වීරයන් පිස්සු වැටීම….

දීප්ති විසින් මාව ඉවර කරන්න කියලා ආරම්භ කරලා තියෙන මඩ ප‍්‍රහාර ගැන කිසි දෙයක් නොකියන්නයි මගේ තීරණය වුණේ. ඒත් මම කියපු දෙයක් විකෘති කරලා නැවත නැවත පළකිරීමෙන් නොකියපු අදහසක් සමාජගත වෙමින් තියෙන නිසා කියපු දේ මොකක්ද කියල පැහැදිලිව සටහන් කරලා තියන්න හිතුවා . ඒ වගේම සිද්ද වෙමින් යන දේ ගැන මගේ පුද්ගලික විපරීත කියවීමත් සටහන් කරන්න මේක හොඳ ඉඩක්.
පුද්ගලිකව මගේ චරිතයට එල්ල කරන මඩ හෝ අවලාද මම කියවන්නෙ විනෝදෙට. අදහස් මිස මිනිස්සුන්ගෙ චරිත ආරක්ෂා කිරීමෙන් සමාජයට ඇති වැඩක් නෑ කියලයි මං විශ්වාස කරන්නෙ. අනෙක් අතට චරිත විනාශ කිරීමෙන් ඊට වඩා හොඳක් සිද්ද වෙන්නත් පුළුවන්.

ඒත් දීප්ති තමන්ගේ පක්ෂය වෙනුවෙන් පවත්වාගෙන යන ව්‍යාජ ෆේස් බුක් අකවුන්ට් හරහා (ෆේස්බුක් පාවිච්චි කිරීමට එරෙහි වෙන ගමන්ම මේ කරමින් ඉන්න වැඬේ ප‍්‍රතිවිරෝධය දීප්ති තමන්ගෙ ඇතුලෙ විසඳගන්න  ඕන ගැටලූවක් වෙනමම) මම කිව්වා කියලා සමාජගත කරන්න හදන දීප්තිගේ දුව සහ එයා අතර ලිංගික සම්බන්දයක කතන්දරේ කියවන ගොඩක් අයට ප‍්‍රහේලිකාවක් වෙලා තිබුණ.

දීප්ති කවි පොතක් එළි දැක්වීමක කරපු කතාවක් කාලෙකට පස්සෙ (දීප්තිගේ විරෝධය මැද වෙන්න  ඕන) ෆේස් බුක් එකේ පළවුනා. ෆේස් බුක් එකේ ඉන්නෙ කවියොද වගේ කතා කිය කිය රෝල් වෙවී ඇවිත් දීප්ති හැමදාම වගේ මැක්කාගෙ කතාවට ගොඩවෙනවා. ෆේස්බුක් එකේ ඉන්න අචාර්යවරුන්ටත් බෙදාගෙන යනවා. ඔන්න නිර්මාල්ගෙ ඇෙ`ග් එල්ලෙනවා. එයා කියනවා නිර්මාල්ට ශිෂ්‍යාවො සුබපැතුම් එවනවා. ඒකට නිර්මාල් තෑන්ක් යු කියනවා කියල. දාර්ශනිකයෙක් නම් එහෙම වෙන්න බෑ වගේ කතාවක් එයා කියන්නෙ. මට තාමත් හිතාගන්න බෑ දීප්ති විහිළු කරනවද කියල.
මම ඒකට කමෙන්ට් කළා.

”නිර්මාල් පෙනී සිටින කාරණා සම්බන්දයෙන් මගේ එකග නොඑකගතාවයන් ඇත. නමුත් ලැප්ටොප් අරගෙන කෙල්ලන් සමග රැුල්ල පාගමින් දර්ශනය කතා කරන දාර්ශනිකයෙක් හදිස්සියෙම සුබ පැතුමකට තෑන්ක්ස් කියන එක බාල විදිහට දැකීම ටිකක් විහිළුකාරයි මං හිතන්නෙ”

මෙතනදි මම කෙල්ලෙක් සමග රැුල්ල පාගනවා යැයි කියන්නෙ දීප්ති විසින් කලින් පළ කරපු වීඩියෝ එකක් ගැන. කවුරු හරි දීප්තිව විහිලූවට ලක් කරන්න කරපු වීඩියෝවක් හැටියටයි මම නං ඒක අවංකව දකින්නෙ. ඒ වීඩියෝවෙ දීප්ති කිසි තේරුමක් නැතුව අයිපැඞ් එකක් පෙන්නන්න හදනවා. ඊට පස්සෙ ‘යමක් සම්පුර්ණ වීමට නම් ඊට විනෝදය අඩංගු විය යුතුය’ කියල වැල්ලෙ පෙම් කරන කපල් එකක් පෙන්නනවා.

එතැනින් වීඩියෝව කෙලින්ම කැපෙන්නෙ දීප්ති තරුණ කෙල්ලෙක් එක්ක රැුල්ල පාගන දර්ශනයකට. අඩුම තරමෙ මේ දීප්තිගේ දුව කියල ටයිට්ල් දැමීමක් හෝ දීප්ති තාත්තා වග පෙන්නන කිසිම ඉගියක් හැසිරීමක් මේ දර්ශනයේ නෑ (කැමති අයට මේක ආපහු බලන්න  පුළුවන්). දීප්තිගේ පක්ෂයේ පස්හය දෙනා ඇරුණම මං හිතන්නෙ නෑ මේ දීප්තිගෙ දුව කියල වෙන කිසි කෙනෙක් දන්නවා ඇති කියල. අනෙක් අතට ඒක මට අදාල වෙන්නෙ කොහොමද? මං කියන්නෙ කෙල්ලෙක් එක්ක රැුල්ල පාගනවා කියල විතරයි. ඒක ලිංගික හෝ අනුරාගික කාර්යයක් විදිහට පෙරලෙන්නෙ දීප්ති සහ පක්ෂයේ අයගෙ කමෙන්ට් ඇතුලෙයි.  ඒ ගොල්ලොන්ට  මේක පියා සහ දියණිය අතර ලිංගික සම්බන්ධයක් ගැන ප‍්‍රකාශයක් විදිහට පේන්න හේතුව මොකක් වෙන්න ඇතිද? තමන් මැවූ ඇදහූ මනෝ විශ්ලේෂණ අවතාර තමන්වම නැවත බියපත් කරනවා වත්ද? දීප්තිට දැන් සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් ගැන කියන්න තියෙන්නෙ මොන වගේ කතාවක් වෙන්න පුළුවන්ද?
<u>
</u><u>”තාත්තයි දුවයි අඳුරන්නෙ නැහැ කියන එකා සහ උගේ දුව බීච් එකේ ඉද්දි අන්න නිර්මාල් කෙල්ලෙක් එක්ක ලව් කරනවා කීවම නිර්මාල් උඹව ගෙදර එක්කන් ගියාට දීප්ති එහෙම නෑ. උඹ උඹේ නංගිත් එක්ක නිදා ගන්නවා කිව්වොත් උඹ හිනාවෙලා ඒකත් උඹේ වෝල් එකේ දායි....”</u>
<u>
</u><u>”රනිල් වික‍්‍රමසිංහගේ මාධ්‍ය භාවිතාව ගැන ප‍්‍රශ්න කරන නිර්මාල් මහාචාර්යවරයා නාග විහාරයේ ගෑනු එක්ක නිදාගන්න සහ කර
ඩුවේ මාල හොරකම් කරපු හාමුදුරුවො ගැන වචනයක්වත් කියන්නෙ නෑ. නිර්මාල් තමන්ගේ ගෙදරට පුළුවන් නම් මේ විපරීතයාව එක්ක ගිහින් දුවත් එක්ක තියලා ෆොටෝ එකක් ගහලා ෆේස් බුක් එකේ දාගන්න..”

මේ විදිහෙ විකාරසහගත දේවල් තමන්ගේ දුව වෙනුවෙන්ම ලියා ගැනීමේ ආශාව මොනවගේ වෙන්න පුළුවන්ද? අන්තිමට දීප්තිගේ දුවව ශෘංගාර වස්තුවක් කරන්නේ මමද? ඒ සදාචාරය ගැන කතා කරමින්ම අනෙක් අයගෙ දරුවන්ට පවා අපහාස කරන්නෙ කවුද? දීප්ති මෙතෙක් කල් පංති කරමින් උගන්වන සංඥාර්ථවේදයේ පාඩම මේකද?

දීප්ති සහ එක්ස් කණ්ඩායම විසින් ගෙනාපු අදහස් කතිකාවෙන් (කවදාවත් එක්ස් සමාජිකයෙක් වෙලා නොහිටියත්) මමත් ගොඩක් දේවල් හිතන්න ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම ඒ අදහස්වල තිබුණු නිර්මාණශීලී බව ගැන ගෞරවයෙන් සෑහෙන කොටසක් දීප්තිට හිමි වෙන්න  ඕන කියල මම අදටත් පිළිගන්නවා. ඒක ලංකාවෙ අනූව දශකෙ සිද්ද වුණු අදහස් විප්ලවයක්.

ඒත් මේ වෙද්දි දීප්ති යමින් ඉන්නෙ ඒකෙ අනෙක් අන්තය දිහාවට. මේ ප‍්‍රතිචාර දැක්වීම් වලින් අපිට නැත්තං පොදුවේ එලියට පේන පෙරටුගාමී පක්ෂය මොකක්ද? කංසා වලට මත්ද්‍රව්‍යවලට එරෙහි, වික්ටෝරියානු සදාචාරය වෙනුවෙන් පෙනී සිටින, අඩුම තරමේ සංවාදයකට හෝ අවශ්‍ය සංයමයෙන් තොර, අතිශය පටු මෙන්ම පැරණි අවකාශයක හිරවුණු, කොටින්ම මහින්දගේ පක්ෂයටත් වඩා ලෙන්වාසී පක්ෂයක් නෙමෙයිද?

”උඹ විපරීතයෙක් නිසා සංකේත නීතිය ඉල්ලන්නෙ පිටතින්. උඹ තක්කඩියා නිසා අපි මේ පාර පටන් ගන්නෙ බේට්ස් එකෙන්. අපි ළ`ගදිම ඒකට ඇවිත් උඹේ ආයතනයේ හිමිකරුවන්ගෙන් ප‍්‍රශ්න කරනව උඹ වගේ එකෙක්ව කොහොමද ඔතන තියාගන්නෙ කියල. ඒ වගේම උඹෙ ආයතනයට ඇඞ් දෙන මිනිස්සුන්ගෙන් සහ ආයතනවලට අපි ආපුවම උඹට වෙන දේ බලපන්”

”ඒත් හිරේ යන්න වුණත් අපි අනිවාර්යෙන්ම උඹට ගහනවා. ඒ වගේම උඹ වැඩ කරන ආයතනයටත් එනවා. පුළුවන් නම් ඒක වළක්වපන්. අපේ පක්ෂයේ නායකත්වයට සහ ඔහුගේ දියණියට අපහාස කිරීමට පෙර උඹගේ විපරීතකම ගැන උඹට සිතන්නට තිබුණි. සමාජ වැඩ කරන සංවිධාන සහ දේශපාලන පක්ෂවලට චන්ඩි පාට් දමන පිස්සන්ට අපි ප‍්‍රතිචාර දක්වන්නේ අනිත් උන්ටත් පාඩමක් ලබා ගත හැකි වන පරිදිය”

මේ ලියන්නේ දීප්තිගේ පක්ෂයේ නිල මාධ්‍ය ප‍්‍රකාශකයි. තනිකරම නොදියුණු දාමරිකකම නෙමෙයි නම් මෙතන තියෙන්නෙ වෙන මොකක්ද? අඩුම තරමේ සිංහලේ වැනි ජාතිවාදී ව්‍යාපාරයක පවා මීට වඩා දේශපාලනික බවක් තිබුණ. පෙරටුගාමී පක්ෂය කියන්නෙ නමට හෝ රටෙන් චන්දෙ ඉල්ලපු පක්ෂයක්. දීප්තිට දැන් පොලිටික්ස් කියන්නෙ ජෝක් එකක් වගේද? මොකද්ද මේ පක්ෂයට තියෙන සමාජ වගකීම? වාමාංශික දේශපාලනයටම නිග‍්‍රහයක් මේක.

දීප්තිගේ මේ ඇදවැටීමෙන් මට කොහෙත්ම කාලකණ්ණි සතුටක් ලබන්න උවමනා නෑ. ඒ වෙනුවට මට ඇතිවෙන්නෙ දුකක්. මේ දේශපාලනික සියදිවි නසා ගැනීමේ පංගුකාරීත්වයක් ලබන්න වෙන එක පාපයක්.
ජාතික පුවත්පතක ප‍්‍රධාන කතුවරයෙක් විදිහට සමාජයට දීප්ති ගැන හිතාගන්න පුළුවන් තත්වය මොකක්ද? දීප්තිගෙම දුව වුණත් තමන්ගෙ තාත්තාගේ දේශපාලනය ගැන ආඩම්බර වෙයිද?

මීට වඩා සවිඥාණකත්වයක් පරිණතබවක් සමාජ කතිකාවකට හෝ දේශපාලනයකට  ඕන කරනවා. අපේ පුද්ගලික එදිරිවාදීකම් වෙනුවෙන් අදහස් පාවා දෙන්න පුළුවන් නම් එතන දේශපාලනයක් නෑ. ඒ වෙනුවට අපිට පුළුවන් වෙන්න  ඕන වෙනස්කම් ඇතුලෙ වුනත් එක`ග අදහස් වෙනුවෙන් පෙනී ඉන්න. ප‍්‍රගතිශීලී අදහස් වෙනුවෙන් හිටගන්න. අඩු ගානෙ කතාබහ කරන්න.

සමහර විට මම මෙහෙම හිතන්නෙ ඇඞ්වර්ටයිසින්කාරයෙක් හින්ද වෙන්න ඇති. දේශපාලනය ඊට වඩා වෙනස් ඇති.

Comments

10 responses to “වීරයන් පිස්සු වැටීම….”

  1. Anonymous Avatar
    Anonymous

    දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි.උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත​. ඔහුගේ භාශා දැනුමද දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය​. මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිරදය ලෙස පුද්ගලික පහර්දීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි

  2. Unknown Avatar
    Unknown

    meka liyala thiyenne Vangeesaya

  3. Unknown Avatar
    Unknown

    mama kivve comment eka

  4. POINTOF.ORG Avatar
    POINTOF.ORG

    POINTOF.ORG – Sri Lanka’s best feed aggregator brings you fully customizable experience to read and update your English, Sinhala or Tamil blog posts. Create your account or use it… We hope you enjoyed it. #GO NOW … DESKTOP #MOBILE VERSION Go now and see whether your blog post listed on @TODAY'S POPULAR

  5. Muvindu Binoy Avatar
    Muvindu Binoy

    This comment has been removed by the author.

  6. Anonymous Avatar
    Anonymous

    එලියෙන් බලනකොට මේක හෙන-නාකි ගොඩේ සීන් එකක්.

  7. Anonymous Avatar
    Anonymous

    පිස්සන්ට වීරයන් පෙනෙන විදිහ කියලා මාතෘකාව වෙනස් කරන්න.

  8. Anonymous Avatar
    Anonymous

    පුද්ගල එදිරිවාදිකම් වෙනුවෙන් අදහස් නෙවෙයි මුලු ආත්මයම පාවාදෙන තක්කඩියෙක්නේ උබ එකට උදාහරණ ඕනේ තරම් උබේ facebook පොස්ට් වලම තියනවා

  9. Anonymous Avatar
    Anonymous

    උබ වචන කනපිට හරවන්න රුසියා, උබ පාට මාරුකරන කටුස්සෙක්, එක උබ හොදටම දන්නවා ලැජ්ජ වෙයන් එගැන.

  10. POINTOF.ORG Avatar
    POINTOF.ORG

    POINTOF.ORG – අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.

    @register – මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login – දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.

    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR

    සැමට ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *