අපි සෙක්ස් ගැන හිතන්නෙ බොහොම පටු සීමිත පරාසයක. ඒ වගේම සෙක්ස් දිහා අපි නොදැනුවත්ව වුනත් බලන්නෙ සාම්ප්‍රදායික ඇස්වලින්.  උදා විදිහට අතක් පයක් නැති ආබාධිත කෙනෙකුගෙ සෙක්ස් ගැන අපි කොහොමද හිතන්නෙ? මෙතනදි ඔය ඩිෆරන්ට්ලි ඒබල් වගේ මනස්ගාත නැතුව කිසිම පහත් කොට සැලකීමේ අගතියකින් තොරව ආබාධිත කියන වචනය පාවිච්චි කිරීමේ අවසරය අපි ඉල්ලනවා.

අතක් පයක් අහිමි ආබාධිත කෙනෙක් දිහා හරි වැඩිමහල් වයසක කෙනෙක් දිහා හරි අපි බලන්නෙ නැත්තං බැලෙන්නෙම සෙක්ස් නොකරන, සෙක්ස් නොකළ යුතු අය විදිහට නෙමෙයිද? ඒ අයට ශෘංගාර ජීවිතයක් තියෙනවා කියල අපේ මනස බාරගන්න ලෑස්තිද?  ඒක තියෙන්නෙ අපි නෝමල් කියන කැටගරියෙන් එලියෙ. 

සමාජයක් විසින් දරන මේ අසෙක්ෂුවල් අදහස නිසා ඇත්තටම මේ මිනිස්සුන්ටත් තමන්ගෙ ලිංගික ජීවිතය පවත්වාගන්න අමාරුයි. මොකද ඒ සමාජ අවකාශය ඒ ගොල්ලොන්ට නිර්මාණය වෙලා නෑ. ඒක නිකං අසභ්‍ය වගේ වෙලා තියෙන්නෙ.  මේ සමාජයෙන් නිර්මාණය කරන තත්වෙ කාලයත් එක්ක මේ අය ඇතුලටමත් කාන්දු වෙනවා. ඒ ගොල්ලො ඒ ගොල්ලො කෙරෙහිම ශෘංගාරය අහිමි කරගන්නවා.

මේ වෙනස් මිනිස්සුන්ගෙ සෙක්ෂුවල් ජීවිත ගැන වඩාත් සමාජය දැනුවත් වෙන්න කතාබහ කරන්න අවශ්‍යයි් කියලයි පර්යේෂකයන්ගෙ පිලිගැනීම. සෙක්ස් කියන එක හැමෝටම අවශ්‍යයි. ඒක නිරෝගී ජීවිතයක පදනම. ඒ වගේම හොඳ මානසික සෞඛ්‍යයක පදනම.

එකක් සෙක්ස් කියන්නෙ හොඳ ව්‍යායාමයක්. ස්වභාවික තත්ව යටතේ මිනිත්තුවකට කැලරි 3.6ක් විතර බර්න් වෙනවා කියලයි කියන්නෙ. රුධිර පීඩනය අඩු කරන්න, හදවතේ නිරෝගීබව වැඩි කරන්න සෙක්ස් ඉතාම හොඳයි කියලයි විශේෂඥ මතය.

ඒ වගේම සෙක්ස් කියන්නෙ ස්ටේ‍රස්වලට හොඳ ප්‍රතිකාරයක්. පරිසරයෙන් ඇතිවෙන ආතතිකර බලපෑම් නිසා සිදුවන වෙනස්කම් උදා විදිහට කෝටිසොල් මට්ටම ඉහල යාම වගේ කාරනා හොඳින් පරීක්ෂා කරලා, දෙන්නෙක් අතර ආදරනීය සිපවැළඳ ගැනීම් නිසා කොයිතරම් ඉක්මනින් ඒ තත්වයන් නැවත යතා තත්වයට පත්වෙනවද කියල බලලා තියෙනවා.

මෙතනදි සෙක්ස් කරන්නම අවශ්‍ය නෑ. විශේෂයෙන්ම, සෙක්ස්වලට පස්සෙ තියෙන ආදරනීය තුරුල්වීම් වගේ ඒවා. ඒවට අපි කියනවා අවාචික සන්නිවේදන කියල, මේ වැළඳගැනීම් සිපගැනීම්වලට පුළුවන් අපේ ආතතිය ඉක්මනින්ම අකාමකා දාන්න.

සෙක්ස් සහ පුරස්ථිති පිලිකා ගැනත් පර්යේෂන කරලා තියෙනවා. අවුරුදු 20ක් තිස්සෙ 30,000ක් පමන දෙනෙකුගෙන් කරපු පර්යේෂනවලින් ඔප්පු වෙලා තියෙනවා මාසයකට මෝචනයන් 21ක් ලබන (මේක ස්වයං වින්දනයෙන් වෙන්න පුළුවන්, සංසර්ගයෙන් වෙන්න පුළුවන්) අයගෙ  පුරස්ථිති පිලිකා ඇතිවීමේ මට්ටම, මාසෙකට තුන් හතර වතාවක් මෝචනය ලබන අයට වඩා සෑහෙන අවමයි කියන එක. ඒක නිසා මේ ආස්වාදය අපි හිතනවට වඩා ඇඟට වැදගත්.
ඉතිං අපි මේ පහල කතා කරන්න යන්නෙ කකුල් සහ උකුල් ප්‍රදේශයේ ආබාධ සහිත අයට හොඳම සෙක්ස් පොසිෂන් 06ක්.

1. අපි නොදන්න මිෂනරි

චලනයේ ආබාධ සහිත කෙනා ඇඳ මත වැතිර ඇඳේ කෙලවරට වෙන්න ඉන්න ඕන. ආබාධයෙන් තොර කෙනා ඇඳ ළඟ හිටගෙන අනිත් කෙනාගෙ කකුල් අතරට එන්න ඕන. පාද ඔසවා ඉහලට කරලා රඳවා ගැනීමෙන් මේ ඉරියව්ව සුවපහසු වෙනවා.

එක් අයෙක් ආබාධිත අවස්තාවකදි මේක සුදුසු ඉරියව්වක්. ඒ වගේම පිටේ වේදනා ඇතිවෙන අයටත් මේක ගැලපෙනවා. මොකද මේ ඉරියව්වෙන් කෙනෙකුගෙ පිට පැත්තට යෙදෙන පීඩනය අඩුවෙන නිසා. ඒ වගේම ඇඳේ මෙට්ටය ඕනවට වඩා මෘදු නම් අපේ මහන්සියෙ වැඩි කොටසක් මෙට්ටෙට යන්න පුළුවන්. ඒ නිසා ස්ථාවර, තරමක් දැඩි ඇඳක් හෝ මතුපිටක් තමයි වඩා සුදුසු.

 2. මොඩ් කරපු ඩොගී
රෝද පුටුවෙ ඉන්න සහකරුවාට පිටුපාලා අනෙක් කෙනා ඔහු මතට පහත් වෙනවා. ඇඳක් හෝ ආසන්නයේ ඇති යම් ආධාරකයක සහාය අරගෙන (නැත්තං රෝද පුටුවෙම අත්වාරුවෙන් වුනත් පුළුවන්) ඉහල පහල යනවා. රෝද පුටුවෙ කෙනාට පුළුවන් උරහිසෙන් හෝ බඳෙන් අල්ලාගනිමින් තමන්ට අවශ්‍ය පාලනය සකස් කර ගන්න.

මේකත් ගැලපෙන්නෙ  එක අයෙක් ආබාධිත සම්බන්ධතාවකට. ඒ වගේම උකුල් ප්‍රදේශයේ වේදනාවෙන් පෙලෙන අයටත් මේ පුටුවක ඉරියව්ව පහසු වෙනවා. අවශ්‍ය ඕනම සපෝර්ට් එකකට කොට්ට පාවිච්චි කරන්න කියලයි උපදෙස.

3.  හැන්දෙන් හැන්ද

මේක කරන්නෙ දෙන්නම වැතිරී ඉඳගෙන. එක්කෙනෙක් ටිකක් නැමුනු ඉරියව්වකින් වැතිර ඉඳිද්දි අනිත් කෙනා පිටිපස්සෙන් හේත්තු වෙලා ඇතුල් කරන එකයි වෙන්නෙ. මේ ඉරියව්වෙදි අත් දෙකම නිදහස් හින්ද අනිත් ශරීරයේ තැන් උත්තේජනය කරන්න වැඩි නිදහසක් තියෙනවා.

මේකත් පිට පැත්තෙ හෝ කොන්දෙ වේදනා තියෙන අයට, ආතරයිටිස් වගේ රෝග තියෙන අයට වඩාත් සුදුසුයි. මේට්ටයට පීඩනය අවශෝෂනය වෙන නිසා සන්ධිවලට දැනෙන තෙරපුම අඩුවෙනවා. ඒ වගේම ඉතාම අඩු චලනයකින් තෘප්තිය හොයාගෙන යන්න පුළුවන්.

 4. 69-  පැත්තෙන් පැත්ත

එක්කෙනෙක් එක පැත්තටත් අනිත් කෙනා විරුද්ද පැත්තටත් වැතිරී ලිංගිකව සතුටුවෙන ක්‍රමය. කෙනෙකුගේ ලිංගික අවයව අනෙකාගෙ මුහුණ සමීපයට එන නිසා දෙන්නටම රිසි සේ උත්තේජනය කරන්නත් ඇඟිලිවලින් දිවෙන් සතුටු කරන්නත් පුළුවන් වෙනවා.

කිසිම කෙනෙකුට බරක් නොදැනෙන නිසා කොන්දෙ ආබාධ, ආතරයිටිස් ආදී  ඕනම තත්වයක කෙනෙකුට සුදුසු වෙනවා.

වැඩිපුර උඩ පහල යන චලනයන් ආබාධ ඇති අයට අසීරු විය හැකි නිසා මේක වඩා සුදුසු ක්‍රමයක්

5. මුහුණට මුහුණ.

රෝද පුටුවෙ ආබාධිත සහකරුවා සිටියදී අනෙත් කෙනා මුහුණට මුහුණ සිටින සේ ඔහුගේ උකුල මත හිඳගන්නවා. ඉහල සිටින කෙනාට ඉස්සීමේ සහ පහත්වීමේ චලනය පවත්වාගන්න පුළුවන්.
මේකත් එක් සහකරුවෙක් ආබාධිත විට සුදුසු ක්‍රමයක්. වෙහෙස විය නොහැකි කෙනෙක් නම් අතිශයින්ම සුදුසුයි.

මේකට කියනවා ටයිම්බොම්බ් කියලත්. පාද චලනය කරන්න අසීරු හෝ කොන්දෙ අබාධ හොඳටම ගැලපෙනවා. මුහුනට මුහුන සිටින නිසා සංසර්ගයේදී වඩාත් ආදරනීය වෙන්න පුළුවන් ක්‍රමයක් කියලයි කියන්නෙ.

 6. කැස්බෑවෙක් මුනින් අතට

ආබාධය සහිත සහකරුවා මුනින් අතට ඇඳේ වැතිර සිටිනවා. පපුව ඇඳ මත තබාගෙන පිටුපසින් නැමී හැකි පමන ඔසවා තබාගන්නවා. අනිත් කෙනාට පිටුපසින් ඇතුල් වෙන්නත් තමන්ට අවශ්‍ය පරිදි සහකාරියගේ ශරීරය සකස් කරගන්නත් පුළුවන් වෙනවා.

අබාධ සහිත කෙනෙකුට මේ වැතිර සිටීමේ ඉරියව්ව පහසු එකක්. මේ අතරෙ සෙක්ස් ස්වින්ග් එකක් එහෙම නැත්තං සහකාරිය ඔසවා පද්දා ගැනීමක් වගේ දෙයක් කිරීමෙන් මේ ආස්වාදය තවත් වැඩි කරගන්නත් ඇඩ්වෙන්චරස් කරන්නත් ඉඩකඩ ලැබෙනවා.


මේ කතා කරපු හැම එකක්ම සංසර්ගය ගැන ඉරියව්. ඒත් කොයිම වෙලාවකවත් ෆොර්ප්ලේ නැත්තං ආලිංගනයේ යෙදීම අමතක කරන්න එපා. අපේ ශරීරයේ ඉරොතික කලාපයන් විදිහට හඳුන්වන කන්පෙති, ගෙල යට, හිසකෙස් අතර, කිහිලි යට, පිට,  ආදී තැන් දිවෙන්, ඇඟිලිවලින් උත්තේජනය කිරීමෙන් අපිට සංසර්ගමය මලලක්‍රීඩා කොටස වගේම අස්වාදයක් ගන්න පුළුවන්. ඒ වගේම කෙඳිරිලි, ආදර කතා ආදියෙන් උත්තේජනය උච්ච කරන්නත් පුළුවන්.

අනිත් දේ තමයි ඕරල් සෙක්ස්, මුඛ සංසර්ගය. ඕනම ආබාධිත තත්වයකදි අපිට මුඛ සංසර්ගයක ආස්වාදය විවෘතයි. ඒක ඕනම මොහොතක කළ හැකි වෙනවා වගේම උපරිම තෘප්තියක් ලබන්නත් පුළුවන්.

ඉතිං ආබාධිත බව කියන්නෙ ශෘංගාරයට නං සීමාවක් නෙමෙයි.