‘කේ-සෙරා’ ගැන කිසිම දෙයක් නොලියාම ඉන්න මං තීරණය කළේ රූපවාහිනී නාළිකාවක් විසින් පවත්වන ලද සම්මාන උළෙලක තීන්දු තීරණ ඒ තරම් සීරියස් ගන්න ඕනද කියල හිතුන හින්ද. අනිත් පැත්තට ජූරිය සහ සම්මාන නොලැබුණු පාර්ශ්ව කියන දෙපාර්ශ්වයෙන්ම මේ තීරණයට බලපාපු සිනමා කෘතියට බාහිර දේශපාලනයක් ඉ`ගි කෙරුණු හින්ද. ඒත් සමන් වික‍්‍රමාරච්චි විසින් නැවත රාවයට මේ සම්මාන දීම ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කිරීම නිසා මේ ගැන මගේ අදහස ලියන්න නැවත තීරණය කළා. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි, සිනමාව ගැන ඉතා පහළ මට්ටමේ කියවීමක් සහ විනිශ්චයක් මේ හරහා සමාජගත විය හැකි නිසා.
‘එය වනාහි කෘතහස්ත ජූරියක විචක්ෂණශීලී ගැඹුරු සිනමා කියවීමක් විසින් කරන ලද අලූත් සොයා ගැනීමක්’
කේ-සෙරා ට දීපු සම්මානය ගැන වික‍්‍රමාරච්චි කියන්නෙ එහෙමයි.
පුද්ගලික පහර ගැසීමක් නොවුණත් මට හිතෙන්නෙ සාහිත්‍යකරුවන් විසින් සිනමා කෘති ගැන විචාරය කරන්න ගියාම කෘතියට විතරක් නෙමෙයි සිනමාවටම හානි වෙන්න ඉඩ තියෙනවා කියල. වික‍්‍රමාරච්චි තමන්ගෙ විචාරයට පාදක කරගන්නෙ පත්තරේ වෙන පිටුවක ගිය රේමන්ඞ්ගෙ ඉන්ටවිව් එකක්. රේමන්ඞ් කියන කාරණා සහ පරාක‍්‍රමගෙ මේ සිනමා කෘතිය අතර සම්බන්ධය හොයන්න තරම්වත් එයා ඉස්පාසුවක් ගන්නෙ නෑ. මේ විචාරය රේමන්ඞ්ගෙ ඉන්ටවිව් එක ගැන විචාරයක් මිස පරාක‍්‍රමගේ කේ-සෙරා ගැන විචාරයක් නොවෙන්නෙ ඒ හින්ද.
‘ලිබරල් ධනවාදය තුල මරණය පවා සෞන්දර්ය වස්තුවක් ලෙස අළෙවි කළ හැකි බව මින් විදාරණය කරන අධ්‍යාපනික එළඹුමයි’ – සමන් වික‍්‍රමාරච්චි
මා විසින් නරඹන ලද කේ-සෙරා චිත‍්‍රපටියෙ මේ විදිහෙ එළඹුමක් අහල ගම් හතක වත් තිබුණෙ නෑ. මේක සමන් වික‍්‍රමරාච්චි විසින් දකින සම්පූර්ණයෙන්ම කෘතියට බාහිර මනඃකල්පිතයක්. කේ-සෙරා චිත‍්‍රපටියෙ අධ්‍යක්‍ෂ ලිබරල් ධනවාදය තබා එදිනෙදා මිනිස් ගණුදෙනුවල සාමාන්‍ය ස්වරූපය පවා අඳුරන්නෙ නැති වගක් තමයි මේ කෘතිය නරඹන කෙනෙකුට දැනෙන පොදු හැ`ගීම වෙන්නෙ.
නැවත සඳහන් කරන වග නම් මේ ලිවීම විසින් පුද්ගලිකව කිසිවෙකුව තල්ලූ කිරීම කිසිසේත්ම අරමුණු නොකරන බවයි. ඒ වෙනුවට අදාල නොවෙන කතිකාවන් සහ න්‍යායන් ඊට කොහෙත්ම සම්බන්ධයක් නැති කෘතියක් සමග ගැටගැසීමෙන් වෙන්න පුළුවන් අවුල විතරයි මෙතනදි අදාල කරගන්නෙ.
පරාක‍්‍රමගෙ ‘එකදා වැහි’ චිත‍්‍රපටය මං කලින් බලලා තියෙනවා. ඒකෙ කමල් අද්දරආරච්චි විසින් වතුර උණු කරන සාස්පානට තමන්ගෙ ලන්කට් එකද දමා උණු කරන දර්ශනය ආදී කොටස් තාමත් නැවත නැවත මතක් වෙන සුලූයි. කොයිතරම් දුර්වලතා සහිත වුණත් එකදා වැහි යම් විශිෂ්ටතා සහිත චිත‍්‍රපටියක් විදිහට ගොඩනැගෙනවා.
ඒත් මේ පරාක‍්‍රම ජයසිංහම ඊට පස්සෙ චෙරියෝ හොල්මන් කියලා එකක් කරනවා. ඊළ`ගට එයාගෙන් එලියට එන නිර්මාණය වෙන්නෙ කේ-සෙරා.
අධ්‍යක්‍ෂණයකදි චිත‍්‍රපටකරුවාගේ පරිණතබව දකින්න පුළුවන් වැදගත්ම තැනක් වෙන්නෙ රූප රාමුවෙන් රාමුවට අදාල චරිත ගොඩනැගෙන රිද්මයයි. ඒ වගේම ඒවා එකිනෙක ෙඡ්දනය වෙමින් අර්ථ (භාව) ගොඩනැංවෙන රිද්මයයි. මේක රිදම් කියන එකට වඩා බී‍්‍රතින්ග් කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒත් කෘතියක මේ හුස්ම වැටෙන වේගය නොතේරුම් ලෙස පාවිච්චි වෙනවා කියන්නෙ සිනමාකරුවෙක් හැටියට ඒ නිර්මාණකරුවා යම් අපරිණත බවක් දක්වනවා කියන එකයි. නවකතාවකට වඩා චිත‍්‍රපටියකදි බොරු කරන්න අමාරු වෙන්නෙ මෙන්න මේ විදිහෙ කර්තෘ එලිදරව්වෙන තැන් වහන්න අමාරු වෙන හින්දයි. සිනමා භාෂාව ලිඛිත භාෂාව හැසිරවීමට වඩා සංකීර්ණ කාරණයක්. මම නැවත වික‍්‍රමාරච්චිට යෝජනා කරන්නෙ කේ-සෙරා චිත‍්‍රපටියෙ රූප රාමු එකින් එක අරගෙන කියවන්න. රූප රාමු අතර කතාවට (ඉන්ටර්ටෙක්ස්චුවල් තැනකට) යන්න කලින් රූප රාමු වලින් එලිපිට කියවෙන කතාව දිහා බලන්න. අටහමාරෙ ටෙලි නාට්‍යයකට වඩා මේ රූපමය භාෂාවෙ තියෙන වෙනස පැහැදිලි කරන්න.
කේ-සෙරා චිත‍්‍රපටියෙ මේ හුස්ම වැටෙන රිද්මය අන්තිම අවුල්. චරිතවල ප‍්‍රකාශනය සහ රංගන පරාසය අතිශය පැතලියි. කොටින්ම කේ සෙරාට වඩා කෝපි කඬේ ටෙලියෙ මේ සමෝධානය ප‍්‍රාථමික වුණත් හොඳ මට්ටමක තියෙනවා. ඉංග‍්‍රීසියෙන් සහ සිංහලෙන් දෙපාර දෙපාර දෙබස් කියන්න යන එකෙන් මේ කෘතිම බව තවත් තීව්ර කරනවා.
කේ-සෙරා චිත‍්‍රපටිය ගොඩනැගෙන්නෙ සිංදු කියන හොල්මනක් වටා. හැම කාරණයක්ම මරණයෙන් මතු මේ පැවැත්ම ගැන කියන බොළඳ කතා මත ගොඩනැගෙද්දි එකපාරට මැද්දෙන් තොවිල් කවියක් විතරක් කලාව ගැන විචාරයකට පනිනවා. ඒක සමන් වික‍්‍රමාරච්චි දකින්නෙ නම් මාර වැඩක් විදිහට. ඒත් සිනමාත්මකව ඒක අතිශය බාල උත්සාහයක් විදිහටයි සටහන් වෙලා තියෙන්නෙ.
නිර්මාණකරුවාගේ නොදැනුවත්කම වගේම කෘතියේ බාලකම හොඳින්ම ඉස්මතු වෙන තැනක් වෙන්නෙ සිංගර් වෙළඳ දැන්වීමක් කෘතියට අඩංගු වෙන තැනින්. ඇත්තටම ඒක බලන් ඉඳිද්දි ලැජ්ජාවට ඇෙ`ග් හිරිගඩු පිපෙන ගානයි. හඳගම ආදී පිරිස මේ චිත‍්‍රපටය හත්අට සැරයක් බැලූවා කියද්දි මට පුදුම හිතෙන්නෙ ඒ නිසයි.
චිත‍්‍රපටියක් ඇතුලට වෙළඳ දැන්වීමක් වද්දා නොගත යුතුයි කියන පරණ අදහසින් නෙමෙයි මං මේ කාරණය මතු කරන්නෙ. උදා විදිහට චෙන්නායි එක්ස්ප‍්‍රස් චිත‍්‍රපටියෙ ‘නොකියා’ ෆෝන් ගැන දැන්වීම් ගැටගහලා තියෙන ආකාරය අතිශය නිර්මාණශීලීයි. ඒත් පරාක‍්‍රම මේ දැන්වීම තමන්ගෙ චිත‍්‍රපටියට අඩංගු කරන්නෙ මුලූ කෘතියම අන්තිම බාල තැනකට ඇද දමමින්.
අධ්‍යක්‍ෂකයෙක් විදිහට සිද්ධියක් ගොඩනැගීමේ කාල-අවකාශ පරතරයන් තේරුම් ගැනීම අතින් පරාක‍්‍රම ජයසිංහ මේ චිත‍්‍රපටියෙදි වයිඑම්බීඒ නාට්ටි ගාණට වැටෙනවා. ඒ වගේම එක් සිදුවීමකින් අනෙක් සිදුවීමට චිත‍්‍රපටය තුල සාම්‍යයක් ගොඩනගා ගැනීමට චිත‍්‍රපටකරුවා අසමත් වෙනවා. සම්මානයකට පවා පාත‍්‍ර වුණු දමිත් ෆොන්සේකාගෙ දර්ශනය වුණත් කොයිතරම් විහිළුකාරද? ගෝඞ් ෆාදර් චිත‍්‍රපටියෙ දොන් විටෝ කොර්ලියොනි වගේ එකක් නිර්මාණය කරන්න ගිහින් කෘතිය එක්ක කිසියම්ම හෝ නෑකමක් හදා ගන්න බැරි තැනක (ආඛ්‍යානමය) ඒ අහම්බ දර්ශනය වෙන කොහෙන්ද එල්ලලා වගේ තියෙනවා. මේ විදිහට චිත‍්‍රපටිය පුරාම සිදුවීමෙන් සිදුවීමට නැරටිව් ස්ට‍්‍රක්චර් එක එක අතට පනිනවා. ඒක දැනුවත්ව සිද්ද වෙච්ච දෙයක් නොවෙන හින්දම බලන් ඉන්න අය අන්දමන්ද වෙනවා.
චිත‍්‍රපටියෙ නළු නිළියො කිසිවක් කරකියා ගන්න බැරුව එක තැන කරකැවෙනවා. විශේෂයෙන්ම හොඳම සහාය නළුවා සම්මානය දීපු චරිතය කිසිම හැ`ගීමක් දැනීමක් දනවන්න අසමත් විකාරයක් බවට පත්වෙනවා.
සම්මානයක් දිය යුතුවම තිබුණා නම් මේ චිත‍්‍රපටයට සාපේක්ෂව එතන තවත් බොහෝ චිත‍්‍රපට තිබුණු බවයි මගේ හැ`ගීම. තණ්හා රතී රගා චිත‍්‍රපටිය ගැන මට කොයිතරම් ප‍්‍රශ්න තිබුණත් කවුරුන් හෝ ඒ චිත‍්‍රපටියෙ සාධනීයතා ගැන කියනවා නම් ඒක ‘විය හැකියි’ කියල බාර ගන්න මට පුළුවන්. ඒ කෘතියක් ගැන විවිධ අයට විවිධ වූ මතිමතාන්තර තිබිය හැකි නිසා. තණ්හා රතී රගා පැත්තකින් තිබුණත් සැමීගේ කතාව වුණත් ගොඩනැගීම අතින් (පරණ ආකෘතියක වුණත්) මීට වඩා පරිණතබවක් මතු කරලා තිබුණ.
කේ-සෙරා චිත‍්‍රපටය හොඳ චිත‍්‍රපටියක් කියල කියද්දි මාව තිගැස්සෙන්නෙ හරියටම මහින්ද රාජපක්ෂ හොඳයි කියල කෙනෙක් කියනකොට වගේමයි. ඒ මහින්දගෙ දේශපාලනය සමග මගේ ඇති මතවාදිමය වෙනස්කම් නිසා නෙමෙයි. ‘මහින්ද’ කියන්නෙ දේශපාලනික මතවාදිමය තලයක් ගැන කතා කරන්න බැරි තරමට දාමරිකකම, මෝඩකම, පාදඩකම, දූෂිතකම ආදිය එකතු වුණු ලොකු බංකොලොත්කමක්. කේ-සෙරා චිත‍්‍රපටයේ විශිෂ්ටතා දැකිය හැකි සිනමාකරුවන්, විචාරකයන් ගැනත් මට ඇතිවෙන්නෙ ඊට සමාන තිගැස්මක්.
ඒ සෞන්දර්යාත්මක කාරණා ගැන කතා කරන්නවත් ඉඩක් නැති විදිහට චිත‍්‍රපටිය මුල ඉඳන් අගටම බංකොලොත් නිසයි. එහෙම සංවාදයක් පවා ගොඩනැගිය නොහැකි තැනක පිහිටන නිසයි. සිනමාවේ වඩාත් ගැඹුරු සෞන්දර්යාත්මක ප‍්‍රවේශයන් කරා එළඹෙන්නට ඇති ඉඩකඩ අවුරා දමමින් රජ කතා බණකතාම නොවුණත් ඒ සිනමාවට සමාන්තර වූ පැතලි සිනමා කතිකාවක් නැවත ආරම්භ කරන නිසයි.
ඬේවිඞ් ලීන්ගේ උපුටනයක් කියූ පමණින් සිනමාව ගැන සෑහෙන දැනුමැත්තෙක් බවට පරාක‍්‍රම පත්කරන්නට වික‍්‍රමාරච්චි ඉක්මන් වෙනවා. මේක ටිකක් අර්බුදකාරී තැනක්. කෙනෙකුට පුළුවන් ලෝකෙ චිත‍්‍රපටි ඔක්කොම වුණත් නරඹන්න. ඒත් ඒ නැරඹීම ඇතුලෙ ඔහු විසින් කරන කියවීම ගැන කිසි කෙනෙකුට තක්සේරුවක් දෙන්න බෑ. සිනමාව පිළිබඳ පුළුල් දැනුමක් ඇතැයි අපි හිතන සමහර අය වුණත් චිත‍්‍රපට ගැන තමන්ගේ කියවීම කරන මට්ටම දැක්කම අපිට පුදුම හිතෙන්නෙ ඒකයි.
‘දුර්වල පිටපතකින් වුණත් සාර්ථක නිර්මාණයක් කිරීමට හැකි වීම’ වගේ කාරණයක් කේ-සෙරා ඇගයීමට හේතුවක් වුණා කියල හඳගමත් තැනක කියල තිබුණ. ඒත් මේ චිත‍්‍රපටියෙ කතාව දෙබස් තිර රචනය සහ අධ්‍යක්‍ෂණය කියන හැමදෙයක්ම කෙරෙන්නෙ පරාක‍්‍රම අතින්. එතකොට අසාර්ථක පිටපතකින් අසාර්ථක කෘතියක් නිර්මාණය කිරීමේ සම්පූර්ණ වගකීමයි එයාට පැවරෙන්න ඕන.
පරාක‍්‍රමගෙ චෙරියෝ හොල්මන් වගේම කේ-සෙරා චිත‍්‍රපටියක් විදිහට හෝල්වල ප‍්‍රදර්ශනයෙ නෙමෙයි මේ ප‍්‍රශ්නෙ තියෙන්නෙ. ඒ අධ්‍යක්‍ෂවරයා තමන් විශ්වාස කරන හෝ ආශා කරන සිනමාව කරනවා වෙන්න පුළුවන්. ඒත් මේකට අනවශ්‍ය සම්භාව්‍යකරණයක් දෙන තැනයි මේ විකෘතිය පටන් ගන්නෙ. මං කියන්නෙ කේ-සෙරාට මල්වඩම් අනවශ්‍යයි කියලයි.
කෙසේ වුවත් මේ චිත‍්‍රපටය නැවත ප‍්‍රදර්ශනය කොට මේ පිළිබඳ විවෘත කතිකාවක් ගොඩනැගීම සිනමාව පැත්තෙන් ප‍්‍රතිඵලදායී වගේම මේ මොහොතේ සිදු විය යුත්තක්. එහිදී දෙරණ සම්මානය සහ ජූරිය මත වගේම තණ්හා රතී රගා මත එල්ලෙන්නේ නැතිව සමන් වික‍්‍රමාරච්චි වැනි තවත් මේ සිනමාවේ සෞන්දර්ය දකින පිරිස් එක්කර ගැනීමටත් සිනමා කෘතියක විශිෂ්ටතා කෙබඳු විය යුතුද යන්න ගැන සාකච්ඡුා කිරීමටත් පුළුවන් වේවි.
චින්තන ධර්මදාස