“…මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි.
සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්. අපි යාළුවන්ට හැම දේම කියනවා. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ.
පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.
මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ.
අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.

මගේ හොඳම මිතුරිය මට කිව්වොත් “හැම මාසෙම පන්සල් පලයන්” කියල මම අනිවා කියන්නෙ “උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____” කියල..
ඒක අහලා ඇයට අවශ්‍ය නම් “මේ යාළුකම හරි යන්නෙ නෑ” කියල අත ඇරල දැම්මැහැකි. එහෙමත් නැතිනම් “මූ පන්සල් නොගියට හොඳ එකා” කියලා යාළුකම පවත්වාගත හැකි.
යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.
එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා. මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි.
එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා.
දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?
යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.
අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.
ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්. මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.
මගේ විශ්වාසය නම් එය ජාතික අපරාධයක් බවයි”
“…. බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.
..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්.
ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.
නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක.
කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.
තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)
දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි.
ඇයි?
ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?
එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ.
තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.
කොහොම කලත් මේ “වෙනස් කම්” කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ “අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව” කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.
ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට “දෙන” දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.
හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.
තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.
මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට “ගුඩ් බායි” කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.
ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා”
අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
ප/ලි –
- මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ.
-
බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ පල කලෙමි.
ජේමිස් බණ්ඩා








දියඇල්ලක, ඇලක, දොළක, සමහර විට පූල් එකක වුනත් සෙක්ස් කරන එක සුන්දර අත්දැකීමක්. කවුරුවත් නොගැවසෙන අවසරයක වතුරෙ ගිලිලා එකිනෙකාගෙ සිරුරු වෙලෙන එක රමණීය රමණයක්. අපි අතර දියකඳක් තියෙනවා කියන එකත්, ඒ සොබාදහමට දියවීමේ අනුහසත් හැමදෙයක්ම වඩාත් සෞන්දර්යාත්මක කරනවා. සමහර වෙලාවට ලිංගිකව එක්වීමම අවශ්‍ය වෙන්නෙ නෑ. නිරුවතින් නිදහසේ දියකෙළින එකමත් පැහැදිලි ශෘංගාරයක්. සැළලිහිණින්ට නොපෙනෙන්න විඳිය යුතු අසිරියක්.
කාගෙන්වත් හිරිහැරයක් නැති වනාන්තරයක ගස්කොලන් අතර වැතිර කරන රමණයක් කියන්නෙ ට්‍රිප් එකක්. ඉහලින් පේන තුරු වියන් දිහා බලාගෙන එකිනෙකාගේ ඇස් සමවඳින සුයාමයක්. කැලයක් කියන්නෙ නිරුවත් වෙන්නම ඕන තැනක්. මඩ, දිරාපත් කොල, තරමක් රළු තන පලස් තමයි මේ අනුරාගයේ අනිවාර්යතා වෙන්නෙ. ඒත් වනාන්තරයක් ඇතුලෙ රමණයක් මේ ශිෂ්ටත්වයේ රැහැන්වලින් මිදිලා අපේ පැවැත්මේ ගැඹුරු මොහොතක් ස්පර්ශ කරන්නත් පුළුවන්.
මේක නම් අපි හැමෝම වගේ කරලා තියෙන දෙයක්. ඒත් අනිවාර්යෙන්ම කාලෙකින් මගහැරුනු දෙයක්. වාහනයක් ඇතුලෙ සෙක්ස් කරනවා කියන්නෙ හරියට නාට්‍යයක් රඟදක්වනවා වගේ වැඩක්. ඒ තියෙන ඉඩට ගැලපෙන විදිහට ඉරියව් හසුරුවාගන්න ඕන. ඒ වගේම තමන් ඉන්නෙ වීදුරු කුටියක කියන එකත් මතක තියාගන්න ඕන. හැබැයි මේ ආස්වාදය විඳපු කෙනෙකුට ඒක අමතක කරන්න නම් බැරි තරමෙ එකක්.




ඊට ගොඩකාලෙකට පස්සෙ මේ මල් කියන සියුමැලි සුවඳ ජීවීන් තවත් වර්ගයකගේ සවිඥානකත්වයේ වැදගත්ම පරිවර්තනයක් ඇති කරනවා. මානවයො මේ මල්වල අලංකාරයට වශී වෙනවා, ඒවායින් ආස්වාදයට පත්වෙනවා. මානවයාගේ සවිඥානය වර්ධනය වෙද්දි තමන්ට උපයෝගීතාවයක් නැති නමුත් ඔවුන් වටිනාකමෙන් සළකපු පළමු දේ බොහෝවිට මල් වෙන්න ඉඩතියෙනවා. මල්වලින් මානවයාගේ ජීවිතය ගලවා ගැනීම වගේ දේකට උදව්වක් නෑ. ඒත් ඒවා ගිණිය නොහැකි තරම් කලාකරුවන් කවීන් මුනිවරයන් අවදි කරලා තියෙනවා. ඉන්ස්පයර් කරලා තියෙනවා. මල් දෙස බලා සිට ජීවත්වෙන හැටි උගන්නැයි ජේසුස් අපිට කියනවා. බුදුන් මලක් පාවිච්චි කරලා නිහඬ දේශනාවක් කරනවා. එයා මල අල්ලාගෙන ඒ දෙස බලා සිටින්නැයි කියනවා. ටික වෙලාවකට පස්සෙ ඒ පිරිස අතර හිටපු මහා කාශ්‍යප තෙරුන්ගෙ මුවට මදහසක් නැගෙනවා. එතන හිටපු අයගෙන් මේ දේශනය වැටුහුනු එකම කෙනා මහා කාශ්‍යප. පුරාවෘත්තයෙ හැටියට මේ අවබෝධයේ මදහස ආචාර්යවරුන් වහන්සේලා විසි අටකට උරුම වෙනවා. එතැනින් සෙන් දහමේ උපත සිදුවෙනවා.
ඕනම ජීවිත ආකෘතියක් අවබෝධයට පත්වෙනවා කියල අපිට කියන්න පුළුවන්. ඛනිජයක් වුනත්, එළවලුවක් වුනත්, සතෙක්, මනුස්සයෙක් වුනත් මේ අවබෝධයට පත්වීමේ ක්‍රියාවලිය තුලින් ගමන් කරනවා. ඒත් ඒක අන්තිම විරල සිදුවීමක්. මොකද ඒක පරිණාමීය ක්‍රියාව ඉක්මවා යන්නක්. එක විදිහකට ඒ පරිණාමීය භෞතික ක්‍රියාවෙන් ඛන්ඩනයක් සලකුනු කිරීමක්. වෙනම පැවැත්මකට ගන්නා වූ පිම්මක්. වැදගත්ම දේ ඒක භෞතිකත්වයෙන් අඩුවීමක් දුරස්වීමක් දැනෙන තැනක්.





පොලිසිය කියන්නෙ ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලදි කොහොමත් අන්තිම ග්‍රාම්‍ය තැනක පවතින ආයතනයක්. වෙරලක ඉන්න පෙම්වතුන් අල්ලාගෙන යාමත් සදාචාරය රකින මෙහෙවරක් හැටියෙන් සළකන පොලිසිය අතින් වෙනස් ලිංගිකත්වයන් ඇති පිරිස් නිතර අතවර, අපහාස සහ අපහරණයන්ට ලක්වෙනවා. පොලිසියට ඒ දේවල් උගන්නන්නෙ, ඒ පිරිහුනු මතවාදයන් සනාථ කරන්නෙ, ඔවුන්ට ඒවා සමාදන් කරවන්නෙ අමා දිසානායක වගේ කට්ටිය.
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ හොමොෆෝබියා හෙවත් සමරිසිභීතිකාව තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් ගේනවා. කෙනෙක් විෂම ලිංගික වෙන්නෙ ජීව විද්‍යාත්මක කාරණා නිසා පමණක් නෙමෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. මේ දැඩි විෂම ලිංගිකත්වය පිටිපස්සෙ තියෙන්නෙ දෙමව්පියන්ගෙන් සහ සමාජයෙන් ලැබෙන සමරිසි විරෝධය බව එයා කියනවා. ඒ කියන්නෙ අපි විෂම ලිංගික වෙන්නෙ සමලිංගිකත්වයට ඇති බය නිසා.
මේ සමරිසිභීතිය පිටිපස්සෙ තියෙන තව කාරණයක් තමයි සිම්බොලික් රේසිසම් නැත්තං සංකේතමය වර්ගවාදය කියන එක. කලුසුදු භේදය, දෙමළ සිංහල භේදය ආදී විදිහට අපි හදාගත්ත අපේ කල්පිත වටිනාකම් පද්ධතියක් වඩා උසස් සහ මාරයි කියන හැඟීම මේ ලිංගික ප්‍රශ්නෙදිත් තියෙනවා. සමරිසිභාවය එක්ක අපි ස්වභාවිකයි කියල පිළිගන්න පවුල, ලිංගිකත්වය, අපේ ලිංගික තත්වය වගේ සංකේතීය කාරණා අර්බුදයට යනවා. අපේ ආගම්වලින් ගොඩනගපු ගතානුගතික විශ්වාස අවුලට යනවා. එතකොට අපිට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනවා. අපි බය වෙනවා. ප්‍රචන්ඩ විදිහට ඒක යටපත් කරන්න හදනවා. සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙත් ජාතිවාදය ආගම්වාදය පිටිපස්සෙ තියෙන වර්ගවාදයම තමයි. එක විදිහක වෙනස් කොට සැලකීමක් තියෙන කෙනෙක් ළඟ අනිත් සියල්ලත් අඩුවැඩි වශයෙන් තියෙන්නෙ ඒකයි. උදා විදිහට ජාතිවාදියෙක් නම් බොහෝවිට එයා සමරිසි විරෝධියෙක්. මේ හෝමොෆෝබියාව රාජපක්ෂ මතවාදය එක්ක ඉබේටම ගැටගැහෙන්නෙ මෙතනදි. ඇත්තටම මේ ලිංගිකත්වය පිළිබඳ අර්බුදය තමයි ජාතිය ආගම රකින්න කියල සිංහ වෙස් අරගෙන හපන්න පනින්නෙ.
