අම්මට හිටපු boyfriends ලා ගැන කතා කරනකොට, හේමන්ත uncle ඇරුනම, මගෙ මතකෙට එන තව චරිත දෙකක් ඉන්නවා.
එක්කෙනෙක් තමයි, කමල් uncle.
අනිත් කෙනා, Jayantha uncle.

කමල් uncle කියන්නෙ, අම්මා යාලු වුන අනිත් අය එක්ක බැලුවම එහෙම attractive looks තිබුන කෙනෙක් නෙමෙයි.
ඒ වුනාට හරිම entertaining චරිතයක්.
He had a good sense of humor.

කමල් uncle එක්ක අම්මා යාලු වෙනකොට, මම ලොකුයි.
මට එතකොට අවුරුදු 15ක් 16ක් විතර ඇති.
මට වයස 19ක් විතර වෙනකන්ම වගේ අම්මා යාලු වෙලා හිටියෙ කමල් uncle එක්ක.
බැඳලා වුනාට, separate වෙලා හිටියෙ.
අම්මා ගැන ඒ aunty දැනගෙන හිටියෙ.

මේ වෙද්දී අපේ ගෙදර තත්වෙ ගොඩක් වෙනස්.
සිද්ධ වෙන හැමදේ ගැනම මම openly අම්මා එක්ක කතා කරන තත්වයක් තිබුනා.

මට පොඩි කාලෙ ඉඳලම ප්‍රශ්නෙ තිබුනෙ අම්මත් එක්ක මිස එයා යාලු වුන අය එක්ක නෙමෙයි.
ඒගොල්ලොත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න ඕනෙ ඒගොල්ලොන්ගෙ පවුල් වල අයට මිසක් මට නෙමෙයි කියන තැනයි මම හැමදාම හිටියෙ.

කමල් uncle කියන්නෙ, අම්මා එක්ක යාලු වෙන්න කලින් ඉඳලම, අපේ ගෙදර ආව ගිය කෙනෙක්.
ඒ නිසා, අම්මා එක්ක යාලු වුනා කියන එක, ඒ තිබුන හිතවත්කමට බාධාවක් වුනේ නැහැ.

මම කොහොමත් පොඩි කාලෙ ඉඳලම, හැමෝම එක්ක හොඳින් කතාබහ කරලා ඉන්න උත්සහ කරන, හැමෝමත් එක්ක ආදරෙන් සම්බන්ධකම් හසුරුවන්න උත්සහ කරපු කෙනෙක්.
පවුලෙ අය එක්ක, නෑදෑයො එක්ක, යාලුවෝ එක්ක, අපේ ගෙදර ගිය ආව ගිය, නවාතැන් ගත්ත ගොඩක් දෙනා එක්ක මට හොඳ බැඳීමක් තිබුනා.

කමල් uncle හරිම funny, මිනිස්සුන්ව imitate කරන්න හරිම දක්ශයි.
I liked his personality.
අම්මයි කමල් අංකලුයි ගැන මට මතක විස්තර තමයි, දවසක් මම අම්මගෙ phone එකේ ඒ දෙන්නගෙ msgs වගයක් කියෙව්වා.
ඒ මුලු chat එකේම තිබුනෙ ඒගොල්ලො sex කරපු විදිහ ගැන මතක ආවර්ජනා, අම්මාගෙ ඇඟ ගැන drool කරලා ආයිත් හම්බෙනකන් ඉවසිල්ලක් නැහැ කියලා එවලා තියෙන msgs.
ඉස්සර inbox, sent msgs, කියලා වෙන වෙනම foldersනෙ තිබුනෙ, ඒ නිසා පිළිවෙලට conversation එකක් විදිහට එකින් එකට replies නැති වුනාට, it was clearly a sexting session.

තව දවසක්, අම්මා මගෙත් එක්ක කිව්වා, කමල් uncleගෙ wife sex කරනකොට, ඇඳේ හාන්සි වෙලා, එකම විදිහට ඉන්නවා, මැරිලා වගේලු, කිසිම ප්‍රාණවත් ගතියක් නැහැ කියලා කමල් uncle කියනවා කියලා.

‘ඉතින් මිනිස්සු පිට යන එක අහන්න දෙයක්ද, පුතේ?’ වගේ අම්මා දෙන comments වලින්, sex කරලා තිබුනෙ නැති වුනාට, sex ගැන කිසිම විදිහක experience එකක්වත් මට තිබුනෙ නැති වුනාට, මම තේරුන් අරන් හිටිය දේ තමයි, ඇඳේ හාන්සි වෙලා එකම විදිහට ඉන්න එක ඒ කියන්නෙ සාර්ථක sex life එකකට විදිහ නෙමෙයි කියලා.

මම ලොකු වෙන්න ලොකු වෙන්න, අපි හොඳින් කතාබහ කරලා ඉන්න හැම වෙලාවකම, අම්මා හරිම openly දේවල් මගෙත් එක්ක කිව්වා.

මේ හේතුව හින්දම, අපි අතරේ මොන ප්‍රශ්නෙ තිබුනත්, හොඳ නරක කියන හැමදේ ගැනම අපේ ගෙදර open conversation එකක් හැම වෙලාවකම තිබුනා,
ඕන දෙයක් ගැන ඒ දෙන්නත් එක්ක මට කියන්න පුලුවන් comfort එක තිබුනා.

අම්මායි මායි අතරේ තිබුන relationship එක මම දකින්නෙ honest relationship එකක් විදිහට.
Honest කියන එකෙන් අදහස් කරන්නෙ, සාර්ථක කියන එක නෙමෙයි.
නමුත්, මම අම්මාගෙ ජීවන ක්‍රමයට අකමැතියි කියන එක, කෙලින්ම බය නැතුව අම්මගෙ මූණට කියන තත්වයක් අපි අතරේ තිබුනා.

මට ප්‍රශ්නයක් වුන හැමදේ ගැනම මම ප්‍රශ්න කලා, රණ්ඩු වුනා, බැන ගත්තා, දවස් ගණන්, පස්සෙ පස්සෙ වෙනකොට මාස ගණන්, අවුරුද්දකටත් වඩා එහා කාලයක් මම අම්මාත් එක්ක කතා නොකර ඉඳලා තියෙනවා.

මම අම්මාගෙ boyfriends ලා ගැන කියලා, අනන්ත අම්මාට අපහාස කරලා තියෙනවා.
ඒක මාර වීරක්‍රියාවක් විදිහට හිතලත් තියෙනවා.
දැන් හිතද්දි හිතෙනවා, මම ඒ හිතපු හැටි කොච්චර නම් naive ද කියලා.

Naive විදිහට වුනත්, මගේ frustration එක මම නිදහසේ පිට කලා වගේම,
මගේ ජීවිතේ සම්බන්ධයෙනුත් කිසිම දෙයක් මම අම්මගෙන් හංගලා නැහැ.

නමුත් අම්මාගෙ thought process එක තේරුම් ගන්න එක තමයි, ළමයෙක් විදිහට මට තිබුන අමාරුම කාරණය වුනේ.
එක්කෙනා පස්සෙ එක්කෙනා එක්ක අම්මා යාලු වෙනකොට, මම හිතුවෙ, අම්මාට තියෙන්නෙ commitment issue එකක් කියලා.
එක එක පිරිමි ආශ්‍රය කරනකොට මම හිතුවෙ, satisfy කරගන්න බැරි sex අඩුවක් අම්මාට ඇති කියලා.
මේ තත්වය comprehend කරගන්න වෙන විදිහක් මම දැනන් හිටියෙ නැහැ.

කොහොමහරි, කමල් uncleගෙන් පස්සෙ අම්මාට තිබුන සම්බන්ධකම්, හරිම fast moving සම්බන්ධකම්.
එහෙම long lasting relationships එතනින් පස්සෙ එයාට තිබුනෙම නැහැ.

හේමන්ත uncle, කමල් uncle, එක්ක අම්මාට යම්කිසි emotional attachment එකකුත් තිබුනා කියලා පැහැදිලිවම පේන්න තිබුන දෙයක් වුනාට, පස්සෙ පස්සෙ එයා හරිම goal oriented තැනක ඉඳගෙනයි සම්බන්ධකම් ඇති කරගත්තෙ.
කමල් uncleගෙන් පස්සෙ, I think she gave up on looking for intimacy in relationships.

කමල් uncle එක්ක අම්මා break up වුන හේතුව නම් මම හරියටම දන්නෙ නැහැ,
නමුත් එතනින් පස්සෙ තමයි, Jayanatha uncleව අම්මාට හම්බෙන්නෙ.
එයත් එක්ක නම් යාලු වෙලා හිටියෙ අවුරුද්දක් විතර කාලයක්.

අම්මා යාලු වුන අයගෙන් 8-5 job එකක් කරපු එකම කෙනා වුනේ, Jayantha uncle.
අපේ සාමාන්‍යය circle එකෙන් පිට කෙනෙක් එක්ක කියලා අම්මා යාලු වුන පළවෙනි කෙනත්, Jayantha uncle.
නමුත් ඒ අන්තිම කෙනා නෙමෙයි.

සාමාන්‍යයෙන් ළමයි ඉන්න අය යාලු වුනාම, තම තමන්ගෙ පවුල් introduce කරනවා නෙ.
හේමන්ත uncleගෙ ළමයිව මම අඳුරනවා.
කමල් uncleගෙත් එහෙමයි.
කොටින්ම, අම්මා කෙටි කාලෙකට යාලු වෙලා හිටපු වැලිකඩ OIC uncleගෙ ළමයිවත් මම දන්නවා.
අදටත් මට, ඒ හැමෝමත් එක්ක සම්බන්ධකමුත් තියෙනවා.

නමුත්, Jayantha uncleගෙ පවුලෙ කිසිම කෙනෙක් ගැන විස්තරයක් මම අදටත් දන්නෙ නැහැ.
It was always him alone whenever I’ve met him.
ඒකෙන් මට figure out වුනා, එයා බැඳලා, wifeට හොරෙන් මේක කරන්නෙ කියලා.
මම අම්මාගෙන් ඒ ගැන ඇහුවම අම්මා ඒක confirm කලා, ඔව් එයා බැඳලා, ලොකු පුතාලා දෙන්නෙකුත් ඉන්නවා කියලා.

දැන් මේක කියවන් යනකොට හිතෙන්න පුලුවන්, බැඳපු මනුස්සයෙක් එක්ක එහෙම සම්බන්ධකමක් පවත්වපු එක හරිද, මම මේ ඒක justify කරනවද කියලා.
ඒකට මට දෙන්න තියෙන උත්තරේ තමයි,
අපේ කැමැත්ත අකමැත්ත සහ reality එක කියන්නෙ දෙකක් කියන එක.
බැඳපු මිනිස්සු, බැන්ද පලියට loyal වෙන්න ඕනෙ කියලා හිතන එක, reality එකෙන් එහාට ගිය fantasy එකක් විතරයි.

ලංකාවෙ මිනිස්සු කසාද ඇතුලේ ඉන්නෙ ආදරේ ඇරෙන්න අනිත් හැම හේතුවක්ම නිසා.
කසාද ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට වෙන relationships තියෙනවා කියන එක නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.

මම මේ Jayantha uncleව justify කරනවා වත්, අම්මාව justify කරනවා වත් නෙමෙයි.
මම කියන්නෙ, අනුන්ගෙ කසාද ඇතුලෙ ගන්න තීරණ ගැන අපිට judgements දෙන්න බැහැ කියන එක විතරයි.
විශේෂයෙන්ම ලංකාවෙ කසාද ගැන.
ලෝකෙට මූණ දෙන්න බැරි වෙන හින්දා හරි,
ළමයි වෙනුවෙන් හරි එකට ඉන්න කසාදනෙ බහුතරයක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ.
ඉතින් එහෙම reality එකක, බැඳපු මනුස්සයෙක්ට වෙන ගෑනියෙක් ඉන්නවා කියන එකේ හරි වැරැද්ද අපි හොයන්නෙ කොහොමද?

කොහොම වුනත්, අම්මාගෙ පැත්තෙන් නම්, Jayantha uncle ගැන එහෙම කිසි ලෙංගතුකමක් තිබුනා කියලා මට දැනිලා තිබුනෙ නැහැ.
හැබැයි එයාට නම් අම්මා ගැන හරිම affectionate හැඟීමක් තිබුනා කියලා පෙනුනා.
හරි ආදරෙන් අම්මා ගැන බැලුවා.

මේ වෙද්දී මට වයස 19ක්, 20ක් වගේ ඇති.
මමත් ගොඩක් යාලුවෝ ආශ්‍රය කලා, boyfriends ලා හිටියා, මට තිබුන ලොකුම බය වුනෙ අම්මා ගැන මම ආශ්‍රය කරන මගේ circle එකේ අය, මගේ boyfriendsලා දැනගනීද කියලා.
එහෙම වුනොත්, වෙන ලැජ්ජාව ගැන, මගෙ reputation එක ගැන මම නොසෑහෙන්න වද වුනා.

දැන් නම් මම, ඒ බරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලයි ඉන්නෙ.
ඒ gratitude එක දෙන්න ඕනෙ වෙන කාටවත් නෙමෙයි, ඇමෙරිකාවට.

කවුරුහරි කෙනෙක් මට දැන් අම්මාගෙ ජීවිතේ සම්බන්ධයෙන් මොනාහරි කිව්වොත් මම කෙලින්ම අහන්නෙ,
‘ඔව්, ඉතින්? මොකද්ද ප්‍රශ්නෙ?’
කියලා විතරයි.

මගෙ වටේ ඉන්නෙ, මම ආශ්‍රය කරන්නෙ, මාව මේ ඉන්න විදිහට, accept කරන අය විතරයි.
මගේ ජීවිතේට මට ඕනෙත්, එහෙම මිනිස්සු විතරයි.
මගේ scars ලැජ්ජාවක් විදිහට නැතුව, ආභරණයක් විදිහට පළඳින එක ගැන මාව අගය කරන මිනිස්සු විතරක් මගේ වටේ හිටියොත් මට ඒ ඇති.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අපේ ගෙදර කියන්නෙ, හැම වෙලාවකම සෙනඟ ගැවසුන තැනක්.
නෑදෑයෝ, අම්මලගෙ රට ඉන්න යාලුවෝ කාලෙන් කාලෙට ඇවිත් නැවතිලා හිටිය තැනක්.
අම්මගෙ සහෝදරයෝ කසාඳ බැඳලා යනකන්, ගෙවල් දොරවල් හදාගන්නකන් හිටිය තැනක්.
ආච්චියි, සීයයිත් නැවතිලා හිටපු තැන.
තව servants ලා, driversලා,
හැම කාලෙකම අඩුම 7,8ක් වත් කට්ටිය හිටිය ගෙදරක්.
It was always a full house.

අපේ ගෙදර නැවතුන අය ගැන ලියද්දි, නොලියාම බැරි කෙනෙක් ඉන්නවා.
ඒ තමයි, අරලියා.
අම්මගෙ මල්ලි කෙනෙක් බැන්දා නුවරඑළිය පැත්තෙ, එයාට වඩා ගොඩක් වයසින් බාල girl කෙනෙක්ව.
ඒ girlගෙ ගෙදර තව board වෙලා හිටියා girl කෙනෙක්, ඒ තමයි අරලියා.
ඒ වෙද්දි, මට මතක විදිහට වයස 22ක් විතර ඇති.
ඇත්තටම එයා අරලිය මලක් වගේ ලස්සනයි.

සුදුයි, ඉණ හරිම හැඩයි, boobs ලොකුයි, පිරිලා.
කොණ්ඩෙ ඉණ ගාවට විතර දිගයි, straight කලු කොණ්ඩයක් තිබුනෙ.
ඉණ හැඩ නිසා, boobs දෙක තව ලස්සනට කැපිලා පෙනුනා.
Dimple එකක් තියෙනවා හිනා වෙනකොට.
Blue eyes.

Wedding එක කාලෙ, හැම වැඩකටම දුවලා පැනලා උදව් කරලා, පවුලෙ කෙනෙක් වගේ ලෙංගතුකමින් අපි හැමෝම එක්ක යාලු වුනා.
Wedding එක ඉවර වෙලා, අපි ආයිත් යන දවසෙ, තාත්තා අරලියාට කිව්වා කොළඹ ගිහින් job එකක් කරන්න කැමතියි නම්, අම්මලගෙනුත් අහලා තාත්තාට කතා කරන්න කියලා.

ඒ විදිහට තමයි අරලියා අපේ ගෙදර නවතින්න එන්නෙ.
මට හොඳට මතකයි එයා මුලින්ම අපෙ ගෙදර ආපු දවස.
සුදු රෝස පාට දණිස්ස ළඟට විතර ගවුමක් ඇඳලා, කොණ්ඩෙ ponytail එකක් දාලා, දුඹුරු පාට පටි දාපු sandals දෙකක් දාලා,
තියෙන විදිහට, දන්න තරමින්, charming විදිහට ඇඳලා හිටියා.

ඒ දවස්වල තාත්තා එයාගෙ යාලුවෙක් එක්ක, කොළඹ office එකක් කලා.
ඒ office එකේ අරලියාට job එකක් දුන්නා.

පළවෙනි පාරට office යන්න කලින්, අම්මා අරලියාව shopping එක්කන් ගිහින්, ඇඳුම් අරන් දීලා, eyebrows pluck කරලා, facial එකක් කරවලා, කොණ්ඩෙත් ලස්සනට layer කරලා එක්කන් ආවා.
එදා නම් තනිකරම doll කෙනෙක් වගේ, මට තාම මතකයි ඒ මූණ.

‘අපෝ කොණ්ඩෙ කපන්න බැහැ’
‘අනේ ඕවා අඳින්න බැහැ’ වගේ typical ගමේ කෙල්ලොන්ට තියෙන බය අරලියාට තිබුනෙ නැහැ.
She loved fashion, and loved how it made her look.
හරිම proudly එයාගෙ transformation එක එයා own කලා.

Office යන්න අඳින්න ගත්තාම, she killed it.
Flared pants එක්ක shirts, කොට tight skirts එක්ක flared blouses, formal dresses;
කොණ්ඩෙ කඩලා දාලා, එහෙම නැත්නම් high ponytail එකක් දාලා, bold lipstick ගාලා she flaunted herself to the maximum.
නුවරඑළියේ ඉඳන් ආවාද කියලා හිතාගන්න බැරි තරමට, හරි ඉක්මනට එයා කොළඹට adapt වුනා.

තාත්තා උදේට මාව ඉස්කෝලේ දාලා, අරලියාවත් office එකෙන් බස්සනවා.
තාත්තාත් තමන්ගෙ පවුලේ කෙනෙක්ට වගේම අරලියාට ආදරෙ කලා, එයත් එහෙම්මමයි.

අම්මාට ඒ ගැන ඊරිසියාවක් තිබුනා කියලා කරපු සමහර විහිලු වලින් ලාවට මට දැනිලා තිබුනා වුනාට, අම්මාත් අරලියාට සැලකුවෙ එයාගෙම පවුලේ කෙනෙක්ට වගේ.
අරලියාත්, අපි හැමෝගෙම ආදරේ දිනාගත්තා.

එහෙම අපිත් එක්ක කාලයක්ම ඉඳලා, අපි අඳුරන පවුලක කෙනෙක් එක්කම යාලු වෙලා අරලියා marry කලා.
Wedding එකේ හැම දේකටම වියදම් කලෙත් අම්මයි තාත්තායි.
පිඟන් කෝප්පෙ ඉඳලා, fridge එක වෙනකන්ම දේවල් අරන් දීලා යැව්වෙ හරියට මම බැඳලා ගියා වගේ.
පවුලෙ මිනිස්සුවත් නොකරන තරමේ දේවල්, අනිත් පැත්තට මොනවත්ම බලාපොරොත්තු නොවී ආදරෙන් ඒ දෙන්නා කලා.

තාත්තා මට විස්තරාත්මකව කියලා නැති වුනාට, අරලියා එක්ක තිබුනෙ ආදරයක් කියන එක, කෙලින්ම නැතත්, කතාවෙන් කතාව මට කියලා තියෙනවා.
කොයිතරම් දුර ගිය සම්බන්ධකමක්ද කියන්න මම දන්නෙ නැති වුනාට, යම්කිසි දුරකට ගිය සම්බන්ධකමක් තියෙන්න ඇති කියන එක පිළිගන්න අමාරුත් නැත්තෙ ඒ දෙන්නාට දෙන්නා අතරේ පැහැදිලි බැඳීමක් තිබුනා කියලා බලපු ඕනෙ කෙනෙක්ට පේන්න තිබුන නිසා.

ඒකට මම දීපු නිර්වචනය වුනේ, තාත්තා අරලියාට දුවෙක්ට වගේ ආදරේ කලා කියන එක.
නමුත් ආයිත් සැරයක්, ඒ මගේ naive කියවීම.

අම්මා නම්, අනිවාර්යයෙන්ම ඒ bond එක මොන වගේ එකක්ද කියන එක හොඳාකාරවම දැනගෙන හිටියා.
එයාට jealous හිතෙන්නත් හේතුව වුනේ, අම්මාට හැමදාම කවුරුහරි හිටියා වුනාට, තාත්තාට එහෙම අම්මා ඇරෙන්න වෙන කවුරුවත්ම හිටියේ නැති නිසා.
අම්මා දැනන් හිටියා, අරලියා කියන්නෙ තාත්තාගෙ ජීවිතේට matter වුන කෙනෙක් කියලා.

මිනිස්සු අතරෙ ඇතිවෙන බැඳීම්, සම්බන්ධකම්, ගොඩනැගෙන්නෙ කොයි විදිහටද කියලා කියන්න අපි කාටවත්ම බැහැ.
ජීවිතේ කොතනදි, කාව, කොයි විදිහට මුණගැහෙනවද කියන්න අපි දන්නෙත් නැහැ.
හරි වැරදි කියලා දෙයක් බැඳීම් වලට නැහැ.
තියෙන්නෙ, අපි බැඳීම් හසුරුවන විදිහෙ හරි වැරැද්ද විතරයි.

මම ලොකු වුනේම මිනිස්සු අතරෙයි, ගොඩක් බැඳීම් අතරෙයි.
ඒකෙ හොඳ සහ නරක කියන දෙකම එක විදිහට තිබුනා.
නමුත්, ආව ගිය හැම කෙනාම සුන්දර මිනිස්සු නෙමෙයි.
එක එක ජාතියේ මිනිස්සු ආවා ගියා.

ඒ විවිධාකාර මිනිස්සු අතරේ, මාව අතපත ගාන්න ආපු, කෙලින්ම මගෙ කාමරේට දොර ඇරගෙන ආපු, බලෙන් මාව බදාගෙන kiss කරන්න හදපු කෙනෙක් හිටියා.

මම ඒ හැම වෙලාවකම කලේ, ළඟට ආවොත් කෑගහනවා කියලා, ළඟට ආපු හැම සැරේකම එයාව බය කරපු එක.
එනවා දකිනකොට කාමරේ දොර lock කරගත්ත එක.

හැම වෙලාවකම ඒ situations වලින් බේරෙන්න පුළුවන් කියල විශ්වාසයක් මට තිබුන. ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා, victimize වුනේ නං නැහැ කවදාවත්.

මම හිතුවෙ, ලස්සන කෙල්ලෙකුට ඒවට බයවෙලා මේ රටේ ජීවත් වෙන්න බෑ කියලයි. .
ලස්සන වෙන්න ඕනෙ කියලා දේකුත් නැහැ ඇත්තටම.
ලංකාවෙ පිරිමි ගැන මට ලොකු වෙනකොට ‍හොඳ understanding එකක් තිබුණ. පිරිමි කොයිතරං දුර්වලද කියල මං දැනගෙන හිටියා.
කිසි කෙනෙකුගේ බලහත්කාරයකට යට නොවී ඉන්න බය නැති වුනෙත් ඒ වගේ පිරිමි එක්ක ලබපු අත්දැකීම් නිසයි.
ලංකාවෙ ඉන්න කාලෙ sex කරනවා කියන එක ගැන මට තිබුන ලොකුම අවුල ‍ මේ වගේ පිරිමි ගැන දැනුන දුබල හැගීම.

ඔය විදිහට ගෙවුන මගේ ජීවිතේ, ලොකු වෙන්න වෙන්න, මට තිබුන ලොකුම insecurity එකක් වුනේ, මටත් අම්මාට වගේම commitment issue එකක් තියෙනවද කියන එක.
ලංකාවෙදි මම යාලු වුන කිසි කෙනෙක් එක්ක long term relationship එකකට මට යන්න බැරි වුනාම, එහෙම interest එකක් මට ඒ කිසි කෙනෙක් ගැන නොතිබුනාම,
I began to wonder if I was also like her.

මේ හේතු හැම එකක්ම බලපෑවා මම කලින් chapter එකක ලියපු, මට තිබුන එකම long term relationship එක, ඒ විදිහට long term වෙන්නත්.
මටම point එකක් prove කරන්න මට උවමනාව තිබුනා, මට commit වෙන්න පුලුවන් කියලා.

අම්මත් එක්ක මට තිබුනෙ honest relationship එකක් කියන එකට තව නිදසුන් තමයි, ඇමෙරිකාවේ ඇවිත් කොල්ලෙක් එක්ක living together ඉන්න පටන් ගත්තම, ඒ ගැන පවා මම අම්මාගෙන් හැංගුවෙ නැහැ.
මුලින්ම weed ගහන්න පටන් ගත්තම,
මුලින්ම cigarette එකක් smoke කලාම,
liquor බොන්න පටන් ගත්තම,
මේ හැම දෙයක් ගැනමත් මම ඒ දෙන්නාගෙන්ම හංගලා නැහැ.

මම ඇමෙරිකාවේ ගියා වුනත්, මං ගැන grip එකක් ඒ දෙන්නා තියාගත්තෙ මගෙ ජීවිතේ මම ආස විදිහට ගෙනියන්න ඉඩ දීලා, ඒ හරහා මගේ ජීවිතේට naturally ඇතුල් වෙන්න ඉඩ හදාගෙනයි.

තාත්තා විතරක් නෙමෙයි, අම්මත් ඒ කාලෙ ඉඳලම බිව්වා, smoke කලා.
Drive කරන් කඩේට ගිහිල්ලා එයාට අවශ්‍ය cigarette pack එක අරගෙන ආවා.
අරයා මෙයා දකී, කවුරු මොනා හිතයිද, වගෙ දේවල් තිබුනෙම නැහැ.
ඒ ගතිගුණ අඩු වැඩි වශයෙන් මට තියෙනවා කියලා ඒ දෙන්නම දැනගෙන හිටියා.

බොරු නීති රීති, unrealistic bubbles, අම්මටයි තාත්තාටයි දෙන්නටම තිබුනෙ නැහැ.
මම ඒගොල්ලො එක්ක ජීවත් වුන කාලෙ ඉවරයි, දැන් මම තනියෙන් මගේ ජීවිතේ ගෙනියන කාලෙ කියන එකට ඒ දෙන්නා හරි ලස්සනට හැඩගැහුනා.

මම යාලු වෙලා හිටිය කෙනාට අම්මා පොඩ්ඩක් වත් කැමති නැති වුනත්,
Living together ඉන්නවා කිව්වම අම්මා මට හැම වෙලේම කිව්වෙ, birth control pills වලට දැන්ම පුරුදු වෙන්නෙ නැතුව, condoms ළඟ තියාගන්න කියලා.
ඒ අතින්, හරිම progressive විදිහට හිතන අම්මා කෙනෙක් මට ඉන්නෙ කියන එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්.
අම්මා වගේම තාත්තාත්.

ඇත්තටම, Brown Alice කියන්නෙ, සම්මතය තුට්ටුවකට ගණං නොගෙන ජීවත් වුනු අම්මාව අගය කරන, අම්මා ගැන හදවතින්ම ආඩම්බර වෙන, තාත්තා ගැනත් කියාගන්න බැරි තරමේ පැහැදීමක් තියෙන දුවෙකුගෙ කතාවක්.

අම්මායි තාත්තායි ජීවත් වුනේ, මම personally කැමති විදිහට නෙමෙයි වුනත්, ඒක ඒ දෙන්නගෙ choice එක කියන එකට ගරු කරන්න පුලුවන් maturity එකක් අද මට තියෙනවා.

මගේ ඇතුලේ ඉන්න ළමයා,
මගෙ ඇතුලේ ඉන්න teenager,
කියන දෙන්නම අද මම මේ දරන මතයට කීයටවත් එකඟ වෙන එකක් නැහැ.
නමුත්, ඒ දෙන්නා මගෙත් එක්ක එකඟ නොවීමම තමයි, මම ජීවිතේ යම්කිසි තරමකින් හෝ පරිණත වෙලා තියෙනවා කියන එකට මට තියෙන එකම guarantee card එකත්.

මේ ජීවිත කතා වලින් ටිකකට මිදෙන්න ඕනෙ කියලා මට හිතුනා.
ඒ නිසා, මම ආසම කෙනෙක් ගැන, ඕගොල්ලො හැමෝමත් දන්න කියන කෙනෙක් ගැන, මට තියෙන wild fantasy එකක් ගැන, ඊළඟ chapter එකෙන් ලියන්නම්.

අපි ඉක්මනින් මුණගැහෙමු.