Che

අපි දැන් මේ විදිහට හම්බ වෙන්න අරන් අවුරුද්දකටත් ලං වෙන්න එනවා, සෑහෙන්න දේවල් අපි කතා කරලා තියෙනවා මේ කාලෙට, නේද?
ඒත් ඔයාට මම තාම කියලා නැති කෙනෙක් ඉන්නවා.

ඇත්තටම එයා ගැන කියන්න දැනටමත් පරක්කුයි.
‘Brown Alice’ කියන එයාගෙ අදහස නොවෙන්න, ඔයයි මමයි කවදාවත්ම මේ විදිහට මුණගැහෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුනා, ඒකයි.
ඒ credit එක overdue නිසා ඒක දීලා ඉන්නම් එයාට ඉස්සෙල්ලාම.

එයා කියන්නෙ, මට විස්තර කරලා ඉවර කරන්න තේරෙන්නෙ නැති, කොහෙන් පටන් අරන් කොහොම explain කරන්නද කියලා හිතාගන්න බැරි, වෙනම හදාරන්න ඕන subject එකක්.
මම එහෙම කියන්නෙ ඇයි කියලා එයා ගැන අහන් ඉන්නකොට ඔයාට තේරෙයි.

මේ කියන්න යන කතාව, ආදර කතාවක්, එක්තරා විදිහකට.
හැබැයි typical ආදර කතාවක් නෙමෙයි.
ඒ ඇයි කියලත් ඔයාට ටිකක් වෙලා යද්දි තේරෙයි.

එයාගෙ නම, චේග්‍ර.

Cheව මට මුලින්ම හම්බ වෙන්නෙ මීට අවුරුදු 10කට විතර කලින් ඇමෙරිකාවට ආපු පළවෙනි දවසෙම, airport එකේදි.
එදා මගේ ex boyfriend එක්ක මාව ගන්න එයත් airport ඇවිත් හිටියා.
Once upon a time on a bright beautiful day in Summer.

අපි එදා කතාබහ කලා, කන්න බොන්න ගියා, he was good company.
මම නැවතුන apartment එක තිබුනෙත් හරියටම එයාගෙ apartment එක ඉස්සරහා.
දවස් දෙකක විතර long flight එකකට පස්සෙ, අලුත් apartment එකට ගිහින් finally freshen up වෙන්න ගියාම, luggage එකේ මම ගෙනාපු කෑම වගයක් leak වෙලා, towel එක තෙල් වලින් පෙඟිලා ගිහින් තිබුනා.

ඉස්සරහා apartment එකේ ඉන්න නිසා, ඕන දෙයක් තියෙනවා නම් කතා කරන්න කියලා number එකත් දීලා තිබුන නිසා, මම එයාට call කලා.
මේ වුන දේ කියලා, මම ඇහුවා extra towel එකක් තියෙනවද කියලා.

එයා ඇවිත් ගෙනත් දෙන්නම් කියලා ටිකකින් දොරට තට්ටු කලා.

‘ඔයා ඕක තියාගන්න නංගි’

එහෙම කියලා මං දිහා බලලා හිනා වෙලා, කහ පාට towel එකක් මගෙ අතට දීලා යන්න ගියා.
මම හිතන්නෙ, මට ‘නංගි’ කියලා කතා කරපු පළවෙනි සහ අන්තිම වතාව ඒක.

එදයින් පස්සෙ අපි එක ළඟ apartments වල හිටපු නිසා හැමදාම වගේ හම්බුනා, කෑවා බිව්වා, hangout කලා.
සමහර දවසට, එළි වෙනකන් කියව කියව ඉඳලා, වෙලාව බලනකොට උදේ 8ටත් ළඟයි.
එයා එහෙම්මම ගිහින් එන්නම් කියලා වැඩටත් යනවා. නිදාගන්න කිසිම උවමනාවක් තිබුනෙ නැහැ, තාමත් ඒ විදිහමයි.
මමත් එහෙම්මමයි.

එළි වෙනකන් කතා කරන්න එයාට විස්තරත් අඩු නැතුව තිබුනා.
ගමේ විස්තර, එහෙ ඉන්න යාලුවො ගැන, ආශ්‍රය කරපු ප්‍රසිද්ධ චරිත, ඉස්කෝලේ ජීවිතේ, girlfriends ලා ගැන, ගහපු drugs, මේ වගේ ජීවිතේ එයාට එක එක අත්දැකීම් තිබුනා වරු ගනන් එක දිගට කියන්න.

කතාවටත් වඩා ලස්සනම එයා කතා කරන style එක.
චරිත හඳුන්වලා දෙන විදිහ, කතාව ගලාගෙන යන විදිහ ඇහෙනකොට මට හිතෙනවා මටත් ආශ්‍රය කරන්න තිබුනා නම් ඒ කෙනාව කියලා.
‘A human joint’ වගේ title එකක් දෙන්න පුලුවන් එයා ගැන පොතක් ලියනවා නම්.
Guaranteed good time.

Che කියන්නෙ, Communist ලෝකයක් ගැන හීන දකින Capitalist ලෝකයක සුව විඳින ජෙප්පෙක්.
ඒ නිසා එයා සම්ප්‍රදායික ජෙප්පෙක් නෙමෙයි.
අනිත් මිනිස්සුන්ටත් එයාට වගේ තිබුනා නම් හොඳයි කියලා හිතනවා මිසක්,
එයා තමන්ට ඕන දේ සත් සමුදුරු තරණය කරලා හරි කරගන්න ජාතියේ කෙනෙක්.
If that’s the only way, then be it කියන attitude එකක් එයාට තියෙන්නෙ.
A true hustler.

Looks ගත්තොත්, උසයි, සුදුයි, මූණ දිගයි, රැවුල sharp, body inked, braided hair,
a full on dapper.
If simply put, Brown ‘කල්ලෙක්’.
Very attractive.

හැබැයි, පොඩ්ඩක්වත් alpha male චරිතයක් නෙමෙයි.
අතේ, කකුලෙ, ඇඟිලි තනිකර ගෑනු ළමයෙක්ගෙ වගේ ලස්සනයි.
ඒ ගැන මාර proud.
ආසම රෝස පාටට.
මමවත් ආස නැහැ එයා තරම් කරාබු මාල වලට.

Che කියන්නෙ, one of a kind charismatic character.
එයා pull off කරන fashion styles ලේසියෙන් කෙනෙක්ට pull off කරන්න බැහැ.
But it works like a charm on him.
ඇස් කඩන් යන Luminous කොල පාට Abercrombie sweat pants ඇඳලා,
ඒ වගේම glow වෙන තැඹිලි පාට Jordans දෙකක් pull off කරන්න පුලුවන් කෙනෙක්ට මම දැකලා තියෙන්නෙ එයාම විතරයි.
වෙන කෙනෙක් ඇන්දනම් ගොනයි මීමයි වගේ වෙනවා.

කෙනෙක්ගෙ fashion sense එකෙන් ඇත්තටම කියවෙන්නෙ ඒ කෙනාගෙ confidence level එක.
Che තමයි මම දැකලා තියෙන තමන් ගැන confidentම චරිතය.
Proud, but humble.
Badass, but innocent.
It’s hard not to fall for someone like him.

Fashion sense එක, ඒ energy එක සමාන කරන්න පුලුවන් හොඳම කෙනා මට මතක් වෙන්නෙ, Ranveer Singh.
Personality එක, ඒ straightforward ගතිය, තනිකර Dave Chapelle.
ඒ දෙන්නගෙ hybrid එකක් වගේ.

අද වෙනකොට එයාගෙයි මගෙයි අතර ගොඩනැගිලා තියෙන ආදරේ තමයි මම ජීවිතේ අත්විඳින සුන්දරම, අවිහිංසකම, intimateම ආදරේ.
මේ කතාව මට වරුවෙන් දෙකෙන් ඔයත් එක්ක කියලා ඉවර කරන්න බැරි ඒකයි.
දවස් ගානකිනුත් බැරි වෙයි.
ඒ නිසා හිමින් සැරේ එයා ගැන, සැරින් සැරේට ඔයත් එක්ක මම කියන්නම්.

ජීවිතේ කියලා මම දැනට තේරුම් අරන් ඉන්නෙ,
මිනිස් ගණුදෙනු වල රස බලන්න මට තියෙන මේ thirst එකට.
මගේ realization එක තමයි, බැඳීම් එකිනෙකට ආවේණිකයි, ඒ නිසා ඒවා එකිනෙකට පටලවගන්න හොඳ නැහැ කියන එක.
බැඳීමක ලස්සන තියෙන්නෙ ඒ ආවේණික කම ඇතුලෙයි.
එතන තමයි ජීවිතේ රහ මට දැනෙන තැන කියලා මම හිතන්නෙ.

Che ගෙයි, මගෙයි ගොඩක් සමානකම් තියෙනවා.
එයා හරියට මගෙ male version එකක් වගේ.
අපි දෙන්නම ආස එක ජාතියේ කෑම වලට.
මාලු ඔලු, මාලු ඇස්, බාගෙට අමු බිත්තර ආප්ප, oxtail, බාබත්, මේ වගේ uncommon ජාති වලට.
මෙහෙ එයා මාව එක්කගෙන ගිහින් නැති hood එකක් නැහැ රහ කෑම හොයාගෙන.
අපි එකට ගිහින් කාලා නැති food truck එකක් නැහැ.
ලංකාවෙ ඉස්සො වඩේ, සයිවර් කඩ experience එකේ American version එක Che master කරලා හිටියේ.

මම ලංකාවෙන් එනකන්ම මගෙ ගානට සින්දු දන්න එක්කෙනෙක්ට මම දැනගෙන හිටියෙ මගෙ cousin කෙනෙක් විතරයි.
කොච්චර සින්දු දන්නවද කියනවා නම් අපි පොඩි කාලේ, ගීතයෙන් ගීතය කරන්නෙ සාමාන්‍යය ක්‍රමයට නෙමෙයි.
එහෙම කරන්න ගියොත් කවුරුත් out වෙන්නෙ නැහැ, ඒ නිසා අපි ගීතයෙන් ගීතය customize කලා.

කෙලින්ම වචනයක් දෙනවා, ඒ වචනෙ තියෙන සින්දු කියන්න ඕනෙ.
වචනෙ ‘සඳ’ නම්, ඒ වචනෙ තියෙන සින්දු මාරුවෙන් මාරුවට එක්කෙනෙක් out වෙනකන් කියන්න ඕනෙ.

‘සඳ සඳ වගේ’
‘සඳ එළිය මමයි නම්’
‘සඳට සැහැසිකම් කල අය’
‘සඳ සාක්කි කියාපු දෙන්’
‘සඳ නාවත් කමක් නැතේ’
‘සඳක් නම් බැස යන්න තිබුනා’

ඔය විදිහට.. ?

පස්සෙ පස්සෙ අපි සඳ, මල, අහස, වගේ ලේසි වචන කරන එකත් නවත්තලා දැම්මා.
ලංකාවෙ ඉන්නකන්, වෙන කාටවත් ඒ game එක අපිත් එක කරන්න පුලුවන් වුනේ නෑ,
මම හිතන් හිටියේ මට challenge කරන්න එක්කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ කියලා.

ඒ bubble එක burst වුනේ, Che ව දැනගත්තට පස්සෙ.
මම කැලේ!
තනිකර සින්දු jukebox එකක්.
නොදන්න ගායකයෙක් නැහැ, අහලා නැති සින්දුවක් නැහැ.
සින්දු වල origin එක, singers ලගේ විස්තර ඔක්කොම එක්ක සම්පූර්ණ 101 එකක්ම සින්දුවත් එක්ක දෙනවා.

එයත් එක්ක කාලෙ ගත කරන එක මට therapy එකක් වුනා, අදටත් එහෙමයි.
අපේ relationship එක grow වුනේ හරිම seamlessly.

Che මුණගැහීම, මගේ ජීවිතේ එහෙම්පිටින්ම වෙනස් කරපු turning point එකක් ඇත්තටම.
ඇමෙරිකාව තමයි මගෙ early 20s, තරුණ කාලෙ ඇරඹුම ගන්න තැන.
ඒ කාලෙ කියන්නෙ, මගේ ජීවිතේ හරිම chaotic කාල පරිච්ඡේදයක්.
ඒ endless chaos මැද්දෙ, ජීවිතේ තිබුන එකම comfort එක, මගෙ නිවන වුනේ, Che.

ඒ කාලේ මම හිටියෙ emotional rollercoaster එකක.
Relationship එකක් කියලා එකක, නොවිඳිනා මානසික දුක් විඳින ගමන්.
ඒ වයසෙදි, ආදරේ කියලා මම හිතුවෙ එයාව මට ඕනෙ කියලා තිබුන obsession එකට.
දැන් ඒක මම describe කරන්නෙ ඒ විදිහට.
It was not love.

ඒ unhealthy obsession එක වෙනුවට හරිම mild, සුන්දර ආදරයක පහස මට Che ගෙන් ලැබුනා.
මගේ ජීවිතේ, එක පැත්තක් ගිනි ගනිද්දී,
එක පැත්තක් හිතා ගන්න බැරි තරමට නිවුනා.
ඒ ආදරේ ළඟ මට හැම වෙලාවකම හරිම soothing බවක් දැනුනා.
ඒ තරමට healing powers තියෙන ආදරයක් කියන්නෙ තනිකර magic එකක් වගේ මට දැනුනේ.

ඒ නිසාම ඒ බැඳීම හැම වෙලේම විශේෂ, පරිස්සමෙන් තියෙන, ආදරේ කියන සුන්දර shield එකෙන් රැකුන, precious බැඳීමක් වුනා.
කුරුලු කූඩුවක් වගේ.
හැම දේම අමතක කරලා මම නිවෙන තැන එතන වුනා.

හම්බුනෙ නැතත්, call එකක් දීලා හරි ඇති වෙනකන් මම එයාට කතා කලා, හිතේ තියෙන හැමදේම එළියට දැම්මා.
ඇඩුවා, කෑගැහුවා, මම එයා ළඟදි මාව ඔහේ එළියට දැම්මා, පොඩි එකෙක් වගේ.
තප්පරයක් වත් සාමාන්‍යයෙන් කට වහන් ඉන්නෙ නැති එයා,
මම phone එකෙන් අඬ අඬ කතා කරනවා හ්ම්ම් නොකියා අහන් හිටියා.

අපි යාලුවො නෙමෙයි, couple එකකුත් නෙමෙයි, අනේ මන්දා.
explain කරන්න දන්නෙ නැති, කවදාවත් explain කරන්න අපි හැදුවෙත් නැති බැඳීමක්.

එයාගෙ ජීවිතේ ලොකුම සතුට වුනේ,
Freedom, Sex, and drugs.
මම මේ කියන කාලෙ එයාට ඔය තුනම උපරිමේටම තිබුන කාලයක්.
එයා එතකොට Single.

මම මෙතන single කියලා කියන context එක සම්ප්‍රදායික single කියන එකට වඩා ගොඩක් වෙනස්.
Single කිව්වට, legally married.
Wife කෙනෙක් ලංකාවෙ ඉන්නවා.
මෙහෙත් wife කෙනෙක් ඉන්නවා.
තව වෙනම girl කෙනෙක් එක්ක පොඩි බබෙකුත් ඉන්නවා.
ඒත්, එයා single.

මේ කිසිම සම්බන්ධකමක් අනිත් ඒවා එක්ක හැප්පිලා විනාස වුනේ නැහැ.
හැප්පුනේ නැත්තෙ නැහැ, නමුත් එයා ඒවා ලස්සනට බේරගත්තා.
අපි සංකීර්ණයි කියලා හිතන බැඳීම් සංකීර්ණ වෙන්නෙ අපි ඒ බැඳීම් හසුරුවන විදිහෙන් කියලා මට පෙන්නුවෙ, Che.
එයා මිනිස් ගණුදෙනු handle කලේ මල් පෙති ගානට.

Chaos තිබුන එකම තැන වුනේ, එයාගෙ හිත.
ඒක පිට දාපු relief එක යම්තාක් දුරකට මම වුනා. මගෙත් එක්ක එයාගෙ ඔලුවෙ බර, පපුවෙ බර හිටපු ගමන්, බොහොම කලාතුරකින් එයා නිදහස් කලා.
මගෙ හිතෙත් එයා ගැන grow වෙමින් තිබුන ඒ ආදරේ එක්ක, එයාගෙ ජීවිතේට පොඩි හරි සැනසීමක් වෙන්න පුලුවන් වුන එක මට ලොකුම ලොකු දෙයක් වුනා.

Sex වලදි, එයාගෙ වින්දනය තිබුනෙ, එයාගෙ charm එකට කෙල්ලො කැමති වෙන එකෙනුයි.
සල්ලි වලට sex ගන්න එක එයාට මදිකමක් වුනා.
කතාබහ කරලා, mutual point එකක් අල්ලගෙන, කෙනෙක්ව තමන්ගෙ personality එකට කැමති කරවගන්න එක වෙනම art එකක්.
Cheගේ adventure එක තිබුනේ එතන.

I remember how girls were drooling over him.
At that time, he was like in his mid to late 30s.
That I would call his prime time.
සමහර දවස් තිබුනා කෙල්ලො තුන් හතර දෙනා එක්කන් එන.
සමහර කෙල්ලො හොයාගෙන එනවා ගෙදරට.
He was like this sensation among Black girls.
That was his favorite type, Black.
He was, In my eyes, the God of sex.

මේ හේතු හැම දෙයක් නිසාම, අපිව දන්න කියන, මෙහෙ ජීවත් වෙන හැම දෙනාම, මගෙ ex පවා හිතුවෙ, Che, මේ හදන්නෙ මගෙත් එක්කත් යාලු වෙන්න, නැත්නම්, sex කරන්න කියලා.
නමුත්, අපි අතරේ වෙමින් තිබුනෙ එහෙම දෙයක් නෙමෙයි.
ඊට වඩා හරිම deep, delicate, meaningful relationship, එකක් build වෙමින් තිබුනා.

ඒ නිසා කවුරු කොහොම කොයි විදිහට හිතුවත්, අපි ඒක ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ.
We enjoyed so much by proving everyone wrong.
‘You would never get us’ කියලා හැමෝම දිහා බලලා හිනා වෙන එක අපේ inside joke එක වුනා.

නමුත්, මට එයාව හිතේ හැටියට ආශ්‍රය කරන්න මගෙ ex එක්ක පුලුවන් වුනේ නැහැ.
He was so insecure.
ඒත් මම එයත් එක්ක රණ්ඩු වෙවී, Cheව මගේ ජීවිතේ කොහොමහරි තියාගත්තා.

කිසිම මනුස්සයෙක් නිසා, තව මනුස්සයෙක් නැති කරගන්නවා කියන එක මට comprehend කරන්න පුලුවන් වුනේ නැහැ.
මගේ belief system එක ඊට වඩ වෙනස් එකක් නිසා.
බැඳීම් කියන්නෙ එකිනෙකට, කෙනාගෙන් කෙනාට, ආවේණික ගණුදෙනුවක් නම්,
කොහොමද එක්කෙනෙක්ව අතඇරලා එක්කෙනෙක්ව තෝරගන්නෙ?

මගේ වටේ හිටපු හැමෝම අතරේ මං ගැන කිසිම විදිහක sexual interest එකක් තිබුනෙ නැති එකම කෙනා වුනේ, Che.
දාහක් අය අතරේ එයා වෙනස් වුනා.
මේ හේතු හින්දමත්, මම එයා ළඟදි පුදුම විදිහට comfortable වුනා, vulnerable වුනා.

ආයිත් හැරිලා බලනකොට, ඒ දේවල් ගැන හිතනකොට, මම දැන් Che ව දන්න තරමත් එක්ක, මම දන්නවා එයාට ඕනෙ වුනේ මගේ ජීවිතේ තවත් එක typical කොල්ලෙක් වෙන්න නෙමෙ‍යි කියලා.
He hates the idea of being, ‘one of them’.
එයාට ඕනෙ වුනේ අපි අතරේ බැඳීමක් ගොඩනැගෙන්න දෙන්න,
ඒකට ඉබේ grow වෙන්න දෙන්න.

එයා ඒක හරිම charming විදිහට කලා.
එයා අපේ බැඳීමට දීපු respect එක, ඒ compassion level එක, ජීවිතේට මට මනුස්සයෙක්ගෙන් ලැබිලා නැති මහ වෙනම realm එකක ආදරයක්.

Cheගේ තියෙන සරල, easy going, බව නිසාම එයාගෙ ඒ වගේ පැත්තක් තියෙනවා කියලා කාටවත් හිතෙන්නෙ නැහැ.
කට ඇරියොත් විහිලුවක්, පුදුම light headed.
ඒ වුනාට ඇතුලෙ ඉන්නවා හරිම serious මනුස්සයෙක්.

එක මනුස්සයා ඇතුලේ තියෙන මේ remix එකට,
ඒ personalities දෙකේ තිබුන contrasting බවට මම හිතන්නෙ මම පුදුම විදිහට ආස කලා.
අපි දෙන්නගෙ බැඳීම ඔය විදිහට, ටිකෙන් ටික, හිමින් හිමින්, නිවාඩු පාඩුවෙ, carve වුනා.

එයයි, මමයි hangout කරනකොට, ඒ වෙලාවල් වල තියෙන ලස්සන, මට දැනටත් විස්තර කරන්න තේරෙන්නෙ නැහැ.
හැමෝගෙන්ම disconnect වෙලා අපි දෙන්නට විතරක් connect වෙන්න පුලුවන් ගතියක් අපි අතරේ තියෙනවා.
ඇස් දෙකෙන් කියන දේ තේරෙනවා,
ඊළඟට කියන්න යන දේ දැනෙනවා,
හිතේ තියෙන දේ හිනාවෙන් දන්නවා,
ඒක වෙනම soul connection එකක්.

Joint එක තමයි අපේ අනිත් සහෘදයා.
Che යි, මමයි, joint එකයි කියන්නෙ වෙනම equation එකක්.
ඒක මට වෙන කාගෙන්වත් ලැබිලා නැති ගැළපීමක්.
Joint එකක් බීලා sex කරනවා වගේ හැඟීමක්ම තමයි,
අපි අතරේ තිබුන intimacy එක හරහාත් අපි හැම වෙලාවකම share කලේ.
අපි අපිව හිතේ හැටියට වින්ඳා.

ඒත්, මෙච්චර sexual energy එකක් තියෙන එයා වගේ කෙනෙක් කොහොමද, අපි මේ තරම් ලං වෙලා ඉදිද්දිත්, මට physically attract නොවෙන්නෙ?
මොකද්ද මේ වෙන්නෙ?
ඒ දේ විතරයි මට කාලයක් යනකම්ම විසඳගන්න බැරි වුන mystery එක වුනේ.

මෙච්චර close අපි දෙන්නා, sex වලදි කොහොම වෙයිද, කොච්චර ලං වෙයිද, ඒ අත්දැකීම කොයිතරම් නම් සුන්දර වෙයිද කියන thought එක මට හිතිලා නැහැ කිව්වොත් ඒ තමයි මම කියන ලොකුම බොරුව වෙන්නෙ.

කොහොමහරි, කාලෙ ඔය විදිහට ටික ටික ගෙවිලා ගියා.
ටික ටික අවුරුදු ගානක්ම.
නමුත්, මගේ ජීවිතේ chaos එන්න එන්නම වැඩි වුනා මිසක් අඩු වුනේ නැහැ.
මම එයත් එක්ක කිය කිය අඬනකොට, වෙනදා වගේ එයාට silently අහං ඉන්න බැරි ගතියක් දැනුනා.
It made him so uneasy.
මාව කවුරුවත්ම රිද්දන එක මට වඩා එයාට දරාගන්න බැරි වුනා.
අදටත්, මගෙ exට මේ ලෝකේ අකමැතිම කෙනා Che කියන්න මම දන්නවා.

මේ තරම් ලං වෙලා අපි හිටියා වුනත්, ඒ affection එක ඇතුලේ වෙන කිසිම intention එකක් ඒ වෙද්දිවත් මට එයාගෙන් දැනුනෙ නැහැ.
අඩු තරමෙ මගෙ අතකින් වත් එයා අල්ලලා නැහැ.
මට හිතුනොත් මම එයාව බදාගන්නවා මිසක්, එයා කවදාවත් එහෙමවත් කරලා නැහැ.

අපේ relationship එකේ මම තමයි physical affection එකක් හැම වෙලාවකම පෙන්නපු කෙනා.
ජීවිතෙට වෙන පිරිමියෙක් ඉස්සරහා ඉස්සර නොවෙන මම,
එයා ළඟදි විතරක් ඉස්සරහක් පස්සක් ගැන හිතලාවත් නැහැ.
එයා ළඟ මට boundaries තිබුනෙ නැහැ.
Che මාව එයා ළඟට ලං කරගත්තේ හරිම සියුම් විදිහට.

අපි දෙන්නා ජීවිතේ දේවල් දිහා බලන විදිහ, cherish කරන දේවල්, goals එක වගේ.
ඈත කඳු තියෙන පළාතක, වතුර පාරක් අයිනෙ, සත්තු ඉන්න ranch එකක් මැද්දෙ, පොඩි cabin එකක් හදාගෙන,
වතුර සද්දෙ අහගෙන, කඳු දිහා බලාගෙන, සින්දුවක් අහගෙන, joint එකක් බොන එක තමයි අපේ ආසම හීනෙ.

එයයි මමයි vibe වෙන තරම මටත් ඇත්තටම හිතාගන්න බැරි තරම්.
Almost not real.
සමානකම් වගේම, කිසිම විදිහකින් ගැලපෙන්නෙ නැති අසමානකමුත් ගොඩක් තියෙනවා.
ඒත් අපි ඒවත් හරිම ආස්වාදයකින් විඳිනවා.

Che යි, මමයි බැඳුනේ වෙනම තැනකින්.
ආදරේ විතරක් තිබුන, නම් ගම් දුන්නෙ නැති, දෙන්න හැදුවෙත් නැති, මොකද්දො මන්දා හරි ලස්සන තැනකින්.
ඒ තැන අදටත් ඔහේ තියෙනවා, අපි දෙන්නගෙ ජීවිත වල මොන දේවල් සිද්ධ වුනත්.

ආදරේ කියන්නෙ හරියට වතුර වගේ දෙයක්.
දාන බාජනේ අනුව හැඩය ගන්න.
අපි දෙන්නා, අපේ ආදරේ කිසිම දවසක බාජනේකට දැම්මෙ නැහැ, අදටත් ඒක ඔහේ තියෙනවා.
තියෙනවද නැද්ද දන්නෙ නැති ගානට හ්ම්ම් නැහැ.

එයා වගේම මමත් ආස නැහැ කිසිම දෙයක් නිසා එයා රිදෙනවා බලන්න.
එයා හිනා වෙලා ඉන්නකොට, මගේ ගැඹුරු සැහැල්ලුවක් දැනෙනවා, ඒක අදටවත් විස්තර කරන්න තේරෙන්නෙ නැති හරි අමුතු හැඟීමක්.

ආදරේ විසින් එක වෙලාවකදි අපිව test කරනවා.
හැම ආදරයක්ම ඒ phase එක පහු කරනවා මම හිතන්නෙ.
‘මේ ආදරෙන් ඔයාට මොකද්ද ඕනෙ?’ කියලා අපෙන් එක තැනකදි ප්‍රශ්නයක් අහනවා.
අන්න ඒ ප්‍රශ්නෙට දෙන උත්තරේ අනුව තමයි ආදරේ හැඩයක් ගන්නෙ.
අපේ ආදරේ ඔහේ ගලාගෙන ගියා විතරයි.
ඒ නිසා මේ ආදර කතාවෙ, මොනා සිද්ධ වෙයිද, නැද්ද කියන්න මම දන්නෙ නැහැ.
මම කියන්න දන්නෙ මේ තාක් සිද්ධ වුන දේවල් විතරයි.

දන්නෙම නැතුව වෙනදට වඩා ගොඩක් වෙලා අපි අද කතා කරලා.
වෙනදට වඩා හැබැයි අද වෙනස් නේද?

මගේ boob size එකේ ඉඳන්, පස්ස, ඉණ, කකුල් ගැන, clit එක lick කරන එකට මම කොයි තරම් ආසද,
පිරිමි අසරණ කරන්න මම කොච්චර කැමතිද,
මේ හැම දෙයක් ගැනම, විස්තරාත්මකව ඔයත් එක්ක මම වෙනදට කියනවා.
අද ඇරෙන්න.

ඔයා විතරක් නෙමෙයි, එයත් ඒ හැමදේම දන්නවා.
දන්නවා විතරක් නෙමෙයි, මගේ ඇඟේ හැම අඟලක් නෑරම එයා අඳුරනවා.
සුවඳ විඳලා තියෙනවා.
රහ බලලත් තියෙනවා.

ඒත් නැහැ, අපි කවදාවත් sex කරලා නැහැ.

ජීවිතේ මගෙ ආසම sex fantasy එක මොකද්ද කියලා ඔයා ඇහුවොත්,
ඒ අතුලවත්, නදීකවත් නෙමෙයි,
Che.

ඒ දේවල් එහෙම වුනේ කොහොමද කියලා ඊළඟ දවසේ හම්බුනාම මම කියන්නම්.
ඒ lips වල රහ ගැනත් වෙනමම වෙලාවක් අරන් ඔයත් එක්ක කියන්නම්.

‘සැබෑ නොවෙනා හීන හරි මිහිරියි,
සිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරක් එක් වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි’

එයා ගැන මේ කතාව කියනකන්ම, ඔය සින්දුව මගෙ ඔලුවෙන් අයින් වුනේ නැහැ..

මිනිස්සු මරන්න එපා, කසුන්!