2022 පෙබරවාරි 10 වෙනිදා වික්ටෝරියානු පාර්ලිමේන්තුවෙ ලිංගික ශ්‍රමික වෘත්තිය අපරාධහරණය කිරීමේ පණත සම්මත වෙනවා. ඒ අනුව විශේෂ නීති කිසිවක් නොමැතිව සාමාන්‍ය අනෙකුත් වෘත්තියක් හා සමානවම ලිංගික ශ්‍රමික වෘත්තිය සැලකිය යුතු වෙනවා.
මේ ගැන ෆේස්බුක් එකේ කතාබහ යන අතරෙ මට යාලුවෙක් මැසේජ් එකක් එවලා තිබුන. වික්ටෝරියා ප්‍රාන්තයේ ලිංගික ශ්‍රමය සැපයීම සම්බන්දයෙන් 1994 වගේ කාලයක පටන්ම නීතිගත තත්වයක් පැවතුනා කියල එයා මට කිව්වා. ඒ කියන්නෙ යම් යම් සීමාවන්ට යටත්ව වුනත් මේ ගණිකා වෘත්තිය සම්බන්ද නිදහස එහේ තිබුණ කියන එක. මෑත නීති ප්‍රතිසංස්කරණයෙන් ඒ ගොල්ලො කරන්නෙ වීදි ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් සඳහා බලපත්‍ර දීමට අදාල සීමාවන් ඉවත් කරන එකයි. බලපත්‍ර ලත් ගණිකා නිවාස කොහොමත් නීතිගතවයි තිබුනෙ. නමුත් ඔයා ස්වාධීන ලිංගික ශ්‍රමිකයෙක් නම් ඔයාට ඔයාගෙම ස්ථානයක් පවත්වාගෙන යාම නීතියෙන් තහනම්ව පැවතුනා. ඒ ස්ථානය සේවය ලබාගන්නා විසින් සැපයිය යුතුවයි තිබුනෙ. මේ නීතිය මෑත සම්මත වූ පණතින් ඉවත් කළා. මේ නිදහස දිනාගැනීම පිටිපස්සෙ ඉන්න දැවැන්ත චරිතය වෙන්නෙ ෆියොනා පැටන් කියන මන්ත්‍රීවරිය.
ෆියොනා පැටන් කියන්නෙ රීසන් පක්ෂයෙ නායිකාව. පැටන් 2009දි පක්ෂයක් පටන් ගන්නවා ඔස්ට්‍රේලියානු සෙක්ස් පක්ෂය නමින්. ඒ පක්ෂය එයා පටන් ගන්නෙ ලිංගිකත්වය සම්බන්ධයෙන් එකතැන පල්වෙමින් තිබුනු වාරණය සහ සීමාවන්ට විරුද්ධව. නිදහස වෙනුවෙන්, විවාහයේ සමානත්වය වෙනුවෙන් වගේම මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති වෙනස් කිරීම වෙනුවෙන් ඒ පක්ෂය සටන් කරනවා. ඒ වගේම යුතනේෂියා හෙවත් මරණයේ අයිතිය වෙනුවෙනුත් ඔවුන් පෙනී සිටිනවා. 2017දි මේ පක්ෂයේ නම රීසන් පාර්ටි කියල වෙනස් කරනවා.
සෙක්ස් පාර්ටි කියන නම ඉතාම ආකර්ශනීය වුනත් ඒ නම නිසා ගොඩක් අනවශ්‍ය කරදරවලට මුහුණ දෙන්න වුනා කියල ෆියොනා කියනවා. මිනිස්සු ඇවිත් මේ නම හින්ද තමන්ගෙ ළමයින්ව චන්ද මධ්‍යස්තානෙටවත් ගෙනියන්න බෑ කියල තමන්ට බැනවැදුනු බව ෆියොනා කියනවා.
‘ඒත් සෙක්ස් කියන වචනය හැම රජයේ පත්‍රිකාවකම තියෙනවා. අපේ උප්පැන්න සහතිකේ පවා තියෙනවා. ඒත් මිනිස්සුන්ට සෙක්ස් පාර්ටි කියන එක දරාගන්න අමාරු වුනා’
බහුතරයක ඉල්ලීම් සලකලා නම වෙනස් කළත් තාමත් තමන් සෙක්ස් පාර්ටි කියන නමට බැඳිලා ඉන්නවා කියලා ෆියොනා කියනවා.
‘සෙක්ස් පාර්ටි කියන නම ඕනම තැනක කැපිලා පේනවා. ඒ වගේම අපේ මැතිවරණ ව්‍යාපාරවලදි අපි ගොඩක් විනෝදාත්මක වැඩ කළා. දේශපාලනය කියන්නෙ සීරියස් දෙයක්ම වෙන්න ඕන නෑ. අපිට පුළුවන් විනෝදයත් එක්ක දේශපාලනය කරන්න. එකවතාවක් අපි ගෙනිච්ච ස්ලෝගන් එකක් වුනේ ‘හැම කෙනෙකුටම හැපි එන්ඩින් එකක්’ කියන එකයි’
පැටන් දේශපාලනයට එන්න කලින් ඔස්ට්‍රේලියාවෙ ජාතික වැඩිහිටි ආස්වාද කර්මාන්තයේ ප්‍රධාන විධායක නිලධාරී විදිහට කටයුතු කළා. ඒකට කියන්නෙ ඊරොස් ඇසොසියේෂන් කියල. වැඩිහිටි ලිංගික ආස්වාද සම්බන්ධ කර්මාන්තවල වෘත්තීය අයිතීන් වෙනුවෙන් පිහිටුවාගත්ත සංවිධානයක් ඒක. ඒ වගේම එයා ලිංගික අයිතීන් සහ ඒඩ්ස් සම්බන්ධ දැනුවත් කිරීම් වෙනුවෙන් අවුරුදු 20ක විතර කාලයක් වැඩකරනවා.
2001දි කැන්බරාහි ජාතික ඉරොතික කෞතුකාගාරය ඇති කරන්න කරන්න මුල්වෙන්නෙත් ඇයයි. ඒ කෞතුකාගාරය ඇති කරන්නෙ ඉරොතික කලාවන්, ඉතිහාසයන්, ඡායාරූප ආදිය ආරක්ෂා කරමින් මහජනයාට ප්‍රදර්ශනය කරන්නයි.
ෆියොනා ඇත්තටම ලිංගික ශ්‍රමිකයෙක් විදිහට කාලයක් කටයුතු කළ කෙනෙක්. 2010දි මේ සෙක්ස් පක්ෂෙන් ජනප්‍රිය පෝර්න් තරුවක් වුනු ඇන්ජෙලා වයිට් පවා වික්ටෝරියානු ප්‍රාන්තය වෙනුවෙන් තරග කරනවා.
ෆියොනා පැටන් තමන්ගේ සහකරුවා සමග ඕපන් රිලේෂන්ෂිප් හෙවත් විවෘත සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කෙනෙක්. ඔවුන්ගේ සම්බන්ධයට දැනට වසර 25ක්. මේ නිදහස සහ අවංකබව දෙදෙනා අතර බැඳීම තවත් ශක්තිමත් කළ බව ෆියොනා කියනවා. ඇය තමන්ගේ අතීත ලිංගික අත්දැකීම් පොතක් වශයෙන් ලියා පළකර තියෙනවා . සෙක්ස් ඩ්‍රග්ස් ඇන්ඩ් ඉලෙක්ටෝරල් රෝල් ඒ පොතේ නමයි.
තමන් පාර්ලිමේන්තුවට ආවෙ කරන්න වැඩ ලිස්ට් එකක් අතේ තියාගෙන බවත් එකින් එකට ඒ දේවල් ජයගන්නා බවත් ෆියොනා කියනවා. ‘මං ආවෙ නිකං අයිනකට වෙලා පාර්ලිමේන්තුවෙ ඉන්න නෙමෙයි. මට තියෙනවා ජයගන්න අරමුණු ලැයිස්තුවක්. ඒවා එකින් එක ටික් කරමින් මං ඉස්සරහට යනවා’











නවසීලන්තයේ සිදු කළ පර්යේෂණයකින් පැහැදිලි වන්නේ තරුණ පිරිස් තමන්ගේ ජීවිතයට අදාල නොවන සහ අවදානම පමණක් ඉස්මතු කරන මේ ලිංගික අධ්‍යාපනයෙන් වෙහෙසට පත්ව ඇති බවයි.



ගෙදර ගිහින් wash එකක් දාලා ඇදුමක් මාරු කරගෙන ගියා එයාව pick කරන්න.
එයා Flirt කරන විදිහ හරිම smooth. කිසිම විදිහකින් Desperate නෑ. ලංකාවේ මෙහෙම කොල්ලො ඉන්නවා කියන එකම කොච්චර දෙයක්ද කියලා මට හිතුනා.
අපි ගියා room එකට.
මම ඇඳන් හිටපු panty එකත් එයා skirt එක උඩින්ම ටිකක් වෙලා අතගාලා, පහළට ඇද්දා.





මේක 1960න් පස්සෙ ඇතිවුනු විනාශකාරී තත්වයක් විදිහට මතයක් තිබුණත් පර්යේෂකයො පෙන්නලා දෙනවා 1940 ගනං වලත් මේ තත්වය මේ විදිහටම පැවතුනා කියල. සමාජය ඒක විවෘතව බාරනොගැනීම විතරයි වෙනස.
කාලෙකට කලින් විද්‍යාවෙන් කිව්වා සමලිංගිකත්වය රෝගයක් කියල. ඒක මෑතක් වෙන තුරු ලංකාවෙත් උගන්වමින් තිබුන. ඒක තනිකරම විද්‍යාත්මක නොවන නමුත් විද්‍යාත්මක සහතිකය ඇතුලෙන් ප්‍රචාරය කරන ආගමික අගතියක්. කසාදයට කලින් ලිංගිකව හැසිරීමෙන් වැලැක්වීමත් ඒ හා සමානම ක්‍රියාවක්.
ලංකාවෙ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතිවලට බොහෝ විට ආධාර ලැබෙන්නෙ වෙනත් රටවල ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් හරහායි. මේ ව්‍යාපෘති ලංකාව තුල දියත් කරන්න ඒ අයට සිද්ද වෙනවා විවිධ රජයේ වෛද්‍ය කණ්ඩායම් එක්ක කටයුතු කරන්න. ඒ අයගෙ අධීක්ෂණය යටතෙයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ. ඒකෙ අදහස වඩා නිවැරදි තොරතුරු සමාජගත කිරීම වුනත් ඇත්තටම එතනදි සිද්ද වෙන්නෙ සදාචාර සීමාවන් මතින් තොරතුරු වාරණය කරන එකයි. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මේ දුක්ඛදායක යතාර්ථය හිතාමතා නඩත්තු කරන ආගමික එකක්.
කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජ රෝග, පසුතැවීම්, සිත්රිදීම්, මානසික ආතතිය, ලැජ්ජාව ආදී කාරණාවලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ තත්වය මොනොගමික කසාදය තුල නොපවතින ඕනම විෂම ලිංගික සම්බන්ධතාවයකට පොදුයි. කොන්ඩමයක් පැළඳීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් සිදුවිය හැකි ආපදා සියල්ල මැනවින් කළමනාකරණය කරගන්න පුළුවන් අතර අනෙක් මානසික ආපදා ඇත්තෙන්ම ජීවිතය විඳින්න නම් අවශ්‍ය ඒවා වෙනවා.
ලිංගික නිදහස ඇත්තටම විඳින්න තියෙන එකම මග කොන්ඩම් එකයි. ඒකෙන් නිරුවත් සතුට පිළිබඳ හැඟීම තරමක් අඩු කළත් දෙන්නාටම සමානව පසු ආපදාවලින් තොරව සතුටු වෙන්න පුළුවන්.
සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ දෙයක්. සෙක්ස්වලින් ඩෝපමින්, ඔක්සිටොසීන් ආදී රසායනයන් මුදාහරිමින් අපිව සතුටට, සැනසිල්ලට පත් කරන අතර අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කරනවා. අපිව නිරෝගී කරනවා. අපි ෆේස්බුක් වගේ කලාපයකට ආවම දකින්න තියෙන දේශපාලනය, වාද විවාද, අපහාස, අවලාද, සෙල්ෆි සටන් බොහොමයක් ලිංගික අතෘප්තිමත්භාවයේ ප්‍රතිඵල. හැබැයි ජීවිතේ අනිත් හැමදෙයක්ම වගේ සෙක්ස් වලින් මේ හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න නම් ඒක අර්ථවත් සම්බන්ධයක් වෙන්න ඕන. නැත්නම් හිස්කමක්, මානසිකව බිඳවැටීමක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මිකව, මානුෂිකව පිරුණු අත්දැකීමක් වෙන්න ඕන.



Sex විඳිනවා කියන්නෙ, ගැහැණියක් විඳිනවා කියන්නෙ කායිකව සහ මානසිකව කියන දෙකෙන්ම එකතු වෙන තැනක්. එහෙම එකතු වෙන සම්බන්ධකම් ඇතුලෙ, එකිනෙකාගේ ආසාවන් ගැන විවෘත කතාබහක් ඇති වෙනවා. අලුත් දේවල් කරන්න, ගවේෂණය කරන්න ආසාව ඇති වෙනවා. ළමයි, ජීවන අරගල, මේ සියල්ල පොඩ්ඩකට හරි පැත්තකින් තියලා, Sex තුලින් මානසිකව, ශාරීරිකව දෙදෙනාම සුවයක් ලබා ගන්නවා.











ප්‍රදර්ශනකාමය ඩිසෝර්ඩර් එකක් නැත්නම් මනෝ ආබාධයක් වෙන අයත් ඉන්නවා. ඒ කියන්නෙ අනිත් අයටත් තමන්ටත් හානිකර අන්දමින් මේ ලිංගික රසය පවත්වාගෙන යන එක. ඒ හැසිරීම තමන්ට හිතකර අන්දමින් පාලනය කරගන්න බැරිවීම. එහෙම අය අතලොස්සක් ඉන්නවා.
එක්සිබිෂනිසම්වල අනිත් පැත්තනෙ වොයරිසම් නැත්නම් නැරඹුම්කාමය කියන්නෙ. ඒ කියන්නෙ කවුරුන්ගේ හෝ ලිංගික ක්‍රියාවක් නැරඹීමෙන් ආස්වාදය ලැබීම. අපි හැමෝම එක විදිහකට අන්එතිකල් වොයරිස්ට්ලා. පොලිසිය ජෝඩු ඇල්ලීම, කාමරවලට පැනීම කියන්නෙ රජයෙන් පවත්වාගෙන යන නිල වොයරිසම් සම්ප්‍රදාය.
ඉතාම විවෘත කතාබහ කිරීමකින් ඒ නැරඹුම්කාමය ඊට සම්බන්ධ වෙන සියලු දෙනා රසවිඳින බව තේරුම් ගැනීම වැදගත්. ඇවිලෙනසුලුයි මගේ චිත්‍රපටය වෙනුවෙන් මං ආදරේම කරන මිතුරෙක් මට දුන් ප්‍රදර්ශනකාමී තෑග්ග මට ජීවිත කාලයටම අමතක නොවෙන එකක්. ඒක වීඩියෝවක්. මගේ මිතුරා ඔහුගේ පෙම්වතිය සමග නිරුවතින් සිටින අතර ඇගේ වැජයිනාවෙන් රෝල් කළ කරදාසියක් එලියට ගන්නවා. ඒකෙ ලියලා තිබුනෙ, ඉන්ෆ්ලැමබල් විෂස් ෆොර් යූ කියල. ඒ දෙන්නාගෙ ප්‍රදර්ශනකාමී බව මට අමරණීය සුබ පැතුමක් වුනා.
‘මගේ ශිෂ්නය කියන්නෙ මම. ඒකෙන් මගේ හැමදෙයක්ම නියෝජනය වෙනවා. මගේ යුදෙව්බව, පිරිමි බව, සමලිංගික බව මේ හැමදේකම ප්‍රකාශනය මගේ ශිෂ්නය. පොලිසිය කියන්නෙ මං ලිංගික දෙයක් කළා කියල. මං කලේ ලිංගිකත්වය සම්බන්ධ දේශපාලන ප්‍රකාශනයක් මිස ලිංගික දෙයක් නෙමෙයි..’ ස්ටීවන් කොහෙන් විස්තර කරනවා.
ඉතින් මේ ඇඳුම් ඉවත්කිරීම කියන්නෙ අපි ඒ විවිධ සංස්කෘතික වැසුම් අයින් කිරීමෙන් ලබන අනුරාගයක් වෙනවා. ඉතා මිළ අධික ලොන්ජරීස්- යට ඇඳුම් අනුරාගය බැදෙන්නෙ මේ කාරණය එක්ක.
ඒ කොහොම වුනත් විවිධාකාරයෙන් රට පුරා බහුතරයක් දෙනා රහසේ ප්‍රදර්ශනකාමයේ හැසිරෙනවා සහ විඳිනවා. මාත් ඒ විදිහට වෙනත් අය යහන්ගත වෙන තැන්වල බලාහිඳිමින් ඒ විදිහට ආස්වාදය බෙදාගෙන තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කොයිතරම් අපේ ලිංගික චර්යාව ගැන දැනුවත්ද, එහි සෞන්දර්යාත්මකද, අනෙකාට ගරැ කරන්න දන්නවද කියන එක.