ලංකාවෙ ෆිල්ම්වල කිස් කරන හැටි ගැන ඉන්ටරෙස්ටින් පෝස්ට් දෙකක් ෆේස්බුක් එකේ තිබුන. එකක් ගුනසිරි සිල්වාගෙ. අනික කපිල ගල්පිහිල්ලගෙ. ගුනසිරි කිස් එකට වුන දේ ගැන කියද්දි කපිල සෙක්ස්වලට වුන දේ කියනවා.
හාද්දට බයේ මුහුණ – නහය – කට ඇතුල්ලූ කාලේ – ගුණසිරි සිල්වා
සිංහල සිනමාවට හාද්ද – ලිංගිකත්වය තහනම් දෙයක්ව තිබුණු කාලේ ‘සිංහල සිනමාවට හාද්ද ඕනෑද? එපාද?’
‘නිරුවතක ඕනෑද’එපාද?’ ආදී වශයෙන් එදා සිනමා පත්‍ර පිටු පුරා සංවාද වලට ජනප්‍රිය මාතෘකා වූයේය.
ඒ කාලේ හින්දි සිනමාවටද හාද්ද තහනම්ව පැවැති නිසා මල් ගස් වටේ දුව දුවා සිංදු කියු පෙම්වතුන් සිප ගන්නා අකාරය ‘සංකේතාත්මකව’ තිරයේ පෙන් වූයේ, මලක රොන් ගන්නා බඹරෙකි! නැතිනම් මලක් මත වසා සිටින සමනලයෙකි!
ඒ බඹරාත් සමනලයාත් පසුව අපේ සිනමාවටද බෝ විය.
එසේ හාද්දට බය වුණු කාලේ සිංහල සිනමාපටයක පළමුවෙන්ම දෙතොල් සිප ගැනීමක් රූ ගත කළේ සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තුළින් බව කීවද එය සෘජුව ප්‍රදර්ශනය කෙරුණේ නැත. ඒ තරමටම අපේ ‘සුචරිතවාදීන්’ හාද්දට බය වූ නිසා සුගතපාල සෙනරත් යාපාටද එය සෘජුව පෙන්වීමට, කපන මණඩලයෙන් අවසර නොලැබෙන්නට ඇත. ඒ නිසා එම දෙතොල් සිප ගැනීම පෙන්වූයේ චලනය වන සෙවනැලි දෙකක බොඳවූ රූප රාමු කිහිපයකිනි. එසේ වුවද ඒ ගැන එකල සිනමා පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සුගතපාල සෙනරත් යාපා කීවේ තම චිත්‍රපටය රූපගත කිරීමෙදී එහි අවසාන දර්ශනය වෙනුවෙන් විජයත් ස්වර්ණාත් සිත් සේ දෙතොල් සිප ගත් බවකි.
‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් අනතුරුව සෘජුව දෙතොල් සිප ගැනීමක් ඉදිරිපත් කළේ මණික්සන්ද්‍ර සාගර ය. ඒ, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කළු දිය දහර’ චිත්‍රපටයේ ඉන්දිරා ජොන්කොලොස් සහ රවීන්ද්‍ර රන්දෙණිය ගේ දෙතොල් සිප ගැනීමය.
1970 දී ‘හන්තානේ කතාව’ මගින් හාදු තහනම කඩන්නට සුගතපාල ට කොන්දක් තිබුණද, ඉන් වසර කිහිපයකට පසු නිපදවූ ‘සමනල සිහින’ චිත්‍රපටයේ මෙබඳු සෘංගාරාත්මක පෙම් රැගුමකදීවත් දෙතොල් සිප ගන්නට ඉඩක් නැතිව විජයටත් ස්වර්ණාටත් මෙසේ නහය – මුහුණ – දෙතොල අතුල්ල අතුල්ලා ඉන්නට සිදුවූ සැටියි මේ!.
සිංහල සිනමාවේ ලිංගික කර්තව්‍යය සැකෙවින් – කපිල ගල්පිහිල්ල
-
ගැහැණියගේ ලිංගික එකතුවීමට ඇති අකමැත්ත. මෙය නානාප්‍රකාරයෙන් ඇය ඉදිරිපත් කරයි, කාන්තාවන් විසින් සෑම අවස්ථාවකදීම ලිංගික එකතුවීමක් ප්‍රතික්ෂේප කල යුතුය වැනි අදහසක් මින් හුවා දැක්වීමට උත්සාහා කරයි.සැමියා තම බිරිඳ සමග එක්වීමට උත්සාහා කලත් සිංහල සිනමාවේදී තත්ත්වය එසේමයි.

-
ලිංගික කර්තව්‍යය. මුහුණ සිප ගැනීමේදී එයට ඉඩ නොදී විරැද්ධ අතට මුහුණ හරවයි. තොල් සිප ගැනීමකදී දත කට පූට්ටු වූ ආකාරයෙන් දෙතොල් තද කරගෙන එකිනෙකට හේත්තු කරයි. කාන්තාවගේ දණහිසේ සිට අඩියක් පමණ උඩටකලවා දිගේ අත ගෙනියයි. පියයුරු වල සිට නාබිය දක්වා සිපගන්නා බව පෙන්වීමට කට අතුල්ලගෙන යයි. ඉඳහිටක පියයුරැ මතුපිටින් බෝම්බයක් උඩින් අත තියන ආකාරයේ බියකින් අත තියයි කිසිම අවස්ථාවක ගැහැණිය පිරිමියාව සිප ගැනීමක් හෝ අඩුම තරමින් ඇඟට අතක්වත් නොතැබීමට වග බලාගයි.. ගැහැණිය බෙඩ් ෂීට් එක මිරිකාගෙන සිටිය යුතුය. ගැහැණිය කෙඳිරි ගාන අතරතුර පිරිමියා තදින් හුස්ම ගයි. ඇත්තේ එකම ලිංගික ඉරියව්වකි.
-
ලිංගික කර්තව්‍යයෙන් පසු සීන් එක. ගැහැණිය ඇඬිය යුතුය. පිරිමියා ඇඳේ දිගාවී සිගරට් එකක් ගැසිය යුතුය.





















චන්දනගෙ අදහස හරිම මැදිහත් උද්දච්ඡ නැති එකක්. පැවැත්මේ තේරුම හොයන්න යනවා වෙනුවට පැවැත්ම තුලින් පැවැත්මට තේරුම් තනා ගැනීම. ඒ තේරුම් සමග පරිණාමය වීම. මට හිතන්නෙ පැවැත්ම යනු කුමක්ද කියන ප්‍රශ්නය අහන නැරටිව් එකේ අර්බුදයක් තියෙනවා කියල. ආර්ට් යනු කුමක්ද කියල අහන කතිකාවෙම දිගුවක් ඒක. ආර්ට් එකක් කුමක්ද යන අදහසක් දෙන්න බෑ. ඒක අර පණිවුඩ දෙන කලාව. ආර්ට් එකක් කියන්නෙ ආත්මීය විඳීමක්. ඒ විඳීම ඇසුරෙන් අපිට විවිධ සංකල්ප නිර්මාණය කරගන්න පුළුවන් . ඒත් ඒකෙන් ඒ ආර්ට් එක විස්තර වෙන්නෙ නෑ. ඒක විඳීමක්. ඒ විඳීම බෙදාගන්න පුළුවන් . ඒත් කුමක්ද වර්ගයේ භාෂාත්මක මැදිහත් වීමකින් ඒකට කිසි දෙයක් කරන්න බෑ, දේශපාලන මුහුණුවරක් දෙනවා ඇරුනම.






තම තමන්ගේ fantasies මොන ආකාරයේද කියන එකටත් මේ කාරණා බලපාන්න පුලුවන්..
කෙනෙක් Sex තුලින් සුරාන්තයකට පත්වෙන මොහොතක් කියන්නෙ තමන් තමන්ට සීයට සීයක් එකඟ වෙන මොහොතක්. කාන්තාවකට මේ තත්වයට ළගා වෙන්න කායික සහ මානසික සහයෝගය කියන දෙකම අවශ්‍යයි.
Fantasies තියෙනවා කියන්නේ ඒ ආසාවන් යතාර්ථයක් කරගන්න හිතන එක නෙමෙයි, ඒ මවන දේ ඇතුලේ ඒ රහ විදීමින් ඒ තුලින් ලිංගික උද්දීපනයක් සහ ආස්වාදයක් ඇති කරගැනීමයි.




බැන්දට පස්සේ ගොඩක් couples සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, ‘sex කරන එක කාලෙත් එක්ක එපා වෙනවා’ කියලා. මේක ඕන කෙනෙක් නිතර අහලා තියෙන දෙයක්. එහෙමනම්, මුලින්ම කල යුතු දේ තමයි ඒ මැරිච්ච spark එක නැවත ගෙන එන්න උත්සහ කිරීම. ළමයෙක් හැදෙන්න ඕන හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන දෙන්නෙක් ළඟයි.
ඒ නිසා, හැමවෙලේම තමන් තුල ඉන්න නිදහස් ගැහැණියට සලකන්න.

අන්තිමට පියුමි දෙරණට ඇවිත් චතුර එක්ක කරපු සංවාදයෙන් පස්සෙ මං පියුමිව හිතෙන් අත්ඇරලා දැම්මා. එතනදි කිසිම දවසක ඇගෙන් අපේක්ෂා නොකළ තරමෙ දෙබිඩිකමක් විද්‍යාමාන වුනා. තමන්ගේ කොටට ඇඳීමේ නිදහස ගැන කතා කරන අතරෙම පියුමි ටික්ටොක්වල නාකි ඇන්ටිලා නටන එකට හිනාවුනා. ඒක ලැජ්ජා විය යුතු දෙයක් විදිහට කතා කළා. එයාට අනුරාගය සහ විලාසිතා ගැන තිබුනෙ තරුණ වයස එක්ක ගැටගැහුණු පටු අදහසක්. මේ වයසට මේවා කරන්න ඕන කියන එකයි පියුමිගේ දර්ශනය වුනේ. එහෙම නැතුව කැමති කෙනෙකුට, කැමති වයසකදි, කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන කියන එක ගැන එයාට කොහෙත්ම හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි සුමනා ගෝමස් කියන නිළියට ඒ නිදහස ගැන වැටහීමක් තිබුන.