මිනිස්සුන්ගෙ
මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ
නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට
නැති තරම් ලොකුවට මේක
මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට මේ නියෝකෝටෙක්ස් එක
හේතු වෙනවා. ඒ කියන්නෙ සංගීතය,
සාහිත්‍යය සහ ශිෂ්ටාචාරය
ගොඩනැගෙන්නෙ මෙන්න මේ නියෝකෝටෙක්ස් එකේ
ප්‍රාතිහාර්යෙයන්.
මේක
තමයි අපේ නිර්මාණශීලී කොටස.
අපිව වානරයාගෙන් සුපිරි මානවයා දක්වා පරිවර්තනය කරන කොටස. අපේ
අනාගතය නිර්මාණය කරන කොටස. ලංකාව
වගේ රටක නං අඩුවෙන්ම
පාවිච්චි වෙන කොටස කියලත්
කියන්න පුළුවන්.

ඊට අමතරව ඒ මොලේ ඇතුලෙම
ගුලිගැහිලා තියෙනවා රෙප්ටීලියන් බ්‍රේන් කියල
හඳුන්වන කොටසක්. මේක හයීනාවන්ට මීයන්ට
පවා තියෙන කෑල්ලක්. අපේ ආවේගශීලී, යාන්ත‍්‍රිකමය, ඉන්ද්‍රිය තෘප්තිය මූලික
කොටස් බද්ධ වෙන්නෙ මෙතනට.
ජාතිවාදය, ආගම්වාදය, ඇනකොටා ගැනීම් පත්තුවෙන්නෙ මෙතන. අතීතකාමය, ආපස්සට යාම සංඥා වෙන්නෙ
මෙතන.

මේ රෙප්ටීලියන් බ්‍රේන් එක
හින්ද මිනිස්සු වර්ගයක් විදිහට කාරණා තුනකින් අර්බුදයට යනවා. පලවෙනි එක ගෝත‍්‍රවාදය. අපේ ගෝත‍්‍රයට පිටින් එන
එකා හතුරෙක් විදිහට ගැනීම. ඒ අයට විරුද්ධව
ප‍්‍රචන්ඩත්වය මුදාහැරීම.
සිංහල බෞද්ද යැයි දැන් ආඩම්බරෙන්
කියන ගොඩක් ලක්ෂන. එල්ලූං ගහ  ඕන
කියන අයගෙ වගේම පැලෝපීය
නාල බුද්දිමතුන්ගේ ලොකුවටම වැඩ කරන්නෙ මේ
හයිනාවන්ගේ මොලය.

දෙවෙනි
එක තමයි කෙටි කාලීන
සිතීම. දුර බලලා පළල්
විදිහට කරුණු තේරුම් ගැනීමේ හැකියාවක් මේ උරග බුද්දියට
නෑ. ඒ වෙනුවට ළ`ග වාසි බලාගෙන
ගන්න තීරණ හින්ද පසුව
කෙලවාගැනීමක් තමයි මේ බුද්දියේ
උරුමය. කොයිතරම් කරුනු කාරණා දත්ත විදිහට ඔප්පු
වුනත් තමන් එල්බගෙන ඉන්න
අදහස උරග බුද්දිමතුන් වෙනස්
කරන්නෙ නෑ. ෂාෆි වඳ
සැත්කම් කළේ නෑ කියල
විද්‍යාත්මකව ඔප්පු කරත් පිලිගන්න බෑ
කියලා මොරදෙනවා ඇහෙන්නෙ මේ උරග බුද්දි
මහිමය. මේකෙන් වෙන ලොකුම හානිය
සමාජයේ පුද්ගලික සහ සාමූහික අනාගතයට
කෙලවෙන එකයි.

උරග
බුද්දිය නිසා ඇතිවෙන තුන්වෙනි
ලක්ෂනය තමයි තමන් වෙත
නැවත හැරී බැලීමේ දැක්මක්
අහිමි වීම. තමන්ගේ අදහස්
දිහා තාර්කිකව බලන්න බැරි වීම.  ඇකඩමික් ආචාර්ය මහාචාර්යවරුන් පවා මේ උරග
බුද්දියේ සීමාවට යටත් වෙනවා. විද්‍යාව බැහැර කරනවා.
නාත දෙයියො වගේ මිත්‍යා
පතුරනවා.

මිනිස්සු
මේ උරග බුද්දිය නිසා
තමන්ට කෙලවෙන වග අවබෝද කරගත්තා.
ඒ හින්ද ඒ හයිනා චර්යාවන්ගෙන්
ගැලවෙන්න නීතිය, දර්ශනය, අධ්‍යාපනය, විද්‍යාව, වගේම රාජ්‍යයන් නිර්මාණය කරගත්තා.
මේ හැම දේකම මූලික
අරමුන වුනේ උරග බුද්දියේ
බලපෑමෙන් නිදහස් වෙලා නියෝකෝටෙක්ස් එකේ
ප‍්‍රාතිහාර්යයන් අත්විඳින
එක. යම් පමනකට මේ
විදිහට කෙලවාගැනීම අවම කරගන්න පුළුවන්
වුනා. ඒත් මේ නිර්මාණය
වුනු දේවල්ම නැවත උරග බුද්දිය
විසින් අත්පත් කරගන්න පටන් ගත්තා.

මිනිස්සු
වර්ගයක් විදිහට මුහුන දෙන දරුණුම තත්වය
වෙන්නෙ මේක. අපේම මොලය
ඇතුලෙ තියෙන මේ අසමතුලිතතාම. වෙන
විදිහකට කිව්වොත් ඉතාමත් නිර්මාණශීලී අදහස් උරග බුද්දිමතුන් අතින්
මෙහෙයවන එක. උදා විදිහට
ලෝකයේ න්‍යෂ්ටික බලය
කියන්නෙ ඉතා දියුණු සොයාගැනීමක්.
ඒත් ඒක වඳුරෙකුගේ අතේදී
අන්තිම භයානක ආයුදයක්. වඳ සැත්කම් ගැන
පත්තර නිව්ස් එකේ ඉඳන් මහා
යුද්ද ඇතුලූ මිනිස් වර්ගයාම අතුගෑවී යන තරමෙ දැවැන්ත
ව්‍යසන සිද්ද වෙන්න
විශාල නියෝකෝටෙක්ස් එකක් සහ ඒක
සම්පූර්නයෙන්ම පාලනය කරන්න පුළුවන් තරමෙ උරග බුද්දියක්
පැවතීම හේතු වෙනවා.

ආචාර්ය
මහාචාර්යවරුන් වෙලා ඒ දැනුම
පවා ඉතාම පටු ගුහාවාසී
අරමුනු වෙනුවෙන් පාවිච්චි වෙන්නෙ මෙන්න මේ නොගැලපෙන ගැලපීම
හින්ද.

එක එක පුද්ගලයා ඇතුලෙ
වගේම සමාජයක් විදිහටත් මේ නියෝකෝටෙක්ස් සහ
රෙප්ටයිල් බ්‍රේන් ගැටුම
තේරුම් ගන්න පුළුවන්. නිර්මාණශීලී
අදහස්, නිදහස, සමානාත්මතාව වගේ දේවල් යෝජනා
කරන සුලූතරයක් පරයා අබසරන දෙසන
බහුතරයක නියෝජනය එලියට කියන්නෙ ලංකාව සමස්ත බුද්දියක් විදිහට වැඩ කරන දිශාව.
අපි ජාතියක් හැටියටම නියෝකෝටෙක්ස් එකේ හැකියාවන් ඊට
සරිලන පරිණත බුද්දියකින් මෙහෙයවන උත්සාහයනට වඩා උරග බුද්දියෙන්
මෙහෙයවෙන එකටයි පක්ෂපාත. අපිව පාලනය කරන
ඒකාධිපතියෙක් ගැන ඉල්ලීම්, කෙටිකතාවක්
ලිව්වට හිරේ දාන නීතිය
කනපිට ගැසීම්, චයිත්ති හදලා රට ගොඩනගන
අනාගත නායකයො බිහිවෙන්නෙ මේ උරග බුද්දියේ
උරුමයෙන්.

රෙප්ටයිල්
බ්‍රේන් එකේ බලපෑමෙන්
මිනිස්සුන්ට නිදහස් වෙන්න පුළුවන් මාර්ගය කියල යෝජනා වෙන්නෙ
ආදරය. මේ කියන්නෙ නැවතත්
මගේ ගෑනි මගේ මිනිහා
කියල මරාගෙන මැරෙන උරග සීමාවෙම පවතින
ප්‍රේමය නෙමෙයි.
ඒ වෙනුවට ආදරයේ වර්ග තුනක් ගැන
මෙතනදි කතා වෙනවා.

පලවෙනි
ආදර විදිහ අනෙකාට ආදරය කිරීම. අනෙකාත්
තමන් වගේම හැගීම් දැනීම්
ඇති මනුස්සයෙක් විදිහට තේරුම් ගැනීම. තමන්ට කෙලවන්න හෝ හතුරුකම් කරන්න
එන දුෂ්ටයෙක් විදිහට දකින දැක්මෙන් බැහැර
වීම.

දෙවෙනි
ආදරය නූපන් පරපුරට ආදරය කිරීම. ඒ
කියන්නෙ තමන්ගෙන් පස්සෙ පවතින මිනිස්සු ගැනත් හිතලා කටයුතු කිරීම. ගහකොල සතාසීපාවා වගේ ස්වභාවික සම්පත්
අනාගතය වෙනුවෙනුත් ඉතිරි කරන ¥රදර්ශීබවකින් වැඩ
කරන එක.

තුන්වෙනි
ආදරය සත්‍යයට ආදරය
කිරීම. තමන් පිලිගන්න හෝ
එල්බගත් මතය මොකක් වුනත්
තාර්කකිව, විද ්‍යාත්මකව
කරුණු සලකා බලමින් සත්‍යය තේරුම් ගන්න
තියෙන විවෘත මනස. සුගතපාලද සිල්වා
කියන විදිහට තමන්ව කනපිට ගහලා බලන්න පුළුවන්
හැකියාව.

මෙන්න
මේ ආදර පිළිවෙත් තුන
වෑයමෙන් පිරීමෙන් උරග බුද්දියේ හූනියමට
අහු නොවී ඉන්න පුළුවන්
කියල අදහස් කරනවා.

වයි
හියුමිනිටි ඩිස්ට්‍රොයිඞ් ඉට්සෙල්ෆ් කියන ස්කූල් ඔෆ්
ලයිෆ් වීඩියෝවෙ මේ කතාව අහගෙන
ඉන්න අතරෙ අනිත් පැත්තෙන්
යෝජනා වුනා ලෙනාඞ් කොහෙන්ගෙ
කතාවක්. මං ලෙනාඞ් කොහෙන්ට
ආස හින්දම ලින්ක් එක ක්ලික් කළා.

නියෝකෝටෙක්ස්
එකෙන් ලැබෙන සංගීතමය හැකියාව ආශ්චර්යයක් විදිහට එලියට අරන් එන්න පුළුවන්
වුන කෙනෙක් ලෙනාඞ් කොහෙන්. කැනේඩියානු සංගීතඥයෙක් වුනු කොහෙන්ට තියෙන්නෙ
පුදුම තරම් දැනෙන ගැඹුරු
හඩක්. ඒ වගේම එයා
ලියනවා විශ්මිත වචන..

”ඇවිලෙන
වයලීනයක් සමග ඔබේ සුන්දරත්වය
තෙක් නැටුමෙන් මා රැුගෙන යන්න
වික්ෂිප්තබව
තුලින් මා නැවත ආරක්ෂාවෙන්
එකලස්වන තුරු නැටුමෙන් මා
රැුගෙන යන්න.
ආදරයේ
කෙලවර දක්වා නැටුමෙන් මා රැුගෙන යන්න..”

ඝාතන
කඳවුරුවල මරා දමන්න ගෙන
යන අතර වැයෙන සංගීතය
ගැන කොහෙන් ගායනා කරනවා. ආගම, දේශපාලනය, ආදරය,
ආධ්‍යාත්මය වගේ පැතිරුනු කාරණා
ගැන ප‍්‍රඥාවේ
ස්වරයෙන් ගායනා කරන  කොහෙන්ගේ
හ`ඩ ආනුභාවසම්පන්නයි. ඒ
හින්ද එයාට ස්පාඤ්ඤයේදී රාජකීය
ගෞරවය පිරිනමනවා. එතනදි කොහේන් කතාවක් කරනවා. උරග මනසෙන් අතිමිදෙන්න
පුළුවන් වුනු මිනිහෙකුගෙ පැවැත්ම
මට ඒ කතාව ඇතුලෙන්
දැනුනා.

මට මගේ සිංදු වෙනුවෙන්
සම්මානයක් ගන්න එක ටිකක්
නුහුරුයි, අමුතුයි වගේ. මොකද මං
ඇත්තටම දන්නෙ නෑ ඒ සිංදු
කොහෙන් එනවද කියල. එහෙම
දන්නවා නං මං නිතරම
එතනට යනවා. ඒ හින්ද මේක
හරියට මං නොකරපු දේකට
සම්මානයක් ගන්නවා වගේ. කොහෙන් නිරංහකාරව
කියනවා.

දෙවනුව
එයා ස්පාඤ්ඤ පොලොවට තමන්ගේ ප‍්‍රනාමය
පලකරනවා. එයාගෙ ගිටාරය ස්පාඤ්ඤයේ නිෂ්පාදිත කොන්ඩෙ වර්ගයේ ගිටාරයක්. ඒ ගිටාරය හීලියම්
තරම් සැහැල්ලූයි කියල එයා කියනවා.
ඒ ලීයෙන් දැනුන ජීවමාන සුවඳ එයා මතක්
කරනවා. එවන් සුන්දර නාදයන්
නිර්මාණය කරන ලී හැදෙන
ස්පාඤ්ඤ පොලොවට කොහෙන් ආචාර කරනවා.

තුන්වෙනුව
එයා එයාගෙ ගුරුවරයෙක් ගැන මතක් කරනවා.
ඒ ගෙවල් එහා පැත්තෙ පිට්ටනියට
ඇවිත් ගිටාර් ගහමින් හිටපු නාඳුනන ස්පාඤ්ඤ තරුණයෙක්. එයා ඉතාමත් ලස්සනට
ගිටාරය වයනවා. කොහෙන් එයාට කියනවා ඇවිත්
තමන්ට වාදනය උගන්නන්න කියල. ඒ තරුනයා එනවා.
ඇවිත් දවස් කීපයක් කෝඞ්
කීපයක් වාදනය කරන්න කියල දෙනවා. ඊට
පස්සෙ තරුණයා අතුරුදන් වෙනවා. පස්සෙ කෝල් කරලා බලද්දි
ඒ තරුණයා සියදිවි නසාගෙන වග කොහෙන් දැනගන්නවා.
ඒ තරුණයා කවුද, එයා මොනවා කරමින්ද
හිටියෙ, දිවිනසා ගත්තෙ ඇයි ආදී කිසි
දෙයක් කොහෙන් දන්නෙ නෑ. ඒත් ඒ
තරුණයා කියල දීපු කෝඞ්
කීපය පාවිච්චි කරලා තමන්ගේ සිංදු
සියල්ලම නිර්මානය වුනු වග කොහෙන්
මතක් කරනවා.

එදා
ස්පාඤ්ඤයෙදි තමන්ට ලැබෙන රාජ්‍ය ගෞරවය
එයා තමන්ගේ සංගීතය හා බැඳුනු ස්පාඤ්ඤ
ආත්මයන් එක්ක බෙදාගන්නෙ ඒ
විදිහට.

උරග
බුද්දියෙන් ගැලවෙන්න පුළුවන් වුනු නියෝකෝටෙක්්ස් මානවයෙක්
තමන්ගේ  නිර්මාණශීලී
දක්ෂතා එක්ක පළල් විදිහට
ලෝකය නැවත සම්බන්ද කරන්නෙ
කොහොමද කියන එකට කොහෙන්
මේ කරන කතාව මට
දැනෙන උදාහරනයක් වුනා. තමන්ගේ ගෝත‍්‍රය,
තමන්ගේ බිම, තමන්ගේ පවුල,
තමන්ගේ ජයග‍්‍රහන
ගැන උද්දාම වෙන කුඩා වානර
මනස් අතර ඒ වගේ
ආර්ටිස්ට්ලා බිහිවීම බුදුවරුන් බිහිවෙනවා වගේ දෙයක්.

”ගනුදෙනුකරුවා
ඔබ නම් මං තරගයෙන්
ඉවත් වෙන්නම්
සුවකරන්නා
ඔබ නම් පෙලෙන්නා මං
විය යුතුයි
ජයග‍්‍රහනය ඔබේ
නම් ලැජ්ජාව මගේ විය යුතුයි
ඔබට  ඕන
වුනේ අඳුරයි
අපි
නිවා දැම්මේ පහනයි…”