Author: admin

  • කාමසූත්‍ර – සයවන කොටස

    කාමසූත්‍ර – සයවන කොටස

    පුරවැසියෙකුගේ ජීවිතය

    පුරුෂයෙක් මෙසේ ලබා ගත් අධ්‍යාපනයෙන් සහ ත්‍යාග වශයෙන් (බ්‍රාහ්මණයන්ට ධනය ත්‍යාග ලෙස ලැබුණි), අත්පත් කරගැනීමෙන්, ලබාගැනීමෙන්, ඉතුරු කිරීමෙන් හෝ උරුමයෙන් ලත් ධනයෙන් (මේ සියල්ල වෛශ්‍යයයන්ට ධනය ලැබුනු ආකාරයි) ගෘහපතියෙක් ව (ගෘහස්ථ) පුරවැසියෙකුගේ ජීවිතය ගත කළ යුතුය. ඔහු නගරයේ නිවසක් හෝ විශාල ගමක් හෝ යහපත් මිනිසුන් වසන ප්‍රදේශයක් හෝ බොහෝ අය පොදුවේ නිවසන නිකේතනයක් හෝ වාසයට ගත යුතුය. මේ නිවස ජල පහසුකම් වලට සමීපව පිහිටිය යුතු අතර විවිධ අවශ්‍යතා සඳහා වෙන් කළ කාමර සහිත විය යුතුය. මේ නිවස උයනකින් වටව තිබිය යුතු අතර බාහිර සහ අභ්‍යන්තර කාමර දෙකක් තිබිය යුතුය. අභ්‍යන්තර කාමරය කාන්තාවන් සඳහාය. බාහිර කාමරය හොඳින් සුවඳවත් විය යුතුය. එහි මෘදු, සිත්ගන්නාසුලු, පිරිසිදු සුදු රෙද්දෙන් වැසුනු, මැද කොටස පහත, එහි මල්මාලා සහ මල් පොකුරු ගැවසුනු, ඉහළින් වියනක් සහිත, ඉහළින් එක කොට්ටයක්ද, පහළින් තව කොට්ටයක්ද වන සේ කොට්ට දෙකක් සහිත සයනයක් තිබිය යුතුය. එහි කවිච්චියක්ද එහි හිස පෙදෙසට වන්නට ස්ටූල් එකක්ද තිබිය යුතුය. ස්ටූල් එක මත රාත්‍රිය සඳහා අවැසි සුවඳ ගැල්වුම්ය. මල්ය. නෙතෙහි ගල්වන අඳුන්ය. මුව ගල්වන සුවඳය. දෙහි ගස් දඬුය. කවිච්චිය අසල බිම පඩික්කමක් තිබිය යුතුය. ඒ අසල ආභරණ පෙට්ටියක් සහ ඇත් දළයකින් තැනූ ආධාරකයක ඇති වීනාවකි. සිත්තම් ඇඳීමට පුවරුවකි. සුවඳ පිරුණු කලසකි. පොත්ය. කහ අමරන්තා මල් වැල්ය. කවිච්චියට නුදුරින් බිම රවුම් අසුනකි. ක්‍රීඩා භාණ්ඩ කරත්තයකි. දාදු ලෑල්ලකි. මේ කාමරයට පිටතින් කුරුළු කූඩුවකි. එමෙන්ම කපු කැටීමට සහ කැටයමට බඳු දේ සඳහා වෙන් කළ තැන්ද ඇත. උයනෙහි කැරකෙන ඔන්චිල්ලාවක් සහ සාමාන්‍ය ඔන්චිල්ලාවකි. මලින් ගැවසුනු ලතා මණ්ඩපයකි. ඒ අසල හිඳගැනීමට උස්ව සකස් කළ අසුනකි.

    ගෘහපතියා උදේ පිබිදී ශරීර කෘත්‍යයන් ඉටු කළ පසුව, දත් මැද, සිරුරෙහි ආලේපන සහ සුවඳ නිසි පමණ ගල්වා, ආභරණ පැළඳ, නෙත් පියෙහි සහ නෙත් යට අඳුන් ගල්වා, දෙතොල වර්ණ ගන්වා ඔහු දෙස කැඩපතින් බැලිය යුතුය. අනතුරුව බුලත් කොලයක් සමග මුව සුවඳ කරන අනෙක් දේ සපා ඔහුගේ දවසේ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. ඔහු දිනපතා ස්නානය කළ යුතුය. දිනක් හැර දිනක් සිරුරෙහි තෙල් ගැල්විය යුතුය. දින තුනකට වරක් සබන් (හා සමාන යමක්) ගැල්විය යුතුය. දින හතරකට වරක් කෙස් රැවුල් මුඩු කළ යුතුය. දින පහකට හෝ දහයකට වරක් සිරුරේ අනෙක් රෝම මුඩු කළ යුතුය. මේ කිසිවක් අමතක නොකළ යුතු අතර කිහිලිවල දහඩියද ඉවත් කළ යුතුය. චරායනට අනුව පෙර දහවල්, පසු දහවල් සහ රාත්‍රී ආහාර ගත යුතුය. පාතරාසයට පසු ගිරවුන්ට කතා කිරීම පුහුණු කිරීමටත්, කුකුලන් සහ එළුවන් පොරයට පුහුණු කිරීමටත් කාලයයි. සීමිත කාලයක් පිතාමර්දා, විතා, විධූෂක ආදීන් සමග විනෝදවීමට ගත කළ හැකිය. අනතුරු දිවා මැද සැතපීම කළ යුතුය. අනතුරුව නැවත වස්ත්‍රාභරණයෙන් සැරසෙන ගෘහපතියා සවස් කාලයේ මිතුරන් සහ අල්ලාප සල්ලාපයේ ගත කළ යුතුය. සන්ධ්‍යා කාලයේ ගීත ගායනා වලින් අනතුරුව ගෘහපතියා අර පෙරදී සුවඳ ගල්වා සකස් කළ කුටියේ තමන්ගේ මිතුරෙක් සමග රැඳී සිටිය යුතුය. ඒ ඔහු වෙත ආකර්ශනය වූ ගැහැණිය පැමිණෙන තුරුය. නැතහොත් ඔහු කාන්තාවක් අත ඇයට පණිවුඩය යැවිය හැකිය. නොඑසේනම් ඔහුම ගොස් ඇයට කතා කළ හැකිය. ඇය සපැමිණි පසු ඔහු හා ඔහුගේ මිතුරා ඇයව පිළිගෙන ආදරණීය රසවත් සංවාදයෙන් ඇයට ආස්වාදය ලබා දිය යුතුය. දවසේ කාර්යය නිමා විය යුත්තේ එසේය.

    ඉඳහිට විනෝදාස්වාදය සඳහා කළ යුතු දේවල් පහත පරිදිය.
    1. විවිධ දේවතාවන්ට උත්සව පැවැත්වීම
    2. ස්ත්‍රී පුරුෂ සමාගමයන්
    3. මධුසාද
    4. උයන්කෙළි
    5. වෙනත් සමාජ කටයුතු

    උත්සව

    විශේෂ නැකත් දිනවල පුරවැසියන්ගේ සමුළුවක් සරස්වතී කෝවිලට කැඳවිය යුතුය. ගායනා සහ අනෙකුත් හැකියාවන් ඇති නගරයට අලුතෙන් පැමිණි කලාකරුවන්ගේ දක්ෂතා එහිදී පරීක්ෂා කළ යුතුය. එදිනම දක්ෂ අය අගයමින් ත්‍යාග ලබා දිය යුතුය. පැමිණි පුරවැසි සමූහයේ ප්‍රසාදය අනුව ඔවුන් රඳවා ගැනීම නැවත පිටත් කර හැරීම කළ හැකිය. මෙම සමුළුවෙහි පුරවැසියන් සමෘද්ධියේදී මෙන්ම ආපදා සමයේදීත් ප්‍රසංගයන්ට ක්‍රියාකාරීව සහභාගි විය යුතුය. එමෙන්ම අලුතෙන් සමුළුවට එක්වූ අයට ආගන්තුක සත්කාර දැක්වීමද මේ පුරවැසියන්ගේ වගකීමකි. මෙහි දක්වා ඇති කරුණු අනෙක් දේවතාවන් වෙනුවෙන් පවත්වන උත්සව සඳහාද මෙපරිද්දෙන්ම සිදු කළ යුතු වෙයි.

    සමාගමය

    එකම වයසක, තරාතිරමක සහ සමාන දක්ෂතා ඇති, සමාන රුචිඅරුචිකම් සහ සම මට්ටමක අධ්‍යාපනයක් ඇති පුරුෂයන් පුරඟනන් සමග එක්ව හිඳිමින් හෝ පුරවැසියන් කණ්ඩායමක් සමග හෝ ඒ කෙනෙකුගේ වාසස්ථානයක එකිනෙකා සමග සිත්ගන්නාසුලු කතාබහේ නියැලීම සමාගමයක් ලෙස හැඳින්වෙයි. මේ සංවාදයන් කෙනෙකුගේ අඩක් නිමකළ කාව්‍යයක් සම්පූර්ණ කිරීම පිළිබඳ විය හැකිය. නැතහොත් වෙනත් කලාවන් ගැන දැනුම් පරීක්ෂා කිරීම් පිළිබඳ විය හැකිය. ඉතා සුන්දර කාන්තාවන්, පුරුෂයන් කැමති දේට කැමැත්තක් දක්වන කාන්තාවන්, අනෙකුන්ගේ මනස් ඇදගැනීමේ දක්ෂ කාන්තාවන් මෙහිදී ගෞරවයට පාත්‍ර වේ.

    මධුසාද

    පුරුෂයන් සහ ස්ත්‍රීන් එකිනෙකාගේ නිවෙස්වල මධුපාන කළ යුතුය. මෙහිදී පුරුෂයන් විසින් පුරඟනන් හට පානයට අවකාශ සැලසිය යුතුය. අනතුරුව ඔවුන් පානය කළ යුතුය. මධු, ඒරෙය, සුරා, සහ ආසව ආදී තිත්ත මෙන්ම ඇඹුල් පානයනුත් විවිධ දඬු, පළතුරු සහ පත්‍ර මුසු පානයනුත් මෙහිදී භාවිතා කෙරේ.

    උයන්කෙළි

    උදෑසන පුරුෂයන් මනාව හැඳ පැළඳ පුරඟනන් සමග අසුන් පිට උද්‍යාන කරා යා යුතුය. සේවකයන්ට ඔවුන් සමග මේ ගමනට එක්වෙයි. දවසේ කටයුතු එතැන් සිට කිරීමෙන් අනතුරු, වටුවන්, කුකුළන් හෝ එළුවන් කෙටවීම වැනි සිත්ගන්නාසුලු ක්‍රීඩාවන්ගේ යෙදීමෙන් පසු සවස් යාමයේ ඔවුන් නැවත නිවෙස් කරා එන්නේ නෙලාගත් මල්පොකුරුද අතැතිවය.

    ගිම්හාන සමයේදී විසකුරු සහ අනතුරුදායක සතුන් ඉවත් කළ ආරක්ෂිත දිය පහරක ස්නානයේදීද මෙපිරිදිම කාරණා සිදුවෙයි.

    අනෙක් සමාජ ක්‍රීඩා

    දාදු ක්‍රීඩාවේ නියුතු රාත්‍රීන්. සඳ ඇති රාත්‍රීන්හි පිටත සංචාරයන්. වසන්ත සමයේ උත්සව පැවැත්වීම. අඹ කඩන්නට යාම. නෙළුම් දඬු කෑම. ළපටි ඉරිඟු කෑම. දළුලන සමයේදී වනාන්තරවල ඇවිදීම. උදකක්‍ෂවේදික හෙවත් ජලක්‍රීඩා. එකිනෙකා මලින් සැරසීම. කොහොඹ මලින් පහරදීම. ආදී තවත් නොයෙක් රටටම පොදු වූ හෝ ඒ පළාතට විශේෂ වූ ක්‍රීඩා. මෙවන් විනෝදාස්වාදයන් පුරවැසියන් විසින් පවත්වාගෙන යා යුතුය.

    පුද්ගලයෙකු වෛශ්‍යාවක් සමග සිටියදී මෙන්ම වෛශ්‍යාවක විසින් තමන්ගේ සේවිකාවන් සමග හෝ පුරවැසියන් සමග ඉහත විනෝදාස්වාදයන්හි යෙදිය හැකිය.

    විනෝදාස්වාදයන් සඳහා සම්බන්ධවන (කලින් සඳහන් කළ) චරිත පහත පරිදිය.

    පිතාමර්දා යනු ධනයක් නැති, ලෝකයේ හුදකලා වුනු, ඔහුගේ අසුන, පෙණ නගන යම් ද්‍රව්‍යයක් සහ රතු රෙදි කඩක් පමණක් සන්තකව ඇති, උසස් ප්‍රදේශයකින් පැමිණි, සියලු කලාවන්හි දක්ෂ, මේ කලාවන් උගැන්වීමෙන් පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ඇසුර ලබන්නෙකි.

    විතා යනු වාසනාවේ ඵලවන් අත්විඳින ලද, ඔහුගේ ප්‍රදේශයේම අය ඇසුරු කරන, ගෘහමූලිකයෙකුගේ ගුණාංගයන් සහිත, බිරිඳක් සිටින, පුරවැසි සමළුවවෙහි සහ පුරඟනන්ගේ ගෞරවය ලබමින් ඔවුන්ගෙන් යැපෙමින් ඒ තැන්හි වෙසෙන්නෙකි.

    විදූෂක නොඑසේනම් වෛහාසක යනු යම් කලාවන් ප්‍රමාණයක් පමණක් දන්නා, සියල්ලන් විසින් විශ්වාස කරන කවටයෙකි.

    මේ අය පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ගැටුම් සමථයට පත් කරන්නට ඉදිරිපත් වෙයි. ස්ත්‍රී යාචිකාවන්, හිසමුඩු කළ කාන්තාවන්, අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සහ විවිධ කලාවන්හි නිපුණ වයස්ගත පුරඟනන් සම්බන්ධයෙන්ද මේ කාරණය අදාල වේ.

    මෙපරිද්දෙන් තමන්ගේ ග්‍රාමයේ හෝ නගරයේ වෙසන, සියල්ලන්ගේ ගරුත්වය ලබන පුරවැසියෙක් ඔහුගේ කුලයේ හඳුනාගැනීම වටිනා අයව කැඳවිය යුතුය. ඔහු සාමූහිකව සංවාද කළ යුතු අතර ඔහුගේ මිතුරන් සතුටු කළ යුතුය. විවිධ දේ සඳහා අන් අයට සහාය වීමෙන් අන් අයටද එපරිදිම එකිනෙකාට සහාය වීමට අවස්ථා සැලසිය යුතුය.

    මේ ගැන කියවෙන ඇතැම් ශ්ලෝකයක් පහත පරිදිය

    “සංස්කෘත භාෂාවට පමණක් හෝ අනෙක් ප්‍රාදේශීය භාෂාවකට පමණක් හෝ සීමා නොවී, සමාජයේ විවිධ කාරණා ගැන කතිකා කරන පුරවැසියෙක් උසස් ගෞරවයක් ලබන්නේය. මහජනයා විසින් ප්‍රතික්‍ෂේප කරන, පාලනය වන නීතියක් නොමැති, අනෙකුන්ගේ විනාශය අරමුණු කරන සමාජයන්වල බුද්ධිමතුන් ජීවත් නොවිය යුත්තේය. ජනතාවගේ අරමුණු අනුව ක්‍රියා කරන, තෘප්තිය අරමුණු කරන සමාජයක ජීවත්වන උගත් පුරුෂයා ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.”

  • එයා

    එයා

    මේ පශ්චාත් නූතන ජීවිතේ අමාරුම දෙයක් තමයි පාස්වර්ඩ් මතක තියාගන්න එක. හැමදේකටම ඇතුල්වෙන්න තියෙන්නෙ පාස්වර්ඩ් එකක්. ඒවා එකකට එකක් වෙනස්. ඇතුල්වෙන හැම දොරටුවක්ම ඩිජිටල් එකක්. ඇත්ත මුනගැහීම් නෑ. වර්චුවල් ගනුදෙනු විතරයි.

    ඒත් මං පරණ මිනිහෙක්. ඉලක්කම් මතක නොහිටින වර්ගයේ කෙනෙක්. හැමදෙයක්ම අපිලිවෙල වඳ වී යන පරණ මානවයෙක්. ඉතින් පාස්වර්ඩ් අමතක වීම මගේ සාමාන්‍යයක්. මේ පාර බැංකුවෙ ඔන්ලයින් පාස්වර්ඩ් එක. දෙතුන් පාරක් මතක් කර කර කොටලා ඒක සදහටම මාව බ්ලොක් කරලා දැම්මා. මං හොරෙක් කියල මගේ ගිණුමට සැක හිතුන. මගේ වර්චුවල් සාක්කුවට අතදාගන්න බැරුව මං අසරණ වුනා.

    ඊළඟට මට වෙනවා බැංකුව කතා කරන්න. තවත් අමාරුම වැඩක්. සිංදු සහ පණිවුඩ අහමින් වටේට යන්න. සමාව ඉල්ලීම් දාහකට කන්දෙන්න. එහෙම ගන්ධබ්බ අවකාශයක විනාඩි පහක් දහයක් විතර රස්තියාදු වුනාට පස්සෙ එක්කෙනෙක් මාව බාරගන්න කැමති වුනා.

    හෙලෝ.. මං කොහොමද මහත්මයාට සහාය වෙන්නෙ?
    එයා ඇහුවෙ හරිම හදිස්සියෙන්. මට ඒක තේරුම් ගන්න පුළුවන්. දුරකථන ඇමතුම් දහස් ගානක් අතර මම. එයාට මම ඉලක්කමක් විතරයි. ඉලක්කම් අමතක වුනු ඉලක්කමක්. එයාට ඕන පුළුවන් තරම් මගේ ඉස්සරහ මැෂින් එකක් වෙන්න. ඒකට කියන්නෙ ප්‍රොෆෙෂනල් වෙනවා කියල. ඒ වගේම පුළුවන් තරම් ඉක්මනට මගේ ඇමතුම ඉවර කරලා ඊළඟ ඇමතුමට යන්න. ඒකට කියන්නෙ ප්‍රොඩක්ටිව් වෙනවා කියල.

    එයාට මාව වැදගත් නෑ. ඒත් එයාගෙ කටහඬ මට ඇහුනු ඒ පුංචි විවරය මට වැදගත් වුනා.

    මට ඕන එයා තව කතා කරනවා අහන්න.
    මහත්මයාගේ සම්පූර්ණ නම. හැඳුනුම්පත් අංකය කියන්න.
    මං වරද්දනවා. හරියට කිව්වොත් එයා ඉක්මනට හැමදේම ඉවර කරනවා. මං දන්නවා එයාට හදිස්සියි කියල. ඒත් මං එයාට ආදරේ කරන්න අරගෙන තියෙන්නෙ. ආදරේ කියන වචනෙ මෙතනට හරියටම ගැලපෙනවද කියල මං දන්නෙ නෑ. හිස්වුන වෙලාවක හීනෙකින්වත් නොහිතපු විදිහෙ අතාර්කික බලාපොරොත්තුවක් වෙන එක නේද ආදරේ කියන්නෙ?

    ඔයා කල්පනා කරලා හරියට කියන්න.
    එයා මට සැර කළා. නමුත් මහත්මයා කියන තැනින් ඔයා කියන තැනට මාරු වුනා. දැන් එයාට මාව වදකාරයෙක්. හැබැයි මං දැන් අංකයක් නෙමෙයි.

    අයි ඇම් සොරි. ඔයාට බැරිද ඒක බලලා කියන්න. මං හොරෙක් නෙමෙයි කියල ඔයා දන්නවනෙ.
    මං ඕනවට වඩා මුරන්ඩු සහ මෝඩ වුනා. එයා මට බනිනවට මං ආසයි. බනිනකොට එයාගේ ඒ මොහොතේ වැදගත්ම වේදනාව සහ කේන්තිය මම වෙනවා. අපි දෙන්නා එකක් වෙනවා. මම එයාගේ ලොකුම හිසරදය.

    අනිත් පැත්තෙන් මං එයාගෙ ගැලවුම්කාරයා. මං එයාට ෆෝන් කෝල් දහස් ගානක් අතරෙ වැරදි කරන මිනිහෙක් විදිහට මුනගැහිලා තියෙනවා. එයා මැෂින් එකක් වෙන එක මං නවත්තන් ඉන්නවා. යුනිෆෝම් එක ඇඳලා රතු වුනු මුහුනින් යුතුව එයා මගේ කටහඬ අහන් ඉන්න හැටි මට පේනවා.

    ඒකෙන් මාව ප්‍රාණවත් වෙනවා. එයාගෙ හඬ අහගෙන මගේ ශිෂ්නය පිරිමදින්න මට ඕන වෙනවා. එයාට නිරුවත්ව ළංවෙන්න, එයාගෙ මායාකාරී කටහඬ ඇතුලෙ මෙතෙක් හංගන්න උත්සාහ කළ ගැහැණුකම රස විඳින්න, මට ඒ හඬ ස්පර්ශයක් කරගන්න ඕන වෙනවා.

    ඒ වචන කතා කරන පොපියන දෙතොල් මගේ ශිෂ්නය වටා වෙළෙන හැටි මට මැවෙනවා.
    එයා මට අන්තිමට මගේ හැඳුනුම්පත් අංකය කිව්වා. ඒක හරි ආදරණීය දෙයක්. එයා මං වෙනුවෙන් එයාගේ වෘත්තීමය සදාචාරය බින්දා. ඒකෙන් මගේ අනුරාගය වැඩිවුනා.

    හුස්ම ගන්න සද්දෙ එයාට නෑහෙන්න මං පරිස්සම් වුනා. මට ඕන නෑ එයාව අපහසුතාවයට පත් කරන්න. මට ඕන එයා රැජිනක් වගේ මාව පාලනය කරන්න. මගෙන් ප්‍රශ්න කරන්න. මං මෝඩයෙක් වග මට පසක් කරන්න.

    ඒ හින්ද කිසිදු සල්ලාල වචනයක් හෝ ගිණුම සක්‍රිය කරගැනීමේ මෙහෙයුමෙන් බැහැර කිසිවක් හෝ මං කතා කළේ නෑ. මං මගේ සීමාවෙ ඉන්න ඕන. සීමාව බිඳින්න අවසර තියෙන්නෙ එයාට විතරයි.

    දැන් විනාඩි දෙකක් ඇතුලත පාස්වර්ඩ් එක ටයිප් කරන්න.
    එයා මට විධාන කළා. මං ආයිමත් වැරදියට ටයිප් කළා.
    ඔයාට මේක මතක නැද්ද? මට මෙතනින් එන්ටර් කරන්න බෑ. මං වෙන පාස්වර්ඩ් එකක් දාලා දෙන්නං ඔයා පැයක් ඇතුලත ඒක කැමති එකකට චේන්ජ් කරගන්න.

    එයාට ඕන පුළුවන් තරම් ඉක්මනට මගෙන් නිදහස් වෙන්න. ඒත් දැන් එයා මං වෙනුවෙන් අංකයක් නිර්මාණය කරලා තියෙනවා. මං කිසිදවසක ඒ අංකය වෙනස් කරන්නෙ නෑ.

    මං තවත් හයියෙන් මගේ අත ඉහල පහල කරගෙන ගියා. මට දැන් එයා හුස්ම ගන්න සද්දෙ පවා ඇහෙනවා. මං ගැන කේන්තිය පිටවෙන්නෙ හුස්ම විදිහට. එයාට මේ තරම් මාව වාතයක් වුනත් මට කොයිතරම් එයාව වටිනවද කියන එක මේ විශ්වයේ කිසිදවසක එයාට දැනගන්න වෙන්නෙ නෑ.
    මේ අපි අතර ඇතිවෙන අන්තිම සම්බන්දෙ වෙන්න පුළුවන්.

    ඔයාගෙ නම මොකක්ද?
    මට ඕන එයාගෙ නම කියන ඒ අකුරු උඩ මගේ සුරතාන්තය ලබන්න.

    නෑ. මං ඔයාට නම කියන්නෙ නෑ.
    බලාපොරොත්තු නොවුනු විදිහට එයා හිනාවක් එක්ක කිව්වා. එයා හැමදෙයක්ම දැනගෙනද?

    සුබ දවසක්..

    ෆෝන් එක කට් වුනා. අන්තිම මොහොතෙදි මගේ සුරතාන්තය පමා වුනා. හරියට ආන්ඩුවෙ ලොක්ඩවුන් ඉවත් කිරීම වගේ.
    නෑ. ඔයාට අවසර නෑ නිදහස් වෙන්න. ඒක වෙන්න ඕන මට ඕන වෙලාවට.

    මං මෝචනයක් අහිමි වේදනාවෙන් සහ අනුරාගී සිහිනයක් හිමි උන්මාදයෙන් නතර වුනා. එයා මට දුන්නු අංකය.. ඒක නිකංම අංකයක් නෙමෙයි. ඒ හැම ඉලක්කමක්ම දිග හුස්මක් නැත්තං කෙඳිරිල්ලක්.

  • ජෙසිකා

    ජෙසිකා

    ජෙසිකාගේ තිස්වෙනි උපන්දිනේ.

    This year, I want something that I won’t ever forget
    එයා කිව්වා. උපන්දිනවලට තෑගි හිතන එක තමයි අමාරුම. අයිෆෝන් එකක්, වොච් එකක්, රිංග් එකක් අරන් දෙන එක ලේසියි. ඒත් උපන්දිනවලට එහෙම කඩෙන් අරන් දෙන ඒවා නොදෙන සිරිතක් අපි අතරෙ තිබුන. මදටියා ඇටයක් හරි කන්සෙප්ට් එකක් විදිහට හිතලා තෑගි දෙන්න ඕන. එයා ඒක හැමදාම හොඳටම කළා. මාව පුදුම කරන තෑගි එයා දීලා තියෙනවා. ආදරේ ඇතුලෙ දෙන්නෙක් ක්‍රියේටිව් වෙද්දි ඒක හරි අනුරාගිකයි.

    ඒත් මේ පාර මං බංකොලොත්. හොරෙන් ගූගල් ගිහින් කැරකිලා බැලුවා මොකක් හරි අමුතු අයිඩියා එකක් හොරකම් කරගන්න. කිසිම ඉන්සයිට් එකක් අහුලගන්න බැරි වුනා. මං හිස් හිතින් ආපහු හිතන්න පටන් ගත්තා.
    තව දවස් දෙකයි. මං අනාතයි.

    See.. He still remembers
    ජෙසිකා අයිජී එයාට එවපු මැසේජ් එකක් මට ෆෝවර්ඩ් කරලා තිබුනා.

    Hey angel, You’re going to be thirty on Friday right?
    ඌටත් ඕන නැති දෙයක් නෑ. මට කොහොමත් ඉලක්කම් නම් අමතක වෙන රෝගයක් තියෙනවා. කාලයක් තිස්සෙ දිගටම කංසා බීලා මතක සෛල මැරිලා.. මගේ කංසා විරෝධී යාළුවො කියන්නෙ මාව බය කරන්න.
    පිස්සුද මං. මෙමරි නැති එක හොඳයි. මෙමරි කියන්නෙ පරණ දත්තනෙ. අලුතෙන් දෙයක් දිහා බලන්න ඒක බාධාවක්..
    මං ඒක ධනාත්මක පැත්ත පෙන්නලා දෙනවා.

    උඹට නං ඇට දෙක නැතත් ඒක දියුණු ලක්ෂණයක් කියයි.. උන් මගේ හැටි දන්නවා. සිද්ද වෙන කිසි දේක නරකක් මට තිබුනෙ නෑ. ඒකෙ හොඳ මොනවද කියල හොයන එකයි මගේ විනෝදය වුනේ. ඒත් ජෙසිකාගෙ උපන්දිනේ එහෙම නෙමෙයි. ලොකු නරකක් වෙන්න යන්නෙ. මට අදහසක් නෑ.

    උඹලා ළඟ එහෙම නැද්ද කෙල්ලෙකුගෙ බර්ත්ඩේ එකකට හොඳ තෑග්ගක් ගැන අයිඩියා එකක්?
    මං ඔෆිස් එකේ නිකං ඇවිද ඇවිද ඉන්න උන්ගෙනුත් ඇහුවා.

    මචං බර්ත්ඩේ දවස බලලා ඒකිගෙ එක්ස්ව තෑග්ගට දියං. ඒ තරං පුදුම කරන්න හම්බුවෙන්නෙ නෑ වෙන මොකකින්වත්.
    චමියා කිව්වෙ කට වාචාලකමට. ඒත් ඒක නරක අදහසක් නෙමෙයි. මං අයිජීගේ මැසේජ් එක ආපහු බැලුවා.

    Here, this time I’m going to do something incomparable for your birthday. But you should give me freedom to do whatever I want to. You should be hundred percent submissive.
    මං මගේ මයින්ඩ්බ්ලොවින්ග් සැලැස්මට ජෙසිකාගේ කන්සෙන්ට් එක ඉල්ලුවා.

    What.. what are you going to do? Are you going to kill me murderer?
    එයා මගේ ඔඩොක්කුවට ආවා. ඇවිත් මට කතා කරගන්න බැරි විදිහට තොල් දෙක දත්වලින් අල්ලගත්තා. එයාට ඕන විදිහට ඒවා උරාබොන්න ගත්තා. මං තාම ඔෆිස් ඇඳුම් චේන්ජ් කරලවත් නෑ. සාලෙ මැද පුටුව උඩ මාව අතවරයට ලක්වෙමින් තිබුන.

    ජෙසිකා දඬුවමක් දෙන්න වගේ මගේ බෙල්ට් එක පැන්නුවා. කිසිම අවසරයකින් තොරව ඇතුලට අතදාලා මේ වෙන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව හිටපු මගේ ශිෂ්නය නුහුරට ගත්තා. එයාගෙ ඇඟිලි යන්තම් තැවරුනත් එතනින් එහාට ශිෂ්නය විසින් මගේ පාලනය බාරගන්න තත්වයක් තිබුනෙ. මං ඒවට කිව්වෙ මැජික් ෆින්ගර්ස් කියල. සෙක්ස් කරලා ඉවර වෙලා අනිත් පැත්තට වැටිලා හිටියත් ජෙසිකාගේ දිග ඇඟිලි ස්පර්ශයකින් මාව හිටියටත් වඩා හොඳින් ප්‍රාණවත් වුනා.

    ඒක ඕනම කෙනෙකුගෙන් එහෙමයි කියල නේද හිතන්නෙ? නෑ මට එහෙම වුනේ එයාගෙන් විතරයි.
    ජෙසිකා ඩෙනිමෙ බොත්තම ගලවලා ශිෂ්නය සම්පූර්ණයෙන්ම එලියට ගත්තා. ඊට පස්සෙ එයාට ඒක කටට දාගන්න ඕන වුනා.

    ජෙසිකායි මායි බැඳලා දැන් අවුරුදු තුනක්. අපි හිටියෙ පොඩි ෆ්ලැට් එකක. අපේ ෆ්ලැට් එකට එහා පැත්තෙ පල්ලිය. හවසට සමහර දවසට පල්ලියේ ගීතිකා පුරුදු වෙනවා ඇහෙනවා. අපි කැමතිම ඒ වෙලාවට සෙක්ස් කරන්න. හවස ලා රස්නෙ ඉර රැල්ලයි ලාවට ඇහෙන දේව ගීතිකායි එක්ක ජෙසිකාගේ දිව්‍යමය ශරීරය පූජනීය විදිහට නමස්කාර කරන්න මං ආස වුනා.

    එයා මට කිව්වෙ පර්වර්ට් කියල.
    ජෙසිකා එයාගෙ උපන්දිනේ දවසෙ කැමති ශෘංගාර තෑග්ගක් දෙන්න මට අවසරය දුන්නා. මගේ ඊළඟ කෝල් එක අයිජීට.
    ‘මචං…’

    අගෝස්තු පස්වෙනිදා. එදා අනිත් කාටවත් වඩා කිතියෙන් භීතියෙන් කුතුහලයෙන් පිරිලා හිටියෙ මම. ජෙසිකා ගානකට නැතුව ඔෆිස් එකට කේක් අරං පිටවෙලා ගියා. මං ගෙදර. හැම දෙයක්ම අස්කරලා, පුළුවන් තරම් ලස්සන කරලා, ඒ උන්මාදනීය හැන්ද ෑවට ලෑස්ති වෙන්න තිබුන. මං සිගරට්ස් ආෆ්ටර් සෙක්ස් ප්ලේ වෙන්න දැම්මා.

    හවස් වෙද්දි වයින් කැන්ඩ්ල් ෆ්‍රේග්‍රන්ස් හැමදෙයක්ම ලෑස්තියි. චීස්, ඇපල්, ග්‍රේප්ස් සහ සුවඳ හමන කුෂ් ටිකකුත් සම්පාදිතයි. ගේ පිරෙන්න පිරුන බැලුම්. කේක් එක විතරක් එන්න නියමිතයි. ඒ අතරෙ කැටයම් කළ ලී පෙට්ටියක ජෙසිකාගේ තෑග්ග මහා වටිනාකමක් ආරෝපනය කරගෙන තැන්පත්ව තිබුන.

    Happy Birthday my angel!
    එයා ගෙදර ආවා. ගේ පුරාම තිබුනු සැරසිලි දැක්කා. සතුටින් ඉහවහා ගියා. එයාගෙ ඇස්වලට කඳුළු ආවා.

    Am I going to be too old for you?
    මගේ කර වටෙන් අත්දෙකම දාගෙන ළංවෙලා ජෙසිකා ඇහුවා. එයා මට වඩා අවුරුදු අටක් බාලයි.
    You are starting your naughty thirties my love
    මං එයාගෙ දෙතොල් ආදරෙන් ඉම්බා. ඒවා ඩන්හිල් සිගරට් රහයි.
    You taste like a forest,,
    කංසා ගඳ මගේ තොල් ගැන එයා කිව්වා.
    ජෙසිකා හිතුවෙ පාටිය මෙච්චරයි කියල. මේසෙ උඩ තිබුනු හරි මිස්ටීරියස් පෙනුමක් ඇති එයාගෙ තෑග්ග බලන්න එයාට හදිස්සි වුනා.
    Nope…

    මං බාධා කළා. එයාව වොෂ් රූම් එකට අරන් ගියා. නාලා එලියට එනකොට තුවාය අරන් ඉඳලා පිහදැම්මා. ඇඟ පුරා මොයිස්චරයිසින් ක්‍රීම් ගැල්වුවා. බෙල්ල යට, අත් නැවෙන තැන් වල රහසින් රැල්ෆ් ලොරෙන් රොමෑන්ස් සුවඳ හැංගුවා. ජින්ජර් එක්ක ගැඹුරින් ඕක් සුවඳ දැනෙන නිරුවත් ගැහැණුකමක් එයාගෙන් විහිදෙන්න පටන් ගත්තා.

    එයාගෙ බර්ත් ඩේ ඇඳුම එයාම කලින් අරගෙන තිබුන. ඒක දිග පාටි ෆ්‍රොක් එකක්. පිට සම්පූර්ණයෙන්ම නිරුවත්. ඒ හින්දම බ්‍රා එකක් අඳින්න පුළුවන්කමකුත් නෑ. ගවුම දිගට තිබුණට ඉණ ළඟට වෙනකල්ම කැපුමක්. ජෙසිකා එයාගෙ හීල්ස් දාලා ඒ ගවුමෙ හැඩ බැලුවා. තද නිල්පාට ගවුම අතරින් එයාගෙ ලස්සනම දිග කලවා නිරුවත් වෙලා හැඟීම් ඇවිස්සුවා.

    එයා බලාපොරොත්තු වෙන්නෙ අපි රෑට කොහේ හරි යයි කියල.
    මම එයාව ගිෆ්ට් එක ළඟට එක්කං ගියා. ඒ දැවමුවා පෙට්ටිය විවෘත කළා. ඒක ඇතුලෙ තිබුනෙ රතුපාට සැටින් පටියක් විතරයි.

    Whaat? Is this to blindfold me?
    ජෙසිකා පුදුමෙන් මං දිහා බැලුවා. මං ආඩම්බරෙන් ඔලුව වැනුවා. එයාට කිසි දෙයක් කියන්න අවසර නෑ. සම්පූර්ණයෙන්ම අවනත වෙන්න නියමිතයි.
    You’re a crazy bastard..
    එයා ඒ සැටින් රෙදි පටිය ඇස් වැහෙන්න තියාගන්න අතරෙ කිව්වා. මං පිටිපස්සෙන් ඒක ගැටගැහුවා.
    අයිජී එතකොටත් ඇවිත් පහල. මං එයාට ටෙක්ස්ට් එකක් දැම්මා. හැමදේම හරි. වැරැද්දට තියෙන්නෙ මගේ පපුව ඕනවට වඩා ගැහෙන එක විතරයි. මෙහෙම පපුව පැලිලා මැරෙන්න පුළුවන්ද? එහෙම වුනොත් මං ආදරෙන් හද පැලුනු පෙම්වතෙක් වෙනවද?

    ඊටත් වඩා මං මේ කරන වැඩේ හරිද? මේ සීමාව පැන්නොත් ආපහු මේ පැත්තට ඒමක් නැති වග මං දැනගෙන හිටියා. ඒත් කවුරු හරි වැරදි කරන්න ඕන.

    මං ජෙසිකාව කාමරේට අරන් ගියා. ලයිට් ඔක්කොම නිමලා කැන්ඩ්ල්ස් විතරක් පත්තු කළා. වීදුරු තුනකට වයින් වත්කළා. ජෑස් මියුසික් පසුබිමෙන් වැගිරෙන්න ඉඩ හැරියා.
    අයිජී කාමරේට ආවා. මං නිශ්ශබ්ද වෙන මෙන් සංඥා කළා. බදාගෙන පිළිගත්තා. වචනයක්වත් නැතුව.
    So what are we doing?
    මොකුත් වෙන්නෙ නෑ වගේ එක දරාගන්න බැරුව ජෙසිකා ඇහුවා.

    We… are…undressing now..
    මම ජෙසිකාව අයිජී ඉස්සරහ හිටෙව්වා. එයාගෙ ඇඳුම හෙමින් උරහිසෙන් පැන්නුවා. ටිකෙන් ටික පියයුරු නිරුවත් කරමින් ඒක පහලට වැටෙන්න ඇරියා. මගේ දත්පාරකට තාමත් එක නිපල් එකක් ළඟ රතු වෙලා තිබුන. මං අයිජීට ආරාධනා කළා ඒවා සිපගන්න. එයත් වෙව්ලන්න අරගෙන තිබුන. නුහුරු තරම් සියුම් හෙමින් ස්පර්ශය නිසා ජෙසිකාගෙත් ඇඟේ රෝමයන් කෙලින් වෙලා තිබුන.

    අයිජී මගේ බිරිඳගේ පියයුරු සිපගන්න හැටි මං බලන් හිටියා. ඒක උත්කෘෂ්ට හැඟීමක් වග කියන්න ඕන. වනචරකමේ ඒ තරම් තෘප්තිමක් පතුලක් මම ජීවිතේට ස්පර්ශ කරලා තිබුනෙ නෑ. අයිජීගේ දිවෙන් ජෙසිකාගෙ තනපුඩු ඉහලට එසවුනා. එයා කෙඳිරිගෑවා.
    ඩී….
    එයා මගේ නම කිව්වා. ඒ කියන අතරෙ අයිජීව පියයුරු මැද තද කරගත්තා. මම මගේ කලිසම පලාගෙන නැගෙන ශිෂ්නය පාලනය කරගන්න උත්සාහ කළා.
    අයිජී එයාගෙ කලිසම ගැලෙව්වා. මට වඩා විශාල ශිෂ්නයක් උඩු අතට නැගීගෙන බලන් හිටියා. ඒක ජෙසිකාගේ අතේ වැදුනා. එයා ඒ ඉස්සරහ දන නැමුවා.

    ජෙසිකා එයාගෙ තොල් අතර අයිජීගේ ගිනියම්ව නැගී සිටි පුරුෂ ලිංගය තියන්න මොහොතකට කලින් අයිජී මගේ දිහා බැලුවා. ඒත් මගේ ඇස් සම්පූර්ණයෙන්ම තිබුනෙ ජෙසිකාගෙ තොල් මත.
    ඒ අතර අයිජීගේ ශිෂ්නය සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. අයිජී කෙඳිරිල්ල පාලනය කරගත්තෙ තොල විකාගෙන.

    ජෙසිකා තට්ටම්වලින් තමන් වෙත ළංකරගනිමින් අයිජීව උරා බිව්වා. හුරතල් කළා. අඟලක් නෑර සිපගත්තා. මං වටේ ඇවිද ඇවිද ඒ දිහා බලාගෙන මගේ ශිෂ්නය ඉහල පහල කළා. මගේ බිරිඳ තවත් පිරිමියෙකුගේ ලිංගයක් ආදරෙන් සිපගන්නා හැටි දැකීමෙන් උපදින වේදනාවත් අසීමාන්තික ආස්වාදයත් එකට කැළතුනු හැඟීමකින් මට උණ ගැනිලා තිබුනෙ.

    මම කුෂ් ටිකක් ඔතන්න කල්පනා කළා. ඒ අහස්ගත විය යුතුම සුයාමයක්.
    මම වෙව්ලන අත්වලින් ඍජුවූ ශිෂ්නයකුත් එක්ක ජොයින්ට් එක ඔතන්න පටන් ගත්තා. ඒක ඉතාම අසීරු ව්‍යායාමයක් බව කියන්න ඕන. ඒ වගේම ජෙසිකා සහ අයිජී අතර කිසිම දෙයක් මගහරින්න මගේ ඇස්වලට ඕන වුනෙත් නෑ.

    Your dick has got bigger..
    ජෙසිකා ආදරෙන් මට කිව්වා.

    මං ජොයින්ට් එක පත්තු කළා. අයිජීත් උගුරු කීපයක් බිව්වා. අතකින් ජොයින්ට් එක උරන අතර අතකින් ජෙසිකාගේ ඔලුව අල්ලගෙන තමන්ට ඕන තරමට තද කරගනිමින් හිටියා. සමහර වෙලාවට ජෙසිකාට හුස්ම හිරවුනා. එයා කැස්සා. එතකොට ග්‍රහණය ලිහිල් වුනා.

    අයිජී ජෙසිකාව සම්පූර්ණයෙන්ම නිරුවත් කළා. එයාව ඇඳේ හාන්සි කරලා එයාගෙ යෝනිය ලෙවකන්න පටන් ගත්තා. එයා යෝනියේ උඩු කෙලවරේ විතරක් විලාසිතාවට රෝම ටිකක් ඉතිරි කරලා තිබුන. ඒ අද රෑ මං වෙනුවෙන් කරපු නිර්මාණය. ඒක අයිජී මටත් වඩා උපරිමයෙන් රසවිඳිමින් හිටියා. ඒ පරාර්ථකාමී ශෘංගාරයේ මොහොත අසීමිත අනුරාගයක් ගෙනාවා.

    අයිජී ජෙසිකාගේ පියයුරක් තදින් උරාබොන අතරෙම එයාගෙ දැවැන්ත ශිෂ්නය ඒ කකුල් අතර තිබ්බා. කලවා පුරා තවරන්න ගත්තා. යෝනි තොල් එයින් හුරතල් කළා. ජෙසිකා ඉවසන්න බැරුව හයියෙන් කෑ ගැහුවා.
    ඩී…..
    ඒත් එතන හිටියෙ අයිජී.

    අයිජීගේ ශිෂ්නය ටිකෙන් ටික ජෙසිකාගේ යෝනිය ඇතුලට යනවා මං ළංවෙලා බලන් හිටියා. මගේ සුරතාන්තය අගිස්සටම ගිහින් මං ආපහු ආවෙ බෝ ගහක් මතක් කරලා.
    අයිජී ජෙසිකාගේ කකුල් තමන්ගේ ශරීරය මතට නවාගෙන පුළුවන් තරම් ඇතුලට එයාගෙ ශිෂ්නය ඇතුල් කළා. මට මුනගැහෙන්න කලින් ඇය සමග රමණය කළ පුරුද්ද හොඳටම පෙනුනා. ජෙසිකාගේ යෝනිය වුනත් ඉතාම සුහදව ආදරෙන් අයිජීව පිලිගත්තා.

    මේ අතර අයිජී තවත් හිතුවක්කාර වැඩක් කළා. එයා ජෙසිකාගේ යෝනිය තුල හිඳින අතරම ඇගේ තට්ටම් අතර විවරයත් සම්බාහනය කළා. මේ වෙද්දි එයා ජෙසිකා තමන් සතු දේපොලක් තරමට පවරාගෙන හිටියා.

    You are so good you bastard..
    මේ හැමදෙයක්ම ජෙසිකා අභිරුචියෙන් පිලිගත්තා.
    Why are you silent? Isn’t it exciting for you?
    මේ අමුතු නිශ්ශබ්දතාවය ජෙසිකාට සැකයක් ඇති කළා. මං වහාම මගේ හිරකරගෙන හිටි සද්ද නිදහස් කළා.

    Mmm……h.. You are a slut.. You know that right?
    ඒ අවමන් වලින් එයා තව ඇහැරුනා. මේ අතරෙ අයිජී ජෙසිකාව අනිත් පැත්ත හැරෙව්වා. එයා ශිෂ්නය අනිත් සිදුරට මාරු කළා. මං ඒක වළක්වන්න හැදුවා.

    උඹ තාම කළේ නැද්ද? අයිජී මගේ කණට කරලා ඇහුවා. ඒක ඒ දෙන්නා අතර තිබුනු පිළිවෙතක් වෙන්න ඕන. ඉතාම පහසුවෙන් අයිජී එයාගෙ දැවැන්ත ශිෂ්නය ජෙසිකාගෙ තට්ටම් අතරින් ඇතුල් කළා. ඒකෙන් ජෙසිකා කලබල වුනා.

    You can’t be…..
    එයා ඇස් බැඳුම ගැලෙව්වා. අයිජීව දැක්කා. මාව දැක්කා. අත්දෙකෙන් ඇස් දෙක වහගත්තා.
    I can’t believe this!!!!
    එයා හයියෙන් කෑ ගැහුවා. මං හිතුවා තරහ යයි කියල. මං එයා ළඟට ගිහින් ආදරෙන් ඔලුව අතගෑවා.
    Are you worried?
    Shhhhh…..
    එයා මට නිශ්ශබ්ද වෙන්න කිව්වා. අයිජීට ශිෂ්නය එලියට ගන්න දුන්නෙත් නෑ. එයාගෙ මූනෙ තිබුනෙ ලැජ්ජාව මුසු දඟකාරකමක්. ජෙසිකාගේ ඇත්ත ලස්සන මං දැක්කෙ ඒ වෙලාවෙ.

    අයිජී පිටිපස්සෙන් ඇතුල්වෙන අතරෙ ජෙසිකා මගේ ශිෂ්නය එයාගෙ තොල් අතරින් ඇතුලට ගත්තා. මට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් වෙයි කියල කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ. ඒ තරමට ෆැන්ටසිය යතාර්ථයක් වෙමින් මාව තරුවක් වගේ පුපුරා යන්න ආසන්න කළා.
    මම පැද්දෙමින් තිබුන ජෙසිකාගෙ මුදු පියයුරු අත්දෙකෙන් පරිස්සම් කළා.

    මට යන්තමට මතකයි අයිජී ඇතුලෙම තමන්ගේ සියල්ල නිදහස් කරනවා. ඒ ගැස්සිල්ල විඳින්න ජෙසිකා මොහොතකට නැවතුනා. එයා හැරිලා අයිජී දිහා බැලුවා. එයාගෙ ඇස්වලින් ආදරේ වෑහුනා. දුරස් වුනා කියල සම්බන්ධතා මැරෙන්නෙ නෑ.

    මාව පිපිරුනා. වැස්සක් වගේ ජෙසිකාගේ මූන උඩට ඇදන් වැටුනා. ටිකක් එතනිනුත් එහාට පැනලා අයිජීගේ ඇඟේ.

    අපි ආදරෙන් එකිනෙකා මත වැතිරුනා. සිගරට් බිබී විහිලු කතන්දර කිව්වා. අවුරුදු තිහේදි සම්බන්ධතා ස්වරූපයේ සීමාවන් බිඳීම ගැන ජෙසිකා සතුටු වුනා. අපිට පුළුවන් තුන්කොන් ප්‍රේමයක් පවත්වාගෙන යන්න. ඒක අපේ ජීවිතවල අලුත්ම පරිච්ඡේදයක් වෙයි.
    අපි කේක් එක කපාගෙන කන්න තීරණය කළා. නිරුවතින් කේක් කකා අපි වයින් බෝතල් කීපයක්ම ඉවර කළා. වරින්වර එකිනෙකාව සිපගත්තා.

    ආදරෙන් යලි යලිත් ප්‍රාණවත් වුනා.

  • මැයි දෙසැම්බර් ප්‍රේමය

    මැයි දෙසැම්බර් ප්‍රේමය

    මේ ප්‍රවෘත්තිය දැක්කෙ අහම්බෙන්. අවුරුදු අසූවක පිරිමියෙක් එක්ක අවුරුදු 29ක ගැහැණියකගේ විවාහය. ඒක රූපවාහිනී ප්‍රවෘත්තියක් වෙනවා.

    එහෙම ප්‍රවෘත්තියක් වීම එක විදිහකට වැදගත්. මේක තෝරගන්න මූලික වෙන හේතුව නරඹන ජනතාවගේ ‘අනේ බලන්නකෝ නාකි කෝලම්’ ‘ඊයා නේද තාත්තටත් වඩා වයසයි’ ආකාරයේ සාමූහික ජාගර උපහාස රසයක් ඇතිකිරීම බව පැහැදිලියි. ඒත් අනිත් පැත්තෙන් අපි දන්නෙම නැතුව අපේ ආදර ලෝකෙ වයස් සීමාව තරමක් හරි පළල් කරන්නත් මේක හේතුවක් වෙනවා. ඊළඟට අවුරුදු 75ක ප්‍රේමවන්තයෙක් දැක්කට ඒ තරම් අපේ අපහාස උපහාස රසය ඇවිස්සෙන්නෙ නෑ.

    වැදගත්ම දෙයක් තමයි මේ වගේ ප්‍රවෘත්තියකට වැටෙන කමෙන්ට් දිහා පරීක්ෂාවෙන් බලන එක. සාමාන්‍යයෙන් කමෙන්ට් එකක් දාන්නෙ ළඟ ඉන්න කෙනෙක් එක්ක ජුගුප්සාව පළකිරීමෙනුත් තෘප්තිමත් කරගන්න බැරි තරමෙ ආශාවක් තිබුනම. ඒක එක්තරා විදිහකට සමාජයේ අවංකම අවුලක් ප්‍රදර්ශනය කරනවා.

    මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.

    මෑතක කරපු පර්යේෂණයකින් එලිදරව් වෙනවා අවුරුදු 65 – 80 දක්වා කියන්නෙත් ලිංගිකව සක්‍රීය වයසක් කියල. ඒ වගේම ඒ අය බොහොමයක් කියනවා තමන් ලිංගිකව තෘප්තිමත් බවත්. 40%ක් මේ වයස් කාණ්ඩයේ වැඩිහිටියන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඒ වගේම මේ වයස් කාණ්ඩයෙන් අඩකටත් වඩා කියනවා සෙක්ස් කියන එක තමන්ගේ ජීවිතයේ ගුණාත්මක තත්වය පවත්වාගෙන යන්න වැදගත් කියල.

    එතකොට වයස එක්ක සෙක්ස් ගැලපීමෙන් නගන හාස්‍යය අපේ පරණ හණමිටි දැනුමක් එක්ක ගැටගැහෙනවා. ඒ වයස කියන්නෙ පන්සලක පල්ලියක පරලොවක් වෙනුවෙන් වැඩ කළ යුතු කාලයක් කියන ඇදහිල්ලයි මේ උපහාසය පිටිපස්සෙ තියෙන්නෙ. ඒ අයට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය ආස්වාද කිරීමේ අයිතිය සමාජ සදාචාර මුහුණවරකින් අධෛර්ය කිරීමක් තමයි මේ කමෙන්ට්වල තියෙන්නෙ.

    මනෝ විද ්‍යාත්මක ගැහැණු වඩා වයස්ගත පිරිමින්ට ආශක්ත වීමේ විභවයක් තියෙනවා. මේක තමන්ගේ පියා සම්බන්ධ අවිඥානක තත්වයක් විදිහට ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය ඇතුලෙ පැහැදිලි කරනවා. සංඛ්‍යාත්මක දත්ත එක්ක ගත්තත් ගැහැණු තමන්ගේ පියාගේ හිසකෙස් වර්ණය, ඇස්වල වර්ණය, සමාන ලක්ෂණ හිමි පිරිමින්ට ආකර්ශනය වීම සනාථ වෙලා තියෙනවා. ඒ වගේම වඩා වයස්ගත දෙමව්පියන් එක්ක ඉන්න කාන්තාවක් වැඩිහිටි පිරිමියෙක් විවාහ කරගැනීමේ හැකියාව වැඩි බවත් කියනවා. නමුත් මේක අවිඥානක පෙළඹවීමක් මිස සවිඥානක වුනා නම් ඒ අය කරන තෝරාගැනීමක් නෙමෙයි.

    එතකොට මේ කාන්තාව අසූවියැති පෙම්වතා සමග විවාහ වෙන්න හේතු වෙන්න ඇත්තෙ මොනවද? මුලින්ම අපේ දුප්පත් මානසිකත්වය විසින් දෙන තාර්කික හේතුව තමයි ධනය හෝ බලය කියන එක. ඒක ඒ තරම්ම මතුපිටින් නොවුනත් ස්ථාවරත්වය, ආරක්ෂාව, සුවපහසුව පැත්තෙන් කාන්තාවකගේ ආකර්ශනය වැඩිහිටි පිරිමියෙක් කරා ගෙනියන කාරණයක් වෙන්න පුළුවන්.

    මෙතනදි අපහාස උපහාස කරන බහුතරයක් පටලවා ගන්න කාරණයක් තමයි විවාහය සහ ලිංගික හැසිරීම එකම දෙයක් විදිහට සැලකීම. ඒ කියන්නෙ විවාහක පිරිමියා සමගම පමණක් ලිංගිකව හැසිරීමේ විශ්වාසය තියාගෙනයි මේ බහුතරයා මේ ප්‍රවෘත්තියට එබෙන්නෙ. ඇයට පුළුවන් ඔහු සමග විවාහ වෙන්න. ඔහුගේ ආදරය ලබන්න. ලිංගිකව හෝ ප්‍රේමනීයව හෝ තවත් පිරිමින් සමග බැඳෙන්න. ඔවුන් ඉන්නෙ විවෘත විවාහ ජීවිතයකද, සංවෘත විවාහ ජීවිතයකද යන්න ගැන ප්‍රවෘත්තියේ කිසිදෙයක් නෑ.

    අනෙක් අතට ඇය ඒසෙක්ෂුවල් වෙන්න පුළුවන්. ඇයට ලිංගික ආස්වාදයක් උවමනාම නැති වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයකදි ඇයට වඩාත් ගැලපෙන ප්‍රේමය මේ පෙම්වතා සතුවෙන්න පුළුවන්. ඇඳ උඩ ලිංගික ජවනිකාවෙන්ම මේ ජීවිතවලට එබෙන අයට දැනෙන ලිංගික අතෘප්තියක් විතරක්ම මේ ප්‍රතිචාර ඇතුලෙ පේනවා වෙන්න පුළුවන්. විවිධාකාර ලිංගිකත්වයන් සහිත පිරිස් අපේ සමාජයේ ජීවත් වෙනවා කියන එක අපි නිතර අමතක කරනවා. සියල්ල දිගුවෙන්නෙ විෂම ලිංගික මොනොගමික සාම්ප්‍රදායික ලිංගික පවුල් ආස්වාදයට විතරයි.සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.

    තව විදිහකින් මේ දෙන්නා අතර ඉතාම අනුරාගී සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. ඇය වයස්ගත පිරිමියෙකුගේ ඇසුරක අන් කිසි තැනක නොලබන තෘප්තියක් ආස්වාදයක් ලබනවා විය හැකියි. අපේ ලිංගික ආස්වාදය කියන එක අපේ පුද්ගලික ගැඹුරු මනසේ පෙළඹවීම් එක්ක සම්බන්ධයි. ඒක හුදු සම්මතයෙන් පිලිගත් වයස් කාණ්ඩයන් හෝ ලිංග කාණ්ඩයන් අතරම හැසිරෙන එකක් නෙමෙයි. ඒ විස්තෘතත්වය බාරගැනීම සහ අගය කිරීම කියන්නෙ අපේ පරිණතබව. ඒකට අපහාස උපහාස කිරීම කියන්නෙ අපේ නොමේරූ බව. වෙනස් විදිහක ශෘංගාර තෝරාගැනීමක් කියන්නෙ සෞන්දර්යයක්.

    තව පැත්තකින් මේක හුදු ලිංගික කාරණයක් නම් ඔවුන්ට විවාහය වැදගත් නොවෙන්න තිබුණ. මේ ප්‍රසිද්ධිය වැදගත් නොවෙන්න තිබුණ. ඕනම කෙනෙකුට විවාහ නොවී වුනත් ලිංගිකව එක්ව ජීවත්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ විවාහය කියන්නෙම ඔවුන්ට සමාජය පැත්තෙන් දිය යුතු පණිවුඩයක් බව නිශ්චිතයි. ඒක එක්කො කෙනෙකුගේ ස්ථාවරත්වය ගැන, රැකබලාගැනීම සහ ආරක්ෂාව ගැන සහතික කිරීමක්. නැත්තම් ආදරය, විශ්වාසය සහ නිදහස ගැන සහතික කිරීමක්. මේ දෙපැත්තම කියන්නෙ හොඳ මානුෂීය ගනුදෙනුවක කතාවක්.

    නිර්මානුෂීය කතාව තියෙන්නෙ අපේ පැත්තෙ.

  • අරක්කුවලට නිදහස

    අරක්කුවලට නිදහස

    මෙතෙක් අරක්කු බීමට ලැබුනේ අපචාරයක සැලකිල්ලයි. ඕනෑම වැදගත් දවසක තේරුමක් ඇකුව හෝ නැතුව මුලින්ම වැසී යන්නේ වයින් ස්ටෝර්ස් එකයි. රට පුරා නඩත්තු කළේ දහම් පාසැල් සමාජයකුයි. ඒ මදිවාට වැඩිහිටි වුවත් ගැහැණුන්ට අරක්කු මිළදී ගත නොහැකියි. විවාහයට පමණක් නොව ජවිපෙ ආදී පක්ෂවල තනතුරු දැරීමටත් අරක්කු නොබීම සුදුසුකමකි.

    ඒත් දැන් ඉතිහාසෙ පළමු වරට අරක්කු ගෙදරටම ඩිලිවර් කරවා ගන්න පුළුවන්.

    සුපිරි වෙළඳසැල්වලින් මත්පැන් නිවෙසටම ගෙන්වා ගැනීමේ නිදහස ලබාදීම වෙනුවෙන් රජයට ප්‍රශංසා කළ යුතුමය. මෙය රජයේ අහිමිවන ආදායම ගැන සළකා බලා ගන්නා ලද තීරණයක් වුවත් මෙය රටේ ජීවත් වන්නේ වැඩිහිටි පුරවැසියන් බව පිලිගැනීමේ තීරණයක්ද වෙයි. එයින් ආර්ථිකයට මත්පැන් වලින් ලබාදෙන ප්‍රබල දායකත්වයත්, තමන්ගේ මත්විම පිළිබඳ තීරණයක් ගැනීමේ නිදහස වැඩිහිටියන් සතු විය යුතු බවත් පැහැදිලිව ප්‍රකාශමාන වෙයි.

    සුපිරි වෙළඳසැල් වලට පමණක් අවසර ලබාදීම හරහා දිනකට කාලේ තුනක් පානය කරන නිර්ධන පාංතිකයා නොසලකා හැරීමක් දකින්න තිබුනත් රජය පැත්තෙන් ගත් පළමු වැඩිහිටි පියවරක් වශයෙන් මෙය වැදගත් තීන්දුවකි. බීලා සල්ලි නාස්ති කිරීම හෝ ගෘහ ප්‍රචන්ඩත්වය වැනි හේතූන් හුවා දක්වමින් දියුණු මත්වීමේ සංස්කෘතියක් නිර්මාණය වීමට අවහිර කළ අමද්‍යප සුචරිතවාදීන්ට සහ වෛද්‍යවරුන්ගේ පුහු සෞඛ්‍ය අධිකාරීමය සීමාවන්ට අභියෝග කිරීමකි. එමෙන්ම නොදැනුවත්ව වුවද ස්ත්‍රීන්ටද මත්වීමේ සම අයිතිය ලැබෙන අවස්ථාවකි.

    අනෙක් සියලු ආහාර ද්‍රව්‍ය මෙන්ම තමන්ගේ අරක්කු බෝතලයද නිවසටම ගෙන්වා ගත හැකිවීම අරක්කුද අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා සමව සැලකීමකි. එමෙන්ම මත්වීමේ අවශ්‍යතාවය පුරවැසියන්ගේ මානසික අයිතියක් හැටියෙන් බාරගැනීමකි.

    කොවිඩ් නිසා සිදුවුනු තවත් වැදගත්ම වෙනස්කමක් ලෙස මෙය සැලකිය හැකිය.

  • අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය

    අනුහස් නායකත්වයේ ශෘංගාර දේශපාලනය

    ආදරේ කියන වචනය හරිම අර්බුදකාරී වචනයක්. මේ වචනෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල අපි කවුරුවත් දන්නෙ නෑ. ඒ වචනෙ ඇහුවම අපේ පිරෙන්නෙ මොනවද කියල අපි දන්නෙත් නෑ. ඒ වචනෙ ඇතුලෙ අපේ අසනීප ගොඩක් පිරිලා තියෙන්න පුළුවන්. අපි ආදරේ කියන මීදුම ඇතුලෙ අපිට කිසිදවසක මුනනොගැහෙන අපේම ඔලුව ඇතුලෙ ඉන්න අනෙකෙක් හොයමින් ඇවිදිනවා වෙන්න පුළුවන්. ඕනම ආදරයක ගමන අපි තේරුම් ගත්තොත් ඒක ප්‍රමෝදයක ඉඳන් අතෘප්තියක් දක්වා ගමනක්. සිහිනයක ඉඳන් යතාර්ථය දක්වා ගමනක්.

    මේ ආදරේ කියන එක පුද්ගලික ආදරයක් කියන සීමාවෙ ඉඳන් දේශපාලන ආදරය වගේ පොදු තැන් දක්වාම එනවා. අපේ දේශපාලන නායකයො අපිට වීරයො වෙනවා. අපි ඒ අයට ආදරය කරනවා. ඊටත් එහා ගිහින් අපි ඒ අයව අදහනවා. එහෙම වුනාම අනුහස් නායකයො බිහිවෙනවා.

    මේ කාරණය ගැන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉතා ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. ෆ්‍රොයිඩ් එයාගෙ රෝගීන්ට ප්‍රතිකාර කරන අතරෙදි තේරුම් ගන්නවා මේ රෝගීන් එයාට දැඩි ලෙස ආදරය කරන්න පටන් අරන් කියල. ඒ වගේම ඒ ආදරේ කරන්නෙ තමන්ට නෙමෙයි ඒ අය විසින් මවා ගන්නා ලද කෙනෙකුට කියන එකත් ෆ්‍රොයිඩ් තේරුම් ගන්නවා. මේ එක එක අය තමන්ගේ ළමා කාලයේ වීරයෙකුගේ රූපයක් හැටියෙන් ෆ්‍රොයිඩ්ව දකිනවා. ඒක පරමාදර්ශී තත්වයක්. අපිට ආදරේකදි වෙන්නෙ මේක.

    අහස සේ ඔබ අනන්තයි.. පොලොව සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබව පමණයි.. ඔබ අනන්තයි..

    මේ කියන්නෙ මිනිහෙකුගේ ස්වභාවයක් ගැන නෙමෙයි. ආදරයකදි අපේ හැමදේම අනෙකාගේ රූපයෙන් පිරී යන එක. සියල්ල ඒ අනෙකා තුල පිළිඹිඹු වෙන එක.

    හැම ආදරයක්ම ළමා කාලයේ අත්දැකීමක් යළි ජීවත් කිරීමක් කියල කියන්නෙ ඒ හින්ද. නමුත් ඒ ළමා කාලය එහෙම යලි ජීවත් කරවිය හැකි එකක් නෙමෙයි. මේක දේශපාලනයෙදි නායකයෙකුට ආදේශ වෙනවා. අපේ හැමදෙයක්ම ඒ නායකයා ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. අපේ හැම ප්‍රශ්නයකටම උත්තරේ ඒ නායකයා වෙනවා.

    මේකට ෆ්‍රොයිඩ් කිව්වෙ ට්‍රාන්ස්ෆරන්ස් කියල. අපේ මවාගැනීමකින් අපි ආදරය කරන කෙනාව අන්දනවා. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත නායකත්වය ගත්තොත් එයා මුලින්ම ජනාධිපතිවරනෙට එනකොට යුද්දෙ කරනවද නැද්ද කියන එක ගැනවත් හරි අදහසක් එයාට තිබුනෙ නෑ. ඒත් එයාව යුද්දෙට තල්ලු වුනා. යුද්දෙ දින්නා. ඒ හරහා අනුහස් නායකත්වයක් නිර්මාණය වුනා. මහින්දට ලස්සන ආමන්ත්‍රණයක් හැදුනා.

    අප්පච්චි..

    මේ අප්පච්චි කියන වචනෙ අපේ ගැඹුරු සාමූහික අවිඥානයක් එක්ක සම්බන්ද එකක්. දැඩිමුන්ඩ, සූනියම් වගේ දෙවිවරුන්ට කතා කරන්නෙ අප්පච්චි කියල. අනිත් අතට ඒ තමයි අපිට ළමාකාලෙ අහිමි වුණු පියා ගැන සිහිනය. පොඩි එකෙකුට තමන්ගෙ තාත්තා පේන වීරත්වය. තාත්තා කියන වචනෙටත් එහා ගිහින් පැරණි සිංහල උරුමයේ පීතෘත්වය ස්පර්ශ කරමින් එන අප්පච්චී හැඟීම. තාත්තට වඩා අප්පච්චි ලොකුයි. ජාතියක්ම මහින්ද ඇතුලෙන් මේ අප්පච්චි දැක්කා. එතනින් නැවතුනේ නෑ. ඒ අප්පච්චිව මහ රජානෝ බවට පත් කළා. ඒ චරිතයත් එක්ක කාලතරණ අත්දැකීමක ජීවත් වෙන්න පටන් ගත්තා.

    මේක මහින්ද නිර්මාණය කරන එකක් නෙමෙයි. රෝගී ජනතාව විසින් කරන සාමූහික නිර්මාණයක්. තමන්ගේ රෝගයේ ප්‍රමාණයට වීරයා විශාල වෙනවා. ඒ රෝගයේ ඉතිහාසය දක්වාම වීරයාගේ මුල් දුවන්න පටන්ගන්නවා. මහින්ද රට වෙනුවට පවුල කියන එක ගෙනාවා. තමන්ගෙ රාජපක්ෂ පවුලට භෞතික වාසි ගැනීමේ පවුල්වාදය විතරක් නෙමෙයි රටේ සමස්තයට තමන් රාජ්‍යය කියන එකෙන් ආපහු පවුල ඇතුලට ගමන් කිරීමේ සිහිනය මහින්ද නිර්මාණය කළා. ඒ පවුලෙ අප්පච්චි තමයි මහින්ද.

    වීරයෙක් නිර්මාණය වෙන්න කාරණා දෙකක් බලපානවා. එකක් තමයි මොනයම්ම ආකාරයකින් හෝ පවතින දක්ෂතාවය. ඒක තියෙන බොහොමයක් අය ඉන්නවා. අනික තමයි මිනිස්සු තේරුම් ගැනීමේ හැකියාව. මේකට කියන්නෙ එම්පතිය කියල. අනෙකාගේ හැඟීම් දැනීම් බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීම නෙමෙයි, ඒක දැනීමේ ගුණය. මහින්දට ඒක සුවිශාලව පිහිටනවා. ඒ සමීපත්වය මහින්දගෙන් මිනිස්සුන්ට දැනෙනවා.

    මේ රටම පවුලක් වීම ඇතුලෙ අපේ සමාජ අවිඥානයේ තියෙන තවත් රෝගයක් එලියට එනවා. ඒ තමයි පවුල ඇතුලෙ ළමා කාලයේ මුහුණ දෙන ලිංගික යටපත් කිරීම. සෙක්ෂුවල් රිප්‍රෙෂන් කියන එක.

    විල්හෙල්ම් රීච් කියන මනෝ විශ්ලේෂකයා මේ කාරණය ගැන වැඩිදුරට හොයනවා. එයා පර්යේෂණය කරනවා ඇයි ඒකාධිපති ස්වරූපයේ නායකයන්ට ජනතාව පෙම් බඳින්නෙ කියල. ඒ ගැන රීච් ලියනවා මාස් සයිකොලොජි ඔෆ් ෆැසිසම් කියල පොතක්. පීතෘ මූලික පවුල ඇතුලෙ දරුවන්ගේ ලිංගික යටපත් වීම ඒකාධිපතීත්වයට ඇති ආශාව ආදරය ඇතුලෙ පිළිඹිඹු වෙනවා කියල එයා කියනවා. ඒකාධිපතියන් බිහිවන සමාජය නිර්මාණය වෙන්නෙ පීතෘමූලික පවුලෙන්. පවුල් ඇතුලෙ ළමයා කීකරු කිරීම කියන එක සිද්ද වෙන්නෙ ළමයාගේ ලිංගික ආශාවන් මර්දන කිරීම හරහා. ඒ අකීකරු කැරලිගහන ලිංගික ආශාවන් තමයි අනාගතයේ නිදහස්කාමී, ආධිපත්‍ය නොඉවසනසුලු පුරවැසියා නිර්මාණය කරන්නෙ. ඒත් දැඩි පිරිමි පෞර්ෂ උසුලන අප්පච්චිලා දරුවන්ව බෙලහීන කරනවා. මේ කීකරු ළමයා මහා නායකයෙක් ප්‍රාර්ථනා කරනවා. ඒ නායකයා නියෝජනය කරන්නෙ අර පීතෘ මූලික පවුලේ මානසික ආබාධය. අපේ රට කියන්නෙ අම්මා. අප්පච්චි කියන්නෙ මහින්ද. අපි සමාජය විදිහට පරිකල්පනය කරන්නෙ අපේ ඊඩිපස් පවුල.

    මේ පීතෘ මූලික පවුලෙන් යටපත් කරන ලිංගික ආශාවන් විකෘති ආකාරයන්ගෙන් තෘප්තිමත් වෙන්න පටන් ගන්නවා කියල විල්හෙල්ම් රීච් කියනවා. ඒවා ජාතිය රැකගැනීමේ, ආගම රැකගැනීමේ යුද්ද කෝලාහල විදිහට එලියට එනවා. යටපත් කළ ලිංගික ආශාව වෙනත් සදාචාරවාදී විකෘති හැඩවලින් තෘප්තිය හොයන්න පටන් ගන්නවා. රාජපක්ෂ ආන්ඩුවලදි චන්ඩිකම් වැඩි වෙන්නෙ මේ හින්ද. චන්ඩි පොලු අරන් එනවා බුද්ධාගම රකින්න. අපි චන්ඩි ජාතියක් වෙනවා.

    සෙක්ස් කියන එක සදාචාරය සම්බන්ධ කාරණයක් නෙමෙයි. සදාචාරය එක්ක නිතර ගැටගහන සංස්කෘතිය කියන එක ගත්තොත් සංස්කෘතිය කියන සංකල්පයට සෙක්ස් වලින් කිසිම අර්බුදයක් නෑ. ඇත්තටම සංස්කෘතියට සෙක්ස් කියන එක ධනාත්මක දෙයක්. නමුත් සෙක්ස් කියන එක ගැටගැහෙන්නෙ දේශපාලනය නැත්තං බලය කියන දේත් එක්ක. සෙක්ස් යටපත් කිරීම හරහා දේශපාලනයට ලිංගික ආර්ථිකය එකතු කරගන්න පුළුවන් වෙනවා. මේක සිද්ද වෙන්නෙ ආගම හරහා. ඕනම ආගමක් සෙක්ස් පාලනය කරනවා. ආගමෙන් කප්පාදු කරන සෙක්ස්වල බලය දේශපාලනයට හැරෙනවා. ආගම සහ දේශපාලන බලය කියන දෙක හැමවිටම එකට පවතින්නෙ මේ හින්දයි. ඒකාධිපති හිට්ලර් කෙනෙකුගෙ ඉඳන් රජකම් කරන අප්පච්චි කෙනෙක් දක්වාම යන්නෙ මේ කප්පාදු කරන ලද ලිංගිකත්වයේ ආබාධය.

    මහින්ද ගැන ආදරය ඇතුලෙ අපේ මනෝ ආබාධිත ලිංගික සංස්කෘතිය පේන්න පටන් ගන්නවා. නායකයා කියන්නෙ ජනතාවගේ යටපත් කරන ලද ආශාව. මහින්දට කලින් මේ රූපයට සමීප වුනේ ආර් ප්‍රේමදාස. ප්‍රේමදාස මේ රජාගෙ චරිතයට හොඳටම ඇඳගත්තා. ෆ්‍රොයිඩ්ගෙ භාෂාවෙන් කවුන්ටර්ට්‍රාන්ස්ෆරන්ස් එකකට ගියා. එතකොට ජනතාව මේ පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන අතරම ප්‍රේමදාස අනිත් පැත්තෙන් තමන්ගේ රෝගය ප්‍රක්‍ෂේපනය කරන්න පටන්ගත්තා. ඒක හරිම විනාශකාරී සම්බන්ධයක් වුනා.

    මේ ට්‍රාන්ස්ෆරන්ස් එකේ දේශපාලන වාසිය වගේම අවාසියත් එනවා. ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. ආදරයේ අතෘප්තිකර යුගය එළඹෙන්න ගන්නවා. අපි රැවටිලා කියලා අපිට හිතෙන්න ගන්නවා. මහින්ද කියන චරිතය තේරුම් ගන්න හොඳම විදිහක් තමයි අපේ පරණ සන්නි නැටුම්. අපි ඒ ඇදහිලි ඇතුලෙ අපේ රෝගය යකෙකුගේ රූපයක් බවට පත් කරනවා. මහින්ද කියන්නෙත් ඒ වගේම ජාතියක රෝගයක් පිළිඹිඹු කරන රූපයක්. ඒක ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන.

    ජේආර් වගේ චරිතයක් ගත්තොත් මේ තියෙන විධායක බලය තිබුනත් ජේආර් අප්පච්චි කෙනෙක් හෝ දෙවියෙක් වෙන්නෙ නෑ. එයාට තියෙන්නෙ ඔතොරිටේටිව් නායකත්වයක්. තමන්ට නිලයෙන් පවරන ලද භූමිකාවේ බලය විතරයි. පවුල් බලය වගේ අතුරු කාරණා එකතු වුනත් ඒ නායකත්වය ජනතාවගේ අවිඥානයේ බලය අත්පත් කරගන්නෙ නෑ. මහින්ද ගත්තොත් එයාට තියෙන්නෙ ව්‍යවස්ථාවෙ බලය නෙමෙයි. ඒක ජාතියේ අවිඥානයක බලය.

    ලංකාවෙ දේව සංකල්ප හොඳට පරීක්ෂා කළොත් පැහැදිලිවෙන දෙයක් තමයි අපේ දෙවියා සහ යක්ෂයා දෙකම එකට පවතින අපූර්වත්වය. ඒක හොඳ විතරක් කරන සුද්දවන්ත එකක් නෙමෙයි. නපුර නරක කිරීමේ හැකියාවත් දරන එකක්. ඒ දේව සංකල්පයත් එක්ක මහින්ද හොඳටම ගැලපුනා. හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින් මහින්ද වැඩ කළා. අපේ පන්සල් ඇතුලට දේවාල එන්නෙත් මේ හින්ද. බුද්ධාගමේ තියෙන හොඳින් විතරක් අපේ ආශාව තෘප්තිමත් නොවෙන හින්ද.

    මේ වීරයාගේ චරිතය ඒ විදිහටම ගෙනැත් අපි වැඩ කරන විරුවා නිර්මාණය කරන්න හැදුවා. ඒත් ඒක දරන්න ගෝටාබයට පුළුවන් වෙන්නෙ නෑ. ප්‍රධානවම මහින්දට තිබුනු එම්පතිය, මිනිස් අඳුරේ ඉඳන් ආලෝකය දක්වා විහිදෙන පරාසය ගෝටාබය සතු වෙන්නෙ නෑ. ඒ අප්පච්චිව අපිට ගෝටාබය ඇතුලෙන් පේන්නෙ නෑ. එයා නියෝජනය කරන්නෙ ජේආර් වර්ගයේ ඔතොරිටේටිව් නායකත්වයක්. මේ හැඟීම්මය බිඳවැටීම ලක්ෂ හැටනවයක ජනතාවට දරුණුවට බලපානවා. ඒ බෙලහීන ලිංගිකත්වය රකින, පණදෙන අප්පච්චි සහ පවුල ඒ අයට අහිමි වෙනවා.

    මේක නාමල්ට එන්නෙත් නෑ. නාමල් කියන්නෙම දැවැන්ත පීතෘ චරිතයකින් පුද්ගලිකවත් යටපත් වුනු පෞර්ෂයක්. ඒක අනුහස් නායකත්වයක් බිහිකරන මනෝ ලිංගික පදනමක පිහිටන්නෙ නෑ. මහින්ද ඇතුලෙන් පරාවර්තනය වෙන රැස් වළල්ලක් විතරයි නාමල් කියන්නෙ.

    මහින්ද කියන්නෙ ඇල්ෆාමේල් පෞර්ෂයක්. ඒ කටහඬ, ඒ ශරීරය, ඒ භාවිතය හැම දෙයක්ම අපේ ප්‍රාථමිකම ලිංගික ආධිපත්‍ය දරන නායකයාගේ රූපය එක්ක ගැටගැහෙනවා. මානව පරිනාමයේ අපිට සමීපතම චිම්පන්සි ගත්තොත් ඒ නායකයා කරන ලොකුම වැඩේ වෙන්නෙ පුළුවන් තරම් ගැහැණු සමග ලිංගිකව හැසිරීම. ඒ නායකයා තමන් කැමති අයට ඒ ගැහැණු එක්ක හැසිරෙන්න දෙනවා. තමන් කැමති අයට ආහාර සහ තවත් වරප්‍රසාද දෙනවා. මේ ලිංගික ආධිපත්‍යය පිළිගන්නා යටහත් පිරිමියා අර ඇල්ෆාමේල්ට භක්තිවන්ත වෙනවා. තමන්ට නැති ලිංගික පෞර්ෂය නායකයා ඇතුලෙන් විඳිනවා.

    මේ සාම්ප්‍රදායික නායකත්වය ඇරුනම ඒකට අභියෝගාත්මක වෙන අනිත් නායකත්වය වෙන්නෙ නිදහස්කාමියා, නැත්තං අරගලකරුවා කියන පෞර්ෂය. මෙයා සාම්ප්‍රදායික නායකත්වය එක්ක, සිස්ටම් එකත් එක්ක ගැටෙනවා. සටන්කාමීයි. මර්දනය කළ ලිංගික ආශාවේ නිදහසක් මේ පෞර්ෂය විසින් ප්‍රක්‍ෂේපනය කරනවා. මේකත් අනුරාගී නායකත්වයක පිහිටීමක්.

    රංජන් රාමනායකට මේක තියෙනවා. එයාගෙ හඬපට ලීක් වීම හරහා අපිට අපේ සීමා කළ, කප්පාදු කළ ලිංගිකත්වය ඇතුලෙන් ආකර්ශනයක් වීරත්වයක් නිර්මාණය වෙනවා. රංජන්ගෙ විනෝදකාමී ජීවිතේ ඇතුලෙ අපිට තහනම් වූ නිදහසක් රස විඳිනවා. එයා බෑඩෑස්, රිබෙල් කැරැක්ටර් එකක්. රංජන්ට මේක එන්නෙ සිනමාව හරහා. සිනමාවේ අනුරාගය, විපරීතය සහ වීරත්වය රංජන් ඇත්ත ජීවිතේට අරන් එනවා.

    හැබැයි මේක මහින්දට තියෙන ආදරේ වගේ ගැඹුර සම්බන්ධයක් එක්ක සාපේක්ෂව ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ ඊඩිපස් අවුල රංජන් වගේ චරිත ඇතුලෙන් තෘප්තිමත් වෙන්නෙ නෑ. මංගල සමරවීර කියන්නෙත් රංජන් හා සමාන තවත් රිබෙලියස් කැරැක්ටර් එකක්. වස්ති වීඩියෝවෙ මංගලගෙ ටික්ටොක් අරගලය දැකීමෙන් ජනතාව පිනා යන්නෙ ඒකයි. ලිංගිකත්වය, ආගම, සංස්කෘතිය වගේම ජීවන විලාසිතාව පැත්තෙනුත් මංගල ලිංගිකව යටපත් කළ පුරවැසි සමාජය කම්පනය කරනවා.

    අනුහස් නායකත්වයක් රටකට හොඳද නරකද වගේ දෙයක් කතා කරලා තේරුමක් නෑ. මොකද ඒක සමාජය විසින් නිර්මාණය කරන තත්වයක්. ආදරයකදි අපිට අතාර්කික වෙන්න පුළුවන්. ඒක පුද්ගලික සම්බන්ධයක්. නමුත් දේශපාලනය කියන්නෙ තාර්කික තීරණ ගන්න වෙන පිට්ටනියක්. ඒකට භක්තිය වගේ දෙයක් ඒ තරම් ගැලපෙන්නෙ නෑ. නමුත් අපේ රෝගය හරියටම ස්පර්ශ කරන කෙනෙක් වටා අනුහස් නායකත්වයක් බිහිවීම වළක්වන්නත් බෑ.

    ෆ්‍රොයිඩ් කියන විදිහට මේ ට්‍රාන්ස්ෆරන්ස් එකෙන් රෝගියා ඇහැරෙන්න ඕන. මේ තමන් විසින් කරන ප්‍රක්‍ෂේපනයක් බව තේරුම් ගන්න ඕන. ඒක තමා විසින්ම තේරුම් ගැනීමෙන් විතරයි රෝගියාට රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ. එතකොට ඒ වගේ ඇදහිල්ලක ඉන්න ජනතාව ඒ හීනෙන් ඇහැරවන්න පුළුවන් තරමෙ හෙල්ලීමක්, කම්පනයක් ඇති කිරීම විතරයි සවිඥානක සමාජයක් වෙනුවෙන් කරන්න පුළුවන් වෙන්නෙ.

    එතකොට අනුර කුමාර වගේ කෙනෙකුට මේ විදිහෙ අනුහස් නායකත්වයක් නිර්මාණය වෙයිද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට හිතෙන්නෙ නෑ කියන එකයි. අනුර කුමාර හෝ ජවිපෙ නියෝජනය කරන්නෙ සමාජයේ හොඳ ළමයාගේ චරිතය. ඒක නැවතත් පීතෘ මූලික පවුලෙන් යටපත් කළ ලිංගිකත්වයේ ස්වරූපයමයි. ඒක නිදහස්කාමී එකක් නෙමෙයි. හොඳ ළමයා හොඳයි. ඒත් එයා අපේ ආශාව නියෝජනය කරන්නෙ නෑ. අපේ ශෘංගාරය එතන නෑ.

    සජිත් ප්‍රේමදාස වගේ චරිතයක් ගත්තොත් එයා නායකත්වය සතු සුවිශේෂ දක්ෂතාවය හෝ මිනිසුන්ව දැනෙන එම්පතිය කියන දෙකම දරන කෙනෙක් නෙමෙයි. ප්‍රේමදාසගේ අනුහස විතරක් ඒ හදවතේ නායකත්වය නිර්මාණය කරන්න ප්‍රමාණවත් වෙන්නෙ නෑ. අනිත් අතින් චම්පික රණවක ගත්තත් එයත් පිහිටන්නෙ ජවිපෙට සමීපව. දහම් පාසැල් ළමයාගේ වැඩිහිටි රූපය. අනගාරික ධර්මපාලගේ හෙවනැල්ල. මේකට අපි කැමති වෙන්න පුළුවන්. ඒත් අපිට දෙවියා විතරක් වැඩක් නෑ. අපිව නායකයෙකුට සමීප කරන්න නායකයාගේ නරකත්, දුර්වලතාවයත් වැදගත්. එතනයි එම්පතිය හැදෙන්නෙ. චම්පික ගැන වරින් වර පැතිරෙන කාමකතා වුනත් මං හිතන්නෙ චම්පිකට උදව්වක් කියල. ඒවායින් අපිට ඒ චරිතය සමීප කරනවා. අපේ යටපත් ආශාවක නියෝජනයක් කරනවා.

    මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් චම්පික ජාතිය ගැන කතා කරන එකයි මහින්ද ජාතිය ගැන කතා කරන එකයි ගත්තොත්. චම්පිකගෙ ජාතිය බුද්ධිමය තාර්කික එකක්. මහින්දගේ ජාතිය, පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම වගේ කිසිම ලොජික් එකක් නැති ඉමෝෂනල් එකක්. මිනිස්සු චන්දෙ දෙන්නෙ හැඟීමට මිස තර්කයට නෙමෙයි.

    නායකයෙක් කියන්නෙ ජනතාවගේ ආශාවේ නිරූපණයක්. ඒක අපිව පිරිහීම කරා ගෙනයන රෝගයක් වෙන්න පුළුවන් ඒ වගේම දැනුවත්ව කළොත් ප්‍රතිඵලදායී වෙන්නත් පුළුවන්. නමුත් නායකයා ගැන අනුරාගයක් ගොඩනැගෙන්න අවිඥානික හේතු අනිවාර්යෙන්ම පවතින්න ඕන. එතනදි මතවාදය වැදගත් නෑ. චරිතයයි වැදගත් වෙන්නෙ. මිනිස්සුන් කැමති වුනේ මහින්දගේ මතවාදයට නෙමෙයි. මහින්දට.
    මහින්ද කියන්නෙ මෙතෙක් නිර්මාණය වුනු අපේ සිංහල ජාතියේ සුවිසල්ම අවිඥානක පිළිඹිඹුව කියලයි මං දකින්නෙ. ඒ හින්දම මහින්ද කියන පෞර්ෂය වඩාත් සමීපව කියවන එක අපේ සමාජයේ ගැඹුරු රෝග ලක්ෂණයන් තේරුම් ගැනීමක් වෙනවා. අපේ දේශපාලනයේ හැඩය පටන් ගන්නෙ අපේ පවුල ඇතුලෙන්. ඒ පවුල ඇතුලෙ ලිංගිකත්වය යටපත් කරන ආකාරයෙන් කියන වටහා ගැනීමේ වැදගත්කම පසක් කරනවා.

    එතකොට මහින්දගෙන් පස්සෙ පොහොට්ටුවට මොකක් වෙයිද? මගේ අදහස නම් මහින්ද නැතුව පොහොට්ටුවක් නෑ කියන එකයි. මහින්ද කියන්නෙ අපේ රටේ දේව යක්ඛ සංකල්පය එක්තැන් කළ නූතන අප්පච්චි. පක්ෂයකට වඩා ඒක ඊළඟට දේවාලයක් කියලයි මං හිතන්නෙ.

  • යහපත් වලත්තී (දෙවෙනි කොටස)

    යහපත් වලත්තී (දෙවෙනි කොටස)

    Ethical Slut by Jossie Eastern & Janet Hardy

    වලත්තියන්ට ගොඩක් දේවල් ඕන. වෙනස් වෙනස් ලිංගික අත්දැකීම්, වෙනස් මිනිස්සු, සමහර විට පිරිමි සහ ගැහැණු දෙකම. අපි කුතුහලයෙන් පිරිලා. මිනිස්සු හතර පස්දෙනෙකුගේ ශක්තීන් එකතුවුණු එක අනුරාගී ලිංගික අත්දැකීමක් කොයි වගේ වෙයිද? මාත් එක්ක අවුරුදු දහයක් මගේ හොඳම යාලුවා වුනු කෙනා එක්ක කායික අනුරාගී සම්බන්ධයක් කොයි වගේද? මට වඩා ගොඩක් වෙනස් මේ මනුස්සයා එක්ක ඒක කොහොම වෙයිද? අපි සමහර අය එක එක අනුරාගී සම්බන්ධතාවලදි මතුකරන අනන්‍යතා වෙනස් වෙනවා. අපේ බහු අනන්‍යතාවයන් අපිටම මුනගැහෙනවා. සමහර අය ආසයි ෆ්ලර්ට් කරන්න. ඒකෙ ආර්ට් එකට විතරක්ම. සමහර අය සෙක්ස් ආර්ට් ෆෝර්ම් එකක් කරගන්නවා. අපි හැමෝම ආසයි අලුත් දේ සොයා යන්න.

    ඩොසී කෙල්ලෙක් කාලෙදි, එයා වලත්තියක් කියල තාම දන්නෙ නැති කාලෙදි, ඇමරිකාවෙ නාගරිකව මුනගැහෙන විවිධ සංස්කෘතීන්වල අය ගැන ලොකු ඇල්මක් තිබුන. එයා එයාගෙ ලිංගික ගවේෂණය ගැන කියන්නෙ අන්තර් සංස්කෘතික මානව විද්‍යාවේ එයාටම අනන්‍ය වුනු ආකාරයක් විදිහට.

    “මම වෙනස් අලුත් මිනිස්සු මුනගැහෙන්න ආස කළා. මගේ සංස්කෘතියට වඩා හැඟීම් අතින්, ලිංගික අතින් දේවල් එලියට ප්‍රකාශ කරන වෙන සංස්කෘතීන්වල මිනිස්සුන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ජීවිතේ සුන්දරත්වය කිසිදාක නොසොයපු තැන්වල සුන්දරත්වය දකින මිනිස්සු මට මුණගැහුනා. මම හැදී වැඩුනෙ හරිම කුඩා ඒකාකාරී සංස්කෘතියක් පැවතුනු එංගලන්තෙ නගරෙක. හරිම තදයි, සුදුයි, උද්දච්ඡයි. අනෙකාව සොයායාම ඇතුලෙ මට මගේ ප්‍රෝග්‍රෑම් එකේ අවුල්, මගේ සංස්කෘතික බද්ධ සිතීමේ අවුල්වලට උත්තර හොයාගන්න පුළුවන් වුනා. මට වඩා ගැලපෙන අලුත් ආකාර දකින්න පුළුවන් වුනා”

    ඩොසී එයාගෙ ලිංගිකත්වයන් ගැන කරපු නිර්භීත ගවේෂණයෙදි ලොකු අවදානම්වලට මුහුණ දුන්නා. ඒත් එයාට අනුව ඒ අවදානමට වඩා අත්දැකීම වටිනවා. අපි සමහර අයට වලත්තකම කියන එක අපේ අනන්‍යතාවයෙම කොටසක්. ඒ තමයි අපේ හැටි.

    විවෘත ලිංගික ජීවිතයෙන් අපිට ඉගෙන පුළුවන් වැදගත්ම දේ තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න පුළුවන් කියන එක. අපේ ලිංගිකත්වය මෙසේ විය යුතුයැයි අපිට උගන්නපු හැම දෙයක්ම ප්‍රශ්න කරමින් අපිට ඒ සියල්ල සංස්කරණය කරන්න හෝ අලුතින් ලියන්න පුළුවන්. පනවා ඇති සීමා බිඳින එකෙන් අපි නිදහස් වෙනවා වගේම තව ශක්තිමත් වෙනවා.

    ගේ -පිරිමි කියල වර්ගයක් ගැන මුලින්ම ඉගෙන ගත්ත කාලෙ කැත්රීන්ට තාම මතකයි.

    “මට අවුරුදු අටක් නවයක් විතර ඇති. හැබැයි ඒ කාලෙත් මට තේරුම් ගන්න පුළුවන් වුනා මට ඇහෙන දේවල්වල යටිපෙල කතාව. මේ මිනිස්සු මගේ සුවපහසු නාගරික පරිසරයට අයිති නැති පිරිසක්. අනික් හැමෝම ඒක වැරදියි කියද්දි මේ අය පිරිමි පිරිමි එක්ක සෙක්ස් කරනවා. ඒ ගොල්ලො කසාද බඳින්නෙ නෑ, එකම කෙනෙක් එක්ක විතරක් සෙකස් කරනවා කියල එකකුත් නෑ. ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලන්ගෙ වෙනම කණ්ඩායමක් හිටියා. ඒ ගොල්ලො තමයි එකට හිටියෙ. අනෙක් අය මේ අයට අකමැති නිසාම ඒ අය එකිනෙකා ගැන වඩා ආදරෙන් බලාගත්තා. මට එකපාරටම හිතුනෙ, මං වගේ මිනිස්සු පිරිසක් කියල. මට මං වලත්තියක් කියල තේරුම් ගන්න අවුරුදු විස්සක් ගියා. බයිසෙක්ෂුවල් කෙනෙක් කියල තේරුම් ගන්න තවත් අවුරුදු දහයක් ගියා. ඒත් ඒ හැමදෙයක්ම යටින් එක අදහසක් තිබුන. මම මගේ ගැඹුරුම තැනින් කියන දේ තේරුම් ගත්තා. ඒකට ප්‍රතිචාර දැක්වුවා”

    වලත්තියකගේ දැක්ම

    වලත්තියකගේ ඇසින් මේ හැමදෙයක්ම පේන්නෙ කොයි විදිහටද? අපි අපිව දකින්නෙ යහපත්කම් සහ වැරදි වගේම විවිධ වූ වෙනස් කම් සහිත තනි පුද්ගලයො විදිහට. අපි සෙකස් වලට කැමතියි. ඒ වගේම වෙනස් වෙනස් මිනිස්සුන්ට කැමතියි. අපි සෙක්ස්වල මලල ක්‍රීඩකයො නෙමෙයි. ඒත් අපි සාමාන්‍ය අයට වඩා සෙක්ස් කරන්න උනන්දු වෙනවා. හොඳ සෙක්ස් කියන්නෙ ලෝක වාර්තා තැබීමක් නෙමෙයි. අපිට සෙක්ස් වටින්නෙ ඒ සෙක්ස්වලින් අපිට ලැබෙන සතුටත්, ගොඩක් වෙනස් සුන්දර මිනිස්සු එක්ක අපිට ගත කරන්න ලැබෙන හොඳ කාලයත් නිසා. අපි කැමතියි ඇඩ්වෙන්චර්ස්වලට. සමහර වෙලාවට ඇඩ්වෙන්චර් කියන එකත් වරදක්. ඒකෙන් එක විදිහකට හිතෙනවා තාම පරිණත වෙලා නැති, විශ්වාස කරන්න බැරි, මොනොගමස් ජීවිතයක ස්ථාවර වෙන්න උවමනාවක් නැති කට්ටියක් කියන එක.
    මොකද්ද ඉතින් එහෙම ගවේෂනය කරන එකේ වැරැද්ද? අපිට ගවේෂනය කරන ගමන් ළමයි හදන්න බැරිද? ගෙවල් ගන්න, අපේ රස්සාවලින් ඉස්සරහට යන්න බැරිද? අනිවාර්යෙන්ම පුළුවන්. වලත්තියන්ට ලෝන් ගන්න පුළුවන් අනිත් හැමෝටම වගේ. අපි කැමතියි ජීවිතේ ටිකක් සංකීර්ණ විදිහට විඳින්න. එක පාර ගොඩක් දේවල් සිද්ද වෙන අපිව ඇදබැඳ ගන්නා ජීවිතයක ඉන්න.

    අපිට කාංසිය ඉවසන්න බෑ. අපිට තියෙන්නෙ ජීවිතයේ තියෙන හැමදෙයක්ම අත්දැකීමේ ආශාව. ඒ වගේම අපිට තියෙන දේ අනිත් අය එක්ක බෙදාගැනීමේ උවමනාව. අපි තමයි හැමෝම විඳින හොඳ අත්දැකීම් වෙන්නෙ.

  • ඔයා සේපියොසෙක්ෂුවල්ද?

    ඔයා සේපියොසෙක්ෂුවල්ද?

    සේපියොසෙක්ෂුවල් කියන්නෙ මේ දවස්වල ගොඩක් අය ඉතා කැමැත්තෙන් තමන්ව අඳුන්නලා දෙන සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක්. ඒ කියන්නෙ තමන්ගේ ලිංගික තෝරාගැනීම ගැන ලේබල් එකක්. සේපියෝ කියන ලතින් වචනෙ තේරුම වෙන්නෙ අවබෝධය නැත්තං බුද්ධිමත්භාවය. එතකොට සේපියොසෙක්ෂුවල් කියල කෙනෙක් කියන්නෙ තමන් අනුරාගී වෙන්නෙ, ඇවිස්සෙන්නෙ, තව කෙනෙකුගෙ පෙනුම, ස්වරූපය, ලිංගිකත්වය ආදී දේවල්වලට නෙමෙයි ඒ කෙනාගෙ බුද්ධිමත්බවටයි කියන එක.

    ඔයාට මාරි කියුරි ගැන හිතලා මාස්ටර්බේට් කරන්න පුළුවන් නම්, සිමොන්දි බොවා හීනෙන් දැකලා ප්‍රාණවත් වෙනවා නම්, ප්ලේටො මතක් කරද්දි වෙට් වෙනවා නම්, සෙක්සිම කෙනා කාන්ට් නම්, ජිජැක්, ග්‍රාමිස්චි, මෙයසු වගේ නම් ඇහෙද්දි ඉන්න බැරි නම්, ඔන්න ඔයාගෙ සේපියොසෙක්ෂුවල් ගතිලක්ෂණ පේනවා.

    සේපියොසෙක්ෂුවල්වරුන් කියන්නෙ තමන්ට කෙනෙකුගෙ යට කලිසම ඇතුලෙ වෙන දේට වඩා ඔලුව ඇතුලෙ වෙන දේ වැදගත් කියල.

    ඒ අය කැමතියි බරපතල දාර්ශනික සංවාදවලට කන්දෙන්න. දාර්ශනිකයන්ගෙ නම් ඇහුවම ඒ අයගෙ ලිංගික හැඟීම් ඇවිස්සෙනවා. හරියටම කිව්වොත් සේපියොසෙක්ෂුවල්වරුන්ට ෆෝර්ප්ලේ එකක් විදිහට කරන්නෙ දර්ශනය, විද්‍යාව වගේ බැරෑරුම් මාතෘකා ගැන කතා කරන එක.

    කොස්මොපොලිටන් සඟරාවක සේපියොසෙක්ෂුවල් කෙනෙක් ලියලා තිබුන එයාට රසායන විද්‍යාව ගැන කතා කරද්දි ඇඳේදි වල් කතා කියනවා වගේම ශෘංගාරය ඇවිස්සෙනවා කියල. මේකෙ අදහස බුද්ධිමත්බව සේපියොසෙක්ෂුවල්ස්ලට ෆෙටිෂ් එකක් – අර්චනකාමයක් විදිහට වැඩකරනවා කියන එක.

    මේ වචනෙ පාවිච්චියට එන්නෙ 1998දි. ලයිව්ජර්නල් කියන වෙබ් අඩවියෙ වුලිෆිබෝයි කියල කෙනෙක් තමයි මුලින්ම මේ වචනෙ එලියට දාන්නෙ. එයා කියන කතාව ටිකක් ඩිස්ක්‍රිමිනේටිව් එකක්.
    “මට පයිප්ප හදන එක ගැන උනන්දුවක් නෑ (අපි දන්නවා ගොඩක් පෝර්න්වල ගෙදර පයිප්ප හදන්න එන කෙනාට ගෙදර කාන්තාව ආකර්ශනය වෙනවා) මාව ඇවිස්සෙන්නෙ විචක්ෂණශීලී, කුතුහලයෙන් පිරුනු, අලුත් අදහස් තියෙන, පොදු සම්මතයන් මායිම් නොකරන වර්ගයේ අයටයි” කියල එයා ලියනවා.

    ඊට පස්සෙ මේ වචනෙ ජනප්‍රිය කරන්නෙ ඩේටින් ඇප්වලින්. තමන්ගෙ පාරිභෝගිකයා කුල්මත් කරනසුලු වර්ගීකරණයක් විදිහට මේ වචනෙ ඒ ඇප් හරහා වයිරසයක් වගේ පැතිරිලා යනවා.

    මැරලින් ෂිප්පා කියන ප්‍රංශ ඇමතිවරිය සම්මුඛ සාකච්ඡාවකදි මේ වචනෙන් එයාගෙ ලිංගික අනන්‍යතාවය සලකුණු කරනවා. ඒකත් එක්කම මේ වර්ගීකරණය පිටිපස්සෙ තියෙන පංතිමය, අනෙක් අය පහත් කරනසුලු, තමන් විශේෂ වනසුලු, අර්බුදකාරී ස්වරූපය සාකච්ඡාවට එනවා.

    ඔන්ලයින් තමන් සේපියො සෙක්ෂුවල්ද කියල හඳුනාගන්න තියෙන පරීක්ෂාවලදි පවා අහන්නෙ තව කෙනෙක් හෙළා දකින ප්‍රශ්න. එක තැනක අහනවා, මෝඩ අයව දැකීමෙන් ඔයාව ඉරිටේට් වෙනවද කියල. මේ විදිහට තව පිරිසක් මෝඩයි, ඇවරේජ් විදිහට සලකමින් තමන්ව බුද්ධිමත් ලෙස උලුප්පා දැක්වීමක් මේ වචනෙ පිටිපස්සෙ තියෙනවා.

    ඩේටින් ඇප් එකක තමන් සේපියොසෙක්ෂුවල් කියල දාගත්තම කෙනෙක් අනෙක් අය අතර තමන්ගේ සුවිශේෂී උසස්භාවය ලකුණු කරනවා. ඒ වගේම සේපියොසෙක්ෂුවල් කෙනෙකුට කැමති වීම ඇතුලෙ අනිත් අයත් ඒ උසස් වංශයට ඇතුල් වෙනවා.

    ප්‍රශ්නෙ තියෙන්නෙ බුද්ධිමත්භාවය කියන්නෙ මොකක්ද? අපි මෙතනදි අයිකිව් ලෙවල් එකෙන් වැඩි අය බුද්ධිමත් කියල ගන්නවද? එතකොට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක අදාල නැද්ද? වචන කතා කරන්න අපහසු නමුත් බුද්ධිමත් අය ඉන්න බැරිද? ස්ටී්‍රට් ස්මාර්ට් කියල හඳුන්වන සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දේවල් ගැන වටහාගැනීමෙන් ඉහල නමුත් අධ්‍යාපනය අතින් පහල අයට මොකද කරන්නෙ? දේවල් ගැන දැනගැනීම, ලොකු වචන සහ නම්වලින් කතා කිරීමද අපි බුද්ධිමත්බව මනින නිර්ණායකය වෙන්නෙ? නැත්තං අපි සමාජය බුද්ධිමත් කියල හඳුන්වන උගත්කම් වලින් මේක මනිනවද?

    මේ විදිහට සුවිශේෂ කාණ්ඩ කිරීම්වලට අපි යනවා නම් ලේඛකයන්ට අනුරාගයෙන් බැඳීම ස්ක්‍රිබොසෙක්ෂුවල්, නීතිඥයන්ට අනුරාගයෙන් බැඳීම ජුරොසෙක්ෂුවල් වගේ නම් කරන්න වෙයිද? ස්නුපි ඩොගි ඩොග් වගේ කංසාවලට අනුරාගී චරිතයක් ගත්තොත් එයා මරිවුවානාසෙක්ෂුවල් වෙනවද?

    රාමු ලොකු කණ්ණාඩි දාගෙන, දාර්ශනික බරකතා හරඹ කරන විලාසිතාකාරයන් පිරිසක් අතර සේපියොසෙක්ෂුවල් කියන අනන්‍යතාවය බෝවෙන්න පටන් ගන්නවා.

    ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් බුද්ධිමත්භාවයට ආශා කරනවා. පොදුවෙ බුද්ධිමත්බව සතු ආකර්ශනයක් තියෙනවා. ඒ වගේම මෝඩකම් රසවිඳින්න දන්න, ඒවායේ ගැඹුරක් දකින බුද්ධිමත් අයත් ඉන්නවා. බුද්ධිමත් බව ගැන මොකක් හරි අපැහැදිලි නිර්ණායකයක් මත පදනම් වෙලා සේපියොසෙක්ෂුවල් කියල තමන්ව හඳුන්වාගන්නා අයත් නැවත ගේ, ස්ටේ්‍රට්, බයි, හෝ ඒසෙක්ෂුවල් කියන කාණ්ඩයකට අයිති වෙනවා.

    දැන් අපි බලමු මේක සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක් විදිහට ගන්න එක විද්‍යාත්මක නොවෙන්නෙ ඇයි කියල. මෙතනදි අපිට සෙක්ස් කියන විෂයේ අධ්‍යයන කාරණා ටිකක් තේරුම්ගන්න වෙනවා. සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් ඒ කියන්නෙ ලිංගිකමය රුචිඅරුචිකම් සහ සෙක්ෂුවල් ඔරියන්ටේෂන්, ඒ කියන්නෙ ලිංගිකමය දිශානතිය කියන්නෙ දෙකක්.

    ලිංගිකමය රුචිඅරුචිකම් කියන්නෙ අපි කවුරු හරි ගැන අනුරාගී වෙන්න මූලික වෙන අපි ආශා කරන කාරණා. ඒවා අපිට ලැබෙන්නෙ අපේ ජීවිතේ අතීත අත්දැකීම් ඇතුලෙන්. ඒවා අලුත් වෙනවා. වෙනස් වෙනවා.

    ඒත් ඔරියන්ටේෂන් නැත්තං දිශානතිය කියන්නෙ එහෙම එකක් නෙමෙයි. ඒක සාපේක්ෂව ස්ථාවර එකක්. අපිට අපේ ලිංගිකත්වය ගැන දැනෙන විදිහයි ඒකට පදනම් වෙන්නෙ. අපේ ඔරියන්ටේෂන් එක අනුව අපි ලිංගික සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ වර්ණාවලියෙ නිශ්චිත ප්‍රදේශයක අයට ආකර්ශනය වෙනවා. එතනදි විෂම ලිංගික කියන්නෙ තමන්ගේ විරුද්ධ ලිංගික පාර්ශ්වයට ආකර්ශනය වීම. සමලිංගික කියන්නෙ තමන් හා සමාන ලිංගිකයන්ට ආකර්ශනය වීම. බයිසෙක්ෂුවල් කියන්නෙ පිරිමි හෝ ගැහැණු දෙපිරිසටම ඇතිවෙන ආකර්ශනය. පෑන්සෙක්ෂුවල් කියන්නෙ ලිංගභේදයක් නැතුව ඕනම කෙනෙකුට ලිංගිකව ආකර්ශනය වීම. ඒසෙක්ෂුවල් කියන්නෙ ලිංගික ආකර්ශනයක් ඇතිවෙන්නෙම නැති අය. මේ ඕනම වර්ගීකරණයක පැහැදිලි දෙයක් තමයි මේ හැම එකක්ම සෙක්ස් නැත්තං ලිංගිකය එක්ක සම්බන්ධයි කියන එක.

    ලිංගිකත්ව අධ්‍යයනවලදි අපි අංශ තුනක් ගැන කතා කරනවා. පළවෙනි එක සෙක්ස්. ඒ කියන්නෙ ජීව විද්‍යාත්මකව අපේ ලිංගික පිහිටීම. මේක ගැහැණු හෝ පිරිමි අතර එකක්. සෙක්ෂුවලිටි නැත්තං ලිංගිකත්වය කියන්නෙ අපේ ලිංගික ආකර්ශනය පවතින තැන, අපේ ලිංගික චර්යාව සහ අපේ ලිංගික අනන්‍යතාවය සම්බන්ධ කොටස. ඔරියන්ටේෂන් කියන්නෙ ලිංගිකව අපි කවුද කියන එක නම් සෙක්ෂුවලිටි කියන්නෙ අපි එහෙම වෙන්නෙ කොහොමද කියන එක. අපි විෂම ලිංගිකද, සමලිංගිකද, බයිසෙක්ෂුවල්ද කියන අපේ තෝරාගැනීම අපේ ලිංගිකත්වය සම්බන්ධ දෙයක්.

    තුන්වෙනුව ජෙන්ඩර් නැත්තං ස්ත්‍රීපුරුෂ සමාජභාවය කියන්නෙ සංස්කෘතිකමය කොටසට. මේක අපිට සමාජයෙන් ලැබෙන කොටස. මං ඉපදෙද්දි මං පිරිමි ළමයෙක් විදිහට ඉපදෙනවා නෙමෙයි. සමාජය මට පිරිමි ළමයෙක් කියන අනන්‍යතාවය දෙනවා. මම ඒක බාරගන්නවා. ඒකට කියනවා සිස්ජෙන්ඩර් කියල. ඒ වගේම සමාජයෙන් දෙන මේ ජෙන්ඩර් අයිඩෙන්ටිටිය බාරගැනීම ප්‍රතික්‍ෂේප කරන අය ඉන්නවා.

    මේ අංශ තුනම ගත්තත් අපිට පේනවා ඒවා අපේ බයොලොජිකල් සෙක්ස් එකත් එක්ක සම්බන්ධයි. ඒකට පක්ෂව හෝ විපක්ෂව මේ තුනම පිහිටන්නෙ ඒ මත. හැබැයි සේපියොසෙක්ෂුවල් වගේ එකක් එහෙම නෙමෙයි. ඒක අපේ ජීව විද්‍යාත්මක ලිංගිකය එක්ක සම්බන්ධයක් නෑ. ඇමරිකානු මනෝවිද්‍යා සංගමය වගේ විද්‍යාත්මක දේහයන් සේපියොසෙක්ෂුවල් වගේ අනන්‍යතාවයන් ලිංගික අනන්‍යතාවයන් හැටියට පිළිනොගන්නෙ මේ හින්දයි. මොකද ඒක සෙක්ස් සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඒක සෙක්ස්වල ප්‍රකාශනයකුත් නෙමෙයි.

    සේපියොසෙක්ෂුවල් අපිට තේරුම් ගන්න වෙන්නෙ සමාජ අනන්‍යතා කණ්ඩායමක් විදිහට. ඒක හරියටම අපි යූඇන්පී නැත්තං ජේවීපී වගේ දෙයක්. සේපියොසෙක්ෂුවල් කියන්නෙත් ස්මාර්ට්, කල්චර්ඩ්, යුනික්, ඒ වගේම පොෂ් කියන හැඟවුම්කාරක දනවන කාණ්ඩවීමක්.

    මේ විදිහෙ අනන්‍යතා අර්බුද ලිංගික අනන්‍යතාවයන් විදිහට මතුවීම ඒ ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතීන් සහ නිදහස වෙනුවෙන් කරන සටන්වලට අහිතකර බලපෑමක් ඇතිකරනවා. මේ ලිංගික අනන්‍යතාවයන් ගැන සටන් කරන්නෙ ඒක කෙනෙකුගෙ ජාතිය සම්බන්ධ ප්‍රශ්නයක් වගේම මූලික කාරණාවක් විදිහට අරගෙනයි. ස්ථාවර, වෙනස් නොවනසුලු අනන්‍යතාවයක් විදිහට සලකමිනුයි. ඒත් මේ විදිහෙ ඉතාම මතුපිට කාරණාවලින් ලිංගිකත්වය නිර්වචනය කිරීම ඒ ගැඹුරු මානුෂික සටන්වල බර හෑල්ලු කිරීමක් වෙනවා.

    සේපියොසෙක්ෂුවල් කියන එක තනිකරම ඉන්ටර්නෙට් එකෙන් හදපු ලිංගික අනන්‍යතාවයක්. පොත් බලනවා, බරසාර කතා කියනවා, සුපර් ස්මාර්ට් වෙනවා කියන්නෙ ලිංගික අනන්‍යතාවයක සළකුනු නෙමෙයි. ඒක විකල්ප සංස්කෘතියක්, ප්‍රවණතාවයක් විදිහට හොඳ එකක්. ඒත් ලිංගික අනන්‍යතාවයන් සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයන් සහ ජීව විද්‍යාඥයන් මැදිහත්වීමෙන් ඒ ගැන කරන නිශ්චය කිරීම වැදගත් වෙනවා.

    1976දි මිෂෙල් ෆුකො පලවෙනි පාරට කියනවා සෙක්ෂුවලිටි නැත්තං ලිංගිකත්වය කියන එක සමාජ නිර්මිතයක් කියල. ඒක ජීව විද්‍යාත්මක එකක් නෙමෙයි කියල. මේ අලුත් ලිංගිකත්වයන් නිර්මාණය වෙන්න පටන් ගන්නෙ එතන ඉඳන්. එදා ඉඳන් අපි එක දිගට අලුත් අලුත් ලිංගිකත්වයන් නිෂ්පාදනය කරනවා.

    ගයිනොසෙක්ෂුවල් – ඒ කියන්නෙ කාන්තාවන්ට ආකර්ශනය වීම. මෙතනදි තමන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන එක අදාල වෙන්නෙ නෑ.
    ඩෙමිසෙක්ෂුවල් – මේ අය ආකර්ශනය වෙන්නෙ හැඟීම්වලට. රූපයට හෝ ලිංගිකත්වයට නෙමෙයි. සේපියොසෙක්ෂුවල් වගේම ගොඩක් අය ආඩම්බරෙන් වැළඳගන්නා ලිංගිකත්වයක්.

    ඔබ්ජෙක්ටම්සෙක්ෂුවල් – මේස පුටු වාහන ආදී අජීවී වස්තු දැකීමෙන් ප්‍රාණවත් වීම.
    ඔටෝසෙක්ෂුවල් – වෙන කවුරුන් හෝ ලිංගික ක්‍රියාවේ යෙදෙනු බලා ස්වයං වින්දනය කිරීම.
    ඇන්ඩ්‍රොජිනොසෙක්ෂුවල් – ස්ත්‍රී හෝ පුරුෂ නොවන ඇන්ඩ්‍රොජිනස් පෙනුමට ලිංගිකව ආකර්ශනය වීම.
    ඇන්ඩ්‍රොසෙක්ෂුවල් – පුරුෂයන්ට ආකර්ශනය වීම. තමන්ගේ ස්ත්‍රී පුරුෂභාවය අදාල නැත.
    ග්‍රේසෙක්ෂුවල් – ඉඳහිට කාලයකට සැරයක් ලිංගික ආශාවන් ඇතිවීම.

    මේ විදිහට විවිධ ලේබල් නිර්මාණය කරන එකෙන් සිද්ද වෙන වටිනා දේවලුත් තියෙනවා. එකක් තමයි ඒ ලිංගික ආකර්ශනය පිළිබඳ සොයන්න පෙළඹෙන එක. භාෂාව කියන්නෙ හරි අමුතු උපකරණයක්. ඒක ඇතුලෙ වචනයක් නිර්මාණය වෙනවා කියන්නෙ ඒ විදිහෙ යතාර්ථයක් පවතින්න පටන් ගන්නවා කියන එක. ඉතින් මේ අලුත් වර්ගකිරීම් වලින් අපි ලිංගිකත්වය කියල දකින පරාසය විශාල වෙනවා. අලුත් සංකල්ප සහ චර්යාවන් නිර්මාණය වෙනවා.

    ඒ වගේම මේ අලුත් හඳුන්වාදීම් නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන එක සෙක්ස්වලින් කැඩෙනවා. සෙක්ස් නිදහසේ ඕනම ආකාරයකින් පවතින්න පුළුවන් දෙයක් වෙනවා. ඒක තවදුරටත් ශරීරය හෝ සමාජය විසින් පැනවූ සීමා ඇතුලෙ පවතින්නෙ නැති වෙනවා.

    අනිත් අතට මේක අපිට කියන්න පුළුවන් හයිපර්-ඉන්ඩිවිජුවලිටි එකකට යාමක් කියල. අපේ පුද්ගලිකභාවය ගැන අතිසියුම් බෙදීම් නිශ්චයන් සලකුණු කිරීමක් මෙතනදි වෙනවා. අපේ ආශාව අපි අලුතෙන් ඩිෆයින් කරගන්නවා.

    හැබැයි මේකෙ අනිත් පැත්තත් මේ විදිහටම සිද්ද වෙනවා. ඕනම ලේබල් එකකින් සීමා කිරීමකුත් ඇතිවෙනවා. සෙක්ස්වල තිබුනු ගලායාමේ හැකියාව පුංචි පුංචි කොටුවලට පටු කිරීමකුත් එතන තියෙනවා.
    ෆුකො මේ ගැන කියනවා. මේ විදිහෙ බුද්ධිමය නිර්වචන විසින් අනෙකාව පමණක් නෙමෙයි තමන්වත් නිශ්චිත නිර්වචනයකට අඩංගු කරගැනීමට බලකිරීමක් ඇති කරනවා කියල.

    ඕනම කෙනෙකුට ඩෙමිසෙක්ෂුවල්, සේපියොසෙක්ෂුවල් අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් මේ ලේබල් කිරීමෙන් ඒවා ස්ථාවර නිශ්චිත සීමා බවට පත් කරනවා.

    මේ විදිහට ආශාවන් තමන්ගේ ලිංගික අනන්‍යතාවයන් බවට පත්කරගැනීමේ ප්‍රවණතාවය 70-80 කාලෙදි ආරම්භ වෙනවා. බෙයාර්ස්ලා, ලෙදර් ඩැඩීස්ලා, බුච් ගැහැණු වගේ අනන්‍යතා කණ්ඩායම් ඒ කාලෙ හැදුන. එතනදි ඒ අයගේ ජීවන විලාසිතාව ලිංගික අනන්‍යතාවයක් විදිහට හුවා දක්වන්න උත්සාහ කළා. හැබැයි කුයර් මුමන්ට් ඒ කියන්නෙ අමුතු ලිංගිකයන් වෙනුවෙන් වූ ව්‍යාපාරය එක වෙලාවකදි සියලු ලිංගික අනන්‍යතාවයන් ප්‍රතික්‍ෂේප කළ යුතුයි කියන තැනට ආවා. තමන්ට බාහිරයට අවශ්‍ය පරිදි නිශ්චිත නොවී ජීවත් වීමේ අයිතියක් තියෙනවා කියන එකයි ඒ අයගෙ අදහස වුනේ. ඕනෑම වෙලාවක ඕනෑම ලිංගිකත්වයක් තමන්ට වියහැකි බව පිලිගැනීම ඒ උවමනාව පිටිපස්සෙ තිබුන. හැබැයි මේ වෙද්දි අපිට ඕන වෙලා තියෙන්නෙ වඩවඩාත් අපිව ඩිෆයින් කරගන්න. විශේෂ කරගන්න.

    අනෙක් අතට මේ විදිහෙ ටැග් කිරීම්වලින් තමයි අපි දකින ලෝකය විශාල වීම සිද්ද වෙන්නෙත්. කලින් කිව්වා වගේ හැම අලුත් වචනයක්ම අලුත් විශ්වයක් නිර්මාණය කරනවා.

    මිෂෙල් ෆුකො කියනවා, සෙක්ස් ඇත්ත කතා කරනවා කියල. සෙක්ස් අපි ගැන ඇත්ත අපිට කියනවා. නැත්තං අපි ඇත්ත කියල හිතන් ඉන්න දේ ගැන, අපි සවිඥානකයි කියල හිතන දේ ගැන ගැඹුරු ඇත්ත අපිට මුණගස්සනවා.

    ඒක හින්ද සෙක්ස් වලට බොරු කරන්න බෑ.

    සේපියොසෙක්ෂුවල් කියන වචනෙ තියෙන තමන්ව උදුම්මා ගැනීමේ සහ අනුන්ව පහත් කිරීමේ කැත ගතිය හින්දම මීට වඩා සොඳුරු සළකුණු කිරීමක්, ලේබලයක් නිර්මාණය වුනා. ඒ තමයි නොයෙටිසෙක්ෂුවල් කියන එක. ඒකෙ අදහස කෙනෙකුගෙ මයින්ඩ්ස්කේප් එකට ඒ කියන්නෙ එයාගෙ මනසේ තියෙන සුවිශේෂභාවයට අනුරාගී වීම කියන එක. එතනදි නිර්මාණාත්මකබව, හැඟීම්මය බව, මෝඩකම, හාස්‍යය සියලු දේ තියෙන්න පුළුවන්. අපි අනුරාගී වෙන්නෙ ඒ පුද්ගලයාගේ මනස් කලාපයට. ඒක බුද්ධිමත් වීම හෝ වෙනත් නිර්ණායකයකට යටත් වීම අවශ්‍ය නෑ. ඒ මනස ඇතුලෙ ටි්‍රප් කරන්න අපි ආසයි.

    ඉතින් සේපියෝසෙක්ෂුවල් කියල ආඩම්බරෙන් කියන්න කලින් ටිකක් හිතන්න.

  • ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

    ගැහැනු සුරතාන්තය ගැන ගැහැනු කියවීමක්

    Female Orgasm, ගැහැනු සුරතාන්තය කියන්නෙ වැඩිය කතාබහ වෙන්නෙ නැති මාතෘකාවක්. මේ ගැන වැඩිපුරම කතා කරනවා දැකලා තියෙන්නෙත් පිරිමි. ගැහැනු කතා කරන්නෙම නැති තරම්. ඒ තරම්ම ටැබූ මාතෘකාවක්. අම්මලා මට පීරියඩ්ස් හැදෙන් නෑ, මොකද කරන්නෙ කියන එකේ ඉඳන් පවුල් ප්‍රශ්න, ගර්භණී ප්‍රශ්න, මානසික ගැටළු මේ හැම අල බෝලෙම ගැන කතා කරන ladies group වලවත් ගැහැනුන්ගෙ ලිංගික සතුට ගැන කතා කරනවා මං දැකලා නෑ. ඒ ගෲප් වල ලිංගික සතුට ගැන කතා වෙනවා නම් වෙන්නෙ ආදරය, සෙනෙහස, පවුල, සම්බන්ධතා පවත්වාගෙන යාම කියන සමාජයට මතුපිටට පේන කාරණා ගැන ඇරෙන්න වෙන ගැඹුරු අර්ථයකින් ගැහැනිය මූල්කරගෙන හරි නෙමෙයි.

    ලිංගික සතුට ගත්තම පිරිමින්ට වඩා ගැහැනු ඉදිරියෙන් ඉන්න බව කෙනෙක්ට හිතෙන්න පුළුවන්.

    ඇත්තටම කිව්වොත් පර්යේෂණ වලින් පෙන්වා දෙන්නෙ ගැහැනු සුරතාන්තය අවම වශයෙන් අංශ පහකින් ජනනය කරන්න පුළුවන් කියලා. ක්ලිටරිස්, ජී-ස්පොට්, ගැබ්ගෙල, තනපුඩු හා (විශ්වාස කළත් නැතත්) කන් පෙති කියන අංශ වලින්. සමහර කාන්තාවන්ට ඔවුන්ගේ පරිකල්පනය විතරක් පාවිච්චි කරලා වුනත් සුරතාන්තයට යන්න පුළුවන්.

    සෙක්ස් වලදි මොළයේ ස්ථාන ආලෝකමත් වෙන විදිහ පිරිමින්ගෙත් ගැහැනුන්ගෙත් එක සමාන බවයි පර්යේෂකයන්ගේ මතය. ඒත් එතනදි එක පොඩි වෙනසක් තියෙන බව ඒ අය කියනවා. සුරතාන්තයෙන් පස්සෙ පිරිමි මොළය උත්තේජනයට අඩු ප්‍රතිචාරයක් දක්වන්නෙ. ඒත් කාන්තා මොළය දිගටම ප්‍රතිචාර දක්වනවා. කාන්තාවන්ට බහුවිධ සුරතාන්ත (multiple orgasms) කරා යන්න පුළුවන් හැකියාව තියෙනවා. පිරිමින්ට නැවත සුරතාන්තයකට යන්න විවේකයක් අවශ්‍ය වෙනව.

    දැන් හිතන්න මෙච්චර වාසි තියෙද්දි ගැහැනු පිරිමින්ට වඩා අඩුවෙන් සුරතාන්තයට ළං වෙන්නෙ ඇයි කියල. විශේෂයෙන්ම විෂම ලිංගික කාන්තාවො. female orgasm ඇයි මෙච්චර සංකීර්ණ වෙන්නෙ කියල. අපේ පවුල් වල, වැඩ කරන තැන්වල ගැහැනු ඒ මොකක්ද කියලවත් සමහරවිට දන්නෙ නැත්තෙ ඇයි කියල. ගැහැනියගෙන් ගැහැනියට ඒක වෙනස් වෙන්නෙ ව්‍යාකූල වෙන්නෙ ඇයි කියල. ගැහැනියක් සතුටු කරන්න අමාරු වෙන්නෙ හරි තවත් වෙලාවකදී ගැහැනියක් ඒක fake කරන්නෙ හරි ඇයි කියල. ගැහැනුන්ට රිලැක්ස් වෙන්න ඕනෙ. මූඩ් එක හරියන්න ඕනෙ. අවධානය එක තැනකට ගන්න ඕනේ. (focused attention). මොළයෙ තාවකාලික අක්‍රිය වීමක් වෙන්න ඕනෙ (zone out). උත්තේජනයන් හරියට සිද්ද වෙන්න ඕනෙ. රිද්මය තියෙන්න ඕනෙ. මේ හැමදේම පිරිමි සුරතාන්තයටත් ඕන වෙන්න පුළුවන්. ඒත් female orgasm වලදි ඒක තව ලෙවල් එකක් ඉස්සරහට යන්න වෙනවා, සංකීර්ණ වෙනවා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    ගැහැනියක් සතුටු කරන්න පිරිමියෙකුට pornographic skills ඕනෙ වෙන්නෙ නෑ. foreplay නැත්නම් outercourse වලට වැඩි කාලයක් ගත කරන එක, ඔවුන්ගේ වඩා උත්තේජනය වෙන ප්‍රදේශ දැනගෙන ඉන්න එක, orgasm trigger කරන හොඳම ලිංගික ඉරියව් තේරුම් ගැනීම වගේ පොඩි පොඩි රිසර්ඩ් ටිකක් කරා නම් ඇති. මේක ගැහැනියකගෙන් ගැහැනියට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට foreplay වල ලොකු උවමනාවක් හැම වෙලාවකම දැනෙන්නෙ නෑ. ඒත් තව කෙනෙකුට foreplay නැතුව සෙක්ස් වලට ඔළුව හදාගන්න බැරි වෙන්න පුළුවන්. තව කෙනෙක් මෘදු විදිහට කැමති වෙන්න පුළුවන් වගේම තවත් කෙනෙක් රළු විදිහට. ඔය ඔක්කොමටම කැමති අයත් ඉන්න පුළුවන්. තවත් දෙයක්. සමහර ගැහැනුන්ට සුරතාන්තය කියන්නෙ release කියන එකම නෙමෙයි වෙන්නත් පුළුවන්. සෙක්ස් වලදි climax දක්වා යන මාවතේ high pleasure state එක නැත්නම් edging ඔවුන්ට සුරතාන්තය විදිහට විනෝදකාමී වෙන්න පුළුවන්. ඒ කැමති අකමැති කම් එක් එක් අවස්ථා අනුව වෙනස් වෙන්න පුළුවන්.
    ඒ වගේම සරළ කාරණා කීපයක් ගත්තොත් ශිෂ්නය ඇතුල් කිරීමෙන් (penetration) පමණක් සුරතාන්තයට යන්න ගොඩක් ගැහැනු අයට බෑ. climax එකට යන්න ක්ලිටොරිස් උත්තේජනය (clitoral stimulation) ගොඩක් දෙනාට ඕන වෙනවා. තවත් සමහරුන්ට ඊට වඩා යමක් ඕන වෙනවා. ශිෂ්නය ඇතුල් කිරීමෙන් විතරක් ගැහැනු සුරතාන්තය වෙනවා කියන සාම්ප්‍රදායික මුල් බැහැගත් මතය නිසා තමන්ට එසේ නොවීම තමන්ගෙ වරදක් යැයි සිතමින් ගැහැනියක් orgasm එක ෆේක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ගැහැනුන්ට සෙක්ස් කියන දේ ඔළුව ඇතුලෙ වෙන දෙයක්.

    ඒ කොහොම වෙතත් ගැහැනු සුරතාන්තය කියන්නෙ මැජික් එකක් නෙමෙයි. තවමත් ඒ ගැන පර්යේෂණ කරමින් තිබුණත් විද්වතුන් එකඟ වෙන කාරණය නම් සුරතාන්තයට වඩා ඊට පෙර වෙන දේ, ඒ කියන්නෙ ඒ කරා යන මාර්ගය එහිදි වැදගත් බවයි.

    ඉතිං තමන් එක්ක ඉන්න ගැහැණියව තේරුම් ගන්න. අනිත් පැත්තෙන් තමන්ගේ පිරිමියාව තේරුම් ගන්න. කැමති අකමැති දේ අතර සම්මුතියකට එන්න. ඒකට සන්නිවේදනය වැදගත් වෙනවා. උත්සාහ කරන්න වෙනවා. සිත් රිදීම්, වැරදීම් එක්ක ෆේල් වෙන්න සිද්ද වෙනවා. එහෙම කරලා සම්මුතියකට එන්න බැරි නම් හොඳම දේ දුක් විඳින්නෙ නැතුව තමන්ගෙ සතුට හොයාගෙන විසිර යන එකයි.


    මාලි හෙට්ටිආරච්චි

  • පුරුෂ ලිංගයේ කතාව – Sexology (Part 3)

    පුරුෂ ලිංගයේ කතාව – Sexology (Part 3)

    ගැහැණු ලිංගික පද්ධතිය වගේ නෙමෙයි පිරිමි ලිංගික පද්ධතියෙ බොහෝ කොටස් පිටතට දකින්න පුළුවන්. මේ නිසාම නිතර ස්පර්ශ කිරීමෙන්, අත්හදා බැලීමෙන් මේ ගැන දැනීමක් පිරිමින්ට තියෙනවා. ලිංගික ප්‍රදේශ ගැන පිරිමි ගැහැණු ඇටිටියුඩ් එක වෙනස් වෙන්නත් මේ දකින්න තිබීම සහ දකින්න නැති වීම බලපානවා.

    මොනවද පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ තියෙන්නෙ?

    පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ කොටස් කීපයක් තියෙනවා. ශිෂ්නය, වෘෂණකෝෂ (වල්ල), වෘෂණ (ඇටදෙක), එෆිඩිඩමස්, වාස් ඩෙෆරන්ස්, ප්‍රොස්ටේට් සහ සෙමිනල් වෙසිකල්ස් කියල මේ කොටස් අපිට නම් කරන්න පුළුවන්.
    පිරිමින්ගේ ශිෂ්නය සහ යුරේත්‍රාව මුත්‍රා කිරීමටත් සහ ලිංගික ක්‍රියාවටත් දෙකටම අයිතියි.

    අපිට අතට අහුවෙන ශිෂ්නය කොටස් තුනක් විදිහට දකින්න පුළුවන්. යටිබඩට සවිවී ඇති මූලය කොටස (මේක පිටතට නොපෙනෙන ඇතුළත උකුල් ඇටයට සවිවන කොටසක්), දෙවනුව කඳ කොටස සහ තුන්වෙනුව අපි ටොපා කියල හඳුන්වන ශිෂ්න මුන්ඩය. ශුක්‍රානු සහ මුත්‍රා දෙකම ප්‍රවාහනය කරන යුරේත්‍රා විවරය ශිෂ්නය මුන්ඩය කෙලවරේ තියෙනවා. ශිෂ්න මුන්ඩයේ පාදමට නැත්තං අර හත්තක් වගේ ලස්සනට වෙන්වෙලා හැදෙන කර ප්‍රදේශයට කියනවා කොරොනා කියල. චර්මඡේදනය නොකළ කෙනෙකුගේ කොරොනාව සහ ශිෂ්න මුණ්ඩය වැසෙන්න පෙරසමක් පවතිනවා.

    මේ ශිෂ්නය ඇතුලෙ තියෙනවා සිලින්ඩරාකාර අවකාශ තුනක්. ලොකු දෙකට අපි කියනවා කොපෝරා කැවර්නොසා කියල. මේ දෙක දෙපැත්තෙ තියෙන්නෙ. තුන්වෙනි එක කෝපස් ස්පොන්ජියොසම් තියෙන්නෙ යුරේත්‍රාව වටේට. මේ අවකාශයන් තුනට රුධිරය පිරුනාම ශිෂ්නය ප්‍රාණවත් වෙනවා. විශාල වෙනවා. නම් කියවද්දි කට පැටලුනාට පිංතූරයෙන් තියෙන තැන් ටික බලාගත්තම ඇති.

    ස්ක්‍රොටම් කියන්නෙ අපි සාමාන්‍ය ව්‍යවහාරයෙන් වල්ල කියන එකට. වෘෂණ ආවරණය කරමින් තියෙන වෘෂණ කෝෂවලට. මේක පිහිටලා තියෙන්නෙම ශුක්‍රානුවලට අවශ්‍ය තරමට උෂ්ණත්වය රඳවාගන්න. ඒ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට වඩා තරමක් අඩුයි. ඒකයි ඒවා එලියෙන් තියෙන්නෙ. සීතල පලාතකට ගියාම මේවා ශරීරය ළඟට ඇකිලෙනවා. උෂ්ණත්වය ලබාගන්න කිට්ටු වෙනවා. උණුසුම් පළාතකට ගියාම නිදහසේ පහලට එල්ලා වැටෙනවා. මේ වෘෂණ කෝෂවල බිත්තියේ ඇති පේශීන්ගෙන් මේවා ඉහළ පහළ යාම පාලනය කරනවා.

    වෘෂණ කෝෂ කියන්නෙ අපි ඇට දෙක කියන එකට. මේවා ඕවලාකාර අඟල් 1.5-3ක් පමණ ලොකු කොටස්. ප්‍රමාණයෙන් තේ හැඳි දෙකක් විතර. සාමාන්‍යයෙන් වම් ඇටය තියෙන්නෙ දකුණු එකට වඩා පහළින්. මේවාට පැවරිලා තියෙනවා ප්‍රධාන වැඩ දෙකක්.

    එකක් තමයි ශුක්‍රාණු නිෂ්පාදනය කරන එක. අනික ප්‍රධානම පුරුෂ ලිංගික හෝමෝනය වන ටෙස්ටස්ටරොන් නිෂ්පාදනය කරන එක. පිරිමියෙකුගේ වැඩිවිය පත්වීමේ ඉඳන් ලිංගික වර්ධනයට ටෙස්ටස්ටරොන් මූලික වෙනවා.
    එෆිඩිඩමස් කියන කොටස අඩි 20ක් විතර දිග දඟර ගැහැණු ක්ෂුද්‍ර නලයක්. එෆිඩිඩමස් වලින් කරන්නෙ වෘෂණවලින් ශුක්‍රානු එකතු කරගෙන ඒවා පරිණත වෙලා, ස්ත්‍රී ප්‍රජනන මාර්ගය හරහා ගමන් කිරීමේ හැකියාව ලබන තුරු ආරක්ෂා කරන එක. එෆිඩිඩමස් පිහිටන්නෙ එක එක වෘෂනයේ පිටුපසට වෙන්නයි.

    ‘වාස් ඩෙෆරන්ස්’ කියන්නෙ එෆිඩිඩමස් වල ඉඳන් ශුක්‍රානු අරගෙන යන නූඩ්ල් එකක් වගේ නලයකට. මේ දෙක ගිහින් ප්‍රොස්ටේට් ග්‍රන්ථිය පිටිපස්සෙ තියෙන ‘සෙමිනල් වෙසිකල්ස්’ කියල හඳුන්වන කොටසට සම්බන්ධ වෙනවා. මේවා දෙකක් තියෙනවා. ඒ වගේම වෘෂණ කෝෂවල තියෙන මාංශ තන්තු, රුධිර නාල සහ ස්නායු ආදියත් ‘වාස් ඩෙෆරන්ස් සමග බැඳී ශුක්‍රමය- රැහැනක් නිර්මාණය කරමින් ගමන් කරනවා.

    පිරිමි යුරේත්‍රාව වැඩ දෙකක් කරනවා. එකක් මුත්‍රාශයේ සිට මුත්‍රා පිටකිරීම. අනෙක මෝචනය වන ශුක්‍රානු රැගෙන යාම.

    ප්‍රොස්ටේට් ග්‍රන්ථිය තියෙන්නෙ මුත්‍රාශයට යටින්. ඒක යුරේත්‍රාව වටේට පිහිටනවා. මේකෙ සයිස් එක වෝල්නට් ගෙඩියක තරම්. වයස්ගත වෙද්දි ප්‍රොස්ටේට් එක විශාල වෙන්න ගන්නවා. මේක ඕනවට වඩා විශාල වුනොත් මුත්‍රා මාර්ගය අවහිර වෙන්න ඉඩ තියෙනවා. ප්‍රොස්ටේට් එකට උඩින් තියෙන ‘සෙමිනල් වෙසිකල්ස්’ සහ ‘වාස් ඩෙෆරන්ස්’ එකතු වෙමින් ශුක්‍ර මෝචනය කරන ප්‍රනාලයන් නිර්මාණය කරනවා. මේ ප්‍රනාල ප්‍රොස්ටේට් එක ඇතුලෙන් ගමන් කරනවා. ප්‍රොස්ටේට් එකෙන් සහ සෙමිනල් වෙසිකල්ස් වලින් ශුක්‍රානු පෝෂණය කරන දියරයක් නිපදවෙනවා. ශූක්‍රානුවල වැඩිහරියක් තියෙන්නෙ මේ දියරය. ඒ වගේම ‘වාස් ඩෙෆරන්ස්’ සහ යුරේත්‍රාවේ ඇති කව්පර් ග්‍රන්ථි කියන කොටසෙනුත් තවත් දියරයක් ඉතා සුළු ප්‍රමාණයක් ශුක්‍රානුවලට එකතු වෙනවා.

    ශිෂ්නය ගැන දැනගන්න.

    1. ශිෂ්නයේ හැඩය නිසියාකාරව තියාගන්න නම් නිතර ප්‍රාණවත් වීම අවශ්‍යයි. වෛද්‍යවරු කියන්නෙ මේක අභ්‍යාසයක් විදිහට කරන්න කියල. ශිෂ්නයේ පවතින මෘදු මාංශපේශී වරින්වර රුධිරයෙන් පිරිලා ක්‍රියාකාරී වෙන්න ඕනකmරනවා. දවසෙම ප්‍රාණවත් වීමක් නැති අයට මේ වෙනුවෙන් මොළයේ ඉන්බිල්ට් ෆන්ක්ෂන් එකක් තියෙනවා. නින්දේදී සිහින දකින අවධියේදී මේක ක්‍රියාත්මක වෙනවා. ඔයා සෙක්සි හීනයක් දකිනවද නැත්තං සොම්බි විනාසයක් දකිනවද කියන එක අදාල නෑ, ශිෂ්නය ප්‍රාණවත් වෙනවා.

    ඒත් සමහර අයට දියවැඩියාව හෝ මුහුණ දුන් ඛේදජනක අත්දැකීමක් නිසා ශිෂ්නය ප්‍රාණවත් නොවෙන්න පුළුවන්. ඒ අය මේ ප්‍රාණවත් වීම ඇති කරන්න කටයුතු නොකළොත් ශිෂ්නය එන්න එන්න කුඩාවීමට පටන් ගන්නවා. මේ පේශීන් හැකිලී යාම නිසා සෙමි කීපයක් ශිෂ්නය කුඩාවෙන්න පුළුවන්.

    1. ශිෂ්නය අප්‍රානිකව ඇතිවිට ප්‍රමාණය සහ ප්‍රාණවත් වූ පසු ප්‍රමාණය අතර සම්බන්ධයක් නෑ. අපිට හිතෙන්නෙ බැස්සම මෙච්චර නං නැග්ගම කොච්චර ඇද්ද කියලනෙ. ඒත් මේක හිතලුවක්. එක එක අයගෙ එක එක ප්‍රමාණවලින් විශාලවීම සිද්ද වෙනවා. අප්‍රාණිකව ඉතා කුඩාවට ඇති ශිෂ්නයක් ප්‍රාණවත් වීමේදී විශාල වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. ඇල්ෆ්‍රඩ් කින්සි දාහක විතර පිරිසක් එක්ක කරපු පර්යේෂණයක් අනුව අප්‍රාණික විට කුඩා ශිෂ්නයන් අප්‍රාණික විට දිග ශිෂ්නයන්ට වඩා දෙගුනයක් විතර දික්වෙනවා. කින්සි දැකපු විදිහට 12%ක් විතර ශිෂ්නයන් තුනෙන් එකක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයකට දික්වුනා. 7%ක් විතර දෙගුනයකින් දික්වුනා. බහුතරයක් ශිෂ්නයන් සාමාන්‍ය මට්ටමක පැවතුනා.

    2. බොහොමයක් පිරිමින්ගේ වඩාත්ම තෘප්තියක් ලබාදෙන ප්‍රදේශය පිහිටන්නේ ශිෂ්න මුන්ඩයට යටින්. මුලු ශරීරයම යොදාගෙන කළ පර්යේෂණවලින් පැහැදිලි වුනේ ශිෂ්න මුණ්ඩයට පහල කොටස වඩාත් තෘප්තිදායක වන අතර ඊළඟට මුණ්ඩයේ ඉහල සහ දෙපැත්ත තෘප්තිය අතින් පෙරටුව පිහිටන බවයි.

    3. වයසත් එක්ක ශිෂ්නයේ සංවේදීබව අඩුවෙනවා. මේක නිශ්චිතවම මෙපමණකින් කියල කියන්න බෑ. නමුත් අවුරුදු 25 පටන් මේ අඩුවීම ආරම්භ වෙනවා. වඩාත්ම සංවේදීබව අඩුවෙන්නෙ අවුරුදු 65-70 අතර. ඒත් මේ තත්වය කිසි කෙනෙක් හඳුනාගන්නෙ නෑ. ඉතාම අඩු පැමිනිල්ලක් විදිහට තමයි මේක ගැන සඳහන් වෙන්නෙ.

    4. වයිබ්‍රේටර්ස් තියෙන්නෙ කාන්තාවන්ට පමණක් නෙමෙයි. විශේෂයෙන් කොඳු නාරටියෙ ආබාධ ඇති පිරිමින්ට ලිංගික තෘප්තිය ලබාදෙන්න වයිබ්‍රේටර්ස් පාවිච්චි කරනවා. වයිබ්‍රේටර් එක ශිෂ්න මුන්ඩයට තද කිරීමෙන් ඕනෑම කෙනෙකුට මේ ආස්වාදය ලබන්න පුළුවන්. ඒකෙ තියෙන ස්නායු උත්තේජනය කිරීමේ විශේෂ ක්‍රමය නිසා මේ ආස්වාදය අපි හිතනවාට වඩා වැඩියි කියලයි කියන්නෙ.

    5. අපිට ඇහැට පේනවට වඩා අපේ ශිෂ්නය දිගයි. ඒකෙ කොටසක් තියෙන්නෙ අපේ ශරීරය ඇතුලෙයි. හරියටම ගහක පස් යට තියෙන කොටස වගේ. MRI එකකින් පේන විදිහට ප්‍රාණවත් පුරුෂ ලිංගයක් හරියට බූමරංගයක් වගේ.

    6. ඒ වගේම පුරුෂ ලිංගයේ පෙරසම කොටස බැක්ටීරියාවලට ජනාවාසයක් කියලයි කියන්නෙ. මේ පෙරසම ඉවත් කළ අය සහ පෙරසම ඇති අය යොදාගෙන කළ පර්යේෂණවලදී පෙරසම ඉවත් කළ අයගේ බැක්ටීරියා බෙහෙවින් අඩු බව පෙනී ගියා. ඒ වගේම පෙරසම ඉවත් කිරීමෙන් එච්අයිවී සහ ලිංගික රෝග බෝවීම 60%ක් පමණ අඩුවන බවත් දකින්න තියෙනවා. ඒකට හේතුව විදිහට කියන්නෙත් මේ බැක්ටිරීයා මගින් ඒ රෝග බෝවීමේ අවදානම වැඩි කරන බවක්. ශිෂ්න පිළිකා ඇතිවීමේ අවදානමත් පෙරසම ඉවත් කිරීමෙන් අඩුවෙනවා. ඒක නිසා ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරලා පෙරසම ඉවත් කිරීමත් නරක අදහසක් නෙමෙයි.