පාසැල් දැරියක් විදිහට cosplay එකක් කරමින් අන්තර්ජාලය අසභ්‍ය වීඩියෝ මුදාහැරියා කියලා පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට අරගෙන. මේ කතාව හරිම ඉන්ටරෙස්ටින් එකක්. මෙතනදි පොලිසිය හැමදාම වගේ තමන්ගෙ අසභ්‍යත්වය ප්‍රදර්ශනය කරලා තියෙනවා. කිසිදු බලහත්කාරයක්, දූෂණයක් හෝ වංචාවක් සිදු නොකළ යුවළකගේ පෞද්ගලික ලිංගික ක්‍රියාවලියක් මැදට කඩාපැනලා තියෙනවා. ලංකාව වගේ ලිංගික ආතතියෙන් පෙලෙන සිංහල බෞද්දයන් බහුල රටක මේ වගේ තිරශ්චීන වැඩවලින් පොලිසියට ලකුණු දාගන්න පුළුවන්.

රුවන්වැල්ලෙ තරුණියක් සහ පිළිමතලාවෙ තරුණයෙක් අතරයි මේ අසිරිමත් ආදර කතාව දිගහැරෙන්නෙ. මේ දෙන්නා නීතියෙන් විවාහ වූ අය. ඒ දෙන්නා දෙන්නාගේ කැමැත්තෙන් තමන්ගේ ලිංගික දර්ශන වීඩියෝ කරලා අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරනවා. ඒ හරහා මාසිකව රුපියල් ලක්ෂයක පමණ මුදලක් උපයාගෙන තියෙනවා.

කොයිතරම් හොඳ රැකියාවක්ද? ආණ්ඩුවෙන් රස්සා ඉල්ලගෙන ගිහිල්ලත් නෑ. ආණ්ඩුවෙ සමෘද්ධිය හෝ වෙන සුබසාධන මත යැපිලත් නෑ. කිසි කෙනෙකුට පාඩුවක්, වංචාවක්, කොමිස් ගැහිල්ලක්, අපචාරයක් සිදු කරලත් නෑ. තමන්ගේ පාඩුවේ තමන්ගේ නිරුවත වීඩියෝ කරලා එය නරඹන්න කැමති, ඒ වෙනුවෙන් මුදල් ගෙවන්න කැමති අයගෙන් මුදල් උපයාගෙන ජීවත් වෙලා තියෙනවා. පොලිසිය නීතිය මුවාවෙන් කරන්නෙ මේ පුද්ගලයන්ගෙ ආර්ථික නිදහස කඩාකප්පල් කිරීමයි. එතනදි ඒ වීඩියෝ පළ කිරීමට කැමති අය වගේම ඒවා නැරඹීමට කැමති අයගේ අයිතියත් පොලිසිය විසින් උදුරාගන්නවා.

මේ යුවලම උපාධිධාරීන්. ඒ කියන්නෙ ලංකාවෙ සම්මත අධ්‍යාපන මිනුම්දඩු වලට අනුව උගත් අය. තමන් කරන දේ පිළිබඳ දැනුවත් අය. එවැනි දෙන්නෙක් මෙවැනි වෘත්තියක් තෝරාගැනීමම කොයිතරම් වටිනවද? ලිංගික ප්‍රකාශනවල යෙදිය යුත්තේ මෙවැනි අය නෙමෙයිද? නූගත් නොදන්නා ගැමි අසරණ බව අපයෝජනය කිරීම වෙනුවට දැනුවත්ව වෘත්තියක් ලෙස තමන්ගේ ලිංගික ප්‍රකාශනය යොදාගැනීම මොන තරම් අගය කළ යුතු පෞර්ෂයක්ද?

මේ අයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000ට ආසන්න ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. නැරඹුම්වාර මිලියන 09ට ආසන්නව තිබිලා තියෙනවා. මේ තොරතුරු කියන්නෙත් පොලිසිය. මේ කිසිම නැරඹීමක් නීතියෙන් හෝ වෙනයම් අනීතික ආකාරයකින් හෝ කරන ලද බලහත්කාරයක ප්‍රතිඵල නෙමෙයි. නරඹන්නන් විසින් සිය කැමැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස බුක්ති විඳපුවා. මේක ජාවාරමක් විදිහට ‍පොලිසිය හඳුන්වන්නෙ කුමන පදනමකින්ද? රජයට බදු ගෙවීමක් නොකරන හින්දද?

කොහොම වුනත් ලංකාවෙ නීතියෙන් මෙවැනි දේවල් අසභ්‍ය හැටියට ඔප්පු කරන්න පුළුවන්කමක් නෑ. නමුත් කවුරුවත් නීතිය අභියෝග කරමින් දිගටම මෙවැනි නඩුවකදි සටන් කරන්නෙ නෑ. අනිත් පැත්තෙන් වරද පිලිගැනීමෙන් ‍විඳින්නට සිද්ද වෙන දඩුවම වුනත් ඉතා ලිහිල් එකක්. ඇත්තටම ලංකාවෙ නීතිය මෙවැනි දේවල් ලොකු වරදවල් හැටියෙන් පිලිගන්නෙ නෑ. මේ වෙද්දි මේ දෙන්නාත් ඇප ලබාගෙන නිදහස් වෙලා තියෙනවා.

නමුත් සමලිංගික අයිතීන් වෙනුවෙන් වගේ තීරණාත්මක මැදිහත්වීම් සිවිල් සමාජය පැත්තෙන් සිදු නොවන නිසා පොලිසිය වරින්වර මේ සදාචාරය වෙනුවෙන් අපචාරය මුදාහැරීම සිද්ද කරනවා. ඒකෙන් කුහක බහුතරයක අසහනය සංතර්පනය කරනවා.