ඒක වෙහෙසකර රාත්‍රියක්. ඕනවට වඩා මහන්සි කිරීම නිසා මගේ ඔලුව කැරලි ගහමින් තිබුන. ඒත් රිසර්ච් එකට ඩෙඩ්ලයින් තියෙනවා. ඒ ආතතියට මං එක විදිහකින් ආසයි. මාව වහලෙක් වගේ පාවිච්චි කරන දැනුම් පද්ධතිය.. ඒකෙන් තොරව මං කිසිවක් නෙමෙයි.
ඊට පස්සෙ මං වොෂ් එකක් දාගන්නවා. හෙමින් ඇහෙන ජෑස් බීට් එකක්. අයිස්කැට තුනක් එක්ක විස්කි වීදුරුවක්. ජනේලෙ ළඟ ඉඳන් බලද්දි පහල පාරෙ යන ලයිට් එලි. තැන තැන නැවතුනු අඳුරු වාහන ඇතුලෙ රමණය කරන මිනිස්සු. ලයිට් නිවෙන, පත්තුවෙන ගෙවල්. ඒ හැමගෙදරක් ඇතුලෙම එක සංවාසයක් හෝ ස්වයං වින්දනයක් බැගින් ගණන් කළොත් මේ රාත්‍රිය කොයිතරම් රමණීය ද?
ඒ මොහොත අනුරාගී එකක්. හෙම්බත් ඇඟක් එක්ක හෙළුවෙන් ජනේලෙ ළඟ විස්කි බොන්න මං ඇබ්බැහියි.
විස්කි වීදුරුවකින් පස්සෙ කිසි හේතුවක් නැතුවත් මගේ ශිෂ්නය ප්‍රාණවත් වෙනවා. මට අන්සෙන්සර්ඩ් හැඟීම් පහලවෙනවා. දවස පුරාම වාරණය කරපු ජීවිතයට වඩා වෙනස් නිදහස් වගකීම් රහිත ජීවිතයක් රෑට ඇහැරෙන්න ගන්නවා.
මං උදීට ටෙක්ස්ට් කළා. ඒක කෙල්ලෙකුට ටෙක්ස්ට් කරන්න නරකම වෙලාවක්.
hi..
උදී කියන්නෙ ඔෆිස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක්. තනතුරේ හැටියට මං එයාගෙ බොස්. එයාගෙ තිබුන මං ගැන කැමැත්තක් වගේම ගෞරවයක්. මගේ තිබුන උදී ගැන නොසන්සිඳෙන ආශාවක්. එයාගෙ පුංචි ශරීරය, ඊට නොගැපෙන තරමට විශාල පියයුරු, වැඩියෙන්ම එයාගෙ කකුල්. ඒ කකුල්වලට පුළුවන් ඕන පිරිමියෙක් පිස්සු වට්ටන්න. මං වගේ වයසට ගිය පිරිමියෙක්ව බොහොම ලේසියෙන් ආතුර කරන්න.
hiiiiii..
එයා මාව පිළිගත්තෙ ඕනවටත් වඩා උණුසුමෙන්. මං ඉන්නෙ හෙළුවෙන්. එයා ඉන්නෙ කොහොමද කියල දැනගන්න මට ඕන වුනා.
hey, what are you doing?
මං අහන්න ඕන දේ වටෙන් ඇහුවා.
um.. right now I am doing my toes .. එයා හිනාවක් එක්ක මට කිව්වා.
යට ඇඳුමක් විතරක් ඇඳගෙන ඇඳක් උඩ කකුලක් තියාගෙන ඉඳගෙන ඉන්න, ඒ සුන්දර නියපොතු වර්ණ කරන උදී මට මැවිලා පෙනුනා.
she is crazy beautiful … මං මවපු රූපෙන්ම මාව මත් වුනා.
are you wearing a thong?
මං අවංකව මගේ ප්‍රශ්නෙ ඇහුවා.
එකපාරට දිග නිහැඬියාවක්. මට එයාගෙ තිගැස්ම දැණුනා. ඒ තිගැස්ම තමයි මගේ ආශාව. මං දන්නවා ඒ සීතල හැඟීම එයාගෙ යෝනිය දක්වාම යනවා කියල. මොහොතකට මං ඒ කකුල් මැද්දෙන් අතදාලා එයාව ඇල්ලුවා වගේ. එයාට හිතාගන්න බැරි මොහොතක්. ශෘංගාරයෙන් අනූන කැළඹීමක්. ආශා කුණාටුවක් මැද්දෙ එයා නොසැලී ඉන්නෙ කොහොමද?
is it black?
මං ආයිමත් ඇහුවා.
එයා කිසි උත්තරයක් දුන්නෙ නෑ. එයා ඒ හිස්තැන තියාගෙන හිටියා.
එයාට තිබුන මට බනින්න. නැත්තං මාව පිටුවහල් කරන්න. ඒත් එයා ඒ හිස්තැන දිගටම පවත්වාගෙන ගියා. මට ඕනම දෙයක් එයා ගැන හිතන්න පුළුවන් හිස්තැනක් ඒක. මං දන්න අවලංම විදිහෙන් එයාව පරිකල්පනය කළා.
එයාගෙ තිගැස්මට නියපොතුවල තවරමින් තිබුනු පාට පිට පනින්න ඇති. නොදැනුවත්වම වුනත් එයාට ඇඳන් ඉන්න යට ඇඳුම දිහා බැලෙන්න ඇති. මොහොතකට ඒ ගැන කැමැත්තෙන් උත්තර දෙනවද අකමැත්තෙන් ප්‍රතික්‍ෂේප කරනවද කියන දෙගිඩියාවෙන් පෙලෙන්න ඇති.
තාමත් එයා මං ගැන තීරණයක් අරගෙන නෑ. මං මගේ ශිෂ්නය ඉහල පහල කරන ගමන් හිතුවා. ස්ක්‍රීන් එකේ හිස්තැන මාව ඕනවටත් වඩා ප්‍රාණවත් කළා.
සංගීතයත් එක්ක ජනේලෙන් එන සීතල හුළඟ මගේ තට්ටම් පවා කුල්මත් කළා.
එයාට තියෙනවා ලොකු පරාසයක් විඳින්න. කිසි දවසක බලාපොරොත්තු නොවුනු විදිහෙ අසංවර පිරිමි එළඹුමකින් ඇහැරෙන්න. ඊට යටත් වෙන්න. මට ඉඩදෙන්න.
මගේ මේ මා නොවන හැඟීම් පවතින අතත්‍ය මොහොතේ ඒ මා නොවන මා එක්ක ශෘංගාරයෙන් වෙලෙන්න. එයාට පුළුවන්ද පැවැත්මේ මේ පළුද්ද රස විඳින්න?
ලෝකෙ කිසිම වෙලාවක ඒ උත්කර්ෂවත් හැඟීම් කොන්දේසි විරහිතව බාරගැනීම සිද්ද වෙන්නෙ නෑ. ඒ හින්දම හැම කෙනෙක්ම විඳිමින් ඉන්නෙ තරමක් හෝ පිළුනු හැඟීම්. කලින් ගිවිසගත් සම්මත කරන ලද හැඟීම්. එහෙම නොවන වනචාරී පැවැත්මක සෞන්දර්ය විඳින්න තරම් අපි නිදහස් නෑ.
උදී ඒ හිස්තැන පිරෙව්වෙ නෑ. ඒක හිස්තැනක් විදිහටම දිගටම පැවතීමෙන් තේරුමක් නැති වෙලා ගියා. මං මගේ ප්‍රාණවත් ශිෂ්නය අප්‍රානිකව යනතෙක් අල්ලගෙන බලන් හිටියා. අනුරාගය අපතේ ගියා කියල මට හිතුන.
පහුවෙනිදා මං ඇහැරුනෙ ගංගා එවපු මැසේජ් එකෙන්. ගංගා කියන්නෙ මගේ පෙම්වතිය. මේ අපි තරහ වෙලා ගතවෙන දෙවෙනි සතිය. අපි කාලෙකට සැරයක් රණ්ඩු වෙලා තරහ වුනා. තේරුමක් ඇති දේවල්වලට නෙමෙයි. ඒත් නිතර නිතර ඈත්වීම කියන්නෙ දුරස්වීමක ළකුනු කීමක්.
what the hell is this? එයා උදීගේ ෆේස්බුක් පෝස්ට් එකක් මට වට්ස්ඇප් කරලා තිබුන. ඒකෙ තිබුනෙ මං ඊයෙ රෑ යවපු ටෙක්ස්ට් එක.
sick, pathetic, abusive, shame .. වගේ වචන තැන තැන ලියලා තිබුන. මට ඒවා අමුනලා කියවන්න ඕනකමක් තිබුනෙ නෑ. ඒ වෙද්දිත් ඒක ඇවිලිලා යමින් තිබුන. පිරිමි ගොඩක් තමන් යහපත් බව කියන්න ඒක ෂෙයාර් කළා. ගැහැණු ගොඩක් තමන් ශක්තිමත් බව කියන්න ඒක ෂෙයාර් කළා.
yes that’s me.. මං ගංගාට ඇඬෙන තරම් හිනාවක ඉමෝජියක් යවලා ෆෝන් එක පැත්තකින් දැම්මා.
උදී මාව ලිංගික බලහත්කාරයක වැරදිකාරයෙක් කරලා තියෙනවා. මගේ අනුරාගය එයා ස්ත්‍රී විමුක්තිය දක්වා අරගෙන ගිහින් තියෙනවා. සමහර විට එයාගෙ කේන්තියට පුළුවන් වෙයි මගේ රස්සාව පවා නැති කරන්න. මේ වෙද්දිත් මගේ ප්‍රේමය එයා විනාශ කරලා ඉවරයි. එයාට පුළුවන් මාව සියලු ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ අපහාසයට පිළිකුලට බඳුන් කරන්න. මං සම්පූර්ණයෙන්ම එයාට යටත්. එයාට පුළුවන් මට ඕනම දෙයක් කරන්න.
උදී ඒ තරම්ම බලවත්. එයා ඉස්සරහ මං වනචර වැරදිකාරයෙක්.
ආපහු මගේ ශිෂ්නය ප්‍රාණවත් වුනා. එයාගෙ වර්ණ ගැන්වූ නියපොතු සහිත ඒ සුන්දර පාදවලින් මාව චොරොප්පං වෙනතුරු පාගනවා මට දැනුනා. මං ඒ වේදනාවෙන් තවතවත් සතුටුවුනා. මං එයාගෙ. එයාට පුළුවන් මාව කඩන්න බිඳින්න. මගේ චරිතය විනාශ කරන්න.
ලෝකයක් ඉස්සරහ එයා මං ගැන එයාට ඇති අයිතිය ප්‍රකාශ කරලා තිබුන. ලෝකාපවාදය ඉස්සරහ කුඩාවෙමින් නැතිවෙමින් යන මගේ ශිෂ්නය වඩවඩාත් විශාල වුනා.
මට දඬුවම් කරන්න…
හිතෙන් ඉල්ලන අතර ඊයේ රාත්‍රියේ පටන් සිරගත අරගලකාරී ධාතූන් නිදහස් වුනා.
සාමය….
මං ඇස් වහගෙන උදී ළඟින් හාන්සි වුනා.






2019 කැනඩාවෙ මේ ගැන කරපු පර්යේෂණයක් අනුව කෙනෙක් මේ විදිහෙ බලහත්කාරී ලිංගික පණිවුඩ යවන්න කාරණා දෙකක් මුල්වෙනවා. එකක් නාසිසිසම් අනෙක සෙක්සිසම්. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ඕනවට වඩා ඇති ආත්මරාගය සහ අනෙක් ලිංගිකයා පහත් හෝ දුර්වල ලෙස දැකීමේ පෙළඹවීම. ඩිජිටල් අවකාශයේ මේ කෙරෙන බලහත්කාරයන්ට කියනවා ඩිජිටල් සෙක්සිසම් කියල.
ඒ අයට ගැහැණියගේ කලබලය, කේන්තිය ආදිය අනුරාගී විදිහට දැනෙනවා. ඒ අනුරාගය වෙනුවෙන් තමන්ගේ සිවිල් සමාජයේ සියලු පිලිගැනීම් සහ වටිනාකම් පරදුවට තියනවා. එහෙම තමන්ටත් අනුන්ටත් හානිකර තැනකට මේ තත්වය පත්වෙද්දි ඒක ප්‍රතිකාර ගත යුතු තත්වයක් හැටියෙන් තේරුම් ගන්න වෙනවා.




එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.








නමුත් සමිතා මෙතනදි වෙනස්. ඇය ලංකාවෙ ගැහැණියක් හැටියට ආශාව සහ නිදහස වෙනුවෙන් විප්ලවීය වැඩ කොටසක් තනියම නොදැනුවත්ව කරනවා. ඒක නිසා ලැබෙන ටොන් ගණන් අපවාදවලට මුහුණ දෙනවා. ඇය තමන්ගේ අසම්මත ප්‍රේමයේ අරගලය කරන්නෙත් සම්භාව්‍ය ඉඩකඩක නෙමෙයි ජනප්‍රිය අවකාශයක.




ෆ්‍රොයිඩ් කියන්නෙ අපි ගැහැණු හෝ පිරිමි බවට පත්වෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙන් පස්සෙ කියල. ඒ කියන්නෙ තාත්තා මුනගැහීමෙන් පස්සෙ. තාත්තා පිරිමි විදිහටත් අම්මා ගැහැණු විදිහටත් අපිට මෙතනදි මුනගැහෙනවා. පුරුෂ ලිංගයක් හිමි දරුවා තාත්තාට වඩා පිරිමිබව මඳක් අඩුවෙනුත් පුරුෂ ලිංගයක් අහිමි දරුවා මවට වඩා ස්ත්‍රීභාවය මඳක් අඩුවෙනුත් තමන්ව පිහිටුවා ගන්නවා. ඊඩිපස් සංකීර්ණය කියන්නෙම අපිට පූර්ණ පිරිමියෙක් හෝ ගැහැණියක් විය නොහැකියාවට. අපේ අසමත් වීමට. කිසි කෙනෙක් මේ සංකීර්ණය නිවැරදිව විසදාගන්නවා කියල එකක් නෑ. හැමකෙනෙක්ම මෙතනදි ඩැමේජ් වෙනවා. අපි සමාජගත වෙන්නෙම ඩැමේජ් ජීවිත විදිහට.