(ඇලන් සොබ්ල් කියන්නෙ ඇමරිකානු දාර්ශනිකයෙක් සහ ලේඛකයෙක්. එයා ලිංගිකත්වයේ දර්ශනය ගැන ලියනවා. නිව් ඔර්ලියන්ස් විශ්ව විද්‍යාලයේ සහ ඩේරක්සල් විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක්. මේ ලියමන එයාගෙන්).
“පැරන්නන්ගේ ශෘංගාරය සහ අපි අතර වෙනස වෙන්නෙ පැරැන්නො අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වීම. අපි ක්‍රියාත්මක වෙන්නෙ වස්තුව මත. පැරැන්නො උත්කර්ෂයට නැගුවෙ ඒ අවශ්‍යතාවය. බාල වස්තුවක් වුනත් අවශ්‍යතාවය වෙනුවෙන් උස්සලා තිබ්බා. අපි අවශ්‍යතාවය පිලිකුලෙන් බැහැර කරනවා. අපි නිර්මාණය කරගන්නා වස්තුවේ සුවිශේෂත්වය ඇතුලෙ ගැන නිදහසට කරුණු හොයනවා.”
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්
විසිවෙනි සියවසේ අගභාගයෙදි දර්ශනයෙ අලුත් අංශයක් බිහිවෙනවා. ලිංගිකත්වයේ දර්ශනය නැත්තං ෆිලොසොෆි ඔෆ් සෙක්ස් කියන එක ඇකඩමික් මාතෘකාවක් වෙනවා. විශ්ව විද ්‍යාල විෂය ධාරාවන් මේ වෙනුවෙන් හැදෙනවා. මොකක්ද සෙක්ස් කියන්නෙ? ශාස්ත්‍රීය දාර්ශනිකයො සංවාද කරනවා. ක්ලින්ටන් මොනිකා එක්ක තමන් ලිංගික සම්බන්ධයක් පැවැත්වුවෙ නෑ කියල කිව්වම මහජනතාව සෙක්ස් ගැන කතා කරන්න ගන්නවා. මොකක්ද ස්වභාවික මානව ලිංගිකත්වය කියන්නෙ? මොකක්ද සදාචාරාත්මක ලිංගික චර්යාව කියන්නෙ? මේවා ගැන දාර්ශනික සංවාද ඇතිවෙනවා.
මේක සිද්ද වෙන්නෙ දෙවෙනි ෆෙමිනිස්ට් රැල්ල විසින් විෂම ලිංගික දේශපාලනය සහ ලිංගිකව වෙනස් කොට සැලකීම ප්‍රශ්න කරන්න පටන් ගැනීමත් එක්ක.
ඒ වගේම සුළුතර ලිංගික ප්‍රජාවන් නීතිමය සහ සමාජමය විදිහට ටිකෙන් ටික බාරගැනීමක් සිද්ද වෙන වටපිටාවක. සාංදෘෂ්ටිකවාදීන්, පරිනාමවාදීන්, මාක්ස්වාදීන්, ආරක්ෂණවාදීන්, ලිබරල්වාදීන්, ස්ත්‍රීවාදීන්, විවිධ ආගමිකවාදීන් ලිංගිකත්වයේ පාරභෞතිකය සහ ආචාර විද්‍යාව ගැන ලියනවා. ඒත් ෆිලොසොෆි ඔෆ් සෙක්ස් කියන්නෙ මේ සියලු විෂයන් අතර පවතින අන්තර් විෂයික අවකාශයක් මිස මේ කිසිම මතවාදයකට අයිති එකක් නෙමෙයි.
මේ විදිහට අමතරව ලිංගිකත්වයේ දර්ශනය දිහා ඓතිහාසිකව බලන දැක්මකුත් තියෙනවා. ඉතිහාසයේ ප්‍රසිද්ධ චරිත ලියූ කියූ දෙවල් අරගෙන ඒවායින් ලිංගිකත්වය ගැන කියවෙන කොටස්වලින් සමස්තය ගැන කියවීමක් කරන්න උත්සාහ කරනවා. නැත්තං දාර්ශනිකයෙකුගෙ අදහසක් ඔස්සේ ඒ කාලය සහ සංස්කෘතිය ගැන අදහසක් ගන්න උත්සාහ කරනවා. නැත්තං ඉතිහාසය කණ්ණාඩියක් විදිහට අල්ලලා වර්තමානය කියවන්න උත්සාහ කරනවා. නැත්තං චින්තකයො පෙලක් අරගෙන ඒ අයගෙ සිතීම් පුරා ලිංගිකත්වය පිළිබඳ අදහසේ වෙනස්වීම අධ්‍යනය කරනවා. ඒත් මේ ඓතිහාසික ධාරාව තමයි ලිංගිකත්වය පිලිබඳ දර්ශන විෂයේ අඩුවෙන්ම වර්ධනය වෙලා තියෙන කොටස.
මානව ලිංගිකත්වය කියන එක මිනිස්සු තැන් තැන්වල කෙලවරක් නැතුව කතා කරන දෙයක්. ශාස්ත්‍රීය සංවාදවල ඉඳන් බාර්වල වෙරිකාරයො වෙනකල් මේක කතා කරනවා. මේ විෂය කොහෙත්ම ශාස්ත්‍රීය දාර්ශනිකයන්ට විතරක් අයිති එකක් නෙමෙයි. මේ ගැන පොත් සාප්පුවල රාක්ක පිරෙන්න ලියලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සු. මේ ගැන පරිනාමීය, මනෝවිද ්‍යාත්මක, සමාජ විද ්‍යාත්මක, ආගමික අදහස් සමාජගත කරන්නෙ ජනප්‍රිය ලේඛකයො. ශාස්ත්‍රීය දාර්ශනිකයෙක් ලිංගිකත්වය ගැන කරන විමසුමක සහ අපේ අම්මා දරන සෙක්ස් පිළිබඳ දර්ශනයෙ හෝ කොනේ කඩේ මනුස්සයා සෙක්ස් පිළිබඳ දරන දර්ශනයෙ වෙනස මොකක් වෙන්න පුළුවන්ද?
එකක් විදිහට කියන්න පුළුවන් සොක්‍රටීසියානු කුතුහලය. සෙක්ස් පිලිබඳ දාර්ශනික වෑයම වෙන්න පුළුවන් ඒකයි. තමන්ගේ අදහස වෙනස් කරගත හැකි නම්‍යශීලී බව, අලුත් අදහස්වල විවෘතබව, නිරන්තරයෙන් නොදන්නා කරුණු සොයා යාමේ ගුණය ආදියෙන් සමන්විත සොක්‍රටීස් ප්‍රවේශය. හැබැයි මේකත් අර දාර්ශනික යැයි කියාගන්නා අයට වඩා දාර්ශනික නොවන මිනිස්සු ළඟ තියෙනවා.
මේ ලියමෙනේදි මං කරන්නෙ ප්‍රධාන දාර්ශනිකයො කියල හඳුන්වන අයගෙ ලේඛන හරහා ලිංගිකත්වය ගැන දාර්ශනික කියවීමක් කරන්න. ඒකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ අනිත් දාර්ශනිකයන් හෝ කුඩා ලේඛකයන් මේ ගැන ඉදිරිපත් කරන අදහස් කොහෙත්ම නොවැදගත් කියල. ඒ වෙනුවට ඒක වෙන්නෙ මෙහෙම. ඔයා අහන්න ලෝකය දුවන්නෙ සෙක්ස් හින්දද බලය හින්දද කියල. ඔයාට පබ් එක වහන්න වෙන්නෙ නෑ එලිවෙනකල්. ඔය ප්‍රශ්නෙම ගිහින් අහන්න දාර්ශනික සම්මන්ත්‍රණයක. එතන උන් කරන්නෙ ඇස් රෝල් කරන එක විතරයි. ඒ හින්ද එතන නියැදිය පොඩියි. මං උත්සාහ කරනවා දාර්ශනිකයො සෙක්ස් ගැන කියපු කතා අතර අනෙක් විෂයයන්වල වැඩ කරපු අය ඉදිරිපත් කළ ආකර්ශනීය අදහසුත් මතු කරන්න. උදා විදිහට ජේම්ස් තර්බර් සහ ඊ බී වයිට් දෙන්නා පොඩි පොතක් ලියනවා සෙක්ස් අවශ්‍යද කියල. ඒක 20 වෙනි සියවසේ ලිංගිකත්වය ගැන මනෝ විද ්‍යාවට පැරඩියක්. ඒත් මේ පොතෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩයි. මිනිහෙක් එයාගෙ කසාදය පරක්කු කරනවා. මේ ගැන තර්බර් සහ වයිට් පරීක්ෂා කරනවා.
බලද්දි ඒ මනුස්සයා පෙලෙනවා අමුතු රෝගයකින්. ඒ මනුස්සයට හිතෙනවා තව පැය විසි හතරක් සමහර විට ඊට වඩා අඩු වෙලාවක් ඉවසන් හිටියොත් එයාට මේ ඉන්න පෙම්වතියට වඩා තමන්ට වඩා ගැලපෙන කෙනා මුනගැහෙනවා කියල. මේ සැකය හැම පිරිමියෙකුටම තියෙනවා. ඒක රාජකීය විදිහට විඳිනවා. මේ මනුස්සයා මේ සැකය වැඩිය හයියෙන් අල්ලගන්නවා මොකද මිනිහට හිතෙනවා තමන්ට මේ හරියටම ගැලපෙන අනෙකා ගැන ඡායාමාත්‍රයන් කීප තැනකදිම මුනගැහුනා කියල.
කෝච්චියෙදි කෝපි කඩේදි, බස් ස්ටෑන්ඩ් එකේදි යන්තම් මිස් වුනා වගේ හැගීමක් එයාට තියෙනවා. මේ හරියටම ගැලපෙන අනෙකා පවතින බව ඇත්තක් කියල විශ්වාස නොකිරීම එයාටත්, තමන්ටත්, තමන් සමග මේ වෙලාවෙ ඉන්න පෙම්වතියටත් කරන දරුණු අසාධාරනයක් කියල එයා විශ්වාස කරනවා.
තර්බර් සහ වයිට් කියන්නෙ ඉතිහාසයේ මාර දාර්ශනිකයො නෙමෙයි. හැබැයි සොරන් කියකගාර්ඩ් කියන්නෙ එහෙම කෙනෙක්. එයා මේකම මීට අවුරුදු සීයකට කලින් ලියනවා.
“මිනිහෙක් ඉන්නවා කෙල්ලෙක් බැඳගෙන. මේ මිනිහා මේ කෙල්ලට කාලෙක ආදරය කරන්න ඇති නැත්තං කවදාවත්ම හරියට ආදරය නොකරන්න ඇති. එයා දකිනවා තව කෙල්ලෙක් හරියටම තමන්ට ගැලපෙන. මිනිහා ජීවිතේ වරදක් කරනවා. මේ පාර හරි හැබැයි ගේ වැරදියි. හරියටම පාර අනිත් පැත්තෙ දෙවෙනි තට්ටුවෙ ඉන්නවා එයාට හරියටම ගැලපෙන කෙල්ල. මේක කවියකට ගැලපෙන මාතෘකාවක්. පෙම්වතෙක් මිස්ටේක් එකක් කරගෙන. ලයිට් එලියෙන් එයා පෙම්වතිය දැක්කෙ කලු කෙස් ඇත්තියක් විදිහට. ඒත් ඇත්තටම බලද්දි එයා බ්ලොන්ඩ්. එයාගෙ සහෝදරිය තමයි හරියටම ගැලපෙන කෙනා. මේක කවියකට මාතෘකාවක්. මගේ අදහස හැටියට මේ විදිහෙ මිනිහෙක් කියන්නෙ ජීවිතේ වාතයක් විය හැකි ලැජ්ජාවක් නැති බල්ලෙක්. එලියට විසි කරලා දාන්න ඕන.”
ෆියර් ඇන්ඩ් ටේරම්බ්ලින්
සොරන් කියකගාර්ඩ්
දැන් මොකක්ද මේ දෙන්නගෙ දාර්ශනික හෝ ප්‍රවේශමය වෙනස? තර්බර් සහ වයිට් අපිව අපි ගැනම හිනස්සනවා. කියකගාර්ඩ් එයාගෙ ක්‍රිස්තියානියෙ ඉඳගෙන අපේ සාමාන්‍ය නැඹුරුවට අපහාස කරනවා.
තර්බර් සහ වයිට් කතා කරනවා කෙනෙකුට ලිංගිකව ආශා කිරීම සහ ආදරය කිරීම අතර සදාතනික ප්‍රහේලිකාව ගැන.
“හැම කෙනෙකුටම ජීවිතේදී මේ ප්‍රශ්නෙ ඇතිවෙනවා. මං ආදරය කරනවද? නැත්තං මං ආශාවෙන් පැටලිලා විතරද? මේක හරිම අමාරු ප්‍රශ්නයක්. මේක ඇතිවෙන්නෙම ඇති නොවිය යුතු තැන්වලදි. සමහර විට ලියුමක් ලියන්න ගනිද්දි, බදාගෙන ඉන්න අතරෙදි, රෑකදි. කෙනෙකුට පුළුවන් නම් ලේසියෙන්ම උත්තරයක් දෙන්න, ඔව් මං ආදරෙන් ඉන්නෙ කියල, නැත්තං නෑ මේක ආශාවක් කියල එයාට පුළුවන් වෙනවා පැය ගානක අපහසුතාවයකින් මිදෙන්න. ඒත් ලේසියෙන් කෙනෙකුට ඒ වගේ සරල උත්තරයක් දීගන්න බෑ”
ගොඩක් ශාස්ත්‍රීය දාර්ශනිකයන් අතර ජේ මාර්ටින් ස්ටැෆර්ඩ් මේ අභියෝගය බාරගන්නවා. තර්බර් සහ වයිට් වගේ හාස්‍යමුසුව නෙමෙයි. සීරියස් විදිහට. ඒක සරල උත්තරයක් විදිහට නැතුව බරපතලට. ආශාව සහ ආදරය, එයා ලියනවා.
“ආදරය කියන්නෙ විශේෂ ඇල්මක්, කාලයක් පුරා රැකබලාගන්නා ක්‍රියාවක්. අනෙකා සමග පමනක්ම තනිව බොහෝ කල් ගත කිරීමේ අවශ්‍යතාවයක්. ලිංගික ආශාව කියන්නෙ තෘප්තිමත් වීම හඹා යන උවමනාවක්. ඒකට තැනක් නොතැනක් නෑ. අනෙකාට අත්වෙන හොඳක් ගැන හැගීමක් නෑ. ”
තර්බර් සහ වයිට් උනන්දු වෙන්නෙ සංකල්පීය විශ්ලේෂනයක් හෝ අර්ථ දැක්වීමක් ගැන නෙමෙයි. ඇඟට දැනෙන ආදරය සහ ආශාවේ හැඟීම ගැන. ඒක ඒ ගොල්ලො කියන්නෙ වෙන් කිරීම ඉතාම දුෂ්කරයි කියල. ඒ වගේම සමහර දාර්ශනිකයෙක් අහන්න පුළුවන්, ලිංගික ආශාවෙ අනෙකාගෙ යහපතක් ගැන හැගීමක් නෑ කියන්න පුළුවන්ද කියල. ආදරය ස්වභාවයෙන්ස ස්ථාවරයි, සුවිශේෂයි ලිංගික ආශාවට වඩා කියන එක ඇත්තක්ද කියල.
අනෙක් කොටස ඉක්මනට.