නිහාල් රත්නායකගේ සටහනක්.
පහන්තුඩාවේ වු දේවල් අද ඊයේ සිදු වු දෙවල් නොවේ.
සියවස් ගානකට පෙර සිට මේ මහ පොලොව මත සිදුවු සිදුවීම්ය.
එදා දෘශ්‍ය මාධ්‍ය නොමැති බැවින් මුඛ පරම්පරාවෙන් පැමියේය. එසේ පැමිණ සාහිත්‍යය පොත් පත් වල මෙසේ ලියවී ඇත්තේය….
ඔහු පොකුණ අසල ඉඳගෙන නාග මානවිකාවගේ කුහරය දිහා බලා සිටියේය. හඳපාන මැද්දෙහි හුදකලා වූ බෙනයේ අඳුරු ලපය කිසි යම් චමත්කාරජනක අන්දමකට ඔහුගේ නෙතට ගැටිණි. මෙසේ සිටිනා’තර බෙරකාරයාගේ දුව දින තුනක නිද්‍රාවෙන් පසු අවදි වී පොකුණ වෙත පැමිණෙනවා ඔහු දුටුවේය. සෙමින් සෙමින් පොකුණ වෙත ආ ඇය, දඩයක්කාරයා දෙස නොබලා අධික සේ සීතල වූ ජලාශයට බැස්සාය . ඔහුගේ කය වසා සිටි රළු කළු ලෝම හිරිගඩු පිපී කිරි කිළි පොළා නැග්ගේය. බොහෝ වේලාවක් දියේ ගිලී සිටි ඈ අන්තිමේදී දිය දෙබෑ කරගෙන මතු වූවා ය. දීර්ඝ වූ කේශ කලාපය පුරා වැගිරෙන රිදී වන් ජලය බේරා හරිමින් ඈ දඩයක්කාරයා දිහාට මුණ ලා ජලයෙන් ගොඩ වන්නට වූවාය. නිරෝගීව පිබිදී පවිත්‍ර ව තිබුණු ඇගේ කය හඳපානේ රන්වන් පාටකින් බැබළෙමින් තිබුණේය.
දඩයක්කාරයා සඳරැසින් සඳ රැසින් නැහැවි නැහැවී ඇස් කඩා හැලෙන සෞන්දර්යයකින් වසඟයට පත් වී එහා පැත්තේ නාග මානවිකාවගේ කුහරයෙන් මතුවී ආ ඇති අලංකාර මායා රංගනයක් දිහා මුසපත් වී බලා සිටියේ ය.
බෙරකාරයා ගේ දුව ඔහුගේ අබියසට පැමිණ ඔහුට ගෑවී නො ගෑවී හිටගෙන සිට අන්තිමේදී තෙත කේශ කලාපය හෙළාගෙන ඔහුගේ දෙපා අසල උඩුකුරුව වැතිරුණා ය.
ඈ ඔහු ළඟ හිටගෙන ඉන්නා විට ඇගේ දෑතින් ස්පර්ශය ලැබී පිපී පීදී ඉදිරියට නෙරා ගිය තණ තන පුඩුවකින් මතු වුණු රන් කිරි බිංඳුවක් ඔහුගේ දෙතොලෙහි ද ගෑවුණා වාගේ ය.
රෝමෝද්ගමනයෙන් උත්සන්න වූ ඔහුගේ කය මස් පිඩු ඔහු අබියස වැතිර ගත් ඇගේ රන්වන් කය පුරා පුරා සඳ රැසින් දඟලන මාංශ පේශියක් පාසා දඟලන්නට වූයේ ය. එසේ වු ආංබාං කොට ගත්ත නොහැකි වූ පොරයකට ඔහුගේ කය මස්පිඩු පාත්‍ර වූ විට හිත දැඩි කොට ගත් ඔහු , ඇයගේ සිරුරට උඩින් දුරින් පෙනෙන ගල් බෙනය දිහාම සෘජු ව බලා සිටින්නට වුයේය.
නාග කන්‍යාවිය ඇදි ඇදී ඇදි එළියට එන්නීය. තම කය නටව නටවා සඳපහන හා ලාස්‍ය නැටුමකින් නටන්නීය. වාංගු කොට ගත නො හැක්කා වු තම කය කුස තුළ දරණ ගැසී සිටියා වු නාගරාජයා දරන දිග හරිමින් ගිනි විෂ පිඹිමින් නැගී සිටින්නට වූයේය.
සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
සයිමන් නවගත්තේගම