වැල තහනම බොරුවක්!!
නීතිඥ තිශ්‍ය වේරගොඩගේ ෆේස්බුක් පිටුවෙන්


බුකියේ හැම තැනම පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ මූණත් එක්ක පොස්ටුවක් යනවා “අසභ්‍ය දර්ශන නැරඹුවහොත් අද සිට නිවසටම පොලිසියෙන් කියලා”. බොහෝම අමාරුවෙන් පහත දිගුව හොයාගෙන ඇහුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොහෝ අවස්ථාවල බොරු කියන නිසාත්, අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන නිසාත් බොහෝ විට මගේ හාස්‍යට ලක්වෙනවා. නමුත් මේ අවස්ථාවේදී එතුමා කියන කතාව නිවැරදී. බාල වයස්කාර දරුවන් අපයෝජයනට ලක් කිරීම හා අදාලව තමා ඔහු කරුණු කියන්නේ. නැතිව වැඩිහිටියන්ට අදාලව තිබෙන ලිංගික දර්ශන ගැන නෙමෙයි. ළමා අපයෝජනයන්ට එරෙහිව ඉතාමත්ම දැඩි නීති තියෙනවා යුරෝපයේ සහ ඇමරිකාවේ. ඒ අනුව එවැනි දර්ශන බාගත කිරීමම දඬුවම් ලැබිය හැකි වරදක් ඒ රටවල් වල. ඒවා විමර්ෂණය කිරීමට අදාලව නීති තීයෙනවා. ඒ නීති අනුව යම් යම් දේ වාර්ථා වෙනවා. එම වාර්ථා අපේ රටේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලටත් ලැබෙනවා. ඒ අනුව තමයි ඔහු කියන්නේ බාලවයස්කාර දරුවන් අපයෝජනයට අදාල අසභ්‍ය දර්ශන සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරනවා කියලා. මම හිතන්නේ නෑ, එහෙම නැතිව වැඩිහිටියන් ස්වකැමැත්තෙන් ලිංගික කටයුතු වල යෙදන දර්ශන බලන අයගේ පසු පසින් එන්න පොලිසියට නෛතික හැකියාවක් තියෙනවා කියලා. අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ පනතේ පැහැදිලිව තියෙන්නේ විකිණීමට, බෙදා හැරීමට හෝ අන්‍යාකාරයෙන් කටයුතු කිරීම සඳහා සන්තකයේ තබා ගැනීම වරදක් කියලා මිසක් තම පුද්ගලික ආශ්වාදයට ළඟ තබා ගැනීම වරදක් කියලා නෙමෙයි. ඒ උනාට අපේ රටේ පොලිසියට නම් මේ පිළිඹඳ පැහැදිලි වැටහීමක් නෑ. ඒක නිසා තමයි තමන්ගේ ජංගම දුරකථනය සොරකම් කලා කියලා පැමිණිලි කරපු පුද්ගලයෙක්ගේ ජංගම දුරකථනයේ අසැබි දර්ශන තිබ්බා කියලා ඔහුවත් අත් අඩංගුවට අරගෙන තිබ්බේ. ඔක්කෝමලාම වලිගේ පාගගෙන වගේ මේ පාර.