අද අගෝස්තු 13 ලෝක වමත්කරුවන්ගේ දවස. ඇත්තටම මගේ ජීවිතේ මුනගැහුනු ගොඩක් වමත්කරුවන් විවිධ දේවලින් වඩා නිර්මාණශීලී අය. ඒ අය පංතියේ ලියන මේසෙ ඉඳන් කන තැන්වලදි, ගිටාර් ගහද්දි, කොටින්ම කෑන් ඕපනර් එකක් පාවිච්චි කරද්දි පවා අපහසුතාවයට පත්වෙනවා. හැබැයි ඒ හින්දම ඒ ගොල්ලො ගොඩක් දේවලදි නිර්මාණශීලී වෙනවා. විශේෂයෙන්ම සෙක්ස් වලදි.

2014 ලෝකයේම 10,000ක් දෙනා සම්බන්ධ කරගනිමින් කරපු පර්යේෂණයකට අනුව වමත්කරුවන් දකුණත් හුරු අයට වඩා තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගතකරනවා. ඒ පර්යේෂණයෙදි වමත්කරුවන් 86%ක් තමන්ගේ ලිංගික ජීවිතය ගැන අතිශය තෘප්තිමත් කියල කිව්වා. ඒත් දකුණත්කරුවන්ගෙන් ලිංගික ජීවිතය තෘප්තිමත් කියල කිව්වෙ 15%ක පිරිසක් විතරයි. මේක බරපතල පරතරයක්.

ලෝක ජනගහනයෙන් 10%ක පිරිසක් වමත්කරුවන් වෙනවා. ඇයි මේ අයගේ ලිංගික ජීවිතය වඩා හොඳ වෙන්නෙ? මේකට හේතුව විදිහට කියන්නෙ වමත්කරුවන් වඩා තෘප්තිමත් වෙන්නෙ තමන්ගෙ මොළයෙ දකුණු අර්ධයෙන් කියන එකයි. මොළයේ මේ දකූනු පැත්ත තමයි නිර්මාණශීලීත්වයට, කලාත්මකබවට සහ අනුරාගයට මුල්වෙන්නෙ. මේ නිසා ඒ අයගෙ ලිංගික ජීවිතයත් ඒ දේවල්වලින් පොහොසත් වෙනවා. අනිත් පැත්තට දකූණ හුරු අය වැඩි තෘප්තියක් ලබන්නෙ තමන්ගෙ මොළයෙ වම් අර්ධයෙන්. ඒ කියන්නෙ ගණිතයට, තර්කයට, විශ්ලේෂණයට බර කොටස. ඉතින් සෙක්ස්වලදි තෘප්තිය අඩුවීම අහන්නත් දෙයක්ද?

මේ හින්දම LELO කියන සමාගම Detrux කියල ස්ටේ‍රස් බෝලයක් වගේ සෙක්ස් ටෝයි එකක් නිර්මාණය කරලා තියෙනවා දකුණත් හුරු අය වෙනුවෙන්ම. ඒ වමත්කරුවන් ලබන ලිංගික තෘප්තිය පුහුණු වෙන්න. ඒක වම් අතේ මිරිකගත්තම වයිබේ්‍රට් වෙමින් මොළයේ දකූණු අර්ධය උත්තේජනය කරනවා කියලයි කියන්නෙ. එතකොට දකුණත්කරුවන්ට වමත්කරුවන් ලබන අසීමිත ලිංගික තෘප්තිය අත්දකින්න පුළුවන් වෙනවලු.

දැන් කෙනෙකුට ඕන නම් පුළුවන් තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තෝරාගැනීමේදී මොන අතද වඩා හුරු කියන එකත් වලංගු කාරණයක් කරගන්න. කොහොම වුනත් මගේ පෙම්වතියත් ඇතුලු සමස්ත සෙක්සි වමත්කරුවන්/කාරියන්ට සුබ දවසක් වේවා.