ළමයි කියන්නෙම, හරිම curious ජාතියක්.
ලොකු වෙන්න වෙන්න, ඒක වැඩි මිසක් අඩු වෙන්නෙ නැහැ.
Sex වලට expose වෙන එක, ඒ ගැන දැනගන්න ඕන වෙන එක, තමන්ගෙ ඇඟේ කොටස් ගැන දැනගන්න ඕන වෙන එක,
ඒ curiosity එකේම කොටසක් මිසක් වෙන මුකුත් අමුතු දෙයක් නෙමෙයි.
ඒ තමයි සාමාන්‍යය මිනිස් ස්වභාවය.
මේ දේවල් අපිට නතර කරන්න විදිහක් නැහැ.
It’s the way of things.
ළමයි මේ දේවල් ගැන curious වෙන්න පටන් ගන්නකොටම,
ඉස්කෝලෙන් ඉගෙනගන්න කල් කියලා ඉන්නෙ නැතුව, ළමයින්ට ඒ අවශ්‍ය අවබෝධය දෙන එක තමයි, වැඩිහිටියෝ විදිහට දෙමව්පියන්ගෙ වගකීම.
අවුරුදු 4,5ක් වෙනකොට, තමන්ගෙ නම මොකද්ද, වයස කීයද, වගේ දේවල් දැනගන්න කාලෙ වෙනකොට, Sexuality/ ලිංගිකත්වය, ගැන healthy conversation එකක් ගෙදර පටන් ගන්න ඕනෙ.
හිතවත්කම්, සම්බන්ධකම්, යාලුකම්, තමන්ගෙ body parts වල නම්, මේ හැමදෙයක් ගැනම කතාබහක් ටික ටික ඇති වෙන්න ඕනෙ.
මට මතකයි වෙන රටක news එකක්, පොඩි ගෑනු ළමයෙක්ව abuse වෙලා පවුලෙ කෙනෙක්ගෙන්, ඒ ගැන kindergarten ගිහින් teachers ලට කිව්වට,
කවුරුත් ඒක serious දෙයක් විදිහට consider කරලා නැහැ.
‘He touched my apples’ කිව්වට, මේ කියන්නෙ මොකද්ද කියලා කාටවත් තේරිලා නැහැ.
‘Apples’ කියන්නෙ, body part එකකට කියන ආදේශක නමක් කියන එක කවුරුත් හිතලා නැහැ.
Boobs, Vagina, Penis, වගේ body parts වල හරි නම් ළමයින්ට loud and clear කියලා දෙන එකේ වැරැද්දක් නැත්තෙ මේ නිසයි.
තමන්ගෙ ශරීරයේ කොටස් වල නම් කියන්නෙ, ‘කුණුහරප’ නෙමෙයි.
ළමයි පරිස්සම් කරනවා කියන්නෙ, දැනුවත් කරන එකට,
ignorant කරවන එකට නෙමෙයි.
බහුතරයක් දෙමව්පියන්, විශේෂයෙන්ම ලංකාව වගේ සෑහෙන regressive රටක,
sex ගැන තියෙන්නෙ බයක්.
දැනුවත් වෙනවා වෙනුවට කරන්නෙ පුලුවන් තරම් ළමයිව sex වලින් ඈත් කරලා තියන්න හදන්න එක.
Sex වටේ අමුතු මනංකල්පිත බයක් හදාගෙන ඉන්නවා.
වැඩිහිටියෝ හිතනවා ළමයි sex ගැන දැනගත්තොත්, curiosity එක වැඩි වෙලා වේලාසනින්ම sex කරන්න පටන් ගනී, එහෙමත් නැත්නම් ළමයිගෙ ඔලු විකෘති වෙයි කියලා.
නමුත්, ළමයින්ව sex ගැන දැනුවත් කලොත් ඇත්තටම සිද්ධ වෙන්නෙ ඒකද?
AAP (American Academy of Pediatrics) එකෙන් කරපු research එකකදි prove වෙලා තියෙනවා,
ළමයි sexuality ගැන දැනුවත් වෙන තරමට sex කරන්න පරක්කු වෙනවා කියලා.
Sex කරනවා නම්, safety precautions අරගෙන වගකීමකින් sex කරන්න ඉගෙනගන්නවා කියලා,
Teenage pregnancies වලින් වැළකෙන්න ළමයි දැනගන්නවා කියලා.
දෙමව්පියෝ, වැඩිහිටියෝ ළමයි ‘පරිස්සම්’ කරන්න නොයේක ප්‍රයත්නයන් දරද්දි,
ළමයි තමන්ට අවශ්‍ය දැනුම internet එකෙන්, media වලින්, යාලුවන්ගෙන් දැනගන්නවා කියලත් ඒ research එකේ කියලා තියෙනවා.
මේක තමයි අද ලෝකෙ මිනිස්සු ජීවත් වෙන විදිහ, දියුණු වෙලා තියෙන තරම.
Information කියන්නෙ තව දුරටත් ලබාගන්න කිසිසේත්ම අමාරු දෙයක් නෙමෙයි.
ඕනම දෙයක් ගැන තොරතුරු හොයාගෙන ඉගෙනගන්න, අද ලෝකෙ ළමයින්ට, ඕන තරම් සම්පත් තියෙනවා.
මේ ලැබෙන නිමක් නැති information, හරිහමන් විදිහට හසුරුවන්න අවශ්‍ය මග පෙන්වීමයි අපි ළමයින්ට දෙන්න ඕනෙ.
Sex කියන එකෙයි, sexuality කියන එකෙයි වෙනස අපි ළමයින්ට කියලා දෙන්න ඕනෙ.
Sex education කියන්නෙ, කායික සාධක විතරයි, විශේෂයෙන්ම sexual intercourse/ ලිංගික සංසර්ගය, ගැබ්ගැනීම්, සහ STDs (Sexually Transmitted Diseases) වළක්වන විදිහ වගේ දේවල් විතරයි.
මේ දේවල් ගොඩක් වැදගත් වුනත්,
sexuality/ ලිංගිකත්වය කියන එක එතනින් නතර වෙන දෙයක් නෙමෙයි.
Sexuality කියන්නෙ, එදිනෙදා ජීවිතේ අපි අපිව express කරන විදිහ.
ඒක පටන් ගන්නෙ අපි ඉපදෙනකොටමයි,
නැති වෙන්නෙ මැරෙනකොට.
ඒ කියන්නෙ, sexuality වලින් තොර ජීවිතයක්, පැවැත්මක් මනුස්සයෙක්ට නැහැ කියන එක.
තව ඉස්සරහට විස්තර කලොත්, sexuality කියන්නෙ, තමන්ගෙ ගැහැනු බව හෝ පුරුෂභාවය.
තමන්ගෙ ලිංගික ආසාවන්, ශරීරයෙ පෙනුම, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භූමිකාව, කාමුකත්වය, ලිංගික අවයව, ආකල්ප, අගයන්, දැනුම, හැසිරීම්,
intimacy, relationships, love,
මේ කියන ඔක්කොම.
ඒ නිසයි මේ දැනුම වැදගත් වෙන්නෙ,
ළමයින්ට ජීවත් වෙන්න උගන්නන්න,
මිනිස්සු එක්ක සම්බන්ධකම් හසුරුවන්න උගන්නන්න.
අපි එකිනෙකාට සෑහෙන වෙනස්.
එකම පරිසරයක හැදුනත්, එකම social values එක්ක හැදුනත්, අපේ sexuality values සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.
ඒක අපි පිළිගන්න ඉගෙනගන්න ඕනෙ.
එහෙම කොහොමද! අපේ සංස්කෘතිය!
Sex වලට ඒ කිසි දෙයක් බලපාන්නෙ නැහැ, කාටවත් හිරිහැරයක් නොවන තාක් ඕන මනුස්සයෙක්ට ඕන විදිහකට ජීවිතේ විඳින්න පුලුවන්කම තියෙනවා.
තමන්ගෙ ලිංගිකත්වය නිදහසේ ප්‍රකාශ කරන්න තහනමක් නැහැ කියන එක ළමයි දැනගන්න ඕනෙ.
Sex ගැන තියෙන නොදැනුවත්කම් වැඩි නිසා,
ඒ සම්බන්ධයෙන් තියෙන වැරදි වැටහීම් ලංකාව වගේ රටක ගොඩක් වැඩියි.
මිනිස්සු බහුතරයක් හිතන දෙයක් තමයි, හැමෝම sex කරන්නෙ ළමයි හදන්න කියන එක.
නමුත්, Reproduction කියන්නෙ, sex වල එක අංගයක් විතරයි.
එහෙම ප්‍රාථමික විදිහට අපිට sex දිහා තව දුරටත් බලන්න පුලුවන්කමක් නැහැ.
අපි species එකක් විදිහට පරිණාමයේ සෑහෙන දුරක් මේ වෙද්දී ඇවිත් තියෙනවා.
අපිට ඒකෙන් ආපස්සට යන්න බැහැ.
අපේ රට, අපේ සංස්කෘතිය, අපේ අරක, අපේ මේක,
ඒ හැමදේම පැත්තකින් තියලා,
අපි මිනිස්සු කියන තැනින් හැමවෙලේම පටන්ගන්නවා නම්, මේ ගොඩක් පැටලිලි ලිහාගන්න ලේසියි.
මිනිස්සුන්ට තියෙනවා වර්ගයා බෝ කරන එක ඇරෙන්න පිරිමහගන්න ගොඩක් ආසාවන්.
සතුට වෙනුවෙන් Sex කරන්න, ආරක්ෂිතව sex වල ඇසුර ලබාගන්න,
මිනිස්සු මේ වෙද්දි හොඳටම දැනුවත්.
අපි කරන්න ඕනෙ ඒ දැනුම බෙදාගන්න එක.
Sexuality education නැතිකමින් ලංකාවෙ පිරිමින්ගෙ පොදුවෙම තියෙන ගතියක් තමයි,
ගෑනු කෙනෙක් කියන්නෙ තමන්ට pleasure එක දෙන්න ඉන්න කෙනෙක් මිසක් එයාට sex වලට ආසාවක් නැහැ කියලා හිතාගෙන ඉන්න එක.
ගෑනු කෙනෙක් කියන්නෙත් සියලු මිනිස් හැඟීම් දැනෙන, සතුට විඳින්න ආස කෙනෙක් කියලා හිතන්න තේරෙන්නෙ නැතිකම.
එයා sex කරන්නෙත්, පිරිමි වගේම pleasure එකක් හොයාගෙන කියලා නොදන්නකම.
මට හිතෙන විදිහට, Sex වල ලස්සනම දේ තමයි, එක්කෙනෙක් විතරක් මේ ගමන යන්න දැනගෙන හිටියට වැඩක් නැති එක.
ලංකාව මිනිස්සු බහුතරයක් දෙනා හිතන් ඉන්නෙ, sex කියන්නෙ intercourse කියලා,
විශේෂයෙන්ම පිරිමි.
නමුත්, Intercourse කියන්නෙ, ගමනාන්තය විතරයි.
ලස්සන තියෙන්නෙ යන මග දිගේ.
මග දිග ලස්සන බලන්න ඇඟ විතරක් තිබිලා මදි, හිතත් ඕනෙ.
පණ තියෙන හැමදේකටම තමන්ගෙ කියලා purpose එකක් තියෙනවා,
ඒක අපි ළමයින්ට කියලා දෙන්න ඕනෙ.
මේ තත්වය හිතනවට වඩා බරපතලයි.
ලංකාවෙ ගොඩක් ගෑනු අයත් පිළිඅරන් තියෙන්නෙ sex කියන්නෙ, පිරිමින්ට විතරක් අයිති දෙයක් විදිහට.
මොකද්දො උස් පහත් කිරීමක් තියෙනවා,
කොල්ලොන්ව නම් නාවලා ගෙට ගන්න පුලුවන්, කෙල්ලොන්ව නම් එහෙම බැහැ,
මේ වගේ අමුත් privilege එකක්, entitlement එකක් පිරිමින්ට හදලා දීලා තියෙනවා.
ඒ හැම දෙයක්ම ඒ විදිහට සිද්ධ වෙලා තියෙන්නෙ, sexuality කියන එක ගැන කිසිම අවබෝධයක් නැතිකමින්.
මගෙ යාලුවෝ ඉන්නවා අදටවත් orgasm එකක් කියන්නෙ මොකද්ද කියලා හරියට දන්නෙ නැති,
vibrator එකක් කියන්නෙ මොකද්ද කියලා අහලා නැති,
නමුත් කසාද බැඳලා, ළමයිනුත් ඉන්න.
මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි මේ couples වල sex lives ගැන.
ජීවිතෙ කොච්චර හිස් ඇතිද කියන එක.
අපි මිනිස්සු විදිහට කරන්න අවශ්‍ය basic ම දේ අපේ ඇඟ ගැන දැනගන්න එක.
ඉතින් තමන්ගෙ ඇඟ ගැනවත් හරියට නොදන්න කෙනෙක් කොහොමද තව ජීවිතයකට ජීවත් වෙන හැටි කියලා දෙන්නෙ?
නමුත් එහෙම අය තමයි ලංකාවෙ ගොඩක් අම්මලා වෙලා ඉන්නෙ.
ඒ නිසා තමයි Sex වලට මේ විදිහෙ අනවශ්‍ය බයක් තියෙන්නෙ,
sex කියන්නෙ ගෝනි බිල්ලෙක් කියලා ළමයිවත් බය කරන්නෙ.
කොච්චර ඈතට කරලා තියන්න හැදුවත්,
Sexuality කියන්නෙ අපි කවුද කියන එක.
ඉතින් අපි කොහෙද අපිව මගඇරලා යන්නෙ?
පොඩි කාලෙ ඉඳලම අපි ළමයින්ට උගන්නන්න ඕනෙ එකිනෙකාට ගෞරව කරන්න, ආදරේ කරන්න, එකිනෙකාව තේරුම් ගන්න.
එක පාරට උදේ නැගිටලා බලනකොට ළමයි වැඩිහිටියෝ වෙලා තියෙන්නෙ නැහැ,
වැඩිහිටියෝ වුනාට පස්සේ, එක රැයින් මේ කිසි දෙයක් කියලා දෙන්න හැදුවා කියලා වැඩක් වෙන්නෙත් නැහැ.
ඒ නිසා, වැඩිහිටියෝ විදිහට අපේ කොටස, අපේ වගකීම ළමයි වෙනුවෙන් කරමු,
ආදරේ දන්න, දැනෙන, අඳුරන, සමාජයක් වෙනුවෙන්….
ලූනා අමරසේකර