ජවිපෙට මන්ත‍්‍රී ආසන දහයක් විතර ආපු නැති එක ගැන ලොකු කතා බහක් ආවා චන්දෙන් පස්සෙ. ආසන ගාන ටිකක් වැඩි වුණාට ඒක අපේක්‍ෂිත ගානට ළං නොවුණු එකයි අවුල වුනෙ. එතකොට අපේක්‍ෂිත ගාන කීයක් විතර වෙන්න ඇද්ද? මං හිතාගෙන හිටියෙ ජවිපෙ ආසන පහලොවකට ළං වෙන්න ගනීවී කියල. ඒ තරං ලොකු ප‍්‍රබෝධයක් සද්දයක් සහ පිරිසක් ජවිපෙ වෙනුවෙන් හිටියා. ඒත් අන්තිමට ප‍්‍රතිඵල බලාපොරොත්තු කඩකරවන සුළුයි. මොකක් වෙන්න ඇද්ද?
ලේසිම විදිහට අපි නැවත නැවත ජනතාව කියල හයිපොතිසීසයක් ගැන එක එක කතා කියනවා. විදර්ශන පවා මං දැක්කා ජවිපෙට වෙච්ච දේ ගැන වැසිකිලියක පිනා ගිහින් වීඩියෝ එකක් කරලා තියෙනවා. දේශපාලනය බබාද? විදර්ශන සිප් එක දදා අහනවා.
මට හිතෙන්නෙ ජවිපෙ ලොකු ජයග‍්‍රහණයක් ලැබුවා කියල. ප‍්‍රශ්නෙ තියෙන්නෙ අපි ඒක ලබපු මන්ත‍්‍රී ආසන ගණන එක්ක කරට කර මනින්න හදන එක. ඒ වෙනුවට ජවිපෙට ආසන අඩුවීම ගැන ආපු දැවැන්ත පශ්චත්තාපය හෝ උන්මාදය කියා පාන්නෙ ජවිපෙ අත්පත් කරගෙන සිටින ශක්තියේ තරම. ඒක චන්ද වලින් ප‍්‍රකාශ නොවුණා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උග‍්‍ර විදිහට දෙපාර්ශ්වයක් අතර ධ‍්‍රැවීකරණය වුණු චන්දෙකදි තුන්වෙනි පාර්ශ්වයක් චන්ද කඩණයක් විදිහට පාවිච්චි වෙනවා. එතනදි ඒ තුන්වෙනි පාර්ශ්වයෙ සැබෑ වටිනාකම් හෝ ඔරිජිනලිටි එක වැඩ කරන්නෙ නැතුව යනවා. ඒ අනුව ජවිපෙට චන්ද අඩුවීම තේරුම් ගන්න ලේසි තත්වයක්. ඒක කොහෙත්ම ජනතාවගේ ආබාධයක් නිරූපණය කරන තැනක් නෙමෙයි.
ජවිපෙ මේ චන්දෙදි ලොකු දුරක් ආවා. ලොකු විභවයක් ඇති කළා. ජවිපෙ විසින් ගොඩනගා ගත්ත අලූත් පෞර්ෂය හරියට විද්‍යාමාන වෙන්නෙ ඊළ`ග චන්දෙකදි කියලයි මං හිතන්නෙ. විභව ශක්තියක් චාලක ශක්තියක් බවට පෙරලීමේ නවය වසරෙ විද්‍යා නියමය වගේමයි.
ජවිපෙ පහුගිය කාලෙ ඇතුලෙදි උග‍්‍ර වෙනස්කම්වලට මුහුණ දුන්නා. හරියට කියනවා නම් ජවිපෙ ගැමි මූලය නාගරික තැනකට විතැන් වෙන්න පටන් ගත්තා. විදර්ශන ඇතුලූ ජවිපෙට හිනාවෙන වම්මු නොකියන ඇත්ත කතාව ඒක. මට අනුව ඒක තමයි වැදගත්ම වෙනස. ශරීරය වෙනුවට මනස, සවිඥාණක බව, සංස්කෘතිය වගේ තැන් ගැන ජවිපෙ වැඩියෙන් උනන්දු වුණා. කන්න තියෙන වී ඇටයට වඩා අහන්න තියෙන සංගීතය ගැන උනන්දු දියුණු මානවයෙක් ජවිපෙ ඇතුලෙ නිර්මාණය වෙන්න ගත්ත. පෙරටුගාමී කෑල්ල එතනින් කැඩිලා යන්න හේතුවත් ඒක. නැවත නැවත කැලය, සටන සහ විප්ලවය කියන බොරුව ඇතුලෙ වඳවෙලා යන්න කැමති පිරිස ජවිපෙන් අයින් වුණා. නගරය විසින් ජවිපෙ දේශපාලනය බාර ගත්තා.
සෝමවංසගෙන් අනුරට විතැන් වෙන නායකත්වයේ වෙනස කියන්නෙ මේකයි. අශිෂ්ට ගැමියා වෙනුවට සවිඥාණක පුරවැසියා කියන තැනට දේශපාලනය ෆෝකස් කිරීම. මේ පාර ජවිපෙ වටා ගොඩනැගුණු කතිකාව ඒකයි. විවිධ ඇකඩමියානුවන්, ක‍්‍රියාකාරිකයන් විසින් ජවිපෙ වටා නිර්මාණය කළ අලූත් ධාරිතාව මේකයි.
මේ රි-පොසිෂන් වීම කියන එක පක්ෂයක දරුණු තැනක්. ගොඩක් වෙලාවට දරුණු ඛාදනයන් ඇති වෙන්න පුළුවන්. ඒත් ජවිපෙ ඒක ඉතාම සුමටව කරගන්න තරමට වාසනාවන්ත වුණා. මන්ත‍්‍රී ආසන තුනේ ඉඳන් හය දක්වා පොඩි හෝ වැඩිවීමක් ඇති කරගන්නත් පුළුවන් වුණා. ඒ මදිවට ආසන පහලොවක් පමණ ආපු නැති එක ගැන විශාල ජන අවුලක් නිර්මාණය වුණා.
ජවිපෙ ප‍්‍රවේශම් විය යුතු තැනත් මෙතනයි. නැවත ආපහු හැරෙන්න ලේසියි. ඒත් වැදගත් වෙන්න ඉස්සරහට ඊළ`ග අඩිය තියන එකයි. ජවිපෙ වෙනුවෙන් කතා කරපු, පෙළ ගැහුණු සියලූ බුද්දිමය, නිර්මාණාත්මක පාර්ශ්වයන්ට තියෙන වගකීම ඒ වෙනුවෙන් ජවිපෙ හා අත්වැල බැඳ ගැනීමයි. ප‍්‍රධාන පක්ෂ දෙකම එක ආණ්ඩුවක් වෙන තැනදි ජවිපෙ වැනි සවිඥාණක පුරවැසියන් වෙනුවෙන් ගොඩනැගෙන නව තරුණ පක්ෂයකට කරන්න තියෙන දේවල් බොහොමයි. මට හිතෙන්නෙ ඒක අලූතෙන් නිර්මාණය වෙන අවකාශයක්.
මේ නැවත ස්ථානගත වීම කියන දේ ගොඩක් වෙලාවට අපි කියවන්නෙම වැරදි විදිහට. මෑතක සුජීගෙ ටෙලිෆෝන් කෝල් එකටත් වුණේ ඒ ටික.
සුජීගේ මේ කෝල් එක මීට මාස ගානකට කලින් ෆේස් බුක් පිටු කීපයක ෂෙයාර් වුණා. කිසි කෙනෙක් ගානකටවත් ගත්තෙ නෑ. ඒක අඩු ගානෙ විනෝදයට කාරණයක් බවටවත් පත් වුණේ නෑ. ඊට පස්සෙ නැවත මේ කෝල් එක කාලෙකට පස්සෙ ෆේස් බුක් එකට ආවා. ඒ පාර ආවෙ රී-මික්ස් එකක් විදිහට. ෂෙයාර් වෙවී යන්න පටන් ගත්ත මේ නිර්මාණාත්මක අදහස විසින් සම්පූර්ණ වයිරල් සාහිත්‍යයක් නිර්මාණය කළා. මට අනුව මෑත කාලෙදි සිදුවුණු වැදගත්ම සාහිත්‍යයික ප‍්‍රවේශයක් මේක.
මේක සිංදුවක් වුණු ගමන් ගොඩක් සදාචාරවාදී අය කලබල වුණා. මේ කාන්තාවගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න පටන් ගත්තා. මේ දුක රී-මික්ස් කිරීම ගැන ප‍්‍රශ්න කළා. සුජීගේ ඛේදවාචකය ඇත්තට සමාජයට දැණුනෙ එතකොට.
මේ සදාචාරවාදීන් විසින් ගෙනාපු චෝදනා වැරදියි කියනවා නෙමෙයි. ඒ සාකච්ඡුාව අනිවාර්යෙන්ම එලියට එන්න අවශ්‍ය එකක්. ඒත් ඒ සංවාදය ඇති කළ නිර්මාණාත්මක අගය කිරීම සුජීගෙ රී-මික්ස් එකට ලැබෙන්න ඕන.
අපේ රටට වැඩියෙන්ම ආදායම් ගේන්නෙ මේ කෝල් එක දාන විදිහෙ කාන්තාවන් විසින්. ඒ එක එක රටවල බැලමෙහෙවර කරලා. මාර සංස්කෘතික උරුමයන් ගැන ආඩම්බර වුණාට මේ තමයි අපේ වර්තමාන සැබෑ උරුමය. කොයිතරම් මේ දුක අසංක ප‍්‍රියමන්ත වගේ ගායනා කළත් මේ ඇත්ත එලියට එන්නෙ නෑ කියලයි මං හිතන්නෙ. සුවදායී විදිහට සම්භාව්‍ය රස වින්දනයට ගෝචර නැති මේ වගේ හිතුවක්කාර කඩා පැනීමක් විතරයි මේ බලපෑම ඇතිකරන්නෙ.
මේ හින්ද පුද්ගලිකව මේ කාන්තාවට අපහාසයක් වෙනවා කියන එක කොහෙත්ම වලංගු නැති කාරණයක්. කිසිකෙනෙක් මේ චරිතයේ ඇත්ත පුද්ගලිකත්වය එක්ක බැඳෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවට ඒ සංවාදයෙ තියෙන විවෘත රසවත් බව විතරයි බෙදා ගන්නෙ. හාස්‍යය කියන්නෙ බරපතල සමාජ කාරණයක් හොඳටම ඉස්මතු කරන්න පුළුවන් ප‍්‍රවේශයක් වගයි අපි අමතක කරන්නෙ.
මේ නව ජන සාහිත්‍යයක ආරම්භයක්. හරියට කටින් කට යන ජන කතාවක් වගේ. ඊට පස්සෙ සුජී කවුද කියන පැත්තෙන් වීඩියෝ නිර්මාණය වෙන්න ගත්තා. සුජී කියන්නෙ බල්ලෙක් පූසෙක් වෙන්න පුළුවන්ද? මේ කෝල් එකේ අනිත් පැත්තෙ හිටියෙ කවුරු වෙන්න පුළුවන්ද?
ඊට පස්සෙ අලූතේ පිරුළු නිර්මාණය වුණා.
‘රනිල් ඔය අගමැතිකම දීපන් ළමයෙකුට’
‘රනිල් තෝ කසිප්පු ගහලද, කුඩු ගහලද? ඕක එයාර් පෝර්ට් එකක්, කොහේ තියෙන වී ගබඩාවක්ද බං?’
මේ විදිහට සමාජ දේශපාලන සංස්කෘතික විවිධ පරාසයන් ඇතුලෙ සුජී ප‍්‍රතිනිර්මාණය වුණා. මේ උපහාසය කාටවත් අපහාසයක් වෙන්නෙ කොහොමද?
උදා විදිහට අපේ ජනකතා පැත්තට ආපහු හැරිලා බැලූවොත් අපි උපහාසයෙන් නෙමෙයිද පණිවුඩය අරගෙන එන්නෙ? හසලක ළ`ගදි මතක් කරපු කතාවක් වුණේ ගෙදරට එන කරණවෑමියාට නිකං හාල් සේරුවක් දීලා යවන්න ලෝබකමට කියලා හිස බූ ගා ගත්ත ගමමහගෙ ගැන කතාව. ඒක ඒ කොහේ හරි ගමමහගෙ කෙනෙකුට අපහාසයක්ද, නැත්තං ඊට වඩා ලොකු කතාවක් මතු කරන උපහාසයක්ද? අලියාගේ වල්ගෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ ගිය කතාව ගමරාළට අපහාසයක් වෙනවද?
අපි ඩිජිටල් ජන සාහිත්‍යය මීට වඩා පළල් විදිහට තේරුම් ගන්න ඕන. මෙතන හොඳ හෝ නරක කියල දෙයක් නෑ. යම් කිසි අලූත් දෙයක් නිර්මාණය වෙනවා විතරයි. ඊට පස්සෙ ඒක නිර්නාමිකයි. නිර්පුද්ගලිකයි. ඒක ඩිජිටල් වහරක් වෙනවා. හැමදෙයක්ම ඒකෙන් ඉන්ෆ්ලූවන්ස් වෙන්න ගන්නවා. හැම පැත්තකින්ම හොඳ ප‍්‍රවණතාවයක් මේක. මගේ අදහස අනුව කාගේ හෝ නිරුවත් වීඩියෝවක් වුණත් මේ විදිහට අන්තර්ජාලයේ පැතිරීම කිසිම නරකක් නෙමෙයි. මෙතන කිසි කෙනෙකුගේ පුද්ගලිකත්වයක් හුවමාරු වෙන්නෙ නෑ.
මේ නිමේෂයන් නැවත පුද්ගලික විදිහට කියවාගන්නෙත් තාක්‍ෂණික අතින් ඉතා අපරිණත පිරිස්. ඒ වෙනුවට ඊට ප‍්‍රති සංවාදය දියත් වෙන්න ඕන. කතිකාවන් පටන් ගන්න ඕන. ඒ හරහා අදහස් සමාජගත කරන්න ඉතාමත් අලූත් ප‍්‍රවේශයන් අත්හදා බලන්න පුළුවන්.
උදා විදිහට මේ සුජීගේ ගීතය අපේ විදේශ රැකියා කාර්යාංශය වගේ තැනක තේමා ගීතයක් වෙන්න පවා සුදුසුයි. මේ තරම් සජීවී විදිහට මේ රට රැකියා පිළිබඳ ප‍්‍රශ්නයක පැතිකඩ සියල්ල එකට මුණගැහෙන්නෙ නෑ වෙන කිසි තැනක. වඩා වැදගත් වෙන්නෙ බොරු භාවාතිෂය වීම් වලින් තොරව සියල්ල විවෘතව කියවෙන එක.
එක පැත්තකින් මේ රට රැකියාවල යෙදෙන අයගෙ ගෙවල් වල ඇත්ත තත්වය. අඩු ගානෙ මනි ට‍්‍රාන්සර් එකක නොම්මරයක් ලියා ගන්නවත් එතන දැනුවත් කෙනෙක් නෑ. මේ කාන්තාව විසින් නැවත නැවත කතා කරන මේ ගෙදර දරුවන්ගෙ තත්වය කොයි වගේ වෙන්න පුළුවන්ද? අනෙක් පැත්තට මේ තරම් පරිප්පුවක් කාගෙන හම්බකරන සල්ලි වලට අත්වෙන ඉරණම මොකක්ද?
ඒ වගේම අපේ රට රැුකියාවලට යන කාන්තාවන්ගෙ අධ්‍යාපන, සංස්කෘතික මට්ටමත් මෙතනදි පැහැදිලියි. කිසිම පුහුණුවක්, ඉගැන්වීමක් නැතිව මේ විදිහෙ ශ‍්‍රම ශරීරයන් අපනයනය කරමින් අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? මේ අයගේ ආදායම් හරහා නැවත මේ පවුල් දියුණුවක් ලබාවිද?
මේ හැම ප‍්‍රශ්නයක්ම සුජීගේ රී-මික්ස් එක ඇතුලෙ ඇහෙනවා. ඒක නැවත ස්වභාවික දුරකතන සංවාදයක් නෙමෙයි. වයිරල් සාහිත්‍යයක් විදිහට ඒ සංවාදය නැවත ස්ථානගත වෙනවා. ඒ හරහා දැවැන්ත සමාජ කතිකාවක් ඇති වෙනවා.
මුලින් හිනාවෙනවා වෙන්න පුළුවන්. ඒත් මිනිත්තුවකට පස්සෙ වැඬේ පත්තු වෙනවා. සුජී කවුද? අපි කවුද?
අපි නැවත හිතන්න පටන් ගන්නවා.
චින්තන ධර්මදාස