Home Brown Alice Brown Alice – Chapter Three

Brown Alice – Chapter Three

0
Brown Alice – Chapter Three

හිතුවක්කාර කෙල්ලෙකුගේ ශෘංගාර චාරිකා සටහන්

එයා smoke කරන්නෙ නෑ. හැබැයි මම smoke කරපු හැම වෙලාවකම එයා එහා පැත්තෙන් ඉදගෙන guitar එක play කර කර සින්දු කිව්වා.

‘I swear by the moon and the stars in the skies,
I’ll be there..
And I swear like the shadow that’s by your side,
I’ll be there..
I swear…’

සින්දු කියන අතරේ, හරිම casually මගෙන් ඇහුවා,
‘ඉන්නවානෙ මගෙත් එක්ක අද?’

හෙට මට වැඩත් නැති නිසා, අද රෑ එයත් එක්ක ඉඳලා හෙට යන්න එන්න කියලා සැරින් සැරේට කියද්දි මම හා කිව්වා.
ඔහොම කතා කර කර ඉන්න ගමන් මම ඇහුවා ඇයි මාව පලවෙනියට දැක්ක දවසෙ කතා කලේ නැත්තේ කියලා.

‘කෙල්ලො ඇවිත් මාත් එක්ක කතා කලාට, මං ඇත්තටම කතා කරන්න යන්න ලැජ්ජයි’ එයා හිනාවෙවී කිව්වා.

‘Show එකක් ඉවර උනාම ගෑනු ළමයින්ට කතා කරන හැටියෙන් නම්, කිසි ලැජ්ජාවක් පේන්න තිබුනෙ නෑ’ මාත් අනිත් පැත්තට කිව්වා.

‘මට ඇවිත් මුලින් කතා කලාට පස්සේ කතා කරන්න ලැජ්ජ නෑ, ඊට පස්සේ මම දන්නවා ඉතුරු ටික කරගන්න’

‘පළවෙනි දවසෙ ඔයා ඇවිත් ගියාම මම organizer ගෙන් ඇහුවා ඔයා ගැන විස්තර. Show එක ඉවර උනාම, ඔයා ඇවිත් අපිව හම්බෙයි කියලා මම බලාගෙන හිටියෙ. එදා ඔයත් එක්ක ආපු යාලුවාගෙනුත් මම ඇහුවා ඔයා කෝ කියලා. loku scene නෙ! ඒකනෙ අපිව බලන්න stage එකට ආවෙ නැත්තෙ! ජීවිතේට එහෙම කෙල්ලෙක්ව හොයාගෙන ගිහින් කතා කරන්න හිතිලා නැහැ මට’ එයා කිව්වෙ නෝක්කාඩුවක් වගේ.

‘ආ හරි හරි මාව තව මුරුංගා අත්තේ තියන්න අවශ්‍ය නැහැ, I already slept with you’ මම කිව්වම එයාට හොදටම හිනා ගියා.

අපි දෙන්නම හිනා වෙවී කතා කර කර ඉදලා ඇඳට ගියේ නිදාගන්න වුනාට, නින්ද නම් ආවෙ ආයිත් පාරක් sex කළාට පස්සෙ.
ඊට පස්සේ නම් එහෙම්මම නින්ද ගියා, ඇහැරුනේ එයා තියලා තිබ්බ alarm එකට.

Show එක පටන් ගන්න තිබුනෙ 7ට.
අපි 4 වෙද්දි එතනට ගියා.

මමත් පොඩි පොඩි දේවල් වලට උදව් කලා. හැමෝම sounds බලනවා, lights බලනවා, show එකට ලෑස්ති වෙනවා.

Backstage ඉඳන් මම ආයිත් පාරක් show එක බැලුවා.. ටිකට් නැතුව.

මුලු show එක පුරාම එයා කලේ මං දිහා බල බල play කරපු එක, ඒක මට ජීවිතේ මාරම thrill එකක් ලැබුන අත්දැකීමක්. මහ සෙනගක් ඉස්සර ඉඳිද්දි එයා ප්ලේ කරන්නෙ මට කියල දැනෙන එක මාරයි.

සුපුරුදු පරිදි, show එකෙන් පස්සේ කෙල්ලො වහ වැටිලා වගේ. ළඟට ඇවිත් කතා කරනවා, photos ගන්නවා, hug කරනවා.. මට jealous ද කියලා බලන්න එයා මං දිහා සැරින් සැරේ බලනවා.
මට ඇත්තටම Jealous නම් හිතුනේ නෑ, මට හිතුනේ කෙල්ලො එහෙම එයාව වට කරගෙන ඉන්නවා දකිනකොට, එතන්ට ගිහින් හැමෝටම පේන්න එයාව kiss කරන්න! ඒ ගැන හිත හිත මම එයා එනකන් backstage හිටියා.

පහු වෙනිදා මට වැඩ තිබුනා.. ඒ නිසා මට මෙහෙ තිබුන අන්තිම show එක බලන්න යන්න වුනේ නෑ, ඉවර වෙන වෙලාවට එතනට ගිහින් මම එයාව pick කරා.
ගිය ගමන් එයා මාව kiss කරන්න පටන් ගත්තා.
‘අනිද්දා යනවා නෙ අපි මෙහෙන්, යමු ද මගෙත් එක්ක New York?’ ඒක මොහොතකට නතර වුනාම එයා ඇහුවා.

‘College, වැඩ, හැමදේම එක්ක එහෙම එක පාරට යන්න මට අමාරුයි නෙ’ මම කිව්වම එයාට ඒක තේරුම් ගන්න බැරි වුනේ නෑ, අකමැත්තෙන් වුනත් එයා ඒක පිළිගත්තා.

පහු වෙනිදා දවසම අපි සින්දු කිව්වා, sex කළා, කෑවා බිව්වා, අම්මලා තාත්තාලා ගැන කතා කලා, යාලු වෙලා හිටපු අය ගැන, අපේ plans ගැන..

එයා joint ඔතන්නත් මගෙන් ඉගෙන ගත්තා. ජීවිතේට කෙල්ලෙක් මලක් ඔතනවා දැකලා නෑ කියලා ඒ ගැනත් හරිම excitement එකක් එයාට තිබුනෙ.

තව දවස් තිබුනා නම් හොදයි කියලා මටත් හිතුන එක ගැන අහන්න දෙයක් නෑ.
ඒ සතිය ගෙවුන හැටි ගැන වචනෙන් කියන්න බැරි තරම් හරිම සුන්දරයි.

Flight එක උදේම තියෙන නිසා, Hotel එකට ගිහින්, එයාට pack කරන්නත් මම උදව් වුනා.
ඔක්කොම කරලා අපි සෑහෙන්න වෙලාවක් ඇඳට වෙලා cuddle වෙවී හිටියා.
‘ඔයාව හම්බුන එක මගේ ජීවිතේ වෙනස් කරපු experience එකක්. ලංකාවට ආවම අනිවාර්යයෙන් මාව හම්බුවෙන්න එන්න’

‘මටත් ඒක එහෙම්මමයි.. නැතුව අනිවාර්යයෙන්ම!’

පහු වෙනිදා band එකේ හැමෝටමයි, singersලටයි, අනිත් අයටයි bye කියලා, ඒගොල්ලො යන්න පිටත් වුනාම මාත් college යන්න පිටත් වුනා.
ලොකු හිස් තැනක් වගේ හිත. මේ මොන විකාරයක්ද කියලා මමම හිතුවා, සතියයි කොහොමත් තිබුනෙ, ඒක දැන් ඉවරයි කියලා මාව convince කරගන්න මම ලොකු උත්සහයක් දැරුවා.

Flight එකට board වෙලත් එයා මට text කලා.
මුලු tour එක පුරාවටම අපි කතා කළා. එතනින් නවතින්නෙ නැතුව පුළුවන් හැම වෙලාවෙම video sex කළා.
ඒත් මදි. ඒ ගැනම හිතන එකෙන් ගැලවෙන්නම බෑ…
අන්තිම show එකෙන් පස්සෙ එයාට දවස් 3ක් තිබුනා ලංකාවට යන්න කලින්.
‘මට ඔයාව බලන්නෙ නැතුව ලංකාවට ගිහින් regret කරන්න බැහැ’ එයා කීපවතාවක්ම කිව්වා.

ඊට පස්සෙ මං කොහෙත්ම බලාපොරොත්තු නොවුනු දෙයක් වුනා.
show එක ඉවර වුන දවසෙම රෑ එයා ආපහු මෙහෙ ආවා!

එයාව airport එකෙන් අරගෙන මං කෙලින්ම ගියේ මගෙ apartment එකට.
මම හිටියෙ තනි apartment එකක, ඒ නිසා නිදහස උපරිමෙන් තිබුනා.

අපි හිතේ හැටියට kiss කළා.
මුලදි sex කරද්දි තිබුන නොඉවසිලිමත්කම වෙනුවට, අපි දෙන්නටම ඕනෙ වුනේ පුලුවන් තරම් වෙලා අරන් අපිව විඳින්න. මතක සටහන් තියන්න.

Apartment එකේ හැම තැනකම අපි sex කරන්න ඇති. Living room couch එකේ, කුස්සියේ counter top එක උඩ, closet එකේ, bathroom එකේ, balcony එකේ, කාමරේ බිම, මේ හැම තැනම!

ඊළඟ දවසෙ එයා යන්න පිටත් වුනා.
Airport එක ඇතුලේ එයාව පේන්නෙ නැති වෙනකල්ම බලන් ඉඳලා තමයි මම ආවෙ.

එයා ලංකාවට ගියාට පස්සෙත් නිතරම වගේ අපි කතා කළා.
අදටත් මගේ ජීවිතේ updates මම එයාට දෙනවා, එයත් එහෙමයි.
Sex වලින් පටන් ගන්න රිලේෂන්ෂිප් ජීවිත කාලයක් තියෙන්නෙ නෑ කියන එක ලොකු බොරුවක්. ඒක මට realize කරවපු තව සුන්දර කෙනෙක් තමයි එයා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here