Category: Features

  • Bigas Luna

    Bigas Luna

    කාලෙකට පස්සෙ ආපහු බිගාස් ලුනාගෙ ඒජස් ඔෆ් ලුලු ෆිල්ම් එක බැලුවා. අනූගනංවලම මේක බලලා තිබුනත් ඒ කාලෙ බැලුවෙ ඩබල්එක්ස් එකක් හින්ද මිසක් වෙන විශේෂයක් ඇතුව නෙමෙයි. ආපහු බලද්දි ලූනාගෙ සිනමාව මාව පුදුමයට පත් කළා. ටයිට්ල් දාන තැන ඉඳන්ම ඒ රූපරාමු අපේ සම්මතයන් හොල්ලන්න පටන් ගන්නවා. මං වඩාත්ම කැමති අධ්‍යක්‍ෂවරයා සතු ඉවසීමට. ශෘංගාරාත්මක මොහොත පමා කරමින්, අත්පත් කරගත නොහැකිවන රසයකට ඇබ්බැහි කරමින් ලූනා එයාගෙ රූප ගොඩනැංවීම කරන හැටි ඉරොතික සිනමාවේ ව්‍යාකරණ හොඳට කියල දෙන තැනක්. කිව්වට විශ්වාස කරන්න විනාඩි පහලොවකට වඩා එකදිගට බලන් ඉන්න බැරි තරම් මේ සිනමාව ප්‍රබලයි. අපේ ඉවසීම පරීක්ෂා කරනසුලුයි. අලුමදෙනා ග්‍රාන්දෙ ලියපු නවකතාවේ ස්ත්‍රීමය ශෘංගාරය කැමරාවට දක්ෂ විදිහට අහුකරගන්න බිගාස් ලුනා සමත්වෙනවා කියල මං හිතනවා.

    ලුනා කියන්නෙ ස්පාඤ්ඤ ඉරොතික සිනමාවෙ කැපී පෙනෙන නිර්මාණකරුවෙක්. ඒ වගේම එයාගෙ චිත්‍රපටිවල කෑමවලටත් ලොකු ඉඩක් ලැබෙනවා. මොකද ලුනාට ෆිල්ම් ගැන වගේම ෆුඞ් කල්චර් එක ගැනත් ලොකු ආශක්තබවක් තියෙනවා. එයා චිත්‍රපටකාරයෙක් විතරක් නෙමෙයි. ඩිසයිනර් කෙනෙක්, සිත්තරෙක් වගේම මල්ටිමීඩියා ආර්ටිස්ට් කෙනෙක්.

    එයා පටන් ගන්නෙ ඉන්ඩස්ටි්‍රයල් සහ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට. 60 ගනං වෙද්දි එයාගෙ ඩිසයින් අලුතෙන් මතුවේගෙන එන විෂුවල් තාක්ෂනයන් පැත්තට යොමුවෙනවා. 70 ගනංවලදි එයා සිනමාවට එන්නෙ කෙටි ඉරොතික චිත්‍රපටි හදලා. එයාගෙ පලවෙනි ෆිල්ම් එක ටැටූ කාන්ස් සම්මාන උළෙල නියෝජනය කරනවා. ඒ ශෘංගාර මැවීමේ විප්ලවීය ගුනය බිගාස් ලූනා සලකුණ මුල්වරට තියනවා.

    80 ගනං වෙද්දි එයා විශ්‍රාම යනවා. ළමයි හදාගෙන බිරිඳත් එක්ක ඕගනික් ෆාම් එකක් කරගෙන සතුටෙන් ජීවත් වෙන්න ගන්නවා. 90 ගනංවලදි අන්ද්‍රෙ වින්සන් ගොමස් කියන නිෂ්පාදකයා තමයි නැවත එයාව හොයාගෙන ගිහින් ඒජස් ඔෆ් ලුලු කරන්න පොළඹවා ගන්නෙ. ඒක අතිශය සාර්ථක කෘතියක් වෙනවා.

    ඊට පස්සෙ ලුනා අතින් එයාගෙ සුවිශේෂම නිර්මාණ ත්‍රිත්වය හැදෙනවා. හැම් හැම්, ගෝල්ඩන් බෝල්ස්, ටිට් ඇන්ඞ් ද මූන් කියන්නෙ ඒ ට්‍රයොලොජිය. යේමොන් යේමොන් (හැම් හැම්) එකෙන් තමයි අවුරුදු 16ක පෙනිලොප් කෲස් සිනමාවට හඳුන්වාදෙන්නෙ. මේ චිත්‍රපට ඇතුලෙන් බිගාස් ලුනා ස්පාඤ්ඤ ජනතාවගේ මනස් අභ්‍යන්තරයෙ අඳුරුම ආශාවන්ට එබෙනවා. යෙමොන් යෙමොන් වැනිස් සිනමා උළෙලේ රිදී සිංහ සම්මානය පවා දිනාගන්නවා. 

     

    මං චිත්‍රපටියක් හදනකොට මට ඕන නෑ මගේ සංකේතමය අර්ථකතන මතුපිටට ගේන්න. ඒක සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයාට කරන අසාධාරනයක්. ඒත් මං නිකංම විනෝදාස්වාදය වෙනුවෙන් චිත්‍රපට කරන්නෙ නෑ. ඒ වගේම ඕනවට වඩා සැඟවුනු අර්ථ ප්‍රකාශ කරන්නෙත් නෑ. මට හිතෙන්නෙ ඉතාම සාර්ථක සංකේතමය අර්ථ සහිත චිත්‍රපටියක ඒ සංකේතාර්ථ දුවන්න ඕන යටිපෙලක් විදිහට. මොනවා හරි තියෙනවා කියල දැනෙනවා. ඒත් කාටවත් ඒක ලේසියෙන් අල්ලගන්න බෑ. ඒක ආස්වාදජනකයි.

  • කංසා මට සමාවෙන්න.

    කංසා මට සමාවෙන්න.

    ලංකාවෙ දොස්තරලා කංසා නීතිගත කිරීමට විරුද්ධයි. ඒ කිසිම තමන් විසින් කළ පිළිගත හැකි අන්දමේ පර්යේෂණවලින් එළඹුනු නිගමන මත නෙමෙයි. ගතානුගතික පිළිගැනීම මත පිහිටා කරන නිකංම බාරගැනීමක් සහ වෙනත් රටවල ප්‍රධාන ධාරාවෙ ඇතැම් පර්යේෂණ විශ්ලේෂණයකින් තොරව ගුරු කොට ගැනීමක් තමයි එතන දකින්න තියෙන්නෙ. ඕනෑම විෂයක් පිළිබඳව තමන් එල්බගත් මතයෙන් බැහැරව විකල්ප මතිමතාන්තර ගැන මැදිහත් අධ්‍යනයක් ලංකාව වගේ රටක වෛද ්‍ය වෘත්තිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ විෂය ධාරාව සකස්වෙලා තියෙන්නෙම දැඩි ආධිපත්‍යයික ආගමික මුහුනුවරකින්.

    විශේෂයෙන්ම ලක්ෂ ගානක් විසින් පාවිච්චි කරන මත්ද්‍රව්‍යයක් ගැන රෝහලකට එන සිය ගානක් එය හානිකර තරමින් භාවිතා කළවුන්ගෙ දත්ත පාදක කරගෙන කරන  ප්‍රතිකාශ අවිද්‍යාත්මක වෙනවා. ඒ වගේම ලක්ෂ ගානකට ආර්ථික, ආධ්‍යාත්මික සහ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබෙන දෙයක් රෝහල්ගත සුලූතරයකගේ අනිසි භාවිතය මත තහනම් කරන්න කියල ඉල්ලන එක පරිණත අදහසක් නෙමෙයි.

    ඕනම ඩ‍්‍රග් එකක් තහනම් කරද්දි සිද්ද වෙන දේවල් දෙකක් තියෙනවා. එක්ක අලූත් අපරාධකාරයන් පිරිසක් බිහිකරන එක. ඒ හරහා නව පාතාලයක් වගේම පාවිච්චි කිරීම නිසා සිරගත වෙන, ජීවිත විනාශවෙන පිරිසක් නිර්මාණය කරනවා. අනෙක ඒ රසායනිකය ගැන පර්යේෂණ පක්ෂග‍්‍රාහී වෙන එක. ඒකෙන් සියලූ පර්යේෂණ සීමා වෙනවා. අධිකාරීන්ට යටත් වෙනවා. ඒ රසායනිකය ගැන වැදගත් මැදිහත් දැනුමක් ලබාගැනීමේ විද්‍යාත්මක අවකාශය ඉවර වෙනවා.

    වෛද්‍ය සංජේ ගුප්තා ඇමරිකානු ස්නායු වෛද්‍යවරයෙක්. සීඑන්එන් ප්‍රධාන වෛද්‍ය වාර්තාකරු විදිහටත් සේවය කරනවා. ජෝර්ජියාවෙ ග‍්‍රැඩි අනුස්මරණ රෝහලේ සහකාර ප්‍රධාන ස්නායු වෛද්‍යරයා වෙන්නෙත් ගුප්තා. ඒ වගේම ඉමොරි වෛද්‍ය විද්‍යාලයේ ස්නායුවේදය ගැන ආචාර්යවරෙයක්.

    එයා කංසා ගැන නිදහස් පර්යේෂණයක්, දැනට සොයාගෙන ඇති දත්ත ගවේෂණයක් වගේම ඒ දත්ත පිටුපස පවතින සමාජ දේශපාලන තත්වයන් පිළිබඳ පිරික්සීමක් කරනවා. මේ ගුප්තා විසින් 2013දි ලියපු ලිපියක්. අද වන විට ඇතැම් කරුණු වෙනස් වෙලා තිබුණත් තහනමක් ගැන නිදහස් වෛද්‍යවරයෙකුගෙ විද්‍යාත්මක සොයාබැලීමක් මෙතන සටහන් වෙනවා.

    අන්තිම අවුරුද්දෙ මං වීඞ්- නැත්තං කංසා කියල අලූත් ඩොකියුමෙන්ටි‍්‍රයක වැඩ කරමින් හිටියා. ඒ නම ඇහුන ගමන් ඒක ගැන එන්න පුළුවන් සරලමතික අදහසට වඩා ඇත්තට ඒකෙ කන්ටෙන්ට් එක වෙනස්.

     

    ඉතාම වැරදි සහගත විදිහට මං විශ්වාස කළා මත්ද්‍රව්‍ය මර්දන ආයතනය විසින් කංසා පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් ලෙස නම් කරන්න ඇත්තේ විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙලා කියල. මොකක් හරි ඒ අයට දැඩිව පිලිගත හැකි තර්කයක් තියෙන්න ඕන කංසා ඉතාම අන්තරායකාරී, කිසිම වෛද්‍යමය අගයක් නැති, අපහරණයට සහ ඇබ්බැහියට පොළඹවන මත්ද්‍රව්‍යයන් සමග එක පෙලේ තියන්න. ඒත් අවාසනාවට ඒ අයට ඒ වෙනුවෙන් කිසිම විද්‍යාත්මක පදනමක් තිබුනෙ නෑ. ඒ වගේම මං දැන් පැහැදිලිව දන්නවා මරිජුවානා නැත්තං කංසා ගැන මේ කියන සියල්ල බොරු වග. කංසා කොහෙත්ම දරුනු ඇබ්බැහියක් හෝ අයථා භාවිතයක් ඇති කරන්නෙ නෑ. ඒ වගේම පැහැදිලි වෛද්‍යමය වටිනාකමක් කංසාවල තියෙනවා.සමහර රෝගී තත්වයන්ට වැඩ කරන එකම රසායනය වෙන්නෙ කංසා. 

    උදා විදිහට කොලරාඩෝවල චාලට් ෆිගී සම්බන්ධ රෝගී තත්වය. අවුරුදු තුනේ ඉඳන් එයාට ෆිට් එක හැදෙනවා. සතියකට 300 වතාවක් විතර හැදෙනවා. ඒ මදිවට බෙහෙත් වර්ග හතක් විතර දිනපතා ගන්නවා. මෙඩිකල් මරිජුවානාවලට පුළුවන් වුනා එයාගෙ මොලය සංසුන් කරන්න. කංසා පාවිච්චියත් එක්ක මේ වෙද්දි එයාට ෆිට් එක හැදෙන්නෙ මාසෙකට දෙපාරක් හෝ තුන්පාරක් විතරයි. මං ඒ වගේ රෝගීන් බොහොමයක් මුනගැහිලා තියෙනවා. මට ඒත්තු ගියා අපි වෛද්‍ය වෘත්තිකයන් විදිහට ලබාදෙන්න පුළුවන් හොඳම ප‍්‍රතිකාරය ලබානොදීම අපේ වගකීම පැහැර හැරීමක් බව. සමහර විට ඒ ප්‍රතිකාරයට කංසා අඩංගු වෙන්න පුළුවන්. අවුරුදු 70ක් පුරා අපි ඉතාම විධිමත් ස්වරූපයෙන් නොමග ගිහින් තියෙනවා. ඒකට මගෙන් සිදුවුනු දායකත්වය වෙනුවෙන් මං සමාව ඉල්ලනවා. මං විශ්වාස කරනවා මේ ලිපියත්, ඉදිරියට එන ඩොකියුමෙන්ට්‍රියත් යම් නිවැරදි කිරීමක් වෙනුවෙන් කළ හැකි උපරිමය කරයි කියල.

    1970දි සහකාර සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රොජර් ඕ එග්බර්ග් ලියනවා ලියුමක්. කංසා පලවෙනි කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට නිර්දේශ කරන්නෙ එතනින්. ඒක ඒ විදිහටම අවුරුදු 45ක් ඇවිල්ලා තියෙනවා. මං මුලින්ම පටන් ගත්තෙ ඒ දශක ගානක් පරණ ලියුම අධ්‍යනය කරන තැනින්. මං දැකපු දේ ඉතාම නරක තත්වයක්. එග්බර්ග් එයාගෙ වචන පරිස්සමෙන් තෝරගෙන ලියනවා.

    ‘‘අපිට තවමත් මේ ශාඛය හෝ එයින් ඇතිකරන මත්බවේ ප්‍රතිඵල ගැන සැලකිය යුතු තරමේ දැනීමක් නැති නිසා අපගේ නිර්දේශය වන්නේ මරිජුවානා පලවෙනි කාණ්ඩයේ මත්ද්‍රව්‍යයක් වශයෙන් තබාගන්නා ලෙසයි. අඩුම තරමේ එවන් අධ්‍යයන වලින් පසු මේ තත්වය නිරාකරණය කරන තෙක්.’’

    කංසා තහනම් වෙන්නෙ ඒ ගැන විද්‍යාත්මක දැනීමක් නිසා නෙමෙයි. ඒ ගැන කිසිම දැනීමක් නැතිවීම නිසයි.

    1970දි එග්බර්ග් මෙතන කියනවා ඒ ගැන කෙරෙන අධ්‍යයන ගැන. නමුත් ඒ බොහොමයක් සම්පූර්ණ නොවී මගදි නතර වෙනවා. ඒත් තව ගැඹුරින් හොයද්දි එග්බර්ග්ට මේ වෙනකොට ඉතාම වැදගත් පර්යේෂණයක ප්‍රතිඵල ඇවිත් තිබුනා කියල මං දැනගත්තා. ඒ සමහර තොරතුරු ඊටත් වඩා අවුරුදු 25ට කලින් හොයාගත්ත ඒවා. 1944 නිව්යෝර්ක් මේයර් ෆ්ලොරෙලෝ ලගාර්ඩියා නිව්යෝර්ක් සයන්ස් ඇකඩමියත් එක්ක එකතු වෙලා අධ්‍යනයක් පටන් ගන්නවා. ඒ ගොල්ලොන්ගෙ නිගමනය වෙන්නෙ මර්ජුවානා වෛද්‍ය විද ්‍යාත්මක තේරුමෙන් බරපතල ඇබ්බැහියක් ඇති කරන්නෙ නැති වගයි. ඒ වගේම මරිජුවානා විසින් මෝර්ෆීන්, කොකේන්, හොරොයින් ඇඩික්ෂන් එකකට පොළඹන්නෙ නැති වගත් ඒ අය නිගමනය කරනවා. 

    අපි දැන් දන්නවා ඇතැම් දත්තයන් වෙනස් වුනත් කංසා විසින් 9%-10%ක් අතර වැඩිහිටියන් ඊට පොළඹවාගැනීමේ තත්වයක් ඇති කරන වග. ඒක අපි දෙවෙනි කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට ලකුනු වෙලා තියෙන කොකේන් එක්ක සංසන්දනය කලොත් හානිකර බවෙන් අඩු කාන්ඩයක තියෙන කොකේන්වල ඇබ්බැහිකාරක බව 20%ක් වෙනවා. හෙරොයින්වල 25%ක්. වඩාත් දරුණුම ඇබ්බැහිකාරකය වෙන්නෙ දුම්කොල. ඒ ඇබ්බැහිය 30%ක්. මේ ඇබ්බැහිය නිසාම දුම්කොල උරන්නො මියයාම පවා සිද්ද වෙනවා. සමහර කංසා පාවිච්චි කරන අයට ඒක නැවැත්තුවම ඇතිවෙන බලපෑම ගැනත් සාක්ෂි තියෙනවා. නින්ද නොයාම, කාංසාව, අප්පිරියාව වගේ තත්වයන් පවතින්න පුළුවන්. එහෙම සලකා බැලූවත් ඒක හානිකර බවෙන් වැඩි මත්ද්‍රව්‍යයක් විදිහට ගන්න එක විද්‍යාත්මක නෑ.අනෙක් මත්ද්‍රව්‍ය එක්ක සංසන්දනය කලොත් කංසා ඇබ්බැහිය නොතකා හැරිය හැකි තරම්. ඇල්කොහොල් ඇබ්බැහිය අරගෙන බැලූවොත් ඒක ජීවිතය අවදානමේ හෙලන තරමෙ එකක්. 

    මං මෙතනදි කියන්න ඕන තාත්තා කෙනෙක් හැටියට මං හිතනවා ළාබාල, මොළය වැඩෙන වයසෙ දරුවන්ට කංසාවලින් වැඩි හානියක් සිද්ද වෙන්න පුළුවන්. සමහර පර්යේෂන පෙන්නන විදිහට නවයොවුන් කාලයේ දිනපතා කංසා පාවිච්චි කලොත් ෂූ ලෙවල් එක අඩුවෙන්න පවා පුළුවන්. තව පර්යේෂණයක් පෙන්නන විදිහට ඒ වයසෙදි දරුණු කංසා භාවිතය සයිකෝසීය තත්ව පවා ඇති කරන්න පුළුවන්. මං මගේ පොඩි අයට ඇල්කොහොල් බොන්න දෙන්නෙත් නෑ. ඒ ගොල්ලොන්ට කංසා පාවිච්චියට වුනත් මං වැඩිහිටි වයසට එනකල් ඉඩදෙන්නෙ නෑ. ඒ ගොල්ලොන්ට කංසා බොන්න ඕනම කියනවා නම් මං කියනවා අඩුම අවුරුදු විසිගනං වෙනකල්වත් ඉන්න, මොළය සම්පූර්ණයෙන් වැඩෙනකල් කියල. 

    වෛද්‍යමය  ප්‍රතිලාභ මේ ගවේෂනය අතර මං තව වැදගත් දෙයක් හොයාගත්තා. මෙඩිකල් මරිජුවානා කියන එක අලූත් දෙයක් නෙමෙයි. වෛද්‍ය ප්‍රජාව කාලයක ඉඳන් මේ ගැන විවිධ දේ ලියා තියෙනවා. ඇත්තටම සිය ගානක් එහෙම ලියවුනු වෛද්‍ය ලිපි තියෙනවා කංසාවලින් ඇති ප්‍රයෝජන ගැන. මේ ගොඩක් ලිපි ලියවිලා තියෙන්නෙ 1840-1930 අතර කාලෙදි. ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්කාලයේ පහුගිය වසරේ පමණක් ලිපි 2000ක් පමණ කංසා ගැන ලියවී තියෙනවා. 

    බහුතරයක් කංසා පාවිච්චියේ නරක ගැන. කංසා වලින් ලැබෙන බෑඞ් ට්‍රිප් ගැන, පිලිකා සමග සම්බන්දයක් තියෙනවද කියන එක ගැන ආදී වශයෙන්. මං එතනදි තේරුම් ගත්තා කංසාවලින් ඇති යහපත සෙවීම වෙනුවෙන් පර්යේෂණ කෙරෙන්නෙ 6%ක තරම් සුළු ප‍්මාණයක් විතරයි කියන එක. අනිත් ඔක්කොම පර්යේෂණ කෙරෙන්නෙ කංසා වලින් ඇති විය හැකි හානි ගැන හොයන්න. මේ අසමතුලිතතාවය ඇත්ත  ප්‍රතිඵල වල ලොකු විකෘතියක් ඇති කරනවා. කංසා ගැන අධ්‍යනයට ඇති අභියෝග- කංසා ගැන කවුරුහරි අධ්‍යනයක් කරනවා නම් ඊට කාරණා දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් කංසා තියෙන්න ඕන. හැබැයි කංසා තහනම්. දැන් පේනවද අර්බුදය? විද්‍යාඥයන්ට පුළුවන් පර්යේෂණ සඳහා මිසිසිපිවල ගොවිපොලකින් කංසා ගෙන්වාගන්න. ඒත් මං එතනට ගිහින් බලද්දි එතන කංසා වැවීම නතර කරලා. අනික ඔයා ඒ සඳහා අවසර ලබාගන්න ඕන. 

    මං මුනගැහුනු විද්‍යාඥයො හැමෝම වගේ කිව්වෙ ඒක කොයිතරම් අසීරු කාරණයක්ද කියන එක. කැන්සර් ගැන අධ්‍යනයක් නම් ඒක ජාතික පිලිකා ආයතනය හරහා යන්න ඕන. වේදනා ගැන අධ්‍යනයක් නම් ඒක ජාතික ස්නායු ආබාධ ආයතනය හරහා යන්න ඕන. ඒ වගේම තුන්වෙනි වැදගත් අනිවාර්ය අනුමැතියක් තියෙනවා. ඒක ගන්න තියෙන්නෙ හානිකර මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික ආයතනයෙන්. ඒ ආයතනය තියෙන්නෙම මත්ද්‍රව්‍ය වලින් වෙන හානිය ගැන හොයන්න. කොහෙත්ම මත්ද්‍රව්‍යවලින් ලබාගත හැකි ප්‍රතිලාභ ගැන හොයන්න නෙමෙයි. 

    ඉතින් තමන්ගේ රෝගයක් සඳහා කංසා නිදහස් වෙන තුරු බලන් ඉන්න රෝගීන්ට කිසිම ඉඩක් ලැබෙන්නෙ නෑ. 1943 වෙනකල් කංසා නීතිමය වශයෙන් ඖෂධ ලැයිස්තුවෙ තිබුනා. ඒක නිර්දේශ කලේ ස්නායු වේදනා සඳහා. පාලනය කළ නොහැකි තරම් දරුණු වේදනාවලට. මේකට මරිජුවානා තියෙද්දි අද අපි පොපි ගහෙන් ගන්න මෝර්ෆීන්, ඔක්සිකොඩොන් නිර්දේශ කරනවා. අර්බුදය තියෙන්නෙ මේ වර්ගයේ වේදනාවලට ගොඩක් බෙහෙත් වැඩකරන්නෙ නෑ. අනික ඉක්මනින්ම ඇග ඒකට පුරුදු වෙනවා.

    වඩාත් බය හිතෙන කාරණය වෙන්නෙ ඇමරිකාවෙ හැම මිනිත්තු 19ට වරක්ම කවුරුන් හෝ වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කළ ඖෂධ පාවිච්චි කරලා මිය යනවා. ගොඩක් වෙලාවට වැරදීමෙන් ඕවර්ඩෝස් වෙලා. ඒක භයානක තත්වයක්. ඒත් කංසා නිසා මිය ගිය කිසි කෙනෙක් මේ වෙනතෙක් වාර්තා වෙලා නෑ.

     

     මේ වෙනකොට 76%ක් වෛද්‍යවරු කියනවා පිලිකා රෝග වේදනාවලින් පෙලෙන අයට තමන් කංසා නිර්දේශ කරනවා කියල.

    කංසා පළමු කාන්ඩයේ අන්තරායකාරී මත්ද්‍රව්‍යයක් විදිහට ශ්‍රේනිගත වෙද්දි ඒ වාක්‍යයේ තිබුනා හිඩැසක්. මේ ගැන අපගේ නොදැනීම නිසා… කියල. ඒත් ඒ දැනීම ලබාගන්න ඇමරිකාවෙ අමාරුයි. අර කලින් කිව්වා වගේ අනුමැතිය ලබාගන්න ඕන වැදගත්ම තැනක් විදිහට මත්ද්‍රව්‍ය වලින් වෙන හානි ගැන බලය ඇති ආයතනයක් බාධාකාරී ලෙස එතන තියෙනවා. ඒ සියලූ බාධක මැද්දෙ වුනත් අපි සැලකිය යුතු පර්යේෂන  ප්‍රමානයක් කරලා තියෙනවා.

    මං ඉතාම සතුටු වෙනවා ස්පාඤ්ඤය, ඊශ‍්‍රායලය වගේ රටවල් කංසාවල ඇති පිලිකා මර්දන ගුනයන් ගැන කරන පර්යේෂණ සම්බන්ධයෙන්. ඒ වගේම රෆායල් මෙෂුලම්ගෙ පසුකම්පන ආතතීන්ගෙන් පෙලෙන අයව සුව කරන්න කංසා යොදාගැනීම ගැන කරන පර්යේෂණ. මං ඒවා වෙනුවෙන් මට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා.

    රටවල් 20ක මිනිස්සු සහ කොලම්බියාව මේ වෙද්දි වෛද්‍යමය  ප්‍රතිකාරයක් විදිහට කංසා නීතිගත කරලා තියෙනවා. ඉක්මනටම අනිත් හැම රටක්ම කංසාවලට නිදහස ලබාදේවි.

    රොජර් එග්බර්ග් මීට අවුරුදු 18ට කලින් මැරුනා. මං කල්පනා කරනවා එයා අද හිටියා නම් මේ තත්වය ගැන කොහොම හිතයිද කියල.

  • The Ages of Lulu

    The Ages of Lulu

    Ages of Lulu කියන්නෙ අල්මුදීනා ග්‍රන්ඩෙ කියන ස්පාඤ්ඤ ලේඛිකාව අතින් 1989දි ලියවෙන ආන්දෝලනාත්මක ඉරොතික නවෙලාවක්. ඒකෙ කතාව වෙන්නෙ අවුරුදු පහලොවක ලුලු කියන නව යොවුන් තරුනිය එයාගෙ ලිංගික ආශාව සීමාවන් නොතකා තෘප්තිමත් කරන්න යන ගමනක්. මේ කතාව බිගාස් ලුනා අතින් 1990 දි චිත්‍රපටියකට නැගෙනවා. කාන්තා ශෘංගාර සාහිතන්‍යේ නව දොරටු විවර කිරීම වෙනුවෙන් මේ කෘතිය සම්භාවනාවට පාත්‍ර වෙනවා. මේ එම ලේඛිකාවක සමග කළ සංවාදයක පරිවර්තනයක්.

    අල්මුදීනා – ඒජස් ඔෆ් ලුලු කියන්නෙ බෙස්ට් සෙලර් එකක්. ඒක අදටත් විකිනෙනවා. මේ වෙද්දි අවුරුදු තිහක් පරණයි. මේ නවකතාව මට ඕන කරන ජීවිතේ මට දුන්නා. මට ලේඛිකාවක් වෙන්න ලැබුනෙ ඒ පොතත් ඒක නිසා ඇතිවුනු හඬත් නිසා. ඒකෙන් මට ගොඩක් දේවල් ලැබුන. මට සමහරවිට හිතෙනවා. ඒ තමයි මගේ අම්මා කියල. මං ඉතාම කෘතඥවෙනවා ඒ පොතට. ඇත්තටම ඒ පොතෙන් පස්සෙ මට ලැබුන සාර්තකත්වය හින්ද පොලොවෙ පය ගහන්න ලැබුනෙත් අමාරුවෙන්.

    ප්‍රශ්නය – මරියා ලූයිසා කියන මේ නවයොවුන් කෙල්ල ලිංගික ලෝකය සොයාගෙන යාමේ කතාවක් මේ තරම් රැල්ලක් ඇති කළේ කොහොමද?

     

    අල්මුදීනා – මං ඒක ගැන ගැඹුරෙන් හිතලා තියෙනවා. ඒ ඒක ඉරොතික නවකතාවක් හින්ද නෙමෙයි. ඒ වගේ කතා ස්පාඤ්ඤයෙ ඕන තරම් තිබුන. ඒක කාන්තාවක් ඉරොතික කතාවක් ලියලු පලවෙනි වතාවත් නෙමෙයි.

     

    සෑහෙන කාලයක් මං විශ්වාස කළා එක පරම්පරාවක් මේ කතාව එක්ක තමන්ගෙම කතාව වගේ අනන්‍ය වුනා කියල. ඒක ඒ ගොල්ලොන්ගෙ භාවාත්මක අධ්‍යාපනයෙ කොටසක් වුනා. මොකද ලුලු එක විදිහකට දේශපාලන නවකතාවක්. ඒ කතා නායිකාවගෙ පෙම්වතා කොමියුනිස්ට්වාදියෙක් හෝ හිරේ හිටපු මිනිහෙක් නිසා නෙමෙයි. ඒක රටක් ඒකාධිපතිවාදෙයන් එලියට ඒම ගැන කතාවක් හින්ද. කතා නායිකාවට ඕන ඒකෙන් පලිගන්න. සීමාවන්ගෙන් තොරව ජීවත් වෙන්න. අඩුම තරමෙ ඒක තමයි මෑතක් වෙනකල්ම මගේ තියරිය වුනේ. මං තරුණ කාලෙදි ලිංගිකත්වය කියන්නෙ එක්තරා සීමාවක්. මං දැනුත් අත්සන් කරනවා ලුලු පොත ගන්න අවුරුදු 25-30 අයගෙ කොපි. ඒ ගොල්ලො දන්නෙ නෑ මං මොකක් ගැනද මේ කතා කරන්නෙ කියල. හරිම වෙනස් පිරිසක් මේ වෙද්දි ලුලු කියවන්නෙ. ඒ හින්දම ඒ ගොල්ලො ඒකෙන් කියවන කතාවත් සම්පූර්න වෙනස් එකක්. ඒක නිසා මං දන්නෙ නෑ ඔය ප්‍රශ්නෙට දැන් කොහොම උත්තර දෙන්නද කියල.

     

    ප්‍රශ්නය – සමහර විට හොඳට ලියවුනු ඉරොතික කතා නොතිබෙන්න ඇති.

     

    අල්මුදීනා – ෆිෆ්ටි ෂේඞ්ස් ඔෆ් ග්‍රේ පොත නිකුත් වුනාට පස්සෙ ඒක ගත්ත ගොඩක් තරුණ ගෑනු ළමයි මගේ අත්සන ගන්න ආවා. ඒ ගොල්ලො මට කිව්වා අම්මා කිව්වා කියල 50 ෂේඞ්ස් කියවනවා වෙනුවට ලුලු කියවන්න කියල,

     

    ප්‍රශ්නය – ලේඛිකාවක් විදිහට ඔයාගෙ ගමන ස්පාඤ්ඤයො වෙනස්කම් එක්ක සමාන්තර විදිහට කෙනෙකුට දකින්න පුළුවන්. ඔයා මුලින්ම ලිව්වෙ සෙක්ස් සහ සම්ප්‍රදායන් ගැන. පස්සෙ ටිකෙන් ටික අතීතයට සහ ඒ අතීතයේ හොල්මන් ගැන ලියන්න හැරුන.

     

    අල්මුදීනා – මං ලියන්න පටන් ගනිද්දි මට හිතුනා මොවිඩා (1980දි මැඞ්රිඞ්වල ඇතිවුනු ප්‍රතිසංස්කෘතික ව්‍යාපාරය) කියන්නෙ සුවිශේෂ දෙයක් ඒ වගේම මගේ පරම්පරාව සුවිශේෂ එකක් ඒක හින්ද හැමෝටම ඒ කතාව කියන්න ඕන කියල. 1980දි මට අවුරුදු 20යි. හැම රෑකම මං හැම බාර් එකකටම ගියා. එතකොට මොවිඩා හරියට නිර්මානය වෙලා තිබුනෙත් නෑ. ඒක තමයි මගේ තරුණ කාලෙ. මට අල්මදෝවා සහ තවත් ඒ වගේ තරු චරිත දැක්ක පමනින් අඳුරන්න පුළුවන් වෙලා හිටියා. මං නවයොවුන් රටක, නව යොවුන් නගරයක, නව යොවුන් තරුණියක් වුනා. මගේ ජීවිතෙත් අලුත්. ස්පාඤ්ඤයත් අලුත්. ඔක්කොමටම වඩා මගේ පරම්පරාවෙ ගෑනුන්ගෙ ජීවිතය අලුත්. මං මේක නිතර කියනවා. මිනිස්සු හිතනවා මං චියර් එකක් ගන්න එහෙම කරනවා කියල. ඒත් මගේ පරම්පරාවෙ පිරිමින්ට වඩා ආකර්ශනීය ජීවිත තිබුනෙ ගෑනුන්ට.

     

    පිරිමි හිටියෙ ඒ ගොල්ලොන්ගෙ තාත්තලාගෙ වගේම ජීවිත ගත කරමින්. ඒත් ගෑනුන්ගෙ ජීවිත ඒ ගොල්ලොන්ගෙ අම්මලට සමාන වුනේ නෑ. මගේ තුන්වෙනි නවකතාව, මැලීනා ඉස් ද නේම් ඔෆ් අ ටැන්ගො, ඒකෙන් ලැබුන සාර්තකත්වය නිසා තමයි මං ලුලුගෙන් ගැලවුනෙ. ඒ කතාවෙ මං ලිව්වෙ මගේ පරම්පරාවෙ ගෑනියෙකුට ගෑනියෙක් වීම කොයිතරම් අමාරු වුනාද කියන එක. මං හිතන්නෙ ගැහැනියක් වීමම ප්‍රශ්නයක්. මට කවදාවත් ඕන වුනේ නෑ මගේ අම්මා වගේ වෙන්න. එයා හිටියෙ 19වෙනි සියවසේ. ගැහැනියකට තිබුන නීතිමය තත්වය වෙනස්. මගේ අම්මට කවදාවත් එයාගෙම බැංකු ගිනුමක් අරින්න පුළුවන්කමක් තිබුනෙ නෑ. විවාහක කාන්තාවක් හැටියට එයාට වැඩ කරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ.

     

    ප්‍රශ්නය- එයා ඒ වෙනුවෙන් සටන් කළේ නැද්ද?

    අල්මුදීනා- එයා එහෙම යටහත් කෙනෙකුත් නෙමෙයි. ඒත් සටන්කාමියෙකුත් නෙමෙයි. එයා ඒ වගේ ප්‍රශ්න ගැන හිතලා තිබුනෙ නෑ. මං යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් ආපු ෆෙමිනිස්ට් රැල්ල බාරගන්න කෙනෙක් නෙමෙයි. මේ ෆෙමිනිස්ට්ලගෙ අම්මලා ශිෂ්‍ය කාලෙදි ඒ ගොල්ලොන්ගෙ යටට අඳින බ්‍රා ගලවලා පුච්චලා දැම්මා. මගේ අම්මට එයාගෙ සැමියාගෙ අවසරය නැතුව ඇවිදින්නවත් බැරි වුනා. ඔය ෆෙමිනිස්ට්ලා කියපු දේවල් ඒ කාලෙදි හරිම ඒලියන් විදිහටයි දැනුනෙ.

     

    මගේ පරම්පරාවෙ ගෑනුන්ට රෝල් මොඞ්ල්ස්ලා නෑ. අපි එහෙම මාර්ග ලකුනු නැතුවයි අපේ වැඩිහිටි වයසට ආවෙ. අපි හොඳ තීරන වගේම වැරදි තීරනත් ගත්තා. අන්තිම අමාරු කාලයක් වුනත් අපි ප්‍රගතිශීලී වුනා. හරියට මැලීනා පොතේ ඉන්න ට්වින්ස්ලා දෙන්නා වගේ. එක්කෙනෙකුට හැමදේම හරියටම හරි යනවා. අනිත් එක්කෙනා දෙවියන්ට කියනවා එයාව පිරිමියෙක් කරලා දෙන්න කියල. ඒ තරමට ජීවිතේ අමාරුයි.

     

    මගේ මුල් නවකතාවල මං කිව්වෙ මගේ අවට ජීවත් වුනු කාන්තාවන්ගෙ කතන්දර. ඒ ගොල්ලොන්ගෙ ප්‍රතිවිරෝදතා, ගැටුම්, අම්මලා එක්ක තිබුනු අර්බුදකාරී සම්බන්ධතා ගැන. මං හරි ආසයි අම්මලා ගැන ලියන්න. මට අවුරුදු 22දි මගේ අම්මා නැති වුනා. මට බැරි වුනා එයා නැතිවෙන්න කලින් එයත් එක්ක හොඳ සම්බන්දතාවයක් ගොඩනගාගන්න. මගේ ඔක්කොම යාලුවන්ට ඒ ගොල්ලොන්ගෙ අම්මලා එක්ක තියෙන්නෙ ගැටුම්කාරී සම්බන්දතා. ඒත් අන්තිමට ඒ ගොල්ලො සාමකාමී තැනකට එනවා. මට ඒක බැරි වුනා.

  • Sex in the Times of Corona

    Sex in the Times of Corona

    ආයිමත් අපි ඉන්නෙ කොරොනා කාලෙක. අතින් අල්ලන්න බය, මූන පෙන්නලා කතා කරන්න බය, මිනිස්සු මිනිස්සුන්ට බය කාලයක්. කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව අපේ නිදහස අපිම සීමා කරගන්න කාලයක්. අපේ ආදර සම්බන්දතා, අපේ විනෝදවීම්, අපේ ඇසුරු කිරීම් හැමදෙයක්ම නවතින, නවතින්නෙ නැති වුනත් සැකසහිත බයසහිත වෙන විපරීත කාලයක්. මේ කාලෙදි අනිවාර්යෙන්ම අපේ ලිංගික ජීවිතය දැඩි පීඩාවකට ලක්වෙනවා. සමහර විට අපිව ගෙදර අය එක්කම කොටු කරලා දානවා. අපේ විවිධත්වය, තෝරාගැනීම අහිමි වෙනවා.

    යෝනි හෝ ගුද සංසර්ගයෙන්, නැත්නම් ලිංගශ්‍රාවී තරලයන්ගෙන් කොරොනා බෝවෙනවා කියල ඔප්පු වෙලා නෑ. ඒත් සිපගැනීම්, වැළඳගැනීම් ආදී ස්පර්ශය මූලික දේවලින් කොරොනා බෝවෙන්න පුළුවන්. මේකෙන් අපිට ලිංගික ජීවිතයේ විශාල කොටසක් අහිමි වෙනවා. ආරක්ෂිත වෙන්නෙ ගෙදර තමන් එක්කම ඉන්න අය සමග ලිංගික ආශ්‍රයන් විතරයි. ඒත් ඒ අය පිට කොරොනා පොකුරු එක්ක සම්බන්ද නොවෙන තාක් විතරයි.

    ස්පර්ශය කියන්නෙ මනුස්සයාගෙ මානසික තුලනයට හරිම වැදගත් දෙයක්. අපේ ශරීරයේ ආතතිකර කෝටිසොල් ප්‍රමානය අඩු කරමින් අපිව සමාජ සම්බන්ධතාවලට පොළඹවන, ලිංගික උත්තේජනය ඇති කරන ඔක්සිටොසින් වලින් පුරවන්නෙ මේ මිනිස් ස්පර්ශය කියන ලිංගිකමය දැනීම. මිත්‍රත්වයෙන් වැළඳගැනීමක් පවා දවසක කොයිතරම් තැවුල් අසහනයන් තුනී කරන බැඳීමක්ද?

    ලංකාවෙ නැති වුනාට කොරොනා එක්ක මිනිස්සුන්ගෙ සෙක්ෂුවල් සම්බන්ධතාවලට මොනවා වෙයිද කියන සංවාදය ලෝකෙ දියුණු රටවල පැතිරිලා ගියා. කායිකමය සම්බන්ධතාවයක් නැති ලිංගික චර්යා, ෆෝන් සෙක්ස්, සෙක්ස් ටෝයිස්, සහ මාස්ටර්බේෂන් වගේ දේවල් ගැන වැඩි උනන්දුවක් ඇති වුනා. නිව්යෝර්ක් සිටි ගවර්න්මන්ට් එක, ඔස්ටේ්‍රලියානු ලිංගික සෞඛ්‍ය පිලිබඳ සමාජය වගේ ආයතන වලින් කායිකමය සම්බන්ධයක් නැති ස්වයං වින්දනය මූලික ලිංගික ඇසුරු කිරීම් වලට යන්න කියල මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඒක ඒ තරම් සරල දෙයක් නෙමෙයි. සෙක්ස් කියන්නෙ නිකංම එකපාරට ඇවිත් මෝචනයකින් පස්සෙ පහවෙලා යන සරල කායික උද්දීපනයක් නෙමෙයි. ඒක තව ගොඩක් මානසික කාරනා එක්ක සම්බන්ධයි. දෙන්නෙක් අතර ස්පර්ශයෙන් ප්‍රකාශමාන වෙන හැඟීම්මය සම්බන්ධතාවය එතනදි ප්‍රධානයි. ඒක ස්ක්‍රීන් හරහා ඒ විදිහට වැඩ කරන්නෙ නෑ.

    කොවිඞ් නිසා ලිංගික ජීවිතයට ඇතිවෙන බලපෑම එක් එක් අයට වෙනස් වෙන්න පුළුවන්. කොවිඞ් සීමා නිසා තමන්ගේ රැකියාවෙ, මිතුරන්ගෙ, නිවාසගතවීමේ ඇතිවෙන ආතතිය විසින් කෙනෙකුගෙ ලිංගික උවමනාවන් සම්පූර්නයෙන්ම නැති කරන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට මේ ආතතිය විසින් ලිංගික සම්බන්ධයක් හරහා නැවත තමන් හා අනෙකා අතර සම්බන්ධය දැනීමේ, විඳීමේ දැඩි උවමනාවක් ඇති කරන්නත් පුළුවන්. මේ දෙකම වෙන්නත් පුළුවන්. යුවලක් අතර මේ දෙන්නගෙ උවමනාවන් මේ ප්‍රතිවිරුද්ද අන්ත දෙකට ගියොත් තත්වය සංකීර්ණ වෙන්න පුළුවන්.

    අලුතෙන් ආදර සම්බන්ධතා පටන් ගත්ත අයට මේක බලපාන විදිහ, ලව් කරන වයසෙ කොල්ලො කෙල්ලොන්ට මේක බලපාන විදිහ, බ්‍රේක්අප් වෙලා අමාරුවෙන් ගොඩඑන්න දගලන කෙනෙකුට සමාජයේ සපෝර්ට් එකක් නැති වුනාම මේක බලපාන විදිහ, පවුල ඇතුලෙ කොහොමත් ප්‍රශ්න තිබුනු ජෝඩුවලට මේක බලපාන විදිහ.. මේ එක එක විදිහට එක එක්කෙනාගෙ බාරගැනීමේ සහ දරාගැනීමේ ප්‍රමාන අනුව කොවිඞ් නිසා ඇතිවෙන ලිංගිකමය බලපෑම වෙනස් වෙනවා. ආතතිකර, අර්බුදකාරී සම්බන්දතාවල හිටපු අයගෙ තත්වයන් තවත් බරපතල වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.

    කොවිඞ් එක්ක එන ආර්තික ආතතිය හැමෝටම දැනෙනවා. සමහර අය රස්සාව පවා නැතිවෙයිද කියල බයකින් ඉන්නවා. ඒ එක්කම ඩිප්‍රෙෂන්, තරහයාම, ඇන්සයටි වගේ මානසික තත්ව වලින් පෙලුනු අයට මේ හුදකලාවීම තවත් නරක විදිහට බලපානවා. ගොඩක් දෙනෙකුට සිද්ද වෙනවා පූර්නකාලීන දෙමව්පියන්ගෙ රෝල් එකට අවතීර්න වෙන්න. දන්නෙම නැතුව ඒකෙන් අපේ අනන්‍යතාව පිලිබඳ ගැටලු මතු කරනවා. අපි තව දුරටත් අපේ ආකර්ශනීය පෙනුම වෙනුවෙන් මහන්සි වෙන්නෙ නෑ. ආතතිය නිසා කනවා වැඩි වෙනවා. මහත් වෙනවා. සෙක්ෂුවල් ඇපිටයිට් එක අඩුවෙනවා. සමහර විට ලිංගික අප්‍රානිකත්වයන් පවා ඇතිවෙනවා.

    කොවිඞ් නිසා ගෙවල්වලට වෙලා සෙක්ස් කරන්න කියල මීම්ස් සෝෂල් මීඩියාවල ගියාට තත්වය මීට වඩා වෙනස්. සමහර අයගෙ සෙක්ස් කරන පාර්ට්නර්ස්ලා මුනගැහෙන්නෙ නෑ. සමහර අය එකම ගෙදර හිටියත් සම්බන්ධතා පලුදු වෙලා. ඒ ඇතුලෙ සෙක්ෂුවල් ඉන්ටිමසි නෑ. දවසම ළමයි එක්ක ගත කරනවා කියන්නෙත් වැඩිහිටි දෙන්නෙකුට ඕන කරන පුද්ගලික මොහොතවල් මුනගැහෙන්නෙ නෑ.

    ඇත්තටම කරන්න පුළුවන් දෙයක් වෙන්නෙ වැඩියෙන් සෙක්ස් කිරීම නෙමෙයි සෙක්ස් ලයිෆ් එක පුළුවන් තරම් ඇඞ්වෙන්චරස් කරන එක. එකම එක්කෙනා එක්ක බෝරිං නැති කායික සම්බන්දයක් හදාගන්නවා කියන්නෙ නිර්මාණශීලී වැඩක්. ඒකට අපිට වෙනවා අනිත් කෙනාගෙ ෆැන්ටසීන් තේරුම් ගන්න. ඒවා ෂෙයාර් කරගන්න. අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. ඇඳට වෙනස්කම් අරන් එන්න. ඇත්තටම මේවා කරන්න පැන්ඩෙමික් එකක් එනකල්ම ඉන්න ඕනත් නෑ.

    ඇත්තටම කාරණය වෙන්නෙ පැන්ඩෙමික් එකකදි හුදකලා වුනු යුවලක් සෙක්ස් කරන ප්‍රමානය අඩු කරනවද වැඩි කරනවද කියන එක නෙමෙයි. ඒ කොහොම කළත් ලිංගික තෘප්තිය කියන එක මේ ආතතිය විසින් ක්‍රමයෙන් අඩු කරන්න බොහෝ ඉඩ තියෙනවා. සෙක්ස් කියන්නෙ නිකංම එකපාරට ඇතිවෙලා ඉවර වෙන ආවේගයක් නෙමෙයි. ඒක බොහොමයක් හැගීම්මය කාරණා එක්ක සම්බන්ධයි. ඒ හින්ද ලිංගික තෘප්තියේ ප්‍රමානය තියෙන්නෙ ඒ වගේ බොහෝ ඇතිරුනු පැතිරුනු කාරනා උඩයි. වඩාත් සැලකිලිමත් වෙන්න ඕන සෙක්ස්වලට මේ හුදකලාවීමේ ආතතිය බලපාන විදිහට වඩා සෙක්ෂුවල් හැඟීම් ජනනය කිරීමට අපේ සම්බන්දතා ඇතුලට කොයිතරම් මේ ආතතිය කරදරකාරී වෙනවද කියන එක. උදා විදිහට අපිට මේ වෙලාවෙ එලියට පැනලා ගිහින් ආපහු එනර්ජයිස් වෙන්න ඉඩකඩ අවමයි. ඒ නිසා හැමදෙයක්ම නැවත ගෙදර ඇතුලෙම එකතු වෙන්න නියමිතයි. එතකොට අපිට කොයිතරම් අනෙකා ගැන බලන්න, හිතන්න, එයා එක්ක එකතු වෙන්න පුළුවන්ද කියන එක ඇඳට යාමට වඩා බලපාන කාරනයක්. ගෙදර වැඩ, ළමයින්ගෙ වැඩ, ඒකාකාරීකම ඔක්කොම අතරෙ අපිට අපි ගැන ආදරෙන් බලන්න වෙලාවක් තියෙනවද කියන එකයි වැදගත්.

    ඇත්තටම සමහර පෙම්වතුන්ට මේක ඉතාම ධනාත්මක තත්වයක් වෙනවා. ඒ ගොල්ලො පරණ අවුල් අත්ඇරලා නැවත සම්බන්දතා අලුත් කරගන්නවා. වැඩි වෙලාවක් ඒ අය වෙනුවෙන් වෙන් කරන්න පටන් ගන්නවා. පුරුදු පැය අටේ චක්‍රය බිඳෙන තැනදි අලුත් නිර්මාණාත්මක ජීවිතයක් පටන් ගන්නවා. වඩාත් ව්‍යායාම සහ සෞඛ්‍ය සම්පන්න කෑම රටාවකට පුරුදු වෙනවා. ඒකෙන් ලිංගික උත්තේජනය වැඩි කරගන්නවා. එකට අලුත් දේවල් කරන්න පටන් අරන් ආදරය අලුත් කරගන්නවා. අලුත් රොමාන්තික ජීවිතයක් හදාගන්නවා. මෙතනදි පරිස්සම් වෙන්න කාරණයක් තියෙනවා. සමීපබව ආදරයට වැදගත් වගේම වඩා සමීපබව විසින් ලිංගික ආශාව අඩු කරනවා. අපිට වෙන්වුනු, අපේම වුනු වෙලාවක් දැනීමත් අවශ්‍යමයි. ඒ නිසා එක ගෙදර හිටියත් වෙන්ව පැවතීමත් අපි පුරුදු වෙන්න ඕන. අනෙකාගෙ පුද්ගලිකත්වයට වෙලාව දෙන්න ඕන. පෝර්න් බලන්න, ටිකක් අයාලෙ යන්න නිදහස තියෙන්න ඕන. ඒ හැමදෙයක්ම නැවත ඒ දෙන්නා අතර ලිංගික බැඳීම උත්කර්ෂවත් කරනවා.

    වෙන් වෙලා ඉන්න අයට පුළුවන් වඩාත් ඩිජිටල් ආශා විශ්වයන් ගවේෂනය කරන්න. වීඩියෝ, ෆොටෝ, ච ැට් මගින් පුළුවන් තරම් ළංවෙන්න. වල් වෙන්න. කොහොමත් ළංව ඉන්නවට වඩා දුරින් ඉන්නකොට ආශාවේ ප්‍රබලකම වැඩියි. මේ සම්බන්ධය හුදු මතුපිට ලිංගිකමය එකක් කරගන්නවට වඩා කවි ලියවෙන, සිත්තම් ඇඳෙන, කතා කියවෙන නිර්මාණාත්මක අවකාශයක් දක්වා ගැඹුරු කරගන්න පුළුවන්. ඒ මගින් මෙතෙක් අත්නොවිඳි බ්‍රේන් සෙක්ස් සුරතාන්තයන් අත්විඳින්න පුළුවන්.

  • No Bra Day

    No Bra Day

    පියයුරු අතිරමනීයයි. අපි හැමෝටම ඒක එහෙමයි.
    ඒ ආදරය කියන්න පියයුරු සඳහා නිදහස දෙන
    දවසක් තරම් විදිහක් කොයින්ද?

    කාන්තාවන් කියන්නෙම සොඳුරු ජීවීන් කොටසක්.
    ඔවුන්ගෙ පියයුරුත් ඒ වගේමයි. අපි එක දවසක්
    ඔවුන්ගේ පියයුරු නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමු.
    පියයුරු පිළිකා කියන්නෙ නිතර පරික්ෂා කළ යුතු,
    බරපතල ලෙස සැලකිලිමත් විය යුතු දෙයකි.

    පලවෙනි නෝ-බ්‍රා දවස සෝෂල් මීඩියාවල ආවෙ 2011 ජුලි 09 විදිහට. ඇනස්ටාසියා ඩෝනට් කියන අනවර්ත නාමයකින් මේ බව දැනුම් දුන්නා. 2013 වෙද්දි මේ දවස ඔක්තෝම්බර් 13ට යෙදෙන වග නිවේදනය වුනා.

    මේ සැමරුම වෙනුවෙන් ඉහත ප්‍රකාශය ෆේස්බුක් එක පුරා ෂෙයාර් වුනා. 1200කින් සමන්විත නෝ-බ්‍රා ගෲප් එකක් හැදුනා.

    2014 වෙද්දි නිල වශයෙන් මේ දවස ඔක්තෝම්බර් 13ට යෙදුනා. කොහොමත් ඔක්තෝම්බර් කියන්නෙ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය විදිහටයි නම්වෙලා තියෙන්නෙ. ඒ අතර විශේෂයෙන්ම මිලේනියල්ස්ලා බ්‍රා ඇඳීමට තමන්ගෙ තියෙන විරෝදයත් මුහු කරලා මේ පියයුරු පිළිකා පිළිබඳ අවධානය යොමු කිරීමේ දවස ජනප්‍රිය කළා.

    1960 ගනංවල හිපි ව්‍යාපාරවල පටන් කාන්තාවන් මේ විදිහට බ්‍රා එකකින් හිරකිරීමේ සංස්කෘතියට එරෙහි අරගලයක් තිබුනා. කාන්තාවන් බ්‍රා ඇඳිය යුතුයි කියන නීතිය අභියෝගයට ලක් කළා. සමහර කාන්තාවන් විරෝධය දක්වන්න උඩුකය නිරුවතින් මහමග ඇවිද්දා. 69 අගෝස්තුවෙ ඇන්ටි-බ්‍රා දිනයක් නම් කරමින් සැන්ෆ්‍රැන්සිස්කෝ කාන්තාවන් මේ විදිහට සංස්කෘතික ඇඳුම් පැළඳුම් විසින් කාන්තාවන්ගේ නිදහස සීමා කිරීමට විරුද්ධව ප්‍රොටෙස්ට් කළා. ඒ ගොල්ලො ප්‍රසිද්ධියෙ බ්‍රා ගලවලා ගිනි තිබ්බා.

    නෝ-බ්‍රා දවස එක්ක සම්බන්ද තවත් කතාවක් තියෙනවා. ඒ කැනඩාවෙ ටොරොන්ටො ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක් වුනු  මිචෙල් බ්‍රවුන් පටන් ගත්ත බ්‍රා-ඬේ කියන ඉවෙන්ට් එක. ඒක ආරම්භ කලේ පිළිකා නිසා පියයුරු ඉවත් කරන කාන්තාවන්ට යලිත් තමන්ගේ පියයුරු සකස් කරගැනීම පිළිබඳ දැනුවත් කරන්න. (Breast Reconstruction An Evening of Learning and Sharing) බ්‍රෙස්ට්-රිකන්ස්ට්‍රක්ෂන්- ඇන් ඊව්නින්ග් ඔෆ් ලර්නින්ග් ඇන්ඞ් ෂෙයාරින්ග් තමයි ඒ දවසෙ නම. ඒ වගේම බ්‍රෙස්ට් කැන්සර් ගැන දැනුවත් කරන්න, පරීක්ෂා කරන්න උනන්දු කරවන්නත් මේ දවස අරමුනු කරගත්තා. මීට සමගාමීවම තමයි ඇනස්ටාසියා ඩෝනට් නෝ-බ්‍රා දවස සෝෂල් මීඩියාවලට අරන් එන්නෙ.

    කොහොම වුනත් කාන්තාවන්ගෙ පියයුරු සුන්දරයි. ඒවා සිරකරන බ්‍රා එකක බැඳුමත් සමහර විටෙක සුන්දරයි. නමුත් ඒ ලිහාදැමීමෙන් පිළිකාවෙන් නිදහස් පියයුරු ගැන කියන කතන්දර ඊට වඩා සුන්දරයි. ගැඹුරුයි.

  • The Story of O

    The Story of O

    අවුරුදු හැටකට විතර කලින් පැරීසියෙ ලියවෙනවා අද්විතීය පොර්නොග්‍රෆි නවකතාවක්. ඒක ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රකාශයට පත්වෙනවා. ඒකෙ ලියවුනු ලිංගික ජවනිකා ඉතාම තියුණුයි. බොන්ඩෙජ් සහ වයලන්ස් කියන කාරනා ගැන ලියවුනත් ඒ පොතේ භාෂාව අලංකාරයි. අව්‍යාජයි. මාංචු කස අතර වුනත් ඒ කතාව ආසාවෙන් කියවන පෙළඹවීම වුනේ ඒකයි.

    ඒක ලියලා තිබුනෙ පෝලින් රෙයාජ් කියන්නෙ අනවර්ත නාමයකින්. ඒ හින්දම මිනිස්සු හිතුවෙ ඒක ලියන්න ඇත්තෙ පිරිමියෙක් කියල. අසූ ගනං විතර වෙනකල් මේ පොත ලියපු කෙනාගෙ ඇත්ත නම එලිදරව් වුනේ නෑ. බි්‍රතාන්‍ය ජනමාධ්‍යවේදියෙක් එක්ක සාකච්ඡාවකදි අවුරුදු 86ක කාන්තාවක් පලවෙනි වරට එලිදරව් කරනවා ඒ වෙස්මූනු, මන්දිර පිටුපස ෆැන්ටසිය නිර්මාණය වුනේ තමන්ගෙ මනසෙ කියල. ඒ තමයි ඩොමිනික් ඕරි.

    ඕරි ප්‍රංශ සාහිත්‍යකරුවන් අතර ප්‍රමුඛ චරිතයක්. අවුරුදු 47දි ස්ටෝරි ඔෆ් ඕ ලියන විට පවා එයා සංස්කාරකවරියක්, පරිවර්තිකාවක් වගේම සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩල පවා හොබවන චරිතයක්. ඒ වගේම එයා හරිම තැන්පත් විච්චූර්න නැති බුද්ධිමත් භාවප්‍රභාව දක්වන කාන්තාවක්.

    ප්‍රංශ රජය ස්ටෝරි ඔෆ් ඕ එක්ක තිබ්බෙ සරල සුගම සම්බන්දයක් නෙමෙයි. ඒත් 2004දි රජය මේ පොත ජාතික සාහිත්‍ය කෘතියක් හැටියට අගය කරන්න තීරනය කරනවා. ඩොමිනික් ඕරි අවුරුදු 90ක් වයසෙදි මිය යනවා. ඒ 1998. ඒත් ඒ පොත තාමත් හුස්ම ගන්නවා. ඒ පොත වටේ තියෙන රහස ඇමරිකානු චිත්‍රපටිකාරිනියක් වන පෝලා රැපපෝර්ට් ඩොකියුමෙන්ටි්‍රයකට ගේනවා.

    1950 ගනංවල මේ වගේ පොතක් ලියවෙන්න පුළුවන්කම තිබුනෙම ප්‍රංසෙ විතරයි. වාරණ නීතිවල හිරවෙලා හිටපු ඇමරිකාවෙ එංගලන්තෙ නම් කීයටවත් මේ පොත ප්‍රකාශයට පත්වෙන්නෙ නෑ. ඒත් වර්තමාන තත්වෙ ගොඩක් වෙනස්. මේ වෙද්දි කාන්තාවන්ට පුළුවන් තමන්ගෙ ඕනම ෆැන්ටසියක් ගැන, අත්දැකීමක් ගැන එලිපිට ලියන්න, කතා කරන්න.

    ඒත් 1980දි ඇමරිකානු විශ්ව විද්‍යාලවල ෆෙමිනිස්ට්ලා ස්ටෝරි ඔෆ් ඕ පොත් ගිනි තිබ්බා. හැබැයි පැහැදිලිවම විදිහට ඒ දේශපාලන ව්‍යාපාරවලින් කාන්තා නිදහස සම්බන්ධයෙන් ඇති කරපු බලපෑම මේ පොතෙන් ඇති කරපු බලපෑම ලගින් තියන්නවත් බෑ.

    තරුණ කෙල්ලෙක් වෙන ඕ තමන්ගේ පෙම්වතා රෙනේගෙ අණකිරීම අනුව කාර් එකට නගිනවා. වාහනේ ඇතුලෙදි එයාගෙ යටඇඳුම් ගලවන්න නියෝග ලැබෙනවා. ඊට පස්සෙ එයාව මන්දිරයකට එක්කගෙන යනවා. එතනදි රහස් සමාජයකට ඕව අඳුන්වාදෙනවා. කිසි කෙනෙක් එක්ක කතා කිරීම හෝ කෙලින් ඇස් දිහා බැලීම එයාට තහනම්. එයාගෙ පියයුරු නිරාවරනය වෙන ඇඳුමක් තමයි අඳින්න ලැබෙන්නෙ. ලෙදර් කොලර් එකක් සහ මාංචු පැළදෙනවා. ඕනම පිරිමියෙකුට එයා එක්ක ලිංගික ක්‍රියාවල යෙදෙන්න අවසර තියෙනවා. ඕ මේ හැම දෙයක්ම කැමැත්තෙන් බාරගන්නවා. පිලිවෙත දුෂ්කර වෙන තරමට ආදරය දැඩිවෙන වග එයා විශ්වාස කරනවා.

    මේ කතන්දර ඕරි ලියන්නෙ ඇඳේ වැතිරිලා. එයාගෙ නෝට්පොත්වල පැන්සලකින්. කිසිම ආයාසයකින් තොරව. කැපීමකින් කෙටීමකින් හෝ නැවත ලිවීමකින් තොරව. එයා හුස්ම ගන්න තරම් ලේසියෙන් හීන දකිනවා තරම් පහසුවෙන් දිගටම ලියාගෙන යනවා. පහුවෙනිදා එලිවෙනකලුත් එයා එක දිගට ලියනවා.

    ඕරි මේ කතාව ලියන්නෙ පබ්ලිෂ් කරන්න බලාගෙන නෙමෙයි. ඒක ලියන්නෙ එයාටම අභියෝගයක් විදිහට. එයාගෙ පෙම්වතාව ශෘංගාරයෙන් අවදි කරන්න. ඒ පෙම්වතා තමයි ෂොන් පුලියොන්. මේ දෙන්නා මුනගැහෙන්නෙ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් පෙනී හිටපු, ෂොන් සංස්කාරකාරකත්වය දරපු ලෙටර්ස් ඩි ෆ්‍රොන්සුවා සගරාව ඕරි විසින් බෙදාහරින කාලෙදි.

    පුලියොන් කියන්නෙ ඒ කාලෙ නැගීගෙන ආපු සාහිත්‍ය ප්‍රතිරූපයක්. කඩවසම් තරුනයෙක්. මේ ගැන ඕරි 1986දි කරන ඩොකියුමෙන්ටි්‍රයෙ කතා කරනවා. ඒ ෆිල්ම් එක එයා මැරෙන කල් ප්‍රදර්ශනය කරන්න බෑ කියන කොන්දේසිය මතයි එයා ඒ වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒකෙදි ඕරි මතක් කරනවා පෝලන් ගැන. උස, පලල් උරහිස් ඇති, රෝමන් මූනක් තිබුනු, නිතර උපහාසාත්මක සිනාවක් රැඳවුනු තරුනයෙක් විදිහට.
    මේ ෆිල්ම් එක කරද්දි පුලියොන් මැරිලා අවුරුදු විස්සක් ගත වුනත් ඕරි ඒ ගැන කතා කරන කොට තාමත් ඒ මතකවල අතරමං වෙනවා.

    ‘පැවැත්ම එයාව පුදුමයෙන් පුරවලා තිබුන. ආකර්ශනීය වගේම අප්‍රසන්න අත්දැකීම්වලිනුත් එයාව පරිපූර්න කළා’ ඕරි පුලියන් ගැන කියනවා. ඕරි කියන්නෙ බුද්ධිමත්බව එක්ක ශෘංගාරයෙන් වෙළෙන චරිතයක්. පුලියොන්ගෙ ඒ හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලො ශරීරයෙන් වගේම මනසිනුත් සෙක්ස් කළා. ඕරි බය වුනා එයාට පුලියොන්ව කවදා හරි නැති වෙයි කියල. ඒක හින්ද එයා නැවත නැවත අදහස්වලින් රමණය කරමින් පුලියොන්ව දිනාගන්න උත්සාහ කළා. එක හරිම ආකර්ශනීය සම්බන්ධතාවයක්.

    පුලියොන් ඕරිට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල්. ඕරි ස්ටෝරි ඔෆ් ඕ ලියද්දි පුලියොන් ඉන්නෙ එයාගෙ හැටගනංවල. ඒ වෙද්දි දෙපාරක් කසාද බැඳලා. දෙවෙනි කසාද බිරිඳ පාකින්සන්වලින් පෙලෙනවා. ඕරිට අමතරව පුලියොන්ට තවත් ප්‍රේම සම්බන්ධතා තිබුනා. එයා කොහොමත් ස්ත්‍රී ආකර්ශනයෙන් උතුරා යන පිරිමියෙක්.

    ඒත් 1950 ගනංවලදි ඕරිට හිතෙනවා පුලියොන්ව අහිමි වෙයි කියල. එයාට ඕන වෙනවා පුලියොන් ආසම දෙයක් කරලා එයාව තමන් වෙතම තියාගන්න. පුලියොන් ඒ වෙද්දි සාද්ගෙ සොඩොමයේ දින 120ක් පොතට විශිෂ්ට පෙරවදනක් ලියලා තිබුන. ඕරි පුලියොන්ට කියනවා එයා ඉරොටිකාවක් ලියනවා කියල. ඒත් පුලියොන් කියන්නෙ ගැහැනියකට කවදාවත් ඉරොටිකා ලියන්න බෑ කියල. ඕරි අභියෝගය බාරගන්නවා. එයා ලියනවා.

    ‘මට ඕන වුනේ එයාව ආකර්ශනය කරගන්න.
    එයාව බැඳලා තියාගන්න. මං ඒ වෙද්දි තරුණ නෑ.
    ඒ තරම් ආකර්ශනීයත් නෑ. ඉතින් මට ඕන වුනා
    එයා වගේ මිනිහෙක් ආසවෙන දෙයක් කරන්න.’

    ඕරි ඕ ගෙ කතාව ලියන්නෙ පැන්සලෙන්. ඒ ඇයි කියල ඇහුවම එයා දඟකාර විදිහට කියනවා, ඇඳේ ෂීට්වල පැල්ලම් වදින්නෙ නැති වෙන්න කියල.

    මේ නෝට් පොත් පුලියොන්ට හම්බුනාට පස්සෙ එයාට දැනෙනවා මේක පබ්ලිෂ් නොකර ඉන්න බැරි පොතක් කියල. එයා ඕරිගෙන් ඉල්ලනවා ඒක නවකතාවක් විදිහට සම්පූර්ණ කරන්න. ඕරි එයාගෙ ජීවිතේ තියෙන බයිසෙක්ෂුවල් අත්දැකීම් කතාව ඇතුලට ගේනවා. ඒ වගේම සර් ස්ටීවන් වගේ චරිත හරහා කෙනෙකුට තමන්ගේ තාත්තා ගැන ඇතිවෙන රාගී හැඟීම් ගේන්න උත්සාහ කරනවා.

    ඕරි මේ ලියන දේවල් පුලියොන්ට කියවනවා. ඒක හරිම නුහුරු දෙයක්. මොකද ඒවා තනියම හිතෙන් කියවන්න මිස හඬ නගා කියවන්න ලියපු කතන්දර නෙමෙයි.

    ඕරිගෙ කතාවෙ ඕ වේදනාව හා පීඩාව තුලින් පාරිශූද්ධත්වයට පත්වෙනවා. ඒ හැම දේකින්ම තමන්ගෙ ඇතුලෙ මමත්වය දියවී යාමක් ඕ අත්විඳිනවා. ඉහල අධිකාරියකට තර්කයක් නැතිව අවනත වීමේ ශෘංගාරය ඕරි දරුනුවට මතු කරනවා.

    පුලියොන් මේ පොතට පෙරවදනක් ලියනවා. ඒක කිසි කෙනෙකුට තේරෙන්නෙ නෑ. ඕරි කියන විදිහට එයාටවත් ඒකෙ අගක් මුලක් තේරෙන්නෙ නෑ.

    පොත පබ්ලිෂ් කරන්න පුලියොන් බාරදෙන්නෙ පූවර්ට් ට. එයා බලපු ගමන්ම දැනගන්නවා මේක ඕරිගෙ ලිවිල්ලක් කියල. පුලියොන්ට බෑ මේ වගේ එකක් ලියන්න. එයාගෙ ලියන ශෛලිය පුවර්ට් හොඳින්ම අඳුරනවා.පොත ඉංග්‍රීසියෙන් හා ප්‍රංස භාෂාවෙන් දෙකෙන්ම ප්‍රින්ට් කරන්න තීරනය වෙනවා. ඒක පබ්ලිෂ් කරන්නෙ ඔලිම්පියා ප්‍රෙස් එකෙන්. ලොලිටා පොත ගහන්නෙත් ඒ ප්‍රෙස් එකමයි.

    1954දි එලියට ආවට මේ පොතට ඒ තරම් අවධානයක් ලැබෙන්නෙ නෑ. ඒත් මේකට ඩියු මාගො ප්‍රී සාහිත්‍ය සම්මානය ලැබීමත් එක්ක අපරාධ පරීක්ෂන අධිකාරීන්ගෙ ඇහැ මේ පොත දිහාට යොමුවෙනවා. මේ වෙද්දිත් ඒ වගේ ආන්දෝලනාත්මක ප්‍රකාශන නිසා 17 වතාවක් නඩු වැටිලා තියෙන පූවර්ට්ට මේක ගානක්වත් නෑ.

    ඕරි ඉරොටිකා කියවන්නෙ එයාගෙ තාත්තාගෙ කලෙක්ෂන් එකෙන්. වැඩිවිය පත් වයසෙ ඉඳන්ම ඕරිට මේ සාහිත්‍ය කලාපය හුරුයි. එයාගෙ අම්මා පිරිමින්ට කැමති නෑ. ගෑනුන්ට කැමතිත් නෑ. එයා මාංශය කියන එකම සහමුලින්ම පිලිකුල් කරනවා.

    ඕ එලියට එද්දි ඕරිගෙ කෙටි කසාදයකින් ඉපදුනු පුතාට අවුරුදු විසි ගානක්. එයා සෑහෙන කාලයක් යනකල් දැනගන්නෙ නෑ මේ පොත ලිව්වෙ එයාගෙ අම්මා කියල. ඒත් ඒ දැනගන්න කාලෙ වෙද්දි එයා ඒ පොත විශිෂ්ට නිර්මාණයක් විදිහට අගය කරනවා.

    60 ගනං වලදි ළගම කීපදෙනෙක් දැනගන්නවා මේක වෙන කවුරුවත් නෙමෙයි ඕරි ලියපු කතාවක් කියල. 70 ගනං වෙද්දි මේ දන්න පිරිස ටික ටික විශාල වෙනවා. ඒත් මේ රහස ඒ ආර්ට් එලීට් එක ඇතුලෙම ආරක්ෂා වෙනවා.

    ඕරි කියන විදිහට එයා මුලින්ම එයාගෙ දෙමව්පියො මැරෙනකල් ඉන්නවා මේ රහස එලිකරන්න. ඊට පස්සෙ එයා තව ටිකක් වයසට යනකල් ඉන්නවා. නාකි ගෑනියෙක් මේ කතාව ලිව්වා කිව්වම ඒකෙන් ඇතිවෙන ගින්න සෑහෙන්න අඩුවෙයි කියල ඕරි හිතනවා.

    මේ ගින්න පත්තුවෙන්නෙ අගෝස්තු පලවෙනිදාවක. ඒක නිවාඩු දවසක්. නිවාඩුව ඉවර වෙලා මිනිස්සු ආපහු පැරීසයට ආපු ගමන් මේක ඇවිලිලා යනවා. ටැබ්ලොයිඞ් පත්තර, ඉන්ටවිව් වැහිවහිනවා. ස්ටෝරි ඔෆ් ඕ කියන්නෙ ප්‍රංශයෙන් පිටත පවා මිලියන ගානක් මිනිස්සු කියවපු ඉරොටිකාව. කවදාවත් ප්‍රින්ට් එකෙන් නතර නොවුනු තාමත් එක දිගට ප්‍රින්ට් වෙන නවකතාව. ඒ නවකතාව පිටිපස්සෙ තියෙන ශෘංගාරය කොල උඩ අකුරු වුනු ශෘංගාරයට වඩා උනුවට අලෙවි වෙනවා.

    ඕරි අවුරුදු 11ක් පුලියොන් එක්ක ජීවත් වෙනවා. පුලියොන් මැරුනට පස්සෙ එයාගෙ ජීවිතෙත් ඉවර වුනා කියල එයා අන්තිමට සාකච්ඡාවක් කරපු ෆිල්ම් එකට කියනවා.

    ‘මගේ ඇතුලෙන් මං මැරුනා. 
    මගේ ඇතුලෙ ජීවත් වුනු පැවැත්ම ඉවර වුනා. 
    ඊට පස්සෙ මං හැමදෙයක්ම නැවැත්තුවා.’

    පුලියොන් මරනාසන්නව ඉස්පිරිතාලෙ ඉඳිද්දි ඕරි ඒ කාමරේ ඉඳන් රෑට රෑට ස්ටෝරි ඔෆ් ඕ ලියපු කතාව තුන්වෙනි ඇහැකින් බලලා තව පොතක් ලියනවා. ගර්ල් ඉන් ලව් කියන්නෙ ඒ පොත. පුලියොන්ගෙ මරනෙන් පොඩි කාලෙකට පස්සෙ ඒ පොත පබ්ලිෂ් වෙනවා. ඒ පොතේ ස්ටෝරි ඔෆ් ඕ වලින් මුද්‍රණයෙදි ඉවත් කරපු අවසන් පරිච්ඡේදයත් පලවෙනවා. ඒක ඕරි මොකක් නිසා නැවත ඇතුල් කළාද කියල කවුරුවත් දන්නෙ නෑ. ඒත් එයා ඒකෙ මෙහෙම සටහනක් තියනවා.

    ‘මේ කොටස හිතාමතාම පරණ පොතෙන් වෙන් කර තැබුවක්.
    මේක කිසිම හේතුවකට නැවත ඒ පොතට එක් නොකළ යුතුයි.’

    ස්ටෝරි ඔෆ් ඕ ලියලා එච්චර දිග කාලයක් තමන්ගේ අනන්‍යතාව හංගගෙන ඉන්න ඕරිට පුළුවන් වෙන්නෙ එයා කිසිම විදිහකින් ඒ වගේ ප්‍රචන්ඩ කෘතියක් කරයි කියල හිතන්න බැරි චරිතයක් හින්දමයි. ඒ ආචාරශීලී වැදගත් පැවැත්ම කිසිම විදිහකින් ඕගේ කතාව ලියපු කර්තෘ රූපයක් එක්ක ගලපගන්න බැරි එකක්.

    අදටත් ස්ටෝරි ඔෆ් ඕ කියන්නෙ ප්‍රබලම සාහිත්‍ය කෘතියක්. ඒක කියවීමෙන් ඇතිවෙන බලපෑම එදා තරම්ම අදත් දරුනුයි. කාන්තාවක් විසින් මේ ඉරොටිකාව ලිව්වා කියන එක ඊටත් වඩා ඓතිහාසිකයි. ඕරි කියන්නෙ සෙක්ස්වල බලය හොඳටම දන්න ගැහැනියක්. පෙනුමෙන් ඉතාම චාම්, කිසිදාක ආභරන නොපලඳින, විනීත පැවතුම් ඇති මේ ගැහැනිය, මවක් දියනියක් හැටියට හිඳිමින්ම මිනිස් සන්තානයේ අඳුරු ගැඹුරු නොදැමුනු ආශාවන් එලියට අදින හැටි විශ්මයජනකයි.

  • Sigmund Freud1856-1939

    Sigmund Freud1856-1939

    සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් ගැන කිසි කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද අපි ජීවත්වෙන්නෙම ෆ්‍රොයිඩියානු විශ්වයක. අපි දැන්වීම්, විලාසිතා සහ කලාවන් විදිහට දකින්නෙම ෆ්‍රොයිඩියානු සංකල්ප. කොටින්ම අපේ අවිඥානය සොයාගත් මහා මනස් ගවේෂකයා වෙන්නෙ ෆ්‍රොයිඞ්.

    ෆ්‍රොයිඞ් ඔස්ටි‍්‍රයානු ස්නායුවේදියෙක්. එයා තමයි මනෝ විශ්ලේෂණවාදය ලෝකයට හඳුන්වාදෙන්නෙ. ඒ හරහා මිනිස් පෞර්ෂය කියවන්නෙ අලූත්ම එළඹුමක් ෆ්‍රොයිඞ් අරන් එනවා. විසිවෙනි සියවසේ වඩාත් බලපෑම්කාරී චරිතයක් විදිහට ෆ්‍රොයිඞ්ව ගැනෙන්නෙ මේ හින්ද.

    මිනිසාට අවිඥානයක් තියෙනවා කියල මුලින්ම හොයාගන්නෙ එයා. ඒ අවිඥානයේ සැගවුනු ලිංගික සහ අවේගකාරී හැගීම් නිරන්තරයෙන් ඒවා මත යෙදවෙන තෙරපුම්වලට එරෙහිව සටන්කරමින් ඉන්න වග එයා එලිකරනවා. ෆ්‍රොයිඞ් එයාවමත් ගැඹුරු විශ්ලේෂණ විෂයයක් විදිහට පාවිච්චි කරනවා. සිහින විශ්ලේෂණය හරහා අපේ අවිඥානයට කවුළුවක් නිර්මාණය කරනවා.

    ඒ කාලෙ ස්ථාපිත වෛද්‍ය සංස්ථාව ෆ්‍රොයිඞ්ගෙ අදහස් පිලිගන්නෙ නෑ. ඒත් එයා වටේට ශිෂ්‍ය පරම්පරාවක් සහ අනුගාමිකත්වයක් නිර්මාණය වෙන්න ගන්නවා. 1910 ෆ්‍රොයිඞ් කාල් යුංග් එක්ක ජාත්‍යන්තර මනෝවිශ්ලේෂණ සංගමය ආරම්භ කරනවා. යුංග් තමයි මේ සංගමයෙ සභාපති වෙන්නෙ. කාල් යුංග් කියන්නෙ සාමුහික අවිඥානය ගැන අදහස ලෝකෙට ඉදිරිපත් කරපු මනුස්සයා.

    පලවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ෆ්‍රොයිඞ් සායනික වැඩවලින් දුරස්වෙලා එයාගෙ තියරි ඉතිහාසය, කලාව, සාහිත්‍ය, මානව විද්‍යාව ආදී විෂයයන් ඇතුලෙ හොයන්න පටන් ගන්නවා. 1923 එයා ඉගො සහ ඉඞ් පිලිබඳ අදහස සමාජගත කරනවා. ඒ හරහා මනස ඉඞ් ඉගො සුපර් ඉගො හැටියෙන් බෙදලා වෙනම ආකෘතිගත කිරීමක් කරනවා.

    මිනිස් ලිංගිකත්වයේ අවධීන් ෆ්‍රොයිඞ් විස්තර කරනවා. මුඛ අවධිය, ගුද අවධිය, ෆැලික අවධිය, ගුප්ත අවධිය සහ ලිංග අවධිය හැටියෙන් මිනිසෙක් ලිංගිකව වර්ධනය වෙන හැටි වයස් අනුව බෙදා දක්වනවා. ඉතාම කුඩා අතදරුවා පටන් මිනිසා මෙහෙයවන ආශාවක් හැටියෙන් ෆ්‍රොයිඞ් ලිංගිකත්වය දකිනවා. මේ මනෝ ලිංගිකත්වය ලිබිඩො කියල නම් කරනවා.

    පිරිමි දරුවන් තමන්ගේ මව පිළිබඳ ලිංගික ආශාවකින් පසුවන බවත්, ඊඩිපස් සංකීර්ණය, ගැහැණු දරුවන් තමන්ගේ පියා පිළිබඳ එවැනිම ආශාවකින්, ඉලෙක්ට‍්‍රා සංකීර්ණය, පෙලෙන බවත් ෆ්‍රොයිඞ් එලිදරව් කරනවා. මේ සොයාගැනීම් ඒ කාලෙ සමාජය මත බෝම්බ වගේ පතිත වෙනවා.
    1933 නාසි විසින් ෆ්‍රොයිඞ්ගෙ පොත් ප‍්‍රසිද්දියෙ පුච්චනවා. කෙටිකාලෙකින් නාසීන් ඔස්ටි‍්‍රයාව යටත් කර ගනිද්දි ෆ්‍රොයිඞ් වියනාවලින් ලන්ඩනයට පලා යනවා.

    මිනිසාගේ මනෝ ලිංගික විෂයෙහි පතුල ස්පර්ශ කරමින් ලෝකය හිතමින් සිටි සෑම දෙයක්ම උඩුයටිකුරු කළ ලිංගික විප්ලවවාදියෙක් විදිහට ෆ්‍රොයිඞ් නොමැකෙන ජීවිත සටහනක් තියනවා.

  • Alfred Kinsey 1894-1956

    Alfred Kinsey 1894-1956

    ඩොක්ටර් කින්සි 1920 දි ඉන්දියානා විශ්ව විද්‍යාලයට එන්නෙ හාවඞ් විශ්ව විද ්‍යාලයෙන් ආචාර්ය උපාධිය අරගෙන අවුරුද්දකින්. එයා එතන ඉඳන් අවුරුදු 20ක් බඹරුන් ගැන අධ්‍යයන කරනවා. 1938දි කින්සි කසාදය සහ පවුල ගැන උගන්නන්න පටන් ගන්නවා. ඒක විශ්ව විද ්‍යාලයේ ජ්‍යෙෂ්ට ශිෂ්‍යයන්ට සහ විවාහක අයට වෙන්වුනු පාඨමාලාවක්. සෙක්ස් ගැන කින්සිගෙ උනන්දුව වැඩිවෙන්නෙත් එයා විවිධ පුද්ගලයන්ගේ ලිංගික ඉතිහාසයන් එකතු කරන්න පටන්ගන්නෙත් මේ කාලෙදි.

    1947 දි කින්සි සහ එයාගෙ පර්යේෂණ කණ්ඩායම ලිංගික පර්යේෂණ ආයතනය ආරම්භ කරනවා. ලාබ නොලබන, විවිධාකාර මූල්‍ය සහයෝග මත පර්යේෂණ පවත්වන, ඒ පර්යේෂණ දත්ත රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කරන, ආයතනයක් බවට කින්සි ඉන්ස්ටිටියුට් එක පත්වෙනවා. කින්සි එයාගෙ පර්යේෂන තොරතුරු ඔක්කොම මේ ආයතනයට ඩොලර් එකක මුදලට ලබාදෙනවා. එතෙක් එයා මේ පර්යේෂණ කරන්නෙ එයාගෙම සල්ලි වලින්.

    1948දි මේ ලිංගික පර්යේෂණ ආයතනය ඒ ගොල්ලොන්ගෙ පලවෙනි ප‍්‍රකාශනය නිකුත් කරනවා. සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් හියුමන් මේල් කියන්නෙ ඒ පොත. ඒක එසැනින් නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලර් බුක් ලිස්ට් එකට වැටෙනවා. ඒ මුදල් තවදුර පර්යේෂණ වෙනුවෙන් මේ ආයතනයට බැර වෙනවා.

    1953දි සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් ෆීමේල් පොත මුදහැරෙනවා. මේ පොත් මීඩියාවල හඳුන්වන්නෙ කින්සි රිපෝර්ට්ස් විදිහට. මේ පොත් දෙකේම කින්සි එයාගෙම හඳුන්වාදීමක් වුනු කෙනෙකුගෙ හෙට්‍රොසෙක්ෂුවල් හොමොසෙක්ෂුවල් ප‍්‍රතිශතය මැනගන්න පුළුවන් කින්සි ස්කේල් එක හඳුන්වාදෙනවා.

    ඉන්දියානා යුනිවර්සිටි එකේ සභාපති හර්මන් බී වෙල්ස් නොහිටින්න කින්ස් ඉන්ස්ටිටියුට් එකක් නෑ කියලයි කියන්නෙ. කින්සිට බරපතල අර්බුද එද්දි වෙල්ස් කින්සි වෙනුවෙන් පෙනී සිටීම විසි වෙනි සියවසේ ඇකඩමික නිදහස වෙනුවෙන් පුරෝගාමී මොහොතක් විදිහට සලකනවා.

    සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් ෆීමේල් නිකුත් වීමෙන් පසු වෙල්ස් මෙහෙම කියනවා.
    ඉන්දියානා යුනිවර්සිටිය මෙතෙක් අවුරුදු 15ක් පුරා එය පෙනීසිටි ස්ථාවරයන් මත පිහිටාම අපේ කාලයේ විශිෂ්ටතම බයොලොජිස්ට් කෙනෙක් වූ ඇල්ෆ‍්‍රඞ් කින්සිගේ පර්යේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. අප ආයතනය විශ්වාස කරන්නෙ මානව වර්ගයා විසින් අත් කරගත් යම් ප‍්‍රගතියක් එසේ අත්පත් කරගත්තේම ජීවිතයේ විවිධ පැති ගවේෂණයට තිබුනු නිදහස නිසාම බවයි. ඒ වගේම සමාජයේ අපි මුහුනදෙන හැගීම්මය සහ සමාජමය අර්බුදවලට විසඳුම් සොයාගත හැක්කේ විද්‍යාත්මක දැනුම තුලින් පමණක්ම බව අපි විශ්වාස කරනවා. මං කියන්නෙ අපිට දැනුමේ වටිනාකම් ගැන විශාල විශ්වාසයක් පවතින්නා සේම නොදැනුම ගැන අල්පමාත‍්‍ර විශ්වාසයක් නැති බවයි.

    කින්සි සහ කණ්ඩායම විසින් 18000ක් දෙනාගෙ අප‍්‍රකාශික ලිංගික ඉතිහාසයන් එකතු කරනවා. සෙක්සොලොජි නැත්තම් ලිංගිකවේදය කියන්න පුළුවන් විෂයේ පුරෝගාමී චරිතයක් විදිහට කින්සිව අඳුන්වන්නෙ මේ මානව ශිෂ්ටාචාරයේ පිටුවහල් අර්ධය නැවත විවෘත කරන්නට කළ කැපකිරීම නිසාමයි.

  • Masters and Johnson 1957-1990

    Masters and Johnson 1957-1990

     

    විලියම් මාස්ටර්ස් සහ වර්ජිනියා ජොන්සන් ප‍්‍රසිද්ද වුනේ 1960 ගණන්වල ඒ දෙන්නා කරපු මිනිස් ලිංගිකත්වයේ කායික විද්‍යාත්මක පර්යේෂණ හින්ද.

    එතෙක් තිබුන මිනිස්සු එක්ක සංවාද කරමින් දත්ත එකතු කිරීම වෙනුවට මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් පර්යේෂණාගාර ක‍්‍රමවේදයන් පාවිච්චි කළා. ඒ අය ඇත්තටම මිනිස්සු ස්වයං වින්දනයේ යෙදෙන හැටි, සංසර්ගයේ යෙදෙන හැටි නිරීක්ෂණය කරමින් මේ පර්යේෂණ කළා.

    මේ දෙන්නා ගණිකාවන් සහ කාමලෝලී ගැහැනු යොදාගනිමින් පර්යේෂණ කරනවා. ඒ ඇසුරෙන් ස්ත‍්‍රීන්ගේ ෆේක් ඕගස්ම් /ව්‍යාජ සුරතාන්ත සහ මල්ටිපල් ඕගස්ම් ඒ කියන්නෙ ස්ත‍්‍රියකට සුරතාන්ත කීපයක් එක දිගට ලැබීමේ හැකියාව ගැන එලිදරව් කරනවා.

    මේ දෙන්නාගේ සොයාගැනීම් ලිංගික විද්‍යාවට, මනෝවිද්‍යාවට සහ මනෝ චිකිත්සාවට ලොකු මෙහෙවරක් කළා. මානව ලිංගික ප‍්‍රතිචාරයේ අවධීන් හතරක් තියෙන බව මාස්ටර්ස් ඇන්ඞ් ජොන්සන් විස්තර කලා. මේක ස්ත‍්‍රී පුරුෂ කාට වුනත් පොදුයි. ඩිසයර් නැත්තං ලිබිඩො, අරවුසල් නැත්තං පිබිදීම, ඕගස්ම් නැත්තං සුරතාන්තය, රිසොලූෂන් ඒ කියන්නෙ පසු-දැහැන විදිහට මේ අවධි හතර හඳුන්වනවා.

    මාස්ටර්ස්ලා එන්න කලින් ලිංගික ප‍්‍රශ්නයක් තියෙන කෙනෙක් එක්කො ගියෙ පූජකයෙක් ළගට. නැත්තං මනෝවිශ්ලේෂකයෙක් ළගට. ඒ වෙද්දි ෆ්‍රොයිඞ්ගෙ අදහස් ඇමරිකාව පුරා පැතිරෙමින් තිබුන කාලෙ. මාස්ටර්ස්ලා මේ වෙනුවට ශාරීරික පැත්තෙන් ලිංගික ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න උනන්දු වුනා. සෙක්ස් කරන්න ගියාම විවාහක අය මුහුන දෙන අර්බුදවල කායික විද්‍යාත්මක තොරතුරු එකතු කළා. ඒ ගොල්ලො හුස්ම වේගය, හදවතේ ගැස්ම මනින උපකරණ පවා නිර්මාණය කළා. වඳුරෙ, හාවො වෙනුවට කෙලින්ම මිනිස්සු යොදාගනිමින් පර්යේෂණ කළා. ස්ත‍්‍රී පුරුෂ ලිංගික ප‍්‍රතිචාරයන්ගේ සායනික අර්ධය තමයි මාස්ටර්ස්ලගෙ ග‍්‍රවුන්ඞ් එක වෙන්නෙ.

    මාස්ටර්ස්ලා අතින් සිද්ද වුනු වැදගත්ම දේ වෙන්නෙ ස්ත‍්‍රී ලිංගිකත්වයේ ආනුභාවය ලෝකයට එලිදරව් කරපු එක. පිරිමියෙක් එක සුරතාන්තයකින් නිශ්ක‍්‍රීය වෙලා යද්දි ස්ත‍්‍රියක් එක දිගට සුරතාන්ත පෙලක් අත්විඳින බවත් ස්ත‍්‍රියකට සුරතාන්තය සඳහා පිරිමියෙක් අවශ්‍ය නොවෙන බවත් මුලින්ම කියන්නෙ මාස්ටර්ස්ලා. හියුමන් සෙක්ෂුවල් රෙස්පොන්ස් කියන සෙක්සොලෙජි විෂය විස්තෘත කරන මාස්ටර්පීස් එක මේ දෙන්නා අතින් ලියවෙනවා.

  • ක්ලියෝපැට්රා මාරයිද?

    ක්ලියෝපැට්රා මාරයිද?

    පැරා ලියන ගොඩක් දේවල්වලට මං එකගයි. ලංකාවෙ වමේ විද්වත් බහුතරයකට නැති විදිහෙ විවෘත දැක්මක් පැරාට ගොඩක් දේශපාලන කාරණා ගැන තියෙනවා. ඒත් සමහර සංස්කෘතික, මාධ්‍ය භාවිතා ගැන පැරා සදාචාර විනිශ්චයකට යන බවක් පේනවා. ඒක මං හිතන්නෙ සමාජීයව නරක ප‍්‍රතිඵල ඇතිකරන්න පුළුවන් භාවිතාවක්.

    මොකද සදාචාරය කියන එක පුද්ගලයා අනුවත් කාලය අනුවත් අතිශයින්ම සාපේක්ෂයි. හැමතිස්සෙම මේ සදාචාර සීමාවන් හිතුවක්කාර විදිහට තරණය කරන අපරාධකාරයින් තමයි ඊළ`ග මොහොතේ සමාජය වඩා පරිණත සහ විවෘත කරන්නෙ.

    මං මේ කියන්නෙ පැරා ඉරාජ්ගෙ ක්ලියොපැට්රා ගැන ලියපු ලිපිය පදනම් කරගෙන. ඊට කලින් දරුවන් වෙනුවෙන් යම් යම් නාලිකා බ්ලොක් කිරීමක් ගැනත් පැරා ලියලා තිබුන. මං ඒකට එක`ග නැති වුනත් ඒක තම තමන්ගෙ පුද්ගලික කැමැත්ත. ඒත් ක්ලියොපැට්රා ගැන ලියමනේදි පැරා සමාජයට කියනවා ඉරාජ් විසින් වපුරන ස්ත‍්‍රී පීඩකත්වය, ප‍්‍රචණ්ඩත්වය වගේ කරුණු අරඹයා මැදිහත් වෙන්න කියල. වෙන විදිහකට කිව්වොත් මට ඒ ලියමන ඇතුලෙ දැනෙනවා වාරණයක් ඉල්ලා සිටීමක් වගේ දෙයක්. සමහර විට මං වැරදි වෙන්න පුළුවන්.

    මං දකින විදිහට චිත‍්‍රපටියක්, සිංදුවක්, කවියක්, චිත‍්‍රයක් කියන  ඕනම දෙයක් ෆැන්ටසියක්. නිශ්චිතව යතාර්ථය එක්ක ගැටගැහීමක් යෝජනා නොකරන  ඕනම ආර්ට් එකක් හදන්නෙ ෆැන්ටසි අවකාශයක්. පෝර්න් කියන්නෙ ෆැන්ටසියක්. ඒත් සමහර ස්නෆ් පෝර්න් එනවා ඒ වෙනුවෙන් ඇත්තටම තව ජීවිතයක් මත ප‍්‍රචන්ඩත්වය මුදාහරින. අන්න ඒ වගේ තැනකදි ඒ නීතිය හෝ සමාජය හෝ පුද්ගල ආරක්ෂාව වෙනුවෙන් බලය පාවිච්චි කිරීම අවුලක් නෙමෙයි. ඒත් ඒ සම්බන්ධ කෘතියට විරුද්දව බලය පාවිච්චි කරනවා කියන්නෙ ප‍්‍රකාශනයේ නිදහස ගැන ප‍්‍රශ්නයක් වෙනවා. උදා විදිහට සයිබීරියන් ෆිල්ම් කියන චිත‍්‍රපටිය ආර්ට්පීස් එකක් වෙන්නෙ ඒ හින්ද. මොනම හේතුවක් හින්දවත් ප‍්‍රකාශනයේ නිදහස වාරණය වෙනවා කියන්නෙ ඒක අපි අපිවම සීමාකර ගැනීමක්.

    ඉරාජ් කරන්නෙ මොනවා හරි විකුණලා සල්ලි හම්බුකරන්න ට‍්‍රයි කරන එක. සිංදුවක් මියුසික්වලින් හෝ ලිරික්ස්වලින් හිට් කරගන්න බැරි තැනදි එයා කරන්නෙ රෙදි ගලවන එක. මට ඉරාජ් තමන්ගෙ වැඬේ කරන අරමුණ අදාල වෙන්නෙ නෑ. මට අදාල වෙන්නෙ ඒ වැඩෙන් මාව යම් කම්පනයකට, තල්ලූ කිරීමකට ලක්කරනවද කියන එක විතරයි. මං ඒක දිහා බලන්නෙ ඉරාජ්ව ඉරේස් කරලා. මට හිතෙන විදිහට චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක ආර්ට්වලට අදාල නෑ.

    ඉරාජ් කරන්නෙ පොප් වැඩක්. එතනදි සෙක්ස් වගේම ධම්මපදයත් එයා එක විදිහට පාවිච්චි කරනවා. රෙදි ගලවනවා වගේම සිවුරු අන්දනවා. මං හරි කැමති දෙයක් තමයි සදාචාරයයි අපචාරයයි කියන දෙකම එයා එක වැඩක් ඇතුලෙ විකුනන එක. ඒක මං හිතන්නෙ ලංකාවෙ ආර්ට්වල හරි ඉන්ටරෙස්ටින්ග් තැනක්.

    විශේෂ කාරණයක් වෙන්නෙ ඉරාජ්ගෙ ක්ලියොපැට්රා වලට විරුද්ද වෙන්නෙත් සාමාන්‍ය සිංහල බෞද්ද ජනතාව නෙමෙයි. ගොඩක් විකල්ප අයගෙනුයි වැඩියෙන් බැනුම් අහන්නෙ. සදාචාරය වෙනුවෙන් රෙදි උස්සන් එන්න  ඕන බෞද්ද බහුතරය වෙනුවට යම් විකල්ප කියවීමක් තියෙන අය ප‍්‍රකාශනයක සදාචාරය වෙනුවෙන් මැදිහත් වෙන එකම ටිකක් අමුතුයි. සමහර විට මේ විරෝදය එන්නෙ ඉරාජ්ගෙ අමු විකිනිල්ල එක්ක තියෙන අප‍්‍රසාදය නිසාම වෙන්නත් පුළුවන්. ඒත් ලෝකෙ ගොඩක් විශිෂ්ට දේවල් නිර්මාණය වෙලා තියෙනවා සල්ලි හොයන පරමාර්ථය නිසාම. දොස්තයෙව්ස්කි පවා පොත් ලිව්වා සූදු කෙලින්න සල්ලි හොයාගන්න.

    ඉරාජ්ගෙ ක්ලියොපැට්රා විෂුවල් වැඬේට මං කැමතියි. ඒකෙන් ඊජිප්තු ක්ලියොපැට්රා වෙනුවට මට  ඇහෙන්නෙ ක්ලියොපැට්රා නයිට් ක්ලබ් එකේ නම. නයිට් ක්ලබ් එකක ආශාවන් වෙනුවෙන් වැයවෙමින් මුදල් උපයන ගැහැණියක් මුහුණ දෙන ඛේදවාචකයක් තමයි ක්ලියොපැට්රා කියන්නෙ.

    නයිට්ක්ලබ් එකේ දකින ඒ ගැහැණිය ඇඳේදි මේ වගේ ඇති කියල මවාගන්න සල්ලාලයෙක් ඉන්නවා. ඒ සල්ලාලයා විදිහට තෝරගෙන තියෙන මූණට මං ගොඩක් කැමතියි. අනංමනං වැඩිය කියන්න  ඕන නෑ, ඒ මූනෙම තියෙනවා පාපය.

    සරාගී විදිහට රාත‍්‍රියේ මුනගැහෙන ගැහැණුන් ගැන අවලං හීන දකින එක ලංකාවෙ සාමාන්‍යයක්. කොට ගවුමක් වුනත් ඇති ගැහැණියක් ගණිකාවක් කරන්න. ඒක සල්ලාල අපරාධකාරයන්ට වගේම පොලිස්කාරයන්ටත් පොදුයි.  ක්ලබ් එකේ රාගී දෑසින් දකින, දුවෙක් එක්ක තනිව ජීවිත අරගලයක යෙදෙන මේ ගැහැණිය, බීඞීඑස්එම් වස්තුවක් විදිහට සළෙල මනසක පරිකල්පනය වෙනවා.

    ෆැන්ටසිය සහ යතාර්ථය අතර බෙදීමක් නොදන්නා මේ නොදියුණු පිරිමියා බලහත්කාරයෙන් තමන්ගේ ෆැන්ටසිය මේ ගැහැණිය ලවා නිමවාගන්න හදනවා. ඒ උත්සාහය අවසන් වෙන්නෙ ඝාතනයකින්. ඒක වටේ යුක්තිය ඉටුවීම, හොල්මන් සහ අද්බූත ජවනිකා වගේ කීපයකුත් තියෙනවා. බීඞීඑස්එම් ෆැන්ටසියක් ලංකාවෙ සාමාන්‍ය ගැහැණියකගෙන් ඉටුකරගන්න ගිහින් ඒක මිනීමැරුමක් දක්වා යන එක මරු තේමාවක්. ඒ කතාව ඉරාජ් හදන්නෙ කොටස් දෙකකට. එකක් මේ ගැහැණිය ශෘංගාරකරණයෙන් අපේ ආශාව පුබුදු කරන කොටස. අනෙක යුක්තිය ඉටුවීම හරහා අපරාධකාරයාට ද`ඩුවම් ලැබෙන කොටස. මං කලින් කිව්වා වගේම මේ දෙකම එකම ආශා වේදිකාවක ක්ලියොපැට්රා ඇතුලෙ විකුණනවා.

    ඇත්තටම ගත්තොත් ලංකාවෙ ශෘංගාරය යම් මට්ටමකින්, ලස්සන විදිහකට සමාජගත කිරීම සිද්ද වුනේ සිනමාවෙන් නෙමෙයි, ඉරාජ්ගෙ මියුසික් වීඩියෝ වලින්. වෙන රටවල නිෂ්පාදිත අනුරාගී සිහින පාට පාටින් ලාංකේයකරණය කරන්න ඉරාජ්ට පුළුවන් වුනා. ඒවා නිසා ලංකාවෙ ශෘංගාර විෂුවල් කලාපය හොඳ විදිහකට වර්ධනය වුනා. (නැත්තං අපිට තිබුනෙ ඇගේ වෛරය ගනයෙ ශෘංගාර කලාවක්)

    ප‍්‍රචණ්ඩත්වය ෆැන්ටසියක රසවිඳින්න මං කැමතියි. ඒක හින්දම රාම් ගෝපාල් වර්මාට මං ගොඩක් කැමතියි. හොලිවුඞ් ෆිල්ම් එකකටවත් බෑ රාම් ගෝපාල් වර්මාගෙ වයලන්ස් ෆැන්ටසියක චමත්කාරය මවන්න. ඉරාජ් ක්ලියොපැට්රා එක්ක සමහර තැන් ආර්ජීවීට ගොඩක් කිට්ටු තරමට නිර්මාණය කරලා තියෙනවා. ඒක ඇචීව්මන්ට් එකක්.

    සදාචාරය වෙනුවෙන් ෆැන්ටසි සීමා කරන්න  ඕන නෑ. ෆැන්ටසියක් මාර වෙන්න පුළුවන්, බාල වෙන්න පුළුවන්. ඒත් හැම ෆැන්ටසියකටම අනෙකාට හිංසාවක් නැතුව ප‍්‍රකාශමාන වෙන්න නිදහස තියෙන්න  ඕන. මිනිස්සුන්ට පුළුවන් අකමැති නම් නොබලා ඉන්න. බලලා බනින්න. පොඩි උන්ට නොපෙන්නා ඉන්න. ඒත් කිසිම ෆැන්ටසියක් සදාචාර විනිශ්චයකට ලක්වෙලා වාරණයට හෝ තහනමට ලක්වීම නොවිය යුතු දෙයක්.