Tag: featured

  • ඩයනා බය වුනේ කාටද?

    ඩයනා බය වුනේ කාටද?

    ඩයනා ගමගේ කංසා සම්බන්ධයෙන් ඉතාම ප්‍රගතිශීලී මැදිහත්වීමක් කරන කෙනෙක්. ඒ වගේම කාන්තාවක් විදිහට බය නැතුව මේ අදහස් මතු කරන එක විශේෂයෙන්ම අගය කරන්න ඕන. නමුත් ඩයනාගේ මේ පෙනී සිටීම් ගැන අපට මුල පටන් තිබුණු ප්‍රශ්නය වුනේ ඇය මේ කියන විවෘත නිදහස් සංස්කෘතිය සැබවින්ම දරනවාද කියන එකයි. කංසා නීතිගත කිරීම ලංකාවට ඉතාම අවශ්‍ය සාධනීය පියවරක් බව තරයේම විශ්වාස කරන අතර එවන් යෝජනාවක් ඉදිරිපත් කරන කාන්තාවක් හැටියට ඩයනා තවමත් පැරණි පුහු සදාචාරවාදී සංස්කෘතියම කරපින්නාගත් කෙනෙක් වීම අවාසනාවක් බවත් අපි විශ්වාස කරනවා.

    මේ ආකාරයෙන් ප්‍රගතිශීලී ඩයනාගේ සැඟවුනු කුහක සදාචාරය එලියට පැන්නේ මෑතක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි. එතනදි ඇයට කවුරුන් හෝ විසින් ඇය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා කළා යැයි චෝදනා කිරීමක් සම්බන්ධයෙන් කරුණු පළ කරනවා. ඩයනා කියන්නෙ තමන් කිසිසේත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය බවක් නොකී බවයි. සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ ප්‍රකාශය අපද දැක තිබුනු අතර එය ඩයනාගේ තවත් බය නැති පියවරක් හැටියෙන් විවිධ තැන්වල අගයන්නටද පසුබට වුනේ නෑ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මේ රටේ සෞඛ්‍යාරක්ෂාව සහ මිනිස් ආරක්ෂාව යන අංශ දෙකෙන්ම වැදගත් කාරණයක්. එමගින් ගණිකා වෘත්තිය නියාමනය කිරීමට හැකිවන අතරම සමාජ බෝවීමේ අවදානම අවම කරන ක්‍රියාවලීන් නීත්‍යානුකූලව ක්‍රියාවට නැගීමට හැකිවෙනවා. ඒ වගේම විවිධ කාරණා නිසා ලොව පැරණිතම වෘත්තියක් වන ගණිකා වෘත්තියට යොමුවන කාන්තාවන්ට නීතිමය ආකාරයෙන් ආරක්ෂාව සැලසිය හැකි වෙනවා. එමෙන්ම ඔවුන්ව ඇසුරු කරන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවටත් ඒක හේතු වෙනවා. එය ලංකාවේ රජයක් විසින් ක්‍රියාවට නැංවිය හැකි මානුෂිකම වෙනස්කම හැටියෙන් අපි විශ්වාස කරනවා.

    ඒ වගේම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මේක ආර්තික ව‍ශයෙන් බලපානවා. ඕනම රටකට ගිය කෙනෙක් ඒ රටට ආවේණික ආහාර මෙන්ම ලිංගිකත්වය රසය විඳිය යුතු බවයි අපේ විශ්වාසය. රටක් විඳිනවා කියන්නෙ එබඳු ඉන්ද්‍රියමය විඳීමකට. තායිලන්තයට ගිය කෙනෙක් දන්නවා මේ ලිංගික නිදහස කොයිතරම් ආකර්ශනීයද කියන වග. පාරාදීසය යැයි විරුදාවලී ලත් අපේ රට පාරාදීසයකට අවශ්‍යම වූ මත්වීමේ සහ ලිංගිකව හැසිරීමේ නිදහසින් සීමා වී තිබීම ඇත්තටම ඛේදජනකයි.

    ඒත් ඩයනා කියන්නේ තමන් එවැන්නක් නොකී බවයි. තමා පැවසුවේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් පිළිපැදිය යුතු නීති ගැන බවයි. වක්‍රාකාරයෙන් ඇය සමාජයට කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් ඇය පෙනී නොසිටින බවයි. කංසා නීතිගත කරන්න බය නැති ඩයනා ගණිකා වෘත්තිය නීතිගත කරන්න බය වෙන්නෙ ඇයි?

    ඒක තමයි අපේ මුග්ධ වූ සදාචාරයේ ස්වරූපය. එක විටෙක මහා ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අය තවත් විටෙක ඊට සමාන්තරවම මේ මුග්ධ සදාචාරය රකින්නට පෙනී ඉන්නවා. එයින් බයට පත්වෙනවා. අපවාදයෙන් සැලෙනවා. ගැහැණියක් විදිහට මිනිස් නිදහස පිළිබඳ ගැඹුරු අදහසකින් මේ ඩයනා කංසා වෙනුවෙන් පෙනී සිටියා නම් එයා මෙහෙම කතාවක් කියයි.
    ‘ඔව් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන තමයි. ඒත් මං එහෙම දෙයක් ප්‍රකාශ නොකළ වග කියන්න ඕන. කවුරු හරි ඒ වෙනුවෙන් සටන් කරනවා නම් ඒ කාන්තාවන් වෙනුවෙන් මං ඒ සටනට සහයෝගය දෙනවා’’

    ඒත් ඩයනා මේ චෝදනාවෙන් කෝපයට පත්වෙනවා. එයා අපි නොදන්නා කවුරුන් හෝ තවත් කාන්තාවන් පිරිසකට බැන වදිනවා. ඒ බැනවැදීම ඇතුලෙ ඇගේ අතිශය නොදියුණු සංස්කෘතික කලාපයක් එලියට පනිනවා. ‘කොළඹ හතේ නෝනලා…’ කියමින් බැන වැදීම ආරම්භ කරන ඇය කියන්නේ මේ නෝනලා විසින් යතුරු පාර්ටි දමන බවයි. පළමුවෙන්ම ඇය කාන්තාවක් විදිහට තවත් කාන්තාවකගේ හෝ පිරිසකගේ ලිංගික කාරණයක් ඉදිරියට දමමින් ඔවුන්ගේ සදාචාරය ප්‍රශ්න කරනවා. එය කාන්තාවක් හැටියට ඉතා පහත් ක්‍රියාවක්. ඒ වගේම කවුරුන් හෝ යතුරු පාර්ටි දැමීම අපකීර්තියක් වෙන්නෙ කොහොමද? යතුරු පාර්ටි හෙවත් කී පාර්ටීස් හැටියෙන් හඳුන්වන ස්වින්ගින් සාද ( පෙම්වතුන් පෙම්වතියන් ජෝඩු වශයෙන් මාරු වෙමින් අනුරාගය විඳින සාදයන්) ඉතා දියුණු සංස්කෘතියක්. තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් සමග හාද වුනා යැයි කියමින් මිනි මරාගන්නා සමාජයකට විවෘත ආදරයක රසයක් එකතු කිරීමක්. ඩයනා මෙතනදී කරන්නේ ඒක අපවාදයක් හැටියෙන් ඉලක්ක කිරීමයි. එතනදි නිරුවත් වෙන්නෙ සාද පැවැත්වූ අය නෙමෙයි ඩයනාගේ නොදියුණුකමයි.

    ඒ වගේම කොළඹ හතේ යැයි කියමින් මේ ආඩපාලිය මතුකිරීම හරහා ඇගේ අවලස්සන පංති හීනමානයක්ද ඉස්සරහට පනින වග කියන්න ඕන. නොදියුණු, කුහක සංස්කෘතියක් දරමින් කංසා නිදහස වෙනුවෙන් ඇය පෙනී සිටින විට කංසා සංස්කෘතිය ගැන ඩයනා දන්නේ මොනවාදැයි හිතෙන එක වරදක් නෙමෙයි.

    මළ කඳන් එකට ගැටගැසූ පරිද්දෙන් ගතවන බහුතර ගැහැණු පිරිමි සම්බන්ධතාවලට වඩා කී-පාර්ටි පෙම්වතුන් ජීවිතය රස විඳින්නෝයි. ඒ අය අලුත් අත්දැකීම් සොයා යන්නෝයි. සමාජයෙන් පැනවූ සදාචාර නීති නොතකා තමන්ගේම ශෘංගාර සංස්කෘතියක් තනාගත්තෝයි.

    කංසා නිදහස අයිති ඒ වගේ මිනිස්සුන්ට. නම ලන්ඩන් වුනාට හැම ඩයනා තාම වැඩවසම්ය.

  • ගහන්න ගහන්න ආදරෙයි

    ගහන්න ගහන්න ආදරෙයි

    ළගදි දවසක අවුරුදු 24ක විතර කෙල්ලෙක් මට කතා කළා. එයා හිටියෙ ගොඩක් අවුලෙන්. කොයිතරම් අවුලෙන්ද කිව්වොත් ඒ අවුල මාවත් අවුල් කළා.

    එයා කසාද බැඳලා දවස් කීපයයි. බැඳපු දවසට පහුවෙනිදා එයාව සැමියා විසින් නැවත ගෙදර ගිහින් බස්සනවා. එයා එක්ක ඉන්න බෑ කියනවා. මට කතා කරද්දිත් මේ තරුණිය විශ්වාස කලේ තමන්ගේ යම් වරදක් තියෙනවා කියල. ගෙදර අයට සිද්ද වුනු අවනම්බුවත්, තමන් ගැන දැනෙන වටිනාකමක් නැති හැගීමත් නිසා එයා කීප විදිහකින්ම දිවි නසාගන්න උත්සාහ කරනවා. මට කතා කලේ උදව් ගන්න පුළුවන් තැනක් දැනගන්න.

    මෙතන වරද තමන්ට ඉන්න බැරි කෙනෙකුගෙන් පිරිමියා වෙන්වීම නෙමෙයි. ඒ වෙන්වීම සඳහා සමාජයේ පවතින කාන්තාවට එරෙහි නොදියුණු සංස්කෘතික බලයක් පාවිච්චි කිරීම. ඇයව අපවාදයට, අපහාසයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කිරීම. ඕනම ප්‍රශ්නයක් විසඳගන්න මනුස්ස විදිහක් තියෙනවා.

    මේක සමාජ සංස්කෘතියක් ඇතුලෙන් කාන්තාවකට කරන හිංසනයක්. අන්තිමට තමන් සියල්ලට වරදකාරිය කියල තමන්ම පිලිගෙන ජීවිතය නැති කරගන්න තැන දක්වා මේ හිංසනය ගමන් කරනවා.

    ලංකාවෙ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන හිංසනය ගැන කරපු සමීක්ෂණයක් මට කියවන්න ලැබුනා. මේක තමයි පළවෙනි වතාවට අපේ රටේ දිස්ත්‍රික්ක 25 ආවරණය වෙන විදිහට කෙරෙන සමීක්ෂණය. මේක සිද්ද වෙන්නෙ 2019දි.

    අපේ රටේ සංස්කෘතියෙම තියෙනවා කාන්තා හිංසනයට නැඹුරුවක්. නැත්තං සහාය දැක්වීමක්. සමාජයක් විදිහට අපි සහකරුවා අතින් සිදුවන හිංසනය වරදක් විදිහට දකින්නෙවත් නෑ. කසාද මනුස්සයා අතින් බිරිඳ දූෂණය වීම කියන එක අපිට සාමාන්‍යයක්.

    ඒ වගේම ඔය රන්ඩු බත්හැලිය ඉදෙන කල් විතරයි වගේ වහර පවා මේ ප්‍රචන්ඩත්වය සාධාරනීකරණය කරන්න නිර්මාණය වෙලා තියෙනවා. බනින්නෙ හදාගන්නනෙ මැට්ටියෙ වගේ පිලිගැනීමක් තියෙනවා. මේක කොයිතරම් බරපතලද කිව්වොත් සමහර පෙම්වතියො තමන්ට බනින්නෙ සැර කරන්නෙ නැති පෙම්වතෙක් තමන්ට ආදරේ නෑ කියල හිතන තත්වයක් තියෙනවා. කොටට අඳිනවට බනින්නෙ, වෙන කවුරු හරි දිහා බැලුවොත් ගහන්නෙ තමන්ට ඇති දැඩි ප්‍රේමය කියලයි අපේ රටේ ගොඩක් කාන්තාවො හිතන්නෙ. ඉතිං ජීවිත කාලයක් පුරා ගුටි කන ආදරේ මිහිර ඒ අය විඳිනවා. අවාසනාවට මේ මිහිර ඒ අයගෙ දරුවන්ගෙ ජීවිත පවා අඳුරු කරනවා.

    පියුමි හංසමාලි නැවත පරණ පෙම්වතා සමග එක්වීමේ ගොසිප් එකක් දකින්න ලැබුනා. මේ පරණ පෙම්වතා කවුද කියලා මං හරියටම දන්නෙ නැති වුනත් පියුමිගෙ කලින් පෙම්වතෙක් ඉතාම දරුණු විදිහට එයාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල තිබුන. ඒක මාරාන්තික පහර දීමක්. අනිවාර්යෙන්ම ඒ වීඩියෝවෙ තියෙන්නෙ පළවෙනි වතාවට සිද්ද වෙන යමක් නෙමෙයි. ඊට කලින් ඉඳන් ඒ පුද්ගලයා පියුමිට විතරක් නෙමෙයි තමන්ට මුනගැහෙන ඕනම සහකාරියක් වෙත ඔය ප්‍රචන්ඩත්වය මුදාහරින වග පැහැදිලියි. ඒත් ඒක ඉවසාගෙන ඉන්න ගැහැනු පුරුදු වෙනවා. පියුමි නැවත හාද වුනේ ඒ ප්‍රචන්ඩ පෙම්වතා සමග නෙමෙයි කියල හිතනවා. ඒත් මේ ගුටිකෑම සහ ආදරය අතර සම්බන්ධකමක් දැකීම ලංකාවෙ කාන්තාවන්ගෙ හැටියක්. ඒක සංස්කෘතික උරුමයක්.

    කොරොනා කාලෙදි නිවෙස්වල කාන්තාවන්ට අත්විඳින්න වෙන ප්‍රචන්ඩත්වයේ ඉහළ යාමක් වාර්තා වුනා. ඒ වගේම අර්බුද තත්වයන් මැද මේ හිංසනයන් තවත් ඉහළ යන්න පුළුවන්. පිරිමින්ගෙ හැම අමාරුවක්ම නිදහස් කරන ලේසි විදිහක් විදිහට කාන්තා හිංසනය අපේ සංස්කෘතිය ඇතුලෙ වැඩකරනවා.

    සදාචාරය ගැන බණ කියන හාමුදුරුවරු ටියුෂන් ගුරුවරු මේ හිංසනය පවත්වාගෙන යන්න අනුබල දෙනවා. කාන්තාව කවුරුන් විසින් පාලනය කළ යුතු කෙනෙක් විදිහට පවතින මතය පවත්වාගෙන යනවා. දෙමව්පියන්ගෙන්, සහෝදරයන්ගෙන්, පෙම්වතාගෙන්, සැමියාගෙන්, අවසානයේ දරුවන්ගෙන් පාලනය වෙනවා මිස නිදහස් ජීවිතයක අයිතියක් බොහෝ කාන්තාවන්ට ලැබෙන්නෙ නෑ.

    මේ කාන්තා හිංසනය කියන දේ දුප්පත් හෝ පහළ පාංතික හෝ පිරිස් අතර පමණක් තියෙන දෙයක් නෙමෙයි. මේ හිංසනයට පංතියක්, ජාතියක්, ආගමක් නෑ. ඉහළ, පහළ සියලු පංතිවල, සියලු ජාතීන් අතර කාන්තා හිංසනය පවතිනවා. වැදගත්ම දේ ර‍හසේ නෙමෙයි එලිපිට පවතිනවා.

    මේ කියන්නෙ BDSM වර්ගයේ ලිංගික ෆැන්‍ටසි ගැන නෙමෙයි. BDSM ආස්වාදයක් ලබන්න නම් දෙන්නාගේම කැමැත්ත ඒකට අවශ්‍යම වෙනවා. කැමැත්ත හෙවත් කන්සෙන්ට් එකක් නැති BDSM කියන්නෙ හිංසනයක්.

    අපේ රටේ සෑම කාන්තාවො සෑම පස්දෙනෙකුගෙන්ම එක්කෙනෙක් තමන්ගේ සහකරුවා අතින් ශාරීරික සහ ලිංගික හිංසනයට ලක්වෙනවා කියල මේ සමීක්ෂණ වාර්තාව පෙන්වනවා. ශාරීරික වධ හිංසනයට ලක්වෙන බහුතරයක් කාන්තාවො ලිංගික හිංසනයටත් ලක්වෙනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා.

    සෑම කාන්තාවන්‍ 5 දෙනෙකුගෙන් දෙන්නෙක් ජීවිතේ මුනගැසෙන කවුරු හෝ සහකරුවෙකු අතින් ශෘරීරික, ලිංගික, ආර්තික‍ හෝ වෙනත් ආකාරයෙන් තමන්ව පාලනය කරන ප්‍රචන්ඩත්වයකට ගොදුරු වෙනවා. කවුරු හෝ පිරිමියෙක් විසින් කාන්තාවක් පාලනය කිරීමේ චර්යාව සාමාන්‍යයක් වෙලයි තියෙන්නෙ. සදාචාරය පැත්තෙන් සමාජයත් උත්සාහ කරන්නෙ කාන්තාව පාලනය කරන්න. මේක ඒ අයට එරෙහි ප්‍රචන්ඩත්වයක් කියන කියවීම අපිට නෑ. ඒ වෙනුවට මේක ආදරය විදිහටත් කියවාගන්නවා. අපේ රටේ කාන්තාවන් වැඩියෙන්ම මුහුණ දෙන ප්‍රචන්ඩත්වය විදිහට වාර්තා වෙන්නෙ සහකරුවා අතින් දැඩි පාලනයට ලක්වීම.

    දෙවෙනියට වඩාත් සුලබ වෙන්නෙ ශාරීරික හිංසනය. අපේ රටේ වතු ප්‍රදේශ ගත්තොත් සෑම කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් ශාරීරික හිංසනයට ලක්වෙනවා.

    සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් 1 කෙනෙක් ආර්ථික හිංසනයට ලක්වෙනවා. ආර්ථික හිංසනය කියන්නෙ තමන්ගේ මුදල් පැහැර ගැනීම, මුදල් තිබියදීත් නිවසේ වියදම් ආදියට නොදී සිටීම, ඇයට රැකියාවක යෙදීමට අවස්ථාව නොදීම ආදී කාරණා. කාන්තාවන් බොහොමයක් මේ විදිහට ආර්ථික ස්වාධීනත්වය නැතිවීම හරහා සහකරුවන්ගේ පීඩාවට හිංසනයට ලක්වෙනවා. ඒ මගින් ඔවුන්ව යටත් කරගෙන ඉන්නවා.

    මේ සමීක්ෂණය අනුව පේන තවත් වැදගත්ම දෙයක් තමයි කාන්තාවක් පිටස්තරයෙකුට වඩා තමන්ගේම සහකරුවා අතින් ශාරීරික හිංසනයට ලක්වීමේ අවස්ථාව දෙගුනයකින් වැඩියි කියන එක. මේ හිංසනය එන්නෙ සම්බන්ධතාව ඇතුලෙන්මයි. ආදරය කියල විශ්වාස කරන තැනින්මයි.

    ලංකාවෙ සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් 1 කෙනෙක් අවුරුදු 15 වගේ වයසක සිට ශාරීරික සහ හෝ ලිංගික හිංසනයට ලක්වෙන කාන්තාවන්. මේක සරල තත්වයක් නෙමෙයි. මේ හිංසනයන් ඒ අයගෙ මානසිකත්වයට බලපානවා. එතැනින් ඒ අයගෙ දරුවන්ට, ඒ අය කරන වැඩවලට බලපානවා. හිංසනයේ සංස්කෘතිය සමාජයේ විවිධ හැඩ ඇතුලෙ උඩුදුවමින් තියෙනවා. ඒත් අපි කාටවත් ඒක දරුණු ප්‍රශ්නයක් විදිහට දැනෙන්නෙ නෑ. මොකද අර්බුදය තියෙන්නෙ පවුල ඇතුලෙ. පවුල ඇතුලෙ දේවල් අපි දකින්නෙ පුද්ගලික විදිහට. ඒත් ඇත්තටම මේක සමාජ ප්‍රශ්නයක්. ඒක ඒ විදිහට බාරගන්න අපි ලෑස්ති නෑ.

    මේ විදිහට සහකරුවාගෙන් හිංසනයට ලක්වෙන කාන්තාවන් 3 දෙනෙකුගෙන් 1 කෙනෙක් සියදිවි නසාගැනීමට පෙළඹෙනවා. අපි ඒවා පත්තරවල කියවනවා. කාන්තා හිංසනය කියන සැබෑ හේතුව වෙනුවට දාහක් කුණුරස හේතු ගොතනවා.

    60%ක් හිංසනයට ලක්වෙන කාන්තාවො කියනවා ඒ අයගෙ දරුවන් මේ දේවල් දකිනවා කියල. ඒ කියන්නෙ හිංසනයේ සංස්කෘතිය දරුවන්ට ගමන් කරනවා. ඊට පස්සෙ ඒ දරුවො හිංසනයේ විෂම චක්‍රයටම ගොදුරු වෙනවා.

    4න් 1ට වඩා හිංසනයට ලක්වෙන කාන්තාවන්ට ඒ වගේම හිංසනයට ලක්වූ මවක් ඉඳලා තියෙනවා. ඒ මව විඳපු දුක් බලාගෙන සිටීම නිසා ඒ අයටත් හිංසනය සාමාන්‍ය දෙයක්, දරාගත යුතු දෙයක් හැටියෙන් අප්‍රකාශිත පුහුණුවක් ඇවිත් තියෙනවා. ඊට විරුද්ධව ක්‍රියා කරන්න, තමන්ගේ ජීවිතය බේරාගෙන එතැනින් අයින් වෙන්නවත් පෞර්ෂයක් මේ අයට අහිමි වෙනවා.

    මේ ආකාරයෙන් පහර දෙන සැමියන්ගෙන් වැඩිදෙනෙකුගේ අම්මලත් එහෙම හිංසනයට ලක්වූ කාන්තාවන් බව මෙතනදි හෙලිවෙනවා. එහෙම නැත්නම් දරුවෙක් විදිහට මේ පිරිමි හිංසන අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන සමාජ රෝගයක් වග පැහැදිලියි.

    අපි මේ සංස්කෘතිය හුරතල් කරනවද නැත්තං මේක කඩාබිඳ දමනවාද කියන එක අපි සමාජයක් විදිහටත් තනි තනිවත් තීරණය කරන්න ඕන. මේ විදිහට හිංසනයත් ආතතියත් පවතින පවුල් පසුබිම්වලින් සමාජයට දායක කරන ප්‍රචන්ඩකාරී, ආතතිකර පෞර්ෂයන් තමයි අපිට ඊලගට ජාතිවාදය, ආගම්වාදය, අපරාධ, නවකවධය වගේ තැන්වලත් මුනගැහෙන්නෙ.

    සමාජයක සංස්කෘතියේ දියුණු බව හෝ නොදියුණු බව මනින්නෙ ඒ සමාජය කාන්තාවන්ට සලකන ආකාරය අනුවයි.

  • පූසෙක්ගෙන් සෙක්ස් පාඩමක්

    පූසෙක්ගෙන් සෙක්ස් පාඩමක්

    අපේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ගෑනු සතෙක්. අනෙකා පිරිමි සතෙක්. පිරිමි එකාට තියෙන්නෙ කකුල් තුනයි. ඌ ගහක එල්ලිලා ඉන්නවා දැකලා බේරගත්ත එකෙක්. දැන් මේකා නාම්බා. කාලෙකට හොඳටම සෙක්ස් ඕන වෙනවා. ඒ කාලෙට ඌ අසංක ප්‍රියමන්ත වගේ සිංදු කියනවා. සමහර වෙලාවට අක්කාව අල්ලගෙන බලහත්කාරකම් කරන්න හදනවා. ඒත් පිටිපස්සෙ කකුලක් නැති නිසා ඌට බෑ හරියට කෙල්ලව අල්ලගන්න. පූසියො කොහොමත් එහෙම ලේසියෙන් සෙක්ස් කරන්න දෙන උන් නෙමෙයි. ඉතින් දෙපාරක් ගසලා දාපු ගමන් කොල්ලා බිම. මේ නිසා තාමත් කොල්ලා වර්ජින්.

    මං සත්ව හිංසනය ගැන මතවාද පැත්තකින් තියලා කෙල්ලට බලහත්කාරකම් කරන්න මූට උදව් කරලා තියෙනවා. අරූව පුළුවන් තරම් අල්ලගෙන ඉඳලා මූට සපෝර්ට් එකක් දෙනවා. ඒත් ඒක සාර්ථක වුනේ නෑ. ළගපාත අනිත් පූසියො ගැන නම් කතා කරලම වැඩක් නෑ. උන්ට ළංවෙන්නවත් මූට බෑ. චන්ඩි පූසො මේ කකුල් තුනේ කොල්ලට නෙලනවා හොඳටම.

    මේ හින්ද ඌ විඳින දුක මට පේනවා. උගේ වේදනාබර කෙඳිරිගෑම් මට ඇහෙනවා. සෙක්ස් කියන්නෙ කොයිතරම් දරුණු උවමනාවක්ද කියන එක තේරුම් ගන්න පූසෙක් හිටියත් ඇති. සමහර වෙලාවට මං ඌට මාස්ටර්බේට් කරන්න උදව් වෙනවා. ඒත් ඌ කැමති නෑ මං වගේ තඩි මිනිහෙක් ඌ වෙනුවෙන් ඒක කරනවට.

    මේ ලිංගික අසහනය ඌට බලපාන හැටි මට හොඳට පේනවා. ඒක වැඩියෙන්ම ප්‍රකාශමාන වෙන්නෙ කෑම පැත්තෙන්. අනිත් පූසා කෑම ගැන ඒ තරම් උනන්දුවක් නෑ. දෙන ටික කාලා ඌ සැපට නිදාගන්නවා. රෑට එලියට බැහැලා පූසො කීපදෙනෙක් එක්ක සංවාසයේ යෙදිලා ආඩම්බරෙන් කුමාරිකාවක් වගේ උදේ ගෙදර එනවා.

    මේ කොල්ලට තියෙන එකම සැනසීම කෑම. ඌට කෑම ඇතිවීමක් නෑ. බඩ පිරෙන තරමක් දන්නෙ නෑ. කාලා වමනෙ දානකල්ම කනවා. ඊට පස්සෙ ආයිමත් කනවා. ඒ බඩගින්න නොනිමෙන එකක්. කන්නෙ මොනවද කියලත් ඌට අදාල නෑ. අතට අහුවෙන ඕනම දෙයක් කනවා. අනිත් පූසි එහෙම නෑ. මාළු පවා තෝරලයි ඌ කන්නෙ. සෙක්ස්වලින් හොඳට තෘප්තිමත් වෙලා ඉන්න ඌට හැම දේකම කොලිටියක් ඕන කරනවා. කිසිම අඩු කොලිටි දේකින් ඌ තෘප්තිමත් වෙන්නෙ නෑ.

    කොල්ලට එහෙම නෙමෙයි. ඌට කොයිවෙලෙත් පේන්නෙ කෑම විතරයි. මේ හින්දම ඌ මහත් වෙනවා. කකුල් තුනට බර වැඩි වෙනවා. ඒකෙන් ඌට තවත් අපහසුතා ඇතිවෙනවා. පූසෙක් හින්දම ඉන්නවා මිසක් නැත්තං දිවි නසාගන්න තරමට ඩිප්‍රෙස් වෙනවා.

    හැබැයි ඌ දන්නෙ නෑ මේ සෙක්ස් අවුල හින්දයි කියල. ඌ පූසෙක් හින්ද එහෙම හිතන්නෙත් නෑ. මිනිස්සුත් ඉන්නවා පූසො වගේ. සෙක්ස් නැති හින්ද ජීවිතේ ගොඩක් දේවල් අවුල් වෙනවා. සමහරු වැඩිපුර කනවා. සමහරුන්ට නොනැවතී තරහ යනවා. සමහරු උදේට ඇ‍හැරෙන්නෙ පවා කළකිරීමෙන්. ඒත් මේ කවුරුවත් තමන්ට සෙක්ස් නැති ප්‍රශ්නයක් තියෙනවා කියල බාරගන්න කැමති වෙන්නෙ නෑ. සෙක්ස් ඒ තරම් වැදගත් සහ ප්‍රධානයි කියල පිළිගැනීම පවා බොහෝ අයට අපහසුවක්.

    මං දන්න යාළුවො ඉන්නවා උන් සෙක්ස් කරන්නෙම නෑ. සමහරුන්ට අවස්ථාව නෑ. ලිංගික ශ්‍රමිකයෙක් ළගට යන්නත් බයයි. (සමාජරෝග ගැන බය සාධාරණ එකක්. නමුත් කොන්ඩම් පාවිච්චියෙන් මේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්) සමහරුන්ට ඒක ලැජ්ජාවක්. තව සමහරු තමන් එක්ක විතරක්ම යහන්ගත වෙන පරම පිවිතුරු යෞවනියක් මුනගැහෙන කල් බලන් ඉන්නවා. ඒ හැමෝගෙම ලිංගික පීඩනය වෙන විවිධ ආකාරවලින් පිටාර යනවා.

    සමහරුන්ට රටේ අසාධාරණය උහුලන්න බැරි වෙනවා. තව සමහරුන්ට සුළු ජාතියක් විසින් අපේ රට අල්ලගන්න යනවා වගේ පේන්න ගන්නවා. තව අය සංකර විදිහට කෙල්ලො අඳිනවට පළඳිනවට විරුද්ධව දේශන තියනවා. ඕනෑම ඇබ්බැහියක්, ආගමිකබවක්, අන්තවාදීබවක්, වෛරයක්, කෝපයක් හැටියෙන් මේ ලිංගික ආතතිය පිටවෙන්න පුළුවන්. ලිංගිකව තෘප්තිමත් කෙනෙක් දරන බැලන්ස් එක මේ අයට අහිමියි.

    සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියෙ හැටියට අපි කොහොමත් ජීවත් වෙන්නෙ ලිංගික අහේනියක් එක්ක. විවාහයට බාහිර ලිංගික ඇසුරක් බරපතල වරදක් විදිහට සලකන සමාජයකයි අපි ජීවත් වෙන්නෙ. අපේ ජීවිතවල හොරෙන් කොටු පැන්නට ඒ සියල්ලත් නැවත සදාචාර රාමුවකින් පාලනය වෙනවා. ෆ්‍රොයිඩ් කියන විදිහට ශිෂ්ටාචාරය කියන්නෙම ලිංගික ආශාව යටපත් කිරීමෙන් ගොඩනගපු දෙයක්. ඒක ඇතුලෙ අපි හැමෝම විපරීතයි.

    කොහොම වුනත් අපේ පූසා මෑතක අලුත් ක්‍රමයක් හොයාගත්තා. ඌ සෑහෙන නිර්මාණශීලීයි කියල මට හිතුන. පූසි වෙන පූසෙක් එක්ක සංසර්ගය කරද්දි මූ ටිකක් ඈතින් මුවාවෙලා බලන් ඉන්නවා. එතකොට මුගේ පුරුෂ ලිංගය උත්ථානය වෙනවා. මූ කරන්නෙ ඒකෙන් පොලොව හා සංසර්ගයේ යෙදෙන එක. එක විදිහක කකෝල්ඩ් වින්දනයක්. සංසර්ගය අවසන් වුනාට පස්සෙ, චන්ඩි පූසා නික්ම ගියාට පස්සෙ, ඌ පූසිව සහ සංසර්ගය කළ තැන ඉඹලා පූර්ණ අත්දැකීමක තෘප්තිය ලබනවා.

    මේ සොයාගැනීමෙන් පස්සෙ උගේ කලබල ගතිය අඩුවුනා. ඌට වෙනදට වඩා සනීපෙට දිග වෙලාවක් නිදාගන්න සංසුන්බවක් ලැබුන. රෑට අක්කා එක්කම පිටවෙලා ගිහින් සෙක්ෂුවල් ඇඩ්වෙන්චර්ස් ගන්න පුළුවන් විදිහකුත් හැදුන.

    තවදුරටත් ඌ තනි නෑ කියල මට හිතුන. ඒ වගේම අසංග ප්‍රියමන්තගෙ සිංදු ගායනාවත් ටිකෙන් ටික අඩුවෙලා ගියා.

  • කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

    කැෂුවල් සෙක්ස්වලට කැමතිද?

    කැෂුවල් කියන්නෙ නිදහස්, වැඩිය සීරියස් නැති, අනිවාර්ය නොවන, ස්ථාවර හෝ විධිමත් නොවන කියන තේරුම් දෙන වචනයක්. කැෂුවල් සෙක්ස් කියල ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් මේක යෙදෙන අවස්ථා තියෙනවා. සිංහලෙන් ඕක පරිවර්තනය වෙන්නෙ අනියම් සම්බන්ධතා විදිහට. ස්ථාවර නොවන කියන අදහස විතරක් තෝරගෙන නිදහස් කියන තේරුම බැහැර කිරීමක් එතනදි සිද්ද වෙනවා.

    කැෂුවල් සෙක්ස් කිව්වම ඔයාට මොකක්ද හිතෙන්නෙ? මගේ සෙක්ස් උවමනාවන් සපුරගන්න හොඳම විදිහක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක කිසි හැගීමක් නැති දෙයක් විදිහට තව කෙනෙකුට හිතෙන්න පුළුවන්.

    කැෂුවල් සෙක්ස් ගැන සමා‍ජෙ තියෙන අදහස කොහොමත් නෙගටිව් එකක්. හැබැයි ඒ ලිංගික සම්බන්ධතා අනිවාර්යෙන්ම නරකයි කියන එක මිත්‍යාවක්. අපේ ජීවිතේ ගොඩක් දේවල් එනර්ජයිස් කරන්න, ලස්සන කරන්න කැෂුවල් සෙක්ස්වලට පුළුවන්. හැබැයි හරියටම අපිට ඒ සම්බන්ධතාවෙන් ඕන මොකක්ද කියන එක ගැන අපි හරි අව‍බෝධයෙන් යන්න ඕන.

    කැෂුවල් සෙක්ස් කියන්නෙ hookup culture කියන එකම නෙමෙයි. ඒකත් මේකට අයිති වෙන්න පුළුවන්. ඒත් ඉතාම පොසිටිව් විදිහට කැෂුවල් සෙක්ස් සම්බන්ධතා දිහා බලන්න පුළුවන්.

    1. ඔයා යම් කෙනෙක් එක්ක පවත්වන ලිංගික සම්බන්ධතාවය උපරිමයෙන් විඳන කෙනෙක්. ඒත් ඔයාට මේ වෙලාවෙ කැපවුනු සම්බන්ධතාවයකට යන්න පුළුවන්කමක් නෑ. ඔයාගෙ රස්සාව සෑහෙන කාර්යබහුල එකක් වෙන්න පුළුවන්. නැත්තං ඔයාට දරුවෙක් හෝ වැඩිහිටි දෙමව්පියෙක් රැකබලාගන්න තියෙනවා වෙන්න පුළුවන්.
    2. ඔයා ඉතාම ළගදි සම්බන්ධතාවයකින් බිඳුනු කෙනෙක්. අලු‍ත් සම්බන්ධතාවයක් පටන් ගන්න කලින් ඔයා කැමතියි කීප දෙනෙක් ඇසුරු කරලා ලිංගික පැත්තෙන් සහ ජීවිතය පැත්තෙන් වැඩිපුර දේවල් තේරුම් ගන්න.
    3. ඔයා කෙනෙක් එක්ක විවෘත සම්බන්ධතාවයක් පවත්වන කෙනෙක්. ඕපන් රිලේෂන්ෂිප් එකක්. ඔයා කැමතියි තව අයත් එක්ක ලිංගික සම්බන්ධතා රසවිඳින්න.
    4. ඔයා කැමතිම මිත්‍රත්වය ඇතුලෙ පවත්වන ලිංගික සම්බන්ධතාවලට. ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නෙ.
    5. ඔයා විවිධ අයව ඇසුරු කරලා යම් සම්බන්ධතාවයක් දීර්ඝ කාලීන එකක් කරගැනීමට තරම් සුදුසුද කියල පරීක්ෂා කරන කෙනෙක්.

    ඉතිං මේ වගේ සාධාරණ හේතු ගොඩක් කැෂුවල් සෙක්ස්වලට තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ගොඩක් අය කැෂුවල් සෙක්ස් හින්ද තෘප්තිමත් වෙනවා.

    කැෂුවල් සෙක්ස් ඔයාට හරියනවද කියල බලන්න නම් මුලින්ම ඒකෙ තියෙන හොඳ සහ නරක පැති දෙකම ගැන යම් තේරුම් ගැනීමක් තියෙන්න ඕන. නැත්තං ඉතාම ආස්වාදජනක තැනකින් පටන් ගන්න සම්බන්ධතා ඉවර වෙන්නෙ නාඩගමක් වෙලා.

    මෙන්න හොඳ පැත්ත

    1. ඔයාට තව කෙනෙකුගේ අත්දැකීම් සහ ස්පර්ශයන් බෙදාහදා ගන්න ලැබෙනවා. මේ සමීප සම්බන්ධතා අපිව නිරෝගී කරනවා. එන්ඩොෆින්ස්, ඔක්සිටොසින්, ඩොපමින් ආදී සතුටු හෝමෝන කොක්ටේල් එකක් රසවිඳින්න අවස්ථාව ලැබෙනවා.
    2. ඔයාට විවිධ අත්හදාබැලීම් කරන්න පුළුවන්. නිදහස වැඩියි. ඒ නිසාම ලිංගික තෘප්තිය හොයාගෙන යාමේ අවකාශයත් පුළුල් වෙනවා. සම්මත සබඳතාවයකදි කවදාවත් අත්විඳිය නොහැකි ආස්වාදයන් කැෂුවල් සෙක්ස් කලාපයේදි මුනගැහෙනවා.
    3. ඔයා ඉන්නෙ හිත් බිඳීමකින් නම් තැවුලකින් නම් කැෂුවල් සෙක්ස්වලින් ඔයාට ලොකු සහනයක් ලැබෙනවා. ඔයාගෙ හුදකලාව මැකෙනවා. නැවත දීර්ඝ සබඳතාවයක් අරඹනතාක් කල් ඔයාගේ හිතේ තුවාල සනීප කරන්න මේ වගේ සම්බන්ධයකට පුළුවන්.
    4. ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් අභිමානයක් දැනෙනවා. ඔයා කොයිතරම් ආකර්ශනීයද කියල හැගෙන්න පටන් ගන්නවා. මේ නැවුම් ආකර්ශනය තරම් ඇවිලෙනසුලු දෙයක් තවත් නැති තරම්.

    දැන් නරක පැත්ත

    1. ලිංගිකව බෝවන රෝග අවදානමක් තියෙනවා, ඔයා හරියට පරිස්සම් නොවුනොත්. ඒ වගේම අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් ආරක්ෂා වීමේ අර්බුදයත් තියෙනවා.
    2. ඔයා බලපොරොත්තු කඩවීමකට ලක්වෙන්න ඉඩ තියෙනවා. ඔයා තෝරාගන්නා අනෙක් සහකරුවා ඔයා අපේක්ෂා කරන අන්දමේ කෙනෙක් නොවුනොත්, එයා මේ සම්බන්ධතාවයෙන් හොයන්නෙ වෙන දෙයක් වුනොත්, ඒක ආපහු සිත් රිදීමක් ඇති කරන තත්වයක්.
    3. ඔයා හරියට සන්නි‍වේදනය කරන්න අපොහොසත් වුනොත් ඉතාම අතෘප්තිදායක සම්බන්ධතා රැල්ලකට අහුවෙන්න පුළුවන්. තමන්ට අවශ්‍ය දේ සහ තමන් සොයන තෘප්තිය ගැන නිසි සංවාදයක්, තේරුම් ගැනීමක් නැති කැෂුවල් සෙක්ස් අපිව හිස්කමකට අරන් යනවා.
    4. බීමතින් මෙවන් සම්බන්ධතාවලට යාමෙන් ඉතාම නරක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්. මේ නිසා තෘප්තිය අහිමි වීම වගේම අවසානයේ කාලකණ්ණි හැගීමක් ඉතුරු වෙන්නත් පුළුවන්. (සරාගී මොහොතක මත්පැන් ටිකක් පානය කිරීම වැරදි ලෙස දැකීමක් නොවේ. නමුත් සම්බන්ධතාවය ඔබ ඉතා හොඳ සිහියෙන් ගත් තීරණයක් විය යුතුයි)
    ඔයා එවන් සම්බන්ධතාවයකින් පස්සෙ ෆෝන් එක දිහාම බලාගෙන, ටෙක්ස්ට් එකක් එනකල් විඳවමින් ඉන්න කෙනෙක් නම් ඔයා කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවලට සුදුසු කෙනෙක් නෙමෙයි. අනෙක් කෙනාගෙ හිතකවත් නැති බලාපොරොත්තු ඔයා තනියම හිතෙන් හදාගන්න එක හොඳ දෙයක් නෙමෙයි.

    එහෙම නැතුව අර හොඳ ලැයිස්තුව කියවද්දි ෂා, මේක මට මරු කියල හිතෙනවා නම් ඔයා ඒ වගේ සම්බන්ධයක් විඳින්න ඕන කරන ඇටිටියුඩ් එක තියෙන කෙනෙක්.

    කැෂුවල් සෙක්ස් සම්බන්ධතාවයක තෘප්තිය පවතින්නෙ කාරණා තුනක් මතයි.

    1. අපේ බලාපොරොත්තු
    2. අ‍පි ගැන අපිට තියෙන දැනීම
    3. අපි තෝරගන්නා සහකරුවන්ගේ කොලිටිය.

    කොහොමද ඉතින් හරි කෙනෙක් හොයාගන්නෙ? මේ කාලෙ ඇප් තියෙන නිසා ලොකු ප්‍රශ්නයක් නෑ තමයි. හැබැයි හැම ඇප් එකකම තියෙනවා වෙනස් අරමුණු. සමහර ඒවා hookups වලටමයි (ඒ කියන්න‍ෙ හුදෙක්ම ලිංගික ඇසුර සඳහාමයි, ගොඩක් වෙලාවට එක දවසක සම්බන්ධතාවක්) . සමහර ඒවා කසාද සඳහා.

    ලංකාවෙ වැඩිය ජනප්‍රිය නැති feeld වගේ ඇප් එකක් ගත්තොත් ඒක කැෂුවල් සෙක්ස් වලටම වුනත් ඒ සහකරුවන්ගේ සහකාරියන්ගේ යම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකක්, පරිණතබවක් අපේක්ෂා කරනවා.

    හරියම ඔයාගෙ අරමුණ තේරුම් ගන්න. පරණ සබඳතාවයේ වේදනාව මකන්නද? ලිංගික දක්ෂතා වැඩි කරගන්නද? කින්කි අත්දැකීම්වලටද? මේක හරියටම තේරුම් ගත්තොත් කැෂුවල් සෙක්ස් ඉතා රසවත් වෙන්න පුළුවන්.

    පටන් ගනිද්දිම අනිත් කෙනාව හරියට දැනුවත් කරන්න. ‘මේක අදට විතරක් පවතින සම්බන්ධයක්’ කියන එක වුනත් පටන් ගනිද්දිම කියන්න පුළුවන් වෙන්න ඕන.

    සියලු විනිශ්චයන් අත්හරින්න. සමාජ සංස්කෘතික විනිශ්චයන් උස්සගෙන ඇතුල්වෙන්න සුදුසු කලාපයක් නෙමෙයි. නිදහස් මනසකින් ඉන්නවා නම් විතරක් ඇතුල්වෙන්න.

    ඔයාට ඕන කරන ලිංගික ආස්වාදය ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. හිතේ තියාගෙන ඉන්න දෙයක් නෑ. ෆෝප්ලේ ගොඩක් ඕනද? තුරුල් කරගෙන ආදරනීයව හෝ තමන්ව යටත් කරගැනීමෙන් කරන ලිංගික එක්වීමක්ද මේ දේ විවෘතව දන්වන්න.

    ඒ අවශ්‍යතාවලට ගැලපෙන්නෙ නැත්නම් ඒ අයව ප්‍රතික්ෂේප කරන්න මැළි වෙන්නත් එපා. කිසිම බරක් නැතුව, මං කැමති විදිහ ඔයාට හරියන්නෙ නැත්තං අපි සෙට් වෙන එකක් නෑ, කියල අයින් වෙන්න. වඩා වැදගත් වෙන්නෙ ඍජු සහ පැහැදිලි වීමයි.

    මතක තියාගන්න කැෂුවල් සෙක්ස් කියන්නෙ හැමෝටම හරියන එකක් නෙමෙයි. සෙක්ස්වලට පස්සෙ ඔයාට පාවිච්චි වුනා වගේ, නැත්නම් වටිනාකම අඩුවුනා වගේ දැනෙනවා නම් මේක ඔයාට හරියන මාර්ගය නෙමෙයි. වහාම අයින් වෙන්න.

    හැබැයි ඒ කියන්නෙ කැෂුවල් සෙක්ස් නරකයි කියන එක නෙමෙයි. ඒක ඉතාම සුන්දරව විඳින බොහොමයක් අය ඉන්නවා. හරියට තමන්ව තේරුම් ගන්න පුළුවන්, තමන්ව ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙකුට කැෂුවල් සෙක්ස් කියන්නෙ ජීවිතය පුරවන ආස්වාදයක්.

  • SWINGERS CLUB – Chapter 10

    SWINGERS CLUB – Chapter 10

    මම සචී! ඔයාලා අපේ කතාව මුල ඉදලා කියවලා ඇති කියලා මම හිතනවා. ගොඩක් දවස් අන්තිමට ඔයාලා කියවපු කොටස මම ලියලා. කලින් කොටස පබ්ලිශ් වෙන්න ප්‍රමාද වුන නිසා මම ලියුවේත් නෑ. ඊට පස්සේ අපි බිසී වුනා. අවුරුද්දේ අන්තිම මාස 4 කියන්නේ Swingers ලාට ගොඩක් බිසී කාලයක්.

    අපි අවුරුද්ද අන්තිම වෙනකොට මාසෙකට ඉවෙන්ට් 2-3 කරනවා. ගිය මාසේ Lifestyle එකේ යාළුවෝ ටිකක් එක්ක දවස් 5ක ටුවර් එකක් ගියා. ලබන සතියේ ටිකක් ලොකු ඉවෙන්ට් එකක්, (ආහ් කැන්ඩි වල හම්බුන Bull තමයි ඒකෙත් හොස්ට්) හබී ඒකට ලෑස්ති වෙනවා. ඉතින් සමාවෙන්න පරක්කු වුනාට. චින්තාත් ඊළග කොටස ලියන්න මැසේජ් කර කර මතක් කරන නිසා කොහොම හරි ආපහු ලියන්න පටන් ගන්න හිතුවා.

    ඉතින් අපි 9 වෙනි කොටසේ කියපු විදිහට සෙක්ස් ටුවර් එකක් පටන්ගෙන පළවෙනි දවස Kandy වලින් ඉවර කරලා හැටන් යන්න පිටත් වුනා. එතැන් සිට….

    #Spoiler alert මේක සමහර විට කලින් කතා තරම් Erotic නැති වෙන්නත් පුලුවන්.

    අපි කලින් වැඩිය කන්ටෑක් කරලා තිබුන කපල් එකක් නෙමෙයි අපි හම්බුවෙන්න යන්නේ. ඩේටින්ග් සයිට් එකෙන් කන්ටෑක් වෙලා තිබුනේ. ඒක හදිස්සියේ දාගත්තු එකක්. හබී තමයි හැම දේම ප්ලෑන් කරලා තිබුනේ මම උදේ Bull එක්ක ප්ලේ කරන වෙලාවේ.

    අපි ලන්ච් අරං කපල් එක දීපු Tea State එකේ නම හොයන් පිටත් වුනා. පොඩි කට්ටක් කාලා තැන හොයාගත්තා. අපි එතනට ගියාට කපල් එක කන්ටෑක් කරගන්න බැරි වුනා ඒ වෙලාවේ. අදාල තැන බුක් කරලා තිබුනේ ඒ අය නිසා අපිට යන්නත් බෑ. අපි දන්නෑ මොන නමකින් බුකින් එක දාලාද කියලා වත්.

    ටික වෙලාවකින් කපල් එක Call කරලා කියුවා මග එනවා අපිට ඇතුලට යන්න එයාලා කියලා තියෙන්නේ කියලා. ඒක පොඩි ලස්සන Bungalow එකක්. බලාගන්න කවුරුවත් ඇතුලේ ඉන්නේත් නැහැ. අපි ගිහින් keys අරං වොශ් එකක් දාගෙන එහෙම ඉද්දී හවස 3ට විතර ඒ කපල් එක ආවා.. අපිට වඩා අවුරුදු කිහිපයකින් වැඩිමල් කපල් එකක්. හැබැයි දෙන්නාටම හොද පෙනුමක් තිබුනා. පළවෙනි දේ අපිට නෝට් වුන එයාලා සිංහල නෙමෙයි. හැබැයි දෙන්නාම සිංහල ටිකක් කතා කරා. හබී වත් ඒක කලින් දැනගෙන හිටියේ නෑ මම හිතන්නේ.. හැබැයි ටික වෙලාවක් යනකොට ඒ වෙනස අමතකම වෙලා ගියා. දෙන්නාම හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපේ බබාත් ගොඩක් හිටියේ එයාලා ලග. මුලදී මට තිබුන බය ටික වෙලාවකින් නැති වෙලා ගියා.

    අපි වට පිටාව බලන්න ටිකක් ඇවිද්දා එයාලත් එක්ක. හවස අපි ටිකක් එලියට ගිහින් කෑම අරගෙන, උදේට කෑම හදාගන්න දේවලුත් අරං ආපහු state bungalow එකට ආවා. හබී රෙඩ් වයින් එකක් අරං ගිහින් තිබුනා. ඒ දෙන්නා හාඩ් ලිකර් ගන්නෑ කියපු නිසා ඒක ඔපන් කරා. බබා නිදි කරලා ඇවිත් මමත් ජොයින් වුනා. අපි ගොඩක් වෙලා වයින් එකත් එක්ක චැට් එකක් දාගෙන හිටියා.

    ඒ තවත් කපල් එකක් එක්ක අපේ පළවෙනි අත්දැකීම. මම කලින්ම මගේ රූල්ස් කියලා තිබුනේ. හබී ඒ ගැන කපල් එකට එන්නත් කලින් කියලා තිබුනා මම දන්න තරමින්.

    මට බයක් තිබුනා මට හබී තව කෙනෙක් එක්ක sex කරනවා දකිනකොට J වෙයි කියලා. ඒ නිසා මගේ පළවෙනි රූල් එක සෙපරේට් රූම් ප්ලේ කරන්න. දෙවැනි රූල් එක Bisexual බෑ. එයාලා අන්තිමට කියුවා එයාලා Same room and Soft Swap only කියලා. (Soft swap කියන්නේ Foreplay වලට විතරයි Swap කරන්නේ. Intercourse තමුන්ගේ Life partner එක්ක විතරයි.) මං ඒකට එතරම් කැමති වුනේ නෑ. ඒත් දැන් එයාලටත් බෑ කියන්නත් බෑ.

    ඉතින් ටිකක් රෑ වෙනකොට අපි වොශ් දාගෙන Lingerie වලට මාරු වුනා. Light dimm කරලා Living room එකට සෙට් වුනා. ඊට පස්සේ හබීලා දෙන්නා දිග සෝෆා එකේ මැද වාඩි වෙලා අපි දෙන්නා දෙපැත්තේ ඉදන් අපේම හබියෝ එක්ක Fore play පටන් ගත්තා. cool climate එකත් එක්ක එතන තිබුන වයිබ් එක Erotic වුනාට පළවෙනි Swing අත්දැකීම නිසා මම ටිකක් බයෙන් හිටියේ.

    එච්චර වෙලා මුළු ඇගම වැහෙන්න ඇදුම් ඇදන් හිටපු අක්කාගේ ඇදුම් ගැලවිලා එනකොටයි පෙනුනේ එයා ටිකක් වයස වුනාට හොදට මේන්ටේන් කරපු ෆිගර් එකක් තිබුනා. වැඩි වෙලා යන්න කලින් අපි දෙන්නාම හිටියේ හබියෝ දෙන්නාගේ කකුල් දෙක මැද්දේ දනගහගෙන ඕරල් දෙන ගමන්. ටික වෙලාවක් යනකොට අපි හබීලා දෙන්නා මාරු කරගෙන ඕරල් එක දිගටම කරන් ගියා. ඒ වෙනකොට අපි දෙන්නාගේම ඉතුරු වෙලා තිබුනේ ලේස් පෑන්ටි දෙක විතරයි. හබී, අක්කා එක්ක ඔරල් එක අතරේ මගේ Boobs එක්ක ප්ලේ කරා. අයියාත් මගේ ඇග පුරා අතගානවා. ඒ වෙනකොට මම ටිකක් සිටුවේෂන් එකට හුරුවෙමින් හිටියේ.

    මම ඕරල් එක දෙනවා මගේ උපරිමයෙන්. ටිකකින් මට දැනුනා ටිකක් වෙනස් අතකින් මාව අල්ලනවා. මම එකපාරටම ඔළුව උස්සලා බලනකොට අක්කා මාව අතගානවා. මම Straight හැබැයි Biphobic නෑ. ඒත් මම ආසා නෑ තව ගෑණු කෙනෙක් මට Sexual approach කරනවාට.
    (ඔයාලා දන්නේ Straight, Gay/ Lesbian or Bisexual අය විතරක් වුනාට, Lifestyle එකේ ඉන්න අයට නම් තව ඕක ගොඩක් බෙදන්න පුලුවන්. Straght, Biphobic, Bi comfortable, Bi ok, Pansexual, Extremely Bisexual, Gay/Lesbian etc.)

    මුල ඉදන්ම මගේ රූල්ස් එකකට වත් කවුරුවත් රෙස්පෙක්ට් නොකරපු නිසා මට ඒක තවත් අවුල්. මම එකපාරට නැගිට්ටා. නැගිටලා හබීට කිස් එකක් දීලා, ඔයාලා ප්ලේ කරන්න කියලා මම නැගිටලා රූම් එකට ගියා. හබී, අක්කාව එයාගේ හබීට මාරු කරලා ඉක්මනට කාමරයට ආවා මට වුන අවුල බලන්න. එයා ගොඩක් ට්‍රයි කරා මාව ආපහු ගෙනියන්න. මං බෑම කියුවා.

    Lifestyle එකේ පළවෙනි වතාවට කපල් එකක් මීට් වෙලා මෙහෙම අවුල් වුන එකට හබීත් හොදටම අප්සෙට් වෙලා තිබුනා. හැබැයි පස්සේ කාලෙක තේරුම් ගියේ එතන අපෙත් වැරැද්දක් තියෙනවා. හරි Communication එකක් නොතිබ්බ එක තමයි එතන අවුල.

    හබී ආපහු Living එකට ගියා. බබා ඇහැරිලා කියලා ශේප් කරලා. හබීට අක්කා ආපහු ඕරල් එකක් දීලා. ඒත් හබී අවුලෙන් හිටපු නිසා එයා වැඩි වෙලා කරලා නෑ. අක්කයි අයියායි ප්ලේ කරනවා ටිකක් බලං ඉදලා ඇවිත් මාත් එක්ක දොයිය ගත්තා.

    වැඩේ අවුල් වුන නිසා හබී උදේ පාන්දරම යන්න හිතන් ඉදලා තියෙන්නේ. හැබැයි එයා ඇහැරෙනකොට අක්කයි මම ඊයේ මුකුත් වුනේ නෑ වගේ උදේට කෑම හදලා තේ හදලා තිබුනේ. ඒක දැකලා හබීටත් පුදුමයි. අපි කාලෙක ඉදන් දන්න අය වගේ උදේට හොදට කාලා ඉවර වෙලා සමු දීලා ඊළග නැවතුමට යන්න පිටත් වුනා. . එයාලා අපිට ගෙදර එන්නම කියලා මගින් මගට කියුවත් අපි කාටවත් කරදර කරන්න කැමති වුනේ නෑ. අදටත් ඉදලා හිටලා එයාලා චැට් කරනවා, කතා කරනවා. දෙතුන් පාරක් ඊට පස්සේ හමුවෙන්න උත්සාහ කරත්, දෙගොල්ලන්ගේ ප්ලෑන් මැච් වුනේ නෑ.

    ඊලඟ කොටසින් හමුවෙමු!

  • ගබ්සාව ඔබේ අයිතියක්

    ගබ්සාව ඔබේ අයිතියක්

    මං ආදරය කරපු මගේ පෙම්වතිය නොහිතපු වෙලාවක ගැබ් ගනිද්දි අපි කසාද බඳින්න හිතලාවත් නෑ. හරිම කල්පනාවෙන් එළියට ගැනීමේ න්‍යාය සහ පොස්ටිනො ගැනීම කියන දෙකම කරලත් පීරියඩ්ස් පරක්කු වෙන්න ගත්තා. ටෙස්ට් කරලා බලද්දි පොසිටිව්. දරුවෙක් හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැති වෙලාවක්. අපිට ජීවිත ගැන වෙනස් වෙනස් සැලසුම් තිබුන. අපි කසාද බඳියිද කියන එක ගැනවත් නිශ්චිතව හිතලා තිබුනෙ නෑ.

    ගබ්සාවක් ගැන කිසිම දෙයක් නොදන්න කාලයක් ඒක. දන්න හැමෝගෙන්ම විස්තර ඇහුවා. දොස්තරලා කීප දෙනෙක් මුනගැහෙන්නත් ගියා. ඒ අයගෙ අවවාදය වුනෙම දරුවා හදාගන්න කියන එක. ගබ්සාව නීති විරෝධීයි කියන එක. සැලසුමක් නැති දරුවෙක් බිහිකිරීමෙන් අපේ ජීවිත වලටත් දරුවාගේ ජීවිතයටත් වෙන අවදානම ගැන හිතන්න ඒ අයට උවමනාවක් හෝ හැකියාවක් තිබුනෙ නෑ. ගබ්සාව පාපයක් කියන එක දැන හෝ නොදැන උගත් නූගත් හැමෝගෙම හිත්වල පැලපදියම් වෙලා තිබුන.

    රෑට නින්ද නොයන ගානට අපි දෙන්නම බයෙන් හෙම්බත් වෙලා හිටියා.
    දරුවෙක්!! ඒක නිදි නැතුව පේන නපුරු හීනයක්.

    ඊළගට අමාරුවෙන් හොයාගත්ත තොරතුරක් අනුව ගබ්සාවක් කළ හැකි ආරක්ෂිත තැනක් හොයාගත්තා. ඒත් ඒකට යන වියදම අපිට දරන්න අමාරු එකක්. යාලු මිත්‍රයන්ගෙන් උදව් ඉල්ලුවා. කසාද නොබැඳපු යාලුවො සල්ලි දෙන්න බය වුනා. ඒ මේ පාපයට සම්බන්ධ වීමෙන් කවදා හරි උන්ට බැඳලා ළමයි නැති වෙයි කියල. උන් අවවාද තොග පිටින් නොමිලේ දුන්නා.

    අන්තිමට සාප කන්දරාවක් මැද්දෙ ඕන කරන මුදල් හොයාගත්තා. ගබ්සාවක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ගබ්සා පෙති කීපයක් යෝනි මාර්ගය තුලට දැමීමෙන්. අනෙක සුළු සැත්කමක් මගින්. මේ පෙති ඇතුල් කිරීමෙන් පස්සෙ රුධිර වහනයත් එක්ක කළලය පිටව යන්න නියමිතයි. කළලය බොහෝ කලක් වැඩී තියෙනවා නම් තත්වය බරපතලයි. ඇත්තටම ඒ තරම් නොදැනුවත් හෝ වගකීම් රහිත වෙන්න නරකයි. ලිංගික එක්වීමක් සිදුවීමෙන් පස්සෙ පීරියඩ්ස් පමාවක් වූ සැනින් පරීක්ෂාව කරගන්න ඕන.

    ගැබ් ගැනීමක් සිදු නොවී ආරක්ෂිත ලිංගික එක්වීමකට නම් තියෙන හොඳම මාර්ගය කොන්ඩම් භාවිතය. පිටතට ගැනීම කිසිසේත්ම විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම උපත් පාලන පෙති සහ අනෙකුත් ක්‍රම බොහොමයක් පැවතුනත් ඒවායින් විවිධ අපහසුතා, සංකූලතා ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවගේ හෝමෝන වෙනස්කම් ඇතිවීම නොයෙක් ආකාරයේ බලපෑම් ඇතිකරන්න පුළුවන්. (ඒ කිසිවක් සිදු නොවන අයත් ඉන්නවා).

    කොන්ඩමයක් ආරක්ෂිත වුනත් ලිංගික එක්වීමකදි පාවිච්චියට මැළි වීම ස්වභාවිකයි. රේන් කෝට් දාගෙන නානවා වගේ කියලනෙ කියන්නෙ. අවාසනාවට මීට වඩා සාර්ථක ක්‍රමයක් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. පොස්ටිනෝ හෙවත් මෝනිං ආෆ්ටර් පිල් කියන්නෙත් නිතර පාවිච්චියට සුදුසු ක්‍රමයක් නෙමෙයි.

    මේ කළලය ඉවත්වීමේ කාලය තරුණ ගැහැණු ළමයෙකුගේ පැත්තෙන් ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ශාරීරික දැනීමට වඩා මානසිකව. සම්ප්‍රදාය විසින් ගොඩනගලා තියෙන බොහෝ සංකල්ප, මතවාද විසින් මේ අවස්ථාව තවත් දරුණු කරනවා. කෙල්ලෙකුට දරා ගත නොහැකි හුදකලාවක් සහ අසරණ බවක් දැනෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ආදරෙන් ළග ඉඳන් රැකබලාගැනීම පෙම්වතාගේ වගකීමක්. වෙන කාටවත් කියන්න හෝ උදව් ඉල්ලන්න බැරි මේ අවස්ථාවෙදි ඇය ළග ඉන්න. ඇයට ආදරය දෙන්න.

    කිසිම වෙලාවක පවතින සම්ප්‍රදායික විශ්වාස ඇගයුම් නිසා සැලසුම් නොකළ දරුවෙක් හදන්න හිතන්න එපා. පාපයන් සහ ආගමික ඉගැන්වීම් පැත්තකින් තියන්න. තමන්ගේත් අනෙකාගේත් අනාගතය ගැන හොඳින් කල්පනා කරන්න. පුළුවන් නම් විශ්වාසවන්ත, විනිශ්චය නොකරන, ගතානුගතික නොවන කෙනෙක් මුනගැහිලා කතා කරන්න. උදව් ලබාගන්න.

    එකවරක් නෙමෙයි කීප වරක් ගබ්සාව කියන අත්දැකීමට මුහුණ දෙන්න මට සිද්ද වෙලා තියෙනවා. ඒ කිසිම අවස්ථාවක සැලසුමක් නැති දරුවෙක් ඉපැද්දවීම කියන එක මම බාරගත්තෙ නෑ. දරුවෙක් කියන්නෙ හොඳින් හිතලා ගත්ත තීරණයක් වෙන්න ඕන කියල අදත් මම විශ්වාස කරනවා.

    ගබ්සාවක් කියන්නෙ බිහිසුණු, පාපකාරී දෙයක් නෙමෙයි. ඒත් ආශාව නිසා සිදුවන අතපසුවීමකට ගෙවන්න වෙන මිළ අධික වන්දියක්. ඒත් ඒක ආරක්ෂිතව කරන්නත්, ඉන් පසු ජීවිතය නිදහසේ ගත කරන්නත් අවස්ථාව තියෙනවා. අද ලෝකෙ දියුණුයි.

    පුළුවන් තරම් ලිංගික ඇසුරකදි ආරක්ෂාකාරී වෙන්න උත්සාහ ගන්න. අත්වැරදීමක් සිදු‍වුනොත් හොඳින් හිතලා බලලා තීරණ ගන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන්න. අතපසුවීම් සහ වැරදීම් නිසා දරුවන් ලෝකයට බිහි නොකරන්න වග බලාගන්න.

  • ඔයාගෙ කොච්චර දිගද?

    ඔයාගෙ කොච්චර දිගද?

    පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය සහ කාන්තාවක් ලබන තෘප්තිය අතර සම්බන්ධතාවයක් නෑ. ඇත්තටම පුරුෂ ලිංගයකට වඩා තෘප්තියක් ලබන්න පුළුවන් ඩිල්ඩෝස් නිෂ්පාදනය වෙලා තියෙනවා. කෙනෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් ලබන තෘප්තියේ වැඩි කොටසක් රඳා පවතින්නෙ ඒ දෙන්නා අතර බෙදාහදාගන්නා ඉන්ටිමසිය මත. ඒ කියන්නෙ සමීපත්වය, තේරුම් ගැනීම, සංවාදය, ආදරය, උණුසුම, විවෘතභාවය ආදී කාරණා මත. පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන තියෙන්නෙ මානසික ෆැන්ටසියක්.

    කොහොම වුනත් පිරිමි සහ ගැහැණු දෙවර්ගයම උනන්දුයි පිරිමින්ගෙ ලිංගයෙ ප්‍රමාණය ගැන. පර්යේෂණ අනුව පෙනිලා තියෙන්නෙ මේ ලිංගවල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි හිතනවාට වඩා කුඩා බවයි. ඒ වගේම රටක ජීවත් වෙන පිරිමින්ගෙ ලිංග බොහෝදුරට ප්‍රමාණයෙන් සමානයි. ඒ කියන්නෙ ලොකු වෙනස්කම් නෑ. පිරිමියෙකුගේ ලිංගයේ ප්‍රමාණය භූගෝලයට වඩා තීරණය වෙන්නෙ ජාන අනුව. ඒ වගේම කුඩා කාලයේ හරිහැටි පෝෂණය නොලැබීම වගේ කාරණාත් ලිංගය නිසි ලෙස නොවැඩීමට බලපාන්න පුළුවන්. ශරීරයේ ප්‍රමාණය සහ ලිංගයේ ප්‍රමාණය අතර සමීකරණයක් ගොඩනගාගන්න ගොඩක් අය උත්සාහ කළත් පර්යේෂණ අනුව පේන්නෙ එහෙම නිශ්චිතව කියන්න බැරි බවයි. ඒ කියන්නෙ උස වැඩියි කියන්නෙ ලිංගය දිගයි කියන එක නෙමෙයි. ඒ වගේම අත්ලෙ දිග, සපත්තුවෙ දිග, නහයේ දිග ආදියෙන් ලිංගයේ දිග සෙවීමත් බොරු කතන්දර විතරයි.

    රටින් රට ලිංගයේ ප්‍රමාණයේ ඇවරේජ් එකක් හදාගන්න එක ගොඩක් අමාරු වැඩක්. එකක් මේ ගැන තියෙන දත්ත ප්‍රමාණය කුඩා වීම. අනික මේ දත්ත ගොඩක් වෙලාවට ස්වයං මිනුම් විදිහට වාර්තා වීම. ඒ හින්ද පර්යේෂණාගාරයක කළ මිනුම් ඇසු‍රින් තරම් නිවැරදිභාවයක් මෙතන ගොඩනගා ගන්න බෑ.

    ලෝකෙ ඍජු වූ පුරුෂ ලිංගයක සාමාන්‍ය දිග සෙමි. 13.58ක් වෙනවා. ඒ කියන්නෙ අගල් 5.35ක්. රටවල් අනුව බැලුවම දිගම සාමාන්‍යය තියෙන්නෙ සෙමි 17.61ක්. ඒ කියන්නෙ අගල් 6.93ක්. මේ රට තමයි ඉක්වදෝරය. වැඩියෙන්ම සාමාන්‍ය ශරීර උස වාර්තා වෙන්නෙත් ඉක්වදෝරයෙන්. හැබැයි ඒක හැමතැනකදිම එහෙම වෙන්නෙ නෑ.

    පොඩිම ඍජුවූ ශිෂ්නයේ ඇවරේජ් එක වාර්තා වෙන්නෙ කාම්බෝජයෙන්. ඒක සෙමි. 10.01ක්. ඒ කියන්නෙ අගල් 3.95ක්.

    කෙලින් වුනාම පුංචිම පුරුෂ ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් අතර ලංකාවත් ඉන්නවා.

    1. කාම්බෝජය – අගල් 3.95
    2. තායිවානය අගල් 4.24
    3. පිලිපීනය අගල් 4.27
    4. ශ්‍රී ලංකාව අගල් 4.29
    5. හොංකොං අගල් 4.41
    6. බංග්ලාදේශය අගල් 4.41
    7. තායිලන්තය අගල් 4.51
    8. වියට්නාමය අගල් 4.52
    9. මැලේසියාව අගල් 4.52
    10. සිංගප්පුරුව අගල් 4.54

    ඉන්දියාව තමයි ලෝකෙ දෙවෙනියට කුඩාම පුරුෂ ලිංග සාමාන්‍යයක් තියෙන රට. අගල් 4යි. චීනෙ ඉන්නෙ ඉන්දියාවට වඩා චුට්ටක් ඉස්සරහින්. අගල් 4.3යි. උතුරු කොරියාව තමයි පුංචිම. අගල් 3.8යි. ඉතිං වෙන මොනවා නැති වුනත් ආසියාවෙ හැටියට අපේ පුරුෂ ලිංගෙ සයිස් එක ගැන නම් තරමක් ආඩම්බරෙන් පුළුවන්.

    කෙලින් වුනාම දිගම ලිංගයන් තියෙන පුද්ගලයෝ ඉන්න රටවල් තමයි මේවා.

    1. ඉක්වදෝරය – අගල් 6.93
    2. කැමරූන් අගල් 6.56
    3. බොලීවියාව අගල් 6.50
    4. සූඩානය අගල් 6.48
    5. හයිටිය අගල් 6.30
    6. සෙනෙගල් අගල් 6.26
    7. ගැම්බියාව අගල් 6.25
    8. කියුබාව අගල් 6. 25
    9. නෙදර්ලන්තය අගල් 6.25
    10. සැම්බියාව අගල් 6.21

  • Brown Alice – 14

    Brown Alice – 14

    අම්මට හිටපු boyfriends ලා ගැන කතා කරනකොට, හේමන්ත uncle ඇරුනම, මගෙ මතකෙට එන තව චරිත දෙකක් ඉන්නවා.
    එක්කෙනෙක් තමයි, කමල් uncle.
    අනිත් කෙනා, Jayantha uncle.

    කමල් uncle කියන්නෙ, අම්මා යාලු වුන අනිත් අය එක්ක බැලුවම එහෙම attractive looks තිබුන කෙනෙක් නෙමෙයි.
    ඒ වුනාට හරිම entertaining චරිතයක්.
    He had a good sense of humor.

    කමල් uncle එක්ක අම්මා යාලු වෙනකොට, මම ලොකුයි.
    මට එතකොට අවුරුදු 15ක් 16ක් විතර ඇති.
    මට වයස 19ක් විතර වෙනකන්ම වගේ අම්මා යාලු වෙලා හිටියෙ කමල් uncle එක්ක.
    බැඳලා වුනාට, separate වෙලා හිටියෙ.
    අම්මා ගැන ඒ aunty දැනගෙන හිටියෙ.

    මේ වෙද්දී අපේ ගෙදර තත්වෙ ගොඩක් වෙනස්.
    සිද්ධ වෙන හැමදේ ගැනම මම openly අම්මා එක්ක කතා කරන තත්වයක් තිබුනා.

    මට පොඩි කාලෙ ඉඳලම ප්‍රශ්නෙ තිබුනෙ අම්මත් එක්ක මිස එයා යාලු වුන අය එක්ක නෙමෙයි.
    ඒගොල්ලොත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න ඕනෙ ඒගොල්ලොන්ගෙ පවුල් වල අයට මිසක් මට නෙමෙයි කියන තැනයි මම හැමදාම හිටියෙ.

    කමල් uncle කියන්නෙ, අම්මා එක්ක යාලු වෙන්න කලින් ඉඳලම, අපේ ගෙදර ආව ගිය කෙනෙක්.
    ඒ නිසා, අම්මා එක්ක යාලු වුනා කියන එක, ඒ තිබුන හිතවත්කමට බාධාවක් වුනේ නැහැ.

    මම කොහොමත් පොඩි කාලෙ ඉඳලම, හැමෝම එක්ක හොඳින් කතාබහ කරලා ඉන්න උත්සහ කරන, හැමෝමත් එක්ක ආදරෙන් සම්බන්ධකම් හසුරුවන්න උත්සහ කරපු කෙනෙක්.
    පවුලෙ අය එක්ක, නෑදෑයො එක්ක, යාලුවෝ එක්ක, අපේ ගෙදර ගිය ආව ගිය, නවාතැන් ගත්ත ගොඩක් දෙනා එක්ක මට හොඳ බැඳීමක් තිබුනා.

    කමල් uncle හරිම funny, මිනිස්සුන්ව imitate කරන්න හරිම දක්ශයි.
    I liked his personality.
    අම්මයි කමල් අංකලුයි ගැන මට මතක විස්තර තමයි, දවසක් මම අම්මගෙ phone එකේ ඒ දෙන්නගෙ msgs වගයක් කියෙව්වා.
    ඒ මුලු chat එකේම තිබුනෙ ඒගොල්ලො sex කරපු විදිහ ගැන මතක ආවර්ජනා, අම්මාගෙ ඇඟ ගැන drool කරලා ආයිත් හම්බෙනකන් ඉවසිල්ලක් නැහැ කියලා එවලා තියෙන msgs.
    ඉස්සර inbox, sent msgs, කියලා වෙන වෙනම foldersනෙ තිබුනෙ, ඒ නිසා පිළිවෙලට conversation එකක් විදිහට එකින් එකට replies නැති වුනාට, it was clearly a sexting session.

    තව දවසක්, අම්මා මගෙත් එක්ක කිව්වා, කමල් uncleගෙ wife sex කරනකොට, ඇඳේ හාන්සි වෙලා, එකම විදිහට ඉන්නවා, මැරිලා වගේලු, කිසිම ප්‍රාණවත් ගතියක් නැහැ කියලා කමල් uncle කියනවා කියලා.

    ‘ඉතින් මිනිස්සු පිට යන එක අහන්න දෙයක්ද, පුතේ?’ වගේ අම්මා දෙන comments වලින්, sex කරලා තිබුනෙ නැති වුනාට, sex ගැන කිසිම විදිහක experience එකක්වත් මට තිබුනෙ නැති වුනාට, මම තේරුන් අරන් හිටිය දේ තමයි, ඇඳේ හාන්සි වෙලා එකම විදිහට ඉන්න එක ඒ කියන්නෙ සාර්ථක sex life එකකට විදිහ නෙමෙයි කියලා.

    මම ලොකු වෙන්න ලොකු වෙන්න, අපි හොඳින් කතාබහ කරලා ඉන්න හැම වෙලාවකම, අම්මා හරිම openly දේවල් මගෙත් එක්ක කිව්වා.

    මේ හේතුව හින්දම, අපි අතරේ මොන ප්‍රශ්නෙ තිබුනත්, හොඳ නරක කියන හැමදේ ගැනම අපේ ගෙදර open conversation එකක් හැම වෙලාවකම තිබුනා,
    ඕන දෙයක් ගැන ඒ දෙන්නත් එක්ක මට කියන්න පුලුවන් comfort එක තිබුනා.

    අම්මායි මායි අතරේ තිබුන relationship එක මම දකින්නෙ honest relationship එකක් විදිහට.
    Honest කියන එකෙන් අදහස් කරන්නෙ, සාර්ථක කියන එක නෙමෙයි.
    නමුත්, මම අම්මාගෙ ජීවන ක්‍රමයට අකමැතියි කියන එක, කෙලින්ම බය නැතුව අම්මගෙ මූණට කියන තත්වයක් අපි අතරේ තිබුනා.

    මට ප්‍රශ්නයක් වුන හැමදේ ගැනම මම ප්‍රශ්න කලා, රණ්ඩු වුනා, බැන ගත්තා, දවස් ගණන්, පස්සෙ පස්සෙ වෙනකොට මාස ගණන්, අවුරුද්දකටත් වඩා එහා කාලයක් මම අම්මාත් එක්ක කතා නොකර ඉඳලා තියෙනවා.

    මම අම්මාගෙ boyfriends ලා ගැන කියලා, අනන්ත අම්මාට අපහාස කරලා තියෙනවා.
    ඒක මාර වීරක්‍රියාවක් විදිහට හිතලත් තියෙනවා.
    දැන් හිතද්දි හිතෙනවා, මම ඒ හිතපු හැටි කොච්චර නම් naive ද කියලා.

    Naive විදිහට වුනත්, මගේ frustration එක මම නිදහසේ පිට කලා වගේම,
    මගේ ජීවිතේ සම්බන්ධයෙනුත් කිසිම දෙයක් මම අම්මගෙන් හංගලා නැහැ.

    නමුත් අම්මාගෙ thought process එක තේරුම් ගන්න එක තමයි, ළමයෙක් විදිහට මට තිබුන අමාරුම කාරණය වුනේ.
    එක්කෙනා පස්සෙ එක්කෙනා එක්ක අම්මා යාලු වෙනකොට, මම හිතුවෙ, අම්මාට තියෙන්නෙ commitment issue එකක් කියලා.
    එක එක පිරිමි ආශ්‍රය කරනකොට මම හිතුවෙ, satisfy කරගන්න බැරි sex අඩුවක් අම්මාට ඇති කියලා.
    මේ තත්වය comprehend කරගන්න වෙන විදිහක් මම දැනන් හිටියෙ නැහැ.

    කොහොමහරි, කමල් uncleගෙන් පස්සෙ අම්මාට තිබුන සම්බන්ධකම්, හරිම fast moving සම්බන්ධකම්.
    එහෙම long lasting relationships එතනින් පස්සෙ එයාට තිබුනෙම නැහැ.

    හේමන්ත uncle, කමල් uncle, එක්ක අම්මාට යම්කිසි emotional attachment එකකුත් තිබුනා කියලා පැහැදිලිවම පේන්න තිබුන දෙයක් වුනාට, පස්සෙ පස්සෙ එයා හරිම goal oriented තැනක ඉඳගෙනයි සම්බන්ධකම් ඇති කරගත්තෙ.
    කමල් uncleගෙන් පස්සෙ, I think she gave up on looking for intimacy in relationships.

    කමල් uncle එක්ක අම්මා break up වුන හේතුව නම් මම හරියටම දන්නෙ නැහැ,
    නමුත් එතනින් පස්සෙ තමයි, Jayanatha uncleව අම්මාට හම්බෙන්නෙ.
    එයත් එක්ක නම් යාලු වෙලා හිටියෙ අවුරුද්දක් විතර කාලයක්.

    අම්මා යාලු වුන අයගෙන් 8-5 job එකක් කරපු එකම කෙනා වුනේ, Jayantha uncle.
    අපේ සාමාන්‍යය circle එකෙන් පිට කෙනෙක් එක්ක කියලා අම්මා යාලු වුන පළවෙනි කෙනත්, Jayantha uncle.
    නමුත් ඒ අන්තිම කෙනා නෙමෙයි.

    සාමාන්‍යයෙන් ළමයි ඉන්න අය යාලු වුනාම, තම තමන්ගෙ පවුල් introduce කරනවා නෙ.
    හේමන්ත uncleගෙ ළමයිව මම අඳුරනවා.
    කමල් uncleගෙත් එහෙමයි.
    කොටින්ම, අම්මා කෙටි කාලෙකට යාලු වෙලා හිටපු වැලිකඩ OIC uncleගෙ ළමයිවත් මම දන්නවා.
    අදටත් මට, ඒ හැමෝමත් එක්ක සම්බන්ධකමුත් තියෙනවා.

    නමුත්, Jayantha uncleගෙ පවුලෙ කිසිම කෙනෙක් ගැන විස්තරයක් මම අදටත් දන්නෙ නැහැ.
    It was always him alone whenever I’ve met him.
    ඒකෙන් මට figure out වුනා, එයා බැඳලා, wifeට හොරෙන් මේක කරන්නෙ කියලා.
    මම අම්මාගෙන් ඒ ගැන ඇහුවම අම්මා ඒක confirm කලා, ඔව් එයා බැඳලා, ලොකු පුතාලා දෙන්නෙකුත් ඉන්නවා කියලා.

    දැන් මේක කියවන් යනකොට හිතෙන්න පුලුවන්, බැඳපු මනුස්සයෙක් එක්ක එහෙම සම්බන්ධකමක් පවත්වපු එක හරිද, මම මේ ඒක justify කරනවද කියලා.
    ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි,
    අපේ කැමැත්ත අකමැත්ත සහ reality එක කියන්නෙ දෙකක් කියන එක.
    බැඳපු මිනිස්සු, බැන්ද පලියට loyal වෙන්න ඕනෙ කියලා හිතන එක, reality එකෙන් එහාට ගිය fantasy එකක් විතරයි.

    ලංකාවෙ මිනිස්සු කසාද ඇතුලේ ඉන්නෙ ආදරේ ඇරෙන්න අනිත් හැම හේතුවක්ම නිසා.
    කසාද ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට වෙන relationships තියෙනවා කියන එක නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    මම මේ Jayantha uncleව justify කරනවා වත්, අම්මාව justify කරනවා වත් නෙමෙයි.
    මම කියන්නෙ, අනුන්ගෙ කසාද ඇතුලෙ ගන්න තීරණ ගැන අපිට judgements දෙන්න බැහැ කියන එක විතරයි.
    විශේෂයෙන්ම ලංකාවෙ කසාද ගැන.
    ලෝකෙට මූණ දෙන්න බැරි වෙන හින්දා හරි,
    ළමයි වෙනුවෙන් හරි එකට ඉන්න කසාදනෙ බහුතරයක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ.
    ඉතින් එහෙම reality එකක, බැඳපු මනුස්සයෙක්ට වෙන ගෑනියෙක් ඉන්නවා කියන එකේ හරි වැරැද්ද අපි හොයන්නෙ කොහොමද?

    කොහොම වුනත්, අම්මාගෙ පැත්තෙන් නම්, Jayantha uncle ගැන එහෙම කිසි ලෙංගතුකමක් තිබුනා කියලා මට දැනිලා තිබුනෙ නැහැ.
    හැබැයි එයාට නම් අම්මා ගැන හරිම affectionate හැඟීමක් තිබුනා කියලා පෙනුනා.
    හරි ආදරෙන් අම්මා ගැන බැලුවා.

    මේ වෙද්දී මට වයස 19ක්, 20ක් වගේ ඇති.
    මමත් ගොඩක් යාලුවෝ ආශ්‍රය කලා, boyfriends ලා හිටියා, මට තිබුන ලොකුම බය වුනෙ අම්මා ගැන මම ආශ්‍රය කරන මගේ circle එකේ අය, මගේ boyfriendsලා දැනගනීද කියලා.
    එහෙම වුනොත්, වෙන ලැජ්ජාව ගැන, මගෙ reputation එක ගැන මම නොසෑහෙන්න වද වුනා.

    දැන් නම් මම, ඒ බරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලයි ඉන්නෙ.
    ඒ gratitude එක දෙන්න ඕනෙ වෙන කාටවත් නෙමෙයි, ඇමෙරිකාවට.

    කවුරුහරි කෙනෙක් මට දැන් අම්මාගෙ ජීවිතේ සම්බන්ධයෙන් මොනාහරි කිව්වොත් මම කෙලින්ම අහන්නෙ,
    ‘ඔව්, ඉතින්? මොකද්ද ප්‍රශ්නෙ?’
    කියලා විතරයි.

    මගෙ වටේ ඉන්නෙ, මම ආශ්‍රය කරන්නෙ, මාව මේ ඉන්න විදිහට, accept කරන අය විතරයි.
    මගේ ජීවිතේට මට ඕනෙත්, එහෙම මිනිස්සු විතරයි.
    මගේ scars ලැජ්ජාවක් විදිහට නැතුව, ආභරණයක් විදිහට පළඳින එක ගැන මාව අගය කරන මිනිස්සු විතරක් මගේ වටේ හිටියොත් මට ඒ ඇති.

    මම කලිනුත් කියලා තියෙනවා වගේ, අපේ ගෙදර කියන්නෙ, හැම වෙලාවකම සෙනඟ ගැවසුන තැනක්.
    නෑදෑයෝ, අම්මලගෙ රට ඉන්න යාලුවෝ කාලෙන් කාලෙට ඇවිත් නැවතිලා හිටිය තැනක්.
    අම්මගෙ සහෝදරයෝ කසාඳ බැඳලා යනකන්, ගෙවල් දොරවල් හදාගන්නකන් හිටිය තැනක්.
    ආච්චියි, සීයයිත් නැවතිලා හිටපු තැන.
    තව servants ලා, driversලා,
    හැම කාලෙකම අඩුම 7,8ක් වත් කට්ටිය හිටිය ගෙදරක්.
    It was always a full house.

    අපේ ගෙදර නැවතුන අය ගැන ලියද්දි, නොලියාම බැරි කෙනෙක් ඉන්නවා.
    ඒ තමයි, අරලියා.
    අම්මගෙ මල්ලි කෙනෙක් බැන්දා නුවරඑළිය පැත්තෙ, එයාට වඩා ගොඩක් වයසින් බාල girl කෙනෙක්ව.
    ඒ girlගෙ ගෙදර තව board වෙලා හිටියා girl කෙනෙක්, ඒ තමයි අරලියා.
    ඒ වෙද්දි, මට මතක විදිහට වයස 22ක් විතර ඇති.
    ඇත්තටම එයා අරලිය මලක් වගේ ලස්සනයි.

    සුදුයි, ඉණ හරිම හැඩයි, boobs ලොකුයි, පිරිලා.
    කොණ්ඩෙ ඉණ ගාවට විතර දිගයි, straight කලු කොණ්ඩයක් තිබුනෙ.
    ඉණ හැඩ නිසා, boobs දෙක තව ලස්සනට කැපිලා පෙනුනා.
    Dimple එකක් තියෙනවා හිනා වෙනකොට.
    Blue eyes.

    Wedding එක කාලෙ, හැම වැඩකටම දුවලා පැනලා උදව් කරලා, පවුලෙ කෙනෙක් වගේ ලෙංගතුකමින් අපි හැමෝම එක්ක යාලු වුනා.
    Wedding එක ඉවර වෙලා, අපි ආයිත් යන දවසෙ, තාත්තා අරලියාට කිව්වා කොළඹ ගිහින් job එකක් කරන්න කැමතියි නම්, අම්මලගෙනුත් අහලා තාත්තාට කතා කරන්න කියලා.

    ඒ විදිහට තමයි අරලියා අපේ ගෙදර නවතින්න එන්නෙ.
    මට හොඳට මතකයි එයා මුලින්ම අපෙ ගෙදර ආපු දවස.
    සුදු රෝස පාට දණිස්ස ළඟට විතර ගවුමක් ඇඳලා, කොණ්ඩෙ ponytail එකක් දාලා, දුඹුරු පාට පටි දාපු sandals දෙකක් දාලා,
    තියෙන විදිහට, දන්න තරමින්, charming විදිහට ඇඳලා හිටියා.

    ඒ දවස්වල තාත්තා එයාගෙ යාලුවෙක් එක්ක, කොළඹ office එකක් කලා.
    ඒ office එකේ අරලියාට job එකක් දුන්නා.

    පළවෙනි පාරට office යන්න කලින්, අම්මා අරලියාව shopping එක්කන් ගිහින්, ඇඳුම් අරන් දීලා, eyebrows pluck කරලා, facial එකක් කරවලා, කොණ්ඩෙත් ලස්සනට layer කරලා එක්කන් ආවා.
    එදා නම් තනිකරම doll කෙනෙක් වගේ, මට තාම මතකයි ඒ මූණ.

    ‘අපෝ කොණ්ඩෙ කපන්න බැහැ’
    ‘අනේ ඕවා අඳින්න බැහැ’ වගේ typical ගමේ කෙල්ලොන්ට තියෙන බය අරලියාට තිබුනෙ නැහැ.
    She loved fashion, and loved how it made her look.
    හරිම proudly එයාගෙ transformation එක එයා own කලා.

    Office යන්න අඳින්න ගත්තාම, she killed it.
    Flared pants එක්ක shirts, කොට tight skirts එක්ක flared blouses, formal dresses;
    කොණ්ඩෙ කඩලා දාලා, එහෙම නැත්නම් high ponytail එකක් දාලා, bold lipstick ගාලා she flaunted herself to the maximum.
    නුවරඑළියේ ඉඳන් ආවාද කියලා හිතාගන්න බැරි තරමට, හරි ඉක්මනට එයා කොළඹට adapt වුනා.

    තාත්තා උදේට මාව ඉස්කෝලේ දාලා, අරලියාවත් office එකෙන් බස්සනවා.
    තාත්තාත් තමන්ගෙ පවුලේ කෙනෙක්ට වගේම අරලියාට ආදරෙ කලා, එයත් එහෙම්මමයි.

    අම්මාට ඒ ගැන ඊරිසියාවක් තිබුනා කියලා කරපු සමහර විහිලු වලින් ලාවට මට දැනිලා තිබුනා වුනාට, අම්මාත් අරලියාට සැලකුවෙ එයාගෙම පවුලේ කෙනෙක්ට වගේ.
    අරලියාත්, අපි හැමෝගෙම ආදරේ දිනාගත්තා.

    එහෙම අපිත් එක්ක කාලයක්ම ඉඳලා, අපි අඳුරන පවුලක කෙනෙක් එක්කම යාලු වෙලා අරලියා marry කලා.
    Wedding එකේ හැම දේකටම වියදම් කලෙත් අම්මයි තාත්තායි.
    පිඟන් කෝප්පෙ ඉඳලා, fridge එක වෙනකන්ම දේවල් අරන් දීලා යැව්වෙ හරියට මම බැඳලා ගියා වගේ.
    පවුලෙ මිනිස්සුවත් නොකරන තරමේ දේවල්, අනිත් පැත්තට මොනවත්ම බලාපොරොත්තු නොවී ආදරෙන් ඒ දෙන්නා කලා.

    තාත්තා මට විස්තරාත්මකව කියලා නැති වුනාට, අරලියා එක්ක තිබුනෙ ආදරයක් කියන එක, කෙලින්ම නැතත්, කතාවෙන් කතාව මට කියලා තියෙනවා.
    කොයිතරම් දුර ගිය සම්බන්ධකමක්ද කියන්න මම දන්නෙ නැති වුනාට, යම්කිසි දුරකට ගිය සම්බන්ධකමක් තියෙන්න ඇති කියන එක පිළිගන්න අමාරුත් නැත්තෙ ඒ දෙන්නාට දෙන්නා අතරේ පැහැදිලි බැඳීමක් තිබුනා කියලා බලපු ඕනෙ කෙනෙක්ට පේන්න තිබුන නිසා.

    ඒකට මම දීපු නිර්වචනය වුනේ, තාත්තා අරලියාට දුවෙක්ට වගේ ආදරේ කලා කියන එක.
    නමුත් ආයිත් සැරයක්, ඒ මගේ naive කියවීම.

    අම්මා නම්, අනිවාර්යයෙන්ම ඒ bond එක මොන වගේ එකක්ද කියන එක හොඳාකාරවම දැනගෙන හිටියා.
    එයාට jealous හිතෙන්නත් හේතුව වුනේ, අම්මාට හැමදාම කවුරුහරි හිටියා වුනාට, තාත්තාට එහෙම අම්මා ඇරෙන්න වෙන කවුරුවත්ම හිටියේ නැති නිසා.
    අම්මා දැනන් හිටියා, අරලියා කියන්නෙ තාත්තාගෙ ජීවිතේට matter වුන කෙනෙක් කියලා.

    මිනිස්සු අතරෙ ඇතිවෙන බැඳීම්, සම්බන්ධකම්, ගොඩනැගෙන්නෙ කොයි විදිහටද කියලා කියන්න අපි කාටවත්ම බැහැ.
    ජීවිතේ කොතනදි, කාව, කොයි විදිහට මුණගැහෙනවද කියන්න අපි දන්නෙත් නැහැ.
    හරි වැරදි කියලා දෙයක් බැඳීම් වලට නැහැ.
    තියෙන්නෙ, අපි බැඳීම් හසුරුවන විදිහෙ හරි වැරැද්ද විතරයි.

    මම ලොකු වුනේම මිනිස්සු අතරෙයි, ගොඩක් බැඳීම් අතරෙයි.
    ඒකෙ හොඳ සහ නරක කියන දෙකම එක විදිහට තිබුනා.
    නමුත්, ආව ගිය හැම කෙනාම සුන්දර මිනිස්සු නෙමෙයි.
    එක එක ජාතියේ මිනිස්සු ආවා ගියා.

    ඒ විවිධාකාර මිනිස්සු අතරේ, මාව අතපත ගාන්න ආපු, කෙලින්ම මගෙ කාමරේට දොර ඇරගෙන ආපු, බලෙන් මාව බදාගෙන kiss කරන්න හදපු කෙනෙක් හිටියා.

    මම ඒ හැම වෙලාවකම කලේ, ළඟට ආවොත් කෑගහනවා කියලා, ළඟට ආපු හැම සැරේකම එයාව බය කරපු එක.
    එනවා දකිනකොට කාමරේ දොර lock කරගත්ත එක.

    හැම වෙලාවකම ඒ situations වලින් බේරෙන්න පුළුවන් කියල විශ්වාසයක් මට තිබුන. ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා, victimize වුනේ නං නැහැ කවදාවත්.

    මම හිතුවෙ, ලස්සන කෙල්ලෙකුට ඒවට බයවෙලා මේ රටේ ජීවත් වෙන්න බෑ කියලයි. .
    ලස්සන වෙන්න ඕනෙ කියලා දේකුත් නැහැ ඇත්තටම.
    ලංකාවෙ පිරිමි ගැන මට ලොකු වෙනකොට ‍හොඳ understanding එකක් තිබුණ. පිරිමි කොයිතරං දුර්වලද කියල මං දැනගෙන හිටියා.
    කිසි කෙනෙකුගේ බලහත්කාරයකට යට නොවී ඉන්න බය නැති වුනෙත් ඒ වගේ පිරිමි එක්ක ලබපු අත්දැකීම් නිසයි.
    ලංකාවෙ ඉන්න කාලෙ sex කරනවා කියන එක ගැන මට තිබුන ලොකුම අවුල ‍ මේ වගේ පිරිමි ගැන දැනුන දුබල හැගීම.

    ඔය විදිහට ගෙවුන මගේ ජීවිතේ, ලොකු වෙන්න වෙන්න, මට තිබුන ලොකුම insecurity එකක් වුනේ, මටත් අම්මාට වගේම commitment issue එකක් තියෙනවද කියන එක.
    ලංකාවෙදි මම යාලු වුන කිසි කෙනෙක් එක්ක long term relationship එකකට මට යන්න බැරි වුනාම, එහෙම interest එකක් මට ඒ කිසි කෙනෙක් ගැන නොතිබුනාම,
    I began to wonder if I was also like her.

    මේ හේතු හැම එකක්ම බලපෑවා මම කලින් chapter එකක ලියපු, මට තිබුන එකම long term relationship එක, ඒ විදිහට long term වෙන්නත්.
    මටම point එකක් prove කරන්න මට උවමනාව තිබුනා, මට commit වෙන්න පුලුවන් කියලා.

    අම්මත් එක්ක මට තිබුනෙ honest relationship එකක් කියන එකට තව නිදසුන් තමයි, ඇමෙරිකාවේ ඇවිත් කොල්ලෙක් එක්ක living together ඉන්න පටන් ගත්තම, ඒ ගැන පවා මම අම්මාගෙන් හැංගුවෙ නැහැ.
    මුලින්ම weed ගහන්න පටන් ගත්තම,
    මුලින්ම cigarette එකක් smoke කලාම,
    liquor බොන්න පටන් ගත්තම,
    මේ හැම දෙයක් ගැනමත් මම ඒ දෙන්නාගෙන්ම හංගලා නැහැ.

    මම ඇමෙරිකාවේ ගියා වුනත්, මං ගැන grip එකක් ඒ දෙන්නා තියාගත්තෙ මගෙ ජීවිතේ මම ආස විදිහට ගෙනියන්න ඉඩ දීලා, ඒ හරහා මගේ ජීවිතේට naturally ඇතුල් වෙන්න ඉඩ හදාගෙනයි.

    තාත්තා විතරක් නෙමෙයි, අම්මත් ඒ කාලෙ ඉඳලම බිව්වා, smoke කලා.
    Drive කරන් කඩේට ගිහිල්ලා එයාට අවශ්‍ය cigarette pack එක අරගෙන ආවා.
    අරයා මෙයා දකී, කවුරු මොනා හිතයිද, වගෙ දේවල් තිබුනෙම නැහැ.
    ඒ ගතිගුණ අඩු වැඩි වශයෙන් මට තියෙනවා කියලා ඒ දෙන්නම දැනගෙන හිටියා.

    බොරු නීති රීති, unrealistic bubbles, අම්මටයි තාත්තාටයි දෙන්නටම තිබුනෙ නැහැ.
    මම ඒගොල්ලො එක්ක ජීවත් වුන කාලෙ ඉවරයි, දැන් මම තනියෙන් මගේ ජීවිතේ ගෙනියන කාලෙ කියන එකට ඒ දෙන්නා හරි ලස්සනට හැඩගැහුනා.

    මම යාලු වෙලා හිටිය කෙනාට අම්මා පොඩ්ඩක් වත් කැමති නැති වුනත්,
    Living together ඉන්නවා කිව්වම අම්මා මට හැම වෙලේම කිව්වෙ, birth control pills වලට දැන්ම පුරුදු වෙන්නෙ නැතුව, condoms ළඟ තියාගන්න කියලා.
    ඒ අතින්, හරිම progressive විදිහට හිතන අම්මා කෙනෙක් මට ඉන්නෙ කියන එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්.
    අම්මා වගේම තාත්තාත්.

    ඇත්තටම, Brown Alice කියන්නෙ, සම්මතය තුට්ටුවකට ගණං නොගෙන ජීවත් වුනු අම්මාව අගය කරන, අම්මා ගැන හදවතින්ම ආඩම්බර වෙන, තාත්තා ගැනත් කියාගන්න බැරි තරමේ පැහැදීමක් තියෙන දුවෙකුගෙ කතාවක්.

    අම්මායි තාත්තායි ජීවත් වුනේ, මම personally කැමති විදිහට නෙමෙයි වුනත්, ඒක ඒ දෙන්නගෙ choice එක කියන එකට ගරු කරන්න පුලුවන් maturity එකක් අද මට තියෙනවා.

    මගේ ඇතුලේ ඉන්න ළමයා,
    මගෙ ඇතුලේ ඉන්න teenager,
    කියන දෙන්නම අද මම මේ දරන මතයට කීයටවත් එකඟ වෙන එකක් නැහැ.
    නමුත්, ඒ දෙන්නා මගෙත් එක්ක එකඟ නොවීමම තමයි, මම ජීවිතේ යම්කිසි තරමකින් හෝ පරිණත වෙලා තියෙනවා කියන එකට මට තියෙන එකම guarantee card එකත්.

    මේ ජීවිත කතා වලින් ටිකකට මිදෙන්න ඕනෙ කියලා මට හිතුනා.
    ඒ නිසා, මම ආසම කෙනෙක් ගැන, ඕගොල්ලො හැමෝමත් දන්න කියන කෙනෙක් ගැන, මට තියෙන wild fantasy එකක් ගැන, ඊළඟ chapter එකෙන් ලියන්නම්.

    අපි ඉක්මනින් මුණගැහෙමු.

  • අපිට පුළුවන් මුනගැහිලා කතා කරන්න

    අපිට පුළුවන් මුනගැහිලා කතා කරන්න

    මට නිතර නාඳුනන යාළුවො කතා කරනවා. ඒ අයට වෙන කාත් එක්කවත් කියන්න බැරි කතා බෙදාහදාගන්නවා. සමහර අය ඒ අයගෙ ආශාවන් රුචිකත්වයන් නිසා ඒ අය විපරීතද කියල බයෙන් සැකෙන් ඉන්නවා. තමන්ගේ ආශාව මානසික රෝගයක්ද කියල තැවෙනවා.

    ලංකාවෙ මනෝ උපදේශනය තියෙන්නෙ ඉතාම පහළ මට්ටමක. උදා විදිහට සංක්‍ර‍ාන්ති ලිංගිකයෙක් නව යොවුන් වයසෙදි තමන්ට දැනෙන වෙනස කියන්න මනෝ උපදේශකයෙක් මුනගැහුනම කොහොම හරි විෂම ලිංගිකයෙක් වෙලා සාමාන්‍ය වෙන්න උත්සාහ කරන්න කියන වර්ගයේ උපදෙස් ලැබුනු අය මට මුනගැහිලා තියෙනවා. බහුතරයක්ම මේ උපදේශකයන් අනෙකාව සංස්කෘතිකව විනිශ්චය කරනවා. තමන්ගේ සංස්කෘතික අගතීන් අනෙකා මත පටවනවා.

    එහෙම ලේසියෙන් තමන් රෝගී යැයි පිළිගන්න අකමැති ශක්තිමත් ගැහැණු පිරිමි සහ වෙනත් අය මට කතා කරනවා. මං විධිමත්ව මනෝ විද්‍යාව හෝ වෙනත් කිසිම විෂයක් හදාරා සහතික ලද්දෙක් නෙමෙයි. වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරන ප්‍රතිකාර කිරීමේ හැකියාවක් මට නෑ.

    නමුත් මං ඉතා හොඳ සවන් දෙන්නෙක්. විනිශ්චය නොකරන්නෙක්. මිනිස් ජීවිතේ විවිධත්වයට ආදරය කරන්නෙක්. විශ්වාසවන්ත යාලුවෙක්. ඒ හින්ද ඔයාව පෙළන ආදරය හෝ ලිංගික කාරණා සම්බන්ධ ඕනෑම දෙයක් අපිට බෙදාහදාගන්න පුළුවන්. හොඳ නරක යැයි සම්මත සීමාවලින් ඔබ්බෙහි මිනිස් අවකාශයක අපිට මිතුරන් හැටියට මුනගැහෙන්න පුළුවන්. බොහොමයක් තැවුල් පීඩනවල දැරිය නොහැකි වේදනාව වෙන්නෙ විවෘතව අසා සිටින හෝ බාරගන්නාසුලු මිත්‍රත්වයක් නැතිකමයි.

    ඒ වගේ කතා කරන්න දේවල් තියෙනවා නම් පහත ලින්ක් එකෙන් පැයක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. සතියෙ හැම බදාදාම පැය දෙකක් මං මේ වෙනුවෙන් වෙන් කරන්න කල්පනා කළා. කිසිම මුදල් අයකිරීමක් නෑ. එක්කෙනෙක් පැයකට වඩා වෙන් කරන්න එපා.

    මුනැගහෙන තැන තිඹිරිගස්යායෙ, ස්පැතෝඩියා ඇවනියුහි ෆ්‍රීඩම්හබ් ආයතනය.

    වෙලාවක්ලි වෙන් කරගැනීමට Link එක මෙන්න.
    https://calendly.com/chinthana/60min

  • සමලිංගිකත්වයට එරෙහි නීති වෙනස් කරන්න පොහොට්ටුවෙන් පණතක්

    සමලිංගිකත්වයට එරෙහි නීති වෙනස් කරන්න පොහොට්ටුවෙන් පණතක්

    ලංකාවෙ සමලිංගිකත්වය අපරාධයක් කරමින් තවමත් නීතිපොතේ පවත්නා යටත්විජිත නීති ඉවත් කිරීම පිණිස වූ පණතක් අද අගෝස්තු 24 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තමන් සමලිංගික බව විවෘතව පිළිගත් අපේ රටේ එකම දේශපාලකයා වන මංගල සමරවීරගේ නික්ම යාමෙන් වසරක් ගතවන දිනයේ මේ පණත කතානායකවරයාට බාරදීම විශේෂත්වයක්.

    තවත් අමතක නොකළ යුතු සුවිශේෂ කාරණයක් වන්නේ මෙය පුද්ගලික පණතක් ලෙස ඉදිරිපත් කරන්නෙ පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලේවත්ත වීමයි. සමලිංගික නිදහස ගැන කයිවාරු ගහන තවත් කොතෙක් ප්‍රගතිශීලීන් පාර්ලිමේන්තුවේ සිටියත් අවසානයේ පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් අතින්ම මෙය ඉදිරිපත් වීම අයිරනියක්.

    මේ පණත සකස් කිරීම සඳහා තමන්ට සහාය දීම වෙනුවෙන් සංජීව විමලගුණරත්න සහ අකලංක හෙට්ටිආරච්චිට දොලේවත්ත මන්ත්‍රීවරයා විසින් ස්තුතිය පළ කර තිබුණ.

    පොහොට්ටුව යනු මීට වසර කීපයකට ඉහත සමලිංගිකත්වය සහ මිනිස් ලිංගික නිදහස දැඩිවම යටපත් කළ ඊනියා සදාචාරය දඩමීමා කරගත් පක්ෂයයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමග පොහොට්ටුවෙන් සමලිංගික නිදහස ලබාගැනීම උදෙසා පණතක් ඉදිරිපත් වීම ලොකු සංස්කෘතික පෙරලියක ලකුණක්. රනිල් පොහොට්ටු පාක්ෂිකයන් ඒ අයගෙ උවමනා පිණිස යොදවනවාද නැත්නම් රනිල් විසින් පොහොට්ටුවේ බලය තමන්ගේ උවමනා වෙනුවෙන් යොදාගන්නවාද යන්න නැවත විමසා බැලිය යුතු කාරණයක් වෙනවා.

    ලංකාවෙ කළ යුතු ප්‍රගතිශීලී වෙනස්කම් කරනවා එය කළ හැක්කේ ජාතිවාදයේ ආගම්වාදයේ උරුමය දරන පොහොට්ටුව ඇතුලෙන්ම විතරයි. මේ රට විශාල අගාධයක් කරා ගෙන යන්නට ලිංගිකත්වය යටපත් කිරීම හරහා දැවැන්ත මෙහෙවරක් ඉටු කළ පොහොට්ටුවේ ප්‍රගතිශීලී කොටස් මෙබඳු සංස්කෘතික වෙනස්කම් වෙනුවෙන් පෙරමුණ ගැනීම වැදගත් කාරණයක්. හුදු හොරකම් ඇල්ලීමේ උමතුවෙන් ලුහුබැඳීම පසෙක ලා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලැබී ඇති අවස්ථාව පාවිච්චියට ගැනීමයි ප්‍රඥාවන්ත වෙන්නෙ.

    පවතින දණ්ඩ නීති සංග්‍රහයේ 360 කොටස අනුව ඕනෑම පිරිමියෙක් ගැහැණියක් සහ සතෙක් සමග සොබාදහමට එරෙහි ලිංගික එක්වීමක් පැවැත්වීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ අනුව මුඛ සංසර්ගයක් වුවත් සිරගත වීමට හේතුවක් වෙන්න පුළුවන්. 365ඒ වගන්තිය අනුව පුද්ගලයන් දෙදෙනෙක් අතර අසභ්‍ය හැසිරීමක් දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. රාජ්‍යය විසින් පුද්ගලයන්ගේ නිදන කාමර තුලට එබී බලන මෙවන් විකාරසහගත නීති වෙනස් විය යුතු බව මේ සියවසේ ජීවත්වෙන ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. ප්‍රමාද වී හෝ ඒ සඳහා ක්‍රියාත්මක වීම අගය කළ යුතු කාරණයක්.