චරිත්ගෙ යූටියුබ් චැනල් එකට පොත ගැන ඉන්ටවිව් එකක් කරද්දි චරිත් මගෙන් අමුතු ප‍්‍රශ්නයක් ඇහුවා. මේ කරන සෙක්ස් වැඬේ දේශපාලනිකද කියල. ඒකෙන් මං මොහොතකට කල්පනාවකට වැටුනා. ඒක එහෙමද? මොකක්ද දේශපාලනිකයි කියන්නෙ? අපිට පුළුවන්ද එහෙම යම් දෙයක් දේශපාලනිකයි කියල හිතලා කරන්න. අනිත් පැත්තට දේශපාලනික නොවෙන වැඩ තියෙන්න පුළුවන්ද?
උදා විදිහට මට මධූ රොක්ස් දේශපාලනිකයි වමේ පක්ෂයකට වඩා. මධූ රොක්ස්ට පුළුවන් වෙනවා එක දවසකින් ලංකාව ලේයර්ස් ගනනාවකින් තිගැස්මකට ලක් කරන්න. මේක අපිට කියන්න පුළුවන් ඩිස්රප්ෂන් එකක් කියල. අපි සීරියස් කියලා හිතන්නෙ මොකක්ද, ආර්ට් කියල හිතන්නෙ මොකක්ද, පොලිටික්ස් කියල හිතන්නෙ මොකක්ද, ඉතිහාසෙ කියල හිතන්නෙ මොකක්ද වගේ කලාප ගනනාවක පැරඩියක් එයා හදනවා. පැරඩියක් කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ලංකාවම අනාත වෙනවා. මට අනුව මධූ රොක්ස් කරන්නෙ දේශපාලනික වැඩක්. ඒත් ඒක එයා කරන්නෙ එහෙම දැනගෙන නෙමෙයි. ඕන නං අපිට එහෙම කියවන්න පුළුවන්.
අපි දේශපාලනිකයි කියල හිතාගෙන කරමින් ඉන්නෙ මොනවද? පිකට්, රැුලි, පාගමන් මේවා තවදුරටත් දේශපාලනිකද? නැත්තං මධූ රොක්ස්ට වඩා පරණ පැරඩිද? දේශපාලනිකයි කියල මගේ යාලූවො කරමින් ඉන්න ගොඩක් දේවල් ගැනත් මට එහෙම හිතෙනවා. සමහර විට දේශපාලනිකයි කියල හිතාගෙන දෙයක් කරන්න ගියහම ඒක ජෝක් එකක් වෙලා නතර වෙනවා වෙන්න පුළුවන්.
මට හිතෙන්නෙ පවතින තත්වයන් ගැන නූතන තේරුම් ගැනීමකින්,
ප‍්‍රායෝගිකව වැඩ කරන,
මිනිස්සු එදිනෙදා එන්ගේජ් වෙන දේවල් දේශපාලනිකයි.
ඒ වෙනුවට පවතින තත්වයන් ගැන පුරාතන හෝ න්‍යායික හෝ තේරුම් ගැනීමකින්, ප‍්‍රායෝගිකව වැඩ කරන්නෙ නැති, මිනිස්සුන්ව බලෙන් දක්කන්න සිද්ද වෙන වැඩ අදේශපාලනිකයි.
එහෙම වුනහම මට මං කරන දේ දේශපාලනිකද කියල තීරණය කරන්න බෑ. ඒක තීරණය වෙන්නෙ සමාජය එක්ක සිද්ද වෙන ඉන්ටරැුක්ෂන් එක අනුව.
ඊට පස්සෙ මිනිහා තවත් හොඳ ප‍්‍රශ්නයක් ඇහුවා. ආගම සහ සෙක්ස් ගැන. ඒක හරිම ඉන්ටරෙස්ටින්ග් මාතෘකාවක්. ඕනම ආගමකට තියෙන ප‍්‍රතිවිරෝධය තමයි සෙක්ස්. ආගමක් දියවෙන තැන. කිසිම ආගමකට සෙක්ස් බාරගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ආගමක් කියන්නෙ රෝගයක් වීම. ආගමක් කියන්නෙ අපි අපේ ඇත්ත යටපත් කරමින් අපේ නැති ඇත්තකට බුහුමන් කරන්න එකතු වෙන සාමූහික ඇදහිල්ලක්. එතන තියෙන්නෙම අපේ ඇත්ත, ඒ කියන්නෙ ආශාව යටපත් කිරීම, වාරණය කිරීම හරහා ශුද්ධවන්තභාවයක් බලාපොරොත්තු වෙන එක. සෙක්ස් කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. අපේ ආශාව වැළඳගැනීම, තෘප්තිමත් කිරීම කියන අර්ධය. මිනිස්සුන්ව මිනිස්සු විදිහට බාර ගැනීම. ආගමක් කියන්නෙ මිනිස්සුන්ව නැති දේවත්වයකට ඇන්දීම. මේ ලෝකෙ වෙනුවට පරලෝකෙකට ඇන්දීම. ඕනම ආගමක් මූලිකම අර්ථයෙන් ආශාවට බයයි.
පුද්ගල අභ්‍යන්තරය වටහා ගැනීම වෙනුවෙන් කරන ආධ්‍යාත්මික ගවේෂණයක් කිසිම විදිහකින් ආගමක් වෙන්න බෑ. ආගමක් කියන්නෙ ස්වයං සහ පොදු රැුවටීමක්. ආධ්‍යාත්මික ගවේෂණයක් අනිවාර්යෙන්ම පුද්ගලික වෙන්න ඕන. ඒක කොහෙත්ම සාමූහික විනයක් ශික්ෂණයක් වෙන්න බෑ. මේ ගැන ඇත්තටම ඕෂෝ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරනවා.
මේ ආගමික එක වමේ දේශපාලනිකයි කියන දේවල් ඇතුලෙත් තියෙනවා. සාමූහික ඇදහිල්ල, ආශාවට විරුද්ද වීම, වාරණය වගේ දේවල්. අපි දේශපාලනිකයි කියල හිතන ගොඩක් දේවල් දේශපාලනික වෙනුවට ආගමිකයි.
තමන්ගේ පුද්ගලික ආශාව යටපත් කරමින් පොදු යහපත හෝ ස්වර්ගය හෝ නිර්වාණය හෝ වෙන විප්ලවය හෝ වෙන ඕනම දෙයක් වෙනුවෙන් පෙනී සිටීම ආගමික පුහුණුවක්. ඒ වගේම ආගමික හැමදෙයක්ම සමාජයක් එකතැන පල් කරනසුලූයි. අලූත් දේට විරුද්ද වෙනසුලූයි. තමන්ගේ මතවාදය වෙනුවෙන් මරාගන්නාසුලූයි. ආදරය වුනත් ආගමික වුනොත් එතන මේ අවුල හැදෙනවා.
ඒක නිසා සෙක්ස් කියන්නෙ අපි නැවත අපිව අත්පත් කරගැනීමේ කැරැුල්ලක් වෙනවා. අපේ ශරීර ආශාවන්ගේ මූලයන් බාරගැනීමේ මොහොතක් වෙනවා. ආගමෙන් ගැලවීමෙන් ලබන සැබෑ විමුක්තියක් වෙනවා.
මට හිතෙන්නෙ සෙක්ස් වඩාත් උත්සවශ‍්‍රීයෙන් සමරන්න ඕන වෙන්නෙම ආගමික විකාරයන්ගෙන් සිද්ද වෙමින් තියෙන හානිය දරුණු හින්ද. සියලූ දේ ආගම් විසින් පවරාගනිමින් අපිට අපිව අහිමි කරමින් තියෙන හින්ද.
අපි අපේ නිරුවත වෙනුවෙන් පෙනී ඉන්න ඕන.