කංසානීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක්හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්දඑකක්. මම කැමැත්තෙන් පරිභෝජනයකරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයටහානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයිමගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඩුවම්පැමිනවීම, එය වරදක් කරගනිමින්පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප‍්‍රශ්නඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතුආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආන්ඩුවකින් හෝ පොලිසියකින් මගේවිනය හදන්න  ඕනකියල මං විශ්වාස කරන්නෙනෑ. ඒ නිසා කංසාහෝ වෙනත්  ඕනෑමමත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප‍්‍රමාණවත්සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක්කිරීම රජයක බලහත්කාරයක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

මමඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවාවෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත්කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමටකෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප‍්‍රවේශපත‍්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුලෙ එහේ මෙහේ යාත‍්‍රා කරන්නතියෙන මාර්ග. ඒ ගැන පැනවෙනහැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.

රජයක්විසින් කළ යුත්තේ ඒමත්ද්‍රව්‍යයේ ඇති හානි පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරිමේ ප‍්‍රවේශයන්ගන්න එකයි. හානි අවමවන තාක්ෂණයන් සහ ක‍්‍රමවේදයන් හඳුන්වාදෙන එකයි. ඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයන් දිරිමත්කරන ක‍්‍රියාමාර්ගනොගැනීමයි. ඒක පාවිච්චි කරනවදනැද්ද කියන එක වගකීමක් ඇතිපුරවැසියන් විසින් කරගත යුතු දෙයක්. රජයක් අවශ්‍ය නෑ තාත්තගේවැඬේ කරන්න. අපේ රටේ කාලෙක ආණ්ඩු කරන්න අප්පච්චි කෙනෙක්  ඕනවෙලාහිටියට ඒක රජයක කාර්යයනෙමෙයි.

ඒත්ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ද නොයෙක්හේතු කියමින් ලෝකෙ පුරාම රජයන් මත්ද්‍රව්‍ය තහනමට වැඩකරනවා. මේ නීති හරහාදඩ ගැසීමේ සහ සිරගත කිරීමේසිට වෙඩි තබා මරා දැමීම දක්වා පීඩනයන් ජනතාව මත මුදාහරිනවා.  ඒ හරහා පුරවැසියන්ගේ නිදහස නෙමෙයි ජීවිත පවා ඍජුව අවතක්සේරු කරනවා විතරක් නෙමෙයි වක‍්‍රවඒ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සහබෙදා හැරීමට පාතාල ක‍්‍රමවේදයන්නිර්මාණය වෙන්න අවශ්‍ය තත්ව සම්පාදනයහරහා ජන ජීවිත අවදානමේහෙලනවා. මත්ද්‍රව්‍ය තහනම වෙනුවටකළමනාකරණය කියන ප‍්‍රවේශයගන්න රජයන් පරිනත වුනා නම් ලෝකෙ පුරාම පාතාල ක‍්‍රියාදාමයන්බොහොමයක් අවම කරගන්න තිබුන. ඒත් ආන්ඩු සහ තහනම් ව්‍යාපාර අතර ඞීල් එක වෙනස්. ඒකඇත්තටම ජනතා සුබසාධනය සම්බන්ද කාරණයක් නෙමෙයි. ලාබය සම්බන්ද කාරණයක්.

උදාවිදිහට ඉතිහාසයේ කිසිම දවසක කංසා  ඕවර්ඩෝස්වීමෙන් සිද්ද වුන මරණයක් ලෝකෙ කොතනකින්වත් වාර්තා වෙලා නෑ. ඒ වෙනුවට අනුමතඖෂධ  ඕවර්ඩෝස්වීමෙන් අවුරුද්දකට 40,000ට ආසන්න පිරිසක්මැරෙනවා. ඒත් කංසා පාවිච්චිය නීති විරෝදී කරලා හානි සිදුවෙන බවට සාක්ෂි තියෙන ඖෂධ නිදහස් කරනවා.

විශේෂයෙන්මකංසා ගත්තොත් ඒකෙන් සිදුවෙනවා කියල කියන හානිය පවා දුම්කොල සහ ඇල්කොහොල්වලට වඩාබෙහෙවින්ම අඩුයි. කංසා වලට කෙනෙක් ඇබ්බැහිවෙන්න තියෙන්නෙ 0.91ක ඉඩක් විතරයි. ඒ කියන්නෙ ඇබ්බැහියක් නෑ කියන එකයි. ඒත් නීතිගත සිගරට් වලට කෙනෙක් ඇබ්බැහිවීමේ ප‍්‍රතිශතය30%ක් වෙනවා. ඒක කොකේන් තරමෙමඇබ්බැහියක්. කොටින්ම මහා මත් රකුසා කියන හෙරොයින්වලට කෙනෙක් ඇබ්බැහිවෙන ඉඩකඩ තියෙන්නෙත් 5%ක් විතරයි. ඒත්සිගරට් නීතිගතයි. කංසා නීති විරෝධීයි. මේ තහනම පිටිපස්සෙතියෙන්නෙ කොහෙත්ම මිනිස්සුන්ගෙ සෞඛ්‍ය සම්බන්ද කාරණානෙමෙයි. අපේ වගේ රටක නං ඔහේ වෙනරටවල් කරන දේ කරගෙන යාමක්විතරයි.

කංසාකියන්නෙ තහනම් කළ යුතු ශාඛයක්නෙමෙයි වහවහා වගා කළ යුතු ශාඛයක්කියන එකට ලෝකෙ පුරාම විවිධාකරයෙන් ජනතා හ`ඩනැගීම් සිද්දවුනා. පිළිකා රෝගීන් වෙනුවෙන් කංසා මගින් ලබා දිය හැකි ප‍්‍රතිකාරවලපටන් ආතතිය ලිහිල් කිරීමට, ග්ලූකොමා රෝගීන්ට, දියවැඩියාවට ආදී එකීනොකී අටඅනූවක් ලෙඩවලට කංසා මගින් නිපදවිය හැකි ඖෂධ ගැන පර්යේෂණ කෙරුනා. බොහොමයක් ධනාත්මක ප‍්‍රතිඵලලබාගත්තා. ඒ වගේම අනෙක්පැත්තෙන් කංසාවලට විරුද්දව සෞඛ්‍ය බලධාරීන් විසින්ගතානුගතිකව ගොඩනගාගෙන සිටි කාරණා උන්මත්තක වීමේ සිට අපරාධවලට යොමුවීම, ගේට් වේ ඩ‍්‍රග් එකක් හැටියට ක‍්‍රියාකාරීමවගේ දේවල් පදනම් විරහිත බව ඔප්පු කෙරුණා.

උදාවිදිහට අපරාධකරුවො ගත්තොත් ලෝකෙ පුරාම වුනත් කංසාවලට හෝ වෙන මොනමඩ‍්‍රග් එකකටත්වඩා සිගරට් සහ ඇල්කොහොල්වලට සමීපඅය. කංසා වගේ දෙයක් නීති විරෝදී හින්ද නීතියට එපිටින් තියෙන සමාජ පරිසරවල වැඩිපුර සැරිසරන ඉඩකුත් ස්වභාවිකව තියෙනවා. මේ දේවල් එක්කතාර්කිකව බැලූවොත් කංසාවලට වඩා ඇල්කොහොල් හෝ ටොබැකො අපරාධවලටසම්බන්දයි කියලයි නිගමනය කරන්න වෙන්නෙ. ඒත් කංසා එතනට සම්බන්ද කිරීම මිනිස්සුන්ව දැන දැන නොමග යැවීමක්.
ගේට්වේඩ‍්‍රග් එකක්කියන කාරණය වුනත් මෙහෙමමයි. බොහොමයක් මත්ද්‍රව්‍ය වර්ග පාවිච්චිවෙන්නෙ ඇල්කොහොල් එක්කයි. ඒත් ඇල්කොහොල් ගේට්වේ ඩ‍්‍රග්එකක් විදිහට ගන්නෙ නැති සෞඛ්‍ය ලොක්කො එහෙමකිසිදු සාක්ෂියක් නැති කංසා ගැන එහෙම භීතියක් මවනවා. භීතිය හරහා තහනම සාධාරණීකරනය කරනවා.

කංසාගත්තොත් මත්ද්‍රව්‍යයක් විදිහට මෙහෙම අපවාදයට සහ අපකීර්තියට බඳුන්කරන්න කලින් දීර්ග ආධ්‍යාත්මික ඉතිහාසයක් තියෙන ගහක්. ආයූර්වේදයට වගේම භාවනාවට කංසාවලින් කොහෙත්ම වෙන්ව පවතින්න බෑ. කංසාවලට ත්‍රෛලෝකවිජයා කියනනම හැදෙන්නෙම ඒ තියෙන ආධ්‍යාත්මික ශක්තිය මුල් කරගත්ත කාරණා හරහා. මේ ආසියාතිකව ඇතිආධ්‍යාත්මික උරුමයත් බටහිර කංසා තහනම හරහා අපේ රජයන් අපෙන් උදුරාගත්තා. ඒක ඇත්තටම රජයවිසින් කරපු අපරාධයක් හැටියටයි ගන්න වෙන්නෙ.

කංසාතහනම උඩ රටේ කීදෙනෙක්අත්අඩංගුවට ගන්නවද? හිරගෙවල්වල දානවද? තහනමේ බොරු කණ්ණාඩි ගලවලා බැලූවොත් වෙලා තියෙන්නෙ ගහක් වවපු සාමාන්‍ය මිනිහෙක් අපරාධකාරයෙක්හැටියට හංවඩු ගැහීමක්. සමාජයට හානියක් නොකළ කවුරුන් හෝ මිනිහෙක් වරදකාරයෙක්කිරීම හරහා ඔහුට හෝ ඇයට පාතාලජීවිතයක් ගත කරනවා විනාවෙනත් විකල්පයක් අහිමි කිරීමක්. හිරගෙවල් කියන්නෙ අපරාධකරුවන් නිර්මාණය කරන විශ්ව විද්‍යාල මිස පුනරුත්තාපන ආයතන නෙමෙයි. කංසා තහනම හරහා නිකරුනේ සාමාන්‍ය මිනිස්සු අපරාධකාරයන්බවට පත්කරනවා.
ඒවගේම මේ නඩු සහහිරගෙවල් පුරවමින් පවත්වාගෙන යන්න සිද්ද වෙන වියදම්. මේවා ඇත්තටම ජනතා මුදල් නාස්ති කිරීම් විතරයි. සමාජයට හානිදායක නොවෙන යම් නිෂ්පාදනයක හෝ සේවාවක යෙදීමවරදක් කරමින් ඒ මිනිහට ලේබල්ගසමින් දඩුවම් කරන්නට මිනිස්සුන්ගෙ බදු සල්ලිම වියදම් කිරිම තකතීරුකමක්. කංසා තහනම ඉවත් කිරීම හරහා මේ වියදම් කපාහැරීමෙන්රජයට ලොකු ඉතිරියක් කරන්න පුළුවන් වෙනවා.

ලෝකෙපුරාම කංසාවලට පක්ෂ විද්‍යාත්මක සොයාගැනීම් එක්ක සමගාමීව රජයන් විසින් කංසා නීතිගත කිරීමේ රැුල්ලක් පැතිරෙන්න පටන් අරන්. මේක කංසා රැුල්ලකට වඩා ඇත්තටම ආර්තික රැුල්ලක්. මේ හරහා නීතිගතකරන රටවල් අනෙක් රටවලට නැති අවසරයකින් විශාල ලාබ උපයන්න පටන් ගන්නවා. ඇම්ස්ටර්ඩෑම් කියන්නෙ කාලෙකට කලින්ම මේ නිදහස ලබාදෙමින්තමන්ගේ ආර්තිකය පුළුල් කරගත්ත රටක්. ලෝකෙ හැම රටක්ම මේ නිදහස ලබාදුන්නටපස්සෙ අන්තිමට මේක කරන්න බලන් ඉන්න ලංකාව වගේ රටක් ඇත්තටම කරමින් ඉන්නෙ රත්තරං වටින අවස්ථාවක් දිහා ඇස්කන් පියාගෙන බලන් ඉන්න එකයි.

කංසාපදනම් කරගත්ත ඖෂධ නිෂ්පාදනයට වගේම කඩදාසි (මුල්ම බයිබලය මුද්‍රණය වුනෙත් කංසාවලින් නිෂ්පාදිත කඩදාසි මතයි), කඹ, රූපලාවන්‍ය නිෂ්පාදන ආදීහිතාගන්නවත් බැරි තරම් අලූත් නිෂ්පාදනය තොගයකට දොරවල් ඇරෙනවා. මේ අලූත් ඉල්ලූමවෙනුවෙන් විශාල වගාකිරීමක් අවශ්‍ය වෙනවා. මේවගාවට ඉදිරිපත් වෙන රටවල් ලාබ උපයනවා.

ඒවගේම මේ නිදහස හරහාවිශාල සංචාරක ආකර්ශනයක් ලැබෙනවා. කංසා පදනම් කරගත්ත ආහාරපාන, මනස නිවන විවේකාගාර ආදී අලූත් ප‍්‍රවේශයක්සංචාරක කර්මාන්තයට නිර්මාණය වෙනවා. මේ වෙනුවෙන් ඇදෙනවිශාල විදේශිකයන් පිරිසක් විශේෂයෙන්ම අපේ වගේ නිවර්තන කලාපීය දූපත් වලට නිවාඩු ගත කරන්න එනවා. මේ ආශ‍්‍රිතවනිර්මාණය වෙන ආධ්‍යාත්මික කලාපයනුත් මේ සංචාරක ව්‍යාපාරයට එකතු කිරීමක් වෙනවා.

මේවගාවන් හරහා මෙතෙක් ආර්තිකයේ නොපැවතුණු රැකියා රාශියක් අලූතෙන් උත්පාදනය වෙනවා. ලෝකෙ පුරා කංසා නීතිගත කරපු රටවල මේ රැකියා වෙනුවෙන්විශාල ඉල්ලූමක් ඇතිවෙමින් තියෙනවා. ග්‍රෝ මාස්ටර්ස්ලා, ඒ කියන්නෙ නොයෙක්  ප‍්‍රබේදවල කංසාවවන එක බාර කට්ටිය, ස්ටෝර් මැනේජර්ස්ලා, කංසාවලින් රසායන එක්ස්ට‍්‍රැක්ට් කරනටෙක්නීෂියන්ස්ලා, බඞ් ටි‍්‍රම්කරමින් පැලය රැුකබලාගන්නා පිරිස්, කංසා ව්‍යාපාර අයිතිකරුවන්ආදී නව රැුකියා ක්ෂේත‍්‍රයක් මෙතනවිවෘත වෙනවා. මං වුනත් කංසානීතිගත කරපු දවසක මේ හැම දෙයක්මනවත්තලා මගේම කංසා වගාවක් පටන් ගන්නවා. ඒ සම්බන්ද ප්‍රොඩක්ට් සීරීස් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි මගේහීනෙ. ආණ්ඩුව මෝඩයෙක් වගේ මේ වෙලාවෙ මගේහීනෙට හරහට ඉන්නවා.

කංසාකියන්නෙ තහනම් කරන්න නෙමෙයි පර්යේෂණ පවත්වමින්, විවිධ ඇවනියු නිර්මාණය කරමින් වහාම වගා ආරම්භ කළ යුතු ශාඛයක්. පාඩු ලබමින් අක්කර ගනං කුඹුරුවලට නාස්ති කරනවා වෙනුවට රජය ඉදිරි දැක්මකින් යුතුව වහාම මේ ආර්තික ප‍්‍රතිලාබය ජනතාවටඅත්කර දෙන්න පියවර ගත යුතුයි. ඒවෙනුවෙන් විරුද්දව නැගෙන සාම්ප‍්‍රදායික අතාර්කිකමතයන් පරාජය කරන්න දැනුවත් කිරීම් ආරම්භ කළ යුතුයි. ජනතාවහැටියට නිදහස් මනසකින් යුතුව අපි කංසා නීතිගත කිරීම වෙනුවෙන් දිගටම රජයට බලකළ යුතුයි. ආසියාතික කලාපයේ අනෙක් රටවලට කලින් මේ නිදහස ලබාදීම හරහා අපට දිනාගත හැකි සුවිශේෂතාවයන් වෙනුවෙන් මේ ගමන වේගවත්කළ යුතුයි.