Category: Features

  • හැට වසරක ප්ලේබෝයි උපදේශන සේවයෙ අපූරු මතක සටහන්

    හැට වසරක ප්ලේබෝයි උපදේශන සේවයෙ අපූරු මතක සටහන්

    මේ ඉතා කෙටි ලිපිය නම් ලියැවෙන්නේ ස්වීඩනයේ ප්ලේබෝයි සඟරාවේ මේ වසරේ 2021 නොවැම්බර් කලාපයේ පළ වූ ලිපියක් ඇසුරෙන්. ලිපිය ටිකක් දිගට තිබුනත් අප සිත්ගත් එක පාඨක ප්‍රශ්නයක අනුවර්තනයක් පමණක් මෙහි ඇත.

    මේ අකෘතියේ ප්‍රශ්න සහ පිළිතුරු ලංකාවේ අපට ද අරුමයක් නොවේ.
    අසූ ගණන්වල සිරිකත තරුණයා වැනි පුවත්පත්වල ද මෙවැනි විශේෂාංග ජනප්‍රියව පැවතුණි.

    මේ ඇත්තේ ද එවැනිම අසූ ගණන්වලත් ප්‍රචලිතව තිබූ ප්‍රසිද්ධ සඟරාවල පවත්වා ගෙන ආ පාඨක ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම හරහා සිදුකළ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි කිරීම් සහ දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් යැයි සිතිය හැකි විශේෂාංගයකි‍න් උපුටා ගත්තකි. මේ අයුරු වූ විශේෂාංග ඔස්සේ ඇමතු විශය පථය වන යම් ආකාරයේ සැඟව පැවති ලිංගිකත්වය පිළිබඳ රසාලිප්ත ගැටළු පුවත්පත හෝ සඟරාව වඩාත් තරුණ අය අතර ජනප්‍රිය කරවීමට යෙදු උපක්‍රමයකි. කාලයාගේ ඇවෑමෙන් මේවා සංස්කරණය හා නිර්මාණය කිරීමෙහිලා යෙදුනු අය එළිදරව් කර ඇත්තේ මේසයක් වටා වාඩි වී සේරම ප්‍රශ්නත් පිළිතුරුත් පිළිසඳරේ යෙදෙමින් ලියා පළ කළ බවකි. එනම් කිසිදු පාඨකයෙකු සිය අවංක ප්‍රශ්නයක් ලියා කවදාවත් පුවත්පත වෙතට තැපැල් කොට නැති බවය.

    පසුකාලීනව ගුවන්විදුලිය සහ දුරකතනය එකට මුහුවීමේ තාක්ෂණික කඩඉම පැනීමත් සමගම මෙවැනිම විපර්යාසයක් සිදු විය.

    සමහර රේඩියෝ ද අසන්නන් යැයි දැනෙන සේ මුදල් ගෙවා හොඳින් නිරවුල්ව පොයින්ට් එකට කතා කළ හැකි අය ලව්වා ස්වාභාවික ලෙස තම රේඩියෝවට කතා කරන අය සේ ඇඟවෙන සේ නොයෙකුත් වැඩසටහන් මැද්දේ රැඩිකල් අදහස් දක්වන්නට ඉඩකඩ සැලැස් වූ බව නොරහසකි. පොදුවේ අසන්නන් මේවා දන්නේ නැත‍.

    ලංකාවේ එසේ විය හැකි වුවත් ස්වීඩනයේ එසේ විය නොහැකියැයි අපට සිතිය හැකිය.

    මේවා කවුරුන් හෝ ඇත්තටම පුවත්පතේ සංස්කාරකවරු වෙත එවා අසන්නට ඇතැයි අපි සිතමු. මේ තෝරාගත් ප්‍රශ්න සහ පිළිතුරු ප්ලේබෝයි ස්වීඩන් සගරාවේ සංස්කාරකවරු පවා විමතියටත් විනෝදයටත් පත් කළේ යැයි සඳහන් බැවින් අවධානය යොමු කිරීමට වැදගත් යැයි සිතේ.

    මුල් ලිපියේ අන්තර්ගත ප්‍රශ්න බොහොමයක් ලංකාවේ අපට අදාළත්වය ඉතා අඩු බැවින් ඒවා අතැර දමා මදක් රසවත් කොටසක් පමණක් තෝරා ගන්නට සිතුවෙමු.

    මේ ප්‍රශ්නය දෙදාස්ගණන්වල යොමු වූවකි. සඳ පිළිබඳ ඇති වූ කුතුහලමය ප්‍රහේලිකාවකි. රසවත්ය.

    මේ පිළිතුරු සම්පාදනය කරන උපදේශක තුමා වඩාත් ප්‍රසිද්ධ ඕනෑම ගැටළුවකට සීරියස් පිළිතුරු දෙන්නකු ලෙසය. එමෙන්ම සෑම ගැටළුවකටම ගෞරවාන්විතව සැළකූ අයෙකු ලෙසය. එබැවිනි මේ මතුපිටින් විකාරසහගත බවක් පෙනෙන මේ ගැටළුවටත් අවධානය යොමුවී ඇත්තේ.

    ප්‍රශ්නය

    මගේ බිරිඳ පවසන්නේ පුර පෝය සඳ පෑයු දවස්වල මගේ ප්‍රාණවත් වූ ශිශ්ණය වඩාත් විශාලව පේන බවය. නමුත් ඇය කී දේ මා විශ්වාස කරන්නේ නැති බැවින් ඇය සෑම රාත්‍රියකම මගේ ප්‍රාණවත් වූ ශිශ්ණය පුරා මාස දෙකක් තිස්සේ මැන වාර්තාවක් සකස් කරන්නට ගත්තාය. ඇත්තටම පුර පෝයට කලින් සහ ඒ දිනයේ මෙන්ම පසුදිනත් මගේ ප්‍රාණවත් ශිශ්ණය අඟල් බාගයක් අනෙකුත් දිනවලට වඩා දිගින් වැඩි බැව් නිරීක්ෂණය විය. මේ ගැන ඔබ මීට පෙර අසා ඇත් ද? මේ සංසිද්ධියට ස‌ඳේ ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑමක් තිබේ ද?
    -ආර් ජේ නිව්යෝක්‍

    පිළිතුර

    ඒ්ක නම් හරිම අලුත් දෙයක්. ඔබගේ ලිංගික පෙදෙස ආශ්‍රිත රෝමවලත් ඝණකම වැඩිව දැනෙනව ද ඒ කාලයේ? අපට සැකයක් නෑ ඔබගේ ශිශ්ණය වර්ධනය වන වගට නමුත් ඒ සඳහා බලපාන එකම සඳ නම් ඔබගේ බිරිඳගේ තට්ටම්වල ප්‍රමාණය බව නම් නිසැකය. ඔබ දෙපළම එය සඳ එලියේ දී විශාලව පෙනෙන බවට සිතමින් ඔබ සහ බිරිඳ ඒ මිනුම ගැනීමට පෙළඹෙන ක්‍රියාවලිය තුළ සිදුවන පිබිදීම හෙයිනි ඒ විශාල බව නිරීක්ෂණය වන්නට ඇත්තේ යැයි අපට සිතේ. අන්න ඒ පිබිදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙස අර වැඩි වූ අඟල් බාගය මිනුමට හසු වන්නට ඇතිය කියා අපි සිතමු. නැත්නම් සාමාන්‍ය තත්වයන් යටතේ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. සඳට ඔබගේ සිරුරේ රුධිරය හෝ දියර චලනය කිරීමට හැකියාවක් නොමැති මුත් මහ සයුරේ වඩදිය සහ බාදිය නිර්මාණය කිරීමේ හැකියාවක් නම් ඇත. අනික් අතට ගුරුත්වාකර්ෂණ බලය රඳා පවතින්නේ සඳ සහ පෘථිවිය අතර ඇති දුර ට ඇති සම්බන්ධයකිනි‍ නොඑසේ නම් කාලයේ රටාවකට නොවේ. කොහෙම වුණත් ඔබගේ බිරිඳ දෛනිකව ඔබගේ ශිශ්ණය ප්‍රාණවත් කර පරීක්ෂාවට ලක් කිරීම දිගට ම කරගෙන යාම ඉතා හොඳය.


    අනුවර්තක අඥාතයි

  • වම්බටු ගහල පලා ගත්තද?

    වම්බටු ගහල පලා ගත්තද?

    පාර්ලිමේන්තුවෙදි තිස්ස කුට්ටිආරච්චි වම්බටු ගහලා පලා ගත්තද කියල අහපු කතාව ලොකුවට පත්තුවෙලා ගියා. ඒක කාන්තාවකට කරපු අපහාසයක් විදිහට අරගෙන සියලු පක්ෂවල කාන්තාවො එකතුවෙලා ඒකට විරෝධය පෑවා. කුට්ටිආරච්චිට නැතිවෙන්න ගැහුවා. මේ කාන්තාවන් එක්ව මතවාදීමය භේද පසෙකලා කාන්තා ගරුත්වය වෙනුවෙන් පෙනී සිටීම ගැන වාමාංශිකයො ගොඩක් ආඩම්බර වෙනවා දැක්කා.

    තිස්ස කුට්ටිආරච්චි කියන්නෙ පාදඩයෙක්. ඒක ගැන කතා දෙකක් නෑ. පාර්ලිමේන්තුවක නොසිටිය යුතු කෙනෙක් වගේම එසේ සිටීමෙන් චන්දය පාවිච්චි කරන රටේ ජනතාවගේ තත්වය පැහැදිලි වෙන චරිතයක්. හැබැයි මේ විරෝධය මොකක්ද? මේක ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමක්ද? නැත්තං ස්ත්‍රිය තවත් බොළඳකරණ ව්‍යාපෘතියක්ද?

    පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්නෙ අද ඊයෙ නෙමෙයි. ඔය පාර්ලිමේන්තුව ඇතුලෙදිම වාසුදේව නානායක්කාර රනිල්ට පකයා කියල බනිනවා. එතනදි කවුරුවත් රනිල්ගේ පුරුෂ මොකක් හරි හෑල්ලුවුනා කියල පෙනී හිටියෙ නෑ. මේ හෑල්ලු වීම සිද්ද වෙන්නෙ පිරිමියෙක් ගැහැණියකට යමක් කීමෙන් පමණද?

    කාන්තා අයිතීන් සම්බන්ධ මේ කතිකාවන් ගොඩනැගෙන්නෙ පොලිටිකල් කරෙක්ට්නස් කියන බහුබූතය ඇතුලෙ. කාන්තාවන් දුර්වලයි නැත්නම් ලේසියෙන් කැඩෙන බිඳ‍ෙනසුලුයි කියන පදනමකින්. ඇත්තටම මේ වගේ කාරණයකදි අපි ජෙන්ඩර් ඩිෆරන්ස් කියන තැනට වඩා ජෙන්ඩර් රියලිස්ට් තැනකින් දේවල් දිහා බලන්න ඕන.

    මොකක්ද මේ ජෙන්ඩර් රියලිසම් කියන්නෙ? ඒ කියන්නෙ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර යමක් තීරණය වෙන එකම සාධකය සංස්කෘතික ගොඩනැංවීමක් වුනු සමාජ ස්ත්‍රී-පුරුෂභාවය නෙමෙයි කියන පිලිගැනීම. ඒ සම්බන්ධයෙන් බලපෑ හැකි තවත් බොහෝ කාරණා තියෙන බවට සාවධාන වීම. එතනදි ගැහැණු පිරිමි සියල්ලන් එකසමානව මුහුණ දෙන තත්වයක් ගැහැණුන්ට විශේෂ කොටගැනීම දෝෂයක් වෙනවා. ජෙන්ඩර් රියලිසම් ඇතුලෙ පොලිටිකල් කරෙක්ට්නස් කියන බොරු විරෝධයට වඩා පරිණත කියවීමක් යෝජනා කරනවා. දේවල් දිහා බලද්දි ජෙන්ඩර් කියන පටු රාමුවෙන් එලියට විමසා බැලිය යුතුයි කියන අදහස ගේනවා.

    ජෙන්ඩර් රියලිස්ට් ඇහැකින් බැලුවොත් වම්බටු කතාව කාන්තාවන්ට කළ විශේෂ අපහාසයක් විදිහට ගනිමින් කැරලි ගැසීම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඒක බොරු පිම්බීමක්. කුණුහරුප කීම ස්ත්‍රීන් විෂයෙහි පමණක් සිද්ද වෙන දෙයක් නෙමෙයි. ඒක යම් සමාජ ලිංගිකත්වයක් ඉලක්ක කරගෙන කරපු අපහාසයක් විදිහට අපි ගනිද්දි සාමාන්‍ය ව්‍යවහාරික ලෝකයේ යතාර්ථය බැහැර කරනවා. වම්බටු ගෙඩියක කුණුහරුපයක් දරාගන්න බැරි පිරිසක් බවට කාන්තාවන් පත් කරනවා.

    ඒකට ඒ වෙලාවෙම තවත් කුණුහරුපයකින් හෝ පිළිතුරු දීමයි කළ යුත්තෙ. වම්බටු කතාවක් දරාගන්න පුළුවන් කාන්තාවන් බිහිකරන එකයි අපේ උත්සාහය විය යුත්තෙ. එහෙම නැතුව අරයා මට කුණුහරුපෙන් බැන්නා කියාගෙන අඬන දුර්වල කාන්තා ප්‍රතිරූපයක් නිර්මාණය කරන එක භයානක තත්වයක්. පිරිමියෙකුට දරාගත හැකි කුණුහරුපයක් සමාන අවකාශයකදී විශේෂයෙන්ම දේශපාලනය වගේ තැනකදි, කාන්තාවකටත් දරාගැනීමට හැකියාව තියෙන්න ඕන. නැත්තං ඒක කාන්තාවන් විශේෂ කොට සැලකීමක් වෙනවා.

    මේ වගේ වෙලාවක ඒ වෙනුවෙන් නැගී සිටිනවා කියල කාන්තාවන් පෙරමුණුගත වෙන්නෙ ඇත්තටම ප්‍රතිගාමී තැනකට. ඒ අය සදාචාරය පැත්තෙයි හිටගන්නෙ. ලිංගික කාරණා අසභ්‍යයි කියල කියන පිලිගැනීම මතයි ක්‍රියාත්මක වෙන්නෙ. කැමිල් පැග්ලියා වගේ කාන්තාවාදීන්ගේ අදහස් වැදගත් වෙන්නෙ මෙන්න මේ වගේ තැන්වලදි. කැමිල් පැග්ලියා කියන්නෙ කාන්තාවාදය ලිංගිකත්වය ධනාත්මක බාරගැනීම සහ කතා කිරීමේ නිදහස මූලික කරගැනීම මත පිහිටන්න අවශ්‍යයි කියල. අනූ ගණන්වල තිබුණු ඒ පරිණත කාන්තාවාදය වෙනුවට දැන් ඇත්තටම තියෙන්නෙ සෙක්ස් විරෝධී, අනෙකාගේ ප්‍රකාශනයේ නිදහස නොතකා හරින, සංස්කෘතික කාරණා කෘතිමව නිවැරදි කිරීමට දඟළන පුහු ප්‍රකෝපයක්.

    පාර්ලිමේන්තුවේ කුණුහරුප කීම අකැප නම් ඒක පිරිමි ගැහැණු භේදයකින් තොරව ආචාරධර්ම පැත්තෙන් සාකච්ඡා කළ යුතු කාරණයක් වෙනවා. ගැහැණු මේ විදිහට එකතු විය යුත්තේ වම්බට්ටකට එරෙහිව නෙමෙයි. තමන් ඩිල්ඩෝවක් පාවිච්චි කරනවා කියන එක පිරිමියෙක් ස්වයං වින්දනය කරනවා තරම්ම ලේසියෙන්, සෙක්ස් පොසිටිව් දැක්මකින් බාරගැනීමයි කරන්න ඕන. පුළුවන් නම් වම්බටු ගෙඩි අතින් අරගෙන ආඩම්බරෙන් හිනාවෙවී ෆොටෝ ගහන්න, ඒ ලිංගික තෘප්තියේ නිදහස අයිති කරගන්නයි කාන්තාවන් එක පෙලට හිටගන්න ඕන.


    චින්තන ධර්මදාස

  • කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි

    කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි

    Sexual fantasies ගැන කතා කරද්දි, සාමාන්‍යය ජීවිතයේ ලේසියෙන් ලගා කරගන්න බැරි කාමුක ආසාවන් fantasies ලෙස මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙනවා. මේ fantasies කෙනෙක්ගේ සාමාන්‍යය ජීවිතයේ සහ ලිංගික ජීවිතයේ ලබන අත්දැකීම් කෙසේද යන කාරණය අනුවත් වෙනස් වෙනවා.

    සාමාන්‍යය ජීවිතයේ leadership role එකක් කරන කාන්තාවක්, පවුලක් පාලනය කරන කාන්තාවක්, රස්සාව තුල අන් අයට අණසක ලබා දෙන කාන්තාවක් බොහෝ විට sex වලදි පිරිමියාට submissive හෝ යටත් වෙන්න ඉමහත් කැමැත්තක් දක්වනවා. අනිත් පැත්තට, පිටත ලෝකයේ එසේ නොවන කාන්තාවක්, dominant පිරිමියෙක්ව sex වලදි තමන් යටතට පත්කර ගැනීමට විශාල ඇල්මක් දක්වනවා.තම තමන්ගේ fantasies මොන ආකාරයේද කියන එකටත් මේ කාරණා බලපාන්න පුලුවන්..
    Google ආයතනයේ ඉන්ජිනේරුවන් කිහිප දෙනෙක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව බොහෝ කාන්තාවන් මනංකල්පිත ජීවින් සමග sex කරන porn videos බහුලව නරඹන බව Jordan Peterson කියන මනෝවිද්යාඥයා කරපු සාකච්ඡාවක දි ඔහු පවසනවා. Vampires, werewolves වගේ අපි චිත්‍රපට තුලින් හෝ පොත් වලින් දකින, කියවන, භයානක ජීවින් කෙරෙහි ලිංගික ආසාවක් බොහෝ කාන්තාවන්ට තියෙන බවයි ඔහු එහිදී පැහැදිලි කරන්නේ.

    ඒ ආසාව ඇති වෙන්නේ ඒ වගේ භයානක ජීවින්ව තමන්ගේ ශරීරය ලග, sex කිරීමේ ආසාව ලග හීලෑ කර ගැනීමේ කැමැත්තයි. Vampire diaries, Twilight වගේ චිත්‍රපට කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය වෙන්න හේතුවත් මෙය විය හැකියි.

    පිටත ලෝකයේ ලේසියෙන් කරන්න අමාරු, විශේෂයෙන්ම male dominance උපරිමයටම තියෙන සාමාන්‍යය ලෝකයේ පිරිමියාගේ masculinity එක තමන් කැමති ආකාරයකට හසුරුවා ගැනීමේ හෝ නම්ම ගැනීමේ අවස්ථාව කාන්තාවකට sex තුලදි අසීමිත ලෙස ලැබෙනවා.කෙනෙක් Sex තුලින් සුරාන්තයකට පත්වෙන මොහොතක් කියන්නෙ තමන් තමන්ට සීයට සීයක් එකඟ වෙන මොහොතක්. කාන්තාවකට මේ තත්වයට ළගා වෙන්න කායික සහ මානසික සහයෝගය කියන දෙකම අවශ්‍යයි.

    Fantasy එකක් reality එකක් කරගන්න උත්සහ කරන එක තුල තව දුරටත් fantasy එකක් පවතින්නේ නැහැ. ඒ සුන්දරත්වය තියෙන්නේ ඒ පරිකල්පනය තුලයි..
    ඒ මවාගන්න රූප තුලයි.Fantasies තියෙනවා කියන්නේ ඒ ආසාවන් යතාර්ථයක් කරගන්න හිතන එක නෙමෙයි, ඒ මවන දේ ඇතුලේ ඒ රහ විදීමින් ඒ තුලින් ලිංගික උද්දීපනයක් සහ ආස්වාදයක් ඇති කරගැනීමයි.
    සුරතාන්ත අතරිනුත්, උපරිම තෘප්තිමත් සුරතාන්තයක් ලබන්න තම තමන්ට ආවේණික වූ fantasies උදව් වෙන එක රහසක් නෙමෙයි.


    ‍ශේනි විජේසුරේන්ද්‍ර

  • ගැහැනු සෙක්ස් ගැන විවෘත අඩු ඇයි?

    ගැහැනු සෙක්ස් ගැන විවෘත අඩු ඇයි?

    මම මොකක් හරි ආර්ට් එකක් අඳිද්දි හරි මොනා හරි දෙයක් ලියද්දි මං කැමතියි ඒක erotic පැත්තට බර වෙන්න කරන්න. ඒකෙ සෞන්දර්යය දන්නෙ creative කෙනෙක්ම තමයි. කොටින්ම කිව්වොත් මං R-rated නැති, සෙක්ස් නැති නිර්මාණයක් කියවන්න, බලන්න කැමතිත් නැති තරම්. ඒත් මම ගොඩක් වෙලාවට මගේ නිර්මාණ පෝස්ට් කරන්නෙ නෑ. ඒකට හේතුව එහෙම දෙයක් පළ කරාම පිරිමි පාර්ශවයෙන් එන requests සහ Messages තොගය. එතකොට මට හිතෙන්න ගන්නවා මේ මගේ ආර්ට් එක හරි ඒකෙ යම්කිසි හොඳක් හරි නිසාම ලැබෙන ප්‍රතිචාරද කියල. ඒ වගේම මෙහෙම ප්‍රතිචාර දක්වන බහුතරයක් පිරිමි පාර්ශවය erotic නිර්මාණයක් කරන්න තරම් ගැහැනියක් විවෘත නම් ඇය වෙනත් ඕනෑම දෙයකට විවෘතයි කියලා වරදවා වටහා ගන්නවා. සමහරු එය විවේචනයක් හා අපහාස කිරීමක් දක්වා ගෙන යනවා. මේක මේ මාතෘකාව ගැන නිතර ලියන කියන පිරිමි පුද්ගලයෙකුට පවා සිද්ධ වෙන දෙයක්. එහෙම කෙනෙකුට ‘බඩු කාරයෙක්’ ‘අසහන කාරයෙක්’ වගේ නම් පට බැඳෙන්න පුළුවන්. ගැහැනු කෙනෙක් සෙක්ස් ගැන ලියන කියනවා නම් එය හෙලා දකින පාර්ශවය ඇයට පට බැඳිය හැකි නම් ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නෑ. ඒත් මේ සටහන ඒ පාර්ශවය ගැන නෙවෙයි. මේ කියන්න උත්සහ කරන්නෙ erotic නිර්මාණ කරන ඒ ගැන විවෘතව අදහස් පළ කරන ගැහැණියක්‌ උත්කර්ෂයට නගමින්, (ඒ නිර්මාණ ගුණාත්මක නැති අවස්ථා වලදී පවා) ඇයගේ පෞද්ගලිකත්වයට බාධා කරමින් වෙනත් අරමුණු ඉටු කර ගන්නට උත්සහ කරන පාර්ශවය ගැන.

    දෙදෙනෙකු කැමැත්තෙන් කරන පෞද්ගලික සංවාද හා සබඳතා ගැන කතා කරන්න මට අයිතියක් නෑ. නමුත් කාන්තාවක් සෙක්ස් ගැන යමක් විවෘතව කතා කළ පමණින් ඇයට massages යවමින්, ඒවාට පිළිතුරු නැති විට “පෙන්නන තරම් විවෘත නෑ”, “ලියන ඒවයේ හැටියට කිසි ගැම්මක් නෑනෙ.” කියමින් අපහාස කරමින් හා විවේචනයට ලක් කරමින් සමහරෙකු හැසිරෙන අවස්ථා ගැන ගොඩක් කාන්තාවන්ට අත්දැකීම් ඇති.

    සෙක්ස් ගැන ලියන කාන්තාවකට එසේ ලියන පමණින් ඔබ හා විවෘත වෙන්න අවශ්‍යද? (ඔබ හා පෙර සිටම මිත්‍රත්වයක් තිබෙන තත්වයකදී වුණත්.) ඇයට ඔබ කරන කියන ඕනෑම දේකට එකඟ වෙන්න ගැම්මක් තිබිය යුතුද? උදාහරණයක් විදිහට ඇය ඇයගේ ෆැන්ටසියක් ගැන ලියනවා කියමු. ඇය සැබෑ ජීවිතයේදීත් ඒ ෆැන්ටසිය ක්‍රියාත්මක කිරීමට නොබිය විය යුතුද? එය ඇය සිතින් නිර්මාණය කරන හුදු ෆැන්ටසියක්ම පමණක් විය නොහැකිද? එය ක්‍රියාත්මක කිරීම අවශ්‍යමද? ෆැන්ටසියක් කියන අදහසම ඔබ වැරදියට වටහාගෙන නෙවේද? ක්‍රියාවට නංවන්නට ගියොත් තම ෆැන්ටසිය විනාශ වීමක් වෙයි හරි අප්‍රසන්න වෙයි හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? කෙනෙකුට තමන්ගේ ෆැන්ටසි සිතේ මැවෙද්දි හරි porn video එකක බලද්දි හරි පමණක් රසවත් වෙන්න පුළුවන් නේද? ගොඩක් කාන්තාවන්ට ඔවුන්ගේ ෆැන්ටසි ඒ වගේ. මේ අතරේ සියළු දේ අත් හදා බලමින් අත්විඳින්න ආශා කරන කාන්තාවන් කොටසක්ද ඉන්නවා. (ආශාවන් යටපත් කර ගැනීම උරුම වෙච්ච කාන්තාවන්ට ලිංගික නිදහසේ උපරිමය භුක්ති විඳීමට හැකි විය යුතුයි.) මේ සටහන හැබැයි ඔවුන් ගැන නෙවෙයි.

    උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, හැම කාන්තාවක්ම මද වශයෙන් හරි සමලිංගිකයි එහෙම නැත්තන් හැම කාන්තාවක්ම මුළුමනින්ම විරුද්ධ ලිංගික නෙවේ ද්වී ලිංගිකයි කියල කියන තර්කයක් තියෙනවා. හැබැයි මේ උපකල්පනය සංකීර්ණ කරන සාධක කීපයක් සැලකිල්ලට නොගෙනයි ඉහත අධ්‍යයනය කරලා තියෙන්නෙ. එකක් තමයි කාන්තාවකගේ ලිංගික අවයව කරන දේයි ඇගේ මානසික, ආත්මීය මට්ටමේ උද්දීපනයයි අතර ගැලපීම 10%ක්‌ අවස්ථා වලදි පමණක් පවතින එක. අනික් අවස්ථා වලදි කාන්තාවන්ගෙ උද්දීපනයේ නොගැලපීමක් (Arousal nonconcordance) ප්‍රදර්ශනය වෙනවා. ඒත් පිරිමින්ගෙ ලිංගික අවයවයි ඔවුන්ගේ ආත්මීය උද්දීපනයයි, ඒ කියන්නෙ මොළයේ ක්‍රියාකාරීත්වයයි අතර ගැළපීම 50% ක්‌. ඒ නිසා ඔහුට ලිංගිකව ආකර්ශනීය යැයි පෙනෙන දෙයක් නිසා ශිෂ්නය ඍජු වීම 50% ක් අවස්ථා වලදී වෙනවා. ඒත් කාන්තාවන්ගෙ 90% ක්ම ඇගේ ශරීරය හා මොළය සම්පූර්ණයෙන්ම වෙනස් තරංග ආයාමයක පවතින්නෙ. වෙනත් වචන වලින් කිව්වොත්, කාන්තාවකගේ ලිංගික අවයව ලිංගිකව අදාළ යැයි සලකන ඕනෙම උත්තේජකයකට ප්‍රතිචාර දක්වනවා. (චිම්පන්සියන් ලිංගිකව හැසිරෙන අයුරු දැකීමෙන් පවා), ඒත් එයින් අදහස් කරන්නේ කාන්තාවන්ට අනිවාර්යයෙන්ම තමන් දකින උත්තේජක ලිංගිකව ආකර්ශනීය බව හරි රහසිගතව ඒවා අත්හදා බලමින් ක්‍රියා කරන්න අවශ්‍ය බව හරි නෙවේ.

    මේ උද්දීපන නොගැලපීම (Arousal nonconcordance) කාන්තාවන්ට ව්‍යාග්‍රා නිර්දේශ කිරීම වැඩ නොකරන්න එක හේතුවක්‌. ව්‍යාග්‍රා පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයේම ලිංගික අවයව වලට රුධිර ප්‍රවාහය වැඩි කරනවා. ඒත් කාන්තාවන්ගේ ලිංගික අවයව වලට සාපේක්ෂව මොළයේ සැබවින්ම උද්දීපනයක් එහිදි සිදු වෙන්නෙ නෑ. මානසික උද්දීපනය කාන්තාවන්ට ඇදහිය නොහැකි තරම් වැදගත් දෙයක්. එය සරලව lubricants වලින් කරන්න පුළුවන් දෙයක් නෙවේ.

    කාන්තාවන් rape scene එකක් animal sex scene එකක් දැකීමෙන් වුණත් ශාරීරිකව උත්තේජනය වෙන්න පුළුවන්. ඒත් එහි අදහස ඇය ඊට කැමැත්තක් දක්වන බව හෝ එය අත්විඳීමට ආශා බව නෙවේ. ඇය අකැමැත්තෙන්ම ඇගේ ලිංගික අවයව එයට ප්‍රතිචාර දැක්විය හැකියි. අනෙක් කරුණ තමයි ගැහැණු ශරීරය ලිංගිකව උත්කර්ෂයට නංවා ඇති සංස්කෘතියක කාන්තාවක් තවත් රූමත් ශරීරයක් හිමි කාන්තාවක් හැම්බර්ගර් එකක් පාව්ච්චි කරමින් ලිංගික ක්‍රියාවලියේ යෙදෙනවා දැකීමෙන් උත්තේජනය වීම සාමාන්‍යයි. ඒත් එයින් කියවෙන්නෙ ඇය තවත් කාන්තාවක් සමග හරි හැම්බර්ගර් එකක් එක්ක හරි ලිංගිකව හැසිරීමට කැමති බව නෙවේ. ලිංගික ආශාව, උද්දීපනය සහ අනන්‍යතාවය කියන සියල්ලම කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තම නිතර එකිනෙකා සමඟ ගැටෙන සංකීර්ණ බලවේග. මේ අනුව හැම කාන්තාවක්ම අඩු වැඩි වශයෙන් ද්වී ලිංගික නැඹුරුතා දක්වනවා යන තර්කයේ ගැටළු සහගත බවක් මතු වෙනවා. කොහොමත් ලිංගිකත්වය කියන්නෙ හැමදාමත් අධ්‍යයන මට්ටමේ පවතින ඉතා සංකීර්ණ විෂයක්. එයිනුත් ගැහැණු ලිංගික ආශාවන් සම්බන්ධයෙන් ගත්තම අපට ඇසට පෙනෙනවාට වඩා නොපෙනෙන බොහෝ දේ තියෙනවා.

    ඔබ ඇතැම් කාන්තාවො සෙක්ස් සම්බන්ධ විවෘත පිරිමින්ව අසහනය යයි කියමින් උපහාසයට ලක් කරන අයුරු දැක ඇතුවාට සැක නැහැ. පුරුෂ ලිංගික උද්දීපනයේ ස්වභාවය ගැන දැනුමක් නොමැති කම ඊට හේතුව වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණු ලිංගික උද්දීපනයේ සංකීර්ණ භාවය ගැන මැසිවිලි නගන පිරිමිත් ඔබ දැක ඇති. මේ දැනුම ලබා ගන්න හොඳම විධි නම් දෙදෙනා අතර එකිනෙකා ගැන සංවේදී, හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීමත් අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමත් කියන දේවල්. ඒත් විද්‍යාත්මක කරුණු දැන සිටීම අඟහරු හා සිකුරු ජීවීන්ට සමාන පිරිමියා හා ගැහැණිය අතර සබඳතා වලදි වැදගත් වෙන්න පුළුවන්.

    ඉහත උදාහරණය වගේ උපකල්පන මත රඳා පවතිමින් සෙක්ස් ගැන විවෘතව කතා කරන ගැහැනියක් කාන්තා ලිංගික නිදහස හා විවෘත භාවය නාමයෙන් දේශනා දෙමින් අපහසුතාවයට පත් කරන එක අනුමත කරන්න බැරි දෙයක්. එය එවන් ගැහැනියක් හෙලා දකිමින් අපහාස කරනවා වගේම වැරදි ක්‍රියාවක්. අපි නිදහස පිළිගන්න ගරු කරන, ඒ වචනයේ තේරුම දන්න මිනිසුන් නම් ගැහැනියක් හෝ වේවා හෝ පිරිමියෙක් වේවා ඕනෑම ආකාරයක බලහත්කාරයක් අශිෂ්ටයි. ඕනෑම පුද්ගලයෙක්ට තමන්ගේ terms වලට අනුව නිදහසේ විකසිත වෙන්න දිය යුතුයි. ගැහැනියකගේ ලිංගික ආශාවන් හා කැමැත්තත් ඒ වගේ. බලපෑම් වෙන තැන ඇය හැඟීම් දැනීම් හකුළා ගෙන කිසි දාක විවෘත නොවී සිටින්න පුළුවන්. සෙක්ස් ගැන කතා කරන්න උනන්දු කාන්තාවොත් මේ තත්වය නිසා විවෘත අවකාශයේ ඒ ගැන කතා කරන්න මැළි වේවි. ලංකාව වගේ රටක කාන්තා ලිංගිකත්වය, ආශාව, සුරතාන්තය, ලිංගික නිදහස ගැන අපේ දැනුමට හැමදාම මග ඇහිරිලා තියේවි. විවෘත නෑ කියමින් බලපෑම් කරනවා වෙනුවට ඇයටම විකසිත වෙන්න ඉඩ හරිමින් දිරියක් වෙන්න පිරිමි පාර්ශවයට පුළුවන්. සමාජ මාධ්‍ය අවකාශයේ පමණක් නෙවේ හොඳ සන්නිවේදනයක් එක්ක පෞද්ගලික සබඳතා වලදිත් ඒක උදව්වක් වේවි.

    නැතිනම් ගැහැනු ලිංගිකව විවෘත අඩු ඇයි යන ප්‍රශ්නෙ අපිට හැමදාම අහන්නට වේවි.

  • අම්මා

    අම්මා

    ගොඩක් වෙලාවට ගැහැණියක් අම්මා කෙනෙක් උනාම පලවෙනියටම කරන දේ තමයි තමන්ව අත් අරින එක. තමන් ඇතුලේ ඉන්න නිදහස් ගැහැණියව මරා දමන එක. අලුතින් ලෝකෙට ගෙනාපු ජීවිතේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප වෙලා, මනුස්සයෙක් විදිහට තමන්ගේ අවශ්‍යතාවයන් තව දුරටත් නොසලකා හැරීම.

    මේ චරිත ලක්ෂණ තමයි අම්මා කියන චරිතයෙන් අපි බොහෝ වෙලාවට දකින්නේ.

    ‘බැන්දට පස්සේ ලමයෙක් හදන්න ඕනේ’ කියන තේරුමක් නැති වාක්‍ය විතරක් ප්‍රමාණවත් මදි අම්මා කෙනෙක් වෙන්න කියලයි මම හිතන්නෙ.

    බැන්දට පස්සේ ගොඩක් couples සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, ‘sex කරන එක කාලෙත් එක්ක එපා වෙනවා’ කියලා. මේක ඕන කෙනෙක් නිතර අහලා තියෙන දෙයක්. එහෙමනම්, මුලින්ම කල යුතු දේ තමයි ඒ මැරිච්ච spark එක නැවත ගෙන එන්න උත්සහ කිරීම. ළමයෙක් හැදෙන්න ඕන හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන දෙන්නෙක් ළඟයි.

    couple එකක ලිංගික ජීවිතය කාලෙත් එක්ක එපා වෙලා ගිහින් කියන්නේ අලුත් දේවල් අත්හදා නොබලන නිසා, තමන්ගේ sexual capacity එක ගවේෂණය නොකරන නිසා වෙන දෙයක්. Sex කියන්නේ එහෙම එපා වෙන දෙයක් කියලා ඇහෙන්නෙ ඇත්තටම අපේ වගේ රටවල් වල විතරයි. කසාදයක ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ට එහෙම උනා කියලා දෙන්නටම එහෙම වෙනවා කියලා නිගමනයකට එන්නත් අමාරුයි.

    Couple එකක් විදිහට, දිගු කාලීන කසාදයක ඉන්න දෙන්නෙක්ට ඒ සතුට එහෙම නැත්නම් spark එක නැවත ඇති කරගන්න පුලුවන් පිලියම් තියෙනවා. පලවෙනිම දේ තමයි කාලයක් එකට ඉන්න දෙන්නෙක්ගේ ලිංගික ජීවිතය මළානික වෙන එක සාමාන්‍යය දෙයක් බව පිලිගැනීම. දෙවෙනි දේ තමයි ඒ ආස්වාදය යළි අත්පත් කරගැනීමේ උවමනාව තිබීම. ඒ වෙනුවෙන් විවිධ ඇඩ්වෙන්චරස් දේවල් අත්හදා බැලී‍මේ නිදහස සහ නිර්භීතකම. මෙතනදි දෙන්නා අතර ඉතා හොඳ සන්නිවේදනයක් සහ තේරුම් ගැනීමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. බොරු කරන දෙන්නෙක් අතර සතුටක් පවතින්නෙ නෑ.

    sex life එක දුර්වල වෙන තැනදි එතනට තව ළමයෙක් ගේන එකෙන් කරන්නේ, අම්මා තාත්තා කියන roles වෙනුවෙන් ජීවත් වෙන්න තෝරගන්න එක. ඒ තමයි අපිට නිතර ඇහෙන, ‘දරුවන් වෙනුවෙන්’ කසාදයේ ඉදීම’ කියන කතාවෙ උපත.

    වල පල්ලට යන කසාදයක් ගොඩ දාන්න පුලුවන් මායා බලයක් ළමයින්ට නැහැ, හැබැයි sex වලට තියෙනවා. තමන් තුල ඉන්න නිදහස් ගැහැණිය මරා දැමීමෙන් වෙන්නේ ‘පවුල’ කියන සමස්ත සංස්ථාවම සොහොනක් විදිහට පවත්වාගෙන යාමයි.

    මේ මොනයම් අකාරයේ couple එකක් උනත්, ළමයෙක් හදනවා කියන්නේ සෑහෙන්න study කරන්න ඕන දෙයක්. ළමයෙක් ලැබුනට පස්සේ ශාරීරිකව මුහුණ පාන්න වෙන වෙනස්කම්, අලුත් වගකීම් සහගත භූමිකාවන් නිසා දෙපාර්ශ්වයටම මුහුන දෙන්න සිද්ද වෙන anxiety තත්වය, ඇතැම් විට තමන්ගේ දරුවා මරා දැමීමට පවා හිතෙන postpartum depression වගේ කියන තත්වයන් ගැන දැනුවත් වීමක්, මේ සියල්ල සම්බන්ධයෙන් මානසික සූදානමක් අත්‍යවශ්‍යයි.

    තමන් ජීවත් වෙන්නෙත් ඉතාම සීමිත සම්පත් එක්ක නම්, ඒ සම්පත් ටික තව ජීවිතයක් එක්ක බෙදාගන්න පුළුවන්කම තියෙනවද කියන කාරණය ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ආදරේ නම් දරුවෙක් මේ ලෝකෙට ගේන්න ඕන දුක් විඳින්න නෙමෙයි.

    ඒ විතරක්මත් මදි.

    තමන් ඇත්තටම මේ addition එකට කැමතිද, ඒ වෙනස්කම කොච්චර postive attitude එකකින් බාරගන්න පුලුවන් කම තියෙනවද කියන එක ගැන වෙලාව අරගෙන හිතන්න වෙනවා.

    එහෙම නැතුව, ඉස්කෝලේ යනවා, degree එකක් ගන්නවා, රස්සාවක් කරනවා, කසාද බඳිනවා, ළමයෙක් හදනවා, ළමයින්ටත් ඒකම කරවන්න උදේ හවස මැරෙනවා කියන මේ cycle එක පදින එකෙන් බහුතරයකට හොඳ ප්‍රතිඵල ලබන්න පුලුවන් කමක් නැහැ.

    හැමෝම කරන නිසා ඒ විදිහට ජීවිතේ තීරණ ගන්න ගියාම වෙන්නේ, මේ හැම experience එකක්ම තමන්ට බලෙන් විඳින්න සිද්ධ වීමයි. Parental instinct කියන දේ බලෙන් තමන් තුල ඇතිකර ගන්න හදන එකයි.

    ඊට පස්සේ මේ හදපු ජීවිතේ ජීවත් කරවන්න දරන මහන්සිය නිසා දැනෙන විඩාවට compensation එකක් ළමයින්ගෙන් අනාගතේ දි බලාපොරොත්තු වීම ඉබේම වගේ සිද්ධ වෙනවා.. කාටවත් සෙතක් නැති නිශ්ඵල cycle එකක් මේක.

    මේ ක්‍රමය ඇත්තටම කරන්නේ මිනිස්සුන්ට ජීවිතේ විඳවන්න දෙන එක. ලංකාවේ ජීවත් වෙන ළමයින්ට තමන්ගේ අම්මා සතුටින් ඉන්නවා දකින්න පුලුවන් වෙනවා කියන එකත් ඇත්තටම luxury එකක්. හැම අම්මා කෙනෙක්ම වගේ අනේක දුක් විඳිනවා, දර දිය අදිනවා වගේ දේවල් අහන්න තමයි අපි උනත් පුරුදු වෙලා ඉන්නේ. අම්මා ගැන සිංදුවක ඇහුවත් බොහෝ වෙලාවට තියෙන්නෙ ඔය කතන්දරේමයි.

    ‘කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
    සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා

    ‘අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා’

    ‘නැති බැරිකම් මගෙ දෑසින් හංගා
    සෙනෙහස දුන් මාගේ අම්මා….’

    එතකොට මේ කිසිම අම්මා කෙනෙක්ට ජීවිතේ සතුටක් කියලා දෙයක් නැද්ද? තමන්ගේ කියලා ජීවිතයක් නැද්ද?

    අම්මායි, නිදහස් ගැහැණියයි කියන දෙන්නටම එකට පවතින්න බැරි ඇයි කියන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. ළමයෙක් හැදුවට පස්සේ, ඊට කලින් හිටපු ගැහැණියටම පවතින්න බැරි බව ඇත්ත, ඒ වෙනස් වීමට මුහුණ දෙන්න වෙනවා.

    ඒ වුනත්, මේ සියල්ල මැද තමන් තුල පවතින නිදහස් ගැහැණිය පිලි අරගෙන, ඒ ගැහැණියට නොමැරී ජීවත් වෙන්න ඉඩදෙන එක අම්මා කියන චරිතය සාර්ථක කරගැනීමට උදව් වෙනවා. ඒ තුලින් තමන්ගේ දරුවාට වුනත් ලැබෙන්නේ නිරෝගී, සතුටින් කල් ගෙවන්න උත්සහා කරන මවක්.
    ඒ නිසා, හැමවෙලේම තමන් තුල ඉන්න නිදහස් ගැහැණියට සලකන්න.

    තමන්ගෙ සිරුර ගැන නොසලකා හරින්න එපා, ලස්සනට අඳින්න පළඳින්න, ආස දේවල් කරන්න, නිරෝගී ලිංගික ජීවිතයක් ගත කරන්න. අමාරුවෙන් ජීවත් වෙන්න හෝ ළමයාව ජීවත් කරවන්න වෙහෙසෙන එක නෙමෙයි ගැහැණියක් අම්මා කෙනෙක් විදිහට කළ යුතු දේ වෙන්නේ….

    ‘මගේ අම්මා නම් සතුටින් ජීවත් උන ගැහැණියක්’ කියන එක දරුවන්ගෙන් අහන්න පුලුවන් නම් ඒ අම්මා ඇත්තටම සාර්ථකයි.


    ශේනි විජේසු‍රේන්ද්‍ර ලියයි

  • සරාගී උපන්දිනයක් වේවා පියුමි

    සරාගී උපන්දිනයක් වේවා පියුමි

    පියුමි හංසමාලි කියන නිරූපිකාව ගැන මට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. ඒ ලංකාව වගේ රටක තනියම ගැහැණියක් විදිහට අනුරාගය වෙනුවෙන් බය නැතුව පෙනී සිටීම නිසා ඇතිවුනු එකක්. කෙල්ලෙක් විවෘතව ලිංගික යමක් ගැන කමෙන්ට් කරන පරක්කුවෙන් බහුතරයක් පිරිමි හිතන්නෙ ඇය ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලෑස්තියි කියල. ඒ ඇසිල්ලෙන් ඇගේ ඉන්බොක්ස් පිරී යනවා. රෝගී මානසිකත්වයකින් පෙළෙන මිනිස් රංචුවක් ඇයව වට කරගන්නවා. පියුමි ඒ සියලු පිරිමි පීඩන දරා ගනිමින් ඇය කැමති දේ කළා. වරදක් නොකර විඳින සුවිසල් ජනතා අපවාද අතර හිනාවෙවී ජීවත්වෙනවා කියන්නෙ ලේසි නැති වැඩක්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඒක හිතාගන්න බැරි තරම්.

    මෑතකදි කාන්තාවන්ගේ සුරතාන්තය ගැන කතා කරන්න ඉතාම ප්‍රබුද්ධ සමාජ කතිකා නියෝජනය කරන කාන්තාවන් කීප දෙනෙකුට මං ආරාධනා කළා. එතනදි එක කාන්තාවක් කියපු කතාවකින් මාව තිගැස්සුනා.

    ‘මල්ලි, ඉස්කෝලෙට ගියාම අම්මලා එක එක කතන්දර කියනවා මදිවට ටීචර් වෙනම කතා කරලත් අවවාද දෙන්න එනවා. මගේ දුවගෙ අධ්‍යාපනයටත් ඒක බලපානවා’

    ඇය මගේ ආරාධනාව වේදනාවෙන් බැහැර කළා. සදාචාරය කියන්නෙ ඒ වගේ බලහත්කාරයක්.

    පියුමි තමන්ගේ ආකර්ශනීය විදිහට පිටතට නෙරා ආ දෙ‍ෙතාල්, පියයුරු විදහා පාමින් ඇගේ සොඳුරු ගත සළු උනා දමමින් ලංකාවෙ එකම අනුරාගී තරුව වීමේ කිරුළ දරාගෙන හිටියා. පියුමිට කලින් මේ එඩිතර බව තිබුනෙ සුමනා ගෝමස්ට විතරයි.

    අවාසනාවට පියුමි එකතු වුනෙත් ඒ කාන්තාවන් අපහාසයට අපහරණයට ලක්කරන සමාජ ධාරාවටමයි. ඒ ඉරාජ්ලා විසින් පවත්වාගෙන ගිය කුහක ලාංකික ප්‍රජාවයි. ඒ අයම තමයි කාන්තාවන්ට සමලිංගිකයන්ට සංක්‍රාන්ති ලිංගිකයන්ට අපවාද අපහාස කරමින් ඒ ජීවිත සමාජීය වශයෙන් පීඩාවට ලක් කරන්නෙත්. පියුමි තමන්ගේ හිතුවක්කාර බවේ ප්‍රතිලාභ පිරිනැමුවෙ ඒ ප්‍රතිගාමී රෝගී මිනිස් රොත්තටමයි.

    මං කීපවිටක්ම විවිධ සංවාදවලට පියුමිට ආරාධනා කරලා තියෙනවා. ඒ වඩා නිදහස් සහ විවෘත කතිකාවක් වෙනුවෙන් පියුමිගේ මැදිහත්වීම උදව් කරගන්න. ඒත් ඒ හැම වතාවකම පියුමි ඒ ආරාධනා බැහැර කළා.

    තමන් කරමින් ඉන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැතිවීම නිසා එයාට කළ හැකි විසල් දේ වෙනුවට ඉතාම සිල්ලර දේ වෙනුවෙන් දියවී අවසන් වෙන්න නියමිතයි. දැනටත් තමන්ට ලංකාව අත්හැර යන්න උවමනා බව පියුමි කියන්නෙ මේ වෙහෙස නිසාම වෙන්න ඕන.අන්තිමට පියුමි දෙරණට ඇවිත් චතුර එක්ක කරපු සංවාදයෙන් පස්සෙ මං පියුමිව හිතෙන් අත්ඇරලා දැම්මා. එතනදි කිසිම දවසක ඇගෙන් අපේක්ෂා නොකළ තරමෙ දෙබිඩිකමක් විද්‍යාමාන වුනා. තමන්ගේ කොටට ඇඳීමේ නිදහස ගැන කතා කරන අතරෙම පියුමි ටික්ටොක්වල නාකි ඇන්ටිලා නටන එකට හිනාවුනා. ඒක ලැජ්ජා විය යුතු දෙයක් විදිහට කතා කළා. එයාට අනුරාගය සහ විලාසිතා ගැන තිබුනෙ තරුණ වයස එක්ක ගැටගැහුණු පටු අදහසක්. මේ වයසට මේවා කරන්න ඕන කියන එකයි පියුමිගේ දර්ශනය වුනේ. එහෙම නැතුව කැමති කෙනෙකුට, කැමති වයසකදි, කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන කියන එක ගැන එයාට කොහෙත්ම හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි සුමනා ගෝමස් කියන නිළියට ඒ නිදහස ගැන වැටහීමක් තිබුන.

    යම් අදහසක් එක්ක පාවිච්චි වෙන්න තිබුණු නිරුවතක් අනුරාගයක් හුදු ස්වයං වින්දනමය රූපකායක් විදිහට විතරක් අවසන් වීම අපේ වගේ රටක ඛේදවාචකයක්. ඒ වගේම ලිංගිකත්වය සහ ශෘංගාරය පිළිබඳ තියෙන ගරුත්වය සෞන්දර්ය හෝ බාරගැනීම තවත් පටු කරන්නත් ඒක බලපානවා. ඇත්තටම කාමය වරදවා හැසිරීම කියන්නෙ ඒකට. කාමය හරි සමාජ දේශපාලන අදහසකින් තොරව පාවිච්චි කරන එක.

    ඒ මොනවා වුනත් අද අපේ රටේ එකම ශෘංගාර තරුව පියුමි හංසමාලිගේ උපන්දිනය. තමන් කැමති විදිහට ජීවත් වෙන්නත්, තවත් බොහෝ අය වසඟ කරන්නත් පියුමිට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මේ කාන්තාරයක් වගේ රටේ පිරිමි සරතැස නිවන සිසිල් පොදක් වීමේ මහා පින ඇයට තියෙනවා.


    චින්තන ධර්මදාස

  • ඇරියස් නැති සමාජයක් ගැන පැතුමක්

    ඇරියස් නැති සමාජයක් ගැන පැතුමක්

    බෞද්ධ රටක හැදිලා, බෞද්ධ පාසලකට ගිහින්, sex ගැන, කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඕනේ විදිහ ගැන වෙනම අදහසක් මට ලංකාවෙදි තිබුනේ. ඉස්කෝලේ කාලේ, යාලුවෝ අතරේ ඇතිවෙන කතාබහකදි උනත්, කොල්ලෙක් එක්ක පවත්වන sex/ make out සම්බන්ධ අත්දැකීම් ගැන බෙදාගන්නේ නැති තරම්..

    ‘අනේ නෑ එයා හරි හොදයි, අතකින් වත් අල්ලන්නේ නැහැ’ කියන එක තමයි සමාජයේ පිලිගැනීම වෙනුවෙන් බහුලවම කියන දේ..එහෙම සමාජයක හැදුන මට, ඒ හණමිටි අදහස් සියල්ල සම්පූර්ණයෙන්ම වගේ කණපිට පෙරලුනේ ඇමෙරිකාවේ ආවාට පස්සෙයි..

    College එකට ගිය පලවෙනි දවසේම, hallway එකේ පොඩි පොඩි containers වල condoms දාලා තිබුනම ඕන කෙනෙක්ට ගන්න කියලා, මට ඒක හිතාගන්න බැරි තරමේ අලුත් අත්දැකීමක් උනා..

    sex කියන්නේ දරුණු අපරාධයක් නෙමෙයි කියන එක මට වැටහෙන්න පටන් ගත්තා.

    Sex ගැන විවෘත වීම තුලින් මනුස්සයෙක්ට ලැබෙන්නේ නිදහස සහ මානසික සුවය කියන එක මම කාලෙත් එක්ක තේරුම් ගත්තා.

    කෙල්ලෙක් sex ගැන කතා කරන එක ලංකාවෙ සමාජය තුල කැප නෑ, බැඳලා නැත්තන් කීයටවත් කැප නැහැ.

    කොල්ලෙක් හා සමානව, විවෘත ජීවිතයක් කෙල්ලෙක් ගත කරන එක, sex, masturbation වගේ මාතෘකා ගැන කතා කරන එක, ලංකාවෙ බහුතරයක් පිරිමින්ට වගේම ගෑනුන්ටත් දරාගන්න බැරි දෙයක්, අමුත්තක්, magic එකක්.

    Sex වලට මම කැමතියි, ඒක මගෙ ජීවිතේ මම ආසම සහ වැදගත්ම කොටසක් කියන එක මම පැකිලෙන්නෙ නැතුව පිලිගන්නවා. වෙන දෙයක් නිසා නෙමෙයි, එහෙම පිලිගන්න එකෙන් මම මට අවංක වෙනවා කියලා මම විශ්වාස කරනවා.

    තමන් කැමති කෙනෙක් එක්ක හෝ කීප දෙන්නෙක් එක්ක, ආස විදිහකට sex කිරීමෙ/ විදීමෙ අයිතිය හැම මනුස්සයෙක්ටම, ගෑනු පිරිමි බේදයකින් තොරව තිබිය යුතුයි කියන එක මම දැඩිව පිලිගන්න කාරණයක්..

    මිනිස්සු විදිහට අපි හැමෝටම sex තුලින් ලැබෙන මානසික සුවය වෙන කිසිම දේකින් ලබන්න බැහැ.

    ඒ කාරණේ අපි හැමෝටම එහෙම උනත්, ඒක අනුමත කරලා ඒ අත්දැකීම ඇත්තටම විදින්නෙ, අඩුම තරමේ ඇද උඩදි වත් තමන්ව restrict නොකර ඒ වින්දනය උපරිම ලබන්න දන්නේ ඉතාම පොඩි පිරිසක්, ගෑනු නම් ඇත්තටම නැති තරම්..

    ගැහැණියක් විදිහට, පිරිමියෙක් හෝ වෙනත් ලිංගිකයෙක් එක්ක ලිංගිකව එකතු වෙනකොට, ඒ කෙනාගෙන් තමන්ගේ ඇග ගැන තියෙන ආසාව, තමන්ව විඳින්න තියෙන නොරිස්සුම් කම දැනෙනකොට, ඒ හැගීමට ලෝබ නැහැ කියලා තමන්ට අවංක වෙමින් කිසිම ගැහැණියකට කියන්න පුලුවන් ඇති කියලා මම හිතන්නේ නැහැ, එහෙම කියනවා නම්, ඒ සාමාන්‍යය ගැහැණියක් වෙන්න බැහැ..

    ගොඩක් වෙලාවට එහෙම නොකියා ඉන්නවා නම් ඉන්නේ දාහක් කාරණා නිසා.. ආගම, සමාජයේ පිලිගැනීම වගේ මෙකී නොකී කාරණා!

    තමන්ව කුණු කොල්ලෙට දාලා, ඊට උඩින් අනිත් මිනිස්සු කියන දේවලුයි, ආගම කියලා ඔලුවට දාන දේවලුයි, මේ හැමදේටම මුල් තැන දෙන එකෙන් තමන්ට නැති වෙන්නේ තමන්වමයි, සිරකාරයෙක් වෙන්නේ තමන්ගේ ශරීරය ඇතුලෙමයි..

    ජීවිතේ කියන්නේ සතුට හොයන ගමනක්..

    සතුටයි ලිංගිකත්වයයි කියන්නේ එකට යන දෙන්නෙක්.

    සතුට තියෙන්නේ අත්හැරීම තුල කියලා බුදු හාමුදුරුවෝ උනත් දේශනා කලේ, සැප විදලා මිසක් ඊට කලින් නෙමෙයි!

    තමන් කවුද කියන එක තේරුම් අරන්, තමන් වෙනුවෙන් තීරණ ගන්න, ජීවිතේ විඳින්න..

    තමන් ජීවිතේ විඳිනවානම්, තව කෙනෙක් ජීවිතේ විඳින දිහා කුහකකමක් නැතුව බලන්න පුලුවන් වෙනවා..

    කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන්න, ජීවිතේ විඳින්න බය නැති පරිසරයක උස් මහත් වෙනවා කියන්නේ දියුණු, ඇරියස් නැති සමාජයක හෙට දවස!


    ශේනි විජේසුන්දර

  • Take it out, Flaunt it! – Lovehoney

    Take it out, Flaunt it! – Lovehoney

    Have you recently taken out that favourite sex toy of yours, discreetly hidden under your pile of clothes? That piece of bliss that you secretly cherish in the confines of your bedroom? A sex toy is a possession which is considered almost illicit to have, yet we all yearn for the intense bliss a sex toy adds to our routine sexual experience, both when alone and with a partner. A sex toy in your possession is not a crime, rather a gift that helps you gain sexual liberation. A possession to be a proud owner of, a possession that gives you blissful control of your own pleasure, a possession that enhances and intensifies your beautiful relationship with yourself and with your lover and a possession that breaks all stigma around sex. It is no longer meant to be hidden in secret drawers but rather one to flaunt with confidence.

    Though the use of sex toys shows considerable increase in Sri Lanka, it is still treated with a great deal of discretion. Yet the doors of sexual pleasure and liberation these sex toys could open are immense. Those sexual fantasies we erotically weave in our heads are brought to life by these sex toys. Why scorn them when all what they do is tap on our deepest parts of pleasure?

    Porn is where sex toys first made its presence conspicuous. It portrayed how sex toys trigger shuddering and mind-blowing multiple orgasms in both men and women. Yet the mere use of sex toys in porn appeared both confining and almost unattainable to those outside of the fictitious world of porn. An attempt to take it outside of the context of pornography was seen then in 1998 in the TV series Sex and the City, when Charlotte’s obsession with her sex toy is enticingly portrayed. This marks the entry of sex toys into popular culture. It gradually started to ease out of its pornographic context and seep into other forms of media, which was not perceived as exclusively adult content. Fifty Shades of Grey then takes it into a whole new level. The pleasure coined with pain with the use of sex toys reimagines new bounds of eroticism and for some extent normalizing such sex plays.

    Despite these depictions of pleasure through sex toys in popular art forms, sex toys as an industry hadn’t entirely taken its course. Sex toys as an industry was still perceived with illicit and discreet implications. Buy it secretively, from a dubious cite and hide it under piles of clothes. Some sex toys appeared in unusual designs leaving the user utterly confused about its purpose, since instruction manuals weren’t openly shared. It was dodgy in every sense of the term.

    It is in such a context that two individuals – Richard Longhurst a former editor of a magazine and Neal Slateford a former music producer – procure the idea of launching an online retail shop for adult content such as sex toys and lingerie. The idea dawned on then when they watched an erotica show in London. Inspired by the play of erotic they invested £9000, which is every penny they had in their possession, and launched their online adult store purchasing £1500 worth adult content. Their very first office space was Richard’s small bedroom. This marked a crucial step in trying to eradicate the discretion and the stigma surrounding the use of sex toys.

    Yet this attempt to normalize the use sex toys was no easy task. Richard and Neal have claimed that the process was quite a daunting one even for them. They explained how oblivious they were about the purpose and the function of the products that appeared before them. At times even shocked by what they saw. They stated that they too took time to absorb and comprehend the nature of adult contents and that the acceptance was a gradual process. It is then that they realized that sex toys were no different from other products out there.

    That is how Lovehoney, UK’s biggest online adult retailer, currently a £850 million worth company was launched in 2002. This was how the male-centric pleasure play was shattered by a brand and eventually made sexual pleasure accessible and plausible for everyone and no longer in the confines of porn.

    At the point of the launch of Lovehoney, there had been no such retailer to purchase sex toys through confidential and reliable means, hence Lovehoney can be considered to be a trailblazer in the online adult retailer industry. The normalization of the sex toys began through their very marketing strategy. They photographed the products with an artistic touch and presented it to the user with a comprehensive user manual. It was no longer perceived with its initial discretion. The result was being able to sell 1000 sex toys a month and make a profit of £37,000 in its very first year of launch.

    In 2011 Lovehoney is rebranded with the tagline “The sexual happiness people”, with a broader vision “to become the world’s leading sexual happiness brand, synonymous with a healthy, happy sex life”. This can be perceived as a daring act by a company to crush the pretentious notions of cultural morality that hindered the open discourse on sex toys. Sex toys were no longer considered as illicit but rather as facilitators of unimaginable sexual pleasure. Lovehoney plays a pioneering role in redefining sexual pleasure with sex toys, not only can it be intensely pleasurable but it was both safe and healthy too.

    The recognition of this pioneering attempt by Lovehoney was apparent when they were awarded for their conceptualization by Queen Elizabeth herself. Lovehoney is the UK’s biggest online adult retailer with 8 other websites globally including France, Germany, Spain, EU, US, Canada, Australia, and New Zealand. Its 300 strong team is based across the UK, USA and Australia and serves its 2.2m global customer base. Lovehoney is celebrated for the innovative inclusivity as an enhancer of the sexual experience, providing the safest and the most confidential customer care for their wide variety of online sex toys and lingerie.

    A turning point for Lovehoney in 2012 when Lovehoney secures exclusive world rights outside America to design, manufacture and sell adult pleasure products based on the Fifty Shades of Grey trilogy. This allowed Lovehoney to expand its notions of sexual pleasure.

    Lovehoney’s sources for inspiration is quite an interesting one. When founders were questioned about this in an interview they stated that they attend lots of trade shows to keep up with what’s going on in the adult market and holds a “Design a Sex Toy competition” every year to find out what customers want. The winners get the chance to have their toys made and distributed through Lovehoney.

    There has been a surge in the sales of Lovehoney products, especially during the times of Covid. When people were compelled to be confined and isolated, the void they experienced were mainly compensated through food, alcohol and sex toys, as sales statistics indicate. Until the year 2021, Lovehoney had displayed a significant increase in international sales and this contribution was once again recognized and awarded the Queen.

    Another striking feature of Lovehoney is, in addition to customer satisfaction, the company’s growth also relies largely on employee satisfaction. The employees are given considerable decision making power and are also permitted to get any of their products free of charge. The founders believe that if they seek to sell happiness and pleasure to the world, they should first ensure that their employees experience this happiness.

    Lovehoney products are now available in Sri Lanka. For all those who yearn to indulge in a pleasurable sexual journey.

  • රතිකෙළ‍ියේ සොඳුරු කැරැල්ල – Lovehoney

    රතිකෙළ‍ියේ සොඳුරු කැරැල්ල – Lovehoney

    මාස්ටර්බේට් කරන එක නැත්තං ස්වයං වින්දනයේ යෙදීම පිරිමි වැඩක් විදිහට තමයි සමාජෙ බහුතරයක් අතර රෙජිස්ටර් වෙලා තියෙන්නෙ. ඒක කොල්ලන්ගෙ අවශ්‍යතාවයක්. ස්වයං වින්දනයේ යෙදීම කාන්තාවකට සුදුසු නෑ කියල ගොඩක් කාන්තාවන් තමන්වම සීමා කරගන්නවා. ඒක හින්දම කාන්තාවන් ස්වයං වින්දනයේ යෙදීමම එක විදිහකට යම් නිදහසක් අත්පත් කරගැනීමක්. ඒකෙන් ස්වයංවින්දනය පිරිමි අවශ්‍යතාවයක් කියන තැනින් ගලවලා අරගෙන ගැහැණු ස්වාධීනත්වයක් කියන තැන පිහිටුවනවා. මෙතනදි සෙක්ස් ටෝයිස් ලොකු කාර්යභාරයක් ඉටුකරනවා.

    සෙක්ස්ටෝයි එකක් කියන්නෙ හැම වැඩිහිටියෙක් විසින්ම අත්පත් කරගත යුතු, ළඟ තබාගත යුතු දෙයක්. ඒකෙන් ලිංගික ජීවිතයේ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගන්න පුළුවන්. තමන්ගේ ශරීරය පිළිබඳ ආත්ම විශ්වාසය වඩවන්නත්, ලිංගිකත්වයේදි ස්වාධීනත්වය වර්ධනය කරන්නත් සෙක්ස් ටෝයිස් උදව් වෙනවා. ඒ වගේම සම්බන්ධතා ඇතුලෙදි සහකරුවා/සහකාරිය අතර බැඳීම් රසවත් කරනවා. ලිංගික ක්‍රියාව සැහැල්ලු සොඳුරු ක්‍රීඩාවක් බවට පත් කරනවා. වැදගත්ම දේ තමයි සෙක්ස් ටෝයිස් ඉතාම විද්‍යාත්මකව තෘප්තිය වැඩිකිරීම සඳහාම නිපදවලා තියෙන එක. ඒ නිසා අනිවාර්යෙන්ම ඉක්මනින් ඉහළම සුරතාන්තයන් කරා ළඟා වෙන්න මේ සෙල්ලම් බඩු අපිට උදව් වෙනවා. අපි හැමෝගෙම විවිධ ලිංගික දුර්වලතා තියෙනවා. ඒවා ඉක්මවා සතුට අත්පත් කරගන්න සෙක්ස් ටෝයිස් ලොකු පිටුවහලක්. විශේෂයෙන් ප්‍රාණවත්වීමේ සහ දිගු වේලාවක් සංසර්ගයේ යෙදීමේ අපහසුතා ඇති අයට මේ රති මෙවලම්වලින් විස්කම් පාන්න පුළුවන්.

    සෙක්ස්ටෝයිස් කියන දේ මුලින් තිබුනෙ පෝර්න් ඉන්ඩස්ට්‍රි එකට කොටුවුනු තැනක. 98දි Sex and the City වැඩසටහන් මාලාවෙ කුප්‍රකට චාර්ලට් තමන්ගෙ සෙක්ස් ටෝයි එකක් වුනු හාවාට ඇඩික්ට් වුනු කතාවෙ ඉඳන් මේක ජනප්‍රිය සංස්කෘතිය ඇතුලට පොලාපැන්නා. ඇත්තටම මේ අනුරාගයේ රස රහස සාමාන්‍ය සමාජයට අරගෙන ඒමෙදි Sex and the City වගේම Fifty Shades of Grey කතා පෙල විශාල වැඩකොටසක් කරනවා.

    98දි සෙක්ස් ඇන්ඩ් ද සිටි විසින් අලුත් කවුළුවක් විවෘත කළත් ඒ අවශ්‍යතාවය පිරිමහන්න වෙළඳපොල දියුණු වෙලා තිබුනෙ නෑ. සෙක්ස්ටෝයිස් ඒ වෙද්දිත් තිබුනෙ හරිම ඩොජි විදිහකට. ඒ කියන්නෙ රහස්‍ය මට්ටමක. ඒවා කවුරුන් විසින් මොනවා පිනිස පාවිච්චි කරනවද කියන දැනුවත් බව පවා ඇතිවෙලා තිබුනෙ නෑ. මෙන්න මේ කාලෙදි තමයි රිචර්ඩ් ලොන්ග්හර්ස්ට් කියන මැගසින් කතුවරයා සහ නීල් ස්ලේට්ෆෝර්ඩ් කියන මියුසිෂන් එකතු වෙලා සෙක්ස්ටෝයිස් වලට ඔන්ලයින් ෂොප් එකක් දාන්න කල්පනා කරන්නෙ. මේ අදහස මේ දෙන්නට එන්නෙ ලන්ඩන්වල ඉරොටිකා ෂෝ එකක් බැලුවට පස්සෙ. අතේ තියෙන ඔක්කොම හූරලා පවුම් 9000ක් එකතු කරගෙන ඒ ගොල්ලො ඔන්ලයින් ෂොප් එක දානවා. පවුම් 1500ක් වටින බඩු තොගයක් මුලින් ගෙන්න ගන්නවා. ව්‍යාපාරික ස්ථානය වෙන්නෙ රිචර්ඩ්ගේ නිදන කාමරය.

    වැඩේ පටන් ගත්තට දෙන්නටම වැඩේ ගැන කිසිම අවබෝධයක් නෑ. කොටින්ම ‘අපි මේ මොන මඟුලක්ද කරන්න යන්නෙ’ කියල දෙන්නටම හිතෙනවා. බඩු පෙට්ටි ඇවිත් ඒවා විවෘත කරද්දි ඒ ගොල්ලොම බයවෙනවා.

    ‘අපිත් ටික ටික තමයි අපි විකුණන ප්‍රොඩක්ට් එක බාරගන්න පුරුදු වුනේ. ඒකෙ ෂොක් එක නැතිවෙලා යන්න අපිටත් කාලයක් ගතවුනා. ඒත් ඇත්තටම සෙක්ස්ටෝයිස් කියන්නෙත් අනිත් හැමදෙයක්ම වගේ තවත් නිෂ්පාදනයක් විතරයි’

    2002 දි ස්ටාර්ට්අප් එකක් විදිහට ‘Lovehoney’ පටන් ගන්නෙ එහෙමයි. මේ වෙද්දි ඒක පවුම් මිලියන 850ක ව්‍යාපාරයක්.මේ දෙන්නා වැඩ පටන්ගන්න කොට සෙක්ස් සම්බන්ධ කිසිම නිෂ්පාදනයක් විශ්වාසෙන් ගන්න තැනක් නෑ. ඒ ප්‍රොඩක්ට්ස් තිබුනත් ඒවා පාවිච්චි කරන විදිහක්, උවමනාවක් ගැන කවුරුවත් හරියට දන්නෙ නෑ. මේ දෙන්නා මුලින්ම කරන්නෙ හැම ප්‍රොඩක්ට් එකක්ම ලස්සන ෆොටෝග්‍රාෆ් කරන එක. ඊට පස්සෙ තමන්ගේ ලේඛන හැකියාව පාවිච්චි කරලා ඒ නිෂ්පාදන එකින්‍එක විස්තරාත්මකව පාරිභෝගිකයාට හඳුන්වලා දෙනවා.

    පළවෙනි අවුරුද්දෙම මාසෙකට ටෝයිස් 1000ක් අලෙවි කරන්න මේ දෙන්නට පුළුවන් වෙනවා. ඒ අවුරුද්දෙ ආදායම පවුම් 37000ක් වෙනවා.

    ලව්හනී ඉදිරිපත් වෙන්නෙ පෝර්න්වල කොටසක් වෙලා තිබුනු සෙක්ස්ටෝයිස් එදිනෙදා ලිංගික ජීවිතයේදී හැමෝටම හිතකර ආස්වාදනීය දෙයක් බවට පත්කරන්න.

    2011දි ඒ ගොල්ලො සෙක්ෂුවල් හැපිනස් පීපල් කියල තමන්ව හඳුන්වාගන්නවා. ලිංගිකව තෘප්තිමත් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිෂ්පාදනයක් විදිහට ඉස්සරහට එනවා. බොරු සදාචාරයෙන් ‍වහගෙන ඉන්න ලිංගික සංස්කෘතිය ඇතුලෙ සෙක්ස්ටෝයිස් කියන්නෙ විවෘතබව සහ බාරගැනීම වෙනුවෙන් ගහන කැරැල්ලක්. බරපතල, වරදකාරී දෙයක් විදිහට සෙක්ස් මත පනවා තිබුනු බර සැහැල්ලු කරමින් ඒක සොඳුරු ක්‍රීඩාවක් බවට පෙරලන එළඹුමක්.

    2016දි මේ ව්‍යාපාරය වෙනුවෙන් ලව්හනී දෙපොල රැජිණගෙන් සම්මාන ලබනවා. බකිංහැම් උද්‍යාන සාදයෙදි රැජිණ සහ ඩියුක් එඩින්බරෝ මුනගැහෙන්නත් අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දි ලව්හනී කියන්නෙ ලෝකෙ විශාලතම ඔන්ලයින් සෙක්ස්ෂොප් එක. සෙක්ස්ටෝයිස් සහ අනුරාගී ඇඳුම් ආයිත්තම් තමයි ඒ අයගෙ බිස්නස් එක. බ්‍රිතාන්‍ය වගේම ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, යුරෝපා සංගමය, කැනඩාව, නවසීලන්තය ආදී රටවල් ගණනාවක මේ රති අරගලය ක්‍රියාත්මක වෙනවා.මිලියන 2.2ක පාරිභෝගික පිරිසක් සහ 300ක කාර්යමණ්ඩලයක් ආදර මීවිත වටේ රැස්වෙනවා.

    ෆිෆ්ටිෂේඩ්ස් ‍ඔෆ් ග්‍රේ කතා මාලාව වෙනුවෙන් සෙක්ස්ටෝයිස් නිෂ්පාදනය කිරීමේ අයිතිය ලබාගැනීමත් එක්ක ලව්හනී තමන්ගේ විප්ලවයේ දැවැන්තම අදියරට එළඹෙනවා. ඒ අනුර‍ාගී කතිකාවට අවශ්‍ය මෙවලම් ඒ අය අතින් නිපදවෙනවා.

    පාරිභෝගිකයන්ට අලුතෙන්ම අවශ්‍ය ශෘංගාර මෙවලම මොකක්ද කියල තේරුම් ගන්නෙ කොහොමද? රිචර්ඩ් සහ නීල්ගෙන් සඟරාවක් ප්‍රශ්න කරලා තිබුන.

    ‘අපි ලෝකෙ වටේම තියෙන ඉරොටික් නිෂ්පාදන සංදර්ශන බලන්න අනිවාර්යෙන්ම යනවා. ඒ ඇසුරෙන් අපිට ශෘංගාරය ගමන් කරමින් තිබෙන යම් යම් දිශානතීන් හිතාගන්න පුළුවන්. ඒ වගේම හැම අවුරුද්දකම අපි ලව්හනී නිමැවුම් තරගයක් පවත්වනවා. ඕනම කෙනෙකුට තමන්ගේ අලුත් ශෘංගාර මෙවලමක් ගැන සංකල්පයක් ඒකට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙන් තෝරගන්න හොඳම නිමැවුම් අපි නිෂ්පාදනය කරනවා’

    කොවිඩ් කියන්නෙ හැමෝගෙම ලිංගික ජීවිතය සංකෝචනය වුනු කාලයක්. සබඳතාවලින් මිනිස්සු දුරස් වුනා. එකිනෙකා අතර පරතරයක් තියාගන්න සිද්ද වුනා. මේ කාලෙදි කෑමබීම, ඇල්කොහොල් සහ සෙක්ස්ටෝයිස් තමයි ලෝකයේ බහුතරයක වැඩිපුර මිළදී ගැනීම් වුනේ. මේ නිසාම ලව්හනී නිෂ්පාදන අලෙවිය මේ කාලෙදි සුවිශේෂී විදිහට ඉහල ගිහින් තියෙනවා.

    2021 අවුරුද්දෙ වසර 06ක් පුරා එකදිගට කැපී පෙනෙන අන්තර්ජාතික අලෙවියක් පෙන්වූ ව්‍යාපාරය හැටියට ලව්හනී නැවතත් රැජිනගේ සම්මාන ලබනවා.

    ලව්හනී ව්‍යාපාරය සමග වැඩකරන සේවකයන්ටත් විශේෂ වරප්‍රසාද තියෙනවා. ඕනම පැමිනිල්ලක් ගැන ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඒ ගොල්ලොන්ට පුළුවන්. ක්‍රියා විරහිත යමක් වෙනුවෙන් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ලබාදීම වගේ තීරණ වුනත් ඒ අයට තනියම ගන්න පුළුවන්. මේ සේවක මණ්ඩලයේ සියල්ලන්ටම තමන්ට අවශ්‍ය සෙක්ස්ටෝයිස් නොමිලේ ලබාගන්නත් අවකාශ තියෙනවා.‘අපේ වැඩකරන අය සතුටෙන් ඉන්නෙ නැත්තං අපි කොහොමද අනිත් අයට සතුට බෙදන්නෙ?’ ආදරමීවිත නිර්මාතෘවරු කියන්නෙ එහෙමයි.

    මේ ලව්හනී බ්‍රෑන්ඩඩ් සෙක්ස්ටෝයිස් දැන් ලංකාවෙත් තියෙනවා. තත්වයෙන් උසස්, වගකීමත් ඇති රතිකෙළි උපාංග, අනුරාගී විලාසිතා හොයන, විඳින රසවත් වෙන අයට ඔන්ලයින් ඒවා ඇණවුම් කරන්න පුළුවන්.

  • නිදහස සොයා ගිය දැරියන් තිදෙනා

    නිදහස සොයා ගිය දැරියන් තිදෙනා

    කොළඹ 12න් අතුරුදන් වුනු මුස්ලිම් දැරියන් තුන්දෙනා ආපහු ගෙදර ඇවිත් කියල පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මාධ්‍යවලට කියල තිබුන. මේ දැරියන් තුන්දෙනා ආගිය අතක් නෑ කියල පැමිණිලි ලැබුනෙ සඳුදා. අවුරුදු 15ක දැරියක් සහ 13ක දැරියන් දෙදෙනෙක් ගැන තමයි මේ ප්‍රවෘත්තිය පළවුනේ. එකම පවුලක සහෝදරියන් දෙදෙනෙක් සහ ඥාති සහෝදරියක් මේ අතර හිටියා.

    දැන් ප්‍රශ්නෙ ඉවරයි. ළමයි ගෙදර ආවා, කතාව සමාප්ත වුනා. ඒත් මොකක්ද ඇත්තටම මේ දැරියන්ට වෙලා තිබුනෙ?

    ගෙදරින් පැනලා යන මේ කුඩා දැරියන් තමන්ගේ ස්වර්ණාභරණ උකස් කරලා මුදල් අරගන්නවා. ඒ මුදලින් තමන් කැමති ඇඳුම් පැළඳුම් ගන්නවා. කැමති විදිහට අඳින්න පළඳින්න අහිමි නිදහස එක දවසකට හෝ හිමි කරගන්නවා. ඊළඟට වත්තල පැත්තෙ නැටුම් පංතියකට ඇතුල්වෙන්න උත්සාහ කරනවා. ඒත් වයස අඩු නිසා ඒ අයව නැටුම් පංතියෙන් බාරගන්නෙ නෑ. ආපහු ගෙදර යන්න බැරි හින්දා මේ තුන්දෙනා අනුරාධපුරේ යන බස් එකකට නගිනවා. අනුරාධපුරෙන් මහනුවරට එනවා. මහනුවරින් ආපහු කොළඹ එනවා. දැනගන්න තියෙන විදිහට ඊළඟට මේ දැරියන් තුන්දෙනා සිරිකොතටත් ගිහින් තියෙනවා. සජිත් ප්‍රේමදාස මුනගැහෙන්න හදලා තියෙනවා. අවාසනාවට සජිත් ඒ වෙලාවෙ ඉඳලා නැති නිසා මේ වගේ ප්‍රශ්නෙකදි එයා කොහොම ක්‍රියා කරයිද කියන එක අපිට බලාගන්න බැරි වෙනවා. වෙන යන්න තැනක් නැති තැන ආපහු තමන්ගේ ඥාති නිවසකට යන්න මේ දැරියන් තීන්දු කරනවා.

    මේක තනිකරම ඉරාන චිත්‍රපටයක කතාවක් වගේ. උපන් ආගම හින්දම තමන්ට තහනම් කළ නිදහස හොයාගෙන මේ පුංචි කෙල්ලො තුන්දෙනෙක් ගහන කැරැල්ලක් මේක.

    මුස්ලිම් සංස්කෘතියේ දැඩි විදිහට විශේෂයෙන්ම කාන්තාවන්ගේ නිදහස පාලනය කරනවා. අනිත් ආගම්වල තියෙන්නෙත් සාපේක්ෂ වෙනසක් විතරයි. මේ වෙද්දි අලුත් බෞද්ධ භික්ෂූනුත් කොටට ඇඳීම, ගීත නැරඹීම වගේ දේවල් පාපයන් හැටියට දේශනා කරමින් යනවා. කාන්තාවන් බලෙන් හික්මවන්න හදනවා.

    තමන් උපන් පවුලේ ආගම නිසා තමන්ගේ ජීවිතයේ කැමති යමක් තෝරාගැනීමට ඇති අයිතිය අහිමි කිරීම කොයිතරම් ඛේදයක්ද? තමන්ට අඳින්න පළඳින්න ඇති නිදහස, නටන්න, කන්න බොන්න ඇති නිදහස තමන් ඉපදෙන්නත් කලින්ම තීන්දු වෙලා තියෙන එක කොයිතරම් අසාධාරණයක්ද? මේ විදිහට දරුවන්ට තමන් කැමති දෙයක් ඉගෙනීමේ අයිතිය ජාති ආගම් හේතුමත තහනම් කිරීම ළමා අයිතිවාසිකම් උදුරාගැනීමක් නෙමෙයිද? (දෙමව්පිය කැමැත්ත පරිදි පොඩි උන් මහණ කිරීම හා සමානම හිංසනයක්)

    මේ නිදහස හොයාගෙන ගිය දැරියන් ඒ ගමනේදි තව කොයිතරම් ආපදාවලට ලක්වෙන්න ඉඩ තිබුනද?

    දැරියකට විතරක් නෙමෙයි ලංකාවෙ ගුරුවරියකටවත් තමන් කැමති ගැලපෙන ඇඳුමක් ඇඳීමේ නිදහසක් නෑ. සාරිය අනිවාර්යයක් වෙලා තියෙනවා. කාන්තාවන්ගේ තෝරාගැනීමේ නිදහස මේ විදිහට අවහිර කිරීමේ පදනම මොකක්ද කියල කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නෙ නෑ.
    තමන් විසින් තෝරා නොගත් ආගමක් හෝ සංස්කෘතියක් විසින් දරුවන්ගේ ජීවිතය පාලනය කිරීම, නිදහස අහිමි කිරීම කියන කාරණය සාකච්ඡාවට ගත යුතුයි. ඒ කවර හෝ ශික්ෂණයක් ඔවුන්ගේ තෝරාගැනීමක් විය යුතුයි. එහෙම නැත්තං එතන සිද්ද වෙන්නෙ බලහත්කාරයක්. මේ දැරියන් පලා යන්නේ ඒ බලහත්කාරයෙන් දවසකට හෝ මිදිලා නිදහසක් විඳින ආශාවෙන්. ඒක හදවතට දැනෙන ඉල්ලීමක්.

    දැන් ආපහු ඒ දැරියන් පරණ විදිහට ඒ සංස්කෘතිය ඇතුලෙ කූඩු කරාවි. පෙරටත් වඩා දැඩි විදිහට රැකවල් පනවාවි. හරියට ගහලා හදපු නැති නිසා කියල දෙමව්පියන්ටත් ඥාතීන් චෝදනා කරාවි. සිරගත කළ, නිදහස අහිමි කළ, කාන්තාවන් විදිහට ලොකු මහත්වෙලා (සමහර විට පුළුවන් තරම් ඉක්මණට) පවුලේ කැමැත්ත පරිදි කසාදයකට එළඹීම ඒ අයගේ දෛවය වේවි. තමන්ගේ නිදහස වෙනුවෙන් මේ කළ කැරැල්ල ඒ අයත් අමතක කරන මතකයක් වේවි.

    නටන්න ඇති ආශාව පාපයක් බව තමන්ටම දැඩිව කියාගන්න මේ දැරියන්ට සිද්ද වේවි.

    මේ දැරියන් කවදා හෝ දවසක මව්වරුන් වී තමන්ගේ දරුවන්ටවත් ඒ තමන්ට අහිමි වූ නිදහස විඳින්න ඉඩ දෙයිද? සංස්කෘතික බලහත්කාරය ක්‍රියාත්මක වෙන්නෙ ඒ විදිහට නෙමෙයි. පීඩිතයාම ඊළඟ වටයේ පීඩකයා වීමයි ඒකෙ සැබෑ මුහුණුවර වෙන්නෙ.