ගැහැණියක් පිරිමින්ගේ ඇල්ම බැල්ම ඇදබැඳගන්නා විදිහෙ ඇඳුමක් අඳිද්දි වෙන විදිහකට කිව්වොත් ඇය විසින් ඇයව ඔබ්ජෙක්ටිෆයි (පිරිමි ආශාවේ වස්තුවක්) කරගෙන පිරිමින්ව අනුරාගීව පොළඹවද්දි ඇය ඒක කරන්නෙ අක්‍රිය වස්තුවක් විදිහට නෙමෙයි. ඇය තමයි ඇගේ ඔබ්ජෙක්ටිෆිකේෂන් එකේ ක්‍රියාකාරී නියෝජිතයා වෙන්නෙ. පිරිමින්ව ඇවිස්සීමේ, ඔවුන් සමග සෙල්ලම් කිරීමේ වගේම අවශ්‍ය ඕනම වෙලාවක ඒ සෙල්ලමෙන් ඉවත්වීමේ හැකියාවත් ඇයට තියෙනවා. ඇගේ කලින් දුටු ඇලුම්බැලුම් එක්ක පිරිමින්ට මේක තේරුම්ගන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්.

ස්ත්‍රී ලිංගික විමුක්තිය කියන්නෙ පිරිමින්ගේ ආශා වස්තුවක් බවට පත්වීමෙන් වැලකී සිටීමේ පාරිශුද්ධ එකක් නෙමෙයි. ඇයට එම ආශා වස්තුව හැටියට සෙල්ලම් කිරීමට ඇති අයිතියයි. අවශ්‍ය විටක ඒක බවට පත්වෙන්නත් ඉන් ඉවත් වෙන්නත් ඇයට ඇති නිදහසයි.

ස්ලැවොයි ජිජැක්