මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක්ද?

හෙඩිම මෙහෙම ලිව්වෙ ළාබාල උන්ව අවුස්සන්න හිතාගෙනමයි. ඇත්තටම මම ජාති ද්‍රෝහියෙක් වීමෙන් කොයිතරම් නම් ජාතික ප‍්‍රබෝධයක් දල්වන්න උදව් වෙලා තියෙනවද? පිංපොං වගේ ජාතික වීරයන් පහළ වුනේ මම දුෂ්ටයෙක් වීම නිසා නෙමෙයිද? කොයි වෙලාවකවත් වීරයා නිර්මාණය කරන්න දුෂ්ටයා විසින් කරපු මැදිහත්වීම අමතක කරන්න නරකයි. බුදුන් නිර්මාණය කරන්න දේවදත්ත ඉටු කරන කොටස, ජේසුන් නිර්මාණය කරන්න ජුදාස් කළ කොටස වගේම දුටුගැමුණු නිර්මාණය කරන්න එළාර විසින් කළ කොටසත් සුළුපටු නෙමෙයි. මෑතකම නම් මහින්ද නිර්මාණය කරන්න ප‍්‍රභාකරන් ඉටු කළ කොටසත්.

ලංකාවෙ ජාතික කැක්කුමේ හරි පුදුම හිතෙන තැන් තියෙනවා. උදා විදිහට මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් වෙන්නෙ කොහොමද කියල මට තාම තේරුම් ගන්න බෑ. මද්දුම බණ්ඩාර කියන්නෙ මේ රටේ අවසාන රජු වෙන ශ‍්‍රී වික‍්‍රම රාජසිංහව ඉංග‍්‍රීසීන්ට පාවා දෙන ඇහැලේපොල නිලමෙගෙ පුතා. ඒ කියන්නෙ කන්ද උඩරට මහා පාවා දීම සිද්ද වෙන්නෙ මද්දුම බණ්ඩාරගෙ තාත්තා අතින්.  ඕනම නං ජාතියේ වීරවංසය ලියන විමල් වීරවංසගෙන් වුණත් අහලා බලන්න පුළුවන්. ඇහැලෙපොල පවුල මේ ද`ඩුවමට ලක් වෙන්නෙ නිලමෙව අල්ලගන්න බැරි වෙන හින්ද. ඒත් මද්දුම බණ්ඩාර ‘මැරෙන හැටි මං පෙන්නන්නං’ කියපු හින්ද ජාතියේ වීරත්වයට පත්වෙනවා. වෙන කිසි හේතුවක් නැතුව.

මේ පාවා දීම් සහ කුමන්ත‍්‍රණ පිටිපස්සෙ මීට වඩා සංකීර්ණ කතාවක් තියෙන බව මම බැහැර කරනවා නෙමෙයි. ඒත් මේක තමයි ව්‍යවහාරික ජනප‍්‍රිය ඉතිහාසයේ කතාව. මට පුද්ගලිකව ඇහැලේපොල දුෂ්ටයෙක්වත් මද්දුම බණ්ඩාර වීරයෙක්වත් නෙමෙයි. ඒත් මේ ප‍්‍රචලිත ඉතිහාසය ඇතුලෙම ජීවත්වෙන සිංහල බෞද්දයාට මේ විදිහෙ පරස්පරයන් එකට පවත්වාගන්න පුළුවන් වීම විශේෂයක්.

තවත් උදා විදිහට මේ වෙද්දි පට්ට ගහපු දුටු ගැමුණු චරිතය ගන්න පුළුවන්. ඉතිහාස කාරණා ගැන සංවාද විවාද ඔක්කොම පැත්තකින් තිබ්බත් ‘දුටු’ ගැමුණු කියන නමෙන් සංකේතවත් කරන්නෙ මොකක්ද? ඒක ‘දෙටු’ හෙවත් ජ්‍යෙෂ්ට යන්නෙන් බිඳී ආවා වගේ බොළඳ කතා නොකියා බැලූවොත් අපි නිතරම ‘ගැමුණු’ව හඳුන්වන්නෙ දුෂ්ට කියන විශේෂණයත් එක්ක. ඒත් එයා දුෂ්ටයි කියල පිළිගන්න අපිට බෑ. කාටවත්  ඕන වෙන්නෙත් නෑ ‘දුටු’ ගැමුණුගෙ නම ‘සුදු’ ගැමුණු වගේ වෙනස් කරන්නත්.

දුටු ගැමුණුගෙ සහෝදරයා සද්ධාතිස්ස. නමෙන්ම කියවෙන විදිහට බොහොම බුදු දහමට ළැදි ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරපු රජෙක්. ඒත් කාටවත් සද්ධාතිස්ස ජාතික වීරයෙක් නෙමෙයි. කාටවත් තිස්ස මහා රාමයෙන් රැස් විහිදෙන්නෙවත්, බුදු රැුස් පේන්නෙවත් නෑ. නම ‘සද්ධාතිස්ස’ වුණත් ජනතාව කැමති දුෂ්ට ගාමිනීට.

අපේ දෙවිවරු වුනත් අරං බලන්න. බාගෙට බාගයක් හරක් හොරු. මැරුනට පස්සෙ යකා සහ දෙවියා හැටියට පෙනී ඉන්නවා. මේ මිත්‍යාවෙ තියෙනවා අතාර්කික ගැඹුරක්.

මගේ අදහස මේ නොගැලපීම වෙනස් කරගත යුතු දෙයක් නෙමෙයි කියලයි. මේක අපේ ජාතික සංස්කෘතික ලකුණක්. මම සිංහල කියන ජනවර්ගයෙ ගොඩක් කැමති ගතියක් මේක. පරස්පරයන් එක්ක ජීවත් වෙන්න පුළුවන් වීම. තාර්කික නිවැරදිවීම් වලට මැළි වීම. ඒකෙ පොඩි පොයෙටික් ගතියක් විඳිනවා මම.
මේ ගතිය අපේ ඉතිහාසය පිළිබඳ විශ්වාසවල ඉඳන් එදිනෙදා ජීවිතයේ පැවතුම් දක්වාම සම්බන්ද වෙනවා.

ඒකයි මේක ජාතික සංස්කෘතික ලකුණක් වෙන්නෙ. සංස්කෘතියක් කියන්නෙ පොතක ලියපු හෝ ගලක කොටපු දෙයක් නෙමෙයි, ඒක ජීවන ක‍්‍රමය ඇසුරෙන් යළි යළිත් නිර්මාණය වෙන දෙයක් කියල තේරුම් ගන්න පුළුවන් අයට මේ කාරණය පැහැදිලි වෙයි.

ජාතික හැ`ගීම් වලට පොඞ්ඩක් හරි රිද්දන සුළු පෝස්ට් එකක් දාපු ගමන් වැටෙන කමෙන්ට්ස් වලින් අපේ සංස්කෘතිය ගැන ගොඩක් සියුම් ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්. උදා විදිහට බුද්ධ ශාසනය බේරා ගැනීමේ උදාර අරමුණෙන් කමෙන්ට් කරන ගොඩක් අය කතා කරන්නෙ ‘ජාතකේ’ ගැන. ඒත් බුදුන් වදාරන්නෙ යමෙක් ජාතියෙන් බමුණෙක් හෝ වසලයෙක් නොවේ කියල. ඒක වෙසක් වලට ලොකුවට තොරන්වලත් ගහනවා. ඒත් බුදුන්ගෙ ධර්මය බේරගන්න නම් සිංහල බෞද්දයාට ජාතකේ නැතුව බෑ. ඒක බුදුන්ට තේරෙන සත්‍යයක් නෙමෙයි.

මගේ අදහස මේ දේවල් නිවැරදි විය යුතුයි කියන එක නෙමෙයි. මේ තමයි අපි. ඒකෙ ලස්සනක් තියෙනවා. තාර්කික විධිමත් සිතීමක් නැති වුණත් උණුසුම් හැ`ගුම්බර ජාතියක් අපි. නලින්ද සිල්වා නම් මේක යුරෝ-ඇමෙරිකානු චින්තනයට නතු නොවුණු ස්වදේශීය මොකක් හරි කියල ගන්න ඉඩ තියෙනවා. ඒත් මං හිතන්නෙ දැනුමත් එක්ක සංවිධානය වෙන්න අපිට ඔරිජිනල් අත්දැකීම් තිබුනෙ නෑ. ඒක නිසා දැනුමත් නොදැනුමත් දෙකම තිබුනෙ එක වගේ මිත්‍යාවක. දැන් අපි උත්සාහ ගන්න  ඕන ඒක ආර්ට් එකක් කරගන්න.
හොඳට හිතලා බැලූවොත් අපි ආඩම්බර වෙන දේවල් ගැන මේ කතාවෙ තවත් පැත්තක් පේන්න ගන්නවා.

ඇත්තටම වර්තමානයේ භෞතිකව අපිට ආඩම්බර විය හැකි කිසිම දෙයක් නිෂ්පාදනය කරන්න රටක් විදිහට බැරි වෙලා තියෙනවා. තාක්‍ෂණික විද්‍යාත්මක දේවල් නෙමෙයි අඩුම තරමෙ සිංදුවක් වත් අපිට අපේම කියල හදාගන්න අමාරුයි. විදග්ධ මහා නිර්මාණකරුවො පවා නිර්මාණාත්මකයි කියල කියන්නෙ අමු අමුවෙ කොපි කරලා හොයා ගන්න බැරි වෙන එකට. කොපි කිරීමකින් සාර්තක ප‍්රතිඵල ලැබෙන්න නම් ඒක කොපියක් කියල පිළිගැනීම අවශ්‍යමයි. එහෙම නැත්තං ඒක හොරකමක්.

ජාතික ගීය දෙමළෙන් කිව්වා කියල පුදුමාකාර සෝකෙකින් ජනතාව පෙළෙන්න ගත්තා. ඒත් මේ ජාතික ගීය ලියවෙන්නෙ බෙංගාලි භාෂාවෙන්. ඒක ලියන්නෙ රවින්ද්‍රනාත් තාගෝර්. ඒකට තනුව දාන්නෙත් තාගෝර්. ආනන්ද සමරකෝන් කරන්නෙ ඒක සිංහලට පරිවර්තනය කරන එකයි. ඒත් ඒක දෙමළෙන් කියන එක අපිට වාවන්න අමාරු කාරණයක් වෙනවා.

අපි ඇත්තටම ආඩම්බර වෙමින් ඉන්නෙ මොනවා ගැනද? අපේ අතීතය ගැන. අපි නොදන්නා කාලෙක, නොදන්නා ඉතිහාසයක් ගැන. සාමාන්‍ය එදිනෙදා ජීවිතේදි තමන්ගෙ අතීතය ගැන පාරම්බාන මෙලෝ වැදගැම්මකට නැති මිනිහෙක් මුණගැහුනොත් අපිට දැනෙන්නෙ කොහොමද? ඒත් අපි ජාතියක් විදිහට ඒ දේම කරමින් ඉන්න එක ගැන අපිට කිසි අවුලක් නෑ.

මේ අතාර්කික හැ`ගුම්මය අතීතයක ජීවත්වෙන ජාතියක් විදිහට අපිට නිර්මාණශීලී දේවල් තියෙනවා. ඒත් ඒ දේවල් නිර්මාණ විදිහට පිළිගන්නත් අපිට අමාරුයි. හරියට දැනුමෙන් ඛණ්ඩනය වෙලා නැති හින්ද යුග ගානක දේවල් එකට පැටලිලා තියෙන්නෙ.

ගොඩක් අය නොපිලිගත්තා වුණත් ලංකාවෙ අයට ක‍්‍රියේටිව් විදිහට කුණුහරුප කියන්න තියෙන හැකියාව ඇත්තටම අගය කළ යුත්තක්. භාෂාවෙ හැමෝම දන්න හත අටක් කුණුහරුප කියන වචන වලින් ගොඩක් කතන්දර ගලපලා කියන හැටි රසවිඳින්න පුළුවන් ආර්ට් එකක්. මට දැනට හම්බුවෙලා තියෙන අය අතරින් මේ ටැලන්ට් එක හොඳටම තිබුනෙ අම්පිටියෙ සුමනට.

‘‘හාල් එක ලිපේ.. දන් හැන්දක් දෙන්න එක හු……ගෙ පුතෙක් නෑ වටේ..’’

මේ අතාර්කිකත්වය සහ ඉමෝෂනල් වීම නොදියුණු හෝ වෙනස් කළ යුතු තත්වයක් හැටියට දකිනවට වඩා ශක්‍යතාවයක් විදිහට පාවිච්චි කරන එකයි ට‍්‍රයි කරන්න  ඕන. නරක පැත්තට වුණත් මහින්ද මේක සාර්ථකව කරලා පෙන්නුවා. උදා විදිහට මහින්දට  ඕන නම් පුළුවන් දුටු ගැමුණුව ජාතිද්‍රෝහියෙක් කරන්න වුණත්. මහින්ද විසින් ලංකාවෙ ඉතිහාසය යළි නිර්මාණය කළා. අනුරාධපුර යුගයෙ දුටුගැමුණුට පස්සෙ කෙලින්ම රාජාවලියෙ ඉන්නෙ මහින්ද. ඒ අතරෙ මැද්දක් නෑ.

හොඳට බැලවොත් පේනවා අපේ රට ගැන ජාතිකත්වය ගොඩක් තියෙන්නෙ රටෙන් පිට. කොහොම හරි වෙන රටක පදිංචියට යන හීනෙ ඇතුලෙ හෙම්බත් වෙලා වෙන රටකට රිංග ගන්න ගොඩක් අය ටික කාලෙකින් ජාතික හැ`ගීම්වලින් ඔද්දල් වෙනවා. පරණ නන්දා මාලනී අහන්න ගන්නවා. මේක ජාතිවාදයක් නෙමෙයි. පුංචි වෙමින් යන තමන්ගෙ ජීවිතය ලොකු විශාල යමකට ගැටගහලා තියන්න දැනෙන උවමනාව. ආඩම්බර වෙන්න තමන්ගෙන් පිට යමක්  ඕන. ජීවිතේ ඇකිලෙන්න ඇකිලෙන්න ආඩම්බරේ ලොකු වෙනවා.  බන්දු සමරසිංහ කියපු ‘ආඩම්බරයි තේරුමක් නැතුව’ කියන ලයින් එක ලංකාව ගැන මාර තේරුම් ගැනීමක් වෙන්නෙ ඒ හින්ද. මේ ලිපියෙ ඇත්ත හෙඩිම වෙන්න තිබුනෙ ඒක.

ජාතිවාදය කියන්නෙ දේශපාලනිකව කෘතිමව නිර්මාණය කරන තත්වයක් මිස ඇත්තක් නෙමෙයි. තියෙන්නෙ යම් කිසි සමාජ මානසික උවමනාවක ප‍්‍රකාශනයක් විතරයි. පැහැදිලිවම ඒකෙ ලොකු කොටසක් තියෙනවා සෙක්ස්වලට අදාලව. අවුරුදු දහයක් පුරා මහින්ද ලංකාවෙ ජනතාව නෂ්ටකාමී කළා.

ලෞකික සැප විඳින කාමී පිරිස වුනේ රාජපක්ෂවරුන් සහ ඒ ආශ‍්‍රිත නිළමෙවරුන් විතරයි. ජනතාව සිය කැමැත්තෙන්ම දුක්ගන්නා රාළලා වුණා. ලිංගිකත්වය ඇහිරෙන්න ඇහිරෙන්න ජාතිවාදය ලොකු වෙනවා. ඒකයි ගොඩක්ම ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය පැතිරෙන්නෙත්. මෙතනදි ලිංගිකත්වය කියන්නෙ සංසර්ගය විතරක්ම නෙමෙයි. අපි ලෞකික ජීවිතේ අත්විඳින සුඛයන්. බ‍්‍රා එකට කුපිත වීමේ ඉඳන් සිංහලේ දක්වා දුවන්නෙ ආශාව ඇහිරීමේ එකම ව්‍යාධියක්. මේක සදාචාරය නෙමෙයි. මේක ලෙඩක්.

නදීෂා හේමමාලි මේ දවස්වල ඒ ඇත්ත එක්ක කෙලින් ගනුදෙනු කරනවා. තොල් සිපගැනීමෙන් රටේම සිල් බිඳිලා ඉන්න අතරෙ එයා (අඩ) නිරුවත් ඡුායාරූප පෙළකුත් කිසි පැකිලීමක් නැතුව මුදාහැරියා. තවදුරටත් ලංකාවෙ නිළියකගෙ පරාසය පරණ සංස්කෘතික සීමාවෙ රැුඳෙන්නෙ නෑ. නදීෂා ඒ කල්චරල් බෝඩර් එක වෙනස් කරනවා. ‘අනේ ඒක කළේ මං දන්නෙ නැතුව’ කිය කිය බබා වෙන්න හදන බොළඳ නිළි පෙලක් මැද්දෙ එයා තනියම හිටගෙන සිංහල බෞද්දයා අන්දමන්ද කරනවා.

මේ ෆේස්බුක් වල ඇවිලෙන කාරණා සංස්කෘතියෙ සංවේදී තැන් විදිහට තේරුම් ගැනීමම නොමග යාමක්. අපි මේ අත්දකිමින් ඉන්නෙ අවුරුදු දහයක් තිස්සෙ වපුරපු සාර්තක කැම්පේන් එකක විත්ඞ්රෝවල් සිම්ප්ටම්ස්. අධිපති සංස්කෘතික කතිකාවක් වෙනත් අදහස් ධාරාවක් විසින් විස්තාපනය කරමින් තියෙනවා.  ඒක සුහද මාරුවක් නෙමෙයි. ලොකු ගෝෂාවක්, ලොකු ප‍්‍රතික්‍ෂේප කිරීමක්, ලොකු පහරදීමක් මැද්දෙයි ඒක සිද්ද වෙන්නෙ. ඒත් අනිවාර්යෙන්ම ඒ වෙනස සිද්ද වෙන්න නියමිතයි.

අනෙක් අතට මේ ප‍්‍රහාරාත්මක ප‍්‍රවේශය ගොඩක් හොඳ දේවල් කරනවා. උදා විදිහට ඉතිහාසය සම්බන්ධ ලොකු කතිකාවන් ඇරඹෙනවා. ජාතිවාදී පාර්ශ්වයෙන් න්‍යායාත්මක ගොඩනැංවීම් කිසිවක් සිද්ද වෙන්නෙ නෑ. ඒ නිසා තේරුමක් නැති කුණුහරුප ගොඩක් මැද්දෙ සාර්ථක ඉතිහාස සංවාදයක් සිද්ද වෙනවා. දේවල් වඩා ශක්තිමත් විදිහට සමාජගත වෙනවා.

මං පුද්ගලිකව කවර හෝ ජාතිකවාදයකට අකමැතියි. ඒත් ජාතිකවාදී අදහස් වල පැවැත්මට මම ගරු කරනවා වගේම ඒකෙ අවශ්‍යතාවයකුත් දකිනවා. ඒත් දැන් ජාතික කියල තියෙන්නෙ අමු විහිළුවක් විතරයි.

එල්ලෙන්න ප‍්‍රධාන ධාරාවෙ ඉතිහාසය අවශ්‍යම නං  මං යෝජනා කරන්නෙ රුවන්වැලි සෑය වෙනුවට සීගිරිය තෝර ගන්න කියල. ලෞකික රාජ්‍යයක් වෙනුවෙන් වැඩකරපු ඉතිහාසයක්. ලෝකෙ  ඕනම රටක මිනිහෙකුට ගරු කරන්න පුළුවන් ඉතිහාසයක්. අනෙකාව මැඞීම වගේ පටු තැනක නැතුව වඩා යහපත් මනුස්ස සමාජයක් වෙනුවෙන්, ලෞකික ජීවිතයක් වෙනුවෙන් අපේ ඉතිහාසයෙන් කළ එකතු කිරීම් වලට යන්න. ඇත්තටම සීගිරිය අපේ ඉතිහාසයේ කේන්ද්‍රයක් වෙන එක ගොඩක් වටිනවා. ජාතියක් විදිහට අපි කරපු ගොංකං වල එල්ලිලා ඉඳලා තේරුමක් නෑ.

ඊටත් වඩා සාර්ථක වෙන්නෙ අපේ චූල ඉතිහාසයෙන් සංකල්ප ගොඩනගන එකයි. ඒ කියන්නෙ ‘හිස්- ස්ටෝරි’ (ඔහුගේ කතාව) වෙනුවට ‘හර්- ස්ටෝරි’ (ඇගේ කතාව)ට යන්න. අපේ සාමාන්‍ය ගැමි ජන ජීවිතයේ චර්යාවන් සහ සංකල්ප ගැන කරන නැවත කියවීමක් ඇසුරෙන් වෙනස් ඉතිහාසයක් ගොඩනගන්න පුළුවන්. නිදහස් ලිංගික ජීවිතයක්, නිදහස් සරල සාමකාමී පැවතුම්, ගොඩක් දේවල් එකවර කියන විවෘත සිනහව වගේ දේවල් එක්ක නව සංකල්ප නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක වඩා අර්ථවත් නූතන හිපි එළඹුමක් වෙන්න පවා පුළුවන්.

ජාතිකත්වය කියන්නෙ ඉස්සර තිබුණ දෙයක් නෙමෙයි. ඒක අපි විසින් මේ මොහොතේත් නිර්මාණය කරමින් පවතින දෙයක්. ඒ වෙනුවෙන් අපි කරමින් ඉන්න වැඩකොටස මොකක්ද කියල අපි අපෙන් අහන්න  ඕන.
අවුරුදු දහයක (හරියටම නම් සෝම හාමුදුරුවන්ගෙ කාලෙන් පටන් ගත්තෙ) මහරජ කැම්පේන් එකේ අවතාර තව ටික දවසක් ප‍්‍රතිවාදීව නැගී සිටිමින් අපිට උදව් කරයි. කුණුහරුප රැප් කරන්න. පුළුවන් තරම් බොරු කියන්න. ෆේස් බුක් එක කුඹුරක් කරන්න. හොඳ ඵලදායී සංවාදයක් බුද්ධිමය බිත්ති ඇතුලෙ විතරක් සිද්ද වෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ හින්ද දේශපාලන කුලී හේවායන් නොවූ අවංක ප‍්‍රකෝප වුණු සිංහල බෞද්දයන් අපිට අවශ්‍යයි.

මේ ඔක්කොම මැද්දෙන් වසන්තය එනවා සත්තයි.

Comments

10 responses to “මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක්ද?”

  1. chaminda jayasena Avatar
    chaminda jayasena

    හෙන්රි පේද්‍රිස් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සැකයට ලක්වී මරා දැමීමෙන් පසු ඔහුත් ජාතික වීරයෙක් බවට පත් වෙනවා.ඔහුට ජාතික වීරයෙක් වන්නට කිසිදු සුදුසුකමක් නැහැ, ඔහු හුදෙක් පවුලේ පුරාජේරුව පිණිස බ්‍රිතාන්‍ය හමුදාවට එක්වී සිටි ධනවත් තරුණයක් පමණයි.

  2. Unknown Avatar
    Unknown

    "අපි මේ අත්දකිමින් ඉන්නෙ අවුරුදු දහයක් තිස්සෙ වපුරපු සාර්තක කැම්පේන් එකක විත්ඞ්රෝවල් සිම්ප්ටම්ස්."

    ++++++++++++++

  3. CINESUBZ Avatar
    CINESUBZ

    sampurnayenma ekengai.

  4. Travel Bug Avatar
    Travel Bug

    Beautiful analysis of present sociopolitical scenario . So true

  5. malinda chamikara Avatar
    malinda chamikara

    ela katawa saho api issarahata yamu matah hena megollanwa aussana

  6. Anonymous Avatar
    Anonymous

    Ado pakaya tho gihin demalungei thambingei puka lewkapiya.thoge amma ganikawak hutto.tho marenne mage athin.thoge ganiwa ganika madamakata vikunanawa.hukanna.

  7. Sachin Avatar
    Sachin

    පොඩිකාලේ අපි හරි ආසයි වීරයින් වෙන්න. වීරයෙක් වෙන්න නම් හතුරෙකුත් ඉන්න වෙනවා. ඒ නිසා හතුරෙක් හදා ගන්නවා. දැන් වීරයා අතේ ලී කඩුව. අත දිග හැරලා හතුරෝ කැති ගානවා. කවුද මේ හතුරෝ? අපට කවදාක වත් කිසිම ලෙසකින් හතුරු කමක් නොකළ හබරල ගාල්, තව තවත් නොයෙකුත් අහිංසක ගස්-වැල්.
    ඒත් වැඩිහිටියන් වෙනකොට වීරයෙක් වෙන එක මොන තරම් ගොන් වැඩක්ද කියන එක තේරුම් යන්ඩ පටන් ගන්නවා. වීරයෙක් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ හතුරන් ඉන්න කොට. හතුරන් වෙනුවට මිතුරන් ඉන්න එකේ වැදගත් කම තේරුම් යන්නේ කාරණා කාරණ ගැන දැනුම් තේරුම් යන කොට.
    ඒත් හැමෝටම එහෙම වැඩිහිටියන් වෙන්න බැහැ. සමහරු ඉන්නවා වයසින් මෝරපු ඒත් ලමයින් වෙන්න කැමති. ඒ අය බලන්නේ හැමදාම වීරයාට අඳින්න. ඒ නිසා කොහොම හරි හතුරෙක් හදා ගන්නවා බැට දෙන්න. නැති නම් කොහොමද වීරයෙක් වෙන්නේ.
    හැබැයි තව වැඩිහිටි කොට්ඨාසයක් ඉන්නවා, වීරයෙක් වෙන්න කැමති නැහැ. ඒත් පොඩි කාලේ කළ වීරකම් ගැන පුරසාරම් කියවන්න කැමති. මේ අය බොහෝ වෙලාවට තමන්ගේ කුඩා හෝ තරුණ කාලේ මොකක් හරි වැදගත් දෙයක් කරපු ඒත් දැන් කිසිම වැදගැම්මකට නැති ජීවිතයකට උරුම කම් ලද මේ මං වගේ උදවිය. ඉතින් වෙන උන්ට අහගෙන ඉන්න කම්මැලි වුනත් දන්න ආලවට්ටම් දාලා ඒ කාලේ පුරසාරම් කියනවා. මම හිතන්නේ මේ මං වගේ නොස්ටැල්ජික මිනිස්සු අහිංසකයි, වීරයෙක් වෙන්න හතුරෙක් නැත්නම් උවමනාවෙන් හතුරන් හදා ගනිමින් හැමදාම වලියට එමින් අනුන්ට කරදර කරන උන්ට වඩා, අර අහන් ඉන්න බැරි අතීත පුරසාරම් දෙඩෙව්වත්.
    චින්තන ධර්මදාස කරන්නේ මේ වීරයින් වෙන්ඩ ආස උන් කිචි කවා අවුස්සලා සතුටු වෙන එක. ඒ අතින් බලන කොට නොස්ටැල්ජික අපි චින්තනලාටත් වඩා හරි අහිංසක මිනිස්සු.

  8. seewali Avatar
    seewali

    ඔහොම ගිහිල්ලා දිනෙක කියයිද දන්නෑ අපි දැන් මෙී කොහෙද ඉන්නෙ කියලා. සංස්කෘතික හුවමාරුව හරහා මික්ස් කල්චරල් සොසයිටිය ඇතුලෙ කොහොමත් සිංහල ජාතියත් බෞද්ධ දර්ශනයත් පුරන්වීම වලක්වන්නත් බෑ.. මැදපෙරදිග වගේ අපේ රට තුලත් මුස්ලිම් අන්තවාදය සහජීවනය හරහා හිස ඔසවනවා. මම කියන්නෙ මරා ගන්න කියලා නෙමෙයි. අපි සිංහල. ජාතියක් විදිහට දීන නෑ. පුලස්ති සෘෂි වරයාගෙනුත් එහාට පැවතෙන පෞඩ ඉතිහාසයක් අපට තියෙන්නෙ. එහෙත් වර්තමානයේ ලොව පුරා දැඩි මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා. මුස්ලිම් කරනයට ලෝකෙම යට කරනවා. අපෙ රටෙත් මුස්ලිම් බහුතරය උන දවසට බලාගත්තැහැකි සිංහලයාගේ සංහිදියාව. එදාට අද ජාතියේ ආගමික හා සංස්කෘතික මර්මස්ථානවලට වචන හරඹයන්ගෙන් පහර ගහන මෛත්‍රීගේ අළුත් පරපුරට ශාප කරාවි මුලු අනාගත පරපුරම. එක්කො නෑ. දැනටමත් මෙීක බහු වාර්ගික බහු ආගමික රටක් වෙලා තියෙන එකේ අනාගතයට එක සිංහලයෙක්වත් බෞද්ධයෙක් වත් ඉතිරිවෙන එකක් නෑ. මුස්ලිම් බහුතරය වෙච්ච කලවම් ජාතියක් වෙච්ච රටක් වෙීවි. අළුත් පරපුර ජාතක කල දෙමව්පියන්ගේ ලිංගෙන්ද්‍ර සහ ගර්භාෂ සංසාරය පුරාවටම දියවෙීවා. කිසිම දරුවෙක් කිසිඳු ජාතියකට දිය නොහැකි වෙීවා. හෙලරට මෙපණ කලක් දිවිහිමියෙන් රැකගත්වුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

  9. Anonymous Avatar
    Anonymous

    චින්තන "සින්ඩරැල්ලා" ගැන ලියනකම් ඉන්නෙ ඒ ගැන බුර බුරා නැගෙන අදහස් කොමෙන්ට් එකක් දාන්න. 😉

    – Dimithri

  10. POINTOF.ORG Avatar
    POINTOF.ORG

    POINTOF.ORG – Sri Lanka’s best feed aggregator brings you fully customizable experience to read and update your English, Sinhala or Tamil blog posts. Create your account or use it… We hope you enjoyed it. #GO NOW … DESKTOP #MOBILE VERSION Go now and see whether your blog post listed on @TODAY'S POPULAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *