Author: admin

  • ලෝකෙ ලොකුම සමූහ රමණය

    ලෝකෙ ලොකුම සමූහ රමණය

    ගැන්ග් බැන්ග් එකක් කියන්නෙ සිංහලෙන් සාමූහික රමණයකට. මේක තුන්දෙනෙක් කරන ත්‍රීසම් හෝ හතර දෙනෙක් කරන ෆෝර්සම්වලට වඩා වෙනස්. ඒ වගේම ගෲප් සෙක්ස් කියන සංකල්පයටත් වඩා වෙනස්. මෙතනදි එක පුද්ගලයෙක් වටා සියලු අවධානය කේන්ද්‍රගත වෙනවා. ඒ අයගෙ සම්බන්ධතාවයක් හෝ අඳුරනබවක් වෙනුවට අහම්බ නාඳුනන ස්වරූපයක් තමයි පවතින්නෙ. හැමෝම කේන්ද්‍රගත චරිතය සමග ලිංගිකව හැසිරෙනවා මිස එකිනෙකා සමග ලිංගිකව ගනුදෙනු කරන්නෙ නෑ. මේක පෝර්න් ඉන්ඩස්ටි්‍ර එක ඇතුලෙ වර්ධනය වෙන කන්සෙප්ට් එකක්. බොහෝ විට පෝර්න් කර්මාන්තයේ යෙදෙන සමාගම් මුදල් වියදම් කරලා ගැන්ග් බැන්ග් සාදයන් පවත්වනවා. ඒවා පටිගත කරලා මුදා හරිනවා.

    ලෝකෙ ලොකුම සමූහ රමණය විදිහට සලකන්නෙ වර්ල්ඩ් බිගස්ට් ගැන්ග් බැන්ග් කියන ෆිල්ම් එක. මේක නිර්මාණය වෙන්නෙ 1995දි. ඇනබල් චොන්ග් කියන පෝර්න් නිළිය තමයි මේ ෆිල්ම් එකේ රඟපාන්නෙ. ෆිල්ම් එක පත්තු වෙලා යන්නෙ ඇය පිරිමි 300ක් එක්ක රමණය කරනවා කියන කතාවත් එක්ක. ඒත් ඇත්තටම පිරිමි 251ක ප්‍රමාණයක් තමයි සිද්ද වෙලා තියෙන්නෙ. මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරන්නෙ ජෝන් ටී බෝන් කියන අධ්‍යක්‍ෂවරයා. එයාගෙ ඇත්ත නම ජෝන් ගිල්බර්ට් බෝවන්. මේ ෆිල්ම් එක තියන ආදායම් වාර්තා මත එයා 1996දි මේකෙ දෙවෙනි කොටසත් මුදාහරිනවා. තාමත් මේ නමින් සීක්වල් හැදෙනවා.

    මේ ෆිල්ම් එක අද වෙන තුරුත් ලෝකෙ වැඩියෙන්ම ආදායම් ඉපැයූ පෝර්න් ෆිල්ම් අතර එකක්. මේ ගැන ගෆ් ලුවිස් කියන අධ්‍යක්‍ෂවරයා 1999දි ඩොකියුමෙන්ටි්‍රයක් කරනවා. ඇනබල් චොන්ග් ස්ටොරි කියන නමෙන්. ඒක සන්ඩාන්ස් උළෙලේ ග්‍රෑන්ඩ් ජූරි අවෝර්ඩ් එකට නොමිනේට් වෙනවා. ඒ ඩොකියුමෙන්ට්‍රියේ චොන්ග් කියනවා ඇයට කිසිම මුදලක් මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුනෙ නෑ කියල.

    මේ ෆිල්ම් එක පටන් ගන්නෙ සෙක්ස් කරන්න ඇවිත් ඉන්න අය සමග කතා කරන වීඩියෝ සංවාද පෙලකින්. ඊට පස්සෙ ඇනබල් චොන්ග් සෙට් එකට එනවා. ඩිරෙක්ටර් බෝන් එයාට සිද්ද වෙන්න ඕන දේ පැහැදිලි කරනවා. ඊට පස්සෙ සෙක්ස් කරන්න ඇවිත් ඉන්න අනිත් අයටත් සිද්දිය වෙන විදිහ විස්තර කරනවා. මේ ඉවෙන්ට් එක කරගෙන යන්නෙ රොන් ජෙරමි කියන සුප්‍රසිද්ධ පෝර්න් විරුවා. ජෙරමි ඊට පස්සෙ ෆ්ලෆ් ගර්ල්ස්ලව හඳුන්වාදෙනවා.

    ෆ්ලෆ් ගර්ල්ස් කියන්නෙ පෝර්න් එකක ශිෂ්නය ප්‍රානවත්ව රඳවාගැනීම බාර පිරිස. අවශ්‍ය ජවනිකාව සූදානම් වුනාම නළුවාගේ ශිෂ්නය අවශ්‍ය ප්‍රමාණයට ප්‍රාණවත් කරලා දෙන්නෙ මේ අය. මුඛ සංසර්ගය සහ තවත් යෝනිය භාවිතා නොකරන ක්‍රම මගින් ෆ්ලෆ් ගර්ල්ස්ලා මේ වැඩේ කරනවා. ෆිල්ම් එකක මේ කොටස අයිති වෙන්නෙ මේකප් ඩිපාර්ට්මන්ට් එකට. මේ වෙද්දි ප්‍රොස්තෙටික් ප්‍රයෝග සහ වයග්‍රා තියෙන හින්ද ගොඩක් පෝර්න්වලට ෆ්ලෆ් ගර්ල්ස්ලා පාවිච්චි වෙන්නෙ නෑ. ඒත් ගැන්ග් බැන්ග් වලට නම් අවශ්‍යම වෙනවා.

    ඇනබල් සමග සමූහ රමණය සිද්ද වෙන වේදිකාව හදලා තියෙන්නෙ රොමානු ක්‍රීඩා පිටියක් වගේ. ඒ මැද්දෙ තියෙනවා ඇඳක්. මෙසලිනා රෝම අධිරාජිනියගේ සමූහ රමණයක් වගේ හැඟීමක් දෙන්න තමයි මෙතනදි උත්සාහ කරලා තියෙන්නෙ. මෙසලිනා කියන්නෙ ක්ලෝඩියස් අධිරාජයාගෙ තෙවෙනි බිරිඳ. නීරෝගෙ සහ කලිගියුලාගේ ඥාති සොයුරිය. ඇගේ තිබුනු නොනිමෙන කාමගින්න සුප්‍රසිද්ද එකක්. ඇගේ සැමියාට විරුද්ධව කුමන්ත්‍රණයක් කිරීම නිසා ඇයට මරණ දඬුවම හිමිවෙනවා.

    මේ ෆිල්ම් එක කරද්දි චොන්ග් නොදැනුවත්ව දැඩි අවදානමක් ගන්නවා. ඇයට කියන්නෙ ඇය සමග ලිංගිකව හැසිරෙන හැම දෙනාවම ලිංගික රෝග සඳහා පරීක්ෂා කළ අය කියලයි. නවකයන් විසින් කොන්ඩම පැළඳුවත් ප්‍රවීනයන් කොන්ඩම පළඳින්නෙත් නෑ. නමුත් අවසානයේදී හෙළිවෙනවා මේ අයගෙන් බහුතරයක් රෝග පරීක්ෂාවක් කරගෙන නෑ කියල. කළ අය වුනත් පරීක්ෂා කරගෙන තිබුනෙ එච්අයිවී සඳහා පමණයි. ඇනබල් නොදැන ඇයව ජීවිත අවදානමක හෙලීමක් මෙතනදි නිෂ්පාදක කණ්ඩායම විසින් කරනවා.

    ඇයට පොරොන්දු වෙනවා ඩොලර් 10000ක මුදලක්. නමුත් මේ තරම් ආදායම් ලැබූ චිත්‍රපටයෙන් ඇයට ඒ මුදලවත් හිමිවෙන්නෙ නෑ. පෝර්න් කර්මාන්තය ඇයට සළකපු විදිහ ගැන ඇනබල් චොන්ග් පසුවෙන්නෙ දැඩි කළකිරීමකින්. ඒත් ඇය ශක්තිමත් ගැහැණියක්.

    “පිරිමියෙක් ගෑනු 251ක් එක්ක කැමරාව ඉස්සරහ සෙක්ස් කළා නම් එයා මාර පිරිමියෙක් වෙනවා. ඇයි පිරිමි 251ක් එක්ක සෙක්ස් කරපු ගෑනියෙකුට ඒ ගෞරවය ලැබෙන්නෙ නැත්තෙ. මං ස්ටඩ් කෙනෙක්”
    – ඇනබල් චොන්ග් –

    ඇනබල් චොන්ග් ගේ කලින් නම වෙන්නෙ ග්‍රේස් ක්වෙක්. ඇය ස්ත්‍රීවාදිනියක්. සදර්න් කැලිෆෝනියා යුනිවර්සිටියෙ ෆයින් ආර්ට්ස් උපාධිධාරිනියක්. පස්සෙ එයා තීරණය කරනවා එයාගෙ ඇතුලෙ පොරබදන අසම්මත නිදහස්කාමී ගැහැණියට ඉඩදෙන්න. එයා ඇනබල් චොන්ග් බවට පත්වෙන්න තීරණය කරනවා. ස්ටි්‍රප් ක්ලබ්වල නර්තනයෙ යෙදෙනවා. පැය දහයක් ඇතුලත පිරිමි 251ක් එක්ක සෙක්ස් කරලා වාර්තාවක් තියනවා.

    සිංගප්පූරු සාම්ප්‍රදායික සංස්කෘතියක හැදෙන, හොඳ පාසැල්වල හොඳ අධ්‍යාපනයක් ලබන කෙල්ලෙක් පෝර්න් ඇක්ට්‍රස් කෙනෙක් වෙලා වැඩිපුරම පිරිමි සමග නිදාගැනීමේ වාර්තාවක් තියන්න පෙළඹීම අමුතු කතන්දරයක්. මේ රෙකෝර්ඩ් එක තිබ්බට පස්සෙ එයා නැවත සිංගප්පූරුවට ගිහින් දෙමව්පියන්ට හෙලිකරනවා ඇගේ රස්සාව මොකක්ද කියල. එතනදි ඇතිවෙන හැඟීම්මය පුපුරා යාම ලුවිස්ගෙ ඇනබල්ගෙ කතාව ෆිල්ම් එකේ තියෙනවා.

    මේ සන්ඩාන්ස් සම්මාන ගන්න චිත්‍රපටිය කරන ගෆ් ලුවිස් ඇනබල් එක්ක අවුරුදු දෙකක කාලයක් එකට ගත කරනවා. එයා යන එන තැන්වල හැමදේම වීඩියෝ කරනවා. ඉන් අවුරුද්දක විතර කාලයක් ඔවුන් ආදරවන්තයන් වෙනවා. ඒත් ලුවිස් ඒ කතාව ෆිල්ම් එකේදි කියන්නෙ නෑ. ඒ වගේම සමහර සිදුවීම් එයාගෙ ආරක්ෂාව පිනිස වසන් කරනවා. උදා විදිහට දෙන්නා වෙන්වෙන තැනදි ඇනබල් විසින් ඇයට හිංසා කරගැනීම වීඩියෝගත කරන ලුවිස් ඊට මඳක් එපිටින් තමන්ටම ඒ හිංසාව කරගනිමින් හිටපු වග ෆිල්ම් එකට ගේන්නෙ නෑ. ඇය තමන්ගේ ජීවිතය ගැන ලුවිස් කරපු චිත්‍රපටයට චෝදනා කරනවා. නමුත් සන්ඩාන්ස්වලදි ඒ අවුරුද්දෙ සම්පූර්ණයෙන් අලෙවි වෙලා අවසන් වුනු චිත්‍රපටි 200 අතරට මේ ෆිල්ම් එක එනවා.

    ඇනබල් වැඩිහිටි චිත්‍රපටිවලට යොමුවෙන්නෙ ඇයට ඒ ගැන තිබුනු බුද්ධිමය කුතුහලයක් නිසාමයි. එයා ඇනබල් චොන්ග් කියන නම හදාගන්නෙත් එඩ්ගා ඇලන් පෝගෙ කවියකින්. ඇනබල්ට අනුව පෝර්න් කියන්නෙ ඉඩ් නැත්තං අපේ ප්‍රාථමික මනසේ සෙල්ලම් පිට්ටනිය. වර්ල්ඩ් බිගස්ට් ගැන්ග් බැන්ග් ෆිල්ම් එකට පස්සෙ එයාව සංවාදයකට ගෙනැත් අහනවා ‘ඇයි මෙහෙම එකක් කළේ’ කියල. එයා අනිත් පැත්තට අහනවා, ‘ඇයි මං එහෙම එකක් නොකරන්නෙ’ කියල. ඇනබල් එයාගෙ ෆිල්ම් එක දකින්නෙ ස්ත්‍රී ලිංගිකත්වයේ බලය නැවත අත්පත් කරගැනීමක් සහ ගැහැණුන් අප්‍රාණික ද්‍රව්‍ය ලෙස සැලකීමට විරෝධයක් හැටියෙන්.

    ඒත් මාධ්‍ය ඒක දකින්නෙ ඒ විදිහට නෙමෙයි. ඒ මාධ්‍යවල ඇනබල්ට කියන්න ඕන වුන කතාව පළවෙන්නෙ නෑ. අද වගේ ඒ දවස්වල ඇනබල්ගෙ අදහස කියන්න සමාජ මාධ්‍ය තිබුනෙත් නෑ.
    ඇනබල්ට සිංගප්පූරුවෙ ජනතාව සාප කරනවා. තමන්ව ඇහැටවත් දැකලා නැති අය පවා තමන්ට ඒඩ්ස් හැදිලා මැරෙන්න කියල ප්‍රාර්ථනා කරනවා දැකලා ඇය පුදුම වෙනවා. ඒ ප්‍රතිචාර මුලින් එයාව ඩිප්‍රෙස් කරනවා. පස්සෙ යාලුවො එක්ක බීපු වෙලාවට ඒවා හඬ නගා කියවලා හිනාවෙන්න එයා පුරුදු වෙනවා.

    එක රැයින් මේ තරම් ජනප්‍රිය වීම තමන්ට ඉතාම අහිතකර එකක් වුනා කියලයි ඇනබල් කියන්නෙ. එයාට ඒ සම්පූර්ණ ප්‍රතිරූපයම අත්අරින්න ඕන වෙනවා. ඒ අතීතය එක්ක තිබුනු සියලු සම්බන්ධතා නවත්වන්න ඕන වෙනවා. මගේ ශරීරය වෙනුවට මගේ බුද්ධිය ගැන උනන්දු වෙන මිනිස්සු ඇසුරු කරන්න මට ඕන වුනා කියල ඇනබල් කියනවා.

    එයා 2003දි පෝර්න් ඉන්ඩස්ටි්‍ර එකත් එක්ක තියෙන සියලු සම්බන්ධතා නතර කරනවා. ස්ටි්‍රපර් කෙනෙක් විදිහට එකතු කරපු සල්ලි වලින් ගෙදරක් අරන් එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇනබල් මේ වෙද්දි සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්.
    “බෝයිෆ්‍රෙන්ඩ්ලා ඇවිත් යනවා. ඒක් එක්ස්-බෝයිෆ්‍රෙන්ඩ්ලා හැමදාම ඉන්නවා”

    ඇනබල් කියන විදිහට එයාගෙ හැම පරණ පෙම්වතෙක් එක්කම එයා තාමත් හොඳටම යාලුයි. සම්පූර්ණයෙන්ම අමතක කළා කිව්වට පරණ අතීතයේ නටඹුන් දකින්න තාමත් එයා ඉඳහිට යනවා.
    හවායිවල ඇනබල් ස්ටි්‍රප් ඩාන්ස් කරපු ක්ලබ් එකක් තියෙනවා. එතන එයාව නිතර මුනගැහෙන්න ආපු කස්ටමර් කෙනෙක් ගැන එයාගෙ ලස්සන මතකයක් තියෙනවා. ඒ කස්ටමර් මිෂෙල් ෆුකො ගැන සංවාද කරමින් ඇනබල් ලවා ලැප් ඩාන්ස් ගන්න ආසා කළා. මෑතක නැවත ඒ අතීතය හොයාගෙන ඇනබල් එහේ ගියත් මේ තැන හොයාගන්න බැරි වෙනවා.

    ඒ කොහොම වුනත් ඇය ඇගේ අතීතය මරාදමනවා. ඇය ඇනබල්ව මරාදමමින් වෙබ් අඩවියෙ අවසාන වතාවට පළ කරන පණිවුඩය මෙහෙමයි.

    “ඇනබල් මියගියා. ඇයගේ නපුරු අවතාරය මෙතැන් පටන් පූර්ණ වශයෙන් ඇය විදිහට පෙනී ඉන්න පටන් ගන්නවා. ඇනබල්ගෙ සම්පූර්ණ සංකල්පයම මට මේ වෙද්දි ඇතිවෙලා තියෙන්නෙ. මං කැමතියි වෙන අලුත් දෙයක් කරන්න”

  • ජංගි හොරා

    ජංගි හොරා

    මට ටෙක්ස්ට් මැසේජ් එකක් ආවා.
    “අයියා කෙල්ලොන්ගෙ පෑන්ටිවලට ආසද?”
    “ඔව්” මං කිව්වා.
    “මං ගොඩක් එහෙම ආස කෙනෙක්. පෑන්ටි හොරකම් පවා කරනවා. ඒක ලෙඩක්ද?”
    ඌ හරිම අවංකව ඇහුවා. මං ටිකක් කල්පනා කළා.
    “ඒක උඹේ හෝ තව කෙනෙකුගේ හෝ ජීවිතේට වාතයක් නොවෙන තාක් කල් ඒක ලෙඩක් නෙමෙයි”
    මං ඌට කිව්වා.

    කාන්තා යටඇඳුම් හොරකම් කිරීම මානසික රෝගයක් විදිහට සැලකෙන්නෙ නෑ. නමුත් ඒක පාලනය කරගත නොහැකි වීමෙන් තමන්ටත් සමාජයටත් හිරිහැරයක් වෙන තරම් දුර යනවා නම් එතකොට මනෝ වෛද්‍ය උපදේශනයක් අවශ්‍ය වෙනවා.

    ජංගි හොරා කියලා හඳුන්වන මේ කාන්තා යටඇඳුම් හොරකම් කිරීම කියන්නෙ අතිසුලබ දෙයක්. ඒක රටවල් සංස්කෘතීන් භේදයක් නැතුව බොහෝ කාලයක පටන් පවතින ෆෙටිෂ් එකක්. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ පෑන්ටි රේඩ් නමින් ගැහැණු පිරිමි ඉස්කෝලෙ අතර ඇවිලුන අලුත් පිස්සුවක් නිර්මාණය වුනා. 1949 ඇමරිකාවෙ ඉලිනොයිවල පළවෙනි පෑන්ටි රේඩ් එක වාර්තා වෙනවා. මෙතනදි කොල්ලන් විසින් කෙල්ලන්ගෙ හොස්ටල් එකට පැනලා ගැහැණු යටඇඳුම් හොරකම් කිරීම ජයග්‍රාහී ක්‍රීඩාවක් වුනා. හොරකම් කළ පෑන්ටියක් කියන්නෙ කුසලානයක්.

    සාමාන්‍යයෙන් ඕනම පිරිමියෙක් තමන් ආදරය කරන කාන්තාවන්ගේ යටඇඳුම්වලට ආසයි. මං ආදරය කරපු ගොඩක් කෙල්ලොන්ගෙ යටඇඳුම් මං ඉල්ලගෙන තියෙනවා. තව සමහරු මේක ටිකක් මීට වඩා ඉස්සරහට අරන් ගිහින් ගෙදර සහෝදරියන්ගෙ, අසල්වැසි කාන්තාවන්ගෙ යටඇඳුම් හොරකම් කරන්න ගන්නවා. මේ නිසා තමන් කැමතිම යටඇඳුම සමහර විට ඒ කාන්තාවන්ට අහිමි වෙනවා. ඒ වගේම කොයිවෙලාවක හරි මේ හොරකම අහුවුනොත් වරදේ ප්‍රමාණයට වඩා ලොකු නින්දාවක් විඳින්න වෙනවා. පෑන්ටියක් කියන්නෙ ගැහැණියකගෙ ශරීරයට සමීපම දේ. ඒවායේ ඒ ගැහැණියගේ සුවඳ තැන්පත් වෙලා තියෙනවා. හැම ගැහැණියකටම තියෙනවා එයා කැමතිම පෑන්ටි එකක් හෝ දෙකක්. පෑන්ටියක් කියන්නෙ කාන්තාවක් සතු ඉන්ටිමේට්ම දෙයක්. ඒක හින්දම ගැහැණියකගෙ පෑන්ටියක් තමන් සතු කරගැනීම කියන්නෙ ඇගෙන් කොටසක් ළඟ තියාගැනීම හා සමානයි.

    ඉතිං ජංගි හොරුන් කරන්නෙ මේ පෑන්ටි රහසේ තමන් ළඟ තියාගන්න එකයි. ඒ අයට ඕන ඒ කාන්තාවන්ගෙ සුවඳ විඳින්න. සුවඳ කියන්නෙ අපිට තියෙන ඉතාම බලගතු ලිංගික උත්තේජනයක්. අපේ ෆෙරමෝන නිසයි මේ අවදිවීම සිද්දවෙන්නෙ.

    ජංගි හොරුන් වර්ග කීපයක් අඳුරගන්න පුළුවන්. රොමාන්තික ජංගි හොරුන් හොරකම් කරන්නෙ තමන් ආදරය කරන එකම ගැහැණියකගේ යටඇඳුම් විතරයි. ඒ ගැහැණිය නිසයි ඒ යට ඇඳුම් ඔවුන්ට ඒ තරම් වටින්නෙ.

    අනෙක් වර්ගයේ ජංගි හොරුන්ට උවමනා වෙන්නෙ කාගේ හෝ පෑන්ටියක් විතරයි. ඒකෙ අයිතිකාරිය එයාට වැදගත් නෑ. පෑන්ටියත් එක්ක එයා තමන්ගේ ෆැන්ටසියකට ඇතුල්වෙනවා. ගැහැණිය කවුද කියන කාරණය අදාල වෙන්නෙ නෑ.

    ගොඩක් වෙලාවට කෙනෙක් තමන්ගේ මේ ෆෙටිෂ් එක අඳුරගන්නෙ හදිසි අනතුරකින්. ඒක සිද්ද වෙන්නෙ ලිංගිකත්වය වර්ධනයෙ මුල්කාලෙදි. සමහර විට පඩිපෙලක් නගින කෙනෙකුගේ හැඳි ඇඳුමට යටින් පෑන්ටියක් දැකීමෙන්, නැත්නම් මවගේ හෝ සහෝදරියකගේ පෑන්ටියක ස්පර්ශය දැනීමෙන් ඇතිවුනු අනපේක්ෂිත උත්තේජනයක් නිසා මේක හඳුනාගන්න ඉඩතියෙනවා. එතැන් පටන් දිගින් දිගට මේක ෆැන්ටසියක් විදිහට මනසේ වර්ධනය වෙනවා. ආශා කරන ගැහැණිය වෙනුවට ඇගේ පෑන්ටියක් තමන් සතු කරගැනීමෙන් ඒ තමන්ගේ ආශාව තෘප්තිමත් කරගන්නවා.

    මෙතනදි මේ පෑන්ටිවල ෆැබ්රික් එකට ඇතිවෙන ආකර්ශනයත් සුවිශේෂී එකක්. ගොඩක් වෙලාවට ඒවා නිපදවන්නේ මෘදු සිල්ක් සැටින්වලින්. මේවා පිරිමින්ට ආගන්තුක රෙදිපිළි. ඒවායේ ස්පර්ශයම පවා ගැහැණුමය එකක්.

    තව සමහර ජංගි හොරු කැමතියි මේ පෑන්ටි අඳින්න. තමන්ගේ ප්‍රාණවත් ශිෂ්නය ඒවායේ තැවරෙන විට දැනෙන හැඟීම විඳින්න. මේ ආස්වාදය වෙනුවෙන් සමහරු මුදල් ගෙවලා ගැහැණු යට ඇඳුම් ගන්නවා. අනෙක් අය හොරකම් කරනවා.

    හොරකම් කිරීමෙදි තවත් අතිරික්ත තෘප්තියකුත් එකතු වෙනවා. ඒ තමයි ඒකෙ තියෙන ඇඩ්රිනලින් රෂ් එක. හොරකමත් එක්ක බැඳුනු ආතතිය මේ ලිංගික අත්දැකීම තීව්ර කරනවා. පෑන්ටියේ පහස ලැබීමට අමතරව එය සොරාගෙන පලායාමේ ආස්වාදයත් එතන තියෙනවා.

    ඕනම පලාතක ජංගි හොරකම අමුතු දෙයක් නෙමෙයි. ලොන්ඩි්‍රවලින් පවා කාන්තා යටඇඳුම් හොරකම් කිරීම සිද්ද වෙනවා. මේ නිසා දෙපැත්තටම විය හැකි අලාභය, අපවාදය නැති නැති කරන්න දැන් ගැහැණු පාවිච්චි කළ යට ඇඳුම් අළෙවි කිරීම සිද්ද වෙනවා. ඒ අයට ආදරය කරන පිරිමි ඉතා ආශාවෙන් ඒ යට ඇඳුම් මිළට ගන්නවා. මේ විදිහට පාවිච්චි කළ යට ඇඳුම් විකිනීම ඇමරිකාවෙ වගේම මේ වෙද්දි ලෝකෙ පුරාම ප්‍රචලිත ව්‍යාපාරයක්. ජපානෙ මේක කොයිතරම් ප්‍රසිද්ධද කිව්වොත් බියර් සිගරට් මිළට ගත හැකි වෙන්ඩින් මැෂින්වලින් ඇඳපු යට ඇඳුම් මිළට ගන්නත් පුළුවන්. සමහර ඉස්කෝලෙ යන වයසෙ ගෑනු ළමයි ඒ අයගෙ ඇඳපු පෑන්ටි විකිනීමෙන්ම ලොකු ආදායමක් ලබනවා.

    මේ ෆෙටිෂ් එක බහුලවම පිරිමි අතර පවතින එකක්. ඒකට මනෝවිද්‍යාත්මක හේතුවක් විදිහට දකින්නෙ පිරිමි භෞතික දේවල් ඇසුරින් ශෘංගාරය ලබන්න නැඹුරු අතර ගැහැණු වඩාත් ශෘංගාරය ලබන්නෙ සම්බන්ධතා හෝ ඇසුරු කිරීම් ඇතුලෙන් කියන එකයි. ඒක නිසා ගැහැණු ෆෙටිෂ් බොහෝ විට සම්බන්ධතා මූලිකයි.

    ජංගි හොරකම කරන්නෙ ඒ පෑන්ටිය හැඳි ගැහැණිය නිසාද, සුවඳ නිසාද, ඒ සැටින් පහස නිසාද, ලබන ඇඩ්වෙන්චර් එක නිසාද කියන හේතුව එක එක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ කවරක් වුනත් මේ සියල්ල අනුරාගීයි. නමුත් අපි අපේ වෙනස් ආශාවන් කාටවත් හිරිහැරයක් නොවී කොයිතරම් නිර්මාණශීලීව තෘප්තිමත් කරගන්න සමත් වෙනවද කියන එකයි වැදගත් වෙන්නෙ.

  • පක්ෂ ලකුණයි ආස විදිහයි

    පක්ෂ ලකුණයි ආස විදිහයි

    අපි දරන දේශපාලන මතවාද දිහා බලලා අපේ ලිංගික නැඹුරුව ගැන දේවල් කියන්න පුළුවන් වුනොත් කොහොමද? ඇත්තටම මේ ගැන පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. අපේ දේශපාලනය සහ අපේ සෙක්ස් අතර සම්බන්ධයක් තියෙනවා. ඒත් ඒක අපි හිතන තරම් කෙලින් එකක් නෙමෙයි.

    මැල්කම් සහ සිමොන් කොලින්ස් කියන දෙන්නා මේ ගැන පර්යේෂණයක් කරනවා. ප්‍රැග්මටිසට් ගයිඩ් ටු සෙක්ෂුයැලිටි කියල ඒ ගැන පොතක් ලියනවා. මේ පොත ලියන්න යද්දි ඒ අය හිතුවෙ කන්සවටිව් නැත්තං සාම්ප්‍රදායික අදහස් දරන අය සෙක්ස්වලදිත් සාම්ප්‍රදායික ඇති කියලයි.

    මේ කන්සවටිව් කියන්නෙ ඇමරිකාවෙ 1940-50 කාලෙදි ලිංගිකත්වය සම්බන්ධයෙන් සුවිශේෂ දේශපාලන මතවාද දරපු පිරිසක්. මේ අදහස් රාමුව දිහා බැලුවම අපිට හිතාගන්න පුළුවන් ලංකාවෙදි මේ කොයිවගේ පිරිසක්ද කියන එක.

    කන්සවටිව් දේශපාලනය ඇතුලෙ ගබ්සාවට ඒ ගොල්ලො විරුද්ධයි. සමලිංගික සම්බන්ධතාවලට විරුද්ධයි. කසාදෙට කලින් සෙක්ස් කරන එකට, ලිංගික අධ්‍යාපනයට, උපත්පාලනයට මේ අය දරුණුවට විරුද්ධයි. මේ වගේ දේවල්වලින් ජාතිය විනාශ කරනවා කියලයි ඒ ගොල්ලො කියන්නෙ. ලංකාවෙත් හැම පක්ෂෙකම වගේ කන්සවටිව් මතවාද දරන අය ඉන්නවා. හැබැයි ඒ මතවාදය තමන්ගේ ප්‍රධාන බලවේගය කරගත්ත පක්ෂය තමයි පොහොට්ටුව.

    කොලින්ස්ලගෙ පර්යේෂණයෙදි ඒ ගොල්ලො දැක්කා මේ කන්සවටිව් පිරිස්වල ලිංගික ආශාව ලිබරල් අයට වඩා වැඩියි කියල. 2020දි මේ අයගෙ පර්යේෂණය අනුව ලිබරල් මතවාද දරන පිරිස වගේ දෙගුණයක් කන්සවටිව් මතධාරීන් හුස්ම හිරකිරීමෙන්, පහරදීමෙන් ලිංගික ප්‍රාණවත්වීම ලබනවා. ලිබරල් පිරිස් වැඩිපුර නැඹුරුවක් දැක්වුවෙ මේ පීඩාවට ලක්වන පාර්ශ්වය වෙන්නයි. කන්සවටිව් මතධාරී කාන්තාවන්ද ලිබරල් කාන්තාවන්ගේ ප්‍රමාණයෙන් දෙගුණයක් තමන්ගේ හුස්ම හිරකිරීමෙන් වගේම සහකරුවාට පහරදීමෙනුත් තෘප්තිය ලැබුවා. (මේකෙ අදහස එයින් තෘප්තිය ලැබු ලිබරල් කාන්තාවන් වගේ දෙගුණයක කන්සවටිව් කාන්තා පිරිසක් මේ තෘප්තිය ප්‍රිය කළා කියන එක)

    කන්සවටිව් පිරිමි ගැහැණු දෙපිරිසම වැඩිපුර කින්ක්, ස්නෆ්, නෙක්‍රොෆීලියා, සපාකෑම්, ඇබ්සෝප්ෂන් හෙවත් ලිංගික ක්‍රියාව අතරදී ට්‍රාන්ස් එකකට යාම වගේ දේවල්වලට නැඹුරු බව පෙනුනා. මේක 2017දි neuropsychiatry and clinical neurosciences ජරනල් එකේ පළවුනු දේශපාලනයේ සාම්ප්‍රදායික අදහස් දරන අය වැඩි පිරිසක් පීඩාකාරී දෙයින් ලිංගික උද්දීපනය ලබනවා කියන සොයාගැනීම හා සමපාත වෙනවා.

    රේප් ෆැන්ටසිවලිනුත් කන්සවටිව් අය ඉතා ඉහළ ප්‍රතිශතයක කැමැත්තක් පෙන්නුවා. ලිබරල් පිරිමි 8ට කන්සවටිව් පිරිමි 38ක් රේප් ෆැන්ටසිවලට ආශක්ත වුනා. ඒක ගැහැණු පාර්ශ්වයෙන් ලිබරල් 16ට කන්සවටිව් 38ක් වුනා.

    ඇත්ත රේප් එකක් ගැන අදහසකින් උත්තේජනය ලැබීම කියන කාරණයෙදිත් කන්සවටිව් මතධාරීන් මාර ඉදිරියෙන් හිටියා. පිරිමි ලිබරල් 2ට කන්සවටිව් 25ක්. කාන්තා ලිබරල් 5ට කන්සවටිව් 23ක්. ආචාර්ය ලෝගන් ලෙව්කොෆ් කියන ලිංගික අධ්‍යාපනවේදියා පැහැදිලි කරන විදිහට කෙනෙකුගේ ප්‍රසිද්ධ දේශපාලනය එක්ක එයාගෙ නිදන කාමරයේ චර්යාව හරියට සමපාත වෙන්නෙ නෑ.

    කසාදය සහ ලිංගිකත්වය ගැන සදාචාරවාදී දේශපාලන කතා ප්‍රසිද්ධියෙ කියන අය පුද්ගලික රහස්‍ය ජීවිතේදි වැඩිපුරම පිහිටන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ. ජස්ටින් ලෙ(හ්)මිලර් කියන කින්සි ඉන්ස්ටිටියුට් එකේ සමාජ මනෝවිද්‍යාඥයා කියන විදිහට අපිව ලිංගිකව වඩාත් උද්දීපනය කරන්නෙ අපි ප්‍රසිද්ධියෙ දේශපාලනිකව පෙනී සිටින දේහි අනිත් පැත්ත විසින්. එයා මේ ගැන පොතක් ලියනවා Tell Me What You Want කියල.

    අපි විරුද්ධව පෙනී සිටින දේ අපි හුදකලාවන මොහොතේදී අපිට විරුද්ධව නැගී සිටිනවා. අපි යටපත් කරන හැඟීම් රහසින් අපි වඩාත් ආශා කරන හැඟීම් වෙනවා. දෙයක් නොහිතා ඉන්න උත්සාහ කරද්දි ඒ දේ වැඩියෙන් අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වරද කෙරෙනවා.

    දැඩි විනය ගැන කියන කන්සවටිව් මතධාරියෙක් මේක මාස්ටර්බේට් කරලා පාලනය කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට ගිහින් සමලිංගික ආශාවන්ට, අනියම් ලිංගික ඇසුරන්ට හෝ සාම්ප්‍රදායික වටිනාකම් කෙළෙසන වෙනත් අපචාරී චර්යාවන්ට ගොදුරු වෙන්නත් පුළුවන්. ඔයා ආශා කරන, ඒ නිසාම විරුද්ධ වෙන දේට පුළුවන් ඔයාව ඕනම වෙලාවක අවදානමේ දාන්න.

    කන්සවටිව් අය ලිබරල් අයට වඩා පෝර්න් බලනවත් වැඩියි. 2020 මේ ගැන කරපු පර්යේෂණයකින් හෙලිවුනා ඇමරිකාවෙ දැඩි කන්සවටිව් මතධාරී ප්‍රාන්තවල ඉවැන්ජලික් ප්‍රොතෙස්තන්ත පිරිස් අතර පෝර්න් පරිභෝජනය ඉතා ඉහළ බව.

    මේ ටැබූමය ගතිය විසින් කන්සවටිව් මතධාරීන්ව අවුස්සනවා. ගොඩක් වෙලාවට ඒකයි සෙක්ස් කියන දේ ප්‍රසිද්ධියෙ කතා නොකළ යුතුයි කියල මේ අය කියන්නෙ. ඒක රහසක් වුනාමයි රහ තියෙන්නෙ කියල පිළිගන්නෙ. සෙක්ස් ගැන දැඩි සීමා පනවාගෙන ඉන්න ඇමරිකානු රිපබ්ලකන් පාක්ෂිකයන්ට මොනොගමි සම්බන්ධයක් කැඩීම වඩාත් අනුරාගී වෙනවා. මේ අයගෙ BDSM ලැදියාව ගත්තොත් ඒක ජීවිතේ ගැඹුරෙ තියෙන වේදනාවට ඇති බැඳීයාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව පුරුදු වෙලා අභ්‍යාසයක් විදිහට BDSM කරන අයත් ඉන්නවා.

    කන්සවටිව් අය BDSMවලදි ඩොමිනන්ට් චරිතයට වැඩිපුර ආශා කරන බව පෙනුනා. අනෙකාව පාලනය කිරීමෙන් ඒ අය තෘප්තියක් ලැබුවා. ලිබරල් අය වඩා නම්‍යශීලී, විවෘත ලිංගික ආශ්‍රයන්ට කැමති වුනා. මේ අය ගොඩක් වෙලාවට සබ්මිසිව් චරිතයට ආශා කළා. 2017දි මේ ගැන political ideology and personality කියල පර්යේෂණයක් කෙරුනා.

    කෙනෙකුගේ දේශපාලන මතවාදයයි ලිංගික නැඹුරුවයි දෙකම එකම කාරණයකින් නිර්මාණය වෙලා තිබුනත් මේ අතර පැහැදිලි සම්බන්දයක් ගොඩනැගීම සංකීර්ණයි කියලා ලෙව්කොෆ් කියනවා. ඒක සම්බන්දයෙන් සම්බන්දයට සහකරුවන් අනුව වගේම අපේ ජීවිත පරිච්ඡේදය අනුවත් වෙනස් වෙන්න පුළුවන්. එකම දේ කෙනෙක් ප්‍රසිද්දියෙ පෙනී ඉන්න දේශපාලනය නෙමෙයි එයාගෙ ලිංගික දේශපාලනය කියන එකයි.

    හැබැයි ඔයා චන්දෙ දෙන කෙනා අනුව ඔයා ඇඳේ ඉන්න විදිහ ගැන යම් අදහසක් ඇති කරගන්න කෙනෙකුට පුළුවන්.

  • මීමැසි රමණය

    මීමැසි රමණය

    මීමැස්සො ගැන මට කියවන්න ලැබුනෙ අහම්බෙන්. එතකොට තමයි හිතුනෙ මීමැස්සන්ගෙ ලිංගික ජීවිතය කොයිතරම් පුදුමසහගතද කියල. අපි නිතර පිපුනු මලයි මීමැස්සයි ගැන සිංදු කවි අහලා තියෙනවා. එතනදි මල ගැහැණු විදිහටත් මීමැස්සා පිරිමි විදිහටත් තමයි කවිය ලියවෙන්නෙ. පරිකල්පන ලෝකෙ එහෙම වුනාට ඇත්ත ලෝකෙ කිසි දවසක පිරිමි මීමැස්සෙක් පැණි එකතු කරන්නෙ නෑ. මල් ගානෙ යන්නෙ ගැහැණු මීමැස්සො විතරයි.

    මීමැස්සන්ගෙ හැම වැඩක්ම කරන්නෙ වැඩකාර මැස්සියො. මීවද බඳින්නෙ, පැණි එකතු කරන්නෙ, පැටව් ලොකුමහත් කරන්නෙ ඔක්කොම මේ පුංචි වැඩකාර මැස්සියොන්ට අයිති වැඩ. මේ වැඩකාර මැස්සියන්ට සෙක්ස් කරන්න බෑ. ඒ අයගෙ ප්‍රජනන ඉන්ද්‍රයයන් වැඩිලා නෑ. ඒ අය ජීවත් වෙන්නෙත් සති කීපයයි.

    මීවදයක් පවතින්නෙ මීමැසි රැජිනක් හින්ද. එක මීවදේකට ඉන්නෙ එක රැජිණයි. ඒක එයාගෙ රාජ්ජෙ. අනිත් ගෑණු ඔක්කොම වැඩකාර මැස්සියො. පොඩිකාලෙ මේ මීමැසි පිලවුන්ට හැදෙන්න දෙනවා රෝයල්ජෙලි කියල ශ්‍රාවයක්. ඒක දිගටම ලැබෙන්නෙ රැජිණකට විතරයි. ඒ හින්ද රැජිණ අනිත් අයට වඩා විශාල හැදෙනවා. එයාගෙ ප්‍රජනන ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් වැඩෙනවා. වැඩකාර මැස්සියන්ට රෝයල්ජෙලි ලැබෙන්නෙ ටිකයි. ඒ හින්දම ඒ අයගේ ශරීරය පුංචියි.මේ වැඩකාර මැස්සියො මුලින් රැජිනගෙ ආවතේව කරනවා. ඊට පස්සෙ මීවදෙන් පිටත වැඩවල යෙදෙනවා. අන්තිම කාලෙදි තමයි මීපැණි හොයාගෙන යන කොටස පැවරෙන්නෙ. ඒක ඉතාම අන්තරායකාරී ගමනක්. කාගෙ හරි ගොදුරක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. සමහර විට හුළඟට ගහගෙන ගිහින් පාර හොයාගන්න බැරි වෙනවා. අසනීප වෙලා මැරෙනවා.

    පිරිමි මී මැස්සො ඉපදෙන්නෙ සෙක්ස් කරන්නම විතරයි. උන් ලොකුයි. ඔලුව වටේටම ඇස් විශාලව පැතිරිලා තියෙනවා. ඒ තියෙන්නෙ කන්‍යා රැජිණියන්ව අහසේදිම දැකගන්න. අනිත් මීමැස්සියන්ට වගේ පිරිමි මීමැම්සන්ට හදිස්සියට විදගන්න දළයක්වත් නෑ. උන් පුළුවන් වුනු ගමන් මීවදෙන් එලියට ගිහින් අනිත් මීවදවල රැජිනවල් ලුහුබඳිනවා.

    රැජින තමයි මීවදයක හැම මීමැස්සෙකුගෙම අම්මා වෙන්නෙ. වැඩකාර මීමැස්සියන්ටත් බිත්තර දාන්න පුළුවන්. ඒත් සංසේචනය නොවුනු ඒ බිත්තරවලින් හැදෙන්නෙ පිරිමි සත්තු. රැජින තෝර තෝර මේ බිත්තර කනවා එයාට අවශ්‍ය විදිහට ජනගහනය පාලනය කරන්න. ඒ හින්ද වැඩකාර මැස්සියකගෙ දරුවෙක් හැදෙන්නෙ එහෙමත් කලාතුරකින්. හොරෙන්.

    මී වදයක ජනගහනය වැඩි වුනාම ඉඩකඩ මදි වුනාම ඒ ගොල්ලො තීරණය කරනවා තව රැජිනක් හදන්න. ඒ රැජින වෙනුවෙන් කුටීරයක් ඉදි වෙනවා. ඒ රැජිනව රෝයල්ජෙලි දීලා ලොකුමහත් කරනවා. ඊට පස්සෙ සෙක්ස් කරපිය කියල මීවදෙන් එලියට එලවනවා. සෙක්ස් නොකරන කල් රැජින රැජිනක් විදිහට බාරගන්නෙ නෑ.

    කන්‍යා රැජිනගෙ මංගල ගමන ඉතාම සුවිශේෂයි. ඒක එයා ලොකු අවදානමක් අරගෙන යන ශෘංගාර චාරිකාවක්. එයා පිරිමි මීමැස්සො ගැවසෙන නිදහස් ප්‍රදේශයකට ඉගිල්ලෙනවා. රැජිනක් එනකල් කල්මරමින් ඉන්න පිරිමි මීමැස්සො ඇයව දකිනවා. ලුහුබඳින්න පටන් ගන්නවා. එතකොට රැජින පුළුවන් තරම් අහසේ ඉහළට ගමන් කරනවා. එයාට ඕන වඩාත් ශක්තිමත්ම පිරිමින්ගෙ ශුක්‍රානු එකතු කරගන්න.

    පිරිමි මී මැස්සො අහසෙ පියාඹන අතරෙ රැජින එක්ක සංසර්ගය කරනවා. මේ සංසර්ගයේ අවසානයේදී පිරිමි මීමැස්සාගේ ලිංගේන්ද්‍රිය පුපුරා යනවා. ඌ රමණයෙන් පස්සෙ අහසෙන් බිමට වැටෙන්නෙම මරණයක් විදිහට.

    ඊළඟ මීමැස්සට සිද්ද වෙනවා රමණයට කලින් පෙර මීමැස්සාගේ පුපුරා ගිය ලිංගේන්ද්‍රියෙ කොටස් පිරිසිදු කරන්න.

    මීමැසි රැජින මේ විදිහට දුසිමක් විතර පිරිමි මැස්සො එක්ක අහසෙ රමණය කරනවා. ඒ හැමෝගෙම ශුක්‍රානු වෙන වෙනම තැන්පත් කරගන්නවා. ඒක නිසා හොඳ ජාන විවිධත්වයක් ඇති මීමැසි පරපුරක් බෝකරන්න ඇයට පුළුවන් වෙනවා.

    අලුත් රැජින කන්‍යා චාරිකාවෙන් ආපහු ආවට පස්සෙ මව් රැජින ඇගේ පිරිවරත් එක්ක මීවදෙන් පිටව යනවා. ගිහින් වෙන අලුත් වදයක් තනා ගන්නවා.

    අවුරුදු හතරක් පහක් ජීවත්වෙන මීමැසි රැජිනක් රමණය කරන්නෙ මේ චාරිකාවෙදි විතරයි. ඊට පස්සෙ එයා කිසි දවසක මීවදෙන් එලියට යන්නෙ නෑ. බිත්තර දාන එකයි උපත් පාලනයයි තමයි කරන්නෙ.

    මට හිතාගන්න බැරි ලිංගය පුපුරා මැරෙන බව දැන දැන රමණය කරන්න තරම් මීමැස්සන්ගේ සුරතාන්තය කොහොම එකක් වෙන්න ඕනද කියල.

  • ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    ඒක කරන්නම ඕන ටෙස්ට් එකක්

    සුනිල් පෙරේරා  ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ වුනා. සමලිංගික, විෂම ලිංගික, සංක්‍රාන්ති ලිංගික, ලිංගික ශ්‍රමික හෝ මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වී ඇති ඕනෑම කෙනෙකුට අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිදුවුනහොත් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වුවත් ළඟම ඇති රජයේ සායනයට පැමිණ නොමිලේ HIV පරීක්ෂාවක් කරගන්න පුළුවන්. ඒ වගේම www.know4sure.lk වෙබ්අඩවිය හරහා  ඔබේ රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි එච්අයිවී පරීක්ෂාවක් සඳහා පහසුවෙන් වෙලාවක් වෙන්කරගැනීමටත් දැන් අවස්ථාව තියෙනවා. HIV පිළිබඳ දැනුවත් විය යුතු බොහොමයක් කාරණා ගැනත් මේ වෙබ් අඩවියේ සාකච්ඡා කරනවා.

    මැකුවොත් හිරේ කියන පාඨයත් සමග සමාජගත වූ HIV මුලින්ම ක්‍රියාත්මක වුනේ එකම සහකරුවෙකුට පමණක් ලිංගික ක්‍රියාවන් සීමා කිරීමේ ආගමික සදාචාර නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි. අයාලේ යන අයට දෙවියන් විසින් දුන් දඬුවමක් වගෙයි මේක බාරගත්තෙ.  නමුත් පිළිසිඳ ගැනීමකින් තොරව ලිංගික එක්වීමේ හැකියාව මිනිසා සතු  කළ මානව ලිංගික නිදහසේ පුරෝගාමී  පුංචි රබර් කොපුව -කොන්ඩමය නැවතත් මෙතනදි ආරක්ෂාව වෙනුවෙන් පෙරමුන ගත්තා . ඒ නිසා එච්අයිවී ගැන බියකින් තොරව ලිංගික තෘප්තිය සොයායාමේ නිදහස ලැබුන.

    කොන්ඩමයේ ඉතිහාසය

    කොන්ඩමයක් මානව ඉතිහාසයේ මුලින්ම නිෂ්පාදනය වුනේ කවදද කියන එක හරියටම කියන්න පුළුවන්කමක් නෑ. වෛද්‍ය ඉතිහාසය පිළිබඳ පර්යේෂණ කරන වර්න් බුලො කියන්නෙ මේක මිත්‍යා කතා අතර හැංගිලා ගිහින් කියල. මධ්‍යතන යුගයෙ ඉඳන් සත්ව බඩවැල් ආදියෙන් නිපදවන කොන්ඩම පාවිච්චි වුනා. තවත් පර්යේෂකයො කියන්නෙ මේ ඉතිහාසය දහවෙනි ශතවර්ෂයේ පර්සියාව දක්වා යනවා කියල. ඒත් කොන්ඩම භාවිතයෙන් රෝග වැලැක්වීමට පුළුවන් කියල මුලින්ම දොස්තරලා හොයාගත්තෙ 16 වෙනි සියවසේදි.  ගේබි්‍රයල් ෆැලොපියො කියන ඉතාලියානු දොස්තර තමයි මුලින්ම නිර්දේශ කළේ කොන්ඩම භාවිතයෙන් ලිංගික රෝග බෝවීම වළක්වන්න පුළුවන් කියල.

    1800 ගනං වෙනකල් කොන්ඩම් හැදුනෙ සතුන්ගෙ කොටස්වලින්. ඒවා දරුවන් පිළිසිඳ ගැනීම වැළැක්වීමට සහ රෝග බෝවීම වැළැක්වීම වෙනුවෙන් පාවිච්චි වුනා. මේ කාලෙ කොන්ඩම වල රිබන් එකක් තිබුන. ඒක පහල කෙලවරෙන් ගැටගහ ගන්නයි හදලා තිබුනෙ. බුලො කියන විදිහට කොන්ඩම් වැඩිපුර භාවිතා වුනේ ගණිකා වෘත්තිය ආශ්‍රිතව නිසා ඒ අපවාදය කොන්ඩම සමගත් බැඳී තිබුන. ඒ වගේම පිරිමි කවදාවත් කොන්ඩම පළඳින්න ඒ තරම් කැමති වුනේ නෑ.

    ලොව සුප්‍රකට පෙම්වතා කැසනොවා 1700 කියන විදිහට තමන් සැබවින්ම ජීවත් වෙන ඒ මොහොතෙදි මැරිච්ච හම් කෑල්ලකින් තමන්ව වහගන්න එයා කැමති නෑ. කැසනොවා තව ටිකක් කල් ජීවත් වුනා නම් වෙනස් විදිවල කොන්ඩම් එයාට අත්හදා බලන්න තිබුන. සමහර විට එයා ඒවට වැඩියෙනුත් එක්ක කැමති වෙන්නත් ඉඩ තිබුන.

    1800 ගනංවලින් පස්සෙ රබර් කොන්ඩම් හඳුන්වාදෙනවා. මුල් කාලෙදි මේ කොන්ඩම්වලින් ආවරණය වුනේ ශිෂ්න මුන්ඩය විතරයි. යුරෝපීයයන් ඒවා ඇමරිකන් ටිප්ස් විදිහට හැඳින්නුවා. 1869දි මුල්වරට ශිෂ්නය සම්පූර්ණයෙන් ආවරණය වෙන රබර් කොන්ඩමයක් එනවා. නමුත් ඒ මැදින් යන මූට්ටුවක් තිබුන. ඒක අපහසුකාරී වුනා. ඒ වගේම ඒවා මිළ අධික වුනා. සෝද සෝදා නැවත පාවිච්චි කළ හැකි වුනා.
    මේ සියවසේ අවසාන භාගයෙදි තමයි මිළ අඩු කොන්ඩම හඳුන්වා දුන්නෙ. තුනී මුට්ටුවක් රහිත කොන්ඩමයක් වුනත් මේවා ඉක්මණින් කැඩෙන්න පටන් ගත්තා. මේ අතරම මාළු බොකුවලිනුත් කොන්ඩම් නිෂ්පාදනය වෙන්න ගත්තා.

    1873දි කොන්ඩම් කර්මාන්තයට දරුණු පහරක් වදිනවා. ඇමරිකානු ප්‍රතිසංස්කරණවාදියෙක් වන ඇන්තනි කොම්ස්ටොක් විසින් කොම්ස්ටොක් ලෝ කියන නීතිය ගේනවා. මේ නීතියෙන් කොන්ඩම සහ වෙනත් උපත්පාලනය සඳහා යොදාගන්නා දේවල් සහ සදාචාර විරෝධී ලෙස හඳුන්වන සෙක්ස් ටෝයිස් තැපැල් මගින් යැවීම තහනම් කරනවා. තව පළාත්වල වෙනත් දැඩි ස්වරූපයන්ගෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ගත්තා. කොන්ඩම් නැති වුනේ නෑ. ඒවා අඳුරු කර්මාන්ත වුනා. සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට කොන්ඩම් කියන්නෙ නැතුව රබර් සේෆ්, කැප්ස්, මහත්වරුන්ගේ රබර් මෙවලම් වගේ නම් වලින් හැඳින්නුවා.

    කොම්ස්ටොක් නීතිය තියෙද්දිම අද දක්වා කොන්ඩම නිෂ්පාදනයේ දැවැන්තයන් දෙදෙනා කර්මාන්තයට පිවිසෙනවා. 1883දි. ජර්මානු යුදෙව්වෙක් සංක්‍රමනිකයෙක් වන ජුලියස් ශ්මිඩ් තමන්ගේ කොන්ඩම් නිෂ්පාදනය ආරම්භ කරන්නෙ සොසෙජ් කවර ව්‍යාපාරයත් සමග. එයාගෙ කොන්ඩම්වල නම රැම්සෙස් ඇන්ඩ් ශීක්. ශ්මිඩ් රබර් වලින් කොන්ඩම් හැදුවා. ඇමරිකාවෙ ප්‍රමුඛතම කොන්ඩම් නිෂ්පාදකයා වෙන්න ශ්මිඩ්ට පුළුවන් වුනා. 1916දි ශ්මිඩ්ට එයාගෙ ප්‍රතිවාදියා මුනගැහුනා. ඒ තමයි මර්ලෙ යන්ග්. ට්‍රෝජන් කියන බ්‍රෑන්ඩ් එක එයාගෙ.

    1930 ගණං වෙද්දි කොන්ඩම්වලට තියෙන නීතිමය තත්වය ශක්තිමත් වුනා. රෝග වැලැක්වීම වෙනුවෙන් කොන්ඩම් පාවිච්චි කළ හැකිය කියන පිළිගත හැකි සාක්ෂිය තමයි ඒකට හේතු වුනේ. ඒ වගේම දොස්තරලාට රෝග වැලැක්වීම සඳහා කොන්ඩම් නිර්දේශ කරන්නත් නීතියෙන් අවසර ලැබුනා.
    මේ අතරදි ලේටෙක්ස් කොන්ඩම් හඳුන්වාදුන්නා. වඩා තුනී වෙමින් වැඩි තෘප්තියක් ළඟා කරදෙන්න ඒවාට පුළුවන් වුනා. ඒ වගේම පොදු ජනතාවට මිළට ගත හැකි වුනා. 1930 ගණන්වල මැද වෙද්දි ප්‍රධාන කොන්ඩම් නිෂ්පාදකයො 15 දෙනෙක් හිටිය අතර මිලියන එකහමාරක් කොන්ඩම් දවසට නිෂ්පාදනය වුනා.

    සමාජ විද ්‍යාඥ ජොෂුවා ගැම්සන් කියන විදිහට දෙවෙනි ලෝක යුද්දෙ වෙද්දි දවසට කොන්ඩම් මිලියන තුනක් නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ඇමරිකානු හමුදාවලට කොන්ඩම් ලබාදීම. 1940 ගණන්වලදි ප්ලාස්ටික් සහ පොලියුරතේන්වලින් කොන්ඩම් හදන්න ගත්තට ඒවා වැඩි කාලයක් පැවතුනේ නෑ. මේ අතර පළවෙනි පාට පාට කොන්ඩමය ජපානයේ නිෂ්පාදනය වෙනවා.
    1960-70 වෙනකල් කොන්ඩම් අලෙවිය වැඩිවෙනවා. ඊට පස්සෙ එකපාරටම ඒක කඩන් වැටෙනවා. ඒකට හේතුව වෙන්නෙ උපත් පාලන පෙත්ත සහ IUD ක්‍රමයන් හඳුන්වාදීම. උපත් පාලනය කියන හේතුවට කොන්ඩම් එක්ක තවත් තරගකරුවන් ඉදිරිපත් වෙනවා.

    මේ විදිහෙ උපත් පාලන ක්‍රම ගණනාවක් හඳුන්වාදුන්නට 1965 වෙනකල්ම ඒවා තහනම් විදිහටයි පවතින්නෙ. කනෙක්ටිකට් වල ශ්‍රේෂ්ටාධිකරණය පළවෙනි වතාවට විවාහක අයට උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න නීතිමය අවසරය දෙනවා. අවිවාහක අයට උපත් පාලන අයිතිය ලැබෙන්නෙ තවත් අවුරුදු හතකට පස්සෙ. ඒ කොහොම වුනත් 1977 දක්වාම කොන්ඩම් ඇඩ්වර්ටයිස් කරන්න තහනම්. මේ දැන්වීම පළකිරීම නීතිගත වුනාට පස්සෙ වුනත් රූපවාහිනී ආයතන තමන් විසින්ම ඒවා බාරගැනීම ප්‍රතික්‍ෂේප කළා.

    නැවත කොන්ඩම් ජනප්‍රිය වෙන්නෙ 1980 ගණන්වල HIV පැතිරෙන්න ගන්නවත් එක්ක. ඒත් මේ මාධ්‍ය නාලිකා කොන්ඩම් පිළිබඳ දැනුවත් කිරීම් තමන් විසින්ම වාරණය කරනවා. ඇමරිකානු ජ්‍යෙෂ්ට හමුදා වෛද ්‍යවරුන් පවා මේ දැනුවත් කිරීම් මාධ්‍ය විසින් කළ යුතුයි කියල කිව්වත් ඒ අය ඇහුම්කන් දෙන්නෙ නෑ. ඒ මාධ්‍ය බයවෙනවා උපත් පාලනයට විරුද්ධ තමන්ගේ පාරිභෝගිකයන් තමන්ට අහිමි වෙයි කියල. ඒ දැන්වීම් මගින් ප්‍රජාවගේ යහපත් රසය සහ පිළිගැනීම පිළිබඳ තත්වයන් කඩකරනවා කියල ඒ අය කියනවා.

    පළමු වරට කොන්ඩම් ඇඩ් එකක් ටීවී එකේ යන්නෙ 1991දි. ඒ ට්‍රෝජන් කොන්ඩම් ගැන. එතනදි කොන්ඩම් එකෙන් සිද්ද වෙන රෝග වැළැක්වීම ගැන මිස උපත් පාලනය ගැන කිසි දෙයක් කතා කරන්නෙ නෑ. මේ අවුරුද්දෙම ෆොක්ස් ච ැනල් එක ශ්මිඩ්ගෙ රැම්සස් ඇඩ් එක ප්‍රතික්‍ෂේප කරනවා ඒකෙ ශුක්‍රානු විනාශ කිරීමක් දැක්වෙනවා කියල. ප්‍රයිම් ටයිම් එකේ පළවෙනි වතාවට කොන්ඩම් දැන්වීමක් ප්‍රචාරය වෙන්නෙ 2005දි. 2007දිත් ෆොක්ස් එක මේ දැන්වීම් බාරගැනීම ප්‍රතික්‍ෂේප කරනවා ඔවුන් උපත් පාලනයට විරුද්ධ නිසා.

    ඉතින් අදටත් ලංකාවෙ කොන්ඩම් එකක් පොලිසිය විසින් නීති විරෝධී හෝ අපහාසාත්මක, අපචාරාත්මක තත්වයකින් සැලකීම ගැන වැඩිය පුදුම වෙන්න දෙයක් නෑ. ඒත් මේ පුංචි රබර් කොපුව තමයි ලිංගික රෝග බෝවීමේ අවදානම වළක්වන, ලිංගික නිදහස ආරක්ෂා කරන ප්‍රබලම මෙවලම වෙන්නෙ.

    HIV වලට බයවෙන්න දෙයක් නෑ!

    මේ වෙද්දි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක HIV සාර්ථකව පාලනය කිරීමට ඖෂධ සොයාගෙන ඇති නිසා තවදුරටත් මේක බිය විය යුතු මාරාන්තික රෝගයක් නෙමෙයි. නිසි උපදෙස් මත ඖෂධ ලබාගන්නවා නම් ලිංගිකව හැසිරුනද ඔබෙන් තව කෙනෙකුට HIV බෝවෙන්නෙත් නෑ. මේ නිසා HIV ඇති අය සමාජයෙන් කොන්කිරීම හෝ ඒ අය ගැන බයෙන් කලබල වීම නූතන යුගයට අයිති හැසිරීමක් නෙමෙයි. ඒ නොදැනුවත් බව පිළිබඳ කතන්දර.

    මේකෙන් අදහස් වෙන්නෙ අප්‍රවේශම්කාරී වීම ප්‍රශ්නයක් නෑ කියන එක නෙමෙයි. විවෘත ලිංගික ඇසුරකදි කොන්ඩමයක් පැළඳීම හැමවිටම වැදගත්. නමුත් යම් අතපසු වීමක් වුවහොත් දෙවන පියවර වන්නේ පරීක්ෂාවක් සිදුකරගෙන සැක බිය දුරුකර ගැනීම.

    අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු සති 4-6ක් අතර කාලයකදි මේ ටෙස්ට් එක කරගැනීම සුදුසු වෙනවා. මේ ටෙස්ට් එක නිසා ඔබේ ජීවිතයත් ඔබව ඇසුරු කරන අනෙක් අයගේ ජීවිතත් ආරක්ෂා වෙනවා. නෝටි වුනත් නයිස් විදිහට කරන සෙක්ස් කරන්න අපි ඉගෙන ගන්න ඕන.

    මේ ගීතය වෙනුවෙන් සුනිල් පෙරේරා මුදල් අයනොකරම තමන්ගේ ගීතයක තනුව සහ තමන්ගේ හඬ ලබාදීම විශේෂයෙන්ම අගය කළ යුතු දෙයක් වෙනවා.


    HIV සහ ලිංගාශ්‍රිත රෝග පර්යේෂණ සඳහා දුරකතනයෙන් පහසු වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට

    www,know4sure.lk
    – 0766447873 – 0779803244
    ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන
    – 0112 66 71 63 – 0703 533 633
  • වැඩිහිටියන්ට තහනම්

    වැඩිහිටියන්ට තහනම්

    ලංකාවෙ බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනවලට පොළඹවන වෙබ් අඩවි තහනම් කරන්න කියල නියෝග කරලා. මේකට හේතුව විදිහට කියන්නෙ පාසැල් දරුවන් කොවිඩ් කාලෙ ගෙදර ඉන්න නිසා මේ වෙබ් අඩවිවලින් සංවිධානගත පිරිස් සූක්ෂම විදිහට අපයෝජනවලට පොළඹවා ගැනීම. දැන් කොහෙද මෙහෙම හේතුවක් තහවුරු වෙලා තියෙන්නෙ?

    මං දන්න තරමින් බාලවයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුමත් ඇතුව ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ ගැන දැන්වීමක් වෙබ් අඩවියක පළකරලා තියෙනවා. එතකොට අපි දරුවන්ව අම්මලාගෙනුත් ඈත් කරලා තියන්න ඕනද? මොකද මෙතනදි අම්මා තමයි අපයෝජනයට හවුල් වෙලා තියෙන්නෙ. ඕනම කෙනෙකුට මුදලක් ගෙවා දැන්වීමක් පළකරන්න පුළුවන් වෙබ් අඩවියක ඒ දැරිය ගැන දැන්වීම පළවෙලා තියෙනවා. ඒ දැන්වීමෙ වුනත් ඇය බාලවයස්කාර දැරියක් කියල සඳහන් වෙන්න විදිහක් නෑ.

    නමුත් මෙතනදි වෙබ් අඩවිය හසුවන වරද දැරිය බාලවයස්කාර වීම නෙමෙයි. නීතිය අනුව ලිංගික ශ්‍රමියන්ගේ දැන්වීම ප්‍රසිද්ධියෙ පළකරන්න බෑ.

    ඒක තියෙන්නෙ අපේ දණ්ඩනීති සංග්‍රහයෙ 360 ඒ වගන්තිය හැටියට. ඒකෙ හැටියට අවුරුදු 18ට වැඩි හෝ අඩු භේදයක් නැතුව, ඔවුන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව, පිරිමි ගැහැණු භේදයකින් තොරව ඕනම කෙනෙක්, රටෙන් පිට හෝ රටෙන් ඇතුලෙ ගණිකාවක් ලෙස ලබාදීම සහ ලබාදීමට උදව් කිරීම වරදක් වෙනවා. ඒ අනුව කාටහරි පුළුවන් දැන්වීම් පළකිරීම නිසා වෙබ් අඩවිය ගණිකා සේවයට උදව් කරනවා කියන්න.

    ඒ නීතියෙ හැටියට ලංකාවෙ ගණිකාවන්ට තමන්ගේ සේවය ගැන වෙබ් අඩවියකවත් දැන්වීමක් පළකරන්න පුළුවන්කමක් නෑ. එහෙම වුනොත් වෙබ් අඩවිය වරදට අහුවෙනවා. රටේ ගණිකා වෘත්තිය තහනම් නෑ කියල කිව්වට ඒ අයට පාරිභෝගිකයෙක් හොයාගන්න තියෙන හැම අවකාශයක්ම නීතියෙන් අහුරලයි තියෙන්නෙ. ඇගේ ජීවිතය ඉතාම අනාරක්ෂිත සහ දුර්වල එකක් බවට පත්කරලයි තියෙන්නෙ. ගණිකාවකට තමන්ම කෙනෙකුට කතා කරලා හෝ පිටේ බෝඩ් එක්ක ගහගෙන පාරෙ ගිහින් හෝ තමයි පාරිභෝගිකයෙක් හොයාගන්න වෙන්නෙ.

    විවෘත මනසකින් කල්පනා කරලා බැලුවොත් මේ වෙබ් අඩවි නිසා ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතයට වඩා පහසුවක්, නිදහසක් වගේම ආරක්ෂාවක් සැලසිලා තියෙනවා. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ පාරිභෝගිකයන්ටත් ඒ පහසුවම ආරක්ෂාවම ලැබෙනවා. මෙතෙක් වගකීම්රහිත, අඳුරු වෘත්තියක් වුණු ගණිකා වෘත්තිය යම් කිසි ශිෂ්ට ආකාරයෙන් ගනුදෙනු කළ හැකි වෘත්තීමයභාවයකට පත්වීම සමාජයක් පැත්තෙනුත් හිතකරයි.

    ඒත් අපිට තාම තියෙන්නෙ එදා තිබුනු නීතිය. සමාජයට ගැලපෙන විදිහට වෙනස් නොවුනු නීති ක්‍රියාත්මක වෙන්නෙ යහපතට වඩා අයහපත දිශාවට.

    මේ වෙබ් අඩවි මගින් සංවිධානාත්මකව දරුවන් අපයෝජනයට යොමු කරනවා කියන්න අපිට තියෙන පිළිගත හැකි සාක්ෂි මොනවද? මෙවන් තීන්දු විවේචනය කිරීම නෙමෙයි නමුත් ඒවාට හේතුවන තාර්කික අතාර්කික කාරණා ප්‍රසිද්ධ සංවාදයට ගන්න ඕන. මොකද ඒ හරහා එළඹෙන තීන්දු තීරණ පොදුවේ සමාජයකට බලපාන හින්ද. එක් අහඹු පුද්ගල වරදක් මත පදනම් වෙලා සමාජයක නිදහස සහ තෘප්තිය වාරණය වීමක් සිද්ද වෙන හින්ද.

    මේ තහනම සිද්ද වෙන්නෙ දරුවන් මේ වෙබ් අඩවිවලට පිවිසීම මුල්කරගෙන. ඒ කියන්නෙ ඇතැම් පවුල්වල වැඩිහිටියන් තමන්ගේ දරුවන් පාලනය කරගන්න බැරිවීම ගැන සමාජයටම වග කියන්න වෙනවා. කොවිඩ් නිසා ගෙදර ඉන්න බාලවයස්කාරයන් ගැන ඕනවටත් වඩා සිතීම ඇතුලෙ කොවිඩ් නිසා ගෙදර ඉන්න වැඩිහිටියන් නොතකා හළ යුතුද?

    සෑම වැඩිහිටි වෙබ් අඩවියකටම ඇතුල්වීමේදී වයස පිළිබඳ නිර්ණායකය වඩාත් හොඳින් තහවුරු වී තිබිය යුතුයි වගේ තීරණයකට එළඹීම ඉතාම තාර්කික සහ ඵලදායී එකක් වෙනවා. නමුත් කිසිසේත්ම අසම්බන්ධිත තහනමක් සහ හේතුවක් සමාජය විපිලිසර කරනවා.

    පවුලේ සිනමාව, පවුලේ රූපවාහිනිය වගේම පවුලේ වෙබ් අඩවිවල ගතවෙන ජීවිතයකට අපිව හිරවෙනවා. අන්තිමට අපි ළමයි වෙනවා.

    මේ සටහන පදනම් වෙන්නෙ කලම්බුටයිම්ස්.එල්කේ වෙබ් අඩවියේ පළවුනු ප්‍රවෘත්තියක් මතයි. ඒ ප්‍රවෘත්තිය අනුව මේ විදිහට දරුවන් අපයෝජනයට පොළඹවන වෙබ් අඩවි ලංකාවේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කුමක් හෝ පර්යේෂණයක් සිද්ද වෙලා තියෙනවද? අපි මේ කතා කරන්නෙ සිද්ධි කීයක් මත පදනම්වද? මේ තරම් ඔන්ලයින් අවකාශයේ වැඩිහිටි වෙබ් අඩවිවල ගැවසෙන අපිත් නොදන්නා මේ විශාල සමාජ ව්‍යසනය තිබුනෙ කොහෙද?

    උසාවියෙන් නියෝග කරන්නෙ පාසැල් යළි ආරම්භ කරන කල් මේ වෙබ් අඩවි තහනම් කරන්න කියල. එතනදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා එහෙම පැලැස්තර දාලා වැඩක් නෑ ඩොමේන් එකෙන්ම ගලවන්න ඕන කියල. පොලිසිය හැමතිස්සෙම ඉන්නෙ සදාචාරය රකින්න නීතියටත් වඩා ඉස්සරහින්.ඇයි අපි සමාජයක් විදිහට මිනිස්සුන්ගේ ආශා කලාපයන් වාරණය කරන්නම හේතු හොයන්නෙ? ඒවා වඩා හිතකර ආකාරයෙන් නිදහස් වෙන්න ඇති අවස්ථා අයහිර කරන්නෙ? මේ සම්බන්ධයෙන් පවතින පැරණි නීති යළි සාකච්ඡාවට කැඳවීමෙන් වඩා මානුෂීය ආකාරයෙනුත්, නූතන තත්වයන්ට ගැලපෙන ආකාරයෙනුත් ඒවා වෙනස් කිරීමයි ප්‍රගතිශීලි සමාජයක සිදුවිය යුත්තෙ. යම් වරදක් පිළිබඳව සමාජයකට බලපාන තීන්දු ගැනීමේදී අපි වඩා මධ්‍යස්ත විද්‍යාත්මක පදනමක් අනුව ඒ කළ යුතුයි කියල අපි විශ්වාස කරනවා. නමුත් මෙතැනදී සිදුවන්නේ සැබෑ ළමා අපයෝජනයේ ප්‍රශ්නය තියෙන තැන අතහැර එය දඩමීමා කරගනිමින් ඉතාම අවශ්‍ය වැඩිහිටි නිදහසක් වාරණය කිරීමක් කියල අපි හිතනවා.

  • SEX/LIFE

    SEX/LIFE

    සෙක්ස්/ලයිෆ් කියන්නෙ මේ ජූනි මාසෙ නෙට්ෆ්ලික්ස් වලින් මුදාහැරපු ශෘංගාර සීරිසයක්. ඒක පදනම් වෙන්නෙ බීබී ඊස්ටන් කියන කොන්ඩෙ රෝස පාට ලේඛිකාවගේ 44 Chapters about 4 men කියන නවකතාව මත. ඒකෙ තේමාව වෙන්නෙ ගැහැණියක් විසින් මවක්, ගෘහණියක් බවට පත්වෙන්න කරන තෝරාගැනීම සහ ඒ නිසා මගහැරෙන අනුරාගී සෙල්ලක්කාර ආත්මය ගැන කතාන්දරය. ඒ ලෝක දෙකම අයිති කරගන්න ගැහැණියකට පුළුවන්ද? නැත්නම් ස්වාමියාගේ බිරිඳ හැටියෙන්, දරුවන්ගේ මව හැටියෙන් රාගහරණය කළ ජීවිතය ඇය තටු කපාගෙන බාරගත යුතුද?

    බීබී ඊස්ටන් කියන්නෙ සයිකොලොජිස්ට් කෙනෙක්. එයා දරුවන් දෙන්නෙක් සහ සැමියා එක්ක ජෝර්ජියාවෙ ජීවත් වෙන්නෙ. මේ වෘත්තියෙන් අයින් වෙලා එයා පොත් ලියන්න තීරණය කරනවා. එතනදි එයාට හිතෙනවා එයාගෙ පන්ක් රොක් අතීතය සහ හිතාගන්න බැරි තරම් ප්‍රචණ්ඩව ගතවුනු ලිංගික ජීවිතය ගැන ලියන්න. මේ පොත ලියවෙන්නෙ ඊස්ටන්ගෙ ඒ මතකයන් විදිහට. එයාගෙ ෆේස්බුක් පිටුවට ගියොත් බලාගන්න පුළුවන් ඒ දෙබස්, ඒ සිද්ධීන් එයා කොයිතරම් තලුමරනවද කියල.

    මේ කතා පෙළ ස්ටේසි රුකේසර් අතින් සීරිස් එකක් විදිහට නිර්මාණය වෙනවා. ඒකෙ නිතර තැන තැන අපේ ප්‍රධාන චරිතය වන සයිකොලොජිස්ට් එයාගෙ පරණ පෙම්වතා එක්ක ගතවුනු සෙක්ස් ගැන මතක් කරනවා. ඒ උමතුව අහිමි මළානික ජීවිතය ගැන කණස්සලු වෙනවා. ඒත් එයාට ඕන නෑ සැමියා සහ දරුවන් අත්ඇරලා ආශාව හඹා යන්න. ඒ වගේම සැමියා සහ දරුවන් වෙනුවෙන් ආශාව මරාදමන්න ඕනත් නෑ.

    ඒ එක තැනක කෙල්ලක් උමතු කරන තරමේ ශෘංගාර අනුහසක් සහ දිගු ලිංගයක් හිමි පෙම්වතා සමග රමණය කරන අතර අපේ කෙල්ල බිලී ඒ සෙක්ස් පොසිෂන් එක ගැන කතා කරනවා. ඒක තමයි කොයිටල් එලයින්මන්ට් ටෙක්නික්. බිලී ඒක සැමියා එක්කත් අත්හදා බලනවා. ඒත් සැමියාට කවදාවත් ඒක හරියට කරගන්න බැරි වෙනවා. කිසිම තාක්‍ෂණයක් ගැන නොදැන ඒ අතීත පෙම්වතා ශෘංගාර විස්කම් මැවූ හැටි ගැන බිලී පුදුම වෙනවා.

    කොයිටල් එලයින්මන්ට් ටෙක්නික් (Coital Alignment Technique), සිංහලෙන් අමාරුවෙන් කිව්වොත් සංසර්ග ඉරියව්ව ගලපා ගැනීමේ තාක්‍ෂණයට සාමාන්‍ය වහරෙන් කියන්නෙ තිරිඟු ඇඹරීම කියල. මෙතනදි වෙන්නෙ ප්‍රසිද්ධ මිෂනරි ඉරියව්වම ක්ලිටොරිසය උපරිමයෙන් උත්තේජන කරන ආකාරයෙන් සකස් කරගැනීම. උඩ සිටින පිරිමියා හෝ ඩිල්ඩෝවක් පැළඳි ගැහැණිය මඳක් ඉදිරියෙන් තම ශරීරය පවත්වාගනිමින් ඉහල පහළ යාම කරන්න ඕන. ඒ වගේම දෙන්නාගේම අවධානය ලිංගේන්ද්‍රියන් ස්පර්ශ වන තැන රඳවාගනිමින් ඒ ස්පර්ශය උපරිම කරන ආකාරයේ රිද්මයක් ඇති කරගන්න එකත් වැදගත්. මෙතනදි වෙන්නෙ ශිෂ්නය සම්පූර්ණයෙන් යෝනිය තුලට ගමන් කරනවා වෙනුවට එහි බඳ කොටස ක්ලිටෝරිසයේ ඇතිල්ලෙමින් යෝනියේ තරමක් ඇතුලට ගමන් කිරීමේ ප්‍රවේශයක් ගැනීම.

    මෙතනදි පිරිමියා විසින් ශිෂ්නය මිෂනරි ඉරියව්වේදී මෙන් ඉහලට යොමු කරනවා වෙනුවට පහල අතට යොමු කිරීමකුයි සිද්ද වෙන්නෙ. පිරිමියා ශරීරය ඉහළට ගෙන යද්දී ගැහැණිය පහළට යමින්ද නැවත පිරිමියා පහලට එන විට ගැහැණිය ඉහළට යමින්ද මේ ඇතිල්ලීමේ රිද්මය පවත්වාගන්නවා. එමෙන්ම බඳ කොටස කරකැවීමෙන් මේ සංවේදනය තවත් උපරිම කරන්න පුළුවන්. මේකට පුහුණුවක් අවශ්‍ය වෙනවා. හොඳින් පුහුණු වුනාට පසුව ගැහැණිය උඩින් සිටින ඉරියව්වෙන් Reverse CAT එකත් අත්හදා බලන්න පුළුවන්.

    මේ තාක්‍ෂණය මුලින්ම නිර්වචනය කරන්නෙ ඇමරිකානු සයිකොතෙරපිස්ට් කෙනෙක් වන එඩ්වර්ඩ් අයිෂල්. මේ ගැන කෙරුණු පර්යේෂණ වාර්තාව 1988 දි සෙක්ස් ඇන්ඩ් මැරිටල් තෙරපි ජර්නල් එකේ පලවෙනවා.

    මේ තාක්‍ෂණය හොයාගන්නෙම යෝනි සංසර්ගයෙන් පමණක් සුරතාන්තය ලැබීමට දුෂ්කර කාන්තාවන් වෙනුවෙන්. මෙතනදි උපරිම ආස්වාදය ලබන්නෙ බොටම් හෙවත් පහළින් සිටින ගැහැණියයි. යෝනි මාර්ගයේ ආස්වාදයට අමතරව එකවිටම ක්ලිටෝරිසයේ උත්තේජනයත් ලබාදීම මෙතනදි සිද්ද වෙනවා.

    මේකට තිරිඟු ඇඹරීම කියන්නෙත් ඒ තාක්‍ෂණයේ ස්වරූපය නිසාමයි. ඇතුලට ගමන් කිරීම වෙනුවට ක්ලිටෝරිසයේ ඇතිල්ලීම ගැනයි වැඩි අවධානයක් යෙදෙන්නෙ. ඒක හරියටම ලෙස්බියන් සම්බන්ධයකදි වගේමයි. මේ ඇතිල්ලීමේ ඉරියව්ව හින්දයි මේකට තිරිඟු ඇඹරීම කියල කියන්නෙ. ලංකාවෙ නම් ආප්ප ගැසීම වගේ එකක් වුනත් හැදෙන්න තිබුන.

    මේක මූලිකව ස්ත්‍රී පුරුෂ සංසර්ගයක් වෙනුවෙන් නිර්මාණය වුනත් ඩිල්ඩෝවක් සමග සමරිසි කාන්තාවන් දෙන්නෙකුට වුනත් අත්හදා බලන්න පුළුවන් ඉරියව්වක්.

    කලින් සඳහන් කළා වගේ CAT මුලින් යොදාගත්තෙ යෝනි සංසර්ගයෙන් සුරතාන්තය ලැබීමේ අපහසුතා ඇති කාන්තාවන්ට. ඒකට අපි කියනවා ෆීමේල් කොයිටල් ඇනොර්ගස්මියා (female coital anorgasmia) කියල. 1995දි මේ ගැන කරපු පර්යේෂණයකින් තහවුරු වුනා මේ CAT ඉරියව්වෙන් කාන්තාවන් බහුසුරතාන්තයන්ට සහ වඩා පරිපූර්ණ තෘප්තියකට ළඟා වෙනවා කියල.

    ඒ වගේම ක්ෂණික මෝචනයටත් මේක ඉතාම ප්‍රතිඵලදායී වුනා. ගැහැණු පිරිමි දෙදෙනාම ඇතිල්ලීම ගැන අරමුණු කරන නිසා බොහෝ වෙලාවක් ඔවුන්ට සංසර්ගයේ යෙදෙන්න පුළුවන් වුනා.

    සාමාන්‍ය සමතලා ඇඳකට වඩා කොට්ටයක් තබා ඉන ප්‍රදේශය ඔසවා තැබීමෙන් මේ ඉරියව්ව පහසු කරනවා වගේම වැඩි තෘප්තියක් ලබාදෙනවා. කාන්තාවට පිරිමියාගේ පුළුවන් බඳ වටා කකුල් යවා ගනිමින් පාලනය තමන් අතට ගන්න. ඒ වගේම මේ අතර ඇඟිලිවලින් ඇගේ ශෘංගාර ප්‍රදේශයන් ස්පර්ශ කිරීමෙන් කිතිකැවීමෙන් ආස්වාදය උපරිම කරන්නත් පිරිමියාට පුළුවන්.

    මතක තියාගන්න ඕන දේ තමයි හරි ස්ථානගත කිරීම් තේරුම් ගන්නකල් මේක ඉවසීමෙන් පුහුණු වෙන්න වෙනවා. ඒක නිසා එකපාර අතෑරලා දාන්න එපා. ඇත්තටම ඒ පුහුණුව කියන්නෙත් CAT ඉරියව්වෙ තෘප්තියෙන් අඩක්.

    රෑට නිදාගන්න කලින් එපිසෝඩයක් බලන්න රමණීය (ඒ කියන්නෙ රමණයෙන් විචිත්‍ර) සීරීස් එකක් අත අරින්න එපා.

  • අෂ්ටාංගික ප්‍රේමය – Greek Love

    අෂ්ටාංගික ප්‍රේමය – Greek Love

    ආදරය ගැන දීප්ති කුමාර ගුණරත්න ත්‍රිමාන අඩවියට ලිපියක් ලියල තිබුන. ආදරය ගැන ලියවුණු පරම වෛරය මුසුවූ ලියමනක් වන එහි දීප්ති ග්‍රීක ආදරය ගැන මතක් කරනවා. ඊට පස්සෙ ලිපිය පුරාම සෙක්ස් කියන එක පහත් කරමින් රාගයෙන් තොර පරම ආදරයක් උත්කර්ෂයට නංවන්න හදනවා. කොහොම වුනත් ඒ ලිපියේ පුද්ගලයන්ට පහර දීමේ වැඩි කොටස අයින් කරලා ආදරය ගැන අදහස ගත්තම කියන්න තියෙන්නෙ ග්‍රීක ආදරය ගැන පැටලිලි සහගත හෝ වැරදි සහගත කියවීමක් කියන එකයි.

    ඒත් ඒක හින්ද අපිට පුළුවන් ග්‍රීකයො ආදරය දැක්කෙ කොහොමද කියන එක කතාවට ගන්න.

    ආදරය කියන්නෙ හැමෝම ප්‍රශ්නයකට යන තැනක්. ඕනම කෙනෙක් තමන් ප්‍රාර්ථනා කරන විදිහෙ ආදරයක් නොලැබීමේ කාංසියෙන් පෙළෙනවා. ආදරයේ පොපියන චමත්කාරය සහිත මුල් ටික කාලෙන් පස්සෙ මේක ස්වභාවිකයි. ඊට පස්සෙ අපි ආදරය රඳවා ගන්න එක එක දේවල් කරනවා.

    අපි හැමෝම මේ මානසික අර්බුදයට මුහුණ දෙන්නෙ ඉතාම මෑත කාලෙක ආගමික අදහසක් විදිහට ආපු රොමාන්තික ආදරය ගැන සංකල්පය හින්ද. අපි හැම ආදරයක්ම එක මනුස්සයෙක් මත පවරනවා. එකම විදිහකට හැමදාම පවතින ආදරයක් ගැන සිහින දකිනවා. ඒක කොයිතරම් බොළඳද කියල දැන දැනත් අපිට ඒකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. අපේ ආශාවන් අවුලන ලිංගික අනුරාගයත් අපි ගැන හොයන බලන ආරක්ෂාව සලසන සංසුන් ප්‍රේමයත් එකම තැනක රඳවන්න අපි ශිෂ්ටාචාරයක් පුරා අසාර්ථක වෑයමක යෙදෙනවා.

    අපි ආදරය කියන තනි වචනෙ දරන්න බැරි තරම් දේවල් වලින් පුරවලා තියෙනවා.

    ග්‍රීකයො මූලිකවම ආදරයේ තුන් ආකාරයක් ගැන කතා කළා. ඒ තුන එකම ආදරයක් ඇතුලෙ පවතින්න ඕන කියල ඒ ගොල්ලො විශ්වාස කළේ නෑ. ඒ තුන වෙන වෙනම පැවතිය හැකි ආදරයන්. ඒ වගේම ඒ එක් ආදරයක් අනෙක බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. හැම දෙයක්ම එක වචනයක ගොනු කරනවා වෙනුවට ග්‍රීකයො ඒ වෙනස් සම්බන්ධතා සහ හැඟීම් ස්වරූප වෙන වෙනම පවත්වාගත්තා. මානසික කලාපයන් විශාල කළා.

    Eros – මේ තමයි ආදරයක මුල් කාලය. ශරීරයෙන් උතුරා යන ප්‍රේමය. අනුරාගය. මේක හැමදාටම පවතින එකක් නෙමෙයි. එක්කො ආශාවන් තෘප්තිමත් කරමින් මේ ආදරය නිමාවෙනවා. නැත්තං ඒක වෙනත් ආදරයක් බවට පරිවර්තනය වෙනවා. සම්බන්ධතා ස්වරූපය මාරු වෙනවා. දීප්ති බයෙන් කතා කරන සෙක්ස් කියන කොටස තියෙන්නෙ මෙතන. ග්‍රීකයන් පවා මේක අනතුරුදායක විදිහට දැක්කෙ තමන්ගේ පාලනය ගිලිහී යන්න පුළුවන් නිසා. කොයිතරම් හිටියත් ඇතිවෙන්නෙ නැති ප්‍රේමයක්. ශරීරයෙන් ශරීරයට කතා කරන ආදරේ භාෂාව තමයි මේක.

    Philia – ඇරිස්ටෝටල් විසින් පරම ආදරය විදිහට හැඳින්නුවෙ මේ සම්බන්ධතා ස්වරූපය. ප්ලේටෝගේ ආදරය වුනෙත් මේක. ඒ තමයි මිත්‍රත්වය. මේ ආදරය ඇතිවෙන්නෙ සමානයන් දෙන්නෙක් අතර විතරයි. ඊරොස් කියන ප්‍රේමය කාලයකදි මේ දක්වා වර්ධනය වෙන්න පුළුවන්. නමුත් මේ මිත්‍රත්වයේ ආදරය පවතින්න සෙක්ස් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒක මනසින් මනසට කරන ආදරයක් විදිහටයි හැඳින්නුවෙ. විවාහයකට වඩා සුදුසු වෙන්නෙ මේ විදිහෙ ප්‍රේමයක්. අනුරාගී ආශාවන්ගෙන් බැහැර පවතින ආදරයක්. මේ ආදරයට සමාන්තරව තව තැනක ඊරොස් ඇවිලෙන්න පුළුවන්.

    Agape – මේ තමයි ආධ්‍යාත්මික ප්‍රේමය. නැත්තං මහා මෛත්‍රිය. සියලු දෙනා වෙත පතල කරන ආදරය. මේක ඇතිවෙන්නෙ විශාල එම්පතියක් එක්ක. දුකට පත් කෙනා ගැන ඇතිවෙන සහනුකම්පිත හැඟීම. මේ ආදරයේ වැදගත්කම ඒක අනෙකාගේ හොඳ මත ඇතිවෙන දෙයක් නොවෙන එක. මනුස්සයෙක් දුර්වලතාවයන් සමග බාරගන්න පුළුවන් වෙන්නෙ ඇගපෙ නිසා. දුෂ්ටයා විනාශ වෙද්දි පවා ඔහු වෙනුවෙන් ඇතිවෙන්නෙ මෙන්න මේ ප්‍රේමය. ආත්මාර්ථයෙන් තොර වූ මිනිස් ප්‍රේමය.

    මේ මූලික ආදරයේ හැඩයන්ට අමතරව තවත් ආදරනීය සම්බන්ධතා කීපයක් ගැන ග්‍රීකයො කතා කරනවා.

    Ludus – මේ කියන්නෙ ෆ්ලර්ටින් වලදි ඇතිවෙන ආදරයට සමාන හැඟීමක්. ඉතාම කෙළිදෙල්, සෙල්ලක්කාර, විනෝදකාමී, සතුටින් පිරුනු පාවෙනසුලු ආදර මොහොත. බොහෝ විට ඊරොස්වල පෙර මොහොත.

    Pragma – කාලයත් ජීවිතයත් එක්ක පරිණත වූ ආදරයට ප්‍රැග්මා කියනවා. විවිධ දේට එකට මුහුණ දීමෙන් දේවල් කැපකිරීමෙන් ගොඩනැගුනු සුවිශේෂී මිනිස් බැඳීමක්. මේක ආදරයේ ගැඹුරු පැවැත්ම කියන්න පුළුවන්.

    මේ සියලු ආදරයන් එකට එක තැනක පවතින්න ඕන කියල ග්‍රීකයො විශ්වාස කළේ නෑ. මේ සියල්ල එකවිට පවතින්න පුළුවන් ආදර කලාප හැටියෙනුයි ඒ ගොල්ලො දැක්කෙ. ඒ හැම ආදරයක්ම එකතු වෙලා මිනිහෙකුගේ හදවත විශාල කළා. එක ආදරයක් පවත්වාගැනීම වෙනුවෙන් අනෙක් සියල්ල කැපකිරීම සිද්ද වුනේ බොළඳ රොමාන්තික ආදරය ගැන විශ්වාසය ඇතිවුනාට පස්සෙ. ඊට කලින් මිනිස්සු තමන්ට මුනගැහෙන එක් එක් ආදරයේ ස්වරූපයන් වින්දා. ඒ නිසා එක ආදරයක් ඇතුලෙ නැති දේවල් ගැන හිතමින් තැවෙන්න ඕන වුනේ නෑ. අපි විවාහය ඇතුලෙ කරන්නෙ මේ සියලු සුවිසල් ආදර කලාපයන් එක තැනකට සීමා කරන එක. එක මනුස්සයෙක් මත පවරන එක. ඒ අතෘප්තියෙන් කාංසියට පත්වෙන එක.

    ග්‍රීකයො තවත් වෙනස් ආදරයේ ස්වරූපයන් ගැනත් කිව්වා.

    Filautia – තමන් පිළිබඳ ආදරය ගැනත් ග්‍රීකයො කතා කළා. තමන් ගැන ආදරය නැත්තාට පිටස්තර අයට ආදරය කළ නොහැකි යැයි ඔවුන් විශ්වාස කළා. අනෙක් අය ගැන ඇතිවන සෑම මිත්‍රශීලී හැඟීමක්ම කෙනෙක් තමන්ට දක්වන මිත්‍රශීලි බවේ දිගුවක් කියල ඇරිස්ටෝටල් කිව්වා.

    මේ ආදරයේ නරක ස්වරූපය තමයි නාසිසිසම් කියන්නෙ. තමන් පිළිබඳ ස්වරූපරාගයෙන් පෙළීම.

    Storge – පවුලේ බැඳීමක් විදිහට ඇතිවෙන ආදරය. සහෝදරයන් අතර පවතින්නෙ මේ හැඟීම. කණ්ඩායම් හැඟීම, ජාතික හැඟීම, වාර්ගික හැඟීම වගේ දේවල් අයිති වෙන්නෙ මේ ආදරයට.

    Mania – මේ තමයි උමතු ආදරය. අනෙකා මත දැඩිව රදා පවතින අනෙකාව මරාගෙන මැරෙන ප්‍රේමය. ඉරිසියාව, හීනමානය, තණ්හාව නලියන ප්‍රේමය. අපි පිහි ඇනුම්, දිවිනසා ගැනීම් දකින්නෙ මේනියාවේ ප්‍රතිඵල විදිහට. එකිනෙකා විනාශ කරන විෂ සහිත ආදරයන් ඇතුලෙ පවතින්නෙ මේ උමතු ප්‍රේමය.
    අපි ආදරය කියන වචනෙ ඇතුලෙ මේ හැමදේම කියනවා. එක වචනයක් මේ හැම හැඟීමක්ම දරද්දි ඒ වචනෙට තේරුමක් නැති වෙනවා.

    දීප්තිගේ යෝජනාව වන අන් සියලු ආදරයන් වෙනුවට ෆීලියා විතරක් පවත්වාගැනීම කියන්නෙත් නැවතත් කසාද ප්‍රේමයම වෙනස් විදිහකට යෝජනා කිරීමක්. ඒක රොමාන්තික ප්‍රේමය ගැන අදහසේම ගිලීමක්. ඒ වෙනුවට ආදරයේ ප්‍රගතිශීලී උත්සාහය වෙන්න ඕන වෙනස් වෙනස් ආදරයන් වෙනස් වෙනස් නම් වලින් පවතින විශාල හදවතක් හිමි මනුස්සයෙක් නිර්මාණය කරන එක.

  • තී හා තා

    තී හා තා

    සුරත් ද මැල්ගෙ තී හා තා පොත එලියට ආවම මගේ පළවෙනි ප්‍රතිචාරය වුනේ පොත නොකියවා ඉඳීම. ඒකට ලොකුම හේතුව වුනේ නම. තී හා තා කියපු ගමන් පරණ සිංහල සම්භාව්‍ය ගතියක් ඇවිත් මූට හරිහමන් නමක්වත් දාගන්න බෑ කියල හිතුන. දෙවෙනුව ඒ පොත සාහිත්‍ය සම්මානවලට නිර්දේශ වීම. සම්මාන ගන්නවා කියන්නෙම මං නොකියවන වර්ගයේ පොත්. මොකද සම්මාන දෙන්නෙ සාහිත්‍ය කෘතිවලට. මං කියවන්න කැමති සාහිත්‍ය නොවන කෘති. තෙවනුව ඒකට ආපු විචාර කදම්බය. එකපාරටම රටේ නම දරාපු විචාරකයො පොත ඉතසිතින් වර්ණනා කරන්න ගත්තා. ඒ වර්ණනාවල තිබුනෙම සබන්මය ගතියක් විතරයි. ඒක නිසා මම තෙවනුවත් තී හා තා නොකියවන්න තීරණය කළා.

    මට අහම්බෙන් යාලුවෙක් යූටියුබ් වැඩකට පොතක් ගැන කතා කරන්න ආරාධනා කළා. සාමාන්‍යයෙන් පොත් නොකියවන මම කල්පනා කළා මොන පොතක් ගැන කතා කරනවද කියල. එතකොට මට නැවත මතක් වුනා තී හා තා. මට ඕන වුනා ඒ පොතයි සම්මානයි විචාරයි ගැන කතා කරන්න. ඉතිං ග්‍රන්ථ එකේ එක්දින සේවාවෙන් පොත ගෙදරට ගෙන්න ගත්තා.

    ඒ පොත මගේ සියලු විනිශ්චයන් පරාජය කළා. ඒක කොහෙත්ම සම්මානවලට සුදුසු ගණයේ පොතක් නෙමෙයි. ඒක මං වගේ පිටුවහල් සාහිත්‍ය කැමති උන්ගෙ පොතක්. වැදගත්ම දේ ජීවිතේ පළවෙනි වතාවට මට පොතක් ඇතුලෙ මගේ ජීවිතේ එක්තරා අවධියක් විසඳෙනවා දැනුනා. ඒක පුද්ගලික වූත් ආත්මීය වූත් අත්දැකීමක්. තී හා තා කියන්නෙ අපේ පරම්පරාවක් එකට පැතූ ආදර හීනයක් ගැන ඇත්ත කතාව.

    ඒක අතිශය අවංක ලිවීමක්. තමන්ගෙ ජීවිතේ පොඩ්ඩක්වත් බේරන්න උත්සාහ නොගෙන සියල්ල නිරුවත් කර දැමීමක්. මං හරිම කැමතියි මිනිස්සු තමන්ගෙ ජීවිතේ ලියනවට. අර සුගපාලද සිල්වා කියනවා වගේ ජීවිතේ කණපිට ගහලා බලනවට. ඒවා සාහිත්‍ය නෙමෙයි. සාහිත්‍ය කියන්නෙ ජීවිතේ අමුවෙන් එලියට නොදැමීමේ උත්සාහයන්. ඊට සළුපිළි ඇන්දවීමේ වෑයම්. සුරත් කරන්නෙ තමන්ගේ ඇතුලට ගිහින් තමන්ව ලියන එක. වෙන කිසි දෙයක් එයා ලියන්නෙ නෑ. එයාවම විතරයි. ඒක ප්‍රචණ්ඩ ලිවීමක් කියලයි මං කියන්නෙ.

    ඒ වගේ පොතක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම ගෞරවය මගේ කිසි හැඟීමක් වාරණය නොකර ඒ ගැන ලියන එක.

    අපි ආදරේ ගැන කතා කරනකොට හරිම සුන්දර විදිහට කුළුඳුල් ආදරේ ගැන කතා කරනවා. සමහරු ඒ කුළුඳුල් ආදරේ එක්ක මැරෙනකල්ම ජීවත් වෙනවා. හැමෝගෙම ඒ කාලෙ ප්‍රාර්ථනාව වෙන්නෙ ඒක.දඟකාර සමනල් අවධියේ අපි
    ඉගිලුනේ අපේක්ෂාවන් කරා
    පිණි සුළඟේ දැවටුනු කාංසියට ගී ගැයූ
    අපේ ගී ඇසුනේ අපට පමණයි…. ක්ලැරන්ස් සුසිමා එකේ කියනවා.

    තී හා තා කියන්නෙ ජීවිතේ තමන්ගෙ හීනයක් බඳු ආදරය කුළුඳුලේම හිමිවුනු තරුණයෙකුගේ ඛේදාන්තය. ඒ මදිවට ඒ හීනයක් වගේ ආදරය තමන්ගෙ පරම්පරාවෙ හැමෝමත් ඉතසිතින් පතන ඉරිසියා කරන සාමූහික හීනයක් වුනාම තත්වය වඩාත් දරුණුයි. ඒ හීනය තමන්සතු කරගැනීමෙන්ම ජීවිතයේ උපරිමය අත්පත් කරගත්තා හා සමාන එක්ස්ටසියකින් පෙළෙන ආදරයක රෝගය තමයි තී හා තා.
    මිනිහෙකුට තමන්ගේ හීනය සැබෑවීමේ භයංකාරය සුරත් ලියනවා.

    මේ කතාවෙ ලස්සන තියෙන්නෙ මේක 90 දශකෙ අපි හැමෝගෙම කතාව වුනු එක. සොයිසාපුර මහල් නිවාස එක්ක බැඳුනු අමුතු නාගරික සංස්කෘතිය මේ පොත ඇතුලෙ තියෙනවා. ඒ ජීවත් වුනු මිනිස්සු ගැන, ඒ පිට්ටනිවල උරපු කංසා ගැන, කෙල්ලොන්ගෙ පස්සෙන් ගිය පාරවල් ගැන ඒ පිටුවල තියෙනවා. ඒක ලංකාවෙ වෙනමම උපසංස්කෘතියක්. ඉන්ටර්නෙට් කාලෙට කලින්, මෝබයිල් යුගයට එළඹෙමින් ගතවුනු අපේ නව යොවුන් ප්‍රේමය තමයි ඒ. දහම් පාසැල් ඇතුලෙ, බස් හෝල්ට් ගානෙ, ආදරය වෙනුවෙන් ජීවිතේ ඕනම දෙයක් කරන්න ලෑස්ති ඒ කාලෙ ප්‍රේම ජින්තුව සුරත් පොතට ගේනවා.

    මේ පොතේ එන දිව්‍යාට අපි හැමෝම ආදරේ කළා. මගේ ජීවිතේ අවුරුදු හතරක් පහක් විතර දිව්‍යා වෙනුවෙන් දිව්‍යාත් නොදැන ගතවුනා. එතකොට ගීත්ගෙයි දිව්‍යාගෙයි ආදරේ හොඳින්ම යන දවස්. පොතේ සමහර තැන්වල ගීත් දිව්‍යා එක්ක මේ බස් හෝල්ට් එකේ ගතවුනු කතාව කියද්දි ඊට ටිකක් එහායින් දිව්‍යා එනකල් මං බලන් ඉඳපු තැන් පවා තියෙනවා. ඒ කියන්නෙ දිව්‍යා ගීත් ප්‍රේමයට සමාන්තරව පැවතුනු සැබෑ නොවූ ප්‍රේමයක කතාවක් මටත් තියෙනවා. මං විතරක් නෙමෙයි ඒ කාලෙ සිය දෙනෙකුට විතර දිව්‍යා ගැන එහෙම සමාන්තර කතා තියෙනවා. මගේ කතාව මං දිගන්තය පත්තරේට කොටස් වශයෙන් ලිව්වා. පෙම් කවක් ලියනවා මං ආයෙත් කියල නමකින්. මතක විදිහට අවසාන කොටස ලියන්න බැරි වුනා. එහෙම මාත් එක්ක රොමාන්තික පුද්ගල සම්බන්ධයක් තියෙන ප්‍රබන්ධයක් මට කියවන්න ලැබුනු පළවෙනි වතාව. ඒක හරිම අමුතු අත්දැකීමක්.

    මේ කතා කරන නවයොවුන් ප්‍රේමය ගැන ලියවුනු පුරාවෘත්ත තියෙනවා. වස්සාන සිහිනය, සුළඟ වගේ ඇවිදින් කියන්නෙ ඒ වගේ අපිව හොල්මන් කරපු ආදර කතන්දර. ඒත් සුරත් ලියන පෙම්වතාගෙ චරිතය මීට කලින් සාහිත්‍යයක අපිට මුනගැහිලා නෑ. ඒක හරිම සුවිශේෂී පිහිටීමක්. තමන්ගේ ජීවිතයේ ප්‍රාර්ථනා කළ හැකි උපරිම සිහිනය අත්පත් කරගත් පෙම්වතෙකුගේ ට්‍රැජඩිය අපි කලින් කියවලා නෑ. බාහිර හේතුවක් නැතුවම තමන්ගේ ඇතුලතින්ම පුපුරා යමින් විනාස වෙන ආදරයක කතාව කලින් ලියලා නෑ.මේ පෙම්වතා තමන් විතරක්ම වූ ලෝකෙක ජීවත් වෙන කෙනෙක්. එයාට ලෝකෙම කැරකෙන්නෙ එයාගෙ වටේ. එයා කැරකෙන්නෙ එයාගෙ පෙම්වතිය වටේ. නමුත් පෙම්වතිය කියන්නෙ එයාට තියෙන එකම වටිනාකම. ඒ හින්ද පෙම්වතිය කියන්නෙ එයාට අයිති වස්තුවක්.

    මේ නාසිස්මික ස්වභාවය නිසාම ගීත්ට ආදරේ කරන්න බැරි වෙනවා. තමන් ගැනම වූ තමන්ටම පාලනය කර ගත නොහැකි උද්දච්ඡකම විසින් එයාගෙ හැඟීම් අවහිර කරනවා. එයාගෙ ආදරය සැකය බය පාලනය මූලික එකක් වෙනවා. නාසිස්මික ප්‍රේමයක් කියන්නෙ විෂ සහිත සම්බන්ධයක්. ඒක ඇතුලෙ ඒ නාසිස්මික චරිතය විසින් අනෙකාගේ සියලු සාරයන් උරාබොනවා.

    නමුත් ඒක ආදරය කියල හඳුන්වනවා. ලංකාවෙ ගොඩක් ප්‍රේමකතාවල පෙම්වතා තමන්ගේ පෙම්වතිය ගැන දරන්නෙ පොසෙසිව් ආකල්පයක්. බනින, සැරකරන, සමහර විට ගහන පෙම්වතුන් ඕනතරම්. ඒ සියල්ල පෙම්වතියත් ආදරය හැටියෙන් තේරුම් ගන්නවා. කාලයත් එක්කයි ප්‍රශ්නය එලියට එන්න පටන් ගන්නෙ.

    ගීත් කියන්නෙ නාසිස්මික පෙම්වතෙක්. ඒ කියන්නෙ ආදරය කරන්න බැරි පෙම්වතෙක්. ඒකෙ තියෙන ශෝචනීය කාරණය වෙන්නෙ එයාගෙ ඇතුලෙ ඉන්නවා එයාටම නිදහස් කරගන්න බැරුව දුක්විඳින පීඩිත පෙම්වතෙක්. පිටත නරුමභාවය විසින් ඇත්තෙන්ම යටපත් කරන්නෙ එයාගෙම අභ්‍යන්තර ආත්මය.
    ගීත් ලෝකෙම දකින්නෙ ගේම් එකක් විදිහට. එයාට ඕන දිනන්න. එයාගෙ විදිහට. ඒ ගේම් එක ඇතුලෙ එයාට එයාවම මගඇරෙනවා. තී හා තා කියන්නෙ මේ නාසිස්මික ප්‍රේමයේ අභ්‍යන්තරය ඉතාම සියුම් විදිහට ලියවුනු තැනක්. පොතේ භාෂාවෙ උපහාසාත්මක ටෝන් එක පවා ඒ ගීත්ගේ ආත්මයේ සද්දෙ කියනවා. අපි කතාව පුරා යන්නෙ අපිටම දිරවන්නෙ නැති නරුමයෙක් එක්ක. ඒ නරුමයාගේ හැඟීම් එක්ක.

    ගීත් ජීවිතේ ආදරේ (නො)කරනවට වඩා දෙයක් කරන්නෙම නෑ. ඒ ආදරය කිරීම කියන්නෙ රිදවීමක් නැත්තං පීඩා කිරීමක්. කුළුඳුල් ආදරේ තිබුනු රොමාන්තික ගතිය කාලයත් එක්ක හඳගමගෙ ෆිල්ම් එකක ගානට එනවා.

    ප්‍රේමය කොයිතරම් විසකුරු වුනත් අපි ප්‍රේමයේ නාමයෙන්ම ඒක අල්ලගෙන ඉන්න වෙලාවල් තියෙනවා. මෙච්චර කාලයක් රැකගත් ප්‍රේමය කොහොම හරි ජීවත් කරන්න ට්‍රයි කරනවා. ගොඩක් ප්‍රේමකතා ගතවෙන්නෙ ඒ විදිහට. ළමයි, ගෙවල්, ව්‍යාපාර ප්‍රේමය පවත්වාගැනීමේ උපක්‍රම වෙනවා. අන්තිමට ප්‍රේමය පවත්වාගැනීමම අපිට මහන්සියක් වෙනවා. ඒ මහන්සියම ප්‍රේමය වෙනවා. මං මේ තරම් දේවල් කරලා තියෙනවා කියල හිතෙනවා. අපි ඒකට ආදරේ කියනවා.

    දිව්‍යා එක තැනකදි ගීත්ට මේක කියනවා. අපි පොඩි කාලෙ නොදැන ගත්ත තීරණවලට දැන් වගකියන්න බෑ කියල. ජීවිතේ ඊට වඩා ලොකුයි කියල. ඒත් ඒ වෙද්දි ගීත්ට දිව්‍යා කියන්නෙ තමන්ගෙ ශරීරයේ කෑල්ලක් මිසක් වෙනම ජීවිතයක් නෙමෙයි.

    තමන්ගේ පිරිමිබව පසක් කිරීමේ තරගයෙන් ගීත් දිනනවා. ඒත් ආදරෙන් එයා පරදිනවා. එයාගෙ ජීවිතේ බුද්ධත්වය ප්‍රත්‍යක්ෂ වෙන්නෙ එතනදි. සමස්ත ජීවිතය කියලම ගොඩනගා ගත්ත තේරුම එයාට අහිමි වෙනවා. ගීත්ට තමන්ගේ දෙවෙනි ඊඩිපස් ආවේශයෙන් විමුක්තිය ලබාදීමේ මහා කාර්යය දිව්‍යා විසින් කරනවා. පිරිමියෙක් ජීවිතේ තේරුම් ගන්නෙ ගැහැණියක් විසින් ආදරේ කුඩු කරන තැනදි.

    තී හා තා කියන නම පොතට එන හැටි මගදි කියවෙනවා. මගේ තේරුම් ගැනීමට පවා පොතේ හිනාවක් එනවා. ඒ වගේම අපි සම්භාව්‍යයි කියල හිතන ඒවා අපි නොහිතන විදිවලට නිර්මාණය වෙන්නත් පුළුවන් කියල යෝජනා කරනවා. ඒ ට්විස්ට් එක මරු.

    මේක මහා කතාන්දරයක් නෙමෙයි. මෙලෝ රහක් නැති කොල්ලෙකුගෙ ඔලුව ඇතුලෙ ඉඳන් ලෝකෙ සුන්දරම ගැහැණිය එක්ක ප්‍රේම ගමනක් තියෙන්නෙ. ඒ ගමන පුරාම අපි බලාපොරොත්තු වෙන්නෙ ඒ කෙල්ල ගීත්ගෙන් නිදහස් වෙන්න කියල. (ඇත්තට අපි දිව්‍යා පස්සෙන් ආපු කාලෙදි අපේ ඒකායන බලාපොරොත්තුව වුනෙත් ඒක) මොකද කතාව ඇතුලෙ අපිට ගීත් ඒ තරමට එපාවෙන හින්ද. ඒක එපාවීම ඇතුලෙ ඉන්ටරෙස්ට් එකක් හදන අමුතු සංයෝගයක්. ඒත් අන්තිම මොහොතේ ගීත්ගෙ නරුමයා දිව්‍යා විසින් මරාදමන තැනදි අර තමන්ට ඇත්තටම දැනෙන දේ කියාගන්න බැරි අසරණ ගීත් අපිට මුනගැහෙනවා. ගීත්ට ගීත් මුනගැහෙනවා. ඒත් ඒක සිද්ද වෙන්න දිව්‍යා යන්න ඕන.

    තී හා තා කියන්නෙ අනූව දශකයේ ආදර පුරාවෘත්තය. ඒක ලියාතැබීම සුරත් ද මැල් විසින් අපේ පරපුරටම කරපු රොමාන්තික මෙහෙවරක්. පොත කියවලා ඉවර වෙන තැනදි මට මෙතෙක් මගේ මතකය පතුලෙ නොවිසඳී තිබුනු අතීත වින්‍යාස ගොඩක් විසඳුනා. මගේ නව යොවුන් ප්‍රේමයක බන්ධනයෙන් මාව නිදහස් වුනා වගේ ආධ්‍යාත්මික හැඟීමක් ඒක.


    Chinthana Dharmadasa

  • මරාගෙන මැරෙන ප්‍රේමයට බැහැරින්

    මරාගෙන මැරෙන ප්‍රේමයට බැහැරින්

    මොනොගමික සම්බන්ධතාවයට බාහිරින් පවතින සම්බන්ධතා ස්වරූප ගැන අපි ලිපි ගානක කතා කරලා තියෙනවා. ඒ කියන්නෙ ආදරයේ වෙනස් ස්වරූපයන් ගැන. ඔයා මගේ මං ඔයාගෙ ආදරේට පිටින් පවතින නිදහස් ආදර කතිකාවන්. මේක ගැන වැඩියෙන් කතා කරන්න හේතුවක් වෙන්නෙම අපිට චොයිස් එකක් තිබිය යුතු වීම.
    පවතින එකම ස්වරූපයක ආදර සම්බන්ධතා ඇතුලෙ අපිව ඉතිහාසයක පටන් හිර කරලා තියෙනවා. සාහිත්‍යය, සිනමාව, විද්‍යාව ඇතුලෙ ඒක ස්වභාවික කරලා තියෙනවා. අපිට අපේ මිනිස් සම්බන්ධතා වෙනුවෙන් නිදහස් තෝරාගැනීමක් අහිමි කරලා තියෙනවා. ඒ හින්දමයි නැවත නැවත ඒ ගැන කතා කිරීම අවශ්‍ය වෙන්නෙ. මොනොගමි කියන්නෙ ආදරයේ එකම සම්බන්ධතා ස්වරූපය නෙමෙයි. ඒක ඉතිහාසෙ පටන්ම එහෙමයි. පවතින සදාචාර අධිකාරිය, ආගම විසින් පනවපු සීමාවන්ට පිටින් ආදරයන් හැමදාම පැවතුනා. ඒ අසීමිත ආදරයන්ගෙන් පිලිගත් සීමිත ආදරයන් පෝෂණය වුනා.

    සම්මතය විසින් නිර්මාණය කරදුන් මොනොගමි හෙවත් එකම පෙම්වතෙක් සහ පෙම්වතියක් (නැත්නම් එකම පෙම්වතියන් දෙන්නෙක් හෝ පෙම්වතුන් දෙන්නෙක්) පමණක් පවතින සබඳතා ස්වරූපයට බැහැරින් තවත් සම්බන්ධතා මාදිලි තුනක් අපිට අඳුරගන්න පුළුවන්. පොලිගමි, ඕපන් රිලේෂන්ෂිප් නැත්තං විවෘත සබඳතා, පොලියමරි කියන්නෙ මේ තුනට. මේ තුනෙන් හැඳින්වෙන්නෙ එකක් නෙමෙයි තුනක්.
    මොකක්ද මේවා අතර වෙනස?

    මුලින්ම අපි මොනොගමිය ගමු. මේක තමයි අපි ජීවත්වෙන සමාජයේ ස්වභාවික හැටියෙන් පිළිගත්ත සම්බන්ධතා ස්වරූපය. මේ විදිහෙ ආදරයන් වෙනුවෙන් මරාගෙන මැරෙන පෙම්වතුන් අපි සියදහස් ගානක් චිත්‍රපටි නවකතා සුරංගනා කතාවල දැකලා තියෙනවා. මේක තමයි සාම්ප්‍රදායික ප්‍රවේශය.

    මේකෙන් බාහිර ආකාරයන්ගේ සබඳතා අපි දකින්නෙ විකෘති නැත්තං අපචාරී විදිහට. මේවා හරිම ආන්දෝලනාත්මක මාතෘකා වෙනවා.

    පොලියමරි කියන්නෙ සම්බන්ධතාවයක ඉන්න දෙන්නට දෙන්නා විසින්ම වෙනත් රොමාන්තික සම්බන්ධතා පවත්වාගෙන යන්න ඉඩ දෙන, උදව් දෙන ආකාරයේ සම්බන්ධතාවලට. තමන් එක්ක තියෙන ආදරය වෙනුවෙන් වෙනත් ආදරයන් කැපකරනවා වෙනුවට ඒ ආශාවන්, ඒ බැඳීම් හොයාගෙන යන්න නිදහස දෙන එකයි පොලියමරි සම්බන්ධයක විශේෂත්වය. මෙතනදි වැදගත්ම දේ මේ සහකරුවන් දෙන්නාටම සමාන අයිතියක් නිදහසක් ලැබෙන එක.

    පොලිගමි කියන්නෙ එක්කෙනෙක් කීපදෙනෙක්ව විවාහ කරගැනීමට. උදා විදිහට අන්තපුරයක් කියන්නෙ පොලිගමි සම්බන්ධයක්. මුස්ලිම් විවාහය කියන්නෙ පොලිගමි සම්බන්ධතා ස්වරූපයක්. එකගෙයි කෑමත් වුනත් එහෙමයි. එතනදි සමාන අයිතිවාසිකම් බුක්ති විඳින තත්වයක් දකින්න අමාරුයි.

    ඒ වගේම පොලියමරි කියන එක ඕපන් රිලේෂන්ෂිප් එක්ක පටලගන්නත් එපා. පොලියමරි සම්බන්ධයකදි එකිනෙකා අතර ඇතිවෙන්නෙ රොමාන්තික සම්බන්ධතා. ඒක ලිංගික සම්බන්ධතාවලට සීමා වෙලා නෑ. ඒත් ඕපන් රිලේෂන්ෂිප් වලදි මේක වෙනස්. සහකරුවන් දෙන්නෙක් විසින් අනිත් අය එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වීමේ නිදහස පමණක් පවත්වාගෙන යද්දි අපි ඒකට කියනවා විවෘත සම්බන්ධයක් කියල. මේ ආකාරයේ සම්බන්ධතාවයක් ඇතුලෙදි එක සහකරුවෙක් තව කෙනෙක් සමග ලිංගික සම්බන්ධයකට පිටින් ගිය ආදර සම්බන්ධයක් පවත්වා ගැනීම චීටින් හෝ රැවටීමක් වෙනවා.

    සමානත්වයකට තියෙන්නෙ පොලියමරි සහ ඕපන් රිලේෂන්ෂිප් කියන දෙකේදිම විවෘතව සහ අනෙකා දැනුවත්ව පිටස්තර සම්බන්ධතා පවත්වාගැනීම කියන එකයි.

    මේ විදිහෙ මොනොගමි නොවන සම්බන්ධතා පවත්වන අය ගැන තියෙන ගතානුගතික විශ්වාසය වෙන්නෙ එකකට සෙට්ල් වෙන්න බැරි, නැත්තං චීට් කරන්න පෙළඹෙන අය කරගෙන විසින් පවත්වාගෙන යන දුර්වල සම්බන්ධතා කියන එක. ඒත් පොලියමරි ගැන පර්යේෂණ කරන අය කියන්නෙ ඒක ඔය කියන විදිහෙ අපරිණත හෝ සදාචාරයක් නැති ආකාරයක සම්බන්ධයක් නෙමෙයි කියලයි. 2012-2015 අතර ලිංගික නිදහස වෙනුවෙන් වූ ජාතික සන්ධානය කියන ඇමරිකානු සංවිධානය මගින් මේ ගැන සමීක්ෂණයක් කළා. එතනදි පෙනුන දෙයක් තමයි 60%ක පිරිසක් තමන් මොනොගමි හැටියෙන් බාරගන්නා බව. ඒ වගේම 25%ක් පොලියමරි සම්බන්ධයකට උනන්දුයි නමුත් තවමත් එවැන්නක් අත්හදා බලලා නැතුව හිටියා. තව 7%ක් ඒ වෙද්දිත් පොලියමරි සම්බන්ධතාවල හිටියා. ඒ කියන්නෙ විශාල පිරිසක් ඉන්නවා පොලියමරි කියන එක සම්බන්ධතා ස්වරූපයක් වශයෙන් බාරගන්න.

    පොලියමරි කියන්නෙ විසිඑක්වෙනි සියවසේ හොයාගැනීමක් නෙමෙයි. මේ වචනෙ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට නම් ආවෙ 2006දි. ඒත් මේ සම්බන්ධතා ඉතිහාසය පුරාම තිබුන. සියුස් ගැන, ඇෆ්රොඩිට් ගැන මිත්‍යා කතා වල අපිට ඒ ස්වරූප මුනගැහෙනවා. මේ වෙද්දි ලිංගික අධ්‍යාපනය ලංකාවෙ නැතත් ලෝකෙ තරමක් විවෘත වෙලා තියෙන නිසා මේ සම්බන්ධතා ගැන විනිශ්චය කිරීමකින් තොරව අත්දැකීම් බෙදාහදාගැනීමට ඉඩ ලැබිලා තියෙනවා.

    ගොඩක් අය හිතන්නෙ පොලියමරි කියන්නෙ පාලනය කළ නොහැකි ලිංගික ආශාවන්ගේ ප්‍රතිඵලයක් කියල. ඒත් ඒක වැරදි කියවීමක්. පොලියමරි සම්බන්ධයක මූලිකම කාරණා දෙක වෙන්නෙ විවෘතබව සහ ස්වේච්ඡාව කියන දෙක. එකිනෙකාට අවංකවීමත් අනෙකාගේ නිදහස ගරු කිරීමත් මේ සම්බන්ධතාවයක පවතින ආචාර ධර්ම.
    අනෙකා ලබන තෘප්තියෙන් හෝ සතුටින් තමන් සතුටට පත්වීමේ ගුණයත් පොලියමරි සම්බන්ධයක් පවත්වාගෙන යන්න වැදගත් වෙනවා.

    ඒ වගේම පොලියමරි කියන ස්වරූපය ඇතුලෙත් එක එක අය තමන්ගේ සම්බන්ධතා නිර්මාණය කරගන්නෙ වෙනස් වෙනස් විදිහට. මේ කිසි එකක් තව එකක් හා සර්වසම වෙන්නෙ නෑ. ඒ විශේෂ බවමයි ඒ සම්බන්ධතාවයේ සුන්දරත්වය වෙන්නෙත්.

    පොලියමරි සම්බන්ධයක් ඇතුලෙ ඉරිසියාව, වැරදි වැටහීම් ඇතිකරගැනීම ආදිය නෑ කියල කිව්වොත් ඒක බොරුවක්. මෙතන ආදරවන්තයන් වැඩි නිසාම ප්‍රශ්නත් සාමාන්‍යයෙන් වැඩියි. හැබැයි පොලියමරි සම්බන්ධයක් මොනොගමි සම්බන්ධයකට වඩා බොහෝ විට ශක්තිමත්. ඒ තේරුම් ගැනීම පැත්තෙන් සහ ඔවුන් සංස්කෘතිකව එකට මුහුණ දෙමින් ආපු ප්‍රශ්න නිසා. මේ හින්ද මොනොගමික සමබන්ධයකට වඩා ගැටලු විසඳාගැනීමේ හැකියාවක් පොලියමරි ඇතුලෙ නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා.

    ඇයි සමහර මිනිස්සු මොනොගමි නොවන සම්බන්ධතා තෝරගන්නෙ?

    1. අනෙකා එක්ක රහස් තියාගෙන බොරු කරන සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවයෙන් අත්මිදීම. සරලව විවෘතව අවංකව සම්බන්ධයක පවතින්න පුළුවන් කියන්නෙ ඒක ආශීර්වාදයක්.
    2. විශ්වාසය. කොන්දේසි විරහිත අවංකකම තමයි පොලියමරි සම්බන්ධයක පදනම. ඒකෙන් වඩා විශ්වාසනීය පරිසරයක් ඒ අය වටා නිර්මාණය වෙනවා.
    3. නිදහස. තමන්ට ඕනම කෙනෙකුට ආදරය කරන්න, ඕනම විදිහක ආශාවක් තෘප්තිමත් කරගන්න නිදහස පොලියමරි සම්බන්ධයක් ඇතුලෙ තියෙනවා. පොලියමරි කියන්නෙ ලිංගික සම්බන්ධයක් විතරක් නෙමෙයි. මේ නිසා වඩා විශාලව ආදරය කරන්න මේ සම්බන්ධයක් ඇතුලෙ අවසර තියෙනවා.
    4. තෘප්තිමත් බව. මොනොගමි සම්බන්ධයක හැඟීම්වලට තියෙන සීමිත නිදහස වෙනුවට පොලියමරි සම්බන්ධයකදි අසීමිත නිදහසක් ලැබෙනවා. ආශාවන් පාලනය මර්දනය වෙනුවට තෘප්තිමත් කිරීමට අනෙකාගේද උදව්ව ලැබෙනවා. ඒක සමහරුන්ට විශාල තෘප්තියක්.

    ඒ වුනත් තමන්ට අවශ්‍ය සහ තමන් තෘප්තිමත් වෙන සම්බන්ධතා ස්වරූපය තීරණය කරන්න ඕන තමන් විසින්මයි. ඒක සංස්කෘතිය හෝ සම්ප්‍රදාය හෝ අනුන්ට අවශ්‍ය පරිදි හෝ විය යුතු නෑ. තමන් තෘප්තිමත් වෙන්නෙ සරල මොනොගමික සම්බන්ධයකින් නම් ඒ තමයි ඔයාට වඩාත් ගැලපෙනම දේ. තමන්ගේ හිතට, තමන්ගේ අවංක තෘප්තියට ගැලපෙන ආදරය තෝරගන්න එකයි සවිඥානකව කරන්න ඕන.