Category: Features

  • රමණයේ භාවනාව

    රමණයේ භාවනාව

    මිනිසුන්ට ලිංගිකත්වය ගැන තියෙන්නෙ අමුතු දෙබිඩි සිතුවිල්ලක්‌. ඔවුන්ට එක්කො එය නොවැදගත් දෙයක්. නැත්තන් ඔවුන් තුළ මහා භීතියක් ඇති කරන තරමට වැදගත් දෙයක්. තමන්ගෙ දැක්මේ වෙනසක් ඇති කර ගත්තොත් ඔබට මේ දෙකේ මැද බිමක් හොයා ගන්න හැකි වේවි. ලිංගිකත්වය නිකන්ම නිකන් උත්තේජනයක් ලෙස හිතුවොත් එය කාලයත් එක්ක වයසට යනවා, පරණ වෙනවා, නීරස වෙනවා කියල ඔබට හිතේවි. ඒත් එය අපූරු ට්‍රාන්ස් තත්වයක්, දැහැන්ගත තත්වයක් ලෙස සැලකුවොත් ඔබට එය භුක්ති විඳින්න අලුත් මං පෙත් හොයා යන්න හැකි වේවි. ලිංගිකත්වය ඇත්තෙන්ම කුතුහලය පදනම් කර ගත්ත අමුතු දෙයක් බව ඔබට වැටහේවි. ඒ අමුත්ත අගය කරන්න ඔබ ඉගෙන ගනීවි.

    මේ කියන්න යන්නෙ රමණයේ භාවනාව ගැන. ඒ කියන්නෙ සෙක්ස් සරල භාවනාවක් විදිහට අත් විඳීම ගැන. ස්නායු විද්‍යාඥයෙක් වන Adam Safron ට අනුව, ලිංගික රිද්මයන්, ලිංගික සහකරුවන්ගේ ශරීර, අත් සහ ඇඟිලිවල චලන, ස්පර්ශයන් සමාන රිද්මයකට ගැනීමෙන් (entrainment) මොළයේ රිද්මයන් හා සම්බන්ධ කිරීමට හැකිවෙනවා . එයින් අවධානය එක තැනකට ගෙන එන අතර තෘප්තිමත්, ධ්‍යාන සමාධිගත තත්වයක් දක්වා මෙය ගෙන යා හැකි බව ඔහු කියනවා. එහි තනිකර තිබෙන්නේ රිද්මය බව Safron පවසනවා. ඔබේ මොළයේ රිද්මය බාහිර උත්තේජකයක් සමඟ සින්ක් වන විට, ඔබට ඒ උත්තේජකය සමග ඒකාත්මික විය හැකි බව ඔහු කියනවා. ඒ වගේම ඔබ වැඩි වැඩියෙන් එම උත්තේජකය සමග සම්බන්ධ වෙන තරමට, ඔබට ඒ රිද්මයන් හා සමපාත වීම පහසු වෙනවා.

    සංගීතය වගේ රිද්මයානුකූල අත්දැකීම් අපට වඩා කිට්ටුවෙන් දැනෙන්නෙ ඇයි කියලා මෙයින් පැහැදිලි කළ හැකි බව ඔහු පවසනවා. එතනදී සංගීතය ගැන අවධානය විසින් ඔබේ වෙනත් දේවල් කෙරේ තිබෙන අවධානය සම්පූර්ණයෙන් සොරාගන්නවා.

    මිනිසුන් මෙම අත්දැකීම් වලට කැමති වෙන්නේ ඔවුන් දඩි අවධානයකින් ඔවුන්ට ඉතා ප්‍රසන්න දෙයක් කරමින් ඉන්න නිසා. එහි දැහැන්ගත විය හැකි නිසා. රැකියා, බිල්, බදු හෝ රෙදි සේදීම වගේ අමිහිරි දේවල් ගැන සිතීම ඒ වෙලාවට අත් හරින්න පුළුවන් නිසා.

    “මම කියන්නේ එය භාවනාවක් වගේ දෙයක් කියලා.” Safron කියනවා. එමගින් භාවනාව ඔබේ නිදන කාමරයට ගෙන එනවා. “ලිංගිකත්වය භාවනා ක්‍රමයක් ලෙස අත්හදා බැලීම ඇත්තෙන්ම හොඳ අදහසක් විය හැකියි.” ඔහු කියනවා. භාවනාව වගේම, සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගන්නවා වගේම සෙක්ස් කියන්නෙත් කාලයත් සමඟ ඔබ වැඩිදියුණු කරන දෙයක්. ඔබ ඒ අත්දැකීමට වඩා හොඳින් සමවදින්න සහ අවධානය වෙනතකට යොමු නොකර ඉන්න ඉගෙන ගන්නවා.

    ලිංගිකත්වයත් එහෙම පුහුණුවක් ලෙස හිතන්න (කාර්ය සාධනයක් නෙවේ), සමහර විට ඔබට රිලැක්ස් වෙන්න පුළුවන් වේවි. භාවනාවෙන් අදහස් කරන්නේ ඒ මොහොතේ සිටීම: සිතුවිලි ඇති වුවහොත්, ඔබ ඒවා කෙටි මොහොතකට පිළිඅරන් ඒවාට යන්න දෙනවා. ඔබ ආතතියෙන් නොසිටින නිසා ඔබ ඉන්නෙ හොඳ මානසිකත්වයක. ඒ මොහොතෙ ඔබ ඇඳ මත සිටීම, ඔබේ හුස්ම, ඔබේ සම මත ඇගේ සම ගැටෙන ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කිරීම වගේ දේවල් හොඳ හැඟීමක් ඇති කරන අතරම, කාංසාව සහ ලිංගික දුර්වලතා ඇති කරන මානසික තත්ව දුරු කරන්නත් උදව් වෙනවා. මේ සියල්ලට ලිංගික අත්දැකීමක් ඉතා ප්‍රබල මට්ටමකට වැඩිදියුණු කළ හැකියි. ඔබ දෙදෙනාගේ රිද්මයට සමපාත වන විට, ඔබට වඩාත් පහසුවෙන් අවධානවත් විය හැකියි. එමඟින් සතුට තුලට ඔබව නිදහස් කරනවා. මෙය ලිංගිකත්වය වඩාත් විනෝදජනක කරනවා පමණක් නෙමෙයි ඔබේ සහකරු සමඟ ඔබේ සම්බන්ධතාවයත් ගැඹුරු කරනවා. පුද්ගලයන් දෙදෙනෙකු එකම රිද්මයකට සමපාත වන්නේ නම්, ඔවුන් ස්නායු පද්ධති හරහා සින්ක්‍රොනයිස් වන බව Safron පවසනවා. එමඟින් ඔබේ සහකරු සමඟ සන්නිවේදනය පරාසය විශාල කරනවා.

    කාමරයක දෙපැත්තේ ඉඳන් කරන eye contact තුලින් එකිනෙකාගේ මනස ගැන ආසන්න කියවීමක් දක්වා යන පමණට දියුණු කරන්න පුළුවන්. ඔබට මෙය හමුදාවක් එකට ගමන් කරන මාර්ච් එකකදි, නැටුමක සහකරුවන් අතර සහ යුගල වාදනය කරන සංගීතඥයින් තුළ දැක ගන්න පුළුවන්. ඔවුන් සියලු දෙනාම මෙම සමීපත්වය (intimacy) වර්ධනය කරනවා. Safron කියනවා. යාන්ත්‍රණයක් විදිහට එහිදී ඔවුන්ගේ පද්ධති synchronize වෙනවා කියල.

    මෙය රිද්මයේ ඇති ලිංගික වැදගත්කම අවධාරණය කරනවා. එබැවින් කනිලින්ගස් අතරතුර ඔබේ දිවෙන් ප්‍රසන්න රිද්මයක් ස්ථාපිත කිරීම සහ ඔබේ සහකරු කෙරෙහි අවධානයෙන් සිටීම වඩාත් ප්‍රතිඵලදායක බව ඔහු කියනවා. එය ලිංගිකත්වය හරහා විඥානයේ වෙනස් තලයකට ඔබව ගෙන යනවා. මේ කාලය පුරාම, ඔබ සිතා සිටින්න ඇත්තේ සෙක්ස් කියන්නෙ සුරතාන්තය (orgasm) විතරක්ම බව. නෑ සෙක්ස් කියන්නෙ ඒ කරා යන ගමනයි.

    Adam Safron වගේම සුරතාන්තය පිළිබඳ පර්යේෂණ අධ්‍යයන සිදු කරන Jerilyn Covert තම අත්දැකීමක් ඔස්සේ මෙය පැහැදිළි කරනවා. සුරාන්තය පිළිබඳ පර්යේෂණ ලෝකයට මං ගිය ගමන මගේ මානසිකත්වය වෙනස් කළා පමණක් නෙවෙයි මගේ ජීවිතයේ හොඳම ලිංගික අත්දැකීම් ලබන්න හේතු වුණා. මම LA සිට ආපසු පැමිණි පසු එක් රාත්‍රියක මගේ සැමියා සමග ලිංගිකව එක් වුණා. මම ඔහුව සිපගන්න පටන් ගත්තා. අපි බොහෝ වේලාවක් සිප ගත්තා. වෙන කවරදාටත් වඩා දිගු වෙලාවක්. මට පුදුමයට කරුණ නම්, ඔහුත් එයට ඉතාම කැමැත්තෙන්ම සම්බන්ධ වීමයි. අතීතයේ අපි සිප ගැනීමට ඕනවට වැඩි කාලයක් ගත කරනවාදැයි මං කනස්සල්ලට පත් වුණ වාර තිබුණා. දැන් ඒ බිය පදනම් විරහිත බව මං තේරුම් ගත්තා. තෘප්තිය, ප්‍රීතිය යනු එහි ගිලී යා යුතු දෙයක් මිස රේස් එකක් දිවීමක් නෙමෙ‍යි. මම මේ මොහොත සරලව භුක්ති විඳීමටත්, මගේ අපේක්ෂාවන් නිශ්ශබ්ද කිරීමටත්, මගේ සැමියාගේ අපේක්ෂාවන් ගැන පූර්ව නිගමන නොකිරීමටත් තීරණය කරා. එය ඉතා මන්දගාමීව ගොඩනැගුණු අත්දැකීමක්. එක පාරට අමුතු සිද්ධියක් වුණා. අපි දෙදෙනා පමණක් ඉතුරු වෙලා පිටස්තර ලෝකය මැකී ගියා. මං ගොඩක් රිලැක්ස් වුණා. හරියට සමාධියකට ඇතුල් වුණා වගේ. ඔහුටත් එහෙමම දැනුණ බව මට තේරුණා. අපි ඒකත්වයකට ඇතුල් වුණා. එය ජීවිතය වෙනස් කරනසුළු ලිංගික අත්දැකීමක් වුණා. මං ඒ හැම මොහොතක්ම විඳ ගත්තා. එය අන්තිම තත්පර විස්සේ සුරතාන්තය පමණක් වැදගත් වෙන අත්දැකීමක් නෙමෙයි.

    දැන් අපි සෙක්ස් නොකරන අවස්ථා වන් පවා ගොඩක් අනුරාගීයි. පුංචි හාදු හා ස්පර්ශ වල පවා ලොකු අගයක් දැනෙනවා. දැන් වෙනදාට වඩා අපි අතර සෙක්ස් සිද්ද වෙන නිසා අත්හදා බැලීම් කරන්න ලැබෙන අවස්ථාද වැඩියි. අපි ලිංගික උන්මත්තකයො වෙලා නෙවෙයි. අපිට තාමත් රැකියා කරන්න වෙනවා එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් අපි දැන් වඩාත් සමීපයි.
    “අපි වැඩිපුර සෙක්ස් කරන්න ගත්ත දා ඉඳන් මං ඔයාට ගොඩක් ආදරෙයි වගේ දැනෙනවා.”

    මගේ සැමියා එසේ කියද්දි ඒක ඇත්ත බව මං දන්නවා. Jerilyn Covert පර්යේෂණවේදිනිය පවසනවා.


    මාලි හෙට්ටිආරච්චි ලියයි.

  • සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    උදයකාන්ත වර්ණසූරිය ආපහු වැඩිහිටි සිනමාවට ඇවිත්. උදයකාන්ත කියන්නෙ අපේ සිනමාවෙ අමුතු වැඩකාරයෙක්. ගිනිඅවි සහ ගිනිකෙලි, බහුබාර්යා, රාජ්‍ය ‍සේවය පිනිසයි වගේ සිරාම ෆිල්ම් හදපු පොරක්. ඒ වගේම හිරිපොද වැස්ස, රෝස වසන්තය, ආසයි මං පියාඹන්න වගේ රොමැන්ටික් කොමර්ෂල් වැඩත් කරපු, යකඩ පිහාටු වගේ ඉතා හොඳ මට්ටමේ කොපිත් කරපු බඩුවක්. කොස්තාපල් පුන්‍යසෝම, බහුබූතයෝ හරියට එනකොට උදයකාන්තට අහුවෙනවා ලංකා‍වට වැඩකරන ලෝබජට් තියරියක්. උදයකාන්ත ස්වයං රැකියාවක් විදිහට චිත්‍රපටි හදන්න පටන් ගන්නවා. පොඩි ප්‍රොඩක්ෂන් ටීම් එකක් එක්ක, නැගලා යයි කියල හිතෙන ඕන විදිහක ප්ලොට් එකක් ගහලා බලන්න එයා පෙළඹෙනවා. ඒ වගේම ඒවායින් සාර්ථකත් වෙනවා.

    ඉතිං අපිට සෞන්දර්යාත්මක අර්ථවලින් මොන විවේචන තිබුණත් උදයකාන්තගේ සිනමාව ෆේල් නෑ. තාමත් ජරාවක් කළත් ඒකෙ මොකක් හරි කොලිටියක් තියෙනවා.

    උදයකාන්ත තමන්ගෙ ෆිල්ම් ගේම් එක ගැහුවෙ සිනමාව ඇතුලෙ. රජකතා බණකතා වගේ පොලිටිකලි පුම්බපු මාර්කට්වලට එයා ෆිල්ම් ගැහුවෙ නෑ. ඒක නිසාම එයා චිත්‍රපටි කලේ ඇත්තට පවතින සිනමා ප්‍රේක්ෂාගාරයකට. කෘතිමව ක්‍රියේට් කරපු එකකට නෙමෙයි.

    බහුබාර්යා කියන්නෙ මං උදයකාන්තගේ ඉතා කැමති චිත්‍රපටයක්. අනූ ගනංවල ඇඟ සීතල කරපු ශෘංගාරයක්. සංගීතා වීරරත්නගේ අනුරාගී රංගනයත්, උදයකාන්තගේ වැඩිහිටි සිනමාවත් එතනින් ඉවර වුනා. ඊට පස්සෙ වෙන වෙන ජොන්රා ගානක වැඩ කරලා එයා දැන් ආයිමත් ඇවිත් ඉන්නවා ඉරොටික් ත්‍රිලර්ස් වලට.

    උදයකාන්ත වර්ණසූරියත්, සෝමරත්න දිසානායකත් දෙන්නම තමන්ගේ වැඩිහිටි තේමා රැගත් චිත්‍රපට නිකුත් කරන්න තීරණය කිරීම මට අනුව ලාංකේය ප්‍රේක්ෂාගාරය කොටහළු වුනා කියන එකට හැඟවුමක්. සෝමරත්න කියන්නෙ ළමා චිත්‍රපටවලින් පටන් අරගෙන දේශපාලනිකව පුම්බපු සිනමාවෙ ඒ අතට මේ අතට පීනපීන හිටපු කෙනෙක්. ජාතියම පුළුවන් තරම් කාලයක් ළමා මානසිකත්වයක තියාගන්න සෝමරත්න තමන්ගේ නිර්මාණ හරහා උත්සාහ කළා කියලයි මං හිතන්නෙ. ඒත් අවසානයේ එයාටත් සිද්ද වෙලා තියෙනවා වැඩිහිටි වෙන්න.

    සෝමරත්න දිසානායකගේ ජංගි හොරා ගැන පස්සෙ ලියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙද්දි ජංගි හොරා කියන නමවත් කොතනකවත් කියන්නෙ නෑ. පිටින් වාරණයක්ද නැත්තං ස්වයං වාරණයක්ද කියල දන්නෙ නෑ. කොහොම හරි මේ වෙද්දි ඒක අන්ඩර්පෑන්ට් තීෆ් වෙලා.

    මේ සටහන උදයකාන්ත වර්ණසූරියගේ ගිනිමල් පොකුරු ගැන. ඒ ෆිල්ම් එකට ප්‍රචාරක උපක්‍රමය වුනේ චුලක්ෂිගේ ලීක් එකක් විදිහට ෆිල්ම් එකේ කෑල්ලක් එලියට දාන එක. ඒක අතිසාර්ථක මෙහෙයුමක්. සහ චුලක්ෂි කියන්නෙ වැඩේට නිවැරදිම තෝරාගැනීම. ගිනිමල් පොකුරු ෆිල්ම් එක කියන්නෙම චුලක්ෂි.

    මුලින්ම මේ ෆිල්ම් එක බලන්න අපේ අම්මයි තාත්තයි ගියා.

    ‘පුතේ උදයකාන්ත වර්ණසූරියගෙ අලුත් ෆිල්ම් එක හොඳයි වගේ නේද? අපි බලන්න යන්න ඉන්නෙ’

    අම්මයි තාත්තයි දෙන්නම හතරපෝයට සිල්ගන්න, කුසල් වඩන අය. ඒ හින්ද ගිනිමල් පොකුරු කියන්නෙ ඉරොටික් ෆිල්ම් එකක් කියල අනතුරු ඇඟවීමක් කරන්න හිතුනත් බැලුවට පස්සෙ එන කම්පනය රසවිඳීමේ කාලකණ්ණි සතුට වෙනුවෙන් මං ඒක නොකර හිටියා.

    ‘ආහ් ඔව් අම්මෙ, මාත් තාම බැලුවෙ නෑ. බලන්න ඉන්නෙ’
    දවස් කීපෙකට පස්සෙ දෙන්නම ගිහින් ෆිල්ම් එක බැලුවා.

    කොහොමද අම්මෙ ෆිල්ම් එක?

    ‘ඉතාම හොඳයි පුතා. සමාජයට හොඳ පණිවුඩයක් දෙනවා. ඇත්තම කතාවකිංනෙ කරලා තියෙන්නෙ. ඔහොම දේවල් කොච්චර වෙනවද. පොලිස්කාර‍යො කොයිතරම් කරදරේ වැටුන ගෑනුන්ව තවත් අමාරුවල දානවද? ටිකක් සෙක්ස් සීන් නං වැඩියි. හැබැයි ඒ කතාවට ගැලපෙන විදිහට, මේ සමාජෙ ඇත්තට වෙන දේ පෙන්නන්නයි ඒවා පාවිච්චි කරලා තියෙන්නෙ. මං මගේ යාළුවන්ටත් කතා කරලා රෙකමන්ඩ් කළා.’

    මගේ වයර් මාරු වුනා. ඒ ෆිල්ම් එක සාම්ප්‍රදායික මහා සමාජයට යන්නෙ ඒ විදිහට. වල් ෆිල්ම් එකක් වුනත් හොඳ පණිවුඩයක් දෙන එකයි වැදගත්. එතකොට වල් ටික ගන්න එන අපි වගේ උන් වල් ටික බලනවා. අනිත් අය හොඳ ටික අරගෙන යනවා. අපි කරන ෆිල්ම්වල තියෙන ලොකුම අවුල ඔය පණිවුඩය නැති එක.

    උදයකාන්ත පළවෙනි ඇණය සාර්ථකව ගහනවා. රාගය මුසු වූ සමාජ පණිවුඩයක් දෙන කතාවක්. මේක මං හිතන්නෙ ලංකාව වගේ රටක ශෘංගාර සිනමාවෙදි වැදගත් කාරණයක්. ප්‍රේක්ෂකයාට තමන් වල් ෆිල්ම් එකක් බැලුවා කියන ගිල්ටිය නොදෙන එක. ඇගේ වෛරය ෆිල්ම් එක ආවෙත් කාන්තා විමුක්තියේ දෝංකාරය කියල.

    අම්මාගේ අනපේක්ෂිත ප්‍රතිචාරය මගේ උනන්දුව වැඩි කළා. මාත් පීවීආර් එකේ ෆිල්ම් එක බලන්න ගියා.

    ෆිල්ම් එක පටන් ගන්න කලින් ‘කෝල්ඩ් ඕපන්’ එකක්, අනංමනං මොකුත් නෑ. අමුවෙන්ම ටයිට්ල් එක වැටෙනවා. එතනින් ෆිල්ම් එකට. අසූ ගනංවල රූපරාමු වලින් තමයි කතාව කියන්නෙ. කලාත්මක රූපරාමු, සංස්කරණ මොකුත් නෑ. කතාවම විතරයි.

    මට හිතෙන්නෙ මේ ෆිල්ම් එක ටාර්ගට් කරන්නෙ කාවද කියන අදහස නැතුව ෆිල්ම් එක කියවන එක තේරුමක් නෑ. පැහැදිලිවම ඒකෙ ඕඩයන්ස් එක ‘මාස්’. සිනමා සාක්ෂරතාවයක් ඇති අය නෙමෙයි කොහොමවත්ම. කොයිතරම් පර්වර්ට් කතාවක් උදයකාන්ත විසින් හොඳ පණිවුඩ දවටනයක ඔතලා දෙනවද කියන එකයි මාව චූන් කරපු කාරණය.

    ගිනිමල් පොකුරු ෆිල්ම් එක දුවන්නෙ ගෑණු තුන්දෙනෙක් උඩ. කතාවෙ ප්‍රධාන නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට එන්ට්‍රන්ස් එක හදන, දූෂනයට ලක්වෙන ස්ත්‍රිය. ඊළඟට චුලක්ෂි. අනිත් කෙනා චුලක්ෂිගෙ නංගි. මේ ගැහැණු තුන්දෙනාව ශෘංගාරකරණය (ඕන නං ඔබ්ජෙක්ටිෆයින්ග් කියලත් කියන්න පුළුවන්) කිරීම තමයි චිත්‍රපටියේ කේන්ද්‍රීය කාරණය.

    මේක බලලා තමන්ගෙ අදහස් ලියපු කීපදෙනෙක්ම මේකෙ සෙක්ස් නෑ වගේ ඒවා කියල තියෙනවා මං දක්කා. ඒත් මට අනුව නම් ගිනිමල් පොකුරු ඉතාම සරාගී චිත්‍රපටයක්. වෙන විදිමකින් කිව්වොත් ඒක තනිකරම සෙක්ස්. සෙක්ස් කියන්නෙ නිරුවත ප්‍රදර්ශනය කිරීම නෙමෙයි. සෙක්ස් කියන්නෙ මූඩ් එක, තේමාව, කතාව සහ රූප රාමු කැරකෙන කේන්ද්‍රය. ඇත්තටම නිරුවත පෙන්නීමට වඩා නිරුවත නොපෙන්නීමයි ඉරොතික වෙන්නෙ. නිරුවත දකින මොහොතෙම ප්‍රේක්ෂකයාගේ ආශාව කූටප්‍රාප්තවෙලා ඉවර වෙනවා. ඉරොතික චිත්‍රපටයක තියෙන වැදගත්ම කාරණය ඒ ශෘංගාරය අවසානය දක්වා අරගෙන යන්නෙ කොහොමද කියන එකයි. උදයකාන්ත අර ගැහැණු ශරීර තුන මතින් ආස්වාදය කතාව පුරාම පවත්වාගන්නවා.

    මේ කතාව හරියට ගත්තොත් රේප් සීන් තුනක්. පළවෙනි එක ගැන්ග් රේප් එකක්. දෙවෙනි එක තමන්ගේ බලය, තත්වය පාවිච්චි කරලා කරන රේප් එකක්. තුන්වෙනි එක මනෝ ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් රේප් කරන්න උත්සාහ කිරීමක්.

    රේප් එකක් රෑපයට නගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ රූප හරහා අපිට ඒ රියල් එක අත්විඳින්න සැලැස්වීම. ඉරෙවර්සිබල් වගේ ෆිල්ම් එකකදි කරන්නෙ ඒක. එතකොට අපේ කාමය ලොප් වෙනවා. අනුරාගය ලෙෆ්ට් වෙනවා. අනිත් විදිහ තමයි රේප් එක පුළුවන් තරම් රියල් එකෙන් ඈත් කිරීම. පෝර්න්වලදි කරන්නෙ ඒක. එතනදි රඟපෑම දුර්වල වීම, ඒ චරිතයේ හැඟීම් මතු නොකිරීම, බිහිසුණු බව මගහැරීම වගේ තාක්ෂණයන් වැඩකරනවා. ඒ අතර අඟපසඟ අනුරාගීව පෙන්නීම, ආශාව ගොඩනැගීම හරහා අපිට ඇගේ අකමැත්ත පවා ශෘංගාරයට පෙරලන්න පුළුවන්. උදයකාන්ත අනුගමනය කරන්නෙ මේ දෙවෙනි පිළිවෙත.

    කතාව පටන්ගනිද්දි මිනිහෙක් මරාදමන රිය අනතුරට කතාව ඇතුලෙදි ලැබෙන සැලකිල්ලම මේ එළඹුම සනාථ කරනවා.

    ගිනිමල් පොකුරු කියන්නෙ රේප් තුනක් තිබ්බත් රේප් තුනම ඉතාම තෘප්තිමත් හැඟීමකින් නිමා කරන චිත්‍රපටයක්. හැපි එන්ඩින්ග් එකක්. පළවෙනි රේප් එක කරන මෝටිවේෂනල් අප්පච්චි ඇතුලු පිරිස පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. එතනදි වීරයා බවට පත්වෙන පොලිස් නිලධාරියා අතින් තමයි කතාවෙ මූලිකම පරිශ්‍රය වන දෙවෙනි රේප් එක වෙන්නෙ. මානසිකව රෝගී නැගෙණිය ගොදුරු වෙන්න යන තුන්වෙනි රේප් එකේදි ඒ දුෂ්ටයා බවට පත්වුනු නිලධාරියා කතුරු පාරක් කනවා. කොහොම හරි ප්‍රේමය දිනනවා, යුක්තිය ජයගන්නවා (වාහනේ හැපිලා මැරුනු මිනිහට හැර)

    ෆිල්ම් එක කරද්දි උදයකාන්ත තමන්ගේ ඕඩියන්ස් එක ගැන පට්ට දැනුවත්. වාහනේ පදවන අතරෙ ඇතුලත සීන් key කරලා තියෙන හැටි අජූතයි. ඒ මදිවට වීදුරුවෙන් එලියෙ පේන දේයි පැති කන්නාඩියෙන් පේන දේයි ෆුල් මඤ්ඤං. ඒත් උදයකාන්ත දන්නවා තමන්ගෙ ප්‍රේක්ෂකයා බලන් ඉන්නෙ ඔය මොකක්වත් දිහා නෙමෙයි චුලක්ෂි දිහා විතරමයි කියල.

    රංගනය පැත්තෙන් කතා කරන්න දෙයක් තියෙන්නෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ විතරයි. මං මීට කලින් දැකලා නැති නළුවෙක් වුනත් පොලිස් නිලධාරියාගෙ චරිතය ඉසුරු හොඳට දැනෙන්න කරනවා. ඒ වගේම හින්දි සිනමාවෙ විතරක් දැකලා තියෙන කෙල්ලො මැරෙන්න හදන හැන්ඩි පොලිස්කාරයා ලංකාවෙ සිනමාවටත් ගේනවා.

    රංගනය දුර්වල වීම ඇතුලෙ අනුරාගය වැඩියෙන් මතුවෙනවා කියල මට හිතෙනවා. එතකොට අපිට ඒ අයව මිනිස්සු විදිහට දැනෙනවට වඩා අපේ අනුරාගයේ වස්තු විදිහට දකින්න ඉඩ වැඩියි. ඔබ්ජෙක්ටිෆයි කරනවා කියන්නෙ ඕකට. ෆිල්ම් එක පුරාම චුලක්ෂි කියන අනුරාගී වස්තුව අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ විදිහට පාවිච්චි කරනවා.

    සමහර තැනක රූප සහ ශබ්ද අතිපිහිත කිරීම්වලින් අපේ හිත ඇතුලෙ වල්කම මවන්න ගන්න උත්සාහයත් ආතල්. චුලක්ෂි තුවාය කඩලා දානකොටම අපි දකින්නෙ ඉසුරුගෙ මූන. හැබැයි අපිට දැනෙන්නෙ චුලක්ෂි තුවාය කඩලා දැම්මම තමයි කියල. තව තැනක ‘මට ඇති’ කියන්නෙ බත්. ඒත් ඒක කැපෙන්නෙ සෙක්ස් එක්ක. මේ වගේ අමුතු තැන්වල උදයකාන්ත සෙල්ලං කරනවා. එක තැනකදි නංගි ගැන පොලිස් නිලධාරියාගේ ආශාව වඩවන ජනෙල් රෙදි නැටුමක් තියෙනවා. ඒ කාමෝද්දීපනය කරන ජනෙල් රෙදි පැටලුම උදයකාන්තගේ විශ්වයකම සිද්ද වෙන්න පුළුවන් දෙයක් විතරයි.

    චිත්‍රපටයෙ ගිනිමල වෙන්නෙ චුලක්ෂි. චුලක්ෂිගේ වඩාත්ම අනුරාගී කලාපය වෙන්නෙ එයාගෙ තොල් කියලයි මං හිතන්නෙ. ඒ දෙතොල් කාමාතුරව සිපගැනීමම ආශා අවුළුවන දසුනක්. නිතර දකින, සිපගන්න පතන ඒ දෙතොල් කාමාතුර පොලිස්කාරයෙකුට අවනත වෙනවා දැකීම ප්‍රේක්ෂකයා උන්මාද කරවන්නක් බව අධ්‍යක්ෂ දන්නවා.

    චුලක්ෂි පොලිස් නිලධාරියාගේ සිතැඟිවලට ඉඩදීමේ අවස්ථාවෙදි , උදයකාන්ත රේප් පෝර්න්වල ඉතා සුලබව දකින, මුලින් අකමැතිව පස්සෙ කැමති වීමේ ප්‍රපංචය ගේනවා. එක විදිහකට ඒක ස්ත්‍රී මනෝභාවයේ යතාර්ථයකුත් කියන්න පුළුවන්. කාන්තාවකගේ මනසට අවශ්‍ය දේ සහ ශරීරය ප්‍රකාශමාන කරන දේ අතර පරතරය මේකට හේතු වෙනවා. පොලිස් නිලධාරියා සමග සිද්ද වෙන ලිංගික එක්වීම ස්ත්‍රී දූෂණයක් වෙන්නෙ ඒ හින්දයි. ඒක කැමැත්තකට වඩා යටත්වීමක්.

    ඒ වගේම මානසික අසමතුලිතතාවකින් පෙළෙන සරාගී නැගෙණිය පිළිබඳ පර්වර්ට් ආශාවත් චිත්‍රපටිය ඇතුලෙ ඇවිලෙනවා. ගැන්ග් රේප්, ෆෙටිෂ් ඔක්කොම මැද්දෙන් තමයි ගිනිමල් පොකුරු පිපෙන්නෙ.

    මේ චරිතය බය නැතුව බාරගැනීම ගැන චුලක්ෂිට මගේ ගෞරවය හිමිවෙනවා. ඒ වගේම සහෝදරියගේ චරිතය කරන දිල්රුෆා ෂානාස්ගෙත් නිර්භීතබව අගය කරන්න ඕන. ලංකාව වගේ රටක වැඩිහිටි චිත්‍රපටයක රඟපානවා කියන්නෙ ලොකු අභියෝගයක්.

    ලිංගික දර්ශන රූගත කරද්දි උදයකාන්ත අනුගමනය කරන්නෙ මල්ලු චිත්‍රපට සම්ප්‍රදාය. මිරිකෙන අත්, පැටලෙන කකුල්, හැපෙන තොල්පෙති, වැහෙන ඇසිපිය වගේ දේවල් කැමරාවට හසුකර ගන්න එක. නිතරම ඇඟ වටා එතුනු කොහොමවත් නොගැලවෙන රෙද්දක් තියෙනවා. ඒක සිනමාවක් විදිහට ගොඩනැගුනු, අපිට හුරු ශෘංගාර රසයක්.

    මං කලින් කිව්වා වගේ ස්ත්‍රී ශරීර තුනක අනුරාගය උඩ දුවන කතාව මට තාම තේරුම්ගන්න බැරි විදිහට හතරවෙනි වස්තුවක් වටෙත් කැරකෙනවා. ඒ තමයි අනතුර සිදුකරන ජීප් එක. මේ ජීප් එක නිදහස් කරගන්න කියල ඉං‍ජිනේරුවෙක් වන චරිත් අබේසිංහ හෙන මොංගල් පාර්ට් එකක් දානවා. මට හිතෙන්නෙ ජීප් එක අදාල වෙන්නෙ ෆිල්ම් එක අවශ්‍ය තරමට දික්කරගන්නයි. පැය දෙකකටවත් වැඩි නැත්තං ලංකාවෙ හෝල්වල ෆිල්ම් දුවන්න බෑ.

    වැදගත්ම දේ මේ අතිබිහිසුණු ස්ත්‍රී දූෂණ පිරුනු කතාවක් වුනත් අවසානය ඉතාම සාමකාමී වීම. සියල්ල සතුටින් විස‍දෙනවා. ජෝඩුව බැඳලා කවදාවත් ලංකාවෙ එයාර්පෝර්ට් එකක බාන්නෙ නැති ෆ්ලයිට් එකක රට යනවා. පොලිස් නිලධාරියාට අලුත් දඩයමක් හම්බුවෙනවා.
    අර මානසිකව දුර්වල නංගිව මඩමකට දානවා.

    රට ගැන, කොළඹ ගැන, පවුල් සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා ගැන අපේ ප්‍රායෝගික දැනීම මේ ෆිල්ම් එක බලද්දි අමතක කරන්න වෙනවා. ඒ තිරය උඩ පිලිගන්වන යතාර්ථය සද්දෙ වහලා බාරගන්න වෙනවා. මේ ශෘංගාරාත්මක සමාජ පණිවුඩය විඳින්න කෙනෙකුට ලැබෙන්නෙ එතකොටයි.

    ගිනිමල් පොකුරු බලලා එද්දි මට අදහසක් ආවා. ඒ අනිවාර්යෙන්ම ගිනිමල් පොකුරු 2 කරන්න ඕන කියන එක. ඒ කතාව අර මඩමට ගිය නංගිගෙ. ඒ අනුරාගී උමතු කෙල්ල දවසක එලියට එන්නෙ සීරියල් කිලර් කෙනෙක් විදිහට. පිරිමි එක්ක යහන්ගත වෙලා ඒ අයව කතුරෙන් ඇනලා මරන කාමාධික කෙල්ලෙකුගේ කතාවක් ඒක.

    මට පුළුවන් ලියලා දෙන්න. හැබැයි එ්ක ඩිරෙක්ට් කරන්න ඕන උදයකාන්තමයි. මොකද මේ දෙන ආතල් දෙන්න මට නං කීයටවත් බෑ.


    චින්තන ධර්මදාස

  • අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය

    අසභ්‍ය ආණ්ඩුවේ අසභ්‍ය නීතිය

    අධිකරණ ඇමති අලිසබ්‍රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන. ඊට පස්සෙ එයාගෙ ලේකම් කෙනෙක් කතා කරලා, නෑ එහෙම ලොකු වෙනස්කම් නෙමෙයි, ළඟ තබාගැනීම වරදක් නෙමෙයි කියන එක විතරක් සංශෝධනය කරනවා කියල කිව්වා. දැනට ගැසට් වෙච්ච පණතෙ සංශෝධනය කරන්න තියෙන්නෙ එච්චරද?

    අසභ්‍ය දේ සම්බන්ධයෙන් නීති පනවනකොට මූලිකම ප්‍රශ්නෙ එන්නෙ අසභ්‍ය යනු කුමක්ද කියන එකයි.

    මේ පණතෙ හැටියට යම් අසභ්‍ය ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ දෙයක් ගැන කතා කරනවා. ඒකට ලියවිල්ලක්, චිත්‍රයක්, මුද්‍රණයක්, සිතුවමක්, මුද්‍රිත ද්‍රව්‍යයක්, පිංතූරයක්, පෝස්ටරයක්, ලාංඡනයක්, ඡායාරූපයක්, සිනමාරූපී සේයාපටයක්, හෝ යම් මාධ්‍යයක් ඇති යම් දත්ත ඇතුලත් වෙනවා.

    එතකොට ඒක අසභ්‍යයි කියල තීරණය කරන්නෙ යම් සාධාරණ තැනැත්තෙකුගේ මනස කෙලෙසීම හෝ දූෂණය කිරීම සිදුවෙනවා කියන එක මත. දැන් කවුද ඔය සාධාරණ මනුෂ්‍යයා කියල අපිට කල්පනා කරන්න වෙනවා. කවුරුන් හෝ ප්‍රකාශයට පත් කරන ඉහත කී කිසිවකින් හෝ කෙලෙසෙන, දූෂනය වෙන සිත් ඇති කිසි කෙනෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්ද? එහෙම කෙනෙක් නිශ්චිතවම අමු මෝඩයෙක් වෙන්න ඕන.

    ජෝන් රෝල්ස් කියන ඇමරිකානු යුක්තිය පිළිබඳ දාර්ශනිකයා කියන විදිහට මේ සාධාරණ මනුෂ්‍යයා නිර්මාණය කරන්න නම් එයා තමන්ගේ සියලු සංස්කෘතික සමාජ දැනුමෙන් වියුක්ත වෙලා ඉන්න ඕන කියලයි. එයා ඒකට කියනවා ‍’වේල් ඔෆ් ඉග්නොරන්ස්’ කියල. තමන්ගේ සමාජ සංස්කෘතික පිහිටීම ගැන දැනුවත් කිසිම මනුෂ්‍යයෙක් සාධාරණ මනුෂ්‍යයෙක් වෙන්නෙ නෑ. ඒ අයට අගතීන් පිහිටනවා. එතකොට අලිසබ්‍රිගේ නීතිය අනුව අසභ්‍යයි කියන එක තීරණය කරන මනුස්සයා කොයි විදිහෙ අගතීන්වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්ද?

    මෙතනදි වැදගත් කාරණය වෙන්නෙ අසභ්‍ය නීති හරහා ආණ්ඩුව අපිට වහන්න හදන්නෙ මොනවද කියන එකයි. ඕනම සමාජයක දැනුමේ ආකෘතීන් නිර්මාණය කරන්නෙ නොදැනුවත් බව විසිනුයි. ඒ කියන්නෙ අපේ නොදන්නාකම හෝ මෝඩකම මතයි ලංකාවෙ දැනුම කියන එක ආකෘතිගත වෙලා තියෙන්නෙ. ඉතින් ඕනම ආණ්ඩුවක් උත්සාහ කරනවා ජනතාව යම් නොදැනුමක පවත්වාගන්න. ඒ නොදැනුම නැති වුනොත් ජනතාව ආණ්ඩුව විශ්වාස කරන එක නවතිනවා. හරියට ආගමක් වගේම.

    මේ ආණ්ඩුව ගත්තොත් කොවිඩ් පැණියෙ ඉඳන්, කැළණියෙ නාගයා හරහා, දෙරණ හිරු පෙරටුකොටගෙන කොයිතරම් නොදැනුවත්කමක් උවමනාවෙන් පවත්වාගෙන යනවද කියන එක පැහැදිලි කාරණයක්. ඒ අතරෙ මැදගොඩ අබේතිස්ස, කිරිබත්‍ගොඩ ඥානානන්ද වගේ චරිත ලිංගික නොදැනුවත්කමක මිනිස්සුන්ව ගිල්ලලා තියාගන්නත් අරගල කරනවා. අලිසබ්‍රිගෙ පණත උදව් වෙන්නෙ මේ අබේතිස්සලාගේ අන්තගාමී ප්‍රතිපදාවටයි. මිනිස්සුන්ව ලිංගික කාරණාවලින් ඈත් කිරීම හරහා අතෘප්තිය පවත්වාගැනීම. ඒ අතෘප්තිය සදාචාර, ආගමික, ජාතිවාදී බෝම්බයක් ලෙස ඕනම වෙලාවක පාවිච්චියට ගැනීම. සියලු බොරු පවත්වාගෙන යන්න නම් ලිංගිකව පසුගාමී සමාජයක් පවත්වාගෙන යායුතු බව ආණ්ඩුව දන්නවා.

    මේ වෙද්දි අපි අන්තර්ජාලය හරහා ලෝකයත් එක්ක නිරන්තර සංස්කෘතික සම්බන්ධයකයි ඉන්නෙ. භූගෝලීය වශයෙන් පිහිටීම වෙනස් වුනත් සංස්කෘතික අතින් අපි එක කලාපයක් බෙදාහදා ගන්නවා. පෝර්න් සහ අසභ්‍යයි කියන කැටගරිය අයිති වෙන්නෙත් ඒ කලාපයට. ලංකා‍ව හැම වසරකම නොවැරදීම ජයග්‍රහණය කරන එක තැනක් තමයි වැඩියෙන්ම සෙක්ස් කියන වචනය සර්ච් කිරීම. එතකොට සබ්‍රි හදන්නෙ මේ හැම මනුස්සයෙක්ම එක මොහොතකින් වරදකාරයෙක් කරන්න. ඇතුලට ගන්න ඕන කාවද කියල තීරණය කරන්න ආණ්ඩුවට අවශ්‍ය වෙලාවට පුළුවන්.

    අපේ සංස්කෘතික නිර්ණායක පදනම් විය යුත්තෙ අපි ඇසු‍රු කරන ලෝකයට සාපේක්ෂවයි. අරාබිකරයේ දෘෂ්ටියෙන් සංස්කෘතිය දිහා බලනවට වඩා විවෘත බාරගන්නා බටහිර දැක්මකින් ඒ දිහා බැලීමයි මානවවාදී වෙන්නෙ. එහෙම නැත්තං තලේබාන් අන්තගාමී පීඩාකාරී සංස්කෘතික පාලනයක් පැත්තටයි අපි අඩිය තියන්නෙ.

    මේ අසභ්‍ය ද්‍රව්‍ය, වස්තු හෝ දේවල් යම්කිසි කලාත්මක, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජ ප්‍රගමනයට දායක වන තත්වයක් දරනවා නම් අසභ්‍යකරණයෙන් නිදහස ලබනවා කියලත් කියනවා. ඔය කියන වටිනාකම් කිසිවක් අඩංගු නොවන කිසිම ප්‍රකාශනයක් ලෝකෙ තියෙන්න පුළුවන්ද?  උදා විදිහට පහන්තුඩාවෙ වීඩියෝව කලාත්මක නෑ කියන්නෙ කොහොමද? ඒ තරම් පිරිසක් ඒක නැරඹීම හරහා සමාජයට යම් තෘප්තියක් එයින් අත්පත් කර දුන්නෙ නැද්ද? ලිංගික අතෘප්තිය සමනය කිරීම සමාජ ප්‍රගමනයට දායක වීමක් නෙමෙයිද? ඒ වීඩියෝව හරහා පහන්තුඩාවට සංචාරක ආකර්ශනය වැඩිවීමක් සිද්ද වුනේ නැද්ද?

    පෝර්න් නිසා නෙමෙයි නම් ලංකාවෙ පවුල් ජීවිත බොහොමයක් තාමත් ගෙවෙන්නෙ මළකඳන් වගේ. ගෑණු බ්ලෝජොබ් එකක් දෙන්න පවා ඉගෙන ගත්තෙ පෝර්න්වලින්. එහෙම ලිංගික ආස්වාදය විඳීම ඉස්කෝලවල උගන්නන්නෙ නෑ. ඒක උත්පත්තියෙන් එන ප්‍රතිභාවක් නෙමෙයි. කාමසූත්‍රය කියන්නෙ අධ්‍යාපනික ග්‍රන්ථයක් සබ්‍රි.

    ඉතිං මේ කලාත්මක, විද්‍යාත්මක, සමාජ ප්‍රගමනාත්මක වටිනාකම් තීරණය කිරීමේ මහා සංස්කෘතික සංවාදයක් මේ වගේ නඩුවකදි පැන නගිනවාද? ඒවා තීරණය කරන්නෙ කවුද? අර කලින් සඳහන් කළ යුතෝපියානු සාධාරණ මිනිස්සුද?

    බිහිසුණුම කාරණය මේ වරද වෙනුවෙන් අවුරුදු දහයක් දක්වා සිරදඩුවම් පැනවීමට යෝජනා කිරීමයි. ප්‍රකාශනයක් කියන්නෙ මූලිකවම නිර්මාණයක්. යමක් ප්‍රතිනිර්මාණය කිරීම කියන මූලික මොහොතේම එතන කලාව බිහිවෙනවා. ඒ කලාව අවරගණයේද උසස් ගණයේද කියන එක සංවාදයක්. කවර හෝ ප්‍රතිනිර්මාණයක් කිරීම අවුරුදු දහයක් හිරේ යන වරදක් බවට පත්කරනවා කියන්නෙ ඒ සමාජය සම්පූර්ණයෙන්ම ප්‍රකාශනයේ නිදහස අවහිර කරනවා.

    වරද තියෙන්නෙ එවන් ප්‍රකාශනයක් හරහා යම් කෙනෙකුගේ ජීවිතයකට බලපෑමක් ඇතිවෙනවද කියන එකයි. ළමා, කාන්තා, හෝ සත්ත්ව අපහරණයක්, අපයෝජනයක් සිදුවෙලා තියෙනවද කියන එකයි. ඒ වරදට දඩුවම් කරන්න දැන් තියෙන නීති හොඳටම ඇති. ඒ නීති විධිමත්ව ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නෙ. බොරු අණපනත් ගෙනත් රටේ සංස්කෘතික කතිකාවන් අභියෝග කරන මිනිස්සු හිරේ දාන්න සැලසුම් හදන එක නෙමෙයි.

    අනවශ්‍ය කාරණයකට, අනවශ්‍ය අනපණත් ගේනවා කියන්නෙම පීඩාව ක්‍රියාත්මක කරනවා කියන එකයි. රටේ ජනතාවගෙන් අසභ්‍ය පණතක් රජයෙන් ඉල්ලා සිටියෙ කවුද? මැදගොඩ අබේතිස්ස සහ ඩෑන් ප්‍රියසාද් කියන දෙන්නයි. ඒ දෙන්නෙකුගේ ඉල්ලීම වෙනුවෙන් පණතක් ගේන ආණ්ඩුව ඇත්තටම මේ හදන්නෙ ජනතාව මොකකින් ආරක්ෂා කරන්නද? ගෙවල්වල ගෑස් බෝම්බ පුපුරුවන ආණ්ඩුවක් ජනතාවගේ හිත් දූෂණය වෙයි කියල හිතලා අනපණත් ගේන එක කෙ‍ායිතරම් අසභ්‍ය විහිලුවක්ද නේද?

  • මිසිස් සැන්ටා එක්ක ඇඳට එන්න

    මිසිස් සැන්ටා එක්ක ඇඳට එන්න

    නත්තලේ වැදගත්ම පුරාවෘත්තයක්නෙ නත්තල් සීයා. ශාන්ත නිකලස් කියන ග්‍රීක – ක්‍රිස්තියානි සාන්තුවරයා මත පදනම්ව ගොඩනැගුනා කියලා විශ්වාස කරන චරිතය. එයා උත්තර ධ්‍රැවයෙ ඉඳන් හොඳ නරක ලෙජරයක් පවත්වාගෙන යනවා. හොඳ ළමයින්ට තෑගි අරන් නත්තල් දවසෙ පිනිමුවන් විසින් ඇදගෙන යන කරත්තෙක සීයා එනවා. ගෙවල්වල චිමිනියෙන් බැහැලා තෑගි තියලා යනවා. මේ නත්තල් සීයාව බඩමහත රතු අඳින ජොලි රැවුලෙක් බවට පත්කළේ තෝමස් නාෂ්ගෙ හාපර්ස්-ලී මැගසින් එක. නාෂ් නත්තල් සීයාට පයිප්පයක් දුන්නා. එතනින් මේ නත්තල් සීයා කොකාකෝලාවලට පවා ගියා. ඒ ගොල්ලො පයිප්පෙ වෙනුවට කොකාකෝලා බෝතලයක් දුන්නා.

    නත්තල් සීයා ගැන කතාව මේ විදිහට තිබුනට නත්තල් සීයාගෙ වයිෆ් ගැන කතාවක් කොතනවත් නෑ. නත්තල් සීයාගෙ වයිෆ් ගැන මුලින්ම කතාව ඇහෙන්නෙ 1849දි වගේ. ඒ ජේම්ස් රීස් කියන මිෂනරිවරයා ලියන කෙටිකතාවක. නත්තල් දවසෙ ගෙදරක නවාතැන් ගන්න එන සැමියෙක් සහ බිරිඳක් ගැන ඒකෙ තියෙනවා. උදේ බලද්දි මේ නවාතැන් ගත්ත දෙපල තෑගි බෝග ගොඩක් ගෙදර අයට තියලා යන්න යනවා. ඒ ගෙදර අය හිතනවා මේ නත්තල් සීයයි එයාගෙ පවුලයි කියල. පස්සෙ එලිවෙනවා ඒ ඇවිත් තියෙන්නෙ නැතිවුනු වුනු ඒ ගෙදරම දුව සහ එයාගෙ සැමියා කියල. ඊට පස්සෙ මිසිස් සැන්ටාව අපිට මුනගැහෙන්නෙ 1851 යේල් සාහිත්‍ය සඟරාවක. ඒකෙ A.B කියලා විතරක් සඳහන් වෙන නිර්මාණයක සැන්ටා පාටියකට ආපු හැටි ගැන කියනවා. ඒ තරම් ලස්සනට සැන්ටාව හැඩකරන්න මිසිස් සැන්ටා මහන්සි වෙන තරම ගැන මතක් කරනවා.

    හැබැයි මිසිස් සැන්ටාට මිස්ට සැන්ටාගෙන් ‍වෙන්වුනු පැවැත්මක් නෑ. එයාට කොටින්ම එයාගෙම කියල නමක්වත් නෑ. මිසිස් සැන්ටා නිතරම නිරූපනය වුනේ වැඩිහිටි කාන්තාවක් විදිහට. ඉවසීම, කරුණාවන්ත බව, අම්මා කොලිටීස් එක්ක. සැන්ටාගේ ගෙදර වැඩ බලාගන්නෙ එයා. සැන්ටාගෙ එල්ව්ස්ලා බලාගන්න එකත්, කුකීස් බේක් කරන එකත්, සෙල්ලම් බඩු හදන එකත් පැවරෙන්නෙ මිසිස් සැන්ටාට. 1960 ගනංවලදි ෆිලීස් මැගින්ලි ලියන ‘හව් මිසිස් සැන්ටා සෙව්ඩ් ද ක්‍රිස්ට්මස්’ ළමා කතාවත් එක්ක මිසිස් සැන්ටාව ජනප්‍රිය සංස්කෘතියට හඳුන්වාදෙනවා. එතනින් පස්සෙ කාටූන්, කාර්ඩ්, සැරසිලි, ඇඳුම් ආයිත්තම්, නැප්කින්වලට පවා මිසිස් සැන්ටා එනවා. ඒ අතරෙ කාගෙ ආරාධනාවකින්ද කියල හිතාගන්න බැරි විදිහට මිසිස් සැන්ටා පෝර්න්වලටත් එනවා.

    පෝර්න්වල මිසිස් සැන්ටාගෙ බැක්ස්ටෝරි එක මෙහෙමයි. සැන්ටා අනුන්ගෙ ගෙවල්වල චිමිනිවලින් රිංගන වෙලාවෙදි මිසිස් සැන්ටා ගෙදර ඉඳන් මොකද කරන්නෙ? එයා එල්ව්ස්ලා එක්ක තමන්ට ඕන විදිහට විනෝද වෙන්න මේ නිදහස පාවිච්චි කරනවා. තෑගි හදලා, කුකීස් බැදලා මහන්සිවෙලා ඉන්න මිසිස් සැන්ටා මේ වෙලාවෙ කලබලකාර මිස්ට සැන්ටාගෙනුත් නිදහස්. රාත්‍රිය තාම උණුසුම්.

    මිසිස් සැන්ටා අතෙත් සෙල්ලම් බඩු තියෙනවා. හැබැයි පොඩි උන්ට සෙල්ලම් කරන්න සුදුසු වර්ගයේ ඒවා නෙමෙයි. සැන්ටාගෙ නෝටි ලිස්ට් එකේ තමන්ගෙ ගෙදර ඉන්න නෝටිම එක්කෙනාගෙ නම නෑ.

    අනෙක් අතට කොහොමත් සැන්ටාගෙ කතාවත් පොර්න් එලිමන්ට් බහුල එකක්. මේ කාලෙ නම් රෑට චිමිනියෙන් බැහැලා එන මිනිහෙක් ගැන සම්ප්‍රදායක් කොහොම බාරගනීද? ඒ වගේම පොඩි උන්ව තමන්ගෙ ඔඩොක්කුවෙ වාඩිකරගන්න නන්නාඳුනන වයස පිරිමියෙක් චයිල්ඩ් මොලෙස්ටින්වලට අත්අඩංගුවට ගන්නවා අනිවාර්යයි.

    නත්තල් සීයා නොහොත් ශාන්ත නිකලස්ගෙ චරිතය ගණිකාවන්ගේ පීතෘවරයා හැටියටත් හඳුන්වනවා. ඒක වෙන්නෙ ශාන්ත නිකලස් වරෙක තමන්ගෙ දියණිවරුන්ව ගණිකාවෘත්තියේ යොදවන්නෙ නැතුව සිටිය හැකි පරිදි පියෙකුට මුදල් ලබාදීම නිසා. ඒ වගේම ශාන්ත නිකලස් කියන්නෙ සිරකරුවන්ගේ සාන්තුවරයාත් වෙනවා.

    පොප් කල්චර් එකට එද්දි සැන්ටාට හොඳටම සෙක්ස් කාර්ඩ් එක වදිනවා. ‘අයි සෝ මමී කිසින්ග් සැන්ටා ක්ලොස්’ සහ ‘සැන්ටා බේබි’ වගේ සිංදු ගෙවල්වල පොඩි උන් එක්ක අහන්න පුළුවන් නත්තල් සිංදු නෙමෙයි.

    හැබැයි මේ වෙද්දි සැන්ටා පරද්දමින් මිසිස් සැන්ටා ශෘංගාර කලාපයන් ආක්‍රමණය කරමින් ඉන්නවා. මිස්ට සැන්ටා කොකාකෝලා වගේ දුඹුරු පාට බුබුළු නගින දේ ප්‍රිය කරද්දි මිසිස් සැන්ටා සුදුපාට ඇලෙනසුලු දේ ප්‍රිය කරමින් නිර්මාණය වෙනවා.

    පෝර්න්හබ් ස්ටැට්ස්වලට අනුව නත්තල් දවසෙ මිසිස් සැන්ටාගෙ පෝර්න් සර්ච් කරන ප්‍රතිශතය 400%කින් ඉහළ ගිහින් තියෙනවා. පැහැදිලි හේතුවක් නැතුව මිසිස් සැන්ටා ගැන උනන්දුව 2018දි වැඩිවුනු බවක් පේනවා. මියුසිකල්, ෆිල්ම් වගේ වෙනත් නැරටිව් වලිනුත් මිසිස් සැන්ටා නිර්මාණය වෙන්න ගන්නවා. ඒ හැම වෙලාවකම තමන්ගේ සැමියාගේ‍ සෙවනැල්ලෙන් වැසුනු සුදු කෙස් ඇති, පරිණත, කාරුණික ගැහැණිය කියන ආකෘතිය තමයි තියෙන්නෙ.

    මේ මාතෘ ගුණය පෝර්න්වලදි වෙන තැන්වලට ගමන් කරනවා. මිසිස් සැන්ටා කියන්නෙ මිල්ෆ් MILF චරිතයක්. මේ චරිතය හරහා නත්තලේ උණුසුම, ආදරය සහ පොඩිකාලෙදි අපිට දැණුනු හැගීම් එකතු වෙනවා. මේ ආරක්ෂිත,රැකබලාගන්නා, අම්මාකම සහිත චරිතය සමග ලිංගිකව එකතුවීම කියන එක ලොකු ‍පිරිමි ෆැන්ටසියක්.

    ලිංගික ශ්‍රමිකයෙක් සහ ආර්ටිස්ට් කෙනෙක් වන මීෂා මේෆෙයාර් මේක තමන්ගේ අත්දැකීම් ඇසුරින් විස්තර කරනවා.

    තමන්ට අවුරුදු විස්සෙ ඉඳන් මිසිස් සැන්ටා ඇඳුම් අඳින මෙන් තමන්ගේ සේවය ලබාගන්නා පිරිමින්ගෙන් ඉල්ලීම් ලැබුනු බව ඈ කියනවා. ‘මේ ආධිපත්‍ය දරන, අම්මා වගේ චරිතයට පිරිමි ඉතාම ආශක්තයි. එක්කෙනෙක් මගේ උකුල උඩ වැතිරිලා තමන් ඒ අවුරුද්දෙ කළ වැරදි පාපොච්චාරණය කරන අතරෙ තමන්ගේ නිරුවත් තට්ටම්වලට පහරදීමෙන් තමන්ට දඩුවම් කරන මෙන් ඉල්ලා සිටියා. ඊට පස්සෙ මං එයාට ලොලිපොප් එකක් තෑගි දුන්නා. ඒක හරිම අහිංසක අත්දැකීමක්. ඒ වගේම ගැඹුරින් මාතෘ හැගීමක් ඒකෙ තිබුනා’.

    මිසිස් සැන්ටාට නිශ්චිතවම දුන්නු රූපකායක් නෑ. සැන්ටා බඩමහත රැවුල්ධාරියෙක් වුනත් මිසිස් සැන්ටා එක එක වෙලාවට වෙනස් වෙනවා. ‘මං කැමති වුනේ මිසිස් සැන්ටාගෙ තිබුනු මහත සිරුරට. ඒක තමන්ගේ ශරීරය ගැන පොසිටිව් හැගීමක් දනවන රූපයක්. ඒ වගේම මිසිස් සැන්ටා කියන්නෙ දැඩිවම MILF චරිතයක්. මගේ ඕඩියන්ස් එක ගොඩක් ආසයි ඒ අම්මා ගතියට සහ වටකුරු සිරුරට’ ග්වෙන් ඇඩෝරා කියන ඇඩල්ට් කන්ටෙන්ට් නිර්මාණය කරන්නිය කියනවා.

    මේ මිසිස් සැන්ටා චරිතය ‍ස්ත්‍රීවාදී කතිකාවන් එක්ක දැඩිව සම්බන්ධයි. ලෝකයට වැඩ කරන්න යන තමන්ගේ සැමියා තමන්ගේ සතුට සහ ජීවිතය ගැන නොතකන කලදි තමන්ගේ සතුට සොයාගෙන යන විවාහක ගැහැණියකගේ චරිතයක් ඇය දරනවා. මිසිස් සැන්ටා කියන්නෙ ගෙදර වැඩවලටම දියවෙන ගැහැණියක් ගැන කතාවක්. ඇයව නිතර නිරූපණය වෙන්නෙත් සැන්ටාට මෙහෙවර කරන ගෘහණියක් විදිහට. හැබැයි පෝර්න්වලදි ඇය තමන්ට අහිමි ශෘංගාර බලය නැවත අත්පත් කරගන්නවා. අනුරාගයෙන් ලෝකයම මත් කරන්න ගැහැණියකට වයස බාධාවක් නොවෙන බව කියනවා. ඒ වගේම ඇගේ නිදහස සොයායාම විසින් සැන්ටාව කකොල්ඩ් කෙනෙක් කරනවා.

    ‘පෝර්න්වල කොහොමත් සීරියස් දේවල් අරගෙන පැරඩි කරන සම්ප්‍රදායක් තියෙනවා. පෝර්න් ඇතුලෙදි හැමදෙයක්ම සරලයි සැහැල්ලුයි. ඒ හින්දම මේන්ස්‍ට්‍රීම් මීඩියාවල කිසිම දවසක නොපෙන්වන ලිංගික අනන්‍යතාවයන්, චරිත සහ ස්වභාවයන් පෝර්න් ඇතුලට ගේන්න පුළුවන්’ පෝලිටා පැපල් කියන ස්ත්‍රීවාදී පෝර්න් නිර්මාණකාරිනිය විස්තර කරනවා.

    පැපල් කියන්නෙ ලස්ටරි LUSTERY කියන ප්ලැට්ෆෝම් එකේ නිර්මාතෘවරිය. ප්‍රදර්ශනකාමයෙන් පසුවන අයට තමන්ගේ ලිංගික ක්‍රියාකාරකම් නැරඹුම්කාමීන් වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්නයි මේ ප්ලැට්ෆෝම් එක විවෘත වෙන්නෙ. ඒ වගේම සෙක්ස් ගැන ඉතාම වැදගත් තොරතුරු සහ ඉන්සයිට්ස් ඒ ගොල්ලො ෂෙයාර් කරනවා. ඉතා මෑතක මිසිස් සැන්ටා ඇසුරෙන් ලිිංගික අධ්‍යාපනය ලබාදෙන පෝස්ට් සීරිස් එකක් ලස්ටරි වෙතින් නිර්මාණය වුනා. එකක මිසිස් සැන්ටා විසින් මිස්ට සැන්ටාට බ්ලෝජොබ් එකක් දෙනවා. ඒක ව්‍යවහාරික විදිහට නම් හොඳ බ්ලෝ ජොබ් එකක් නෙමෙයි. ඒත් මෙතනදි සැන්ටාට තේරුම් යනවා නරක බ්ලෝජොබ් කියල ජාතියක් නැති වග. මොකද බ්ලෝජොබ් එකක් දෙනවා කියන ක්‍රියාවම උත්කෘෂ්ට තෑග්ගක් හින්ද.

    මිසිස් සැන්ටාට හරියටම නිශ්චිත ඇඳුමක් නෑ. රතු සහ සුදු ඕනම එකකින් එයාට සැරසෙන්න පුළුවන්. ඒ වගේම මිස්ට සැන්ටා පොඩි උන් එක්ක දඟකරන අතරෙ මිසිස් සැන්ටා නෝටි වැඩිහිටියො පැත්තට එනවා. නත්තලේ මගහැරෙන වැඩිහිටි අනුරාගයේ පැත්ත සම්පූර්ණ කරන්නෙ මිසිස් සැන්ටා. නත්තල් රාත්‍රිය කියන්නෙ පොඩි උන් නටලා නටලා නිදාගත්තම මිසිස් සැන්ටා එක්ක ඇඳ උඩ රසවත් වෙන්නම ඕන දවසක්.

    මිසිස් සැන්ටා කියන්නෙ පෝර්න්වලට ලැබුණු නත්තල් තෑග්ග.


    Vice ලිපියක් ඇසුරෙන්

  • බඳින්න කලින් Living Together ඉන්න

    බඳින්න කලින් Living Together ඉන්න

    නීතීගත විවාහකයට කලින් දෙදෙනෙකු එකට ජීවත් වීම ( Living together) කොතරම් දුරට සාර්ථකද? පිලිගත හැකිද?

    ඕනෑ තරම් මේ පිලිබද ඔබ අසා, සිතා, ඇහුම්කන් දී ඇත. ඒත් living together කොතරම් දුරට අදට ඵලදායි ද සාදාරනීකරනය කල හැකිදැයි සිතා බලන්න..

    ලංකාව තුල living together කියූ පමනින් කසාදයකට කලින් දෙදෙනෙක් ලිංගිකව එකතු වීම ඔලුවට ආවත්, මේ සංකල්ප තුල ඇත්තේ ඇත්තටම ඊට එහා දර්ශනයකි. අපේ විවාහ ක්‍රමයට වඩා බොහෝ ප්‍රායෝගික දර්ශනයකි.. සරලවම ඒක ” ඔබේ සහකාරයා හෝ සහකාරියගේ සියලු චරිත සමහ විවාහයට පෙර ගනුදෙනු කර බැලීමයි”

    තේරුම, අපට අපේ ලාංකීය විවාහ ක්‍රමය තුල හැකිවන්නේ විවාහයට පෙර ඔබේ සහකරු හෝ සහකාරිය “පෙම්වතා පෙම්වතිය” ස්වරූපයෙන්ම දකිනට පමනි. ඒත් ඔබට සරල ප්‍රායෝගික ජීවිතයේ ඒ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය පමනක් නොවේ.. එතනින් එහා, ඔවුන් තුල සිටිනා පුද්ගලයන් සමග මෙන්ම ඔබේ ඇතුලාන්තයේ එදිනෙදා ජීවිතයේ ඔබ තුල සිටින පුද්ගලයන් සමගද ගනුදෙනු කරන්නට සිදුවේ. “මගේ තාත්තාත් එයා, සහෝදරයාත් එයා, හොදම යාලුවත් එයා” වගේ බොළද දෙබස් නම් නොවේ..

    ඔබට ඔබේ පෙම්වතා පෙම්වතිය තුල සිටින,

    • කාමර සගයා –

    ඒ කියන්නේ, ඔයාට සිද්ද වෙනවා ඔබේ ගෙදර, ඔයා තනියම පාවිච්චි කරන්න පුරුදුව හිටපු ඔයාගේ කාමරය එයා එක්ක බෙදා ගන්න. හිතන්න ඔයා ඔයාගේ පෙම්වතාගේ මේ පැත්ත එක්ක ගනුදෙනු කලාද කලින්? සරලව හිතන්න. ඔයාට දේවල් පිලිවෙට තියෙන්න ඕන.ඒත් එයා එහෙම පුරුදු කෙනෙක් නෙවෙයි, ඔයාට ජනේලේ ගාව ඇද තියෙන්න ඕන, එයාට එහෙම බෑ.ඔයාට රෑට light දාගෙන නිදා ගන්න ඕන,එයාට එහෙම බෑ, එයාට නිදා ගන්න fan එක ඕන. ඔයාට ඕන නෑ. ඔයාට කාමරය නිතරම ශබ්ද නැතුව තියෙන්න ඕන, එයාට එහෙම බෑ. එයා bathroom පාවිච්චිය හරිම අපිරිසිදුයි ඔයාට ඒක දරා ගන්න බෑ. ඔයාට ඇදුම් එහෙ මෙහෙ තියෙන්න බෑ එයාට එහෙම පිලිවෙලක් නෑ.

    සරලව මුලු ජීවිතේම ගනුදෙනු කරන්න වෙන මේ චරිතේ එක්ක පෙම්වතා/වතී කාලේදී ඔයා නිකන්වත් ගනුදෙනු කරන්න, තේරුම් කර ගන්න, කතා කරන්න අවස්ථාවක්වත් ලැබුනද, අඩු තරමේ දැනං හිටියද?

    • එකට නිදා ගන්න කෙනා –

    හිතන්න ඔයා විවාහයෙන් පස්සේ ජීවිතය කාලයම වගේ ඔබේ කෙනා එක්ක ඔබේ නිදන ඇද බෙදා ගන්න වෙනවා. හිතන්න ඔයා නින්දෙන් ගොරවන කෙනෙක්, එයාට ඒක දරා ගන්න බෑ. එයා නින්දෙන් දගලන කෙනෙක් ඔයාට ඒක කරදරයි. එයා ඇද උඩම කෑම කන කෙනෙක් ඔයාට ඒක දරා ගන්න බෑ. එයා පිලිවෙල පිරිසිදු කම ටිකක් අඩු කෙනෙක් ඔයාට ඒක පිලිවෙලටම ඕන..
    පෙම්වතුන් කාලයේ මේ චරිත එක්ක ගනුදෙනු නොකර, අපිට ආදරය කොච්චර තිබ්බත් සරල මේ ප්‍රායෝගික ජීවිතයට හැඩ ගැසෙන්න, එකතු වෙන්න,වෙනස් වෙන්න, දරා ගන්න අදහසක් ගන්න ලේසි වෙයිද?

    • කෑම මේසේ සගයා –

    හිතන්න. ඔයා කනකොට සද්ද කරන, පිටවෙන කෙනෙක් ( සරලව එහෙම වෙන්න පුලුවන් ) එයාට ඒක හරි අපහසුයි. ඔයාට පිලිවෙලක්.. වෙලාවක්..කෑම කන්න තැනක් තියෙන පුරුදු කෙනෙක්..ඒත් එයාට එහෙම පුරුදු නෑ. එයා පුරුදු වෙලා තමන්ගේ කෝප්ප, පිගන් හරියාකරව තියන්න පිරිසිදු කරන්න. ඒත් ඔයා ඒවා පිලිවෙලටම කරන කෙනෙක්..

    හිතන්න, ජීවිතේ එක පාරට වෙනස් විදියට ගෙවන්න පුරුදු වෙන්න, හැඩ ගැසෙන්න ඔයාට පුලුවන් වෙයිද? කොච්චර පීඩනයක් වෙයිද?

    • අසල්වැසියා –

    සියල්ලට අමතරව, අපිට පිට ලෝකය සමග නිතරම ගනුදෙනු කරන්නට සිදු වේ. අසල්වැසියෙක් ගමේ කෙනෙක්, අදුරන කෙනෙක් ලෙස. හිතන්න ඔයාට තියෙන්නේ බොහොම මැදිහත් සාමකාමී private life එකක්. ඒත් එයා සමාන්‍ය නිතරම ප්‍රශ්න වලට මැදිවෙන, ගැටෙන ගෙදර ප්‍රශ්න පිටටත් පිට ප්‍රශ්න ගෙදරටත් හුවමාරු කර ගන්නා කෙනෙක් නම්.. ඔයා මේ ගැන කලින් කතා කරල තිබ්බත් අත් විදින්න නැතුව ඇති..

    හිතල බලන්න. මේ වගේම තවත් කොච්චර අපිට නොහිතෙන ඒත් ඉතා ප්‍රායෝගික පැතිකඩ තිබෙනවාද? මේ සරල ප්‍රායෝගික ජීවිතය තනි තනියම අපි ජීවත් උනත් වින්දත් පෙම්වතුන් කාලයේ, කොච්චර දෙන්නෙක් විදියට ඒවට හොදින් මූන දුන්නත්, දෙන්නා එක්කෙනක් විදියට කොච්චර සාර්ථකතද? දරාගන්න පුලුවන් ද කියන එක අපිට විවාහය වෙලා කාලයක් යනකල්ම තේරුම් ගන්න අවස්ථාවක් නොලැබෙන දෙයක්.

    මේ දේට සාර්ථකම විදියක් විදියට living together වගේ සංකල්පයක් සාමාන්‍යකරනය කරන එක කොච්චර පිලිගත හැකිද කියල හිතල බලන්න.

    විවාහය නිතරම තෝරා ගැනීමක්. විවාහයක, ගෙදරක අපි බොහොම නිදහසේ, සතුටින්, සැහැල්ලුවෙන් සිටිය යුතුයි. ආදරය බිද වැටීම හා විවාහය බිද වැටීම අතර ලොකු වෙනසක් ඇත. රත්තරන් වහලයක් සහිත හිර ගෙයක් උනත් ඒක හිරගෙයක්ම පමනි!

    ලංකාවට මේක කොච්චර උනත්, අයාලේ යන්න අවස්ථාවක්.. වැරදි කරන උන්ට හොදයි වගේ මානසිකත්වයක් තිබ්බත්,, සමාජය..සමාජ රටා..මානව පරම්පරා වෙනස් වෙනකොට සංස්කෘති, අවශ්‍යතා හා උවමනා, නීතී රෙගුලාසි හැමදේම ද කාලයට අනුරූපව පීඩනය අවම කරන්න වෙනස් විය යුතුයි.

    ලිංගිකත්වයට එකම මග විදියට විවාහය තෝරගන්න ලංකාවේ සමහර ආකල්ප නිසා පසුවට ලැබෙන විපත් ගොඩකට එක විසදුමක් විදියට living together වගේ සංකල්ප සාමාන්‍යකරනය වැදගත් වන බව මගේ අදහසකි. Living together යනු රිසිසේ අයාලේ ලිංගිකව එකතු වීමක් නම් නොවේ! ඒ වගේම ඉදිරි අනාගතයත්, අද අපිත්, මූන දෙන්නේ අපේ වැඩිහිටි පරම්පරා කිසිදිනෙක මුහුන දුන් ජීවිත වලට නොවේ.

    හිතල බලන්න


    (උපුටාගැනීමකි)

  • මොනවද මේ සෙක්ස් ටැබ්ලට්?

    මොනවද මේ සෙක්ස් ටැබ්ලට්?

    සෙක්ස් කරන්න මිනිස්සු පාවිච්චි කරන විවිධ බෙහෙත් වර්ග ටිකක් ගැනයි අද උඹලට කියල දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් සිරාවටම මේවා ඕන වෙන එවුන් ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම.

    කොච්චර පොර ටෝක් දුන්නත් සමහර උන් සෙක්ස් කරන්න ගියාම ඒකි ඉස්සරහ මල්ලි ඔලුව උස්සයිද , ලැජ්ජාව බය වගේ දේවල් එක්ක එයා සතුටු වෙයිද, යකඩයක් වගේ උන්නැත්තන් එයා හිනා වෙයිද, ඒකිගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, ඒකි එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, (සංසාරේ) ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න.

    ඉතින් සමහරු වැඩේ කරන්න කලින් හොරෙන්ම මෙයින් එකක් ගසනවා. ඒ ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැති නිසා, හනුමා දර පලනවා වගේ වැඩේ කරගෙන යන්න තියෙන්නෙ එක දිගට.

    “හපෝ අපිටනම් මේවා ඕන්නෑ” කියලා කමෙන්ට් දන්නෙපා. මෙවා ඕන වෙන එකෙක් ඉන්නවනම්, නොදන්න එකෙක් ඉන්නවනම් දැනගන්න ලිව්වේ ඈ.

    (කෙල්ලන්ට වැදගත් වෙන ටැබ්ලට්ස් ගැන ඊලග පෝස්ටෙකේ දාන්නම් ඈ..)

    1. #Silagra 50mg / 100mg (මිල රු 30.00 / 50.00)

    මේක තමයි ලංකාවෙ ඔය සම්බන්දව වැඩිපුරම බොන පෙත්ත, ගොඩක් කොල්ලො ෆාමසියකට ගිහින් “මල්ලි 50හෙ පෙත්තක්, “පිරිමි පෙත්තක්.” කියලා කන ලගට කරලා හොරෙන් ඉල්ලන් එන පෙත්ත මේක තමයි,

    මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා. මේ පෙත්තෙ තියෙන්නෙ sildenafil කියන රසායනිකය. මේ සිලාග්‍රා පෙත්ත ලංකාවෙ ටිකක් ප්‍රසිද්දයි අනිත් ඒවට වැඩිය. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ප්‍රාණවත් වීම ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට , සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා.

    මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්.

    Side Effects – හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්,

    මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති බාගයක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. පුරුදුකාරයෙක් නම් පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මිලි 100 පෙත්ත.

    ඒ වගේම මේක බීලා කෑම කෑවොත් බෙහෙත හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති බාගයක් ගහන්න. මේකත් එක්කම විටමින් ඊ කරලක් බිව්වොත් ඔලුව දෙදරණ වගේ එක අඩුවෙයි.

    ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි.

    2. #Viagra (පෙත්තක මිල 600.00 – 2,800 දක්වා)

    නම ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ. ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් ඉතා ලොවපුරා ප්‍රසිද්දයි, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් ඒවට වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන්. ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ,

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු. ජෝන් ඇමතිතුමාලාවගේ පොරවල් ගහන්නෙ මේක තමා..

    3. #Enogra 50/100 mg (පෙත්තක මිල රු.30/50)

    කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, ඒත් මේකෙ පෙත්ත කටේ දියවෙනවා. ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉකමනට වැඩ කරනවා. කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එක. එතකොට විනාඩි 5 න් වැඩ කරනවා සාමන්‍යයන් විනාඩි 30 ක් යන එක. (හදිසිකාරයො)

    4. #Cupid 100mg (මිල රු 135/ 185)

    ලංකාවෙ කොල්ලො පාවිච්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක්.. මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ.

    5. #Silden 50 (මිල රු.125.00)

    මුස්ලිම් අය අතරේ ටිකක් ජනප්‍රියයි. හැම ෆාමසියෙම නෑ. අනික් ඒවා වගේමයි වෙනසක් නෑ. ගාන වැඩි ඇයිද කියලා නම් දන්නෑ.. සයිඩ් ඉෆෙක්ට්ස් පෙර සේමයි.

    6. #Megafil 10mg / 20 mg (පෙත්තක මිල රු.150/160)

    මේකත් පාවිච්චි කරන්නෙ අර වැඩේටම උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,

    ආයෙ maxdura / Tribull / vigomax වගේ මල්ටි විටමිනුත් තියෙනවා කොහොම උනත් අවසානෙට කියන්න තියෙන්නෙ මේවා බොනවනම්.. බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ගැන කතා මම අහලා තියෙනවා.අතුරු ප්‍රතිපල වගෙම දීර්ගකාලින ප්‍රතිපලත් තියෙනවා. ටැබා නැතුවම බැරි වෙනව වගේ වෙන්නත් පුලුවන්.

    මම කලේ දැනුවත් කිරිමක් විතරයි.
    කියෙව්වට තෑන්ක්ස්.


    මිගාර දෙව්වන්ගේ ලියමනක් උපුටාදැක්වීමකි.

  • ෆැන්ටසියට බයවෙන්න එපා!

    ෆැන්ටසියට බයවෙන්න එපා!

    Sexual fantasies කියන්නේ සැබෑ කරගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි කියන එකත් සැබෑ කරගන්න දේකට තව දුරටත් fantasy එකක් කියලා හදුන්වන්න බැරි බවත් තමයි sex fantasy එක ඇතුලේ මම දකින සුන්දරතම ලක්ෂණය.

    ගොඩක් වෙලාවට, බහුතරයක් ලංකාවෙ ජීවත් වෙන කාන්තාවන් තමන්ගේ පෙම්වතා ගෙන් හෝ ස්වාමියා ගෙන් පිට වෙන දෙයක් ගැන Fantasy එකක් තියෙන එක වැරද්දක් විදිහට සලකනවා, යම්කිසි වරදකාරි හැගීමක් විදිහට ඒක බාරගන්නවා.
    ඒක හරිම බොලද, අනුවණ සිතිවිල්ලක්.

    Fantasies තිබීම තුලින් සිද්ධ වෙන්නේ ලිංගික ජීවිතය තව තවත් ආස්වාදජනක වෙන එක ඇරෙන්න ඒ තුලින් නරකක් වෙයි කියලා හිතන්න හරිම අමාරුයි.

    අනිත් වැදගත්ම කාරණය තමයි, තමන් හිතන විදිහ හෝ තමන්ගේ personal thinking space කියන එකට කවුරුවත්ම නිසා බාධා ඇති කර ගන්න හොද නැති බව තේරුම් ගැනීම.

    Sexual fantasies ගැන ‘Journal of sexual medicine’ විසින් නිකුත් කරපු සමීක්ෂණයක පැහැදිලිව කියනවා ගොඩක් කාන්තාවන්ට තියෙන fantasies සැබෑ ජීවිතයේදි අත් හදා බලන්න බහුතරයක් වෙලාවට ඒ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැති බව.

    එහි දත්ත අනුව ගොඩක් කාන්තාවන් ඉමහත් ලෙස submissive, එහෙමත් නැත්තන් ලිංගික ඇසුරකදි පිරිමියාට යටත් වෙන්න කැමැත්තක් දක්වන බව සදහන් කෙරෙනවා.

    තවත් එකක් තමයි සාමාන්‍යයෙන් sex නොකරන තැනක sex කරන එක, පොදු තැනක් වෙන්න පුලුවන්, එළිමහන් තැනක වෙන්න පුලුවන්, පූජනීය තැනක් වෙන්නත් පුලුවන්.

    ඒ සමීක්ෂණයේ මගේ හිත් ගත්ත ආකර්ශනීයම කාරණය තමයි, Sexual fantasy එකක් විදිහට submissive වෙන්න කැමති කාන්තාවන්ගේ ලිංගික ජීවිතය එහෙම නොවන කාන්තාවන්ගේ ලිංගික ජීවිතයට වඩා ඉතා තෘප්තිමත් බව. ඒකෙන් කියවෙන්නේ fantasies තමන්ගේ ලිංගික ජීවිතයට දෙන ධනාත්මක බලපෑම.

    තව එහි සදහන් කෙරෙනවා submissive වෙන එක වගේම, පිරිමියා විසින් තමන්ව masturbate කරන එක, පිරිමියාව masturbate කරන එක, ඔහුව oral sex මගින් සතුටු කරවන එක, තුන් දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් එක්ක sex කරන එක වගේ දේවල්.

    බහුලවම කැමති fantasies වලට අමතරව තවත් කිහිපයක් එහි සදහන් කරනවා.

    කාන්තාවක් තවත් කාන්තාවන් දෙන්නෙක් සමග sex කරන එක, වෙනත් කාන්තාවන් දෙන්නෙක් sex කරන එක නරඹන එක, නන්නාඳුනන දෙන්නෙක් sex කරනවා නරඹන එක, නන්නාදුනන කෙනෙක් එක්ක sex කරන එක, විරුද්ධ ලිංගික ඇදුම් අදින එක, එකිනෙකාගේ ශරීර මත මුත්‍රා කරගන්න එක, සතෙක් සමග ලිංගිකව හැසිරීම වගේ ආසාවන්.

    මේ මොනයම් ආකාරයේ fantasies මනුස්සයෙක්ට තිබුනත්, වෙන කෙනෙක්ට හිරිහැරයක් නොවන තාක් ඒ හැම fantasy එකක්ම වලංගුයි සහ අහිංසකයි කියන නිගමනයට අපි හැමෝටම එන්න පුලුවන් වෙන්න ඕනේ.

    Fantasies තුලින් කියවෙන්නේ තමන්ගේ ලිංගික ජීවිතයේ නිර්මාණශීලීත්වයයි.. එය සුබවාදී නොවන්න හේතුවක් නැත්තේ ඒ නිසයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • අප්පච්චි මළා

    අප්පච්චි මළා

    ලංකාවට මහින්ද වගේ පිරිමියෙක් හරි සිරිමාවෝ වගේ ගැහැණියක් හරි ඕන වගේ අදහසක් නිර්මාල් පෝස්ට් කරලා තිබුන. ඒ සඳහා කිසි කෙනෙක් නෑ කියල එයා සලකුණු කරලා තිබුන.

    ලංකාවෙ ඊළඟ නායකත්වය ගන්නෙ බොහෝවිට ගැහැණියක් නැත්නම් සමරිසි පිරිමියෙක් කියලයි මගේ අනාවැකිය. ඒ දක්වා විෂම ලිංගික පිරිමි නායකත්වයන් ජෝක් වෙලා ඉවර වෙනවා. සිරිසේනට හිනාවෙලා ආතල් ගනිද්දි ලංකාවෙ මීට පස්සෙ සිරිිසේනට වඩා ඉහල ජනාධිපති කෙනෙක් බිහිවෙන්නෙ නෑ කියල මං කාලෙකට කලින් කිව්වා. ඒ කියන්නෙ මං අනාවැකි කියන්න දන්නවා කියන එක නෙමෙයි. ඒක මං සළකුනු කරන්නෙ සමාජ ලිංගිකත්වය පිළිබඳ සංස්කෘතික තත්වවලට සාපේක්ෂව.

    මහින්ද කියන්නෙ ලංකාවෙ විෂම ලිංගික පිරිමියාගේ සංකල්පයේ සුරතාන්තය. ඒ තමයි අප්පච්චි. අප්පච්චිගෙ විදිහ තමයි පාලනය කියන එක. ආධිපත්‍යය. බලය. ඒකත් එක්කම මහින්ද යක්ෂයාගේ පැතිකඩත් අපිට පෙන්නුවා. ඒ තරම් පරිපූර්ණ තාත්තෙක් ජාතියකට හම්බුවෙන්නෙ නෑ.

    ඒ අප්පච්චිගෙ බලයේ යුගය අවසානයි. සියලු තාක්ෂණයන්, සියලු නිෂ්පාදන සම්බන්ධතා විෂම ලිංගික මානයෙන් මෙට්‍රො තැනකට මාරුවෙනවා. සියලු දැනුම් පද්ධතීන් මාරු වෙනවා. නෙට්ෆ්ලික්ස් එකේ පවා සියලු වීරයො ගැහැණු වෙනවා. ලෝකය විෂම ලිංගික පිරිමියාව අත්හැර දමමින් ඉන්නවා. එකම සම්බන්ධතා ස්වරූපය පිරිමියා සහ ගැහැණිය නෙමෙයි කියන බාරගැනීමත් එක්ක ලෝකය විස්තාරණය වෙන ප්‍රමාණයට අප්පච්චිලා බ්ලැක්හෝල්වලට අහුවුනා වගේ වෙනවා.

    සිරිමාවො ගැහැණියක් වුනත් එයා ගැහැණු ශරීරයක හිටපු පිරිමියෙක් කියලයි මං හිතන්නෙ. එයා ගැහැණු ආකෘතියක් ගෙනාවෙ නෑ. පිරිමි ආකෘතිය පිරිමියෙකුට වඩා හොඳට කරගෙන ගියා විතරයි. මෙතනදි අඳුරගන්න ඕන ජීව විද්‍යාත්මක ශරීරය නෙමෙයි පිරිමි ගැහැණු බව තීරණය කරන්නෙ. අපි ජීවත්වෙන සංස්කෘතිය.

    බලය විෂම ලිංගික පිරිමියාගෙන් විතැන් කරන එක ලෝක මතවාදී ව්‍යාපෘතියක්. මං කියන්නෙ මේක කවුරු හරි සැලසුම් කරලා සල්ලි දාලා කරනවා වගේ කතාවක් නෙමෙයි. විෂම ලිංගික ලෝකය එහි අවසානය කරා ගමන් කරමින් තියෙනවා. තව ගොඩක් සම්බන්ධතා ස්වරූපවල කතන්දර කියවාගත නොහැකිව හිරවෙලා තියෙනවා. ඒ සංස්කෘතික නිෂ්පාදන කලාප ඉතිහාසයක් පුරා ඇහිරිලා තියෙනවා. මහා පුරුෂ ලිංගයේ බලය අඩපණ වෙනවා.

    ලංකාවෙ දේශපාලනයේ අසමත් වීම හුදකලා අහම්බයක් නෙමෙයි. මහා පිරිමියාගේ අවසානය දිහා අපි බලාගෙන ඉන්නවා. ඊට වඩා පිරිමියෙක් නැවත බිහිවෙන්නෙ නෑ. නැවත අමාරුවෙන් ප්‍රාණවත් කරන කුඩා පුරුෂ ලිංගයන් විහිලු බවට පත්වෙමින් කඩන් වැටෙනවා. බලය, පාලනය, අනුහස, කේන්ද්‍රගතබව තවදුරටත් ප්‍රජාපාලනයෙදි වැඩ කරන්නෙ නෑ. ඒ වෙනුවට වඩා විමධ්‍යගත, ඇහුම්කන්දෙනසුලු, බාරගන්නාසුලු නායකත්වයක් ඕන කරනවා. අපි හතරගාතෙන් ලෝකෙ ඉස්සරහ වැටිලා ඉන්නකොට ගෝරිල්ලො වගේ පිරිමින්ට කරන්න පුළුවන් බිබික්කමක් නෑ.

    මේ ලිංගික දේශපාලන ආකෘතික වෙනස ඉස්සරහයි ලංකාව ඉන්නෙ. මීට කලින් අපිට සමරිසි නායකයන් ඉඳලා තියෙනවා. මංගල ඇරුනම ඒ හැම කෙනෙක්ම වගේ තමන් සමරිසිබව හංගන්නයි දේශපාලනයෙදි වෑයම් කළේ. ඒත් අපිට ඒ ‍අනාගත මෙට්‍රො ලෝකය දරාගන්න පුළුවන්, ඒ සංස්කෘතික භාෂාව වැටහෙන නායකයෙක් අවශ්‍ය වෙනවා. ඒක අනිවාර්යෙන්ම ගැහැණු හෝ සමරිසි පිරිමි තැනකින් විතරයි පිරවෙන්නෙ.

    තාම ජාතිවාදී ආගම්වාදී පුරුෂවාදී ග්‍රාමීය සුලුතරයක් ගැන ලොකුවට මවාගත්ත අදහසක් ඇතුවයි තාමත් ගොඩක් අය ලංකාව දිහා බලන්නෙ. ඒ බලය තමයි අප්පච්චිගෙ බලය. ඒක ජෝක් වෙලා අවසන් වෙනකල් ඉවසන්න සිද්ද වෙනවා. ඊට පස්සෙ තමයි අලුත් ලංකාව පටන් ගන්නෙ. ඒකෙ දේශපාලන සංස්කෘතිය වෙනස් එකක්.

    රාජපක්ෂ කියන්නෙ ලංකාවෙ ඇල්ෆාමේල් විෂමලිංගික පිරිමි සංස්කෘතියෙ අවසානය සලකුණු කරන රූපකය.

    කාලෙකට කලින් විජිත් විජිතමුනි මේ කතාව ඓතිහාසික විදිහට කිව්වා.

    අප්පච්චි මළා. දැන් මිනිය කරගහන් ගිහින් වැඩක් නෑ.

    අපි එදා ඉඳන් තාමත් ට්‍රයි කරන්නෙ ඒ මිනිය කරේ තියාගෙන යන්න. මං හිතන්නෙ දැන් අපි කනත්ත ළඟටම ඇවිත්.


    චින්තන ධර්මදාස

  • සිංහල සිනමාවෙ සෙක්ස්

    සිංහල සිනමාවෙ සෙක්ස්

    ලංකාවෙ ෆිල්ම්වල කිස් කරන හැටි ගැන ඉන්ටරෙස්ටින් පෝස්ට් දෙකක් ෆේස්බුක් එකේ තිබුන. එකක් ගුනසිරි සිල්වාගෙ. අනික කපිල ගල්පිහිල්ලගෙ. ගුනසිරි කිස් එකට වුන දේ ගැන කියද්දි කපිල සෙක්ස්වලට වුන දේ කියනවා.

    හාද්දට බයේ මුහුණ – නහය – කට ඇතුල්ලූ කාලේ – ගුණසිරි සිල්වා

    සිංහල සිනමාවට හාද්ද – ලිංගිකත්වය තහනම් දෙයක්ව තිබුණු කාලේ ‘සිංහල සිනමාවට හාද්ද ඕනෑද? එපාද?’

    ‘නිරුවතක ඕනෑද’එපාද?’ ආදී වශයෙන් එදා සිනමා පත්‍ර පිටු පුරා සංවාද වලට ජනප්‍රිය මාතෘකා වූයේය.

    ඒ කාලේ හින්දි සිනමාවටද හාද්ද තහනම්ව පැවැති නිසා මල් ගස් වටේ දුව දුවා සිංදු කියු පෙම්වතුන් සිප ගන්නා අකාරය ‘සංකේතාත්මකව’ තිරයේ පෙන් වූයේ, මලක රොන් ගන්නා බඹරෙකි! නැතිනම් මලක් මත වසා සිටින සමනලයෙකි!

    ඒ බඹරාත් සමනලයාත් පසුව අපේ සිනමාවටද බෝ විය.

    එසේ හාද්දට බය වුණු කාලේ සිංහල සිනමාපටයක පළමුවෙන්ම දෙතොල් සිප ගැනීමක් රූ ගත කළේ සුගතපාල සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ චිත්‍රපටය තුළින් බව කීවද එය සෘජුව ප්‍රදර්ශනය කෙරුණේ නැත. ඒ තරමටම අපේ ‘සුචරිතවාදීන්’ හාද්දට බය වූ නිසා සුගතපාල සෙනරත් යාපාටද එය සෘජුව පෙන්වීමට, කපන මණඩලයෙන් අවසර නොලැබෙන්නට ඇත. ඒ නිසා එම දෙතොල් සිප ගැනීම පෙන්වූයේ චලනය වන සෙවනැලි දෙකක බොඳවූ රූප රාමු කිහිපයකිනි. එසේ වුවද ඒ ගැන එකල සිනමා පත්තරයකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සුගතපාල සෙනරත් යාපා කීවේ තම චිත්‍රපටය රූපගත කිරීමෙදී එහි අවසාන දර්ශනය වෙනුවෙන් විජයත් ස්වර්ණාත් සිත් සේ දෙතොල් සිප ගත් බවකි.

    ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙන් අනතුරුව සෘජුව දෙතොල් සිප ගැනීමක් ඉදිරිපත් කළේ මණික්සන්ද්‍ර සාගර ය. ඒ, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කළු දිය දහර’ චිත්‍රපටයේ ඉන්දිරා ජොන්කොලොස් සහ රවීන්ද්‍ර රන්දෙණිය ගේ දෙතොල් සිප ගැනීමය.

    1970 දී ‘හන්තානේ කතාව’ මගින් හාදු තහනම කඩන්නට සුගතපාල ට කොන්දක් තිබුණද, ඉන් වසර කිහිපයකට පසු නිපදවූ ‘සමනල සිහින’ චිත්‍රපටයේ මෙබඳු සෘංගාරාත්මක පෙම් රැගුමකදීවත් දෙතොල් සිප ගන්නට ඉඩක් නැතිව විජයටත් ස්වර්ණාටත් මෙසේ නහය – මුහුණ – දෙතොල අතුල්ල අතුල්ලා ඉන්නට සිදුවූ සැටියි මේ!.

    සිංහල සිනමාවේ ලිංගික කර්තව්‍යය සැකෙවින් – කපිල ගල්පිහිල්ල

    1. ගැහැණියගේ ලිංගික එකතුවීමට ඇති අකමැත්ත. මෙය නානාප්‍රකාරයෙන් ඇය ඉදිරිපත් කරයි, කාන්තාවන් විසින් සෑම අවස්ථාවකදීම ලිංගික එකතුවීමක් ප්‍රතික්ෂේප කල යුතුය වැනි අදහසක් මින් හුවා දැක්වීමට උත්සාහා කරයි.සැමියා තම බිරිඳ සමග එක්වීමට උත්සාහා කලත් සිංහල සිනමාවේදී තත්ත්වය එසේමයි.

    2. ලිංගික කර්තව්‍යය. මුහුණ සිප ගැනීමේදී එයට ඉඩ නොදී විරැද්ධ අතට මුහුණ හරවයි. තොල් සිප ගැනීමකදී දත කට පූට්ටු වූ ආකාරයෙන් දෙතොල් තද කරගෙන එකිනෙකට හේත්තු කරයි. කාන්තාවගේ දණහිසේ සිට අඩියක් පමණ උඩටකලවා දිගේ අත ගෙනියයි. පියයුරු වල සිට නාබිය දක්වා සිපගන්නා බව පෙන්වීමට කට අතුල්ලගෙන යයි. ඉඳහිටක පියයුරැ මතුපිටින් බෝම්බයක් උඩින් අත තියන ආකාරයේ බියකින් අත තියයි කිසිම අවස්ථාවක ගැහැණිය පිරිමියාව සිප ගැනීමක් හෝ අඩුම තරමින් ඇඟට අතක්වත් නොතැබීමට වග බලාගයි.. ගැහැණිය බෙඩ් ෂීට් එක මිරිකාගෙන සිටිය යුතුය. ගැහැණිය කෙඳිරි ගාන අතරතුර පිරිමියා තදින් හුස්ම ගයි. ඇත්තේ එකම ලිංගික ඉරියව්වකි.

    3. ලිංගික කර්තව්‍යයෙන් පසු සීන් එක. ගැහැණිය ඇඬිය යුතුය. පිරිමියා ඇඳේ දිගාවී සිගරට් එකක් ගැසිය යුතුය.

  • හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    හුස්ම හිරවෙන ප්‍රේමය – Exit Bag

    Exit Bag ෆිල්ම් එක ගැන පෝස්ටර් එක දැක්කට ඒක බලන එක පස්සට දදා හිටියෙ ජෝ දිසානායකගෙ කලින් වැඩේ moment මගේ බලාපොරොත්තු කඩකරපු හින්ද. හුදු රූපමය සෞන්දර්යයකට සහ තාක්ෂණික හැකියාවකින් ඔබ්බට කතාවක් හරියට කියාගන්න බැරි ගතියක් ඒකෙ තිබුන. ජීවිතේ අල්ලන නාඩියෙ දුරස් බවකුත් දැනුනා. ඒ හින්දා දෙවෙනි එක බලන්න ඒ තරං උනන්දුවක් ඇතිවුනේ නෑ.

    ඒත් ෂා , සමනලී මට මේ ෆිල්ම් එකේ ලින්ක් එක එව්වා.
    ‘මේක බලලා කතා කරන්න දෙයක් තියෙනවා කියල හිතනවා නම් විතරක් ලියන්න..’ එයා මට කිව්වා.

    මං ‘හා’ කිව්වා.

    Exit Bag මාව පුදුමයට පත් කළා. ඒ වගේ ෆිල්ම් එකක් ලංකාවේ නිර්මාණය වීම ගැන පවා මං ආඩම්බර වෙනවා. ඒක පරිපූර්ණ විශිෂ්ට නිර්මාණයක්.

    ෆිල්ම් එක තියෙන්නෙ රිවෙන්ජ් නැත්නම් පලිගැනීමක් ගැන.

    මෙතනින් එහා ටික කියෙව්වොත් ෆිල්ම් එක බලන ආතල් එක නැති වෙනවා. ඒ හින්දා ඒක බලලා තියෙන අය විතරක් මෙතනින් පහලට කියවන්න.

    ඒක අනිවාර්යයෙන්ම දෙපාරක් බලන්න ඕන ෆිල්ම් එකක්. පලවෙනි පාර කතාවෙ කෙලවරදි තේරුම් ගන්න දේවල් එක්ක ආපහු කතාවෙ මුල ඉඳන් ඩීටේල් කියවන්න ඕන. එතකොටයි ඒක පූර්ණව විඳින්න හම්බුවෙන්නෙ.

    මට Exit Bag කියන්නෙ රිවෙන්ජ් පෝර්න් එකක්.

    තමන්ගේ බිරිඳ තමන්ගේ නිවසේම වෙන කවුරුන් හෝ සමග රමණය කළ වීඩියෝවක් සැමියා අතේ තියෙනවා. ඒ සිදුවීම ගැන දරුණු වේදනාවකින් සහ පලිගැනීමේ ආස්වාදයකින් සැමියා පෙළෙනවා. තමන් දැඩිව ආදරය කළ ගැහැණිය සහ තමන්ව අමු අමුවේ පාවාදුන් ගැහැණිය (සම්මත මිම්ම අනුව) එකම ශරීරයක පිහිටීමේ දරාගත නොහැකි ට්‍රෝමැටික අත්දැකීමක ඔහු ආතුරව ඉන්නවා.

    මේ අතර ගැහැණියගේ සංකීර්ණ මනෝභාවයන් අතර චාරිකාවක අපිව අරන් යනවා. මේ සැමියා කතා කරන වල් ගැහැණිය අපිට චිත්‍රපටියෙ මුනගැහෙන්නෙ නෑ. අපි දකින්නෙ තමන් කළ වරද ගැනත් (ඒ ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ උමතු පිරිමියා කියන සෙක්ස් කතාව විතරයි), තමන් දැන් විඳින ජීවිතය ගැනත්, ඒ වගේම දැන් නරුමයෙක් බවට පත්ව සිටින පෙරදී තමන් බෙහෙවින් ආදරය කළ පෙම්වතා ගැනත් දුක්වෙන හැඟුම්බර ගැහැණියක්.

    කතාව පටන් ගන්නෙම ඇගේ ජීවිතය කොයිවගේද කියන එක අපිට සජීවීව විඳින්න පුළුවන් තරමෙ රූප රාමුවකින්. ඇගේ මුහුනට පොලිතින් බෑග් එකක් දාලා හුස්ම හිරකිරීමකින්. එතකොට අපි දකිනවා පූස් පැටියෙක් වගේ ගුලිවෙලා නිදන සැමියෙක්.

    කතාව එලිදරව් වෙන්නෙ ටිකෙන් ටික. අපි දකින ලෝකය වෙනස් වෙන්නෙ අපිට නොදැනීම. අන්තිමට බලද්දි අපි මේ බලන් ඉන්නෙ වධකාගාරයක් දිහා. ගැහැණියක් තමන්ගේ කැමැත්තෙන් කළ රමණයක වරදට පිරිමියෙක් විසින් ඇයව ජීවිතාන්තය දක්වා වධයට නියම කරලා තියෙනවා.

    ඒත් ෆිල්ම් එක යන්නෙ තියරි උඩ නෙමෙයි. ඒ වෙනුවට නිශ්චිත නැති, වරින්වර මාරුවෙන, හැඟීම් කුනාටු අතර ඉන්න මිනිස්සු දෙන්නෙක් අතර.

    සමනලීගේ සහ රන්දිකගෙ රංගනය අතිවිශිෂ්ටයි. ඒ සංකීර්ණ සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම් මයිල් කෙලින් කරනසුලුයි. ඒ චරිතවලට කළ හැකි උපරිම සාධාරණයක් මේ නළුනිළි දෙපල විසින් කරනවා. ඕන නම් ලේයර්වලට ගලවමින් කතා කරන්න පුළුවන් තරමෙ බඩු ඒ චරිත තුල පේනවා.

    අනික කැමරාව. රූප රාමු අනායාසයෙන්ම භාවය විසින් ඉල්ලන තැන පිහිටනවා. බොරු ආයිත්තම් නෑ. වර්ණ හැඩතල, රාමුවේ ප්‍රමාණය, චලනය හැමදෙයක්ම කතාවේ කොටසක්.

    ෆිල්ම් එකේ සංගීතය පාවිච්චි වෙන්නෙ අවසාන දර්ශනයෙදි විතරයි . එතකල් අපි ඉන්නෙ හිස්කම සහ සද්ද බද්ද එක්ක. සංගීතය නිකංම රසකාරකයක් විදිහට පාවිච්චි වෙනවා වෙනුවට තවත් යටිපෙල වියමනක් හැටියට මෙහෙයවෙනවා. ඒකෙන් ෆිල්ම් එක විශාල වෙනවා.

    බිරිඳ ෆිල්ම් එකේ අන්තිමට විතරක් හිනාවෙනවා. එතෙක් ඇය සිරකොට ගසා ඇති බඳු කම්බි දැල ඈ වීණාවක් වගේ වයනවා.

    මේ ලිංගික ඊර්ෂ්‍යාව ගැන කතාව මාව කම්පනය කරපු ලංකාවේ රිවෙන්ජ් පෝර්න් එකක් එක්ක මාව ගැටගහනවා. ඒ පසුබිම් කතාවත් මේකමයි. පෙම්වතා විසින්ම ලීක් කරන්න ඇතැයි හිතන්න පුළුවන් ඒ පෝර්න් එක මාව තිගැස්මකට ලක් කළා. ඒ කවුරු හෝ හරි හෝ වැරදි කියන අදහසින් නෙමෙයි . ඒ පෝර්න් එක ඇතුලෙ මං දැකපු මිනිස් හැගීම් පොදිය හින්ද. ඒ චරිතවලට වෙන හානිය නොවේනම් ඒ ක්ලිප් එක ඉදිරියෙන් සහ පසුපසින් ටයිට්ල් කීපයක් දැමීමෙන් විශිෂ්ට කෙටි චිත්‍රපටයක් කරන්න තිබුන. ඒ තරම් සංකිර්ණ මිනිස් භාවයන් අපිට ලියලා රූගත කරලා අල්ලන්න බෑ කියලයි මට හිතුනෙ. Exit Bag ඒ අත්දැකීම ඊට වඩා ගැඹුරු සෞන්දර්යාත්මක අත්දැකීමකට ගෙනියනවා කියලයි මට දැනුනෙ.

    ප.ලි – සැමියා විසින් බිරිඳට පහරදෙන සීන් එක ගැන යමක් නොලියා අවසන් කිරීම අසාධාරණයක්. ඒක ලංකාවේ මං චිත්‍රපටයක මෙතෙක් දැකපු දරුණුම ප්‍රචණ්ඩ දර්ශනය වග කියන්න ඕන. ඒක බලන්න අමාරු තරම් රිදෙන්න කරලා තියෙනවා.


    චින්තන ධර්මදාස