Category: Features

  • උන්මාද වූ ප්‍රේමාදරේ

    උන්මාද වූ ප්‍රේමාදරේ

    මං අඳුරන කොල්ලෙක් ඉන්නවා. අවුරුදු විසි ගානයි. උගේ කෙල්ලට පන ඇරලා ලව්. කොයිවෙලාවෙත් ඉන්නෙ ෆෝන් එකේ. හම්බුකරන පඩියම වුනත් කෙල්ලට වියදම් කරනවා. පුදුම හදිස්සියක් තිබුනෙ මේ කෙල්ලව බැඳගන්න.
    මං අයියෙ සීරියස් කරන්නෙ එකම එක කෙල්ලයි. අනිත් ඒවා නිකං චැට් කරනවා විතරයි. හැබැයි ඒ කෙල්ල වෙන කාගෙ හරි අතින්වත් අල්ලලා තිබුනොත් මට නං ඒකිව ආයිමත් වැඩක් නෑ. මොකටද අයියෙ එහෙම ගෑනු?
    මූ මට කියල තියෙනවා.
    ඔන්න එකපාරටම මූ දැනගත්තා කෙල්ලට තව කොල්ලෙක් ඉන්නවා කියල. ඌ බැඳපු එකෙක්. ඒත් අවුරුදු දෙකක් විතර තිබුන සම්බන්දයක්. මේක දැනගත්ත ගමන් කොල්ලා පරල වුනා.
    මං ඕකිගෙ ඔක්කොම වීඩියෝ එලියට දානවා. වෙන එකෙක් බැඳලා යන්න පුළුවන්කමක් එයාට නෑ.
    මූ දුක සිංදු අහ අහ වහසිබස් කිව්වා. දවස් ගනං නොකා නොබී හිටියා. සැරින් සැරේට කෙල්ලට කෝල් අරන් කුනුහරුපෙන් බැන්නා. කෙල්ල එහා පැත්තෙ ඉඳන් අඬනවා.

    කොහොම හරි ආපහු අර කෙල්ල මූ එක්ක යාලු වුනා. මූ ගෙදරටත් ගියා. හම්බුකරපු සල්ලි ඔක්කොම වියදම් කරලා කෙල්ලගෙ උපන්දිනෙත් ගත්තා. දැන් ඔන්න බඳින්න ඔන්න මෙන්න.

    එකපාරට මූට ආයිමත් අහුවුනා කෙල්ල අර අනිත් කොල්ලට මැසේජ් කරනවා. ඒ ෆෝන් එකත් ඒ කොල්ලා අරන් දීපු එකක්. මූට යක්ෂාවේශ වුනා. කෙල්ලගෙ ගෙදරට කඩාගෙන බිඳගෙන ගිහින් කෙල්ලට ගහන්න පටන් ගත්තා.

    මං මෙහෙම මෙහෙම ඇනගෙන ඇනගෙන ගියෙ. ආයි මරනවා ඕකිව..
    කෙල්ල ගුටිකකා අර කොල්ලට ටෙක්ස්ට් කරනවා.

    මට මූ එක්ක ඉන්න බෑ. මූ මාව මරනවා සුදු..

    කොහොම හරි කෙල්ලට සිහිනැති වුනාම මූ පැනලා ඇවිත්.
    සිහිය ආපු ගමන් කෙල්ල පැනලා ගිහින්.

    මං ඕකිව කොහොම හරි බඳිනවා.
    බැඳලා මට කරපු විනාසෙට ඕකිගෙ ජීවිතෙන්ම පලිගන්නවා. 

    මූ පිස්සුවෙන් වගේ දඟලනවා.

    ඉතිං බං උඹ ඕක අතෑරලා වෙන කෙල්ලෙක් හොයාගනිංකො.
    මං ඌට කිව්වා.

    එහෙම බෑ අයියෙ. මං ඕකිට කොයිතරං වියදං කරලා තියෙනවද?
    මට ඕකම මරාගෙන මැරෙනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.

    පව්.. ඌ ඒකිට බොක්කෙන්ම ලව්.. උගේ යාලුවො කියන්නෙ එහෙමයි.
    ඌ සිරා ප්‍රේමවන්තයෙක් නිසයි මේ දුක කියල. 

    ඒත් ඇත්තටම මේකට කියන්නෙ ආදරේද? එකිනෙකාගෙන් පලිගන්න, එකිනෙකාට රිද්දන්න, රිද්දගන්න කරගෙන යන ඇබ්බැහියක් නෙමෙයිද? අපි ආදර කතා කියලා අහන බහුතරයක් මේ වගේ ලෙඩ නෙමෙයිද?
    දැන් මෙතන මේ කෙල්ල වැරදිද? ඒ කෙල්ලගෙ කතාව ගැන කිසි දෙයක් අපි දන්නෙ නෑ. අපි දන්නෙ කොල්ලගෙ කතාව විතරයි. ඒ කොල්ලගෙ කතාව ඇතුලෙත් අපි ඌ කරන බලහත්කාරයක් දකිනවා. ආදරය ගැන ඉමෝෂනල් කතන්දර බැහැර කළහම මනුස්සයෙක් තව මනුස්සයෙකුගෙ තීරන ගැනීමේ නිදහසට බාධා කරමින් ඉන්නවා. අපි ආදරේ නමින් බලහත්කාරයක් සාධාරනීකරනය කරමින් ඉන්නවා.

    ආදරේ කියන්නෙ නිදහස. ආදරේ කියන්නෙ සතුට. ආදරය කියන්නෙ සමහර වෙලාවට අත්හැරීම. ජීවිත විනාස කරන ආවේගකාරී පිස්සුවලට ආදරේ කියන්නෙ නෑ. ඒකට කියන්නෙ උන්මාදය.

  • “ලඳුනේ”

    “ලඳුනේ”

     ලංකාවෙ පළමු වරට ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් අරමුදලක්.

    ලිංගික ශ්‍රමිකයන් කියන්නෙ ජීවිතේ ඉතාම අවිනිශ්චිත තත්වයන්ට මුහුන දෙන පිරිසක්. ඔවුන් කරන රැකියාවට ගෞරවයක් නැති වීම පමණක් නෙමෙයි ඔවුන් අපහාසයට, අපහසුතාවයට, අඩන්තේට්ටම්වලට ලක් කරන සමාජ සංස්කෘතියක් අපේ රටේ තියෙන්නෙ. විශේෂයෙන්ම මාධන්‍ පවා ඔවුන් පිළිබඳ තොරතුරු පළකරන්නේ ඔවුන් අවමානයට ලක් කරමින්. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් පවා නිතර ගානකටවත් නැතුව නොතකා හරින්නේ සමාජ ආරක්ෂාවක් මේ අයට නැති නිසාමයි.

    පොලිසිය විසින් නිතර මේ ලිංගික ශ්‍රමිකයන් නීතියේ රැහැනට හසු කරන්නට උත්සාහ ගන්නවා. මේ වන විට අධිකරණයෙන් ඉතාම ප්‍රගතිශීලී තීන්දු කීපයක්ම ලිංගික ශ්‍රමිකයන් විෂයෙහි ලබාදී තිබුනත් මේ පොලිස් පීඩනයේ අඩුවක් නෑ. වසර කීපයකට පෙර පොලිස් නිලධාරියෙකු අතින් ප්‍රසිද්ධියේ පහරකෑමට ලක්වූ බට්ටි ගැන සිද්ධිය හොඳ උදාහරණයක්. ඕනෑම කෙනෙක් කොන්ඩමයක් බෑගයේ තියාගැනීම පවා වරදක් කරමින් ගණිකාවක් ලෙස නඩුවකට පැටලැවිය හැකි තරම් ලංකාවෙ නීතිය පීඩාකාරී ස්වරූපයක් ගන්නවා. මේ නඩු වෙනුවෙන් වියදම් කරන්න හෝ නඩු කාලයෙහි ජීවත් වෙන්න හෝ ක්‍රමයක් නැතිව මේ මිනිස්සු අසරණ වෙනවා.

    අනෙක් අතට රෝගාබාධයක් වැලඳුනු විට පවා මේ අය දිනපතා උපයන අදායම් නතර වෙනවා. රෝහලක නැවතී සිටින කාලය ගත කරන්න හෝ අවශ්‍ය බෙහෙත් හේත් ගන්න හෝ පිලිසරණක් ඔවුන්ට නෑ. ලිංගික ශ්‍රමිකයන් බහුතරයකට තමන් වෙනුවෙන් ඉතුරු කරපු මුදල් නෑ. ඔවුන්ගේ රැකියාවෙ ස්වරූපය අනුවම ඔවුන්ට ජීවත් වෙන්නෙ අද දවස විතරයි.

    ලිංගික ශ්‍රමිකයන් නැත්නම් ගණිකාවන් රටේ ඉතාම අවශ්‍ය ඒ වගේම දුෂ්කර සේවාවක් ලබාදෙමින් ඉන්නවා කියන එකයි අපේ විශ්වාසය. අන් හැම රැකියාවකට වගේම ඔවුන් කරන රැකියාවටත් නිසි ගෞරවය ලැබිය යුතුයි කියන එකයි අපේ පෙනී සිටීම.

    ෆැකල්ටි ඔෆ් සෙක්ස් ක්‍රියාකාරීත්වය මේ අය වෙනුවෙන් අරමුදලක් ඇති කරන්න තීරණය කළා. ඕනෑම ලිංගික ශ්‍රමිකයකුට තමන් මුහුණ දෙන නීතිමය අර්බුදයකදී හෝ සෞඛ්‍ය ප්‍රශ්නයකදී මේ අරමුදලෙන් උදව් ඉල්ලන්න පුළුවන්.

    ෆැකල්ටි ඔෆ් සෙක්ස් ආයතනය කරන හැම ඉපැයීමකින්ම 10%ක කොටසක් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් නිර්මාණය වෙන ලඳුනේ අරමුදලට බැරවෙනවා. මේ අරමුදල වෙනුවෙන්ම කැපවුනු ක්‍රියාකාරකම් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

    අරමුදලේ ප්‍රමාණවත් මුදලක් එකතු වුනු සැනින් ඒ පිළිබඳ ප්‍රසිද්ධ දැනුවත් කිරීම් ආරම්භ වනු ඇති.

    Recognition for Sex Workers

  • Everything Starts with Cheating

    Everything Starts with Cheating

    Cheating in relationships is quite common. If you haven’t experienced it yet yourself, there’s a good chance you know of someone who has experienced it.

    Infidelity has existed since marriage and relationships were invented.  Today our idea of infidelity keeps on expanding.

    Is it a hookup, a love story, a massage with a happy ending, watching porn or is it staying secretly active on dating apps?

    Whatever definition you give to infidelity and affairs. The truth is that affairs are here to stay.

    So we should look at infidelity from a dual perspective, rather than looking at it in the way that we have been conditioned from generations:  affairs, purely as an act of betrayal.

    Let’s explore this dual perspective of cheating by debunking some of the popular myths surrounding cheating and affairs .

    Myth 1: If you have everything you need at home, there’s no need to go looking elsewhere

    This myth is wrong for many reasons, but mainly because it assumes that there’s such a thing as a perfect relationship that will prevent us from wanderlust. 

    A wedding ring is not insurance against cheating.

    At the heart of an affair is often a longing for newness, for freedom, for independence, for adventure, for sexual intensity or playfulness – basically a wish to recapture lost parts of ourselves- all the stuff that often gets diminished in one’s committed relationship. 

    The Mexican essayist Octavio Paz described this as a “thirst for otherness.” What she means is that the “other” that people discover in an affair is not necessarily a new partner, rather a new self.

    The quest for the unexplored self is a powerful theme in the infidelity narrative and usually has nothing to do with the partner they are committed to. 

    Esther Perel, a pioneering psychoanalyst, author and speaker says that when we seek the gaze of another, it isn’t always our partner that we are turning away from, but the person that we ourselves have become.  

    You might just be married to someone who has an innate sense of adventure and desires within them that have nothing to do with you, per se, but they are personal desires that need to be explored in some manner

    Affairs could also be an extension of one’s curiosity, what other stories could we have been a part of? What will I discover about myself if I’m with this person? What other layers will this person add to my life?

    Just as traveling to other cities can enrich your life and enhance your appreciation for your home base, exploring connections with other people can have the same benefits.

    Myth 2- An affair means a flawed relationship 

    Another tragic misconception.

    Conventional wisdom subscribes to the idea that cheating and affairs happen only when something is missing or if something has gone terribly wrong in the marriage/relationship.  

    We have been taught to value fidelity as the litmus test of a relationship and conditioned to feel wronged and victimized if someone cheats on us.  

    Infidelity is not necessarily a sign of a relationship gone wrong and happy couples do cheat

    Research shows that people don’t cheat because they have fallen out of love with their partners. Rather, they cheat simply because they desire sex with someone else. Monogamy does not necessarily provide a lifetime of sexual contentment.

    It’s time we dropped the typical assumption that if someone cheats, either there’s something wrong in your relationship or there’s something wrong with you- neither could be the case.

    Myth 3- An affair is the end of a relationship 

    Cheating and infidelity shatters the grand ideal of love but it doesn’t have to

    The true strength of a thriving relationship is when two people can turn a crisis into an opportunity.

    An affair can be a death in a relationship but it also can birth a new relationship. A new disorder can lead to a new order. 

    Extramarital adventures are undoubtedly painful but they can also be liberating and empowering. In this sense, it’s all about rebuilding and repairing the rupture together and paving the way for a more beautiful relationship to emerge, but this time with more honesty, empathy and authenticity. 

    There are many people who you will love but they are not necessarily the same people that you build a life with.

    Do you want a love story or a life story? Love stories per say are not life stories

     

    Love stories and life stories both have their own set of ingredients. Some love stories cannot be sustained long term. Similarly life stories might not have all the passion, mystery and adventure that we would like to have.

    Final words: Managing expectations 

    We live in a society where we expect what an entire community once provided from our partners.

    We want our partner to offer us stability, safety, security, predictability, and dependability. And we want the very same person to give us mystery, adventure, and risk. We expect comfort and edge, familiarity and novelty, continuity and surprise- all from one person

    We have conjured up this grand ambition of love, where love remains unconditional, intimacy enthralling, and sex oh so exciting, with one person, for the long haul

    We really need to place an affair in the context of the relationship at large, and not separate it and make it the ultimate truth about the marriage or a relationship

    Sex is not a crime, regardless of who it is with 

    We live in an individualistic society, where we feel entitled to be a little bit selfish with our needs, wants and desires, sexual or not.

    Only when men and women are able to make sexual choices free of stigma will people be honest with their partners about their desires.

     

    – Rochelle Abeywardena

  • ලිංගික ආශාවෙ උපත

    ලිංගික ආශාවෙ උපත

    කොලින් විල්සන්ගෙ ඔරිජින්ස් ඔෆ් සෙක්ෂුවල් ඉම්පල්ස් පොත මායි දිමුතු ගලප්පත්තියි අවුරුදු බරගානකට කලින් සෙක්සොලොජි ගැන උනන්දු වෙද්දි කියවන්න ගත්ත පොතක්. සුගතපාලද සිල්වාගෙ පොත් එකතුවෙන් ගත්ත මේ පොත කාලයත් එක්ක ආගිය අතක් නැති වුනා. වතාවෙන් වතාව මතක් වෙද්දි අලුතෙන් කොපියක් හොයාගන්න උත්සාහ කළත් ඒක හරි ගියෙ නෑ. ළඟදි දවසක අහම්බෙන් ඔන්ලයින් ලින්ක් එකක් තිබිලා හම්බුනා. ඒ පොත කොටසෙන් කොටස පරිවර්තනය කරන්න ගන්න උත්සාහයක් මේක.

    මනුස්ස පැවැත්මෙහි සෙක්ස් වල භූමිකාව කුමක්ද?

    මේ ප්‍රශ්නෙ කොටස් දෙකක් තියෙනවා.
    එකක් ලිංගික පෙළඹුම කියන්නෙ මොකක්ද? දෙක සමස්ත මනුස්ස පැවැත්ම කියන්නෙ මොකක්ද? පලවෙනි එකට හරිහමන් උත්තරයක් හොයාගත්තොත් දෙවෙනි එකට ඒකෙන් උදව්වක් ගන්න පුලුවන්.

    ලිංගික පෙළඹුම කියන කාරණය ගත්තොත් ඒක ගැන ස්වභාව ධර්මයාටයි මිනිහාටයි තියෙන්නෙ උවමනාවන් දෙකක්. ස්වභාව ධර්මයට ඕන වර්ගයා බෝ කරන්න. මිනිහට ඕන උපරිම ලිංගික තෘප්තිය ලබන්න.

    කොහොමත් ස්වභාව ධර්මයෙයි මිනිහාගෙයි උවමනා එකට එක ගැලපෙන්නෙ කලාතුරකින්. උදා ස්වභාව ධර්මයට අනුව මිනිස්සු නිරෝගීව ජීවත්වෙන්නයි ආහාර ගන්න ඕන. ඒත් මිනිස්සුන්ගෙ කෑම ගැන උවමනාව ඊට වඩා ගොඩක් දුර යනවා. සමහරු මැරෙනකල්ම කනවා. ඒත් හැබැයි කෑමවලදි මිනිහා ස්වභාව ධර්මය එක්ක යම් සීමාවලට එකග වෙනවා කියන්න පුළුවන්. කෑම විතරක් නෙමෙයි බීම, නින්ද, ව්‍යායාම මේ ඔක්කොම එහෙමයි.

    ඒත් සෙක්ස්වලදි නං ස්වභාව ධර්මයයි මිනිහගෙ උවමනාවයි අතර පරතරය මාර ලොකුයි. ඒක හින්දමයි අනෙක් හැමදේකටම වඩා සෙක්ස්වලදි මිනිස්සු පර්වර්ට් වෙන්නෙ.

    මොකක්ද පර්වර්ට් කියන්නෙ. සිංහලෙන් විපරීතයි කියන්නෙ. සරලවම ස්වභාවික නැති ක්‍රියාවක්. මේක මෙහෙම කියන්න නම් අපි ස්වභාවික මොකක්ද කියල හරියටම දැනගෙන ඉන්න ඕන. ඒත් සෙක්ස්වලදි අපි මේක කියන්නෙ කොහොමද?

    තොලස්තෝයිගෙ විග්‍රහය

    සමහර වෙලාවට මේක තේරුම්ගන්න සාමාන්‍ය දැනීම ගැන වැටහීමක් තිබීම ප්‍රයෝජනයක් වෙයි. සෙක්ස් ගැන සාමාන්‍යයෙන් තියෙන දැනීම තොලස්තෝයි ක්‍රොට්සර් සොනාටාවෙ ලියනවා. ඒකෙ ඉන්න භාර්යා ඝාතක පොඞ්නිචෙව් කියන චරිතය හිතනවා නවීන සමාජය සෙක්ස් පිස්සුවකට ගිහිල්ලා කියල. මේක වෙලා තියෙන්නෙ විවේකය වැඩිවීම හින්ද. මිනිස්සුන්ගෙ ශක්තිය ඉතුරු වෙන හින්ද. මිනිස්සු මේ අතිරික්ත ශක්තිය තෘප්තිය හොයාගෙන යන්න වැය කරනවා. ඉස්සර විදිහට ගෑනියෙකුට හෝ මිනිහෙකුට මේ තරම් ශක්තියක් ඉතුරු වෙන්නෙ නෑ. දරුවන්ගෙ වැඩපල ටික කළාම ගෑනිටත්, දවසෙ අනිත් වැඩ ටික කළාම මිනිහටත් හොඳටම වෙහෙසයි. ඒක හින්දම ලිංගික ආශාව සීමිතයි. දැන් මේ සංස්කෘතික වංශවත්තු කරන්නෙ දවසෙම සෙක්ස් ගැන හිතන එක. ඒක අහිංසක අවධියෙදි අපි කියනවා ආදරේ කියල. තරුණ වංශවතෙක් එක්ක තමන්ගෙ බිරිඳ බීතෝවන්ගෙ නවවෙනි සොනාටාව ප්ලේ කරපු එක ගැන පොඞ්නිචෙව් ඉරිසියාවෙන් පැලෙනවා. මේ ඊනියා සංස්කෘතික ප්‍රහර්ෂය වරදේ බැඳෙන්නම හදාගත්ත කාරණයක් කියලා පොඞ්නිචෙව්ගෙ ඇතුලෙන් තොලස්තෝයි කියනවා.

    තොලස්තෝයි කියන්නෙ ස්වභාවික සෙක්ස් නම් ඒකෙ අරමුණ දරුවන් හදන එකම විය යුතුයි කියල. සැමියා සහ බිරිඳ අතර වුනත් ඊට එහා ගිය තෘප්තිය හොයන දේවල් සියල්ල විකෘතියි. 

    මේ ඉගැන්වීම කාලාන්තරයක් දිගටම පැවතගෙන එන එකක්. ඒක කතෝලික පල්ලියෙ උපත් පාලනය ගැන ඉගැන්වීම් දක්වාම යනවා. ඇත්තටම ඒක ආගමික දෘෂ්ටියක්. ඒකෙ හැටියට මිනිහාගෙ ස්වීය ඕනෑ එපාකම් වලට ස්වභාවිකත්වය තීරණය කිරීමේ ලා කිසිම බලයක් නෑ. ඊට වඩා ඉහල ඉඳන් බලන්න ඕන. ඒක මිනිස්සුන්ගෙ ආශාවට ප්‍රතිවිරුද්ධව ගියත් ඒක තමයි ස්වභාවික.

    ඒත් තොලස්තෝයි තරම් දරුනුවට මේක කරේ තියාගන්නෙ සුලු පිරිසක් විතරයි. සෙක්ස් ගැන ලියන බොහොමයක් ලේඛකයන් ඉන්නවා ඒ අයට අනුව, මොනම විදිහකින් හරි අවසානයේ ප්‍රජනනයක් සිද්ද වෙලා තියෙනවා නම් ඒක ස්වභාවික විදිහ ගන්න ඕන. ඒ කියන්නෙ කොයි විදිහකින් හරි කමක් නෑ අවසානයේ යෝනි මාර්ගයක ධාතු පහවීම සිද්ද වුනොත් ඒක ස්වභාවිකයි. ඊට කලින් මොන විපරීතයක් වුනත් අදාල නෑ. එහෙම මෝචනය වෙන්න කලින් එලියට ගන්න කෙනෙක් හරි නැත්තං කොපුවක් පළඳින කෙනෙක් හරි මේ අනුව විපරීතයෙක් වෙනවා. මේ තර්කය අනුව බිරිඳට පහර දීමෙන් තමන්ගේ ආශාව වැඩි කරගන්න සැමියෙක් හෝ අඩු වයස් දැරියක් දූෂනය කරන මිනිහෙක් සමහර විට ඊට වඩා ස්වභාවික වෙන්න පුළුවන්. මෙතනදි ස්වභාවිකත්වය තීරණය කරන්නෙ අවසාන ප්‍රතිඵලය දිහා බලලයි. ඒ කරා ළඟාවෙන මාවත අදාලම නෑ. බොහොමයක් ලිංගික ක්‍රියාවල අවසානය වෙන්නෙ සුරතාන්තයයි. ඒත් සුරතාන්තය කරා ළඟා වුනු විදිහෙන් නෙමෙයිද විපරීත බව විනිශ්චය කරන්නෙ?

    විපරීතය ගැන සෙක්සොලොජිස්ට්ලගෙ දැක්ම හරිම ලේසියට හදාගත්ත එකක්. ඒක නිවැරදි වගේ පේන්නෙ ගැහැනියක් තුල සුරතාන්තයට පත්වෙන බොහොමයක් පිරිමි සාමාන්‍ය විදිහට ලිංගික ඇවිස්සීම ලබන නිසා විතරයි.

  • විශිෂ්ට තීන්දුවක්.

    විශිෂ්ට තීන්දුවක්.

    මෑත කාලෙදි ලංකාවෙ අධිකරණයකින් දුන්න විප්ලවීය තීන්දුවක් විදිහට ජිනා මැඩම්ගෙ නඩු තීන්දුව හඳුන්වන්න පුළුවන්. ජිනා මැඩම් කාන්තාවන් මුදලට ලිංගික ශ්‍රමිකයන් ලෙස යෙදෙව්වා කියන වරදට අවුරුදු තුනක් හිර දඬුවම් ලැබුවා. එයා සාධාරණයක් පතා අභියාචනාධිකරණයට ගියා. ඒත් අභියාචනාධිකරණය කලින් තීන්දුවම අනුමත කළා. ඊට පස්සෙ ජිනා මැඩම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ජිනා මැඩම් නිදහස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ට තීරණයක් ලබාදෙනවා.

    ලිංගික ශ්‍රමිකයෙක් සේ කටයුතු කරන කෙනෙකුට විරුද්ධව තව කෙනෙක් ලිංගික ශ්‍රමයෙහි යෙදවීම ගැන දඩුවම් කරන්න බෑ කියල. ඒ කියන්නෙ ගණිකාවන් කීප දෙනෙක් සේවයේ යොදවන සාමාන්‍ය වහරින් මැඩම් කෙනෙක් එයත් ගණිකාවක් විදිහටම වැඩ කරනවා නම් මඩමක් පවත්වාගෙන යාමේ වරදට අහුවෙන්නෙ නෑ. ඒක අතිශය මානුශීය වගේම ප්‍රගතිශීලී නඩු තීන්දුවක්. 

    මීට කලින් වතාවක ලිංගික ශ්‍රමිකයන් හැටියට කටයුතු කරන කාන්තාවන්ට එය වරදක් හැටියට ගනිමින් දඩුවම් කරන්න බෑ කියලත් අධිකරණයකින් තීන්දු වුනා. ඒ වෙනුවට ඒ අයව ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයේ යොදවන පාර්ශ්වයට දඩුවම් කළ යුතු බවයි කියවුනෙ. 

    ගණිකා වෘත්තිය නීතිගත කිරීම කොහොම වුනත් අඩු තරමෙ මේ විදිහෙ ඩික්‍රිමිනලයිස් කිරීමකට හරි රටක් හැටියට යන්න පුළුවන් වීම ලොකු දෙයක්. මේ හින්ද නිකරුනේ සිරගත වන, අඩන්තේට්ටම්වලට ලක්වෙන කාන්තාවන් බොහොමයකගෙ ජීවිතවලට සහනයක් ලැබෙනවා නොඅනුමානයි.

  • කැටපෙගෙ කාර් සෙක්ස්!

    කැටපෙගෙ කාර් සෙක්ස්!

    පිලාවුස් එක ඉස්සරහ වාහනයක කවුරු හෝ දෙන්නෙක් සෙක්ස් කරනවා. ඒ අය දන්නා කෙනෙක් කියල හිතන්න පුළුවන් කෙනෙක් ඒක විනෝදයෙන් වීඩියෝ කරනවා. 31 රෑ ගාලුපාරෙ සිද්ද වුන දෙයක් කියල කතාවක් පැතිරෙනවා. මේ ගැන වෙබ් එකක ප්‍රවෘත්තියක් පළවෙනවා. ඒකෙ හැටියට පොලිසියට මේ ගැන හොඳටම තරහ ගිහින් තියෙනවා. වාහනේ නොම්මර හොයාගෙන පොලිසිය තරාතිරම නොබලා මේ සෙක්ස් කරපු අයට දඩුවම් කරන්න මහන්සි වෙනවා.

    මේක මාර රටක්. මහපාර මැද්දෙ පොලුවලින් ගහලා මිනිස්සුන්ව මරලා දානවා. පොලිසිය සංසුන්. ඒත් පාරක සෙක්ස් කරපු ගමන් පොලිසිය නොසංසුන්.

    මේක කවුරුන් හෝ විනෝදයෙන් කරන විවෘත සංවාසයක් වග පැහැදිලියි. බලහත්කාරකමක් වගේ තත්වයක් වීඩියෝවෙන් පේන්නෙ හෝ එහෙම පැමිනිල්ලක් ලැබී හෝ නෑ. ඒ වගේම මහපාරෙ වුනත් උන් සෙක්ස් කරන්නෙ උන්ගෙ කාර් එක ඇතුලෙ. ඒ කියන්නෙ පුද්ගලික අවකාශයක.

    ඒක මිනිස්සු සතුටු වෙන දෙයක්. කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන ක්‍රියාවක් නෙමෙයි. උන්ගෙ පාඩුවෙ උන්ට ඒ නිදහස විඳගන්න ඉඩදෙන්න මේ රටේ අධිකාරීන්ට බැරිවෙන්නෙ ඇයි?

    ඒ වීඩියෝව වට්ස්ඇප් හරහා හැම තැනම ෂෙයාර් වෙන්න ගන්නවා. වට්ස්ඇප් කියන්නෙ පොදු අවකාශයක් නෙමෙයි. ඒකෙ ඉන්නෙ පුද්ගලික යාලුමිත්‍රයො. එතකොට ඒ අය අතර ෂෙයාර් වෙන ක්ලිප් එකක් අසභ්‍ය වීඩියෝ මුදාහැරීමක් වෙන්නෙ කොහොමද? ඒ කොහොම වුනත් වීඩියෝව ෂෙයාර් කරන වරද සෙක්ස් කරපු උන් පිට පැටවෙන්නෙ කොහොමද?

    ඊට පස්සෙ මේකට තව කතාවක් ගැටගැහෙනවා. විමල් කැටපෙආරච්චි තමයි මේ කාර් එකේ ඉන්නෙ කියල. මේ ප්‍රවෘත්තිය වාර්තා කරන වෙබ් එකේ හැටියට ඒක වාහන අංක පරීක්ෂා කිරීමෙන් පස්සෙ හොයාගත්ත තොරතුරක්. විමල් මෙහෙම වැඩක් කළා නම් ඒක මරු. එහෙම විවෘත ලිංගික ආස්වාදයක් ලබන යාලුවෙක් දේශපාලන මිතුරෙක් විදිහට ඌට ගරු කරන්න ඕන.

    හැබැයි එහෙම නෙමෙයි නම් ඒක අපහාස කිරීමේ උවමනාවකින් ගොතපු ප්‍රවෘත්තියක්. කවුරුන් හෝ තමන්ගෙ වාහනයක කරපු ලිංගික සංසර්ගයක් දන්නා කියන කෙනෙකු මත අලවා කුණු රසයක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහයක්. සැබෑ අපචාරය තියෙන්නෙ එතන. සෙක්ස් කැත නෑ. සෙක්ස් අපහාස අර්ථයකින් පාවිච්චි කරන එකයි කැත. ඒකයි අසභ්‍ය.

    මේ කරුණු නිවැරදි නැත්නම් සැබෑ අසභ්‍ය ප්‍රකාශනය කරමින් ඉන්නෙ මේ වෙබ් අඩවිය. ඇඟිල්ල දික්වෙන්න ඕන එතනට.

  • සෙක්සි රංජා

    සෙක්සි රංජා

    රංජන් කියන්නෙ ලංකාවෙ සුවිශේෂ චරිතයක්. එයා විසින් නිර්මාණය කරගත්ත වෙනස් සෙල්ලක්කාර ප්‍රේමක්කාර යුක්තියට වැඩ කරන ෆික්ෂනල් කැරැක්ටර් එකක් රංජන්ට තියෙනවා. එයා ඒ තමන්ගෙ නිර්මාණය බවට පත්වෙනවා. ලංකාවෙ මිනිස්සුන්ට එහෙම තත්වයක් නෑ. හැමෝම නිකංම යතාර්ථයේ ගොදුරු.

    රංජන් ඇඟ හදනවා. හදන ඇඟ පෙන්නනවා. ගෑනු එක්ක නිදාගන්නවා. නිදාගන්න බව එලිපිට කියනවා. සල්ලාල ජීවිතයක් ගතකරනවා. ඒක රහසක් කරන්න පොඞ්ඩක්වත් උත්සාහ කරන්නෙ නෑ. කොටින්ම ෆොටෝ එකක් ගැහුවත් ජුංඩා ලොකුවට පෙන්නනවා. එහෙම අනුරාගී සෙක්ෂුවලි ඕපන් චරිත අපේ රටේ ඉන්නෙ ඇඟිලි ගානට. වනචරකම් කරන තොග පිටින් උන් හිටියත් සෙක්ස් කියන්නෙ තමන් රසවිඳින ආර්ට් එකක් විදිහට පෙනී ඉන්න මිනිස්සු නෑ. හැමෝම සෙක්ස්වලට බයයි. රංජන් සෙක්ස්වලට ආසයි. බය නෑ.

    එයා තනිකඩයි. කාටවත් බලහත්කාරකම් කරන්න යන්නෙ නෑ. එහෙම උවමනාවක් ඇති නොවෙන තරමට එයා ගෑනු එක්ක සමීපයි. සල්ලාලයි. විපරීතයි. රංජන්ගෙ පුද්ගලික ටෙලිෆෝන් සංවාද අහන්න ලැබුන හින්ද අපි දන්නවා රංජන් කොයිතරම් දුරට දිගට සෙක්ස් රසවිඳිනවද කියන එක. 

    රංජන් තරම් නිරුවත් වුනු පිරිමියෙක් ලංකාවෙ නෑ. ඒ නිරුවත ආඩම්බරෙන් බාරගත්ත මිනිහෙකුත් මං දැකලා නෑ.

    ඉතිං රංජන්ගෙ ජුංඩා අනිත් ගොඩක් පිරිමින්ට වඩා ලොකුයි තමයි. 

  • ලැජ්ජාව වැළඳගන්න

    ලැජ්ජාව වැළඳගන්න

    ටාමි ලින් කෙන්ට් කියන්නෙ කාන්තාවන්ගෙ යෝනි මාර්ගය ආශ්‍රිත ආබාධවලට ප්‍රතිකාර කරන තෙරපිස්ට් කෙනෙක්. එයා යෝනි මාර්ගය හුදු කායිකමය දෙයක් කියන තැනින් එහාට අරගෙන ගිහින් ඒ හා සම්බන්ධ මානසික සහ ආධ්‍යාත්මික කාරනා ගැනත් උනන්දු වෙනවා. ඒක හින්දම එයාට වැජයිනා විස්පරර් ඒ කියන්නෙ යෝනි මාර්ගය හා කොඳුරන්නා කියල නමක් පවා ගැටගැහිලා තියෙනවා.

    ලින් කෙන්ට්ගෙ අදහස් කතා කරන්න කලින් අපි ඉන්නෙ කොතනද කියලත් අවබෝධයක් අපිට තියෙන්න ඕන. අපි මේ කතා කරන්නෙ කාන්තාවන්ගෙ සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීම පවා ලැජ්ජාවක් කියන රටක ඉඳගෙන. අපේ රටේ ජනකාන්ත නළු නිළියො වේදිකා උඩ නැගලා කිව්වා තමන්ගේ පීරියඞ්ස් නැත්තං ඔසප් වීම තමන්ගෙ සැමියාවත් දන්නෙ නැති රහසක් කියල. ඒ රහස ඒ ගොල්ලො හංගගෙන රැකගෙන ඉන්නෙ ලැජ්ජාවෙන්. තමන්ගෙ ශරීරයේ තමන්ගෙම ඉන්ද්‍රිය කලාපයක් ගැන ලැජ්ජාවෙන් පසුවෙන කාන්තාවන් අපේ රටේ ඉන්නෙ.

    ලින් කෙන්ට් කියන විදිහට කාන්තාවන්ගෙ ඇත්ත බලය එක්ක යෝනි මාර්ගය සම්බන්ධයි. ඒ තමයි ඇය විසින් ලෝකයට දරුවන් උපදවන මාර්ගය. ඇගේ ලිංගික තෘප්තියේ සහ ස්ත්‍රීත්වයේ මධ්‍යය. ඒත් කාන්තාවන්ට තමන්ගේ යෝනිය ලැජ්ජාසහගත හෝ ඒ ගැන කතා නොකළ යුතු දෙයක් කියල හිතෙනවා කියන්නෙ ඒ කාන්තාවන් ඒ සමාජය ඇතුලෙ අඩපනයි. ඇයව ඇගේ ශරීරයෙන්ම වෙන් කරලා තියෙන්නෙ. ඇගේ ශරීරයේ කොටස්ම ඇයට ලැජ්ජාවක් බවට පත් කරලා තියෙන්නෙ.

    මේක හොඳටම තේරෙනවා අපි ලීක් වෙන ෆොටෝ දිහා බැලුවොත්. කොල්ලෙකුගෙ නිරුවත් ෆොටෝ නැත්තං වීඩියෝ ලීක් වුනා කියල කිසි කෙනෙක් කලබල වෙන්නෙ නෑ. අඩුම ගානෙ ඒ කොල්ලාවත් ඒ ගැන ලැජ්ජා වෙන එකක් නෑ. ඒත් කාන්තා නිරුවතක් හැම වෙලාවකම ඒ කාන්තාවට දිවිනසා ගන්න තරමෙ ආතතියක් සමාජය පැත්තෙන් නිර්මාණය කරනවා. ඇගේ සම්පූර්ණ ජීවිතයම ඒ නිරුවත බවට ලඝු කරනවා.

    ගැහැනියක් තමන්ගේ නිරුවත් ශරීරය නැත්තං යෝනි මාර්ගය අත්පත් කරගන්නවා කියන්නෙ, ඒක ආඩම්බරෙන් බාරගන්නවා කියන්නෙ එයාගෙ ලිංගික ශක්තිය පූර්ණ විදිහට වැළඳගන්නවා කියන එක. ඒක තමයි කාන්තාවකගේ පරිපූර්ණ පැවැත්ම. ඒත් සමාජය විසින් පනවාපු පටවාපු ලැජ්ජාව කාන්තාවන් තමන්ගෙ යෝනි මාර්ගයෙන් දුරස් කරනවා. ඒක තමන්ගෙ නොවන කොටසක් බවට පත් කරනවා.

    සමාජය විසින් ස්ත්‍රී යෝනිය ලැජ්ජාවක් බවට පත් කරලා තියෙනවා.

    අපි පුළුවන් තරම් බලන්නෙ ලැජ්ජාවෙන් පැනලා යන්න. අර නිළියො ටික ස්ටේජ් උඩ කිව්වෙ ඒක. ලැජ්ජාවෙන් වහන් වෙලා ඉන්න ඉඩදෙන්න කියන එක. ඒත් ලැජ්ජාව ඇතුලට යාමෙන්, ඒ ලැජ්ජාව බාරගැනීමෙන් විතරයි අපිට පුළුවන් වෙන්නෙ ඒක ඉක්මවා යන්න. නැවත අපිව අත්පත් කරගන්න.

    ශිෂ්ට සමාජයක් ගැන විශ්වාස කරන මිනිස්සුන්ට තියෙන ලොකුම අභියෝගයක් තමයි කාන්තා ශරීරය ලැජ්ජාව කියන තැනින් ගෞරවය කියන තැනට ඔසවා තියන එක. එක එක කොටස් වාරණය කිරීමෙන්, හංගාගැනීමෙන් නෙමෙයි. සමස්ත ස්ත්‍රී ශරීරය එහි අලංකාරය සුන්දරත්වය සහ දරුවන් බිහිකිරීමේ දරාගැනීමේ සුවිශේෂ හැකියාව වෙනුවෙන් ගරුත්වයට පත්වෙන්න ඕන. යෝනිය ලැජ්ජාවන ඉන්ද්‍රියක් නෙමෙයි බුහුමන් ලබන ඉන්ද්‍රියයක් වෙන්න ඕන

    තමන්ගෙ යෝනි මාර්ගය ගැන ලැජ්ජාවෙන් ජීවත් වෙන කාන්තාවක් එයාගෙ සමස්ත සම්බන්ධතා රටාවම හදාගන්නෙ ඒ ලැජ්ජාව ඇතුලෙන්. ඒක එයා එක්ක ගනුදෙනු කරන අනිත් මිනිස්සුන්ටත් සමාජයටත් බලපාන කාරණයක් වෙනවා. එයා විවෘත නිදහස් ජීවියෙක් විදිහට නෙමෙයි ජීවත් වෙමින් ඉන්නෙ. එයා රෝගී වෙලයි ඉන්නෙ. මේ රෝගී බව එයාගෙ ආදරයට, දරුවන්ට පවා බෝවෙනවා.

    අපි හැමෝම ගැහැණු ශරීරයක් ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු. ඒ තමයි අපේ මුල්ම නිවහන.

    ලින් කියනවා එයාට මුනගැහෙන බොහොමයක් ගැහැනුන්ගෙ යෝනි මාර්ගයන් විවිධ ආතතීන් නිසා ආබාධවලින් පෙලෙනවා කියල. සමහර ඒවා උපතින්ම එන දෝෂ. තව බහුතරයක් සමාජය විසින් ඇති කරන දෝෂ.

    ගැහැනු ගොඩක් තමන්ගේ යෝනිය ගැන හිතන්නෙ නෑ. ඒ ඉල්ලීම් වලට සාවධාන නෑ. තමන්ගේ ශරීරයේ තිබුනට ඒ ගැන දන්නෙවත් නෑ. කොටින්ම ඒක ශරීරයේ කොටසක් විදිහට සලකන්නෙ නෑ.

    ලින් හොයාගන්නවා මේ යෝනි මාර්ගය ආශ්‍රිත ආබාධ තියෙන ගොඩක් කාන්තාවන්ට ඒ පිටිපස්සෙ ලොකු මානසික වේදනාවක් හිරවෙලා තියෙනවා කියල. මේ ආතතීන් ඇති කරන ප්‍රධානම හේතුව ලැජ්ජාව සම්බන්ධ කාරණයක්. ලැජ්ජාව කියන්නෙ අපිට උපතින් එන එකක් නෙමෙයි. ඒක අපේ අත්දැකීම් තුලින් අපි ඇතුලෙ නිර්මාණය කරන දෙයක්. ඔයාගෙ ඇඟේ කොටසක් ගැන ඔයාට ලැජ්ජාවක් ඇතිවුනොත් ඔයා ඒ කොටසෙන් ඈත් වෙනවා. ඒක තමන්ගේ නොවෙන විදිහට හිතනවා.

    පෙල්වික් ගර්භය නැත්තං ශ්‍රෝනිය ආශ්‍රිත මේ කලාපය ලස්සන තැනක්. ලින් කෙන්ට් කියන්නෙ ඒක තමයි කාන්තාවන්ගේ නිර්මාණශීලීත්වයේ උපත. ගැහැනුකමේ ගැඹුර. ඒත් අවසනාවට ගැහැනුන්ව මේ තමන්ගේ පන්සලෙන් එලියට ඇදලා දාලා තියෙනවා. ඒ ගොල්ලො ඉන්නෙ ඒ ගොල්ලොන්ගෙම ආත්මයේ ගැඹුරු සම්බන්ධතාවයක් අහිමිව.

    ගැහැණුකම කියන්නෙ වනාන්තර ආත්මයක්. ඒක සුන්දරයි. ගැහැණුමයයි. යෝනි මාර්ගය ආශ්‍රිත ආතතීන්ගෙන් පෙලෙන ගොඩක් අයට ඕන කරන්නෙ කායිකමය සුවපත් වීමක් නෙමෙයි. මේ බිඳුනු ආධ්‍යාත්මික සම්බන්ධය ආපහු හදන්න. අපි මේ ගැහැණු ශරීරයේ ප්‍රඥාවට කන්දෙන්න ඕන. ඒ නිහඬතාවයේ ගැඹුර තේරුම් ගන්න ඕන.

    හරියටම ලැජ්ජාව තියෙන තැනමයි සුවපත් කිරීම අවශ්‍ය වෙන්නෙ. පෑඞ් එක ගැන ලැජ්ජාව ආපු තැනමයි ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ. අපි කරන්න ඕන ඒ ගැන කතා කිරීම නතර කරන එක නෙමෙයි. තව තවත් ඒ ලැජ්ජාව ගැන විවෘත වෙන්න පුළුවන් නිදහසක් නිර්මාණය කරන එකයි.

    ලින් කෙන්ට් එයාගෙ ප්‍රතිකාර හරහා ගැහැණු ශරීරයෙන් ඉගෙන ගත්ත සත්‍යයන් කීපයක් සලකුණු කරනවා.

    එකක් තමයි යෝනිය ආශ්‍රිතව පවතින ලැජ්ජාව කොයිම ආකාරයකින් හෝ අතීත ඛේදයක් එක්ක සම්බන්ධයි කියන එක. බහුතරයක් ගැහැනුන්ට මේ විදිහෙ ජීවිතේ ප්‍රකාශ නොකර හිරකරගත්ත ට්‍රෝමා තියෙනවා. ඒවා යෝනි මාර්ගයේ ආබාධ විදිහට ප්‍රකාශමාන වෙනවා.

    ලින් කියන විදිහට එයාට මුනගැහුනු ගැහැනු 80%ක් කායික හෝ ලිංගික බලහත්කාරකම්වලට මූන දීලා තියෙනවා. මේක හැරස්මන්ට් වගේ තත්වයකින් සැලකුවොත් කාන්තාවන් 100%ක්ම මේ තත්වයන් අත්විඳලා තියෙනවා.

    ගැහැණුන්ගෙන් පහෙන් එකක් රේප් වීමකට නැත්තං දූෂනයකට ලක්වෙලා තියෙනවා කියලයි සංඛ්‍යා දත්ත කියන්නෙ. මේ පිරිසෙන් 81%ක් දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන පෝස්ට් ට්‍රොමැටික් ආබාධවලට ලක්වෙනවා. 

    කොයිතරම් අඩුපාඩු තිබුනත් METOO කියන කැම්පේන් එක ආවෙ මේ නිදහස් කිරීම වෙනුවෙන්. එලියට හැමදෙයක්ම හඬගාලා කියලා තමන්ගෙ ලැජ්ජාව නිරුවත් කිරීමේ ව්‍යාපෘතියක් ඒක. ඒ ලැජ්ජාවෙන් නැවත සමාජයට දමා ගැසීමේ සාමූහික ප්‍රතිකාරයක් ඒක. ලැජ්ජාවෙන් කෙනෙක්ව සදාතනිකව අබ්බගාත කරන්න පුළුවන්. එයාට එයාගෙ ශරීරය එක්ක තියෙන සම්බන්ධය බිඳෙනවා කියන්නෙ සරල දෙයක් නෙමෙයි. මේ වගේ තත්වයන්ට පූර්ණ සුවපත් කිරීමක් අවශ්‍යයි කියලයි ලින් කියන්නෙ.

    මේ විදිහෙ ඛේදනීය බලහත්කාරයකට ලක්වුනු කෙනෙකුගෙ මානසික පීඩාව විසින් යෝනිය ආශ්‍රිත මාංශපේශීන් තද කරනවා. එයාගෙ ලිංගික ජීවිතය ප්‍රතික්‍ෂේප කරනවා. කාංසාමය තත්වයන් ඇති කරනවා. කොටින්ම සදාකාලිකව කාන්තාවකගේ සතුට සහ සාමය උදුර ගන්නවා. කාන්තාවක් සමතුලිත වෙන්නෙ තමන්ගේ යෝනිමාර්ගය නිරෝගී විදිහට බාරගන්න පුලුවන් තැනදි විතරයි.

    රේප් එකක් ගැන ඇබියුස් එකක් ගැන කතා කිරීමත් ටැබූ එකක් වුනු සමාජයක අපි ජීවත් වෙන්නෙ. තමන්ගේ වේදනාව හෝ පැල්ම එක්ක තනියම හුදකලාවීම මිස වෙන විකල්පයක් කාන්තාවකට නෑ.

    සමහර අම්මලට තමන්ගෙ මුල්ම දරුවා උපතේදී මීය ගිය වේදනාව විසින් යෝනි මාර්ගය ප්‍රතික්‍ෂේපිත කලාපයක් බවට පත් කරනවා. වේදනාකාරී ප්‍රදේශයක් කරනවා. ලින් කියනවා එයාට මුනගැහුනු ආර්ටිස්ට් කෙනෙක් ගැන. ඒ ආර්ටිස්ට් මුහුන දුන් රේප් එකක් නිසා එයාගෙ සම්පූර්ණ කලාත්මක ප්‍රකාශනයම අවහිර වෙනවා. නිර්මාණශීලීත්වය අගුල් වැටෙනවා

    කෙනෙකුට තමන්ගේ සැමියා එක්ක කිසි දවසක ඕගසම් එකකට යන්න බැරි විදිහට එයාට මූන දෙන්න සිද්ද වුනු අතීත බලහත්කාරයක් නැවත නැවත මතක් වෙනවා.

    අපිට සිද්ද වුනු ට්‍රෝමා එකක් වෙනස් කරන්න බෑ. ඒත් ඒක ඇඟ ඇතුලෙ හිරවෙලා ලෙඩ කරන එක නතර කරන්න පුළුවන්. ඒකට ඒ දුක වේදනාව බාරගන්න ඒක බෙදාගන්න පොළඹවන්න සිද්ද වෙනවා. ඒ නිදහස් කිරීමෙන් විතරයි සුවපත් කිරීම ආරම්භ වෙන්නෙ.

    රෙප් වුනු කෙනෙකුට නැවත ආරක්ෂාව ගැන හැඟීමක් ඇති කරන්න ඕන. ඒ බලහත්කාරය විසින් එයාට අහිමි කළ ඒ ශරීරය ආපහු එයාට අත්පත් කරලා දෙන්න ඕන. ඒක මිනිස් වගකීමක්. සමාජයක් විදිහට අපිට සිද්ද වෙනවා ගැහැනියට අහිමි කළ ඇගේ ගෞරවය නැවත ඇයට හිමි කරලා දෙන්න. ගෞරවය තමයි ලැජ්ජාවට තියෙන එකම ඇන්ටිඩෝට් එක.

    පිරිමි ළමයින්ට පොඩි කාලෙ ගැහැනු ශරීරය ගැන කියල දෙන්න කියල ලින් මතක් කරනවා. ඔසප් වීම ගැන, ඉන් විඳින පීඩාව ගැන වගේම ඒ වගේ වෙලාවලට පුළුවන් තරම් සහනයක් උදව්වක් වෙන්න පිරිමි දරුවන් පුරුදු කරන්න ඕන. පොඩි කාලෙ ඉඳන් පවුල ඇතුලෙ ගැහැනියට ගරු කිරීම උගන්නන්න ඕන.

    පීරියඞ්ස් ගැන කතා නොකරන මහ මිනිස්සු ඉන්න එක ගැන ලැජ්ජ වෙන්න ඕන. ලේ කියන්නෙ ජීවය. ලේ කියන්නෙ නරක අපවිත්‍ර හෝ කිළිඅහුවෙන දෙයක් නෙමෙයි.

    සමහර ගෝත්‍රවල ශාමන්ලා ඒ කියන්නෙ ඒ රැහේ ආධ්‍යාත්මික නායකයො හිටියා ගිනිමැලය ළඟට වෙලා ගමේ ඔසප් වෙන ගැහැනුන්ගෙ හීනවලට ඇහුම්කන් දෙන. මේ කතාව මොකක් වුනත් ඒ හරහා ඒ අය කිව්වෙ මේ කාන්තාවන් ඔසප් වෙන කාලෙදි විවිධ ගැඹුරු ආධ්‍යාත්මික පනිවුඩ ලබනවා කියල. ඒ විශ්වාසයන් ඇතුලෙන් ඔසප් වීම ගැන ගෞරවයක් ඒ සමාජයට ඉගැන්නුවා. ලැජ්ජා කරනවා වෙනුවට ඒක ආධ්‍යාත්මික තැනකට ඔසවා තැබුවා.

    අද අපි කොතනද?

    වේදනාව සුවපත් කරන්න නම් නැවත ශරීරයට ගරු කරන්න පුරුදු වෙන්න ඕන.

  • ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER

    ලිංගික විප්ලවයේ ජේත්තුකාර පයිප්පකාරයා – HUGH HEFNER

    හියු හෙෆ්නර් ගැන මං හිතාගෙන හිටියෙ නිකංම සල්ලාලයෙක් විදිහට. බිස්නස්කාරයෙක් විදිහට. ප්ලේබෝයි සඟරාවෙ අයිතිකාරයා, මන්දිරවල කෙල්ලො වටකරගෙන හිටපු නාකියා ඉතිං ඊට වඩා මොනාද? 

    ඒත් හියු හෙෆ්නර් කියන්නෙ ඇත්තටම ලෙජන්ඩරි ක්‍රියේටිව් වැඩක් කරපු විප්ලවීය චරිතයක් කියල තේරුම් ගත්තෙ මෑතකදි. 70 ගනංවල සෙක්ෂුවල් රෙවලූෂන් එකේ පුරෝගාමී චරිතය වුනේ හෙෆ්නර්.
    හෙෆ්නර්ගෙ කාලෙ ඇමරිකාව ලංකාව වගේම ඇත්තටම ඊටත් වඩා සාම්ප්‍රදායික හැදියාවෙන් ලෙඩවුන රටක්. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නෙ නෑ බඳිනකල්ම. සෙක්ස් කියන්නෙ කතා නොකල යුතු මාතෘකාවක්. වික්ටෝරියානු එකේ උපරිම තිබුන කාලයක්. එහෙම තැනක තමයි මේ සිල්ක් පිජාමා අඳින පයිප්පකාරයා  1953දි ප්ලේබෝයි අතාරින්නෙ. පලවෙනි කවරෙම මැරලින් මොන්රොගෙ නිරුවත් පිංතූරයක්. 

    ප්ලේබෝයි කියන්නෙ පිරිමින්ගෙ සඟරාවක්. ඒත් ඒ වෙද්දි තව පිරිමි සඟරා තිබුන. ඒත් හෙෆ්නර් ප්ලේබෝයි හරහා සෙක්ස්වලට සංස්කෘතියක් ගෙනාවා. ප්ලේබෝයි කියන චරිතයෙ සංස්කෘතිය නිර්මාණය කරන්නෙ හෙෆ්නර්. 

    ප්ලේබෝයි කෙනෙක් කියන්නෙ කවුද? 

    එයා කන්නෙ බොන්නෙ අඳින්නෙ කොහොමද? 

    එයා හිතන්න ඕන කොහොමද? 

    එයා අහන්න ඕන සංගීතය මොකක්ද? 

    මේ හැමදෙයක්ම අර ජේත්තුකාර පයිප්පකාරයා නිර්මාණය කළා. පර්ෆෙක්ට් තනිකඩයෙකුගෙ ජීවිතයේ සෞන්දර්ය තමයි ප්ලේබෝයි සඟරාව වුනේ.

    අවුරුදු පහක් යද්දි ප්ලේබෝයි සඟරා මිලියනයක් විකිනෙන්න ගන්නවා.

    ෆෙමිනිස්ට්ලා ගොඩක් හියු හෙෆ්නර්ට විරුද්ධයි. ඒ ගැහැනිය එක්ස්ප්ලොයිට් කරනවා කියල. ඒත් හෙෆ්නර් කියන්නෙ එයා ගැහැනිය එම්පවර් කරනවා නැත්තං බලය අතට දෙනවා කියල. ඇත්තටමත් හෙෆ්නර් කාන්තාවන්ගෙ ප්‍රජනන අයිතීන්, සමලිංගික අයිතීන් වගේම පුද්ගල නිදහස සම්බන්ධ අයිතීන් වෙනුවෙන් හැම වෙලාවකම සටන් කළා.




    මේ තියෙන්නෙ හියු හෙෆ්නර්ගෙ අයිකොනික් වදන් දහයක්

     1. එක්කෙනෙක් මගෙන් ඇහුවා මොකක්ද ඔයාගෙ පිකප් ලයින් එක කියල. මගේ හොඳම පිකප් ලයින් එක, හෙලෝ, මං තමයි හියු හෙෆ්නර් කියන එක.

    2. ලෝකයේ මූලිකවම මිනිස්සු ශිෂ්ට කිරීමේ බලවේගය ආගම නෙමෙයි. සෙක්ස්. 

    3. අපේ සමාජයේ තියෙන විකාරරූපීම දේ තමයි අපි නිදහස ගැන ලොකුවට කතා කරනවා. ඒත් ජීවිතේ වඩාත්ම නිදහස් විය යුතු දේවල් සීමා කරගෙන ඉන්නවා.

    4. ඔව්. රයිට් සහෝදරයො හිටියෙ නැතත් ලෝකෙ ගුවන්යානාව හදයි. එඩිසන් හිටියෙ නැතත් ලෝකෙ විදුලි බල්බය හොයාගනී. හෙෆ්නර් හිටියෙ නැතත් මිනිස්සු සෙක්ස් කරයි. හැබැයි මේ තරම් එන්ජෝයි නොකරයි. ඒක හින්ද ලෝකෙ මීට වඩා ටිකක් දුප්පත් වෙයි. 

    5. මං කසාද බැන්දෙ මට මාව මුනගැහෙන්න කලින්. මිනිහෙකුට කසාද බඳින්න කලින් තමන්ට තමන්ව මුනැගැහෙන්න ඕන.  6. මං වර්ගවාදයට විරුද්ධව සටන් කළා. ලිංගවාදයට විරුද්ධව සටන් කළා. දැන් මං වයස්ගතවාදයට විරුද්ධව සටන් කරනවා. මිනිහෙක් තමන්ව අර්ථකතනය කරන්න ඕන තමන්ගේම නිර්ණායක මතයි. තමන් කවුද කියන එක තීරණය කරන්න සමාජයට හරි අනිත් කාට හරි පවරනවා කියන්නෙ ඔයා ඉන්නෙ ඒ කාට හරි වඩා පහලින් කියන එකයි. 7. ජීවිතේ හරි කෙටියි. ඒ හින්ද වෙන මිනිහෙකුගෙ හීනයක් ඇතුලෙ ජීවත් වෙන්න එපා. 

    8. මිනිහෙකුට තමන්ගේ විදිහට දෙවියන් හොයාගන්න ශුද්ධ වූ අයිතියක් තියෙනවා නම් තමන්ගේ විදිහට යක්ෂයා හොයාගෙන යන්නත් ඒ හා සමාන ශුද්ධ වූ අයිතියක් තියෙන්න ඕන.

    9. දේවල් විය යුතු තරම් සුන්දර විදිහට සිද්ද වෙන්නෙ නැත්තං ඒක තමන්ගෙ වරදක් බව ගොඩක් මිනිස්සු ජීවිතේ ඇතුලෙ තේරුම් ගන්නෙ නෑ.

    10. සෙක්ස් ගැන තියෙන බොරුව අයින් වෙන එකෙන් වඩාත්ම යහපත සැලසෙන්නෙ ගැහැනුන්ට. ඒත් දැන් සමහර අය කියන්නෙ සෙක්ෂුවල් රෙවලූෂන් එක කියන්නෙ පිරිමි විසින් සෙක්ස් කරන්න හදාගත්ත සැලසුමක් කියල. මේ කාන්තා ව්‍යාපාර විසින් නොදැනුවත්වම කරගෙන තියෙන දෙයක් තමයි ශෘංගාරය කියන එක කෙනෙකුට හිංසා කිරීමක් වගේ අදහසක් එක්ක ගැටගහගෙන ඉන්න එක.