සේයා සදෙව්මි කියන පුංචි දැරිය දූෂණය කරලා මරා දාපු එක ලංකාවෙ ලොකු කලබැගෑනියක් ඇති කළා. මේ දූෂකයාගේ අහවල් එක කපන්න ඕන කියන තැන ඉඳන් රටේ මරණ දඩුවම නීතිගත කිරීම දක්වාම මේ ප‍්‍රශ්නෙ දුර දිග ගියා. කිසි දෙයක් හිතලා බලන්නෙ නැතුව මෛත‍්‍රීපාල සිරිසේනත් මරණ ද
ඩුවම පනවන්න එක`ග වුණා. රටේ විධායක ජනාධිපතිවරයා මේ විදිහට රැුල්ලකින් ඇළලී යන එක එක්තරා විදිහකට භයානකයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු හැටියට ජනතාව එක්ක භාවාතිෂය සම්බන්ධයකට නොගිහින් තාර්කික පුළුල් දැක්මක් ඇතුව ඉන්න එක අත්‍යාවශ්‍යයි.
දැනට බුද්ධිමය සංවාද ඇතුලෙ යම් පමණකට පාලනය කරගෙන ඉන්න මේ මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කිරීම කියන ගෝත‍්‍රික නීති නැමියාව මොකක් හරි විදිහකට මේ ඇසිල්ලෙම දෙවෙනි අපරාධයක් වුණොත් පුපුරා යන්න පුළුවන්. මිනිස්සුන්ගෙ ත‍්‍රිල වෙනුවෙන් ම්ලේච්ඡු නීතියක් ආපහු කරලියට එන්න පුළුවන්. පෝරකය ක‍්‍රියාත්මක වන කිසිම රටක පුරවැසියො විදිහට නිදහසේ හිතන්න පුළුවන්කමක් නෑ. නිතරම පාපකාරී හෘදය සාක්ෂියක් ඒ රටේ හොල්මන් කරන්න ගන්නවා. විශේෂයෙන්ම අපේ වගේ දූපතක. සිංහල බෞද්ද ගිල්ටියත් එක්ක.
මේ විදිහට ළදරුවන්ට අතවර කිරීම, දූෂණය කිරීම කියන තත්වය දෙවිදියකට වෙන්න පුළුවන්. එකක් පීඩෝෆීලියාව ගියන රෝගය නිසා. අනෙක නැති බැරි කම නිසා. අපේ වගේ රටක ගොඩක් වෙලාවට වෙන්න ඉඩ තියෙන්නෙ දෙවෙනි එක. රටේ බහුතරයක් ලිංගික නැතිබැරිකමෙන් පෙළෙනවා. මේ ගැන ධනංජය කරුණාරත්න හොඳ පෝස්ට් එකක් දාලා තිබුණ.
”මෙම ඡුායාරූපය (ගණේමුල්ලේ දූෂණයට සම්බන්ධ වූ මැදිවියේ පුද්ගලයාගේ ඡුයාරූපයක්) දෙස බැලීමේදී පැහැදිලිවන්නේ මේ මිනිසා යම් පහල පංතික සාම්ප‍්‍රදායික ගැමි පසුබිමක නිෂ්පාදනයක් බවයි. දැන් අප ඉදිරියේ ඇති ප‍්‍රශ්ණය වන්නේ මේ මිනිසා සාමාන්‍ය මිනිසකු ලෙසට තම ලිංගික අවශ්‍යතාවය සපුරා ගන්නේ කෙසේද යන්නයි. අපේ බොහෝ ගැහැණුන් දන් නැති උනාට මේ වයසේ යම් සමාජ ආර්ථික තත්වයක් ඇති කොළඹ වැනි නගර පැත්තේ යන පිරිමි අවම වශයෙන් මසාජ් පාලර් එකකටවත් රිංගාගෙන වැඬේ කර ගනියි.
ඊට අමතරව ගුරුවරයාගේ සිට යම් පාලන බලයක් ඇති වෘතිකයින්ටද තම ගොදුර සූක්ෂමව කොටුකර ගැනීමේ ක‍්‍රම ඇත. මොහු සමාජමය හා සංස්කෘතික වශයෙන් අතිශය අසරණයි. එම අසරණ කල සංස්කෘතිය ගොඩ නැගුවන් හා පවත්වාගෙන යන්නන් විසින් මොහුට සලකා ඇත්තේ හැඟීම් නැති තිරිසනෙකුට සේය. මූලික වශයෙන් මොහුට ජීවත්වීමට ලබාදී ඇත්තේ කෑමට යමක්, යම් වහලයක් හා ඇඳීමට යමක් පමණි.
සාමාන්‍යෙයන් මේ අපි සතුන්ට පවා ලබා දෙන ටිකයි. ජීවත්වීමට ප‍්‍රමාණවත් ආධ්‍යාත්මික හා ලිංගික පෝශණයක් මොහුට නැත. බොහෝ විට මොහුගේ විනෝදාංශය මත්පැන් පානයයි. මේ කී තත්වය තුල බිහිවීමට ඉඩ ඇත්තේ සතෙකුට ආසන්න ‘විකෘති‘ මිනිසෙකි. සමාජයම ඔවුන්ට කියන්නේ ‘තිරිසනුන්‘ කියාය”
පළවෙනි හේතුව නිසා මේ අපරාධ සිද්ද වෙනවා නම් ඒ ගැන මනෝ ප‍්‍රතිකාර පැත්තෙන් මිස නීතියෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. මේ මිනිස්සුන්ට මරණ ද`ඩුවම යෝජනා කිරීමම අන්තිම අසාධාරණයි. ළමා අපචාරිකයන්ගෙන් 70%ක්ම කුඩා අවධියේ ඒ වගේ අපචාරයකට ලක්වුණු අසරණයො. සේයාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වෙලා ඉන්න කොණ්ඩයාගෙ ළමා කාලය අනිවාර්යෙන්ම අපිට හිතාගන්න වත් බැරි තරම් බිහිසුණු එකක්. කවදාවත් ඒක සමාජයට චෝදනාවක් විදිහට ගේන්න කොණ්ඩයාට පුළුවන්කමක් නෑ. ඒක ස්වයං විරෝධයක්, ප‍්‍රතිචාරයක් විදිහට එයාගෙ ශරීරය විසින් වනසතෙක් විදිහට මුදාහරිමින් ඉන්නවා.
මේ විදිහටයි පීඩෝෆයිල් ප‍්‍රවණතාව දවසින් දවස වැඩිවෙන්නෙ. අපි ළමා අපචාරයක් වෙනුවෙන් මරා දාන්නෙ තවත් අපචාරයට ලක්වුණු දරුවෙක්.
මේ තත්වය පාලනය කරන්න ඇමරිකාව වගේ රටවල් හඳුන්වා දීපු ‘මේගන් ලෝ’ වගේ නීති පැනවීම් පවා අසාර්ථක වෙලා තියෙනවා. හඳුනාගත් ළමා අපචාරිකයෙකුගේ ඡුායාරූප, විස්තර, ලිපිණය ආදී සියල්ල මහජනතාවට, විශේෂයෙන් අපචාරිකයා ජීවත්වන ප‍්‍රදේශය අවට අයට ලබා දෙමින් අපචාරිකයන් ඔවුන්ගේ පවුල් වලින් පවා කොන්වී හුදකලා වෙන තත්වයක් මේ නීතිය ඇති කළා. අපචාරිකයාට කෙළවා දමා ඒ අයගෙන් සමාජය ආරක්‍ෂා කිරීම ඒකෙ අරමුණ වුනත් ඒකෙන් නොහිතපු විදිහට ළමා අපචාර තවත් ඉහළ යන්න පටන් ගත්ත. අපචාරමය හැසිරීමක් කියන්නෙ යම් සමාජ තත්වයක අර්බුදයක් කියන එක තේරුම් ගන්න ඕන. සමාජ මනෝ විද්‍යාත්මක ප‍්‍රවේශයකින් මේ ප‍්‍රශ්නය කියවා ගන්න ඕන.
අනිත් පැත්තට මේ විදිහෙ ප‍්‍රවෘත්ති මාධ්‍ය හරහා ජනප‍්‍රිය වීමෙන් අනිවාර්යක් ලෙස මේ වගේ අපචාර රැුල්ලක් නිර්මාණය වෙනවා. පීඩෝෆීලියාවෙන් පෙළෙන අයට, සමහර විට සැ`ගවුණු පීඩොෆයිල්ස්ලට (ලේටන්ට් පීඩෝෆයිල්) මේ ප‍්‍රවෘත්තිය දරුණු උත්තේජනයක් විදිහට වැඩ කරනවා.
පීඩෝෆීලියවෙන් පෙළන හැමෝම මිනීමරුවො හෝ ප‍්‍රචණ්ඩ අපරාධකාරයො නෙමෙයි. පීඩෝෆීලීයාවේ සෞන්දර්යාත්මක ප‍්‍රවේශයකුත් තියෙනවා. නබකොව්ගෙ ලොලීටා කියන්නෙ පීඩෝෆයිල් රොමාන්තික කතාවක්.
ඒත් පීඩෝෆීලීයාව වගේ ක්ලැසිකල් තත්වයක් ලංකාවෙ තාම ඇතිවෙලා තියෙනවා කියල මට හිතෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ලංකාවෙ ලිංගික අපරාද සිද්ද වෙන්නෙ අර දෙවෙනි කාරණය වුණු නැතිබැරිකම හින්ද.
හැම පැත්තකින්ම ලිංගිකත්වය සහ ආශාව වාරණය කිරීම හරහා මේ ආතතිය දුර්වල පුංචි දරුවන්ගෙ පිටින් යනවා. මේ විදිහෙ ඛේදවාචක අවම කර ගැනීමේ ඇත්ත උවමනාවක් තියෙනවා නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ වගේ දියුණු සටන් පාඨ ගේන්න ඕන. ගණිකා නිවාස වැටලීම් ගැන තලූ මර මර වාර්තා කරන පත්තරේම ඊළ`ග පිටුවෙ සේයාගේ මරණය ගැන කණස්සලූ වෙන එක විහිළුවක්.
මෙතනදි මේ අපරාධයට වඩා මාධ්‍ය හැසිරීම තේරුම් ගන්න වැදගත්. සේයා හරහා මාධ්‍යකරණයේ වැදගත් අඳුරු පැතිකඩක් නිරුවත් වෙනවා. සේයාගේ මරණය ඇත්තටම රටේ කේන්ද්‍රීය ප‍්‍රශ්නයක් වෙන්නෙ කොහොමද? කොයිතරම් අමුනුස්සයි වගේ පෙණුනත් මේ තත්වය තේරුම්ගන්න නම් ඒ තාර්කික ප‍්‍රශ්නෙ අපි අපෙන් අහන්න ඕන.
රටේ ළමයෙක් දූෂණය කරලා මරලා දාන පළවෙනි අවස්ථාව නෙමෙයි මේක. අනෙක් අතට අපි ළමයි වංගෙඩි වල දාලා කොටන රාජ සම්ප‍්‍රදායක් උරුම ජාතියක්. රටේ හැමතැනම හැම පැයකම වගේ ළමයෙක්, කාන්තාවක් දූෂණය වෙනවා. එහෙම නෙමෙයි කියල හිතෙනවා නම් අපි ඉන්නෙ අපි ගැන සංස්කෘතික මිත්‍යාවක. ඒ අතරින් කීපයක් විතරක් දිනපතා පත්තර වල තුන්වෙනි පිටුවෙ විකිණෙනවා. ඒත් සේයාගේ කතාව තරම් ඇවිළිලා යන්නෙ නෑ. සේයා අතිවිශාලනය වීම හරහා කියවෙන්නෙ මොකක්ද?
මාධ්‍ය හරහා අතිවිශාලනය වෙන හැම අපරාධයක් යටම තව ගොඩක් අපරාධ වැලලිලා යනවා. උදා විදිහට බරපතල ස්ත‍්‍රී දූෂණයක් විදිහට අපිට ඉතිහාසයේ මතක මනම්පේරි විතරයි. එතකොට දූෂණය කරලා මරා දාපු නමක්, ගමක්, තැනක් නොදන්නා තවත් ගොඩකගේ ඉතිහාසය මේ හරහා මැකෙනවා. එක හුදකලා සිද්ධියක් විතරක් උඩට ඉස්සෙනවා. මේ තෝරා ගැනීමම තත්වය විකෘති කිරීමක්.
අනෙක් පැත්තට මාධ්‍ය හරහා මේ දැරියගේ නිරුවත ප‍්‍රදර්ශනය වුණා කියල දැවැන්ත විරෝධයකුත් ආවා. ඒ වෙනුවෙන් ඇතැම් මාධ්‍ය වලට චෝදනා කරමින් තවත් මාධ්‍ය සදාචාරවාදී වුණා. මේ ලියන දවසට පහුවෙනිදත් සදාචාර සම්පන්න මාධ්‍ය වාර්තාකරණයක් ගැන ලොකු සංවාදයක් පැවැත්වෙන්න නියමිතයි.
ඇත්තටම මාධ්‍ය වලින් මේ නිරුවත හෝ ප‍්‍රවෘත්තිය වාර්තා කිරීම වැරැුද්දක්ද? නැත්තං අනිවාර්යයක්ද?
ප‍්‍රශ්නය වෙන්න ඕන මාධ්‍ය ඇත්තටම කරමින් ඉන්නෙ මොකක්ද කියන එකයි. මාධ්‍ය තවදුරටත් ප‍්‍රවෘත්ති වාර්තා කරන්නෙ නෑ. සේයා මරා දැමීම වගේ ප‍්‍රවෘත්තියක් කොටසින් කොටස මේ තරම් විස්තර ඇතුව වාර්තා කිරීම වැදගත් වෙන්න පුළුවන් කාටද? වෙන විදිහකට කල්පනා කළොත් සේයාව දූෂණය නොකර මරා දැම්මා නම් මේ ප‍්‍රවෘත්තිය මේ තරම් දුර යාවිද?
මේ අවධියේ මාධ්‍ය විසින් ඉටු කරන වැදගත්ම කාරණය ප‍්‍රවෘත්ති වාර්තාකරණය නෙමෙයි. කාටවත් තවදුරටත් ප‍්‍රවෘත්ති අවශ්‍ය නෑ. ඒ වෙනුවට මාධ්‍ය විසින් කරන වැදගත්ම දේ වෙන්නෙ ‘ජස්ටිස් ඉරොටිසිසම්’ නැත්තං යුක්ති ශෘංගාරය බෙදා හරින එකයි.
මේක හරියටම බස් එකක ජැක් ගහලා කවුරු හරි අහුවුනාම වගේමයි. එතකොට මුලූ බස් එකම අර ජැක් ගහපු එකාට දෙකක් අනින්න ඉදිරිපත් වෙනවා. සමහර විට මෙහෙම ඉස්සරහට පනින උන් ඊට අන්ත ස්ත‍්‍රී දූෂකයො. එතනදි ක‍්‍රියාත්මක වෙන්නෙ යුක්ති ශෘංගාරය. යම් ලිංගිකමය අකටයුත්තකට විරුද්ධව මැදිහත් වීම හරහා සදාචාර සම්පන්න ලෙස තමන්ගේ ප‍්‍රචණ්ඩත්වය තෘප්තිමත් කර ගැනීම. දූෂකයාගේ අරක කපා දැමීමේ පටන් එල්ලා මැරීම දක්වා ඇවිලිලා ගියේ මේ ශෘංගාරයයි. ෆේස් බුක් පිටුවල වැටුණ එල්ලා මරන තොණ්ඩුවෙ ප්‍රොෆයිල් පික්චර් හරහා බෙදා ගත්තෙ මේ ඉරොටිසම් එකයි. අන්තිමට ජනාධිපති පවා මේ ශෘංගාර කැරැුල්ලට අවනත වුණා.
හැමෝම ළමා අපචාරයට එරෙහිව තමන්ගේ යුක්තිය වින්දනය කරන්න ඉදිරිපත් වුණා. මේ යුක්ති ශෘංගාරයෙන් මිදිලා සේයාගේ මරණය ගැන කිසිම සංවාදයක් කරන්න බෑ. එක එක මට්ටම් වලින් ජනතාව, බුද්දිමත්තු තමන් සදාචාර සම්පන්න වෙමින් යුක්තිය වින්දනය කරනවා. පත්තර පිටු පිරෙන්න ලියවෙන අපරාධ ප‍්‍රවෘත්තිවල ඇත්ත උවමනාව මේකයි. සදාචාරය යළි තහවුරු කරන්න උත්සාහ දරන සංවාදවල උවමනාවත් ඒකමයි.
සිරියානු දරුවාගේ මරණය හරහා ලෝකෙම පැතිර ගිය උන්මාදයත් මේ හා සමානයි. ඉතියෝපියාවෙ, සෝමාලියාවේ බඩගින්නෙ දවස ගානෙ තොග පිටින් මැරෙන දරුවන් ගැන වගේ වගක් නැති ලෝකයම මේ එක දරුවෙකුගේ මරණය හරහා සාක්ෂාත් කර ගන්න උත්සාහ ගත්තෙ මොකක්ද?
මාධ්‍ය ජනතාවට කියන්නෙ වැදගත් දේවල් නම් මාධ්‍ය හරහා කියන්න අවශ්‍ය ප‍්‍රවෘත්තිය වෙන්නෙ ඉරාකයේ බල අර්බුදයත් එක්ක අයිඑස්අයිඑස් ඇතිවීම සහ ඒ නිසා විශාල ජන ප‍්‍රමාණයක් අවතැන් වෙනවා, ඒ අයගෙ ජීවිත අවදානමට ලක්වෙනවා කියන එකයි. ඒ නිසා වහාම බටහිර රටවල් පළමු කොට, ඔවුන්ට අවශ්‍ය තරම් සම්පත් ප‍්‍රමාණයක් තිබීම නිසාත්, දෙවෙනුව අයිඑස්අයිඑස් නිර්මාණය වීම ගැන බටහිර රටවල ක‍්‍රියාකලාපයන්ද වගකිව යුතු වීම නිසාත් කියන කාරණා දෙක මූලික කරගෙන මේ සරණාගතයන් වෙනුවෙන් මැදහත් විය යුතුයි කියන එකයි. මාධ්‍ය වලින් මේ කතාව කිව්වට කිසි කෙනෙක් ගනං ගන්නෙ නෑ. ඒත් මේ සිරියානු දරුවාගේ සිරුර මුලූ ලෝකෙම එකපාරට මේ වෙනුවෙන් මැදිහත් කරනවා. බටහිර රටවල ජනතාව තමන්ගෙ රටවල රජයන්ට පවා බලපෑම් කරන්න ඉස්සරහට එනවා. කොහොමද මේක වෙන්නෙ? මේකට බලපාන සරල ප‍්‍රධාන කාරණා තුනක් තියෙනවා.
- මේ ඡුායාරූපය ඉන්නෙ ළමයෙක්.
- මේ ළමයා ඉන්නෙ පොඩි එකෙක් නිදාගෙන ඉන්න විදිහට. ඒත් ඒ ළමයා මැරිලා.
- ඒ ළමයා ඉන්නෙ තනියම.
ළමයි තුන්දෙනෙක් මැරිලා ඉන්නවට වඩා එක ළමයෙක් මැරිලා ඉන්න එක ප‍්‍රබලයි. මේ උත්සන්න වුණු හැ`ගීම කිසි පදනමක් ඇති එකක් නෙමෙයි. මේ වැඩ කළේ ඒ ෆොටෝ එකේ තිබ්බ ආර්ටිස්ටික් අගයක් විතරයි. ඒ උඩ ජස්ටිස් ඉරොටිසම් තත්වයක් නිර්මාණය වුණා. මිනිස්සු තමන් සදාචාර සම්පන්න වීමේ තෘප්තිය විඳින්න පොරකෑවා.
ලංකාවෙ දැරියගේ ඡුායාරූපය පළ කිරීම වැරදියි කියන අය තේරුම් ගන්න අවශ්‍ය කාරණය වෙන්නෙ මේ තත්වය නිර්මාණය කරන්න ඒ ඡුායාරූපයේ ඇති අවශ්‍යතාවයයි.
1. ඒ ඡුායාරූපෙ හිටියෙත් අහිංසක දැරියක්
2. ඒ ළමයා හිටියෙ නිරුවතින්
3. එයාගෙ බෙල්ල මොකක්ද එකකින් හිර කරලා තියෙනවා.
මේ ඡයාරූපය වහාම යුක්තිය ඉටු කරන ශෘංගාරය ඇවිස්සීමේ සියලූ අංගෝපාංග වලින් සන්නද්ධයි. සේයා ගැන රටේ ඇතිවුණු යුක්ති ප‍්‍රබෝධයෙන් වැඩි කොටසක් පත්තු වෙන්නෙ මේ ෆොටෝ එක හින්ද. ඒ ෆොටෝ එක පළකිරීමේ හරි වැරැුද්ද ආදිය හරහාත් නැවත නැවත පෙන්නන්නෙ ඒ ෆොටෝ එකමයි.
එතකොට දරුවාගේ නිරුවත් රූප පළ නොකරපු රාවය වගේ පත්තරයක් හොඳ වෙලා මේ රූප පළ කරපු පත්තර නරක් වෙනවද? මේ ප‍්‍රවෘත්තිය වෙනුවෙන් සදාචාර සම්පන්න ප‍්‍රවේශයක් ගත් මාධ්‍යයන් සහ එලිපිට සියල්ල අළෙවි කළ මාධ්‍ය යන දෙකම වැඩකරන්නෙ එකම ශෘංගාරයක් වෙනුවෙන්. කිසිම මාධ්‍යයකට තවදුරටත් තමන්ට පැවරිලා තියෙන සමාජ වගකීම ඉටු කිරීමෙන් විතරක් පවතින්න බෑ. අවධානය දිනා ගැනීම වෙනුවෙන් ඒ අයට සිද්ද වෙනවා අඳුරු සමාජ මනෝභාවයන් එලියට අදින්න. අනිත් අයට සිද්ද වෙනවා එහෙම කරන අය විවේචනය කරමින් පවතින්න.
මේ රූප පළකල වෙබ් අඩවිය දැනුවත්ව හෝ නොදැනුවත්ව මේක හරියට කිව්වා. ඒ අය විවෘතව ප‍්‍රකාශ කළා අපි කැඩපතක් විතරයි. ඔබ දකින්නෙ ඔබේ පිළිබිඹුවයි කියල.
ඒ වගේම මේ ශෘංගාරයේ සම්පූර්ණ චමත්කාරය අත්කර දෙන්නත් මේ මාධ්‍ය වැඩ කරනවා. උදා විදිහට ගංජා හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයක්, නිල් චිත‍්‍රපට නැරඹීමක් වගේ අතුරු කතාවකුත් මෙතනට අත්‍යාවශ්‍යයි. එතකොට තමන් පරිපූර්ණ යුක්තියක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන හැ`ගීම මේ ප‍්‍රවෘත්තිය හරහා ක‍්‍රියාත්මක ශෘංගාර අනුගාමිකයන්ට ලැබෙනවා.
ප‍්‍රවෘත්තිය විවිධ දිශාවලට ගමන් කරවීම හරහා මේක උපරිම ආකාරයකින් පුළුවන් තරම් උපරිම කාලයක් ලබා දෙන්නත් මාධ්‍ය කැප වෙනවා. සේයාගේ සිද්ධියේ නම් මුලින්ම සේයාගේ පියා, ඊට පස්සෙ නිල් චිත‍්‍රපට ළ`ග තබා ගත් පාසැල් ශිෂ්‍යයෙක්, මේ විදිහට විවිධ අය නිරුවත් කරමින් මේ යුක්ති ශෘංගාරය සංතර්පණය විශාල ව්‍යාපෘතියක් වෙනවා.
සදාචාරවාදී මාධ්‍ය සම්ප‍්‍රදායක් වෙනුවෙන් කතිකාවම ජනතාව නොමග යැවීමක්. එහෙම මාධ්‍ය සම්ප‍්‍රදායක් ලෝකෙ නෑ. ඒ වෙනුවට තමන් තෘප්තිමත් කරමින් ඉන්න සැබෑ ජනතා ආශාව, ශෘංගාරය මාධ්‍යවේදීන් විසින් තේරුම් ගන්න ඕන.
මාධ්‍ය සහ එහි අනුගාමික යුක්ති ශෘංගාර ජනතාව හුදකලා පීඩෝෆීලියා රෝගියෙකුට වඩා දරුණු විදිහට සමාජයට සහ රටකට අහිතකර වෙන්න පුළුවන්. විධායක ජනාධිපතිවරයෙක් පවා මේ රෝගයේ කොටස්කරුවෙක් වෙන්න පුළුවන්.
(ස්ටෙෆාන් සෙබස්තියන් සමග පැවැත්වූ සංවාදයක් ඇසුරිනි)
චින්තන ධර්මදාස