වික්ටෝරියා බෲක්ස් කියන්නෙ ලේඛිකාවක් වගේම ලිංගික ආචාර ධර්ම ගැන පර්යේෂිකාවක්. එයා ප්‍රකාශන ගනනාවක්ම කරනවා දර්ශනය, ආචාර ධර්ම සහ කාන්තා ලිංගිකත්වය ගැන. එයාගෙ අලුත් පොතේ නම, ෆකින්ග් ලෝ- ඇගේ ලිංගික ආචාර ධර්ම සොයා යාම. එයා කුයර් කියලා හඳුන්වන ගේ, ලෙස්බියන්, බයි සහ ට්‍රාන්ස්ජෙන්ඩර් ලිංගිකත්නවන් ගැන වඩාත් උනන්දුයි. ඊලග ව්‍යාපෘතිය විදිහට කරමින් ඉන්නෙත් කුයර් ආශාව ගැන ප්‍රබන්ධ රචනයක්.

ප්‍රශ්නය-
ඔයාගෙ පොත ඔයා හදුන්වන්නෙ බටහිර දර්ශනවාදයට සුරතාන්ත ප්‍රහාරයක් කියල. මේ පොතේ ඔයා ගේන චරිතයක් ඉන්නවා ඇගේ දාර්ශනිකයා කියල හඳුන්වන. එයා ඔයත් එක්ක අර්බුදකාරී සම්බන්ධතාවක් පවත්වපු කෙනෙක් කියල ඔයා කියනවා. ඇත්තටම මේ සම්බන්දෙ ඇතුලෙ ඔයා මතුකරන ප්‍රශ්න ඔයාට දර්ශනවාදයත් එක්ක තියෙන ප්‍රශ්න කියල කියන්න පුළුවන්. ඔයා ලිංගිකත්වයේ දර්ශනය පරීක්ෂා කරන අතර දර්ශනවාදයේ ලිංගිකත්වය ප්‍රශ්න කරනවා. දාර්ශනිකයො වෙනස් විදිහකට හුකනවද? ඔයා කියන විදිහට ඔව්. සෙක්ස්වලට පස්සෙ කොට්ටෙ උඩට වෙලා ඒ ගොල්ලොන්ට නොනවත්වාම දේවල් කතා කරන්න පුළුවන්.

වික්ටෝරියා – මේ පොතේ තැනක එනවා මං ඇගේ දාර්ශනිකයා කියල හඳුන්වන පිරිමියා එක්ක ෆෝන් කෝල් එකකින් ඇවිලෙන. මං ෆෝන් එක කාමරේ මුල්ලකට විසි කරලා දානවා තරහෙන්. මං ඒක ආපහු උස්සලා ගනිද්දිත් එයා තාමත් කතා කරනවා. කිසිම බාධාවක් එයාට දැනිලා නෑ. මේ නොනවත්වා කතාව දාර්ශනිකයන්ගෙ විදිහක්. වෙන කාටවත් ඒකට ඇතුල්වෙන්න ඉඩක් නෑ. ඒක තමයි ස්ත්‍රී ලිංගික දෘෂ්ටිකෝනයකට මේක පේන විදිහ. මං දර්ශනය උගන්නද්දි මං කාමරේ ඉන්න ගෑනුන්ගෙන් වගේම පිරිමින්ගෙනුත් සමාව ඉල්ලනවා. අපි ඉගෙනගන්න හැමදෙයක්ම පිරිමි විසින් ලියපුවා. දර්ශනය කොහොමත් දිග බෝරිං කතන්දර. ඒ වගේම ඉහල ඉඳන් පහල බලලා කතා කරන විලාසයක් තියෙන්නෙ.

ප්‍රශ්නය- ඒ කියන්නෙ දර්ශනය හරියට මෑන්ස්ප්ලේන්වල (පිරිමින් විසින් අනෙකාට උගන්වන ස්වරූපයෙන් කරන පැහැදිලිකිරීම්) අන්තයක් වගේ?

වික්ටෝරියා- හරියටම හරි. ඒක උපරිම මෑන්ස්ප්ලේන් එකක්. මං මේ මෑතක ලිව්වා ස්ත්‍රී ලිංගිකත්වය සහ දර්ශනය ගැන ලිපියක්. ඒකට කමෙන්ට් විදිහට ආපු තරමක් ආවෙත්, නෑ නෑ කාන්ට් කියන්නෙ එහෙම වර්ගවාදියෙක් නෙමෙයි වගේ මෑන්ස්ප්ලේන් කතන්දර. කාන්ට් කියපු වර්ගවාදී කතා ඕනතරම් තියෙනවා. මං කියන්නෙ නෑ පිරිමින්ගෙ කමෙන්ට්ස්වල වලංගුතාවයක් නෑ කියල. ඒත් ස්ත්‍රී ලිංගිකත්වය කියන කාරනයෙදි ඒවා අදාල නොවෙන්න පුළුවන්. මාව වැරදියට තේරුම් ගන්න එපා. මං මාර කැමතියි දර්ශනයට. ඩෙලියුසෙ වගේ අයට විශේෂයෙන්. ඒත් මේ ටෙක්ස්ට් අපි කියවන්න ඕන සිතීම් විදිහට විතරයි පැරඩයිම් නැත්තං සුසමාදර්ශ විදිහට නෙමෙයි.

ප්‍රශ්නය-
ඔයාට දර්ශනය එක්ක තියෙන්නෙ ලව් හේට් සම්බන්ධයක් කියල ඔයාගෙ ලිවීම්වලින් පේනවා. ඔයා එක වෙලාවක කියනවා, ඔයාගෙ වචනවලින් මාව විනාශ කරන්න. නැත්තං මට ඕගසම් එකට එන්න බෑ කියල. තව තැනක කියනවා, ඔයාට සෙක්ෂුවලිටි ගැන පර්යේෂන ඇතුලෙ ඔයාගෙ ඔලුව නන්නත්තාර කරගන්න ඕන. ඒත් ඔයාට ඒක කරන්න බෑ මොකද ඔයාගෙ ඔලුව හැමතිස්සෙම සෙක්සි කියල. ඔයා සෙක්ස්වල මේ උභතෝකෝටිකය ගැන ගොඩක් උනන්දුයි නේද?

වික්ටෝරියා – මං හිතන්නෙ මට ඔය පැරඩොක්ස් හරියට කරදර කරනවා. මේ දාර්ශනිකයන්ට බලයක් තියෙනවා. ඒක අන්තිම විසකුරු එකක්. ඒ වගේම ඒක සෙක්සිත් එක්ක. ඒක ඔයාව අවදි කරනවා. ඔයාගෙ වචනවලින් මාව විනාශ කරන්න කියල මං කියන්නෙ ඒ ෆ්‍රස්ටේ්‍රෂන් එක.

ප්‍රශ්නය-
ඔයාගෙ පොතේ වැඩිහරියක් තියෙන්නෙ ප්‍රථම පුරුෂෙන්. ඒ අතර ඉටැලික්වලින් ඔයාට හිතෙන දේවල් උත්තම පුරුෂ විදිහටත් ලියලා තියෙනවා. එහෙම ඒවා අවශ්‍යයි කියල පස්සෙ තීරණය කළාද?

වික්ටෝරියා –
මට ඒ ආරක්ෂිත කලාපය ඕන වුනා. ප්‍රථම පුරුෂ කතාවක මට දේවල් කියන්න පුළුවන්. පාඨකයාටත් මේක මෙහෙම වුනාද නැද්ද කියල අහන්න පුළුවන්. මට හිතෙනවා ප්‍රථම පුරුෂෙන් ලියද්දි ඔයා පාඨකයා එක්ක සමානව කතාව ඇතුලට යනවා කියල. දෙන්නම කතාව තාම දන්නෙ නෑ වගේ. ඒ වගේම ප්‍රථම පුරුෂයෙන් ලියන එක ෆන්. වඩා නිදහස් සහ අඩුවෙන් රිදවනසුලුයි.

ප්‍රශ්නය- අඩුවෙන් රිදවනසුලුයි කියන්නෙ?

වික්ටෝරියා -කවුරු හරි මේක කියවල විනිශ්චයන්ට එනවා නම් මට ඒක ගන්න පුළුවන් එයා විනිශ්චය කරන්නෙ කතාව මිසක් මාව නෙමෙයි කියල. මෙතන පුදුම දේ වෙන්නෙ මගේ වැඩ ගොඩක්ම වාස්තවික දේවල් ගැන සහ ඒවායින් ඔබව දුරස් කර නොගැනීම ගැන. ඒ එකට බැඳුනු බව ගැන. ඒත් මෙතනදි මේ දුරස්තබව ලස්සනයි.

ප්‍රශ්නය- පොත ඉවර වෙන්නෙ මේ ඇගේ දාර්ශනිකයා කියන චරිතය එක්ක සම්බන්ධය බිඳෙන තැනින්. ඒ කියන්නෙ ඔයා දර්ශනවාදයත් එක්කත් බිඳීමක් ඇති කරගත්තා කියන එකද? වික්ටෝරියා- මං ක්‍රියාවක් විදිහට දර්ශනයට කැමතියි. ඒත් දර්ශනය මට පිටතින් තියෙන න්‍යායක් විදිහට ඉහල ඉඳන්  මං ගැන සහ මගේ ලිංගිකත්වය ගැන මං දන්නවට වඩා දන්නවා වගේ පෙන්නන්න යන තැනින් ගැලවෙන්න මට ඕන.  මට තියෙන මගේ ආශා පද්ධතියක් බටහිර සංකල්ප රාමුව එක්ක නිතර ගැටෙන. ඒක නිසා මට ඒ රාමුවෙන් ගැලවෙන්න ඕන.

ප්‍රශ්නය- ඔයා ලියන භාෂාව හරිම ප්‍රීතිමත් එකක්. ඒක ඇකඩමික් රචනා වලින් ආවා කියල හිතන්නවත් බෑ. ඔයාට කොයි වගේ ලේඛකයොද බලපෑවෙ?

වික්ටෝරියා- උල්බෙක් මට සෑහෙන බලපෑමක් කළා. ඒක හරි ගැටලුකාරීයි මොකද එයා හරිම පුරුෂවාදී ලියන්නෙක්. ඒත් සෙක්ස් සහ දර්ශනය මුනගැහෙන ලේඛනය මං උල්බෙක්ගෙන් ගත්තා. ඊට පස්සෙ ඒක ස්ත්‍රී ලිංගිකත්වය ඇතුලෙන් කියෙව්වොත් කොහොමද කියල හිතුවා. නිකොල්සන් බේකර්ගෙ හවුස් ඔෆ් හෝල්ස් කියන්නෙත් මට වැදුන පොතක්. අනික චාර්ලට් රොෂ්ගෙ වෙට්ලන්ඩ්ස්. ඒක මට මට ඕන දේ ලියන්න ධෛර්ය දුන්නා. 

රශ්නය- ඔයාගෙ පොත සබ්ටයිට්ල් කරලා තියෙන්නෙ ‘සර්ච් ෆොර් සෙක්ෂුවල් එතික්ස්’ කියල. ඒත් පොත ඉවර වෙනකලුත් ඔයා මොනවද ඒ එතික්ස් කියල කියන්නෙ නෑ. ඔයාට ගුරුවරයෙක් වගේ වෙන්න උවමනා නැති වුනාද?

වික්ටෝරියා- හරියටම හරි. නැත්තං මාත් මෑන්ස්පේලේනිං කරනවා වගේ වෙනවා. ඔයා එහෙම කෝඩ් එකක් ලියපු ගමන් ඒක බයිබල් පාඨයක් වගේ වෙනවා. ඒක කඩන්න බැරි නීතියක් වෙනවා. ලිංගික වර්ධනය කියන්නෙම රූල් කඩන එක. මං පිලිගන්නෙ අපි විනිශ්චය කරන සෙක්ෂුවල් එතික්ස් වලින් කරුණාව මූලික සෙක්ෂුවල් එතික්ස්වලට මාරු වෙන්න ඕන කියල. අනික මං විශ්වාස කරන්නෙ ඒවා පුද්ගලයා අනුව වෙනස් වෙනවා කියල.

ප්‍රශ්නය- පොත කියවද්දි එක තැනක් තිබුනා මාව තිගැස්සෙන. ඔයා විස්තර කරනවා බීච් එකක ඕර්ජි එකකට සම්බන්ධ වෙන අවස්ථාවක්. තව මිනිස්සු වටවෙලා ඉන්න අතරෙ. ඔයා එතනදි කියනවා ඔයාගෙ ඉමෝෂන් එක වුනේ සටන් කරන්න කියල. අනිත් අයට වඩා වැඩි ආස්වාදයක් වෙනුවෙන් සටන් කරන්න. අනිත් අයගෙ ආශාව පරදවන්න. මං පොත කියවලා නැති අයගෙ රසය විනාශ කරන්නෙ නෑ. ඒත් ඒක ලොකු ජීවිත අත්දැකීමක් වගේ දැනෙන තැනක්. මේ අත්දැකීම ඔයා දර්ශනය බාරගන්න විදිහ වෙනස් කරයි කියල ඔයා දැනගෙන හිටියද?

වික්ටෝරියා- හැමතිස්සෙම මගේ ලිංගික අත්දැකීම් සහ දර්ශනවාදය අතර සංවාදයක් තිබුනා. ඒක යුක්තිය පිළිබඳ දෙයක්. ඇයි පිරිමි ආශාව මගේ ආශාවට වඩා බලවත් වෙන්න හදන්නෙ? මගේ ලිංගිකත්වය සහ දර්ශනය අතර දෙබසක් තිබුනට ඒක දර්ශනය එක්ක සම්බන්ධ වුනේ නෑ කොතනදිවත්. මට කාන්ට්ගෙන් මගේ ලිංගිකත්වය දකින්න බෑ. මං හිතන්නෙ ප්‍රෙතියාඩො තමයි කිව්වෙ හැනා ඇරන්ඩ්ට්ව කෝට් කරන අතරෙ කාටවත් සුරතාන්තයක් ගන්න බෑ කියල.

ප්‍රශ්නය- ඔයාට එහෙම ඉන්නවද සුරතාන්තයට බාධා නොකර දාර්ශනිකයෙක් කවුරු හරි?

වික්ටෝරියා- මොකක් හරි ෆෙටිෂ් එකක් තිබුනොත් නම් පුළුවන් වෙයි.

ප්‍රශ්නය- ප්‍රෙතියාඩෝ ඔයාගෙ පොත ගැන කියල තිබුන මීටූ කාලෙ නිදහස්කාමී ප්‍රේම නිබන්ධයක් කියල. ඒ ගැන මොකද හිතන්නෙ?

 

වික්ටෝරියා- මේ කාලෙ මොනවා හරි යන්තම් ෆෙමිනිස්ට් හෝ ජෙන්ඩර් සහ සෙක්ෂුවලිටි ගැන හෝ නම් ඒක කියවන්නෙ මීටූ මූව්මන්ට් එක හරහා නෙ. ප්‍රෙතියාඩො කියන එකේ වරදක් නෑ. මීටු කියන්නෙම සෙක්ස් ගැන සංවාදය පුළුල් කිරීමක්. විශේෂයෙන්ම සෙක්ස්වල ගැහැණු අත්දැකීම ගැන. ඇකඩමික් දෙපාර්තමේන්තුවලටත් මේක බලපෑවා. නැත්තං ගොඩක් කථිකාචාර්යවරු සහ මහාචාර්යවරු, විශේෂයෙන්ම දර්ශනය කරන අය වයසක පිරිමි. මේ පොත ගැහැණු ලිංගිකත්වය ගැන. මං ආරාධනා කරනවා පිරිමින්ටත් ඒ සංවාදයට එකතු වෙන්න කියල.