මාස්ටර්බේට් කරන එක නැත්තං ස්වයං වින්දනයේ යෙදීම පිරිමි වැඩක් විදිහට තමයි සමාජෙ බහුතරයක් අතර රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. ඒක කොල්ලන්ගෙ අවශ්‍යතාවයක්. ස්වයං වින්දනයේ යෙදීම කාන්තාවකට සුදුසු නෑ කියල ගොඩක් කාන්තාවන් තමන්වම සීමා කරගන්නවා. ඒක හින්දම කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීමම එක විදිහකට යම් නිදහසක් අත්පත් කරගැනීමක්. ඒකෙන් ස්වයංවින්දනය පිරිමි අවශ්‍යතාවයක් කියන තැනින් ගලවලා අරගෙන ගැහැණු ස්වාධීනත්වයක් කියන තැන පිහිටුවනවා. මෙතනදි සෙක්ස් ටෝයිස් ලොකු කාර්යභාරයක් ඉටුකරනවා.
සෙක්ස්ටෝයි එකක් කියන්නෙ හැම වැඩිහිටියෙක් විසින්ම අත්පත් කරගත යුතු, ළඟ තබාගත යුතු දෙයක්. ඒකෙන් ලිංගික ජීවිතයේ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගන්න පුළුවන්. තමන්ගේ ශරීරය පිළිබඳ ආත්ම විශ්වාසය වඩවන්නත්, ලිංගිකත්වයේදි ස්වාධීනත්වය වර්ධනය කරන්නත් සෙක්ස් ටෝයිස් උදව් වෙනවා. ඒ වගේම සම්බන්ධතා ඇතුලෙදි සහකරුවා/සහකාරිය අතර බැඳීම් රසවත් කරනවා. ලිංගික ක්‍රියාව සැහැල්ලු සොඳුරු ක්‍රීඩාවක් බවට පත් කරනවා. වැදගත්ම දේ තමයි සෙක්ස් ටෝයිස් ඉතාම විද්‍යාත්මකව තෘප්තිය වැඩිකිරීම සඳහාම නිපදවලා තියෙන එක. ඒ නිසා අනිවාර්යෙන්ම ඉක්මනින් ඉහළම සුරතාන්තයන් කරා ළඟා වෙන්න මේ සෙල්ලම් බඩු අපිට උදව් වෙනවා. අපි හැමෝගෙම විවිධ ලිංගික දුර්වලතා තියෙනවා. ඒවා ඉක්මවා සතුට අත්පත් කරගන්න සෙක්ස් ටෝයිස් ලොකු පිටුවහලක්. විශේෂයෙන් ප්‍රාණවත්වීමේ සහ දිගු වේලාවක් සංසර්ගයේ යෙදීමේ අපහසුතා ඇති අයට මේ රති මෙවලම්වලින් විස්කම් පාන්න පුළුවන්.
සෙක්ස්ටෝයිස් කියන දේ මුලින් තිබුනෙ පෝර්න් ඉන්ඩස්ට්‍රි එකට කොටුවුනු තැනක. 98දි Sex and the City වැඩසටහන් මාලාවෙ කුප්‍රකට චාර්ලට් තමන්ගෙ සෙක්ස් ටෝයි එකක් වුනු හාවාට ඇඩික්ට් වුනු කතාවෙ ඉඳන් මේක ජනප්‍රිය සංස්කෘතිය ඇතුලට පොලාපැන්නා. ඇත්තටම මේ අනුරාගයේ රස රහස සාමාන්‍ය සමාජයට අරගෙන ඒමෙදි Sex and the City වගේම Fifty Shades of Grey කතා පෙල විශාල වැඩකොටසක් කරනවා.
98දි සෙක්ස් ඇන්ඩ් ද සිටි විසින් අලුත් කවුළුවක් විවෘත කළත් ඒ අවශ්‍යතාවය පිරිමහන්න වෙළඳපොල දියුණු වෙලා තිබුනෙ නෑ. සෙක්ස්ටෝයිස් ඒ වෙද්දිත් තිබුනෙ හරිම ඩොජි විදිහකට. ඒ කියන්නෙ රහස්‍ය මට්ටමක. ඒවා කවුරුන් විසින් මොනවා පිනිස පාවිච්චි කරනවද කියන දැනුවත් බව පවා ඇතිවෙලා තිබුනෙ නෑ. මෙන්න මේ කාලෙදි තමයි රිචර්ඩ් ලොන්ග්හර්ස්ට් කියන මැගසින් කතුවරයා සහ නීල් ස්ලේට්ෆෝර්ඩ් කියන මියුසිෂන් එකතු වෙලා සෙක්ස්ටෝයිස් වලට ඔන්ලයින් ෂොප් එකක් දාන්න කල්පනා කරන්නෙ. මේ අදහස මේ දෙන්නට එන්නෙ ලන්ඩන්වල ඉරොටිකා ෂෝ එකක් බැලුවට පස්සෙ. අතේ තියෙන ඔක්කොම හූරලා පවුම් 9000ක් එකතු කරගෙන ඒ ගොල්ලො ඔන්ලයින් ෂොප් එක දානවා. පවුම් 1500ක් වටින බඩු තොගයක් මුලින් ගෙන්න ගන්නවා. ව්‍යාපාරික ස්ථානය වෙන්නෙ රිචර්ඩ්ගේ නිදන කාමරය.
වැඩේ පටන් ගත්තට දෙන්නටම වැඩේ ගැන කිසිම අවබෝධයක් නෑ. කොටින්ම ‘අපි මේ මොන මඟුලක්ද කරන්න යන්නෙ’ කියල දෙන්නටම හිතෙනවා. බඩු පෙට්ටි ඇවිත් ඒවා විවෘත කරද්දි ඒ ගොල්ලොම බයවෙනවා.
‘අපිත් ටික ටික තමයි අපි විකුණන ප්‍රොඩක්ට් එක බාරගන්න පුරුදු වුනේ. ඒකෙ ෂොක් එක නැතිවෙලා යන්න අපිටත් කාලයක් ගතවුනා. ඒත් ඇත්තටම සෙක්ස්ටෝයිස් කියන්නෙත් අනිත් හැමදෙයක්ම වගේ තවත් නිෂ්පාදනයක් විතරයි’
2002 දි ස්ටාර්ට්අප් එකක් විදිහට ‘Lovehoney’ පටන් ගන්නෙ එහෙමයි. මේ වෙද්දි ඒක පවුම් මිලියන 850ක ව්‍යාපාරයක්.මේ දෙන්නා වැඩ පටන්ගන්න කොට සෙක්ස් සම්බන්ධ කිසිම නිෂ්පාදනයක් විශ්වාසෙන් ගන්න තැනක් නෑ. ඒ ප්‍රොඩක්ට්ස් තිබුනත් ඒවා පාවිච්චි කරන විදිහක්, උවමනාවක් ගැන කවුරුවත් හරියට දන්නෙ නෑ. මේ දෙන්නා මුලින්ම කරන්නෙ හැම ප්‍රොඩක්ට් එකක්ම ලස්සන ෆොටෝග්‍රාෆ් කරන එක. ඊට පස්සෙ තමන්ගේ ලේඛන හැකියාව පාවිච්චි කරලා ඒ නිෂ්පාදන එකින්‍එක විස්තරාත්මකව පාරිභෝගිකයාට හඳුන්වලා දෙනවා.
පළවෙනි අවුරුද්දෙම මාසෙකට ටෝයිස් 1000ක් අලෙවි කරන්න මේ දෙන්නට පුළුවන් වෙනවා. ඒ අවුරුද්දෙ ආදායම පවුම් 37000ක් වෙනවා.
ලව්හනී ඉදිරිපත් වෙන්නෙ පෝර්න්වල කොටසක් වෙලා තිබුනු සෙක්ස්ටෝයිස් එදිනෙදා ලිංගික ජීවිතයේදී හැමෝටම හිතකර ආස්වාදනීය දෙයක් බවට පත්කරන්න.
2011දි ඒ ගොල්ලො සෙක්ෂුවල් හැපිනස් පීපල් කියල තමන්ව හඳුන්වාගන්නවා. ලිංගිකව තෘප්තිමත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිෂ්පාදනයක් විදිහට ඉස්සරහට එනවා. බොරු සදාචාරයෙන් වහගෙන ඉන්න ලිංගික සංස්කෘතිය ඇතුලෙ සෙක්ස්ටෝයිස් කියන්නෙ විවෘතබව සහ බාරගැනීම වෙනුවෙන් ගහන කැරැල්ලක්. බරපතල, වරදකාරී දෙයක් විදිහට සෙක්ස් මත පනවා තිබුනු බර සැහැල්ලු කරමින් ඒක සොඳුරු ක්‍රීඩාවක් බවට පෙරලන එළඹුමක්.
2016දි මේ ව්‍යාපාරය වෙනුවෙන් ලව්හනී දෙපොල රැජිණගෙන් සම්මාන ලබනවා. බකිංහැම් උද්‍යාන සාදයෙදි රැජිණ සහ ඩියුක් එඩින්බරෝ මුනගැහෙන්නත් අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දි ලව්හනී කියන්නෙ ලෝකෙ විශාලතම ඔන්ලයින් සෙක්ස්ෂොප් එක. සෙක්ස්ටෝයිස් සහ අනුරාගී ඇඳුම් ආයිත්තම් තමයි ඒ අයගෙ බිස්නස් එක. බ්‍රිතාන්‍ය වගේම ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, යුරෝපා සංගමය, කැනඩාව, නවසීලන්තය ආදී රටවල් ගණනාවක මේ රති අරගලය ක්‍රියාත්මක වෙනවා.මිලියන 2.2ක පාරිභෝගික පිරිසක් සහ 300ක කාර්යමණ්ඩලයක් ආදර මීවිත වටේ රැස්වෙනවා.
ෆිෆ්ටිෂේඩ්ස් ඔෆ් ග්‍රේ කතා මාලාව වෙනුවෙන් සෙක්ස්ටෝයිස් නිෂ්පාදනය කිරීමේ අයිතිය ලබාගැනීමත් එක්ක ලව්හනී තමන්ගේ විප්ලවයේ දැවැන්තම අදියරට එළඹෙනවා. ඒ අනුරාගී කතිකාවට අවශ්‍ය මෙවලම් ඒ අය අතින් නිපදවෙනවා.
පාරිභෝගිකයන්ට අලුතෙන්ම අවශ්‍ය ශෘංගාර මෙවලම මොකක්ද කියල තේරුම් ගන්නෙ කොහොමද? රිචර්ඩ් සහ නීල්ගෙන් සඟරාවක් ප්‍රශ්න කරලා තිබුන.
‘අපි ලෝකෙ වටේම තියෙන ඉරොටික් නිෂ්පාදන සංදර්ශන බලන්න අනිවාර්යෙන්ම යනවා. ඒ ඇසුරෙන් අපිට ශෘංගාරය ගමන් කරමින් තිබෙන යම් යම් දිශානතීන් හිතාගන්න පුළුවන්. ඒ වගේම හැම අවුරුද්දකම අපි ලව්හනී නිමැවුම් තරගයක් පවත්වනවා. ඕනම කෙනෙකුට තමන්ගේ අලුත් ශෘංගාර මෙවලමක් ගැන සංකල්පයක් ඒකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙන් තෝරගන්න හොඳම නිමැවුම් අපි නිෂ්පාදනය කරනවා’
කොවිඩ් කියන්නෙ හැමෝගෙම ලිංගික ජීවිතය සංකෝචනය වුනු කාලයක්. සබඳතාවලින් මිනිස්සු දුරස් වුනා. එකිනෙකා අතර පරතරයක් තියාගන්න සිද්ද වුනා. මේ කාලෙදි කෑමබීම, ඇල්කොහොල් සහ සෙක්ස්ටෝයිස් තමයි ලෝකයේ බහුතරයක වැඩිපුර මිළදී ගැනීම් වුනේ. මේ නිසාම ලව්හනී නිෂ්පාදන අලෙවිය මේ කාලෙදි සුවිශේෂී විදිහට ඉහල ගිහින් තියෙනවා.
2021 අවුරුද්දෙ වසර 06ක් පුරා එකදිගට කැපී පෙනෙන අන්තර්ජාතික අලෙවියක් පෙන්වූ ව්‍යාපාරය හැටියට ලව්හනී නැවතත් රැජිනගේ සම්මාන ලබනවා.
ලව්හනී ව්‍යාපාරය සමග වැඩකරන සේවකයන්ටත් විශේෂ වරප්‍රසාද තියෙනවා. ඕනම පැමිනිල්ලක් ගැන ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඒ ගොල්ලොන්ට පුළුවන්. ක්‍රියා විරහිත යමක් වෙනුවෙන් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ලබාදීම වගේ තීරණ වුනත් ඒ අයට තනියම ගන්න පුළුවන්. මේ සේවක මණ්ඩලයේ සියල්ලන්ටම තමන්ට අවශ්‍ය සෙක්ස්ටෝයිස් නොමිලේ ලබාගන්නත් අවකාශ තියෙනවා.‘අපේ වැඩකරන අය සතුටෙන් ඉන්නෙ නැත්තං අපි කොහොමද අනිත් අයට සතුට බෙදන්නෙ?’ ආදරමීවිත නිර්මාතෘවරු කියන්නෙ එහෙමයි.
මේ ලව්හනී බ්‍රෑන්ඩඩ් සෙක්ස්ටෝයිස් දැන් ලංකාවෙත් තියෙනවා. තත්වයෙන් උසස්, වගකීමත් ඇති රතිකෙළි උපාංග, අනුරාගී විලාසිතා හොයන, විඳින රසවත් වෙන අයට ඔන්ලයින් ඒවා ඇණවුම් කරන්න පුළුවන්.