මෑත හාමුදුරු කෙනෙක් තමන්ගේ පාද දෝවනය කරන්න ඕන හැටි විස්තරාත්මකව බණ‍ට කියන වීඩියෝවක් ජනප්‍රිය වුනා. පාද ස්පර්ශ කරන්න ඕන හැටි, සිපගන්න ඕන හැටි, පාද මත ගත කරන්න ඕන හැටි ආදී වශයෙන් උන්වහන්සේ පාද නමස්කාරය ගැන බුදුන් වදාල දහමක් වෙන්නැති ඒ දෙසන්නෙ. කොහොම වුනත් පාද නමස්කාරය නැත්නම් ෆුට් වර්ෂිප් කියන්නෙ රති සම්ප්‍රදායකුත් වෙනවා. බීඩීඑස්එම් හා බැඳුනු kink එකක් විදිහට එන මේ ෆුට් ෆෙටිෂ් ගැන උපාසිකාවන්ට බණ දේශනා කිරීමත් තවත් කින්ක් එකක් වෙන්න පුළුවන්. ෆෙටිෂ් එකක් කියලා කියන්නෙ අපේ ශරීරයේ ලිංගික ඉන්ද්‍රියයන්ගෙන් බැහැර වෙනත් වස්තූන් හෝ දේවල් වලින් ලිංගික උත්තේජනයක් ලබාගැනීමටයි. කින්ක් කියන්නෙ පිළිගත් ලිංගික සම්ප්‍රදායන්ගෙන් වෙනස් වූ ලිංගික චර්යාවන්ට.

ෆුට් ෆෙටිෂ් කියන්නෙ කකුල්වලට ඇති ලිංගික අනුරාගය. ඒ කියන්නෙ කාගෙ හෝ කකුල්, පතුල්, ඇගිලි, වළලුකර ආදිය දැකීමෙන් ලිංගික ප්‍රාණවත්බවක් ලැබීම. මේ ආශාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. සමහර අයට කකුලක්, පතුලක් දැකීම ප්‍රමාණවත්. සමහර අයට පාට කළ පාද නියපොතු, පාදයේ පළඳනා ආදිය මේ උත්කර්ෂය දෙන්න පුළුවන්. තව සමහරු අර හාමුදුරුවො වගේ පාද සම්බාහනය කිරීමෙන්, දෝවනය කිරීමෙන්, පාද නැමදීමෙන් සුරතාන්තයට පත්වෙන්න පුළුවන්.

ඔබේ දෙපා මත හිස රඳවන්නම්

පළමු වතාවට හිමි සඳුනේ…

ලංකාවෙ ගීතය තුලත් මේ ෆුට් ෆෙටිෂ් කතා කියවෙන තැන් බෝමයි.

ෆුට් ෆෙටිෂ් කියන්නෙ ඉතා බහුලව පවතින අනුරාගයක්. ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ට බැඳුනු අනුරාගයන් අතර පාදානුරාගය ප්‍රමුඛ එකක් බවයි කියන්නෙ. මේ පාදවල ඇති ස්නායු අග්‍රයන් ස්පර්ශ කරද්දි කිතිය, දැනීම, උත්තේජනය ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මේ තත්වය ලිංගික ප්‍රාණවත්වීමක් කරා යන එකයි ෆෙටිෂ් එකක වෙනස. හැබැයි ඒක කොහෙත්ම අස්වාභාවික එකක් නෙමෙයි.

මේ ෆෙටිෂ් එකත් එක්ක සෙක්ස්වල හියුමිලියේෂන් නැත්නම් අපහාස විඳීම කියන කාරණය බැඳිලා තියෙන්න පුළුවන්. පාද සලකන්නෙ පහත් නැත්නම්, කිළිටි කොටසක් විදිහට. එවන් තැනක් ස්පර්ශ කිරීම, සිපගැනීම, නමස්කාරය කියන්නෙ අපි ඊටත් වඩා පහතට අපිව ඇද දමමින් dirty විදිහට රසවත් වීමක්. අනෙකා ඉදිරියේ ඒ තරමට යටත් වීමෙන් ලිංගිකව ආස්වාදය ලැබීමක්. ඒ බල ක්‍රීඩාව රති ක්‍රීඩාවක්.

මේ ෆෙටිෂ් එකේ වර්ග තියෙනවා. සමහරු සපත්තු සහ මේස්වලට අනුරාගයෙන් බැ‍දෙනවා. සමහරු ‍නිරුවත් දෙපාවලට. තව සමහරු හයි හීල්ස්වලට. සමහරු යාන්තමින් ඇගිලි එලියට පනින සැන්ඩ්ල් වර්ගවලට. ස්ටොකින්ස්වලට ආසාවෙන් බැදෙන අයත් ඉන්නවා.

ඔබේ පෙම්වතාගේ ‍හෝ පෙම්වතියගේ මේ ආසාව අඳුරාගන්න එකයි වැදගත්. එයා ඔයාගෙ කකුල් ගැන ගොඩක් කතා කරනවා, ඒ දිහා වැඩිපුර උනන්දුවෙන් බලන් ඉන්නවා නම් එයා එක්ක විවෘතව කතා කරන්න. ඒ ආශාව විනිශ්චය කරන්න යන්න එපා. යටිපතුල් අනුරාගය කියන්නෙ කිසිම වරදක් හෝ මානසික රෝගයක් නෙමෙයි. ඒක ආදරය රසවත් කරන තවත් අලුත් කවුළුවක් විදිහට දකින්න. ඒ ආශාවේ ඔයා සම්බන්ධ වෙන්න කැමති, ඔයාට අනුරාගී වෙන කොටස මොකක්ද කියල තේරුම් ගන්න. දෙන්නා අතර හොඳින් වටහා ගත් කින්ක් කලාපයක් නිර්මාණය කරගන්න.

අවංකබව, අනෙකාගේ සීමාවන් තේරුම් ගැනීම, මනස සූදානම් වීමට අවශ්‍ය කාලය ලබාදීම, ටිකෙන් ටික සමහර විට ෆුට් මසාජ් එකක් වගේ තැනකින් හඳුන්වාදීම, අනෙක් කෙනාගේ පැහැදිලි කැමැත්ත ලබාගැනීම අලුතෙන් ෆුට් ෆෙටිෂ් ට්‍රයි කරන කෙනෙක් ඉවසිල්ලෙන් අභ්‍යාස කරන්න ඕන දේවල්.

පාද නියපොතු සැකසීම හෙවත් පෙඩියුකියු හෝ පාද දෝවනය සමහරුන්ගේ රසවත් කලාපයක්. සමහර අය පාදවල සෙල්ෆි හුවමාරු කරගනිමින් මේ රතිය ආස්වාද කරනවා. ඔයාගෙ දෙපතුල්වල සෙල්ෆියක් දකින්න, ඒ බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙන්න ඔබේ පෙම්වතා කියාගන්න බැරි ආසාවකින් ඉන්නවා වෙන්න පුළුවන්. සපත්තුවලට ඇති ආදරයත් මේ ආශාවෙ තවත් සෞන්දර්යාත්මක ඉසව්වක්. සපත්තු එකතු කිරීම, ඒවා නමස්කාර කිරීම, ඒවා පළඳා ඉන් පැගීමෙන් තෘප්තිමත් වීම වගේ ආසාව තියෙනවා නම් කරන්න පුළුවන් ‍‍‍‍ගොඩක් දේවල් තියෙනවා.

ඒ වගේම පාද ඇගිලි ලෙවකන්න සිපගන්න ඇති ආශාවත් තියෙනවා. ඒ වගේ පෙම්වතෙක් දිවෙන් ඇගිලි අතර කිතිකවන විට ඔයා කිසි දවසක අත්නොවිඳි තරම් අමන්දානන්දයට පත්වෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම සමහරු කැමතියි ඒ පාද අතර තමන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කරන්න. එයින් පිරිමදින්න. ඒ මත ශුක්‍ර මෝචනය කරන්න.

එතකොට මේ ෆෙටිෂ් එක එන්නෙ ලස්සන, පිරිසිදු දෙපා ගැන විතරද? කොහෙත්ම නෑ. සමහරු කැමතියි එහෙම දෙපා වලට. දිගටි ඇගිලිවලට, බෝල ඇගිලිවලට ආදී වශයෙනුත් කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම පැළුණු, කැත වුණු, කිළිටි දෙපා ගැන අනුරාගයෙන් බැදෙන අයත් ඕන තරම්. සෙක්ස්වලදි කිසිම දෙයක් ඩිස්ක්‍රිමිනේෂන් නැත්නම් පහත්කොට සැලකීමක් සිද්ද වෙන්නෙ නෑ. පිරිසිදුකම වගේම අපිරිසිදුකමත් අනුරාගය වර්ධනය කරන්න පුළුවන්.

අපි හැමෝම එකිනෙකාට වෙනස්. ඒ වෙනස්කම් බෙදාගෙන විනිශ්චය නොකර රස විඳින එකයි සෙක්ස්වල චමත්කාරය. මොනවා වුනත් අර හාමුදුරුවො ෆුට් ෆෙටිෂ්වල පළවෙනි පාඩමත්, පෙරහුරුවත් කරන එක අගය කරන්න ඕන.