මංගල සමු අරන් අදට දවස් හතයි. මංගලත් එක්ක කාලෙකට කලින් සෙක්ස් ගැන කරපු වීඩියෝව මේ විදිහට අකුරු වලට දාන්න හිතුවෙ ලිංගිකත්වය ගැන විවෘතව පෙනී සිටින, ඒ ගැන ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලනඥයෙක් අපිට ඉතිරි නෑ කියන හිස්තැන මතක් කරන්නත් එක්ක.
මංගලට සෙක්ස් කියන දේ දැනෙන්නෙ කොහොමද?
දැනෙන විදිහට වඩා නොදැනෙන විදිහ කියන්න ඕන. සෙක්ස් කියන්නෙ කුනුහරුපයක් නෙමෙයි. අපේ වගේ රටවල මේක කුනුහරුපයක් වුනේ පහුගිය සියවස් එකහමාරක විතර කාලය ඇතුලෙ. අපේ බෞද්ධ සංස්කෘතියෙ, සිංහල සංස්කෘතියෙ, අග්නිදිග ආසියාවේ, ග්‍රීසියෙ වගේ සංස්කෘතිවල සෙක්ස් කියන්නෙ වැඩිහිටියන් අතරෙ, ඒ කියන්නෙ වගකිව යුත්තන් අතරෙ පෞද්ගලිකව සිදුවෙන දෙයක්. ඒක රහසක් වගේ තියාගෙන ඒ වටේ විවිධ කතන්දර හැදුනෙ නෑ. බෞද්ධ දර්ශනය දිහා බැලුවොත් අසූමහ ශ්‍රාවිකාවන් ගැන අපදාන පාලියෙ අම්බපාලි සුත්‍රයෙ කතා කරනවා. ඒ අසූමහ ශ්‍රාවිකාවන්ගෙන් 34ක්ම නිදහස් ලිංගික කාන්තාවන්. ඒ කියන්නෙ ෆ්‍රීසෙක්ස් ෆීමේල්ස් කියන එක. ඒ අය ගනිකාවන් කියන එක වැරදියි. ඒ ගොල්ලො සමාජය යම් වැඩ කොටසක් ඉටු කරපු කාන්තාවන් හැටියට ඒ සමාජවල සැලකුවා. අසූමහ ශ්‍රාවකයන්ගෙන් 16ක්ම නිදහස් ලිංගික පිරිමින් කියල නම් වෙනවා. ඒ කියන්නෙ සමලිංගික හෝ වෙනත් ලිංගික චර්යාවන් දැරූ අය වෙන්න පුළුවන්. සෙක්ස් කුනුහරුපයක් බවට පත්වුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට යටත් වුනු වික්ටෝරියානු යුගයෙදි.
මේ වෙද්දි වික්ටෝරියා රුජිනගේ රට මේ මතවලින් එලියට ගිහින් විවෘත, වගකිව යුතු ලිංගික සංස්කෘතියක් ඇති කරගෙන තිබුනත් අපි මේ වික්ටෝරියානු සංකල්ප අපේ සංස්කෘතියෙ සංකල්ප විදිහට පෙන්නමින්, පටු විදිහට දේවල් දිහා බලමින්, සෙක්ස් කියන එක හොරෙන් බලලා හොරෙන් කරන බ්ලූ ෆිල්ම් එකක් බලනවා වගේ තැනකට තමයි අරන් තියෙන්නෙ. තරුනයන්ට තරුනියන්ට ලිංගික අධ්‍යාපනයක් නොදීමෙන් විවිධ මිත්‍යා මතවලට ඒ ගොල්ලො ගොදුරු වෙනවා. සමහර විට ඒ හින්දම පර්වර්ට්ස්ලා බවට පත්වෙනවා. බස්වල යනකොට ජැක් ගහනවා වගේ ඒවා ඇතිවෙන්නෙ සෙක්ස් කියන එක කුනුහරුපයක් විදිහට සලකන අපේ වගේ සංස්කෘතිවල විතරයි.
මංගලට අනුව අසභ්‍යයි කියන්නෙ මොකක්ද?
දෙන්නෙක් අතර දෙපාර්ශ්වයෙම කැමැත්ත නැතුව යම් කිසි දෙයක් වෙනවා නම්, බලහත්කාරයක් වෙනවා නම්, රේප් වගේ දේවල් වෙනවා නම් ඒවා ඉතාම අසභ්‍යයි.ඒවා ගැන දැඩිලෙස ක්‍රියාත්මක වෙන්න ඕන.රේප් කියන දේ වැඩියෙන් සිද්ද වෙන්නෙත් මේ සෙක්ස් කියන දේ කුනුහරුපයක් කියල ඒ ගැන කතා නොකරන රටවල. කුඩා දරුවන් සමග කරන බාල අපචාර වගේ දේවල් ඉතාම අසභ්‍යයි. ඒවට කිසිම ඉඩක් තියන්න නරකයි. නමුත් වැඩිහිටියන් දෙන්නෙක් තමන්ගෙ කැමැත්තෙන් කරන දෙයක් වෙන කාටවත් වැඩක් නෑ. ඒ ගැන කතා කරන්න විවේචනය කරන්න පුළුවන්. ඒත් කාටවත් හානියක් නොවෙනවා නම් ඒක අපිට අයිති දෙයක් නෙමෙයි.
ආර්ට්වලට අසභ්‍ය සීමාවක් තියෙන්න ඕනද? වාරණය පිලිගන්නවද?
වාරණය මං කිසිසේත්ම පිලිගන්නෙ නෑ. නමුත් කලාකාරයාගේ පැත්තෙන් යම් මට්ටමක ස්වයං වාරණයක් තියෙන්න ඕන කියල මං හිතනවා. ෂොක් කරන්න සමාජය තිගස්සවන්න කරන දේවල් අපි කොයිතරම් දුරට ගෙනියනවද කියන එකත්, ඒක කන්ස්ට්‍රක්ටිව්ද ඩිස්ට්‍රක්ටිව්ද කියන එකත් අපි බලන්න ඕන. වාරණය නොවුනු පලියට වගකීම් රහිතව නිදහස පාවිච්චි කිරීමත් භයානකයි.
වෙන රටවලට සාපේක්ෂව ලංකාවෙ මිනිස්සු සෙක්ස් දිහා බලන්නෙ කොහොමද?
ලංකාවෙ බහුතරයක් සෙක්ස් දිහා බලන්නෙ කුනුහරුපයක් විදිහට. සෙක්ස් කිරීම ගැන ගිල්ටියක් තියෙනවා. අනවශ්‍ය විදිහට තමන්ගේ ලිංගිකත්වය හංගන්න හදනවා. මේ නිසා සෙක්ස්වලින් පීඩාවට පත්වුනු සංස්කෘතියක් නිර්මාණය කරනවා.සෙක්ස්වලින් පීඩනයට පත්විය යුතු නෑ. සෙක්ස් කියන්නෙ ඉතා ලස්සන දෙයක්. ඒක ස්වභාවික දෙයක්. තමන් නිදහස් වීමක්. නමුත් මේක වැරදි දෙයක්, පවක්, නරකක් කියල හිතන් ඉන්න තාක්කල් සෙක්ස්වලට ඇබ්බැහියකුත් ඇතිවෙනවා. හොරෙන් සෙක්ස් කරන්න ඇබ්බැහි වෙනවා. කිසි දේකට ඇබ්බැහි වෙන්න හොඳ නෑ. සෙක්ස්වලටත් මැද ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.ඒක අගය කරන ගමන් ඒකෙන් කාටවත් හානියක් නොවෙන්නත් අපි බලාගන්න ඕන.
කොවිඩ් පැනිය පවා වැඩ කරන්න නම් සෙක්ස් නොකර ඉන්න ඕන කිව්වා. අපේ හැමදේකම සෙක්ස් විරෝධයකුත් පවතිනවා නේද?
ඔව්. මිත්‍යාවට තවත් මිත්‍යා එකතු කරනවා. අසියාවේ වැඩිම සාක්ෂරතාවයක් තියෙන රටක් විදිහට මං පුදුම වුනා මේ පැනිය ගැන කතාවෙන්. මේ පැනිය ගන්න පෝලිමේ හිටියෙ නූගත් මිනිස්සු නෙමෙයි.වාහනවලින් මෝටර්බයිසිකල් වලින් ගිහින් රජයේ රස්සාවල් කරන මධ්‍යම පංතිකයන් තමයි එතන පේන්න හිටියෙ. ඒ අයත් මේවට රැවටෙනවා කියන්නෙ අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පසුබෑමක් තියෙනවා කියල අපිට පිලිගන්න වෙනවා.
සෙක්ස් ගැන විවෘතව කතා කරන එකෙන්, සෙක්ස් විඳින්න පුරුදු වෙන එකෙන් සමාජයට යහපතක් අත්වෙනවාද?
ඔව්. සෙක්ස් ගැන විවෘතව කතා කරනවා කියන්නෙ තමන් සෙක්ෂුවල් වොරියර් කෙනෙක් කියල කයිවාරු ගහන එක නෙමෙයි. සමහරු ආසයි පැය ගනං තමන්ගේ වීරකම් ශක්තිය ගැන කියවන්න. සෙක්ස් වගේ දෙයක් බය නැතුව කතා කිරීමෙන්, ඒක සමාජය පිලිගැනීමෙන්, (පිලිගන්න දෙයක් නෑ ඒක මනුස්ස ස්වභාවයක්) , ප්‍රබුද්ද නිවහල් සමාජයක් නිර්මාණය වෙනවා. අපි බුදුන් වහන්සේට සමකාලීනව තිබුනු ග්‍රීසියේ ඇතන්ස් වගේ ශිෂ්ටාචාර දිහා බැලුවොත්, ඒ වගේම හින්දු ශිෂ්ටාචාරය තුල බැලුවොත්, ඒ යුගවල විවෘතව ලිංගික දේ ගැන සංවාද විවාද ඇතිවුනා. අදටත් තියෙන ඒවායේ නටඹුන් දැක්කත් අපිට ඒ සමාජය තිබුනු තත්වය බලාගන්න පුළුවන්. සොක්‍රටීස් ප්ලේටො සංවාද බැලුවමත් කොයිතරම් චින්තන මට්ටමක් ඇතුවද ඒවා දිහා බැලුවෙ කියල අපිට හිතාගන්න පුළුවන්.
පෝර්න් ගැන මොකද හිතන්නෙ? තහනම් කරන්න ඕනද? පෝර්න් නරකද?
මං පෝර්න්වලට එච්චර ලැදියාවක් නෑ. මට ලැදියාවක් නෑ කියල ඒක තහනම් කරන්න ඕන කියන්නෙත් නෑ. පෝර්න් බලන්න වැඩියෙන් ඕන වෙන්නෙ සෙක්ස් අඩුකමෙන්මයි. පෝර්න් විදිහට ඉතාම නිර්මාණශීලී චිත්‍රපටි හැදෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් පෝර්න්වල නමින් කාන්තාව ඉතා පහත තත්වයකට දාන, අසභය තත්වයකට දාන, ළමා අපචාරවලට පොළඹවන තත්වයන් තියෙනවා නම් ඒ ගැන අපි දැඩි විදිහට කටයුතු කරන්න ඕන. එතනදිත් මං කියන්නෙ මේවා නීතියෙන් විතරක් නැති කරන්න පුළුවන් දේවල් නෙමෙයි.
ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුද?
ගණිකා වෘත්තිය සාමාන්‍යයෙන් කියන්නෙ ලෝකෙ පැරනිම වෘත්තිය කියල. මනුස්සයාගේ ස්වභාවික උවමනා අනුව ඒක ඇතිවෙන එක නවත්තන්න බෑ. ගොඩක් අය ගනිකා වෘත්තියෙ යෙදෙන්නෙත් සමාජයෙ තියෙන අඩුපාඩුකම් නිසා. විශේෂයෙන්ම ආර්තික ප්‍රශ්න ආදිය නිසා. ලස්සන ගෑනු කෙනෙක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් ඒ අයට වෙන කිසිම ආදායම් මාර්ගයක් නැත්නම්, තියෙන එකම සම්පත රූපය නම්, ජීවත් වෙන්න ඒක උපයෝගි කරගන්න වෙනවා. ඒක කාටවත් නවත්තන්නත් බෑ. ඉතිහාසය බැලුවත් ඒක පේනවා. තව අවුරුදු පන්දාහක් ගියත් ඕක තියෙනවා. ගනිකා වෘත්තියෙ යෙදෙන අයටත්, ඒ අය ඇසුරු කරන අයටත්, මේක යතාර්තයක් විදිහට පිලිඅරගෙන ආරක්ෂාව, විශේෂයෙන් සෞඛ්‍ය ආදී ආරක්ෂාවන් වෙන රටවල වගේ අපිත් ලබාදෙන්න ඕන. මේක නෑ කියල හිතාගෙන අපි ඉන්න එක ප්‍රශ්නයක්. විශේෂයෙන් ඒඩ්ස් වගේ රෝග තියෙන වටපිටාවක මේ කාන්තාවන් හිරකරලා හරියන්නෙ නෑ. තමන්ට පුළුවන් එකම වෘත්තිය කරගෙන යන්න හරි යම් ආරක්ෂාවක් දෙන්න ඕන.
අනවශ්‍ය ගැබ් ගැනීම් එක්ක ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක් ගබ්සාව. ගබ්සාව රටට අවශ්‍යද?
අනිවාර්යෙන්ම. මනුස්සයො ජීවත් වෙන රටක අනපේක්ෂිත ගැබ් ගැනීම් සිද්ද වෙනවා. සෙක්ස් කියන දේ කුනුහරුපයක් වුන රටක රේප් වගේ දේවලුත් වැඩියෙන් සිද්ද වෙනවා. ඒ වගේ වෙලාවක ගබ්සාවක් හරි කරන්න අවසර දෙන්න ඕන. ඒ දරුවා හදාගන්න වෙන්නෙ, ලොකු මහත් කරන්න වෙන්නෙ ඒ අම්මට. දරුවෙක් තියාගන්නවද නැද්ද කියල තීන්දු කිරීමේ අයිතිය අම්මට තියෙන්න ඕන.
සමලිංගිකත්වය ගැන හිතන්නෙ කොහොමද? නීතිගත කළ යුතුද? මේක රෝගයක්ද?
අද ලෝකෙම පිලිඅරන් තියෙනවා මේක රෝගයක් නෙමෙයි කියල. WHO එකේ ඉඳන්ම පිලිඅරන් තියෙනවා ඒක තවත් ලිංගික චර්යාවක් කියන එක. කායික හෝ මානසික රෝගයකක් නෙමෙයි කියන එක. සමලිංගිකත්වය කියන එක ලංකාවටත් ලෝකයටත් අලුත් දෙයක් නෙමෙයි. ලෝකෙ චිත්‍ර මූර්ති ගත්තොත් ඒවා බොහොමයක් හොමොඉරොටික් සංස්කෘතිය උඩ ගොඩනැගිච්ච දේවල්. ලෝකෙ අද මේ තියෙන තත්වෙට ගේන්න වැඩ කරපු ගොඩක් අය අතරෙ සමලිංගික අය ඉන්නවා. හැබැයි මං හිතනවා අපි අපේ ලිංගිකත්වය උඩම අපේ ජීවිතය හදාගන්න හොඳත් නෑ කියල. ලිංගිකත්වය අපේ ජීවිතේ එක්තරා කොටසක් විතරයි. සමහරු තමන්ගේ ජීවිතය ඩිෆයින් කරගන්නෙ, තමන්ගෙ යාලුවො, බලන චිත්‍රපටි, අහන සිංදු හැම එකක්ම මේ ලිංගිකත්වය උඩ තීරණය කරනවා. මං ඒ ගැනත් වැඩි කැමැත්තක් නෑ. මම ‘ගේ’. ඉතිං මොකද? ඒක මගේ වැඩක්. ජීවිතේ ලිංගිකත්වයට වඩා විශාල වෙන්න ඕන. මේක නිසා තමයි මම මනුස්සයෙක් වෙන්නෙ කියල හිතුවොත් ඒක වැරදියි..සමලිංගික වීම ගැන ලැජ්ජා නොවී, ඒ ගැන වැඩිපුර ආඩම්බරත් නොවී අපි යන්න ඕන.
මගේ ‘ගේ’ යාලුවො මාත් එක්ක විරුද්ද වෙන්න පුළුවන්. මේ සමලිංගික විවාහ කියන සංකල්පයට මං විරුද්දයි. ඔය කසාදය කියන එක විෂම ලිංගික සමාජයේ සංකල්පයක්. අපිට පුළුවන් වෙන්න ඕන දෙන්නෙකුට එකට ඉන්න මේ පරණ සමාජයේ, මහා සමාජයේ ලේබල් ගහගන්නෙ නැතුව. සිවිල් පාට්නර්ෂිප් කියල එකක් තියෙනවා. ඒක නම් වැදගත්. මොකද දෙන්නෙක් එකට වැඩ කරනවා නම්, ජීවත් වෙනවා නම්, හම්බු කරනවා නම් ඒ අයට අර අනිත් අයට වගේම බදු සහන වගේ දේවල් වෙන රටවල හම්බුවෙනවා. ඒ වගේ දෙයක් ගැන හිතාගෙන කලොත් මිස මං හිතන්නෙ හස්බන්ඩ් ඇන් වයිෆ් කියන සංකල්පයෙන් ලෝකයමත් අනාගතේදි සිවිල් පාට්නර්ෂිප් කියන සංකල්පෙට යයි කියල.
ලිංගික අධ්‍යාපනය පවුලේ, පාසැලේ ක්‍රමවත්ව සිදුවිය යුතුද?
සෙක්ස් එඩියුකේෂන් එකක් නැති නිසා තමයි දවසින් දවස මේ රට් බහුබූත ප්‍රශ්න, මානසික පීඩනයෙන් ජීවත් වෙන මිනිස්සු නිර්මාණය වෙන්නෙ. ස්වාමීන් වහන්සේලා පවා, පන්සල්වලට කුඩා කාලයේම දරුවන් දන්දීමෙන් ඒ දරුවන්ව බරපතල විදිහට ළමා අපයෝජනයට ලක්වෙනවා. මේක ප්‍රසිද්ද රහසක්. පාසැල්වල කුඩා ළමයි ගුරුවරුන්ගෙ අපයෝජනයට ලක්වෙනවා. ටියුෂන් මාස්ටර්ලත් එහෙමයි. ඒ වගේ දේවල්වලට නීතිරීති පනවන ගමන්ම අනිත් පැත්තන් මේවාට ගොදුරක් නොවෙන්න වේලාසනින්ම ලිංගික අධ්‍යාපනය දරුවෙකුට ලබාදීම අත්‍යාවශ්‍යයි.
ක්‍රිස්තියානියේ සෙක්ස් කියන පවක්. දැන් බෞද්ධයොනුත් මේක පිටුදැකිය යුතු දෙයක් විදිහට දකිනවා. සමහර ආගමික තැන්වලට එද්දි දවස් හතක් සෙක්ස් නොකර එන්න කියනවා. ආගම සහ සෙක්ස් අතර සම්බන්ධය ඔබ දකින්නෙ කොහොමද?
මගේ ක්‍රිස්තියානි යාලුවො මාත් එක්ක තරහ වෙන එකක් නෑ. මේ ලිංගික කුහකත්වය අපේ රටට අඳුන්වලා දුන්නෙ අර ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමෙන්. වික්ටෝරියා රැජිනිගෙ අධිරාජ්‍ය කාලෙ තමයි පොදු රාජ්‍ය මන්ඩලේ රටවල මේක මහා පිලිකුලක් ලැජ්ජාවක් බවට පත්වුනේ. අද අපි සිංහල බෞද්ධ සංස්කෘතිය කියන්නෙ මේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආචාර ධර්මයට. නමුත් ඒ රටවල ප්‍රොතෙස්තන්ත පල්ලිය පවා එදා වගේ නෙමෙයි සෙක්ස් සම්බන්දව ඉතා ලිහිල් තැනකට ඇවිත් අද ඇවිත් තියෙනවා. ඒ ජනතාවත් පල්ලිය මොනවා කිව්වත් ඊට වඩා ඉස්සරහට ගිහින් තියෙනවා. කතෝලික පල්ලිය විතරයි තාම මේ සම්බන්දෙයන් දෙගිඩියාවෙන් ඉන්නෙ. තවත් ආගම් තියෙනවා සෙක්ස් ගැන ඉතාම වැරදි අර්ත කතනයන් දීලා ආගමෙන් කියන විදිහට ජීවත් වුනේ නැත්තං ගල් ගහලා මරා දානවා. බෙල්ල කපනවා. 21 වෙනි සියවසෙත් මේ තත්වයන් තියෙන එක ගැන මං අවංකව කනගාටුවෙනවා.