වැඬේ හරහා. ඒක සම්මාන උළෙලවල හුරතල් කරන ප‍්‍රකාශන විදිහක් වීමත්, ඊට පස්සෙ තොග පිටින් ඒ විදිහෙම නිර්මාණ කිරීම හරහා සම්මානලෝභීන් පිරිසක් බිහිවීමත් වෙනම කාරණයක්. ඒත් සිනමාකරුවෙක් විදිහට විමුක්ති යම් පුරෝගාමී මෙහෙවරක් හරියට කළා කියල මං හිතනවා.
සුළග ගිනි අරන් චිත‍්‍රපටිය ගැන මට ආපු පළවෙනි හැගීම වුනේ මේකෙ සිංහල නම නම් මස්තබාල්දුයි කියන එකයි. සුළ`ග කියන වචනෙ ෆිල්ම් ටයිට්ල් වල පට්ට ගහලා තවදුරටත් කිසිම ජීවයක් නැති වචනයක් වෙලා හමාරයි. ඒ මදිවට පෝස්ටර්වලට පාවිච්චි කරලා තියෙන ස්ටයිල් එකත් අජපල්. වකුගඩු විකිනීමක කතාවක් එක්ක ගැටගහලා මේකට ලංකාවෙ සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයාට යම් හෝ උනන්දුවක් ඇති කරන්න පුළුවන් කියල හිතපු එකත් අසාර්ථක වැඩක්. මේ විදිහෙ ෆිල්ම් සාමාන්‍ය පේ‍්‍රක්‍ෂකයාට බලන් ඉන්න අමාරුයි. බලන් හිටියොත් ඌට මළ පනිනවා. ඊට පස්සෙ එලියට ඇවිත් පලූ යන්න බනිනවා. ඒකෙන් වාසියකට වඩා වෙන්නෙ අවාසියක්. හරියටම චිත‍්‍රපටිය ගැලපෙන ඕඩියන්ස් එකට ආමන්ත‍්‍රණය කළා නම් සෙනග ගෙන්වා ගැනීම කොහොම වුනත් සාකච්ඡුාවක්, සංවාදයක් ඇතිකරගැනීම පැත්තෙන් ෆිල්ම් එකට හොඳ ෆීල් එකක් හදා ගන්න තිබුන. නැත්තං මේ ප‍්‍රචාරණ විදි වලින් වෙන්නෙ හොඳ ෆිල්ම් එකක් නිකං බාල්දු කරන එකයි.
ෆිල්ම් එකේ පළවෙනි සීන් එකම මාව චිත‍්‍රපටියට ඇදබැදගන්න සමත් වුනා. මුහුද අයිනෙ ගල්වැටියක් රළ පාරකින් පිරෙනකල් බලන් ඉන්න සංයමය චිත‍්‍රපටියෙ මූඞ් එකට අපිව අරන් එනවා. කතාව දිගහැරෙන්නට නියමිත ටෙම්පො එක, බලාපොරොත්තු විය යුතු වින්දනය ආදී හැමදෙයක්ම ඒ සරල ස්තිතික රූපයෙන් කියනවා.
සුළග ගිනි අරන් ෆිල්ම් එකේ කතාව හෝ පිටපත විදිහට ගත්තොත් මං ඒ තරම් වටිනාකමක් දකින්නෙ නෑ. ඒ වෙනුවට කතාවක් කියන්න උත්සාහ ගන්නා හැම රූප රාමුවකම විමුක්ති දුර්වල වෙනවා මං දකිනවා. පිටපතක් විදිහට දෙබස් රචනය පැත්තෙන් චිත‍්‍රපටියෙ දර්ශන දෙකකට විතරක් මාරම කැමතියි. එකක් මහේන්ද්‍ර වකුගඩු හොයාගන්න දෙන්න දේශනය. අනික අන්තිමට කාඞ් ගහන කොල්ලො ටික කරන කතාව. ඒ ඇරෙන්න ෆිල්ම් එකේ පාවිච්චි වෙන දෙබස් අන්තිම දියාරුයි වගේම ඒකෙන් රූපයටත් හානි කරනවා.
මේ හැමදෙයක්ම මැද්දෙ විමුක්ති තමන්ගෙ සුවිශේෂීභාවය නැත්තං ගැඹුර වෙන මානයකින් අරන් එනවා. මට හිතෙන්නෙ අධ්‍යක්‍ෂවරයෙක් විදිහට විමුක්තිගේ දක්ෂකම මැනෙන හොඳ තැනක් සුළග ගිනි අරන් ෆිල්ම් එක. දුර්වල පිටපතක්, දුර්වල කතාවක් ඇතුලෙ වුනත් තමන්ගේ ප‍්‍රකාශනය එයා කරන විදිහ.
මේ ෆිල්ම් එකේ වටිනාම වගේම ඉතාම සෞන්දර්යාත්මක ගොඩනැගීම වෙන්නෙ ෆිල්ම් මූඞ් එක. හැම රූප රාමුවක් දිහාම සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳිද්දි බලාගෙන ඉන්න අපි වෙනස් වෙන්න පටන් ගන්නවා. රූපය පටන් ගනිද්දි ඉන්න අපි නෙමෙයි රූපය ඊළ`ග එකට මාරු වෙද්දි ඉන්නෙ. සමහර දර්ශන හිතාගන්න බැරි තරම් සරියල් ඇත්දැකීමකට සමවදින්න ඉඩහදනවා. උදා විදිහට හාමුදුරුවො වැටකේ පඳුරු අතරින් ඇවිදගෙන යන දර්ශනය. හරිම මිතිකල් බවක් චිත‍්‍රපටිය පුරාම දුවනවා. ඒක සවිඥානක දිගහැරීමක් නෙමෙයි. අපි බලන් ඉන්නෙ අවිඥානය හඳුනන භාෂාවකින් හැදුන රූප පෙලක් දිහා.
ඒක නිසාම වාස්තවික තත්වයන් එක්ක චිත‍්‍රපටිය ගැටගහන්න හදන හැමතැනම ඒ අත්දැකීම දුර්වල කරනවා. ප‍්‍රචාරක පෝස්ටරයෙදිත් සිද්ද වෙන්නෙ මේ හානිය. ෆිල්ම් එකේ මූඞ් එක මරනවා.
මේ චිත‍්‍රපටිය එකිනෙක ඈඳුනු කතාවක් විදිහට නරඹන්න මට ඕන වෙන්නෙ නෑ. ඒ වෙනුවට එක මූඞ් එකකින් නැත්තං හැගීමකින් වෙළුනු රූප පෙලක් දිහා මං බලාගෙන ඉන්නවා. මම සවිඥානක මනස ඉක්මවූ තැනකින් චිත‍්‍රපටියත් එක්ක සම්බන්ද වෙනවා. කරුණුමය අතින්, සාහිත්‍යමය අතින් ඇදගෙන වැටෙද්දි සමවදින්න පුළුවන් අධිතාත්වික අත්දැකීමක් අපිව ෆිල්ම් එකට බැඳලා තියාගන්නවා.
කතාව අමුනාගන්න නොයෙක් තැන්වල කරන දුර්වල උත්සාහයන් තැනින් තැන පේන්න ගන්නවා. විමුක්තිට තිබුනෙ ඒ උත්සාහය නොදරාම ඉන්න. හැ`ගීමෙන් විතරක් ප‍්‍රකාශනය අරගෙන යන්න. හාමුදුරුවො සහ වකුගඩු විකුණන දුෂ්ට දොස්තර අතර දැනෙන නොදැනෙන බැඳීම හරිම සාංදෘෂ්ටික සමතුලිතබවක් ගේනවා. ඒක හරි ලස්සන දෙයක්. වනාන්තරේට එක පැත්තකින් ඇතුල්වෙන හාමුදුරුවො අනිත් පැත්තෙදි පිලිස්සුනු අවතාරයක් බඳු දොස්තර වෙනවා.
ෆිල්ම් එක අන්තිමට කොල්ලො ටිකක් ඕමි ගහන ගමන් කියන ඕපාදූප කතාවක් බවට පත්වීම ආතල්ජනකයි. එතනදි විමුක්ති වාචාල විදිහට ගේන සංවාදයට මං ගොඩක් කැමතියි. ආපෝ ඕක කතාවක්නෙ කියල ඒක හෑල්ලූවට ලක්වෙද්දි කතාව කියපු එකා කියන්නෙ, හැමඑකක්ම කතාවක් තමයි කියල. ඒ මදිවට උන් ඕමි ගහන්නෙ රිවර්ස්ටන්වල හීතල කඳුගැටයක් උඩ කමිසවත් ඇගේ නැතුව. ඒ ගිනිගත්ත හුළග කියන්නෙ අන්තිමට පට්ට හීතලේ ඕමි ගගහා කොල්ලො ටිකක් කියන කතාවක් වීමම දෙපැත්තට වැඩකරන අධිතාත්වික අවසානයක් ගේනවා.
සුළග ගිනි අරන් කියන්නෙ පාවෙන්න දන්න අයට පාවෙන්න වළාකුල් දෙන සිරා සිනමා අත්දැකීමක්.
චින්තන ධර්මදාස